මෙම (2024) වසරේ තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.5%ක ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන්ම දායක වී තිබෙන්නේ කර්මාන්ත අංශයේ 10.8%ක වර්ධනයයි. කෘෂිකාර්මික අංශය 3.0%කින් වර්ධනය වී ඇති අතර, සේවා අංශය 2.6%කින් වර්ධනය වී තිබෙනවා.
වසරේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 5.3%කින් වර්ධනය වූ අතර, දෙවන කාර්තුවේදී 4.7%කින් වර්ධනය වුනා. සමස්තයක් ලෙස, පළමු කාර්තු තුන ඇතුළත, රටේ ආර්ථිකය 5.2%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
මෙම ප්‍රවනතාව අවසන් කාර්තුව තුළද මෙලෙසම පැවතියහොත්, වසර තුළ 5% ඉක්මවන වර්ධන වේගයක් පවත්වා ගැනීම අපහසු කටයුත්තක් නෙමෙයි. අවසන් කාර්තුවේ වර්ධන වේගය අවම වශයෙන් 4.5% මට්ටමේ පැවතුනොත්, 2024 වසරේ ආර්ථික වර්ධන වේගය 5.0% මට්ටමට යනවා.
ඔය සංක්‍යයා ලේඛන මොනවා කිව්වත් අපේ පෞද්ගලික ජිවිතේ කිසිම ආර්ථික වර්ධනයක් වෙලා නැත්තේ ඇයි ඉකොනො?
ReplyDeleteඕවා ඔක්කොම නිලධාරීන් හදන බොරු දත්ත නිසාද?
//ඔය සංක්‍යයා ලේඛන මොනවා කිව්වත් අපේ පෞද්ගලික ජිවිතේ කිසිම ආර්ථික වර්ධනයක් වෙලා නැත්තේ ඇයි ඉකොනො?//
Deleteඅනෙක් අය රටේ ආර්ථිකය වර්ධනය කරන්න දායක වෙද්දී ඔබ කිසිම දායකත්වයක් දී නැති නිසා. ඔය වර්ධනය ඇවිත් තියෙන්නේ පෞද්ගලික ජිවිතේ ආර්ථික වර්ධනයක් ඇති කරගත් අය නිසා. ඒ කියන්නේ තමන්ගේ ආදායම මොන ක්‍රමයෙන් හෝ වැඩි කරගත් අය නිසා. අනෙක් අයත් වර්ධනයක් ඇති කරගත්තානම් ඔය ගණන මීට වඩා වැඩි වෙනවා.
ඉතිං අපි එහෙම පුද්ගලිකව ආර්ථිකෙ වර්ධනය කරගත්තම ආණ්ඩුව මොකද ඒක තමුන් කරපු එකක් වගේ කියලා ලකුණු දාගන්නේ ලෝකයාගෙන්.
Deleteනිලධාරීන් ඇයි ආණ්ඩුවෙන් ලකුණු දාගන්නේ තමුන්ගේ වැඩක් වගේ.
හා.
මේක අසාධාරන උත්තරයක් නේද?
Delete//ඉතිං අපි එහෙම පුද්ගලිකව ආර්ථිකෙ වර්ධනය කරගත්තම ආණ්ඩුව මොකද ඒක තමුන් කරපු එකක් වගේ කියලා ලකුණු දාගන්නේ ලෝකයාගෙන්.//
Deleteආර්ථිකය වර්ධනය වෙන්නේ ආණ්ඩුව නිසා කියලා මිනිස්සු බොහෝ දෙනෙක් හිතන නිසා.
//මේක අසාධාරන උත්තරයක් නේද?//
Deleteසාධාරණ වුනත් අසාධාරණ වුනත් මේක තමයි උත්තරය.
@ Ano
Deleteඉකොනොමැට්ටා මෙතන ගෙනහැර දක්වා ඇති පිළිතුර බටහිර ධනවාදී free market liberal ආර්ථික සංකල්ප වලට අනුව පවා ඉතාමත්ම වැරදියි, විශේෂයෙන්ම මේ පිළිබඳව ස්කැන්ඩිනේවියානු රටවල් මෙන්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දරන අය නම් දැඩි ලෙස විරෝධය පල කරනු ඇති අතර සමාජවාදී සංකල්ප වලට සම්පූර්ණයෙන්ම පටහැනිව කියපු පදනමක් නොමැති කතාවක් බවයි අපට නම් හිතෙන්නේ. අප වැරදි බව ඉකොනොමැට්ටා හිතනවා නම් එය කරුණු සහිතව පෙන්වාදෙන මෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටීමට කැමතියි.
සාමාන්‍ය බටහිර නිදහස් වෙළඳපොල ආර්ථික ක්‍රමය අනුව යම් නිදහස් වෙළඳපොල ආර්ථිකය සහිත රටක එම රටේ දළ දේශීය නිෂ්පාදනය (GDP) වර්ධනය වුණත්, එය සෑම පුද්ගලයෙකුගේම පුද්ගලික ආර්ථිකයට එකසේ බලපාන්නේ නැත. එයට හේතු කීපයක් නොව ගණනාවක්ම පවතී. මෙතනින් ප්‍රධාන හේතු කිහිපයක් පහත පරිදි වේ:
1. ආදායම් විෂමතාවය
ආර්ථික වර්ධනයේ ප්‍රයෝජන සමස්ත ජනතාවටම නොපැතිරී, සමහර විශේෂිත කණ්ඩායම් (උදාහරණයක් ලෙස ඉතා විශාල සමාගම්, ඉතා ඉහළ ආදායම්ලාභීන්, ආයෝජකයන්) හෝ රටේත් යම් සීමිත කලාප සඳහා පමණක් සීමා විය හැක. උදාහරණ විදිහට ලංකාවේ සංචාරක ව්‍යාපාරය විශාල ලෙස ඉහල වර්ධනය වන විට එහි බලපෑමෙන් ආර්ථික වර්ධනයක් සහ පරිභෝජනය ඉහල යාම පෙනුණත් ඉන් සංචාරක කර්මාන්තයට සම්බන්ධ විශාල සමාගම් වලට ලොකු ලාභ සහ එම ක්ෂේත්‍රයේ සිටින සීමිත පිරිසකට වාසි ලැබුණත් එම ක්ෂේත්‍රයට සම්බන්ධ නොවන අතිවිශාල අතිබහුතරයට ඉන් වන බලපෑම ඉතාම සීමිතය, ඇතැම්විට ඒ අයට එය ඍණාත්මකව බලපාන්නට ඉඩ ඇත. එම ක්ෂේත්‍රයේ සිටින අයගෙනුත් ඇතැමුන්ට ඉන් වාසි නොලැබෙන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙයි. මේ නිසා බහුතර පොදු ජනතාවට එම වර්ධනයේ අතුරු ප්‍රතිඵල නොලැබේ.
2. උද්ධමනය Inflation
මේක සිංහලෙන් ලියන්න වෙලාව අධික ලෙස ගතවන නිසා ඉංග්‍රීසියෙන් ලියන්නම්
During economic growth, usually prices of goods and services rise faster than income, the purchasing power of individuals declines. While the economy grows in nominal terms, individuals might feel worse off due to rising living costs.
3. Job Market Disparities රැකියා වෙළඳපොලේ පවතින විෂම තත්ත්වය
Economic growth may be driven by sectors that do not create significant employment opportunities. For instance, growth driven by capital-intensive industries or technology sectors may not benefit low- or middle-income workers.
4. High Personal Debt ණය මත දුවන බහුතර මධ්‍යම පාන්තික ජීවන රටාව
Even if the economy is growing, majority of individuals carrying high levels of personal debt (loans, automotive leasing, credit cards, etc.) may struggle to see improvements in their financial position as their income goes toward repayments.
5. Stagnant Wages ආර්ථික වර්ධනයට සාපේක්ෂව වැටුප ඉහළ නොයාම
Economic growth does not translate to higher wages for all workers, except very few key personnel. If wage growth lags behind GDP growth, individuals may not feel the benefits of a growing economy.
6. Cost of Living Increases ජීවන වියදම ඉහළ යාම
During economic growth circumstances, rapid increases in costs such as housing, education, healthcare, and utilities can offset the benefits of economic growth. Even if GDP grows, individuals may find their expenses rising faster than their incomes.
7. Sectoral Imbalance ආර්ථික වර්ධනය යම් යම් සීමිත අංශවල බලපෑම මත පමණක් පදනම්වීම
Economic growth might be driven by specific industries (e.g., exports or financial services) that do not directly impact the daily lives or incomes of many citizens. Those outside these sectors may not benefit directly.
8. Policy and Governance ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ පාලන තන්ත්‍රය (ලංකාවේ මෙන් අධික බදු බර, අධික විදුලි ගාස්තු, අකාර්යක්ෂම රාජ්‍ය සේවය, අකාර්යක්ෂම රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ ප්‍රතිපත්ති වගේ දේවල්
The way government policies distribute resources, such as through taxation, subsidies, or social welfare, can influence whether economic growth benefits all citizens. Inefficient governance or unequal policies may hinder personal financial growth.
මේ වගේ කාරණා ගොඩක් තියෙනවා ඕකට ඇත්තටම බලපාන, ඇත්තටම ආර්ථික වර්ධනය කියලා කියන්නේ නිකම් මායාවක් පමණයි බහුතර ජනතාවට ඒකෙන් ඇත්තටම වාසියක් නොවන තරම්. හොඳට හිතල බැලුවොත් වැටහේවි.
එහෙමනම් ආන්ඩුවෙ ප්‍රතිපත්‍ති නිසා රට බන්කොලොත් වෙන ඒව, උද්දමනය වැඩි වෙන ඒව මිනිස්සුන්ගෙ වැරදිනෙ.
Deleteඅනෙක මෙතන ඉකොනොමැට්ටා මහතා කරන "ආදායම මොන ක්‍රමයකින් හෝ වර්ධනය කිරීම නිසා රටක ආර්ථිකය වර්ධනය වෙනවා" කියන ප්‍රකාශය ඉතාම බරපතල ප්‍රකාශයක් වන අතර කුමන හෝ ආර්ථික විද්‍යාවක් විධිමත්ව හදාරනලද වෘත්තීයවේදියකුට නොගැලපෙන බව පැහැදිලිවම ප්‍රකාශ කළ යුතුයි.
Deleteඉකොනොමැට්ටා විසින් ප්‍රවර්ධනය කරන මේ "හොඳින් හෝ නරකින් ආදායම වැඩි කර ගැනීම" නැත්නම් බල්ලෝ මරලාහරි සල්ලිම හොයපල්ලා යන්නෙහි කීසිම වෘත්තීය වගකීමක්, සමාජීය වගකීමක් තබා අනාගත ආරක්ෂාවක් වත් නෑ, එය අවම වශයෙන් safeguarding public interest වත් විය යුතුයි මූලික වෘත්තීය ආචාරධර්ම එතික්ස් අනුව.
ඉකොනොමැට්ටා ප්‍රවර්ධනය කරන නීති විරෝධී ක්‍රියාකාරකම් වන මත්ද්‍රව්‍ය වෙළඳාම, නීති විරෝධී මුදල් හුවමාරු (Money Laundering), මංකොල්ල, අතවර ආදී නීති විරෝධී ක්‍රියාවන් මගින් කෙනෙක් වැඩි ආදායමක් ලබා ගන්නා විට කෙටි කාලීන සාර්ථකතාවයක් පෙනුනත්, අනාගතයට විශාල අහිමිවීම් ඇති වේ. බොහෝවිට ජීවිතය පවා අවිනිශ්චිතයි.
විශේෂයෙන් කප්පම්, තර්ජන අල්ලස්, වංචා, සහ වෙනත් ගේම් මගින් ආදායම වැඩි කිරීම අස්ථාවර අසාර්ථක, අයහපත් අසහනය රජයන සමාජයක නිර්මාණයට හේතු වේ.
වංචනික මාර්ග හෝ පොන්සි (Ponzi) වැනි ව්‍යාපෘති මගින් සමාජය හෝ පාරිභෝගිකයන් විශාල අලාභයකට පත්කරමින් ආදායම ලබා ගැනීමත් මෙබඳුයි. හරියට ඇනලයිස් නොකර කරන මෝඩ ආයෝජන නිසා කබලෙන් ලිපට වැටී බංකොලොත් වියහැකි අතර මූල්‍ය කුමන්ත්‍රණ මගින් සක්විති රණසිංහලාට වූණ දෙය වියහැකියි
ඒනිසා හොඳ ක්‍රම මගින් ආදායම වැඩි කර ගැනීම කල්පැවැත්ම, සන්සුන් මනසකට හා සාර්ථක ජීවිතයක් සඳහා මඟ සලසන බවත් මේ ඉකොනොමැට්ටා යෝජනා කරන නරක ක්‍රම මගින් කෙටි කාලීන වාසියක් ලැබුණත්, දීර්ඝ කාලීනව සමාජය හා පුද්ගලයාට දැඩිලෙස හානිකර භයානක හා අලාභදායක විය හැකි බව අප අනිවාර්යයෙන්ම පාඨක අවධානය යොමුකළ යුතුය විශේෂයෙන්ම තරුණ තරුණියන්ට.
එබැවින්, නීත්‍යානුකූල, මනෝමය සන්සුන් සහ ධෛර්යය සම්පන්න සමාජයක නිත්‍යානුකූල ක්‍රම මගින් ආදායම වැඩි කිරීම වඩාත් වැදගත් බව අප අවධාරණය කරමු.
//එහෙමනම් ආන්ඩුවෙ ප්‍රතිපත්‍ති නිසා රට බන්කොලොත් වෙන ඒව, උද්දමනය වැඩි වෙන ඒව මිනිස්සුන්ගෙ වැරදිනෙ.//
Deleteරටවල් බංකොලොත් වෙන්නේ නැහැ. රටක කිසියම් පුද්ගලයෙක් බංකොලොත් වුනොත් එය ඒ පුද්ගලයාගේ තීරණ නිසා සිදු වන දෙයක්. ආයතනයක් බංකොලොත් වුනොත් එය එහි කළමණාකාරිත්වයේ තීරණ නිසා සිදු වන දෙයක්. රජයක් බංකොලොත් වුනොත් එය පාලකයින්ගේ තීරණ නිසා සිදු වන දෙයක්. පාලකයින් පත් කර ගන්නේ ජනතාව නිසා වක්‍ර සම්බන්ධයක් තිබුනත් සෘජු සම්බන්ධයක් නැහැ. ලංකාවේ රජය මිසක් ලංකාව බංකොලොත් වුනේ නැහැ. සාමාන්‍ය මිනිස්සු හෝ ආයතන මුදල් නිකුත් කරන්නේ නැහැ. බැංකු විසින් මුදල් නිකුත් කළ කාලයක් තිබුණා. ඒ කාලයේ එවැනි මුදලක වටිනාකම නැති වුනානම් එය එම බැංකුවේ කළමණාකාරිත්වයේ ප්‍රශ්නයක්. මහ බැංකුව විසින් නිකුත් කරන මුදල් වල වටිනාකම නැති වීම මහ බැංකුවේ තීරණ නිසා සිදු වන දෙයක්.
//එබැවින්, නීත්‍යානුකූල, මනෝමය සන්සුන් සහ ධෛර්යය සම්පන්න සමාජයක නිත්‍යානුකූල ක්‍රම මගින් ආදායම වැඩි කිරීම වඩාත් වැදගත් බව අප අවධාරණය කරමු.//
Deleteමොන ක්‍රමයකින් හෝ කියන එකෙන් අදහස් කළේ නීති විරෝධී ක්‍රම වලින් කියන එක නෙමෙයි. රටක නීති, සම්මත තිබෙනවා. ඒවා සමඟ අනුගත විය යුතු බව පොදු දැනුමක් සේ සලකා විශේෂයෙන් සඳහන් කළේ නැහැ.
ලංකාවෙ වැඩිම GDP එක කීයද? මොන අව්රුද්දේද? එතනට ආයෙත් යන්න තව කොපමන කල් යයිද?
ReplyDelete