විණිමය අනුපාතය කියා කියන්නේ මුදල් ඒකක දෙකක සාපේක්ෂ වටිනාකම් පෙන්නුම් කරන නිර්ණායකය. විණිමය අනුපාතයක හැම විටම දෙපැත්තක් තිබෙනවා. උදාහරණයක් විදිහට ඩොලරයකට සාපේක්ෂව රුපියලක වටිනාකම සහ රුපියලකට සාපේක්ෂව ඩොලරයක වටිනාකම.
ප්‍රායෝගිකව ඩොලරයකට සාපේක්ෂව රුපියලක වටිනාකම දිහා බලන තරම් උනන්දුවකින් කවුරුවත් රුපියලකට සාපේක්ෂව ඩොලරයක වටිනාකම ගැන හොයන්න වද වෙන්නේ නැහැ. රුපියල් වල වටිනාකම ගැන කතා කරද්දී අවිවාදිත ලෙසම ඩොලරය ඊට වඩා ගොඩක් වටිනා මුදල් ඒකකයක් ලෙස සලකලයි කටයුතු කෙරෙන්නේ. ඩොලරයට රුපියල මත විශාල බලපෑමක් කළ හැකි වුවත්, රුපියලට ඩොලරය මත බලපෑමක් කළ නොහැකි තරම්. ඒ නිසා, රුපියලට සාපේක්ෂව ඩොලරයක වටිනාකම මනින එකේ ඒ තරම් වැදගත්කමක් නැහැ.
මේ තර්කය හැම මුදල් ඒකකයකටම එක සේ බලපාන්නේ නැහැ. යුරෝ, පවුම්, යෙන් වගේ මුදල් ඒකක වලට ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු වටිනාකමක් තිබෙනවා. ඒ නිසා, එවැනි මුදල් ඒකක වලට සාපේක්ෂව ඩොලරයක වටිනාකම අඩු වී ඇත්නම් එය ඩොලරය දුර්වල වීමක් ලෙස හඳුනා ගන්න පුළුවන්.
මේ වසරේ පළමු මාස හයක කාලය ඇතුළත ඇමරිකන් ඩොලරය වාර්තාගත ලෙස අවප්‍රමාණය වී තිබෙනවා. මෙම අවප්‍රමාණය වීම බ්‍රිතාන්‍ය පවුමට සාපේක්ෂව 10.7%ක්, යුරෝවට සාපේක්ෂව 14.4%ක් සහ ජපාන යෙන් මුදලට සාපේක්ෂව 9.8%ක්.
මෙම කාලය ඇතුළත ශ්‍රී ලංකා රුපියල ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව 2.4%කින් අවප්‍රමාණය වී තිබෙනවා. මෙය ඒ තරම් විශාල අවප්‍රමාණය වීමක් නෙමෙයි. නමුත්, රුපියල මේ විදිහට 2.4%කින් අවප්‍රමාණය වී තිබෙන්නේ අනෙක් මුදල් ඒකක වලට සාපේක්ෂව සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වූ මුදල් ඒකකයකට සාපේක්ෂවයි. ඒ නිසාම, එම මුදල් ඒකක වලට සාපේක්ෂව රුපියල සැලකිය යුතු ලෙස දුර්වල වී තිබෙනවා.
වසරේ පළමු මාස හය ඇතුලත ශ්‍රී ලංකා රුපියල බ්‍රිතාන්‍ය පවුමට සාපේක්ෂව 12.2%කින්, යුරෝවට සාපේක්ෂව 16.5%කින් සහ ජපාන යෙන් මුදලට සාපේක්ෂව 11.7%කින් අවප්‍රමාණය වී තිබෙනවා. මෙයින් පෙනී යන්නේ ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම කෙරෙහි ඇමරිකන් ඩොලරයේ වටිනාකම බලපෑම් කරන ආකාරයයි.
ඇමරිකාවේ වත්මන් ආණ්ඩුව රටේ වෙළඳ ශේෂ හිඟය අඩු කර ගැනීමේ උත්සාහයක නිරතව සිටින බව මෙය කියවන කවුරුත් දන්නා කරුණක්. රටක එක දිගට වෙළඳ ශේෂ හිඟයක් පැවතීමටනම් එම රටට වෙනත් ආකාරයකින් විදේශ විණිමය ගලා ආ යුතුයි. එසේ වෙනත් ආකාර වලින් විදේශ විණිමය ගලා ඒම මුදල් ඒකකය ශක්තිමත් කරනවා.
ඉහත හේතුව නිසාම ඇමරිකාවේ වෙළඳ ශේෂය අඩු කර ගැනීමේ උත්සාහය අනිවාර්යයෙන්ම ඩොලරය දුර්වල වීමකින් අවසන් විය යුතුයි. එහෙත් මෙහිදී සිදු වන්නේ ඇමරිකන් ඩොලරය "කඩා වැටීමක්" නෙමෙයි. ඕනෑවට වඩා ශක්තිමත්ව ඇති ඇමරිකන් ඩොලරය එය තිබිය යුතු නියම තැන ස්ථානගත වීමයි.
ඇමරිකාවේ වෙළඳ ශේෂය අඩු කර ගැනීමේ අරමුණ පෙරදැරි කරගත් ප්‍රතිපත්ති තීරණ ගැනීම් තවමත් අවසන්ව නැහැ. ඒ නිසා, ඇමරිකන් ඩොලරය දුර්වල වීමේ ප්රවණතාවතාවද තවමත් අවසන්ව නැහැ. වසර අවසන් වෙද්දී ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක තවදුරටත් ශක්තිමත් වීමට නියමිතව ඇති බව පැහැදිලියි.
කෙසේ වුවද, මේ අයුරින් ඇමරිකන් ඩොලරය දුර්වල වෙමින් තිබුණත්, තව දුරටත් අනෙකුත් මුදල් ඒකක වල වටිනාකම් ප්‍රකාශ කෙරෙන්නේ ඩොලරයට සාපේක්ෂව බැවින් ඩොලරය දුර්වල වීම නිරූපණය වන්නේ අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක ශක්තිමත් වීමක් ලෙසයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකන් ඩොලර් වලින් ප්‍රකාශයට පත් කෙරෙන බ්‍රිතාන්‍යයේ, ජපානයේ, යුරෝපීය සංගමයේ රටවල සහ අනෙකුත් බටහිර රටවල් ගණනාවක ඒක පුද්ගල ආදායම් මෙම වසර තුළ සැලකිය යුතු ලෙස ඉහළ යාමට නියමිතයි. අදාළ රටවල දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය ගැනද කියන්නට තිබෙන්නේ එයයි.
ඩොලරය දුර්වල වෙද්දී ඇමරිකන් අපනයන ලාබදායී වී ඇමරිකාවට කරන ආනයන මිල අධික වෙනවා. මෙහි ප්‍රතිඵලය ඇමරිකාවේ වෙළඳ ශේෂ හිඟය අඩු වීමයි. කෙසේ වුවද, චීන යුවාන මුදලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය දුර්වල වී තිබෙන්නේ 1.9%කින් පමණක් වන අතර ඒ නිසාම චීන යුවාන මුදලට සාපේක්ෂව රුපියල දුර්වල වී තිබෙන්නේ 4.4%කින් පමණයි.
මූල්‍ය අරමුදල විසින් ලංකාවට ණය ලබා දෙන්නේ SDR මුදල් ඒකක වලින් වන අතර එම මුදල අනෙකුත් මුදල් වර්ග හා හුවමාරු කරගත හැකියි. එම මුදල් ඒකකයට සාපේක්ෂව ඩොලරය දුර්වල වීම නිසා (ඩොලරයට සාපේක්ෂව SDR මුදල් ඒකකය ශක්තිමත් වීම නිසා) මේ වන විට ලැබී තිබෙන SDR මිලියන 254ක මුදලේ ඩොලර් වටිනාකම ඩොලර් මිලියන 350 පමණ දක්වා ඉහළ ගොස් තිබෙනවා. පෙර වාරිකද SDR වලින් සමාන මුදලක් වුවත් ඩොලර් වටිනාකම වූයේ ආසන්න වශයෙන් මිලියන 333ක පමණ මුදලක්. ඊළඟ වාරිකයේ ඩොලර් වටිනාකම මීටත් වඩා ඉහළ යා හැකියි.
