වෙබ් ලිපිනය:

Tuesday, December 31, 2024

අවධමනයකින් වසර අවසන් වෙයි!

ගෙවුණු 2024 වසර අවසන් වන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 1.7%ක අවධමනයක් වාර්තා කරමිනුයි. මෙය මෙසේ අවධමනයකින් වසරක් අවසන් වන පළමු අවස්ථාව විය යුතුයි. 

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණි 2022 සැප්තැම්බර් මාසය වන විට උද්ධමනය පැවතුණේ 69.8% මට්ටමේ. එයින් අදහස් වන්නේ එම මාසයෙන් අවසන් වූ මාස 12ක කාලය තුළ සමස්තයක් ලෙස මිල මිල මට්ටම 69.8%කින් ඉහළ ගොස් තිබුණු බවයි.

කෙසේ වුවද, 2022 සැප්තැම්බර් මාසයේ සිට ගෙවුණු මාස 27ක කාලය තුළම සමස්තයක් ලෙස මිල මිල මට්ටම ඉහළ ගොස් තිබෙන්නේ 1.2%කින් පමණයි. 

එළඹෙන 2025 වසරේ පළමු කාර්තුව තුළ අනිවාර්යයෙන්ම අවධමන තත්ත්වය පවතිනු ඇතත්, දෙවන කාර්තුව අවසන් වෙද්දී නැවතත් උද්ධමනය හිස එසවීමට නියමිතව ඇති බැවින් දැනට පවතින තාවකාලික අවධමන තත්ත්වය කණස්සල්ලට කාරණයක් නෙමෙයි. 




10 comments:

  1. උද්ධමනයටත් සැකසුවාම,
    2018 ඉදන් 2028 වෙනකම් ලංකාවෙ සඵල සත්‍ය ආර්ථික වර්ධනය ඍණ 30% ක් විතර වෙනවා ඇති.

    විදුර සර්,
    2018 ඉදන් 2028 වෙනකම් ලංකාවෙ සඵල සත්‍ය (උද්ධමනයට සැකසූ) ආර්ථික වර්ධනය දැනගන්න බැරි වෙයි ද.

    වෙනම ලිපියකින් හරි කමක් නෑ.
    ස්තුති.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් ආර්ථික වර්ධනය කියා කියන්නේ ඔබ කියන සඵල සත්‍ය (උද්ධමනයට සැකසූ) ආර්ථික වර්ධනයට තමයි.

      Delete
    2. # AnonymousDecember 31, 2024 at 6:55 AM

      විදුර සර් නෙමෙයි. මහාචාර්ය විදුර කන්නංගර මැතිතුමා කියන්න.

      Delete
    3. ස්තූති.
      නමුත් nominal gdp vs real gdp කියලා දෙකක් තියෙනවානෙ.
      සාම්න්‍යයෙන් බහුලවම භාවිතා වෙන්නෙ nominal gdp දත්තනෙ.
      උදාහර්ණයක් විදියට ගූගල් එකේ එන රටවල gdp චාර්ට් එක nominal gdp එක මත ඇදපු එකක් නේද.

      ඔබතුමා මීටකලින් දාපු ලිපියෙ තිබ්බ ලංකාවෙ ආර්ථික වර්ධන වේග (2022-2028) nominal ද real ද කියලා දැනගන්න පුලුවන් ද.

      Delete
    4. ඔව්. දෙකක් තිබෙනවා. මම කියලා තියෙන්නේ real gdp ගැනයි. nominal gdp වර්ධනය සැලකුවොත් විශාල අගයක්. එයින් ආර්ථික වර්ධනය ගැන වැදගත් දෙයක් කියවෙන්නේ නැහැ. උද්ධමනය වැඩි වන තරමට nominal gdp එක වැඩි වෙනවා.

