වෙබ් ලිපිනය:

Friday, December 13, 2024

බැඳුම්කර හුවමාරුව සඳහා ඉල්ලුම

ශ්‍රී ලංකාව විසින් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කළ ඩොලර් මිලියන 12,550ක මුහුණත වටිනාකම් සහිත ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර 11කින් 96%ක ප්‍රමාණයක අයිතිය හිමි පුද්ගලයින් හෝ ආයතන විසින් ස්වේච්ඡාවෙන් එම බැඳුම්කර හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කර තිබෙනවා. 

මෙම බැඳුම්කර වලින් දහයකම හිමිකරුවන් අතරින් "අවශ්‍ය අවම ප්‍රමාණය" එම බැඳුම්කර හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කර ඇති බැවින් අදාළ බැඳුම්කර හිමි, එහෙත් හුවමාරුව සඳහා අයදුම්කර නොමැති, ණයහිමියන්ගේ බැඳුම්කරද ඔවුන්ගේ කැමැත්ත රහිතව ඒක පාර්ශ්වික ලෙස ප්‍රතිව්‍යුහගත කළ හැකියි. අදාළ බැඳුම්කර නිකුත් කර තිබෙන්නේ එවැනි කොන්දේසියක් සහිතවයි.

කෙසේ වුවත් එක් බැඳුම්කරයක්, එනම් 2022 ජූලි 25 දින කල් පිරුණු ඩොලර් බිලියනයක බැඳුම්කරය, එලෙස ඒක පාර්ශ්වික ලෙස ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය වන අවම අනුමැතිය ලැබී නැහැ. ඒ නිසා, එම බැඳුම්කරය හිමි, එහෙත් හුවමාරුව සඳහා අයදුම්කර නැති, අයගේ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකා රජයට ඉඩ සැලසෙන්නේ නැහැ. 

මෙම කොටස ඉවත් කළ පසු ඉතිරි 98%ක පමණ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කළ හැකියි. එම ප්‍රමාණයට කැමැත්තෙන් හුවමාරු කෙරෙන 96%ක් සහ බහුතර කැමැත්ත මත පදනම්ව හුවමාරු කෙරෙන තවත් 2%ක බැඳුම්කර ප්‍රමාණයක් ඇතුළත්.

හුවමාරු නොකෙරෙන කොටසේ ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ හැමිල්ටන් රිසර්ව් බැංකුව සතු ස්වෛරිත්ව බැඳුම්කර විය යුතුයි. ඒ සම්බන්ධව, අධිකරණ ක්‍රියාමාර්ග හරහා පසුව ගනුදෙනු බේරාගන්නට සිදු වෙනවා. 

7 comments:

  1. ඉකොනෝමැට්ටාගේ ආචාර්ය උපාධිය බොරුවක් කියනවා නේද

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔව්. ඒ උනාට ඇමෙරිකාවෙ වැඩ පුලුවන්ද කියල විතරයි බලන්නෙ.
      කතානායක වගෙ වැඩත්බැරි හොර පිනාචාරියො ලංකාවට වෙලා ඉන්නෙ ඒකනෙ

      D

      Delete
  2. හේෂාන් දමින්දDecember 14, 2024 at 3:31 AM

    ගොඩක් හොද ලිපියක් මාමේ.

    හේෂාන් දමින්ද - ප්‍රවීණ පරිඝනක ග්‍රැපික් නිර්මාණ ශිල්පී - කළුතර

    ReplyDelete
  3. මේකත් කතානායක කේස් සම්බන්ද ප්‍රශ්නයක්.
    ඉකොනො නීතිය කරල තියෙනව නේද? අදිනීඥ කියල භාවිතා කරන්න තහනම්ද 1973න් පස්සෙ දිවුරුම් දුන්න අයට

    ReplyDelete
    Replies
    1. නීතිපති දෙපාර්තමේන්තුවේ ධුරාවලිය යන්නේ නීතිපති, සොලිසිටර් ජනරාල්, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් (2), අතිරේක සොලිසිටර් ජනරාල් (12), ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් (5), නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් (24), ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ (23), රජයේ අධිනීතිඥ (ආසන්නව 120ක් පමණ), සහකාර රජයේ අධිනීතිඥ ලෙසයි. මෙහි රජයේ අධිනීතිඥ කියන්නේ State Counsel කියන එකයි. එනම් 1972ට පෙර Crown Counsel කියන තනතුරයි. රජයේ නීතිඥ (STATE ATTORNEY) ලෙස හැඳින්වෙන තනතුරක් වෙනම තිබෙනවා. ඒ වගේම, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ, රජයේ නීතිඥ, ජ්‍යෙෂ්ඨ සහකාර රජයේ නීතිඥ, සහකාර රජයේ නීතිඥ, කනිෂ්ඨ සහකාර රජයේ නීතිඥ ආදී තනතුරු වෙනම තිබෙනවා. මේ සියල්ල තනතුරු නාම. අධිනීතිඥ ධුරාවලියේ රජයේ අධිනීතිඥ කියන්නේ කනිෂ්ඨ තනතුරක්. මෙම තනතුරේ ඉන්න බොහෝ දෙනෙක් 1973න් පසු දිවුරුම් දීම කෙසේ වුවත්, 1973න් පසු ඉපදුනු අය විය යුතුයි. ඊට වඩා වයස කෙනෙක්නම් අඩු වශයෙන් ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ තනතුරටවත් උසස් වී සිටිය යුතුයි. දැනටත් රජයේ අධිනීතිඥ වරුන් බැච් එකක් බඳවා ගැනීම සඳහා කටයුතු සිදු වෙනවා. එසේ බඳවා ගනු ඇත්තේ බොහෝ විට වයස අවුරුදු 30ට ආසන්න හෝ අඩු අයයි. වෙනත් තැන් වලද Counsel ලෙස හැඳින්වෙන තනතුරු තියෙන්න පුළුවන්. දැන් ATTORNEY සහ Counsel කියා වෙනම සුදුසුකම් දෙකක් නැහැ. කරන රැකියාව අනුවයි වෙනස් වෙන්නේ. නීතිඥ, අධිනීතිඥ කියන සිංහල යෙදුම් නිසයි අවුලක් පේන්නේ. අධි කෑල්ල නිසා අධිනීතිඥ ලොකු එකක් මෙන් පේනවා. ආචාර්ය, මහාචාර්ය දෙකත් ඔය වගේ. මහාචාර්ය කියා සුදුසුකමක් නැහැනේ. එය තනතුරක්. (නීතිය පොඩ්ඩක් හදාරා තිබුණත් මම කිසිදා නීතිඥයෙකු ලෙස සුදුසුකම් ලබා නැහැ.)

      Delete
    2. ස්තුතියි . මේ දුරාවලිය ගැන දැනගෙන හිටියෙ නෑ.
      මීට අමතරව 1889 සිවිල් නඩු විදිවිදාන පනතෙත් පරණ තිබිච්ච අදිනීතිඥ වචනෙ එහෙමම පාවිචිවෙනව කියල තියෙනව දැන් ඒකට තියෙන අර්තය වෙනස් උනත්. සෑහෙන ව්‍යාකූල තත්වයක් වගෙ ඔය තනතුරු නාම සම්බන්දයෙන් දැන් තියෙන්නෙ

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: