මේ වෙද්දී, විශේෂයෙන්ම චැට් ජීපීටී ආවට පස්සේ, කෘතීම බුද්ධිය සාමාන්‍ය මිනිසුන්ගේ අත් මානයේ තිබෙන, ඔවුන්ට දැනෙන දෙයක් වෙලා. කෘතීම බුද්ධිය දැනටමත් තියෙන්නේ චැට් ජීපීටී සීමාවට වඩා ගොඩක් ඈත සීමාවක. දැන් තත්ත්වය එහෙම වුනත්, විශාල කාලයක් තිස්සේ කෘතීම බුද්ධිය කියන අදහස මිනිසුන්ගේ පරිකල්පනීය ලෝකය ඇතුළේ තිබුණා. විද්‍යා ප්‍රබන්ධ ආදිය හරහා දියුණු කෘතීම බුද්ධිය අපිට හමු වුනා.
පරිකල්පනීය ලෝකය ඇතුළේ කෘතීම බුද්ධිය පිළිබඳ අදහස සාකච්ඡා වූ මුල් කාලයේ සිටම කෘතීම බුද්ධිය මිනිස් බුද්ධිය ඉක්මවා යාම සාකච්ඡාවට ලක් වුනා. කෘතීම බුද්ධිය යම් මොහොතක මිනිස් පාලනයෙන් මිදී ස්වයංව තීරණ ගනියිද? මිනිස් පාලනයෙන් තොරව ස්වයංව ව්‍යාප්ත වෙයිද? අවසාන වශයෙන් මිනිස්සු වඩා දියුණු කෘතීම බුද්ධියක වහල්ලු වෙයිද? තාර්කිකව මේ විය හැකියාවන් කිසිවක් බැහැර කරන්න බැහැ.
චීනයේ ෆූඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් හතර දෙනෙකුට අනුවනම්, කෘතීම බුද්ධිය දැනටමත් රතු ඉර පැනලා. තවමත් විමර්ශිත ජර්නලයක පළ කර නැති, ප්‍රී-ප්‍රින්ට් එකක් පමණක් වන, ඔවුන්ගේ පර්යේෂණ පත්‍රිකාවට අනුව දැනට භාවිතයේ තිබෙන කෘතීම බුද්ධි මෙවලම් වලට මිනිස් සහයෝගයක් නොමැතිව තමන්ගේ පිටපත් සාදා ගැනීමට වගේම, එම පිටපත් වලටද තවත් පිටපත් සාදා ගත හැකි ආකාරයෙන් ඒ කාර්යය කිරීමේ හැකියාව තිබෙනවා.
ප්‍රචලිත කෘතීම බුද්ධි උපාංග භාවිතයට යොදවා තිබෙන ගූගල්, ඕපන්ඒඅයි වැනි ආයතන විසින් එම කෘතීම බුද්ධි උපාංග වලට තමන්ගේ පිටපත් තනා ගැනීමට තබා ඒ සඳහා අවශ්‍ය මූලික පියවර ඉටු කිරීමටද නොහැකි බව තහවුරු කර ඇතත්, මෙම පර්යේෂකයින් විසින් පෙන්වා දෙන්නේ එය එසේ නොවන බවයි. ඉහත සමාගම් වල ක්‍රමවේදයම තරමක් වැඩි දියුණු කර මෙටා සහ අලිබබා සමාගම් වල කෘතීම බුද්ධි උපාංග පරීක්ෂාවට ලක් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ මෙටා උපාංගය අවස්ථා 50%කදීද, අලිබබා උපාංගය අවස්ථා 90%කදීද තමන්ගේ පිටපත් සාදා ගැනීමට සමත් වූ බවයි.
ඉහත කාර්යයේදී මෙම උපාංග විසින් මුලින්ම තමන් සෑදී ඇති ආකාරය සහ තමන් ක්‍රියාත්මක වන මූලධර්ම ගැනත්, තමන් ජීවත් වන පරිසරය ගැනත් හැදෑරීමට යොමු වී ඇති අතර, ඉන් පසුව පිටපත් නිර්මාණය කිරීම සඳහා සැලසුම් සාදා තිබෙනවා. එමෙන්ම භාවිතයේදී එම සැලසුම් වැඩ නොකරන අවස්ථා වලදී දිගින් දිගටම සැලසුම වෙනස් කර තිබෙනවා. ඊට අමතරව, පද්ධතිය අක්‍රිය (shut down) කිරීමෙන් බේරී සිටීම සඳහා සැලසුම් සකස් කිරීමටද මෙම කෘතීම බුද්ධි උපාංග සමත්ව තිබෙනවා.
පහත ලින්ක් එකෙන් අදාළ ප්‍රී-ප්‍රින්ට් එක කියවිය හැකියි.