      Delete
    5. මේ ඉකොනොමැට්ටා තෙන්නකෝන් අංකල්ට අනුව නම් ලංකාවට හැමදේකටම ඔක්කොම දේවල් පිටරටින් අනයනය කරල දෙන්න වෙන්නෙ. හාලුත් අපිට වඩා ලෝකෙ ලාබයිලු. අන්තිමට අපිට ඇගලුම් පවා බංගලියන්ගෙන් ගන්න පුලුවන්. අපිට තියෙන්නෙ ණයට කකා ඉඳලා ආයෙ කෙලවගන්න. එහෙම නේද?

      දැන් බලන්න මම චීනයෙන් දෙසැම්බර මාසේ ලක්ෂ 45ක ටයර් container එකක් දැම්මා...
      Passenger car tyres made in China.

      CIF එක ලක්ෂ 45 ටයර් වලට ලංකාවේ කස්ටම් duty එක ලක්ෂ 55ක්, මම අවංකවම හොර නොකර සියලූම duty ගෙව්වා... ඒ නිසා ඒක තමයි හරි TAX එක. ඔක්කොම ලක්ෂ 100ක් වෙලා අනන් මනන් වෙනත් වියදම් නැතුව...

      ඒත් ලංකාවට චීනෙන් ගෙනාපු ටයර් අපිට විකුණන්න පුළුවන් Ferentino Ceat වගේ ලංකාවේම හදන් ටයර් වලට වඩා සෑහෙන අඩුවට... ඉකොනොමි ඔෆ් ස්කේල් සහ මෑස් පර්චේස් කරන මැටීරියල් සප්ලයි චේන්, එෆිෂන්ට් රිෆයිනරීස් වලින් ලාබෙට දෙන කෘත්‍රිම රබර සහ සල්ෆර්.. එතකොට ලෝකල අය මොනාද දන්නෑ රජයෙන් ඉල්ලන සහන...?

      අනෙක ට්‍රම්ප් ලොක්ක දැන් ඇමරිකා එක්සත් ජනපදයට අධික ලෙස ආනයන බදු වැඩි කිරීම නිසා ලංකාවේ අපනයන වලටත් බඩු බනිස් වෙලා එක්සත් ජනපදයෙන් ඉම්පෝට් වැඩිකර ගැනීමට සිදුව තිබෙන මොහොතක Statistically ගත්තොත් Aviation කියන්නෙ රිස්ක් එක අඩුම ප්‍රවාහන මාධ්‍යය. ගුවන් ගමන් මිලියනයකට ගත්තත් අනතුරු වෙන්නෙ කිහිපයක්. නමුත් අනතුරක් උනොත් ඒක අනිවාර්යයෙන් වගේ මාරක අනතුරක්. ඒකයි අපි ගුවන් අනතුරු වලට සංවේදී වෙන්නෙ.

      නමුත් අනික් කාරනා ඔක්කොම හරි. මෙච්චඑඅ තාක්ෂණය දියුණු ලෝකෙ මීටවඩා ජීවිත ගැන හිතිය යුතුමයි නේද?

