වෙබ් ලිපිනය:

Wednesday, November 2, 2022

සාර්ව ආර්ථික තුලනය හා ආර්ථික කම්පන

සාර්ව ආර්ථික තුලනය යනු කුමක්ද? සාර්ව ආර්ථික තුලනය හැම විටම ස්ථායී නොවන්නේ ඇයි? ස්ථායී ආර්ථිකයක් අස්ථායී වෙන්නේ කොහොමද? ආර්ථික අවපාතයකදී පොලී අනුපාතික අඩු කරන්නේ ඇයි? උද්ධමනය හමුවේ පොලී අනුපාතික වැඩි කරන්නේ ඇයි? ආර්ථික අවපාතයක් හා උද්ධමනය යන දෙකම එක විට පහර දෙද්දී කළ හැක්කේ කුමක්ද?

කාලයකට පස්සේ නැවතත් වීඩියෝ එකක් කළා. මෙය සාර්ව ආර්ථික තුලනය ගැන. ඔය ගැන පෙර ලිපි වලට ප්‍රතිචාර ලෙස ඇතැම් අය අදහස් දක්වා තිබුණත්, අවශ්‍ය මූලික සිද්ධාන්ත පැහැදිලි නොකර පිළිතුරු දීම අභියෝගයක් වූ නිසා එම සිද්ධාන්ත කිහිපයක් පැහැදිලි කරන එකයි මෙයින් කරන්නේ. ෆේස්බුක් සටහන් ආකෘතිය ඇතුළේ මේ වැඩේ කරන්න ටිකක් අමාරුයි. බ්ලොග් ආකෘතිය නරක නැතත් දැන් වැඩි පිරිසක් කියවන්නේ බ්ලොග් එක හරහා. ඔය තුන් තැනෙන් ඕනෑම තැනක ඔබට ප්‍රතිචාර දැමිය හැකියි. පැහැදිලි කර ගැනීමේ අරමුණින් දමන ප්‍රතිචාර වලට පිළිතුරු ලැබෙයි.

ඉකොනොමැට්ටාගේ ලිපි වගේම වීඩියෝත් දිග වැඩියි. ගොඩක් අය කැමති මිනිත්තු 20 නොඉක්මවන වීඩියෝ වලට. දිග වැඩිනම් කොටස් වශයෙන් බලන්න. 

වීඩියෝ එකට ලින්ක් එකක් පහත තිබෙනවා. 

Link: https://www.youtube.com/watch?v=6AkMIpsVxs0



5 comments:

  1. ඉකොනොමැට්ටා ලංකාවේ මේ දවස් වල වේගයෙන් වෛරල් වන මේ චූටි වීඩියෝ ක්ලිප් එක නිසා ලංකාවේ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරමින් සමාජ ජාල වල විශාල වශයෙන් කතාබහ කෙරෙනවා

    මේක බලලා විස්තර කරන්න පුළුවන් වෙයි ද?;

    ////ලංකාවේ මේ දවස් වල රනිල් රාජපක්ෂ කල්ලියේ අධික බදු බර නිසා ජනතාව කබලෙන් ලිපට වැටී ඇත...


    https://www.facebook.com/SunilHandunnetti/videos/904127460557595/?app=fbl

    ///

    මට කෙටියෙන් කියනවනම් කියන්න තියෙන්නේ අඩු කරාමත් චව් චව් චව් වැඩි කරාමත් චව් චව් චව්... එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න නොකර කියන දේ අහගෙන ඉන්න අය හමුවේ ඔය වගේ කතා කියන්න පුළුවන්නේ නේද? මෙය ජවිපෙ පමණක් කරන දෙයක් නෙමෙයි. ලක්ෂ පහක ආදායමක් ගන්න වෛද්‍යවරයාට තවත් ගාණක් දෙන්න පුලුවන්නම් එය නරක නැහැ. හැබැයි ඒ සල්ලි හොයා ගන්න විදිහත් පැහැදිලි කළ යුතුයි. ඒ ගැන කවුරුවත් අහන්නේ නැති තාක් ඔය වගේ කතා කියන එකත් නවතින්නේ නැහැ.

      Delete
  2. 'ගණන් වලින් කිවුවොත් දැන් බ්ලොග් ලිපියක් 500කට වඩා කියවන්නෙත් කලාතුරකින්. නමුත් ෆේස්බුක් එකේ රීච් එක සමහර වෙලාවට 60,000 පමණ දක්වා යනවා'

    'බ්ලොග් ආකෘතිය නරක නැතත් දැන් වැඩි පිරිසක් කියවන්නේ බ්ලොග් එක හරහා'

    දවස් දෙකක් යනකොට ෆේස්බුක් එකට වඩා වැඩි පිරිසක් බ්ලොග් එක බලන්න එන්න පටන් ගත්තද ඉකොනෝ?

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න. එසේ කියැවී ඇත්නම් වචන වැරදීමක්. ෆේස්බුක් එක හරහා ලෙස නිවැරදි විය යුතුයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: