ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාව එහි දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රමාණය අනුව ජපානය පරදවා යමින් ලෝකයේ සිවුවන විශාලතම ආර්ථිකය බවට පත් වී තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 4.18ක්.
ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතරින් වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් වන ඉන්දියාවේ එම වර්ධනය තිරසාර වර්ධනයක් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ උද්ධමනය සහ විරැකියා අනුපාතිකය පහළ මට්ටමක තබා ගන්නා අතරම, එනම් ආර්ථික ස්ථායීතාව පවත්වා ගන්නා අතරම, වර්ධන වේගය ඉහළ නංවා ගැනීමට ඉන්දියාව සමත්ව ඇති බැවිනුයි.
මෙම වර්ධන නැමියාව එලෙසම පවත්වා ගනිමින්, ඉදිරි වසර තුනක කාලය ඇතුළත, ජර්මනිය අභිබවා ලෝකයේ තෙවන විශාලතම ආර්ථිකය බවට පත් වීම ඉන්දියාවේ ඉලක්කයයි. මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව, 2030 වන විට ඉන්දියාවේ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 7.3ක මට්ටමක් දක්වා ඉහළ යාමට නියමිතයි.
උද්ධමනය පහළ මට්ටමක පවතින අතරම වර්ධන වේගය වැඩි වන තත්ත්වයක් ආර්ථිකයේ ගෝල්ඩිලොක්ස් කාල පරිච්ඡේදයක් ලෙස හැඳින්වෙනවා. එවැනි තත්වයකදී වර්ධන වේගය ඉහළ යන්නේ සාර්ව ආර්ථික මැදිහත්වීම් හරහා ලබා දෙන තල්ලු වල උදවුවෙන් නෙමෙයි. ඒ නිසා, වර්ධනය තිරසාර එකක්.
ගෝල්ඩිලොක්ස් සුරංගනා කතාවේ වලසුන් තිදෙනාගේ නිවහනට ඇතුළු වන දැරිය විසින් තෝරා ගන්නේ වඩා උණුසුම්ද නැති, වඩා ශීතලද නැති කැඳ කෝප්පයයි. ආර්ථික වර්ධනය හා අදාළවද ප්රශස්ත තේරීම වන්නේ ආර්ථික තිරසාරත්වය පවත්වා ගත හැකි වර්ධන වේගයක් මිස එය අවදානමට ලක් කෙරෙන කඩි කුලප්පු වර්ධන වේගයක් නෙමෙයි.
ඉන්දියාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය තවමත් (2024දී) ඩොලර් 2,650ක් පමණයි. විශාල ජනගහණයක් සිටින ඉන්දියාවේ දකුණු කොටස සංවර්ධනය වී ඇති තරමට සාපේක්ෂව උතුරු කොටස සංවර්ධනය වී නැහැ. ඒ නිසා, ලෝකයේ සිවුවන විශාලතම ආර්ථිකය වුවත්, ඉන්දියාව තවමත් පහළ මැදි ආදායම් රටක්.
ඉන්දියාවේ ඉලක්කය වනුයේ 2047දී ඉහළ මැදි ආදායම් රටක් බවට පත් වීමයි. මෙවැනි ජාතික ඉලක්ක හඹා යන රටකට එවැනි ඉලක්කයක් සාර්ථක ලෙස ලඟා කර ගැනීමට හැකි වනුයේ අදාළ ඉලක්කය ප්‍රායෝගික ඉලක්කයක් වන්නේනම් පමණයි. නිකම්ම නමට ලොකු ඉලක්ක ඉදිරිපත් කළ පමණින් එවැනි ඉලක්ක අත්පත් කරගත හැකි වන්නේ නැහැ.
දැනට පවතින ප්‍රක්ෂේපිත තත්ත්වයන් තුළ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 300ක් වනු ඇත්තේ 2046දී වන අතර, ඩොලර් බිලියන 200ක් වනු ඇත්තේ 2038දීයි. ප්‍රතිපත්ති වෙනස්කම් නිසා මෙන්ම බාහිර කම්පන නිසාද මෙම ප්රක්ෂේපනයන් පහසුවෙන්ම වෙනස් විය හැකි වුවත්, එවැනි වෙනස්වීම් වලටද ප්‍රායෝගික සීමාවන් තිබෙනවා. කිසියම් විචල්‍යයක් වසරකට 7%ක වේගයකින් වර්ධනය වුවද, එය තෙගුණයක් වීම සඳහා වසර 17ක කාලයක් යනවා.
මම දැක්ක කවුඩ් අලියල තියෙනවා , ජපානයට වැඩ ආර්ථිකය විශාල වුනාට ජපානයේ මිනිසුන් තරම් හොඳට බහුතරයක් ඉන්දියානුන් ජිවත් වෙන්නේ නැහැ කියල . මම ඒ කතවට එකඟයි . රුසියාව අගන වුනත් කියන්න තියෙන්නේ ඒක
ReplyDeleteඒක අනිවාර්යයෙන්ම එහෙමයි. සමහර විට ඉන්දියාවට සංවර්ධිත රටක් වෙන්න කලින් ලෝකයේ ලොකුම ආර්ථිකය වෙන්න වුනත් පුළුවන්කම තිබෙනවා. චීනය වුනත් එහෙමයි. ඊට හේතුව එම රටවල විශාල ජනගහණය. මිනිසුන්ගේ ජීවන තත්ත්වය කෙරෙහි බලපාන්නේ ඒක පුද්ගල ආදායම. නමුත් ලෝකය තුළ රටක භූමිකාව තීරණය කරන්නේ ආර්ථිකයේ ප්‍රමාණය. සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම ඇමරිකාවටත් වඩා වැඩියි. නමුත් සිංගප්පූරුවට කවදාවත් චීනය හෝ ඉන්දියාව වැනි බලවත් රටක් වෙන්න බැහැ. ඉන්දියාවේ ආර්ථිකය මේ වෙද්දී ජපානයේ ආර්ථිකයට වඩා විශාලයි. අනිවාර්යයෙන්ම ජර්මනියත් පහු කරනවා. නමුත් එහෙම කළා කියලා තව අවුරුදු පණහක් ගියත් ඉන්දියාව ජපානයේ හෝ ජර්මනියේ ජීවන මට්ටමටම කිට්ටු වෙන්නේ නැහැ.
Deleteඉන්දියාව කෙසේ වෙතත් චීනෙනම් දැනටත් ජපානෙ ජීවන තත්වයට වඩා උසස් හෝ ඒ සමාන මට්ටමටම ඇවිත්.
Deleteඉකොනොමැට්ටා
ReplyDeleteඉන්දියාවේ ආර්ථිකය තිරසාර ලෙස හෙමින් වර්ධනය වන අතර චීනය මීට අමතරව ජීවන තත්ත්වය නංවාලීමට ද සමත්වී තිබෙනවා, මම මේ කියන්නේ පොතේගුරු සංඛ්‍යාලේඛන අනුව නොව චීනයේ සංචාරය කර එහි සැබෑ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙනුයි.
ඒ වගේම ගෝලීය ආර්ථිකයට සාපේක්ෂව බලන විට ලංකාවේ ආර්ථික පරිපථය දෙස බැලීමේදී පෙනී යන්නේ, ලංකාවේ ආර්ථික පසුබෑම යනු හුදෙක් අහඹු පසුබෑමක් නොව, රජය විසින් අනුගමනය කරනු ලබන දෝෂ සහිත මූල්‍ය හා මුදල් ප්රතිපත්තිවල (Flawed Fiscal and Monetary Policies) ඛේදනීය අස්වැන්නක් බවයි. ආර්ථික විද්‍යාවේ මුදල් ප්‍රමාණාත්මක න්‍යාය (Quantity Theory of Money) ප්‍රායෝගිකව අමතක කරමින් සිදුකරන අධික මුදල් මුද්‍රණය, උද්ධමනකාරී පීඩනයන් අහස උසට නංවා ඇත. රජයේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% ඉක්මවා යාම තුළින් රිකාඩියානු සමතුලිතතා ප්‍රමේයය (Ricardian Equivalence Theorem) මගින් පෙන්වා දෙන පරිදි, පෞද්ගලික ආයෝජන අවස්ථාවන් පලවා හැරීම (Crowding out effect) සිදුවී ඇති අතර, මෙය දිගුකාලීන ආර්ථික වර්ධනය මන්දගාමී කිරීමට සෘජුවම බලපායි.
තවද, විදේශ විනිමය සංචිත කළමනාකරණයේදී රජය අනුගමනය කරන 'කෙටිකාලීන පැලැස්තර' විසඳුම් හේතුවෙන් ආයෝජක විශ්වාසය (Investor Confidence) පළුදු වී ඇත. මෙය කේන්සියානු ආර්ථික විද්‍යාව (Keynesian Economics) අනුව සමස්ත ඉල්ලුම උත්තේජනය කිරීමෙන් පමණක් විසඳිය නොහැකි තත්ත්වයකි. මන්දයත්, සැපයුම් දාමයේ පවතින අවහිරතා (Supply-side bottlenecks) සහ නිෂ්පාදන අංශයේ පවතින අකර්මන්‍යතාවය හේතුවෙන් රට ව්‍යුහාත්මක බංකොලොත්භාවයක් (Sovereign Default) කරා වේගයෙන් ගමන් කරමින් පවතී. 2026 වසර සඳහා වන රුපියලේ අවප්‍රමාණය වීමේ පුරෝකථනයන් දෙස බලන විට, ඉදිරි මාස දෙක ඇතුලත ඩොලරය රුපියල් 326 සීමාව දක්වා ඇදී යාම වැළැක්විය නොහැක්කේ රටේ සැබෑ නිෂ්පාදන ධාරිතාව (Productivity Growth) ඉහළ නැංවීමට රජයට නිසි දැක්මක් නොමැති බැවිනි.
විනිමය අනුපාතික සහ මිල මට්ටම් අනුව 2026 වසරේදී ශ්‍රී ලංකා රුපියල සහ ඇමරිකානු ඩොලරය යන දෙකම අවප්‍රමාණය වන අවස්ථාවක, සාපේක්ෂ ගැනුම් බල සමානතා න්‍යාය (Relative Purchasing Power Parity) භාවිත කරමින් සැබෑ විනිමය අනුපාතිකයේ බලපෑම ආවරණය (Mask) වන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න පුළුවන්ද ඊළඟ පෝස්ට් එකෙන්?
මූල්‍ය ප්‍රතිපත්තිය සහ ආයෝජන පිළිබඳව බලද්දී රජයේ අයවැය හිඟය පියවීමට දේශීය වෙළඳපොළෙන් ණය ගැනීම, පෞද්ගලික අංශයේ ආයෝජන 'පලවා හැරීමේ ආචරණය' (Crowding-out effect) කෙරෙහි බලපාන ආකාරය සහ එය රටේ දිගුකාලීන සමස්ත සැපයුම් වක්‍රයට (LRAS) කරන බලපෑම ගැන විග්‍රහයක් එක්ක පැහැදිලි කරන්න පුළුවන්ද?
සංසන්දනාත්මක වාසි ගැන හිතද්දී ඉන්දියාව සහ චීනය වැනි ආසියාතික රටවල් 4-5%ක වර්ධන වේගයක් පවත්වා ගන්නා විට, ලංකාවට සංසන්දනාත්මක වාසි න්‍යාය (Theory of Comparative Advantage) අනුව ගෝලීය වෙළඳපොළ තුළ සිය තරඟකාරීත්වය අහිමි වීමට බලපාන ව්‍යුහාත්මක සාධක මොනවාද?