      Delete
  2. ඉන්දියන් හමුදාව ආපසු යැවූ ප්‍රේමදාස ජනපතිගේ ඉරනම තීරණය කල JR

    ජේ ආර් ට ඕන වුනා ඉන්දියන් හමුදාව නැතිව යුද්ධ කරන්න බැරි බව ප්‍රේමදාස ජනාධිපතිට ඒත්තු ගන්වන්න
    ඔහු, උතුරේ යුද්ධයට ගොස් සිටි සෙබලුන්ට හමුදාව අතහැර පැමිණෙන ලෙස, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය නමින් නියෝග නිකුත්කලා
    එසේම උතුරේ සේවය කල හමුදාවේ හා පොලිසියේ පවුල්වල අය මරා දැමීමට තම කුලී හමුදාව යෙදවුවා
    මේ අයුරින් හැම ප්‍රදේශයකම මෙම භීෂණය ඇති කරමින් හමුදා පොලිස් නිළධාරීන් හා එම පවුල්වල අය මරා දැමුවා
    මෙහි යථාත්වය තේරුම් නොගත් ප්‍රේමදාස ජනපති JVP එක මිනී මරනවා යැයි සිතා, තමන්ද කළු බලල්ලු නමින් කුලී හමුදාවක් හදා ගම්වල සිටි තරුණයින් මරා දැමීම ආරම්භ කලා
    එක පැත්තකින් JR තම හමුදාව යෙදා මිනීමරණවා, රජයේ දේපල විනාශ කරනවා
    තව පැත්තකින් ප්‍රේමදාස තම හමුදාව යොදා තරුණයින් මරනවා
    50 000 කට වඩා මෙසේ මරා දැමුණා.
    මෙය ඉවසිය නොහැකි වූ තරුණයින් හමුදා කඳවුරු වලට හා පොලිසි වලට කඩාවැදී ආයුධ ගෙන, එතෙක් මෙම ක්‍රියාදාමයට හවුල් වුවන් සොයා ප්‍රථිප්‍රහාර එල්ල කලා.
    එයයි අද JVP එක මිනී මැරුවා කියා සමාජ ගතකර බලය ලබා ගන්නට මිනිමරුවන් / හොරුන් මඩ ප්‍රහාර දියත් කරමින් උත්සාහ කරන්නේ.
    එදා රජයේ හා පෞද්ගලික දේපල විනාශ කලේ ජේ ආර් ගේ හා එවකට ආන්ඩුවේ කුලී හේවායින්
    එය අද JVP එකේ ගිනුමට බැර කරන්නට උත්සාහ කලද මෙය අත්දැකපු අය ඇත්ත දන්නවා
    මෙය JR විසින් ප්‍රේමදාස විනාශ කිරීම වෙනුවෙන් කල සාර්ථක මෙහෙයුමක්.
    76 අවුරුද්දක් මේ රට විනාශ කල පල් හොරුන්ට මිනීමරුවන්ට මේ රට විනාශ කරන්නට ආයෙත් ඉඩ නොදෙමු
    මාලිමාවට ඡන්දය දෙමු
    මාලිමාව දිනුම්

    ReplyDelete
  3. දී ඇති වසරක පොහොය 4රේ ලැයිස්තුව හදන්නේ කොහොමද? සූත්‍රයක් දන්නවද?

    ReplyDelete
    Replies
    1. ඔව්. පෙර ලිපියක විස්තර ඇති. පසුව විස්තර කරන්නම්.

      Delete
    2. 1. සූර්ය දින දර්ශනයෙන් පටන් ගන්න. සූර්යයා රාශියෙන් රාශියට මාරු වීම අනුව සූර්ය මාසය වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මාරු වන මේෂ සංක්‍රාන්ති (සිංහල අවුරුදු) අවස්ථාවේදී මේෂරවි මාසය පටන් ගන්නවා. ආසන්න වශයෙන් දින 30.5කින් පමණ මේෂරවි මාසය අවසන් වී වෘෂභරවී මාසය ආරම්භ වෙනවා. සිංහල සුර්ය දින දර්ශනයේ මාස 12 ඊළඟ සිංහල අවුරුදු දවසෙන් අවසන් වෙනවා. අවසන් මාසය මීනරවී මාසය.

      2. සිංහල චන්ද්‍ර දින දර්ශනය ඇත්ත වශයෙන්ම චන්ද්‍ර-සූර්ය දින දර්ශනයක්. එහි චන්ද්‍ර මාස ක්‍රමය අමාන්ත ක්‍රමය මත පදනම් වෙනවා. ඒ කියන්නේ සෑම චන්ද්‍ර මාසයක්ම අවසන් වෙන්නේ අමාවක පෝයෙන්. වෙනත් රටවල භාවිතා වන ඇතැම් චන්ද්‍ර දින දර්ශන පූර්ණාන්ත ක්‍රමය මත පදනම් වෙනවා. එවැනි ක්‍රමයකදී මාසය අවසන් වෙන්නේ පසළොස්වක පෝය දිනයෙන්. ඉහත පළමු පියවරෙන් පසුව, එක් එක් සූර්ය මාසය තුළ යෙදෙන අමාවක පෝය දින හඳුනා ගත යුතුයි. චන්ද්‍ර මාස නම් කෙරෙන්නේ අමාවක පෝය දිනය ඇතුළත් වන සූර්ය මාසය මත පදනම්වයි.