ඩොලරය හිටියෙ නං කොලරය up කරලා
ReplyDeleteඅදිපතිකම මුළු ලොවටම පෙන්නාලා
නව බලවතුන් එනවා වගෙ අවදි වෙලා
ගහන රැල්ල ගහයිද අප අඹරවලා
ජේමිස් බණ්ඩා කියලා ඉකොනොට නමක් දාලා කියන්නේ ඇත්තද
ReplyDeleteමෙයට ප්‍රධාන හේතුව reserve ලෙස USD වෙනුවට රත්රන් තෝරා ගැනීමට පෙලැඹී ද? මොකද බදු නිසා ඇමෙරිකාවෙන් කරන ආනයන අඩු වී ඇමෙරිකාවෙන් පිටතට යන USD ප්‍රමාණය අඩු වී, ඩොලර්ය අධිප්‍රමාණය වීමට ඉඩ තිබුනා නේද?
ReplyDeleteතවම ලොකුවට ආනයන අඩු වීමක් සිදු වී නැහැ. ඒ වගේම තවමත් සංචිත ප්‍රධාන වශයෙන්ම ඇමරිකන් ඩොලර්. ප්‍රධාන හේතුව සමපේක්ෂණය (speculation) සහ ආයෝජන අඩු වීම.
Deleteඉකොනො
ReplyDeleteඇත්තටම ඔබ මෙතන නොකියූ දේවල් විදියට මම දකින්නේ යුරෝපා සංගමය, බ්‍රිතාන්‍යය, ජපානය වැනි ප්‍රධාන ආර්ථිකයන් යථා තත්ත්වයට පත්වීමත්, ඔවුන්ගේ මුදල් ඒකක ශක්තිමත් වීමත් සිදුවනවා නේද?
තව BRICS රටවල් (බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව) ඇතුළු බොහෝ රටවල් "de-dollarisation" ක්‍රියාවලියට යොමු වෙමින් සිටිනවා. ඔවුන් ජාත්‍යන්තර වෙළඳාමට දේශීය මුදල් ඒකක භාවිත කිරීමට වැඩි වශයෙන් පෙලඹෙනවා. (උදා: චීනය, බ්‍රසීල්, රුසියා, සෞදි අරාබිය සමඟ දේශීය මුදලින් ගනුදෙනු කිරීම)
ලොවපුරා මධ්‍ය බැංකු ඩොලර් සංචිත මත යැපීම අවම කරමින් රත්රන් වැනි වෙනත් වත්කම්වලට යොමු වීමත් මෙහිදී ඉතාම වැදගත් සාධකයක්
මේක ලංකාවට බලපාන විදිය මෙහෙමයි මට හිතෙන්නේ
ලංකාවේ අපනයන: යුරෝපයට, බ්‍රිතාන්‍යයට සහ ජපානයට අපනයනය කරන භාණ්ඩ වඩාත් තරඟකාරී වෙනවා. නමුත් ලංකාව සැලකිය යුතු අපනයන කරන්නේ යුරෝපය සහ එංගලන්තයට විතරයි
ලංකාවේ ආනයන: ඉන්ධන, ඖෂධ වැනි ඩොලරයෙන් ආනයනය කරන භාණ්ඩවල පිරිවැය යම් තරමකින් අඩු විය හැකියි.
ලංකාවේ IMF ණය: IMF ණය ලබා දෙන්නේ SDR මුදල් ඒකක වලින්. ඩොලරය දුර්වල වීම නිසා, SDR මුදල් ඒකකයේ ඩොලර් වටිනාකම ඉහළ යනවා. මේක විදේශ සංචිත ශක්තිමත් කිරීමට යම් වාසියක්
ලංකාවට ඍණාත්මක බලපෑම් (සමහර විට): යුරෝපයෙන්, බ්‍රිතාන්‍යයෙන්, ජපානයෙන් එන සුලුතර ප්‍රේෂණවල රුපියල් වටිනාකම ඉහළ යා හැකි වුවත්, ඩොලරයෙන් එන බහුතර ප්‍රේෂණවල රුපියල් වටිනාකම සෑහෙන අඩු විය හැකියි.