ආර්ථික චක්‍ර න්‍යායයන් අනුව ඇමරිකානු ආර්ථිකය ව්‍යාප්ත වීමේ අදියරක සිට (Expansion) සංකෝචනය වීමේ (Contraction) අදියරක් කරා සංක්‍රමණය වීම, ශ්‍රී ලංකාව වැනි කුඩා විවෘත ආර්ථිකයක් සහිත රටක අපනයන ආදායම් සහ විදේශ ඍජු ආයෝජන (FDI) කෙරෙහි බලපාන ආකාරය ව්‍යාපාර චක්‍ර න්‍යාය (Business Cycle Theory) ඇසුරින් විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?
//දැනට පවතින ප්‍රක්ෂේපිත තත්ත්වයන් තුළ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 300ක් වනු ඇත්තේ 2046දී වන අතර, ඩොලර් බිලියන 200ක් වනු ඇත්තේ 2038දීයි.//
ReplyDeleteඑච්චර කලක් අල්ලාගෙන හිටින්නට
ලැබුණොත් ඔව්ව වේවිද බලතෑකි මට
ඉන්දියාව තුල දුරස්ථ පාලක බෝම්බයක් තියෙනවා. ඒ තමයි ඉන්දියාවට ජාතික භාෂාවක් නැතිවීම.
ReplyDeleteමේ දුර්වල කම පාවිච්චි කර සුපිරිව්‍යුහයට අවශ්‍ය වෙලාවක ඉන්දියාව විසුරුවාහල හැකියි.
ඔවුන්ට අනුව චීනයට විරුද්ධව දැනට ඉන්දියාව පැවතිය යුතුයි. ඒ නිසා ඉන්දියාව පවතිනවා
ඉකොනොමාට්ටාගේ මූලික අවබෝධයේ වරදක් තියෙන බව පේනවා.
ReplyDeleteරටක ඒක පුද්ගල ආදායම (GDP per capita) ඉහළ මට්ටමක පැවතීම යනු හුදෙක් ගණිතමය සාමාන්‍යයක් මිස, එයින් සමස්ත ජනතාවගේ සැබෑ ජීවන තත්ත්වය (Quality of Life) නිරූපණය නොවේ. සරල ආර්ථික විද්‍යාත්මකව මෙය ගිනි සංගුණකය (Gini Coefficient) ඇසුරින් විග්රහ කළ හැකියි. ආදායම් අසමානතාවය ඉහළ රටවල, ධනය සුළුතරයක් අත විශාල ලෙස සංකේන්ද්‍රණය වීම නිසා පොදුවේ ඒක පුද්ගල ආදායම ඉහළ වුවද බහුතරයකගේ ජීවන මට්ටම ඉතාමත්ම පහළ පවතී.
උදාහරණයක් ලෙස, 2025 වන විට එක්සත් ජනපදයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 89,600ක් වුවද, එහි ගිනි සංගුණකය 41.1ක් වැනි ඉහළ අගයක් ගැනීම නිසා සාමාන්‍ය පුරවැසියා අධ්‍යාපන ණය සහ සෞඛ්‍ය වියදම් වැනි මූලික ගැටලුවලින් පවා බරපතල ලෙස පීඩා විඳියි.