ඉකෝන්
ReplyDeleteසාමාන්‍ය භාවිතයේ තියෙන ඩීප්සීක් එක ඔයා ඔය කියල තියෙන ඒවට වඩා ගොඩක්ම ඇඩ්වාන්ස්, තව Baidu Ernie, Xio AI, AliGenie, Douyin, Xiaohongshu, TaoBao, Baidu Apollo, Yuanfudao, Tencent, Sensetime, iFlytek වගේ ඒව ගැන විස්තර හොයල බලන්න.
ඒ වගේම ලංකාවේ බදු ක්‍රමය මහා විකාරයක් වෙලා නේද? එකම පුද්ගලයාට බදු ගණනාවක් ගෙවන්න වෙනවා, මහා අවුලක්, අන්තෝජටා බහිජටා.
මාලිමාවේ අය ඡන්දයට පෙර කොච්චර පොරටෝක් දුන්නත් අන්තිමට සේරම අනාගෙන, ලේසියෙන්ම කරන්න පුළුවන් පොඩිපොඩි දේවල්වත් නොකර සේරම අනාගෙන නේද?
බදු ක්‍රමය සරල සහ විනිවිදභාවය සහිතව හැමෝටම තේරෙන විදියට හදන්න බැරි ඇයි? ඇත්තටම විනිවිද (ප්‍රබල) බදු ප්‍රතිපත්තියක් (Transparency Tax Policy) නිර්මාණය කිරීම සඳහා පහත ලක්ෂණ ගැලපිය යුතු බව මගේ අදහසයි:
1. පැහැදිලිභාවය (Clarity) – බදු නීති සහ ප්‍රතිපත්ති සංකීර්ණ නොවී, සාමාන්‍ය ජනතාවට සන්සුන්ව තේරුම් ගත හැකි අයුරින් සැලසුම් කර තිබිය යුතුය.
2. ලේඛන සහ තොරතුරු ප්‍රවේශය (Public Access to Information) – බදු අයකිරීම්, වියදම්, සහ ආදායම් පිළිබඳ සියලු තොරතුරු ජනතාවට ප්‍රවේශ විය හැකි ආකාරයෙන් පළකර තිබිය යුතුය.
3. නීතිමය සහ ගිවිසුම් පැහැදිලිභාවය (Legal and Procedural Transparency) – බදු අය කිරීම්, නිදහස් සහන, සහ දඩුවම් පිළිබඳ නීති පැහැදිලිව සහ සාධාරණව ක්‍රියාත්මක විය යුතුය.
4. සංවෘතභාවය (Accountability) – රජයේ ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලිය සහ බදු මුදල් මියදමීම පිළිබඳව වගකිව යුතු සබඳතාවයක් තිබිය යුතුය.
5. ප්‍රජා සහභාගීත්වය (Public Participation) – බදු ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී සහ වෙනස් කිරීමේදී ජනතාවගේ සහ උසස් මට්ටමේ ආයතනවල අදහස් ඇතුළත් කිරීමට අවස්ථාවක් තිබිය යුතුය.
6. සමානත්වය සහ සාධාරණත්වය (Fairness and Equity) – බදු බර සාධාරණව බෙදා හරිමින්, ආදායම් මට්ටම් අනුව යායුතුය.
7. සංවිධානාත්මක ක්‍රියාවලිය (Systematic Process) – බදු අයකිරීම සහ පරිශෝධනය පිළිබඳ නිවැරදි ක්‍රියාවලියක් අනුගමනය විය යුතුය, එය දූෂණයට හා විෂමතාවයට ඉඩ නොදිය යුතුය.
බදු ප්‍රතිපත්තියක් සෑම ක්ෂේත්‍රයකටම නිවැරදි විදිහට බෙදිලා ගිහින් තියෙන්න ඕන කාටවත් ඒකෙන් රිංගන්න පුළුවන් ක්‍රම තියෙන්න බැහැ.
බදු ගණනය කිරීම හා ගෙවනෙක ගෙවන පුද්ගලයාට පීඩනයක් නොවෙන්න ඕන.
බදු කියන්නේ ගොඩක් පුළුල් මාතෘකාවක් නිසා පොඩ්ඩක් මේ පිළිබඳව වැඩිදුර විස්තර විග්‍රහකර පෝස්ට් එකක් දාන්න පුළුවන්ද?
බදු ප්‍රතිපත්ති හදන්නේ මේ පොඩි ආයතනයකට නෙවෙයිනේ සමස්ත රටකටම නිසා ලංකාවට අදාළව මේක දේශපාලන කෝණයකින් නොගෙන ජාත්‍යන්තර බදු ක්‍රම ගැනත් එක්ක සංසන්දනය කර ලංකාවට ගැලපෙන බදු ප්‍රතිපත්තියක් පිළිබඳව සංවාදයක් ගොඩ නගන්න පුළුවන්ද?