මට තියෙන ලොකුම ප්‍රශ්න මේවායි
මේ ඩොලරයේ ගෝලීය අවප්‍රමාණය වීම සහ රුපියලේ අවප්‍රමාණය වීමේ අනුපාතය අතර පවතින පරස්පරතාව (ඩොලරය විශාල ලෙස අවප්‍රමාණය වුවද රුපියල ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වීම) ලංකාවේ මුදල් ප්‍රතිපත්තියේ යම් දෝෂයක් පෙන්නුම් කරන්නේද, නැතහොත් එය මෙවන් අර්බුදයකදී සාමාන්‍ය තත්ත්වයක්ද?
IMF විසින් SDR මුදල් ඒකක වලින් ණය ලබා දීමත්, ඩොලරය දුර්වල වීමත් සමඟ SDR වටිනාකම ඉහළ යාමත්, ශ්‍රී ලංකාවේ විදේශ ණය බර කෙරෙහි දිගුකාලීනව බලපාන්නේ කෙසේද? මෙයින් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට වාසිදායක බලපෑමක් ඇති විය හැකිද?
චීන යුවාන්ට සාපේක්ෂව රුපියල සැලකිය යුතු ලෙස දුර්වල වී ඇති පසුබිමක, චීනයෙන් ලැබෙන ණය සහ චීන ආයෝජන ලංකාවේ ආර්ථිකයට බලපාන ආකාරය පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?
ඒමෙන්ම අපට "රාජ්‍ය මැදිහත්වීම ඉවත් කරන්න" කියලා වැදි බණ කියන බටහිර රටවල්ම, තමන්ගේ රටේ කර්මාන්ත ගොඩනගන්න දැවැන්ත රාජ්‍ය අනුග්‍රහයක් ලබා දෙනවා. චීන විද්‍යුත් කර්මාන්ත, තායිවානයේ TSMC සහ දකුණු කොරියාවේ Samsung වැනි දැවැන්ත චිප් නිෂ්පාදකයෝ සාර්ථක වුණේ ඔවුන්ගේ රජයන්ගෙන් ලැබුණු විශාල ආයෝජන, බදු සහන, පර්යේෂණ හා සංවර්ධන ආධාර නිසයි.
Deleteචීනයේ සූර්ය බලශක්තිය සහ විදුලි වාහන: BYD වැනි චීන විදුලි වාහන සමාගම් සහ Trina Solar වැනි සූර්ය බලශක්ති සමාගම් ලෝක බලවතුන් බවට පත් වුණේ චීන රජය දුන් දැවැන්ත සහනාධාර, අඩු පොලී ණය, ඉඩම් සහන නිසයි.
ඇමරිකා "දේශප්‍රේමී" කර්මාන්ත "රාජ්‍ය මැදිහත්වීම් නරකයි" කියන එක්සත් ජනපදය, රාජ්‍ය මැදිහත්වී ලෝකයේ යුද්ධ අවුලුවා Lockheed Martin වැනි ආයුධ නිෂ්පාදන සමාගම් වලට සහ ඇමරිකන් ඛනිජ තෙල් වගේම කෘෂි සභාගම් වැනි අංශ පවත්වාගෙන යන්නේ රජයේ මාකට් සාදාදීම, රාජ්‍ය දැවැන්ත අනුග්‍රහය, බදු සහන සහ රාජ්‍ය පර්යේෂණ ආධාර මතයි.
මේක සරලවම ද්විත්ව ප්‍රමිතියක්! අපිට හිඟන විදියට ඉන්න කියන ගමන්, තමන්ගේ රටවල් දියුණු කරගන්න ඔවුන් මේ උපක්‍රමම භාවිතා කරනවා. අපි ඊට ඉඩ දිය යුතුද? "රාජ්‍ය මැදිහත්වීම් නරකයි" යන බටහිර මතය සහ බොහෝ බටහිර සහ ආසියානු රටවල් තම උපායමාර්ගික කර්මාන්ත දියුණු කිරීමට දැඩිව රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන යථාර්ථය අතර ඇති ද්විත්ව ප්‍රමිතිය (ඩබල් ස්ටෑන්ඩඩ්), ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ සහ කර්මාන්ත සංවර්ධනය පිළිබඳ ප්‍රතිපත්ති සැකසීමේදී අප සලකා බැලිය යුත්තේ කෙසේද?