      3. සූර්ය මාසයක දින ගණන 30.5ක් පමණ වුවත් අමාවක පෝය දෙකක් අතර කාලය (චන්ද්‍ර මාසයක දින ගණන) 29.5ක් පමණ බැවින් සෑම සූර්ය මාසයක් තුළම අමාවක පෝය දිනයක් යෙදෙනවා. මේෂරවි මාසය තුළ යෙදෙන අමාවක පෝය දිනය බක් මාසයේ අවසන් දිනයයි. අදාළ දිනය බක් අමාවක පෝය දිනයයි. ඉන් පසුව වෙසක් මාසය ආරම්භ වෙනවා. වෘෂභරවී මාසය තුළ යෙදෙන අමාවක පෝය දිනයෙන් වෙසක් මාසය අවසන් වෙනවා.

      4. සූර්ය මාසයක දින ගණන වැඩි නිසා ඇතැම් සූර්ය මාසයක් තුළ අමාවක පෝය දින දෙකක් යෙදෙන්න පුළුවන්. එවිට එකම නම තිබෙන චන්ද්‍ර මාස දෙකක් එක ළඟ වැටෙනවා. ඒ දෙකෙන් එකක් අධි මාසයක් ලෙස නම් කෙරෙනවා. ආසන්න වශයෙන් වසර තුනකට වරක් අධි මාසයක් යෙදෙනවා. මෑත ඉතිහාසයේදී ලංකාවේ අධි මාස නම් කිරීමේ යම් අවිධිමත් බවක් පෙනෙන්නට තිබෙනවා. ඇතැම් වසර වලදී පළමුවැන්නත් ඇතැම් විට දෙවැන්නත් අධි මාස ලෙස නම් කර තිබෙනු දැකිය හැකියි. කිසිම පදනමක් නැතත් එහිදී ග්‍රෙගෝරියන් මාසය සැලකිල්ලට ගෙන ඇති බවක්ද පේනවා.

      5. අධිමාසද ඇතුළුව චන්ද්‍ර මාස හඳුනාගත් පසු පෙර මාසය අවසන් වන දින සිට චන්ද්‍ර මාසයේ දින ගණන් කළ හැකියි. පළමු දින 15 පුර පක්ෂයයි. පෑලවිය, දියවක, තියවක ආදී ලෙස දින ගණන් ගැනෙනවා. අටවන දිනය පුර අටවක වන අතර, පසළොස්වන දිනය පුර පසළොස්වක දිනයයි. දහසය වන දිනයෙන් අව පක්ෂය ආරම්භ වෙනවා. විසි දෙවන දිනය හෙවත් අව පක්ෂයේ අටවන දිනය අව අටවක දිනයයි. අදාල මාසය අවසන් වන අවස්ථාව අනුව (චන්ද්‍ර මාසයක කාලය ආසන්න වශයෙන් දින 29.5ක් නිසා) ඊළඟ අමාවක පෝය යෙදී මාසය අවසන් වීම දවස් 29කින් හෝ 30කින් සිදු විය හැකියි. දින 30ක් යෙදේනම් 29 වන දිනය අව තුදුස්වක දිනයයි. පසු දින අමාවක පෝයයි. දින 29ක් පමණක් ඇති මාසයක්නම් 29 වන දිනය ඊළඟ අමාවක පෝයයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: