ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය ආපසු ගෙවිය යුත්තේ කවදාද? මෙය කීප දෙනෙක්ම අසා තිබුණු ප්‍රශ්නයක්.
ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේදී ණයහිමියන්ට විකල්ප දෙකක් ලබා දුන්නා. එකක් විදේශිකයින් සඳහා විකල්පය. දෙවැන්න දේශීය ආයෝජකයින් සඳහා විකල්පය. නමුත්, දේශීය හෝ විදේශීය ආයෝජකයින් ඕනෑම කෙනෙකුට මේ විකල්ප දෙකෙන් ඕනෑම එකක් තෝරා ගැනීමේ අවස්ථාව තිබුණා.
දැනට අප දන්නා කරුණු අනුව මුළු ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රමාණයෙන් 98%ක් ඔය ක්‍රම දෙකෙන් එකකට ප්‍රතිව්‍යුහගත වෙනවා. එක් එක් ක්‍රමයට ප්‍රතිව්‍යුහගත වන ප්‍රමාණය තවම හරියටම කියන්න බැරි වුනත්, දේශීය විකල්පය ඉල්ලා ඇති ප්‍රමාණය ආසන්න වශයෙන් 10%ක් පමණ විය හැකියි. වැඩි දෙනෙකු ඉල්ලා තිබෙන්නේ විදේශිකයින් සඳහා විකල්පය බව හිතාගන්න අමාරු නැහැ.
මේ එක් එක් විකල්පය තෝරාගත් ණයහිමියෙකුට තමන්ගේ ණය ආපසු ලැබෙන්නේ කවර ආකාරයකින්ද?
විදේශිකයින් සඳහා විකල්පය තෝරාගත් ණයහිමියෙකුට තමන් විසින් ආයෝජනය කර ඇති ඩොලර් 100,000ක මුදලක් ආපසු ලැබෙන්නේ පහත ආකාරයටයි.
2029 - $ 5,179.50
2030 - $ 5,179.50
2031 - $ 6,773
2032 - $ 6,773
2033 - $ 6,773
2034 - $ 6,860
2035 - $ 6,860
2036 - $ 9,522
2037 - $ 9,526
2038 - $ 9,526
එකතුව - $ 72,972
(ඉතිරි ඩොලර් 27,028 ආපසු නොලැබේ.)
දේශීය විකල්පය තෝරාගත් ණයහිමියෙකුට තමන් විසින් ආයෝජනය කර ඇති ඩොලර් 100,000ක මුදලක් ආපසු ලැබෙන්නේ පහත ආකාරයටයි.
2029 - $ 5,040
2030 - $ 5,040
2031 - $ 5,040
2032 - $ 5,040
2033 - $ 7,560
2034 - $ 7,560
2035 - $ 7,560
2036 - $ 7,560
2037 - $ 7,560
2038 - $ 5,040
එකතුව - $ 63,000
(තවත් ඩොලර් 30,000කට සමාන මුදලක් රුපියල් වලින් ආපසු ලැබෙන අතර ඉතිරි ඩොලර් 7,000 ආපසු නොලැබේ.)
මෙම ගෙවීම් රටේ ආර්ථික වර්ධනය ඇතුළු කරුණු ගණනාවක් අනුව අඩු හෝ වැඩි විය හැකියි. ඒ ගැන පසුවට.
කෙසේ වුවත්, එක් දෙයක් පැහැදිලි විය යුතුයි. ඒ, 2029 තෙක් ණය ආපසු ගෙවීමක් සිදු නොවන බව සහ 2029 හා 2030 වසර වලදීද ආපසු ගෙවිය යුත්තේ වසරකට මුළු ණය ප්‍රමාණයෙන් 5%ක් පමණ බවයි. ඒ නිසා, මේ ණය ආපසු ගෙවන්නට යද්දී රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා කියන එක පදනමක් නැති කතාවක්.
ඒ වගේම, ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් වීමෙන් පසුව ක්ෂණිකව නැවත ණය ආපසු ගෙවිය යුතු නැහැ. එහෙත්, දැනට ගෙවීම නවත්වා ඇති පොලී ගෙවන්නට පටන් ගන්න සිදු වෙනවා. ඒ වගේම, පසුගිය කාලය තුළ පැහැර හැර ඇති පොලී ගෙවීම්ද කොටස් වශයෙන් ගෙවන්නට සිදු වෙනවා. මේ සඳහා යම් විදේශ විණිමය ප්‍රමාණයක් වැය වනු ඇති නමුත් එම ප්‍රමාණය දරාගත නොහැකි තරම් විශාල ප්‍රමාණයක් නෙමෙයි.
මීට අමතරව, ඉදිරි වසර තුළ වාහන ආනයනය වෙනුවෙන්ද විදේශ විණිමය වැය කරන්නට සිදු වෙනවා. මේ හේතු දෙක නිසා රටේ විදේශ විණිමය අවශ්‍යතා ඉහළ යනවා වගේම ඒ හේතුවෙන් විණිමය අනුපාතය තරමක් ඉහළ යා හැකියි. කොපමණකින්ද යන්න තීරණය වන්නේ රටට ලැබෙන විදේශ විණිමය කොපමණ වර්ධනය වේද යන්න මතයි.
ඉල්ලුම හා සැපයුම මත තීරණය වන ඩොලරයක මිල නිශ්චිතව පුරෝකථනය කළ නොහැකියි. එහෙත්, ඉල්ලුම වැඩි වන බව පැහැදිලි නිසා යම් ඉහළ යාමක් අපේක්ෂා කළ හැකියි. එම වැඩිවීම හෙමිහිට මිස එකවර සිදු වෙන එකක් නැහැ. එමෙන්ම කැපී පෙනෙන විශාල වැඩිවීමක් සිදු වීමට තරම් හේතු පෙනෙන්නේත් නැහැ.
ඉකොනොමැට්ටා
ReplyDeleteඔබ කියන විදියට ලංකාවේ විදේශ විනිමය ලැබීම් සංචාරක ව්‍යාපාරය සහ විදේශ ප්‍රේෂණ වැනී දේවල් විශාල ලෙස වැඩි නොවුන හොත් වාහන ආනයනය කරන්න පටන් ගත්තොත් ඩොලරය රුපියල් තුන්සියයක සීමාව පසුකර යාමට ඉඩ තියෙන බව නේද?
ඇත්තටම මේ කුඩා ක්ලිප් එක බලන්න
https://www.facebook.com/share/v/18xVx5wxtq/
මේක විහිළුවක් වගේ පෙනුනත් ඉතාම බරපතල ප්‍රශ්නයක් ලංකාවේ බහුතර මධ්‍යම පාන්තික ජනයා ඇතුලු බහුතර ජනතාවට.
කෙසේ වුවද ලංකාවෙ ආර්ථිකය 2029 වෙනකොට ඩොලර් බිලියන 127ක් හෝ ඊට අඩුවුණොත් විතරයි මේක ලැබෙන්නෙ. නැත්තං ලැබෙන්නෙ 14%ක හෝ ඊට අඩු ණය කපා හැරීමක්. මේ නිසා ඇත්තටම මේ කියන නාමික අගය ගන්නනං එක්කො ලංකාවෙ ආර්ථිකය හකුලන්න වෙනවා. එයින් තවත් විරැකියාව සහ දුප්පත්කම වැඩිවෙනවා. එහෙම නැත්තං රුපියලෙ අගය අවප්‍රමාණ කරන්නට වෙනවා. එයිනුත් ආනයනික තෙල් සහ අනෙක් භාණ්ඩ මිල ඉහළ යනවා. කෙසේ වෙතත් ඔය කියන විදියට මේ කන්ඩිෂන් යටතේ 2029 ඉදන් ණය ගෙවන්න වෙනවා වගේම අලුතෙන් විදේශ බැදුම්කර ණය ගන්නත් පුළුවන් වෙනවා. එකග වෙලා තියන 27%ක කපා හැරීම නාමික එකක්. ලංකාවෙ ආර්ථිකය 2029 වෙනකොට ඩොලර් බිලියන 127ට වඩා අඩුවුණොත් විතරයි මේක ලැබෙන්නෙ. නැත්තං ලැබෙන්නෙ 14%ක හෝ ඊට අඩු ණය කපා හැරීමක්. මේ නිසා ඇත්තටම මේ කියන නාමික අගය ගන්නනං එක්කො ලංකාවෙ ආර්ථිකය හකුලන්න වෙනවා. එයින් තවත් විරැකියාව සහ දුප්පත්කම වැඩිවෙනවා. එහෙම නැත්තං රුපියලෙ අගය අවප්‍රමාණ කරන්නට වෙනවා. එයිනුත් ආනයනික තෙල් සහ අනෙක් භාණ්ඩ මිල ඉහළ යනවා. කෙසේ වෙතත් කියන විදියට මේ කන්ඩිෂන් යටතේ 2027 ඉදන් ණය ගෙවන්න වෙනවා වගේම අලුතෙන් බැදුම්කර ණය ගන්නත් පුළුවන් වෙනවා
නමුත් පෙනෙන විදිහට විදියට 2025 වෙනකොටම ලංකාවෙ ආර්ථිකය මේ ඩොලරය බිලියන 127 සිමාව ඉක්මවා යන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒ අනුව බොහෝ විට ලැබෙන්නෙ උපරිමය 14%ක හෝ ඊට අඩු ණය කපා හැරීමක් විතරයි. පොළියෙත් කිසිම අඩුවීමක් බලාපොරොත්තු වෙන්නට බැහැ. පවතින ලංකාවෙ ආර්ථිකයෙ තත්වය බැලුවම 2029 වෙනකොට විශාල විදියට අපනයන ආදායම වැඩිවෙන්න හේතුවක් නැහැ. ඒ නිසා බොහෝ දුරට වෙන්න ඉඩ තියෙන්නෙ 2029 ඉදන් නැවත වතාවක් ණය ගෙවන්න අලුතෙන් තවත් වැඩි පොළියට ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර ණය ISB ගන්න වීමයි. සමහර විට නැවත අයිඑම්එෆ් එකටම යන්න වෙන්නත් පුළුවන්. උදාහරණ විදිහට ග්‍රීසිය තුල/ ආජන්ටිනාව තුල සිදුවුනා වගේ. ඒ හරහා ලංකාවත් ඒ වගේම නොනවතින ණය සහ බංකොලොත් චක්‍රයක හිර වෙන්න පුළුවන් නේද?
ණය ගත්තා නං ගෙවන්න ඉකොනො මල්ලි. ලැජ්ජා නැද්ද මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නේ ණය වෙලා
ReplyDeleteඅනුර කුමාර ගේ ඉන්දියානු ගමනේදී කුමන වාසි අවාසි ලංකාවට සිදුවේද ඉකොනොමැට්ටා?
ReplyDeleteවික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ විදෙස් ප්‍රතිපත්තිය වෙනස් වෙයිද
රත්නපුර විපුල පොත් කියෙව්ව. රුසියානු පොත්වල පිටු අස්සෙ හමපු ස්ටෙප්ස් තණබිම්වල සුළඟ විපුලගෙ මූණට වැදුණ. සයිබීරියානු දුම්රියෙ නලා හඬින් විපුලගෙ කන් පිරිල තිබුණ. ගෝර්කිගෙ අම්මා කියවන විපුලට තමන්ගෙ අම්මා මතක් වුණා. ඉස්කෝලෙ නොගියට විපුල බහුසෘතයෙක් වුනා. ඔය අතරෙ විපුල ගෙදරින් පැනල ගියා. කුරුණෑගල තේ කඩේක වැඩ කරා. නොවිඳිනා දුක් වින්ද. මිනිස්සුන්ගෙන් බැණුම් ඇහුව. ඇණුම් පද ඇහුව. උපහාසයට ලක් වුණා.
ReplyDeleteහැබැයි විපුල පොත් කියෙව්ව !
පොලී ගෙවන්න වෙනව කියන්නෙ ඉහත ඩොලර් 72000ට අමතරව පොලිය ආයෝජකයන්ට ලබෙනව කියන එකද? එහෙනම් ලැබෙන මුලු මුදල කීයද?
ReplyDeleteඔව්. මෙය ටිකක් සංකීර්ණ නිසා ගණන් හදා පසුව සටහනක් දමන්නම්.
Delete