ඩොලරය දුර්වල වුවද, ලංකා ඩොලර් ණය බර තවදුරටත් විශාලයි. අනෙකුත් මුදල් ඒකක ශක්තිමත් වීමෙන් ලැබෙන ප්‍රතිලාභය සීමිත විය හැකියි.
ඇමරිකානු ඩොලරයේ වත්මන් දුර්වල වීමේ ප්‍රවණතාව, ෆෙඩරල් සංචිතයේ ස්වාධීනත්වයට එල්ල වන තර්ජන සහ ජාත්‍යන්තර මධ්‍ය බැංකු විසින් රත්රන් සංචිත වැඩි කිරීම අතර ඇති සෘජු සහ වක්‍ර සම්බන්ධතා මොනවාද? මෙය ඩොලරයේ "Reserve Currency" තත්ත්වයට දිගුකාලීනව බලපාන්නේ කෙසේද?
එක්සත් ජනපදයේ වෙළඳ ශේෂ හිඟය අවම කිරීමේ උපාය මාර්ග (විශේෂයෙන් තීරුබදු) සහ ඩොලරයේ වටිනාකම පහත වැටීම, ගෝලීය වෙළඳ යුද්ධ උත්සන්න කිරීමට හේතු විය හැකිද? එසේ නම්, ශ්‍රී ලංකාව වැනි කුඩා, විවෘත ආර්ථිකයන්ට මෙවැනි ගෝලීය වෙළඳ ගැටුම්වල බලපෑම අවම කර ගැනීමට ගත හැකි උපායමාර්ග මොනවාද?
IMF ණය SDR මුදල් ඒකකයෙන් ලැබීම සහ ඩොලරයේ දුර්වල වීම නිසා SDR හි ඩොලර් වටිනාකම ඉහළ යාම, ශ්‍රී ලංකාවේ සමස්ත ණය කළඹේ (Debt Portfolio) ව්‍යුහයට සහ අනාගත ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡාවලට බලපාන්නේ කෙසේද? මෙයින් ලැබෙන වාසිය ප්රශස්ත ලෙස කළමනාකරණය කර ගැනීමට ශ්‍රී ලංකාව ගත යුතු පියවර මොනවාද?
ගෝලීය "De-dollarisation" ප්‍රවණතාව, විශේෂයෙන් BRICS රටවල් අතර, වේගවත් වුවහොත්, ලංකාවේ විදේශ වෙළඳාම, විදේශ ආයෝජන සහ විදේශ ණය කළමනාකරණයට ඇති විය හැකි අවස්ථා සහ අභියෝග මොනවාද? ලංකාව මේකට සූදානම් විය යුත්තේ කෙසේද?
ලංකාව වැනි රටක දැනට පවතින අධික බදු බර, රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාව සහ දුර්වල පාලනය (governance) වැනි අභ්‍යන්තර සාධක, ඩොලරයේ දුර්වල වීමෙන් ගෝලීය වශයෙන් ලැබිය හැකි යම් වාසියක් ප්‍රයෝජනයට ගැනීමට බාධා වෑයිද? එසේ නම්, මෙම ගෝලීය වාසි රට තුළට ඵලදායී ලෙස ගලා ඒම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රමුඛතා විය යුත්තේ මොනවාද?
ඔබගේ අදහස් මේ පිළිබඳව දැන ගැනීමට කැමතියි.
NPP රජය ක්‍රියාත්මක කරන ලද අධික බදු ප්‍රතිපත්ති සහ "Clean Sri Lanka" වැනි අසාර්ථක නාස්තිකාර මතුපිට ප්රචාරක වැඩසටහන්, ඩොලරයේ අවප්‍රමාණය වීමෙන් ලැබෙන ආර්ථික වාසි ප්‍රයෝජනයට ගැනීමට ශ්‍රී ලංකාවේ හැකියාවට බලපාන්නේ කෙසේද?