එක්සත් ජනපදයේ මෙම බරපතල ආර්ථික පසුබෑම සහ ජපානයේ ස්ථාවරත්වය ගැන තවදුරටත් සොයා බලන විට එක්සත් ජනපදයේ ආයු අපේක්ෂාව වසර 78.4ක් වන අතර, එය ජපානයේ (වසර 85) සහ චීනයේ (වසර 79) අගයන්ට වඩා අඩු බව පේනවා. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ එක්සත් ජනපදයේ පවතින පෞද්ගලික රක්ෂණ මත පදනම් වූ මිල අධික සෞඛ්‍ය පද්ධතියයි. වෛද්‍ය බිල්පත් ගෙවාගත නොහැකිව වසරකට පුද්ගලයින් ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් බංකොලොත්භාවයට පත්වීම මෙහි බරපතලකම පෙන්වයි. මීට සාපේක්ෂව ජපානය, සියල්ලන්ටම පොදු සෞඛ්‍ය සේවාවක් (Universal Healthcare) පවත්වා ගනිමින් සහ ආදායම් අසමානතාවය අවම කරගනිමින් (Gini ~32) ඉහළ මානව සංවර්ධන දර්ශකයක් (HDI 0.955) පවත්වා ගනී.
චීනයේ ආකෘතිය තුල මැද මට්ටමේ ආදායමකින් ඉහළ ජීවන තත්ත්වයක් සහතික කරනවා
චීනයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 13,810ක් වැනි මධ්‍යස්ථ අගයක පැවතියද, රජයේ ක්‍රියාකාරී මැදිහත්වීම මත අතිබහුතරයකගේ ජීවන තත්ත්වය ඉහළ නංවා ඇත.
දරිද්‍රතාවය තුරන් කිරීමේ වැඩසටහන් නිසා 2021 වනවිට චීනය මිලියන 800කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදාගෙන ඇත.
සෞඛ්‍ය සහ අධ්‍යාපනය ගත්විට චීනයේ සෞඛ්‍ය ප්‍රවේශය 95% ඉක්මවන අතර, සාක්ෂරතාවය 99%කි. PISA පරීක්ෂණවලදී ගණිත අංශයෙන් ලොව ප්‍රථම ස්ථානය දිනාගැනීම ඔවුන්ගේ අධ්‍යාපන ප්‍රමිතියට සාක්ෂියකි.
යටිතල පහසුකම් ගත්තත් ලොව විශාලතම අධිවේගී දුම්රිය ජාලය සහ තිරසාර නගර සැලසුම් (උදා: ෂැංහයි) මගින් ජනතාවගේ දෛනික පහසුව උපරිම කර ඇත. මේ නිසාම චීනයේ බහුතර පොදු ජනතාවගේ ජීවන තත්ත්වය එක්සත් ජනපදයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ වන අතර ජපානයටත් වඩා ඉහළ බව කිව හැකියි.
මෙරට පොල් සහ පොල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් උපයන ලද විදේශ විනිමය ආදායම ඉතිහාසයේ ප්‍රථම වතාවට අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
ReplyDeleteඑය, අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්තවලට අනුව, 2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ මෙම ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,033.9ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 43.83% ක කැපී පෙනෙන වර්ධනයකි.
යුදෙව් ක්‍රිස්තියානි ඇමරිකා ඔරුමත්තුනාඩුව, කතෝලික වෙනිසියුලාව ආක්‍රමණය කිරීම තරයේ හෙලා දකිමු.
ReplyDeleteඉකොනෝ වෙනිසියුලාව ගැන විස්තර සහිතව ලියන්න පුළුවන්ද? වෙනිසියුලාව තුල චීන රුසියානු මිලිටරි බේස් එකක් හදන්න උත්සාහ කරපු බවට එක්සත් ජනපද මාධ්‍ය කරන චෝදනාව ඇත්ත ද? වෙනිසියුලාවේ බොරතෙල් මගින් එක්සත් ජනපද තෙල් සමාගම් ඉදිරියේ ලෝක තෙල් මිල පාලනය කරයි ද? නමුත් ඒකෙන් චීනයට සහ ඉන්දියාව වගේ රටවලට තවත් අඩුවට රුසියානු තෙල් ලබාගැනීමට හැකි වේවි ද? මේ ගැන විස්තර සහිතව ලියන්න පුළුවන්ද?
ReplyDeleteඇමරිකන් හමුදාව වෙනිසියුලාවෙ ජනාධිපති අල්ලං ආපු එක හරිද
ReplyDelete