ඇයි මෘදු කෘතිම බුද්ධිය විතරක් දියුනුවෙන්නේ.
ReplyDeleteදෘඩ කෘතිම බුද්ධියක් ඊට වඩා කාර්යක්ෂමයිනේ.
එනම් නියුරෝනවලට සමාන විද්‍යුත් පරිපථ ඒකක ලක්ෂ ගානක් තියෙන චිප හදලා එය පුහුණුකරලා කෘතිම බුද්ධියක් හදන්න පුලුවන්. ඒවා ප්‍රතිසම පරිපථ වුනානම් වඩා කාර්යක්ෂම වෙයි.
ඉකොනොමැට්ටා
ReplyDeleteමම වර්තමාන ආණ්‌ඩුවේ කර්මාන්ත ප්‍රවර්ධනය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සහෝදරයා ලංකාවේ පොල් කර්මාන්ත සංවර්ධනය පිළිබඳව රජය පැවැත්වූ සමුළුවේදී පැවැත්වූ දේශනයකට මමත් සහභාගී උනා. එම වැඩසටහනේදී මා ඇසු ප්‍රශ්ණ ටිකට හරි උත්තරයක් ගන්න බැරි උනා ඇමති ඇතුලු ආණ්ඩුවේ අය පොල් කර්මාන්තය පිළිබඳව ප්‍රායෝගික දැනුමක් නොමැතිව එහෙන් මෙහෙන් කියවා අසා දැනගත් කරුණු ඇසුරෙන් එම දේශනය ඉදිරිපත් කිරිම හේතුවෙන්. මා ඉදිරිපත් කල ප්‍රශ්න සහ කරුණු මෙසේ කෙටියෙන් සටහන් කරන්නම්.
01. පොල් ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම අනෙකුත් ආහාර නිෂ්පාදන සඳහා දෙනු ලබන GMP, SLS, 5 STAR සහතික ලබා ගැනීමට පහසු ක්‍රමවේදයක් සකස් කිරිම සහ සහතික ලබා ගැනීමේදි වැයකිරිමට සිදුවෙන පිරිවැය අඩුකර දීමේ වටිනාකම.
02. ආනයනික පොල් තෙල් වෙළඳපොල තුල ඉතා අඩු මුදලකට අලෙවි වීම හේතුවෙන් කුඩා පොල් තෙල් මෝල් විශාල ප්‍රමාණයක් නිෂ්පාදන කටයුතුවලින් ඉවත්වීම හේතුවෙන් විශාල රැකියා ප්‍රමාණයක් මෙන්ම පිරිසිදු දේශිය පොල් තෙල් ආහාරවේලෙන් ඉවත්වීම.
03.සාමාන්‍යයෙන් මේ දිනවල පවතින පොල් මිල සමග පොල් තෙල් ලීටරක් නිෂ්පාදනය කිරිමට පොල්වලට පමණක් රු.1500/-කට අධික මුදලක් වැයවුවද වෙළඳ පොල තුල ආනයනික පොල් තෙල් ඇසුරුම්කර ඉතා අඩු මුදලකට පැවතීම හේතුවෙන් වෙළඳසැල් හිමිකරුවන් විසින් අපේ නිෂ්පාදන මිලදි ගැනීමට මැලිකමක් දැක්වීම.
04. අපනයනය කිරිම වැදගත් සේම ශ්‍රී ලාංකික ජනතාවටද පිරිසිදු ඉහල ගුණාත්මකබවෙන් යුතු පොල් තෙල් ආහාරයට ගතයුතු බැවින් මා විසින් ලක්ෂ 50කට ආසන්න මුදලක් ආයෝජනය කලද අදවනවිට නිෂ්පාදන කටයුතු නතර වී ඇති බැව් එම සමුළුව තුලදී මා විසින් ප්‍රකාශ කරන ලදි.
හොඳම දේ අපනයන කිරිම මෙන්ම අපේ රටේ මිනිස්සුන්ටද හොඳ සෞඛ්‍යසම්පන්න ආහාරවේලක් සඳහා පිරිසිදු පොල් තෙල් ලබා දීම වෙනුවෙන් අපි කැපවුවද අපේ නිෂ්පාදන ආයතන විශාල අර්බූදයකට ලක්වීම ජනතාවගේ හෙට දවසේ සෞඛ්‍ය තීරණය කරනු ඇති.
මේ පිළිබඳව ඔබටත් පැහැදිලි කරන්න පුළුවන්ද ආර්ථික මූල්‍ය දෘෂ්ටිකෝණයකින්?