ජාතික ජන බලවේගය (NPP) රජය බලයට ආවේ පොඩි මිනිහගේ දුක ගැන කඳුළු සලලා, හොටු පෙරාගෙන. ඒත් මේගොල්ලෝ කළේ අපේ බෙල්ලටම බදු කඩුව තියපු එක. මේ තරමට බදු ගහපු කිසිම ආණ්ඩුවක් නෑ ලංකා ඉතිහාසයේම, බැංකු පොතේ සල්ලි වලටත් බදු ගහලා දහඩිය මහන්සියෙන් හම්බ කරපු, අනාගතයට කියලා බැංකුවේ දාගත්ත සල්ලි ටිකටත් දැන් බදු. බැංකු ගනුදෙනු, පොලී ආදායම්වලට පවා වැඩිපුර බදු. ඔන්ලයින් ගේන බඩු හැම මගුලටම බදු: VAT (වැට් බද්ද) වගේ වක්‍ර බදු විශාල ලෙස වැඩි කරලා, කෑම බීම, විදුලිය, ප්‍රවාහනය, දුරකථන බිල් හැම දේම ගිනි ගණන් වුණා. දුප්පත්, පොහොසත් භේදයක් නැතිව මේ බදු බර හැමෝටම දැනෙනවා.වාහන බදු අහසට, වාහන ගන්න තිබුණු පොඩි බලාපොරොත්තුවත් නැති වෙන්න, වාහන ආනයන බදුත් ඉහළටම නැග්ගුවා.
ඒ වගේම මේ රජය ගැන මහජන විශ්වාසය බරපතල විදියට දැඩිව බිඳ වැටීම සමස්ත ආර්ථික ප්‍රතිලාභවලට බාධාවක්ද?
ඔබට මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන්ද?
ප්‍රශ්න ටිකනම් හොඳයි. නමුත් ප්‍රශ්න විශාල ප්‍රමාණයක්නේ. මේ සියල්ලටම පිළිතුරු දෙන්න විශාල කාලයක් යනවා.
DeleteEcon
ReplyDeleteThis is shared through WhatsApp about current tax reforms by Sri Lankan Government. Can you further elaborate upon this proposals in a new post
//Forwarded many times
Sri Lanka’s Proposed Property Tax Reform (2027) under the NPP Government’s “Rich Country, Beautiful Life” Nation Building Program
As part of the current NPP Government’s five-year development strategy and its IMF-backed economic reform program, Sri Lanka will implement a nationwide property tax system starting in early 2027. This initiative is designed to enhance fiscal equity, broaden the tax base, and increase public sector revenue, enabling improvements in government employee salaries, public service facilities, and the “Aswesuma” welfare program for unsalaried citizens.
Key Components and Impacts
1. Property Taxation Framework
A digitized national property valuation database will serve as the foundation for tax assessments.
Unrented properties will be taxed based on estimated rental value, regardless of whether they generate income.
Rented properties, already subject to income tax, may face overlapping tax obligations under the new system.
2. Capital Gains Taxation
Individuals who sell property at a profit—including land or houses bought at lower prices and sold more than purchased amounts—will be taxed on the capital gain.
Additional reforms will extend capital gains taxation to:
Vehicle sales
Equipment sales
Profits from other business ventures
These measures aim to ensure tax fairness across all income groups and professions.
3. Land Use and Agricultural Policy
As announced by Agriculture Minister Hon. Lal Kantha, uncultivated private bare lands will be acquired by the government at no cost.
These lands will be leased or sold to cultivation companies, supporting:
National food security
Agricultural productivity
Government revenue generation
4. Transparency and Accessibility
By September 2025, the unified property database will be accessible to:
Inland Revenue Department (IRD)
Valuation Department
Land Registry
Public Services
Strategic Implications for Property Owners and Investors
New tax liabilities will apply to idle or non-income-generating assets.
Capital gains exposure must be considered in long-term investment planning.
Government land acquisition risks may affect owners of underutilized or uncultivated land.
Compliance and documentation costs are expected to rise, as digital records and market-based valuations will reduce underreporting and require accurate, up-to-date property records.//