වසර තුනකටත් වඩා දිගු කාලයකට පසුව පසුගිය ඔක්තෝබර් මාසයේදී නැවතත් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට හැරී තිබෙනවා. 2021 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ වත්කම් ප්‍රමාණය එහි විදේශ බැරකම් ප්‍රමාණයෙන් පහතට වැටුනා. එයින් පසුව පසුගිය ඔක්තෝබර් මාසය දක්වාම මහ බැංකුව සතුව යම් විදේශ වත්කම් ප්‍රමාණයක් තිබුණත් මහ බැංකුවේ විදේශ බැරකම් ප්‍රමාණය පැවතුණේ ඊට වඩා වැඩි මට්ටමකයි.
ආර්ථික අර්බුදයේ උග්‍රම අවස්ථාව සේ සැලකිය හැකි 2022 ජූනි මාසය වන විට මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් හිඟයේ රුපියල් වටිනාකම බිලියන 1,686ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ඉන් පසුව, ක්‍රමයෙන් තත්ත්වය යහපත් අතට හැරුණත් නැවතත් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට හැරීමට සැලකිය යුතු කාලයක් ගත වුනා.
පසුගිය ඔක්තෝබර් මාසය අවසානයේදී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 19ක් ලෙස වාර්තා වී තිබෙනවා. මෙය ආසන්න වශයෙන් ඩොලර් මිලියන 63ක පමණ මුදලක්. ඔක්තෝබර් මාසය අවසානයේදී මහ බැංකුවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,572ක් ලෙස වාර්තා වුනා. එයින් අදහස් වන්නේ මහ බැංකුවේ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 6,509ක් පමණ වූ බවයි.
මහ බැංකුවේ මෙම විදේශ බැරකම් වලට චීනයට, ඉන්දියාවට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවිය යුතු මුදල් ඇතුළත් වන අතර ඇතැම් විට මහ බැංකුවේ පවත්වාගෙන යන රජය සතු විදේශ මුදල් සංචිත යම් ප්‍රමාණයක්ද මෙයට ඇතුළත්ව තිබෙනවා විය හැකියි.
මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1,500 ආසන්න මට්ටමක පවතින අතර ඊළඟ ඉලක්කය විය යුත්තේ එම මට්ටම දක්වා ශුද්ධ විදේශ සංචිත ගොඩනගා ගැනීමයි. මෙය ඩොලර් බිලියන 5ක පමණ මුදලක්. එපමණ මුදලක් එකතු කර ගැනීම සඳහා තවත් දෙවසරක පමණ කාලයක් යා හැකියි. ශ්‍රී ලංකා රුපියල අර්බුදයට පෙර පැවති මට්ටමට ස්ථාවර වී ඇතැයි කිව හැක්කේ ඉන් පසුවයි.
මේක හරියට නිකම් ලෙඩා මළත් බඩ සුද්දයි වගේ සීන් එකක් නේද?
ReplyDeleteඇත්තටම ඉකොනෝ වාහන ආනයන තහනම ඉවත්කරන ලෙස ඔය IMF නූල් රූකඩ වන නිලධාරීන්ගේ පාලනය යටතේ පවතින ලංකාවේ මහ බැංකුව නව මාලිමා රජය තදටම තල්ලුකරනව නේද? ඒත් ඒක වුනොත් අමාරුවෙන් ලබාගත්තු බලය ආපසු හරවන්නත් හේතු වෙන්න පුළුවන් කියල ලංකාවේ පිළිගත් ආර්ථික විද්‍යාඥයෙක් වන ධනුෂ (Dhanusha Gihan Pathirana) ඉංග්‍රීසියෙන් FT ට ලියනවා.
ධනුෂගේ එක්ස් ගිණුම https://twitter.com/dhanusha?lang=en
ඒකෙ එයා කියල තියෙන හැටියට ආර්ථික හේතු මත ආණ්ඩුව කඩා වැටීමට ඉඩ තියෙනවා.
මාලිමාවේ නව රජය ජනතාවට පොරොන්දු වූ 75% ක් දක්වා සියලුදෙනාම පොදු ප්‍රවාහනයට ගැනීමට එය දියුණු කිරීම සඳහා කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක්වත් නොගෙන වාහන ආනයන නිදහස් කිරීම තුළින් ඇතිවිය හැකි අනිකුත් දරුණු ප්‍රතිවිපාක ගැනයි
නන්දලාල් මහ බැංකු අධිපතිවරයා IMF න්‍යාය පත්‍රයට අනුව යමින් වාහන ආනයනය නිදහස් කළ යුතුයි කියල දින දෙකකට පසු ජාතික ජන බලවේගයේ (NPP) රජයේ ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ ජනතාව ප්‍රතික්ෂේප කළ රනිල් වික්‍රමසිංහ පාලනය විසින් කලින් යෝජනා කළ පරිදි සියලුම වාහන ආනයන තහනම 2025 පෙබරවාරි 1 වන විට ඉවත් කරන බවයි.
මේ ප්‍රකාශ එන්නේ ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට මූලිකම හේතුව වු විනාශකාරී ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ප්‍රතිව්‍යුහගත කිරීමට හිරවීම නිසා ණය ආපසු ගෙවීම බිලියන ගණනින් වැඩි වුන තත්ත්ව යටතේ.
විදේශ විනිමය උත්පාදනය වැඩි නොවුන තත්ත්වයක් තුළයි මහබැංකු අධිපති නමැති අයිඑම්එෆ් රූකඩය රටේ විදේශ සංචිතවල ඉරණම තීරණය කරන්නේ.
විනාශකාරී IMF ආශිර්වාදය ඇතිව, ආර්ථිකයේ විදේශ විනිමය තත්ත්වයට ජාතික ආදායම්, ඉතිරිකිරීම් සහ නිෂ්පාදනය ඉහළ නැංවීම මගින් පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම් පාලනය කළ හැකි බවයි මෝඩ මහ බැංකුවේ නිලධාරීන් කියන්නේ.
මේ අය කියන්නේ රටේ තියෙන නිෂ්පාදන සහ අපනයන තත්ත්ව සමග අපේ සාම්ප්‍රදායික සේවා සමග කාර් ජීප් වැනි පෞද්ගලික වාහන ආනයනය කරන්නට ලංකාවේ ආර්ථිකයේ ඉඩ තියෙන බවයි. විද්‍යාත්මක අධ්‍යන සහ කුසලතා අවශ්‍ය අද සහ අනාගත ලෝකෙට ගැලපෙන රැකියා ප්‍රවර්ධනය කරන සේවා සහ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම ගැන මුකුත්ම කියන්නේ නෑ මොකද ඒ ගැන දන්නෙත් නැතුව ඇති.
එමෙන්ම ලංකා විදේශ සේවා නියුක්තිකයන්, නිදහස් වෙළඳ කලාප සේවකයින් සහ යැපුම් වියදමට වඩා අඩු ආදායම් ලබන වතු ආදියේ ශ්‍රමිකයන් විසින් මෙතෙක් කල් බර දරාගත් විදේශ ආදායම් වාහන ආනයනය වෙළඳපොළ අරමුණු ඉෂ්ට කර ගැනීමට භාවිතා කිරීම බාහිර අංශයේ සමතුලිතතාවයට තර්ජනයක් නොවන පරිදි සහ ජනතාවගේ ජීවන තත්ත්වය තවදුරටත් පහත නොවැටෙනු ඇති බවයි.
ඒත් මේකේ මොකක්ද සැබෑ අරමුණ?
Deleteජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ වාහන වෙළඳපොළ විවෘත කිරීමට ඉල්ලන්නේ ලංකාවේ අනාගත ස්ථාවරත්වය සහ සංවර්ධනය ඇපේට තියාගෙන විදේශයන් ධනවත් කිරීමක් මෙතන බලාපොරොත්තු වෙන නිසා බව බොහෝ දුරට වෙන්න පුළුවන්. මොකද IMF විසින්ම 2022 ලංකාවේ අධි පරිභෝජනය සහ රටට දරාගත නොහැකි පරිදි වාහන වලින් රට පිරවීම නිසා රට මේ තත්ත්වයට වැටුන බව කියපු කතාව දැන් උන්ම අමතක කරල. කබර තලගොයා න්‍යාය නේද?
පෞද්ගලික වාහන ආනයන තහනම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක තත්ත්වයකදී බොරතෙල් මිල බැරලයකට ඩොලර් 70ක් පමණ අඩු මට්ටමක පවතින අතර දැනටත් මුළු ආනයන වියදමෙන් 24%ක් පාරේ දවා අලු කරන අපගේ දරන්නට බැරි තරම් විශාල මෝටර් රථ ප්‍රමාණය අඩු කරන්න කියලයි ඔවුන් එදා කිව්වේ.
නමුත් දැන් ලංකාවේ විදේශ සංචිත තත්වය යම් සහනදායි මට්ටමක පවතින නිසා ඔවුන් ඔවුන්ගේ සැබෑ අරමුන, එනම් IMF හි බහුතර ඡන්දය හිමි කාර්මික රටවල අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම වෙන්න පුළුවන්.
මෙය ශ්‍රී ලංකාවේ ඌන සංවර්ධිත තත්ත්වය සහ ණය බර සදාකාලික කර දේශපාලන ආර්ථික යැපීම් සහ ජීවිත එකතැන පල්වීමේ චක්‍රයකට අපව සිරකරනවා. (අපි දැනටත් ඉන්නේ ගලවා ගන්න අමාරු විෂම චක්‍රයක)
ප්‍රභූ පැලැන්තියේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා අනුගමනය කිරීම අපගේ විදේශ විනිමය උත්පාදනය කරන ශ්‍රම බලකායේ ආර්ථික ස්ථාවරත්වයට සහ ජීවන තත්ත්වයට හානියක් නොවන බව මහ බැංකු අධිපතිවරයා සහතික වෙනවා.
එහෙත්, විනාශකාරී ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් නිසා බාහිර තත්වය සහ ISB ආපසු ගෙවීම් තවත් ආගාධයට ගෙනියනවා. තහනම ඉවත් කිරීම, ලබන වසර මුලදී තවත් ගෙවුම් ශේෂ අර්බුදයක් සහ විදේශ ණය ඛේදවාචකයක් කරා අපව අනිවාර්යයෙන් තල්ලු කරයි.
පසුගිය වසර දෙකහමාර තුළම ඩොලර් 1.4 billion සීමාවේ තිබුන ලංකාවේ මාසික ආනයන වියදම 2024 ජුලි මාසේ සිට වැඩි වුනා ඩොලර් 1.7 බිලියන් දක්වා.
වෙළඳ ශේෂය වැඩි වුනා ඩොලර් මිලියන 634 කට 2024 september වල. මේක 68% වෙන ඉතා නරක වැඩිවීමක්.
එපමණක් නෙමෙයි සංචාරක ආදායම් 2024 September සිට ලැබීම අඩුවීම සහ රටේ විදේශ ගමන් වියදම් සැප්තැම්බර් මාසේ $ 104 million දක්වා වැඩිවීම අවාසිදායක තත්ත්වයක්.
මේව සේවා ආර්ථිකයේ ආදායම් වෙනස තවත් දරුණු කරා සැප්තැම්බර් මාසේ ආදායම $156.1 ට අඩු කරලා. 2023 මේක තිබුනේ ඩොලර් මිලියන 308.8 ක. මේ 50% පමණ අඩුවීමක්. මේ වෙනස වඩාත් භයානක දෙයක් ලෙස දැකිය යුතුයි 2023 සංචාරක ව්‍යාපාරයේ ආදායම් 2024 ට වඩා බෙහෙවින් අඩු වුන තත්ත්වයක් තුළ මේ වෙනස වුන නිසා.
ශුද්ධ විදේශ විනිමය ලැබීම් අඩු වුණත් විදේශ ශ්‍රමිකයන්ගේ විදේශ ප්‍රේෂණ වැඩිවීමේ පිහිටෙන් 2024 සැප්තැම්බර් වන විට ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂයේ අතිරික්තය ඩොලර් බිලියන 2.2 ක් වෙලා තියෙනවා. 2024 ජනවාරි-සැප්තැම්බර් කාලය තුළ මෙය ඩොලර් බිලියන 4.8 ක්.
තරුණ ශ්‍රමිකයන් අපනයනය කිරීමෙන් සහ රටේ පවුල්වල අවුල් ඇති කරමින් කාන්තාවන් ගෘහාශ්‍රිත රැකියා සඳහා අපනයනයෙන් ලැබෙන විදේශ ප්‍රේෂණ අපව යන්තම් රඳවා තබාගෙන ඉන්නවා.
දැන් විදේශ සංචිත තත්ත්වය චීන යුවාන් මුදල් ඒකක මත චීන මහජන බැංකුව සමඟ ඇති ඩොලර් බිලියන 1.5 ක මුදල් හුවමාරු කිරීමේ පහසුකම හැර ඩොලර් බිලියන 4.5 ක්. මෙයින් අදහස් කරන්නේ පසුගිය මාස තුන තුළ ශ්‍රී ලංකාවේ real import cover මාස 2.6 ක් වැනි පහළ මට්ටමකට වැටිලා. මේ තත්ත්වය මත වාහන ආනයනය වේගවත් ආර්ථික කඩා වැටීමක් වෙන්න පුළුවන්.
ගින්නට පිදුරු නොව තෙල් දැමීම
CBSL ද්විපාර්ශ්වික ණය ගිවිසුම සමඟ එකඟ වුණු ISB ප්‍රතිව්‍යුහගත කිරීම ලබන වසරේ සිට ආපසු ගෙවීම ආරම්භ කළහොත් 2025 දී ශ්‍රී ලංකාවේ ණය සේවා පිරිවැය විදියට දළ වශයෙන් ඩොලර් බිලියන 1.85 ක් අපි ගෙවන්නම වෙනවා.
මේකෙන් ගැලවෙන්න බෑ. ලංකාවට ගෙවන්න වෙනවා 1.8% එකඟතා ගාස්තුවක් මූලික ISB ඉල්ලීම වන ඩොලර් මිලියන 220 ට. ඒ 501 M USD පොලී සහ මුල් මුදල ගෙවීමට අමතරව. මේකට හේතු වෙනවා 1.7 billion USD සාමාන්‍ය වැනිලා බැඳුම්කර වල හිඟ පොලිය මත ඇති 4% පොලිය.
මෙය, පුද්ගලික වාහන සඳහා ඇති වූ ඉල්ලුම සමඟ එකතු වී මුළු ආනයන බිල තවත් ඩොලර් බිලියන 1.5 කින් ලේසියෙන්ම වැඩි කරන්න පුළුවන්.
නිදසුනක් වශයෙන්, වසර හතකට පෙර 2018 දී, ශ්‍රී ලාංකිකයන් විසින් යථාර්ථවාදී ඉල්ලුමකින් තොරව ඩොලර් බිලියන 1.6 ක පුද්ගලික වාහන ආනයනය කරල ගොඩගැහුවා. මේකෙන් පෙන්නන්නෙ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය පිටතට ගලායාම 2025 දී ආසන්න වශයෙන් ඩොලර් බිලියන 3.3 සිට 3.5 දක්වා වැඩි වන අතර එය පවතින විදේශ සංචිතවලින් 75% ක් ලේසියෙන්ම අතුගා දැමීමට ප්‍රමාණවත් බවයි.
මේ නිසාම විදේශ සංචිත ටික විනාශ නොකර මෙම අතිරේක වියදම්වලින් බේරීමට ශ්‍රී ලංකාවේ මුළු අපනයන ලැබීම් 20%කින් ඉහළ යා යුතුයි. නමුත් කොහෙත්ම අමතක කරන්න බෑ ඕනෑම රටෙන් බැහැර සිද්ධියක්, ඉන්ධන මිල ඉහල යාමක් හෝ අවිචාරවත් travel advisory ආදිය මුදලේ වටිනාකම කඩා වැටීමේ සිට ජීවන තත්ව ක්රශ්කර දැමීම සහ පූර්ණ අර්බුදයක් දක්වාම ඇවිලෙන්න පුළුවන් බව.
Deleteමේ බලාපොරොත්තු විය යුතු තත්ත්වයන්ට අමතරව පසුගිය දශක එකහමාරක කාලය තුළ ශ්‍රී ලංකාවේ වෙළෙඳ කොන්දේසි වල අගය (unit value of the terms of trade index) ක්‍රමානුකූලව පිරිහුණා. 2024 සැප්තැම්බර් වන විට වෙළඳ කොන්දේසිවල ඒකක අගය 90 ට ආසන්න වන අතර එය 2010 base year අගය වන 100 ට වඩා බෙහෙවින් අඩුයි. මෙයින් අදහස් කරන්නේ ශ්‍රී ලංකාවේ අපනයන ඒකක මිල එම කාලය තුළ ආනයනවලට සාපේක්ෂව 10% කට වඩා පිරිහී ඇති බව, එනිසා ලංකාවේ ආනයන හා අපනයනවල මිල නම්‍යතා එකතුව එකකට වඩා අඩු බවයි.
මේ අනුව Marshall-Lerner නිර්ණායක මත, ලංකාවේ වෙළඳ ප්‍රතිපත්තිවල දිගුකාලීන පිරිහීම් නිසා, වෙළඳපල මත තීරණයවෙන විනිමය අනුපාත හරහා ගෙවුම් ශේෂය වැඩිදියුණු නොවනු ඇත.
According to the Marshall-Lerner Condition, the balance of payments would not improve simply through a market-determined exchange rate in the face of long-run deterioration of terms of trade.
මහ බැංකුවේ අධිපතිවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවාටත් වඩා අතිශයින් තුනී අයිස් තට්ටුවක් මත NPP රජය නින්දෙන් ඇවිදිමින් සිටින බව ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන් වටහා ගත යුතුයි.
බලයට පත්වී පළමු වසර තුළම පැරදුනු පැලැන්තියට නැවත බලය පැවරීමට මේ ආර්ථික තීරණය හේතු වෙන්න පුළුවන්. ප්‍රභූ දේශපාලනය, ගජ මිතුරු ව්‍යාපාර, මාධ්‍ය මුලාවන් පරදවාගෙන ගත් අසීරු ජයග්‍රහණය සදාකාලිකව ආපසු හරවන්නත් හේතු වෙන්න පුළුවන්.
(මෙම ලිපියේ ශ්‍රී ලංකාවේ බාහිර වෙළඳාම පිළිබඳ සියලුම දත්ත CBSL බාහිර අංශයේ කාර්ය සාධනය, මාසික මාධ්‍ය නිවේදන වලිනි)
මුල් ඉංග්‍රීසි ලිපිය ලියූ Dhanusha Pathirana සිංගප්පූරුවේ Palgrave McMillan ප්‍රකාශයට පත් කළ 'A History of Undevelopment and Political Economy of Inflation in Sri Lanka' (2020) ග්‍රන්ථයේ සමකතෘවරයා ද වනවා. He's reading for PhD in Economics at the university of Sri Jayawardanapura. He holds a Master's in Economics from the University of Colombo.
//මොකද IMF විසින්ම 2022 ලංකාවේ අධි පරිභෝජනය සහ රටට දරාගත නොහැකි පරිදි වාහන වලින් රට පිරවීම නිසා රට මේ තත්ත්වයට වැටුන බව කියපු කතාව දැන් උන්ම අමතක කරල. කබර තලගොයා න්‍යාය නේද?//
Deleteඔබට IMF වැඩ කරන කවුරු හරි කෙනෙක් පෞද්ගලිකව කියපු දෙයක්ද?
ඉකොනෝ
DeleteRefer to the IMF publications and news reports, IMF highlighted that vehicle importation and excessive consumption contributed to the crisis in the following ways:
1. Pressure on Foreign Exchange Reserves:
Sri Lanka heavily relied on imports for vehicles and luxury goods, which drained its limited foreign exchange reserves.
Vehicle imports were among the largest non-essential import categories, creating a significant trade deficit.
Ref: https://www.imf.org/en/Publications/WEO
2. Economic Imbalances:
High levels of consumption, fueled by credit expansion and low import restrictions in previous years, led to unsustainable import levels.
The imbalance between imports and exports worsened the foreign exchange shortage.
Ref: https://www.imf.org/en/Countries/LKA
3. Policy Response - Import Bans:
To address the crisis, the government imposed strict import bans, including on vehicles, to conserve foreign exchange.
While this reduced pressure on reserves temporarily, it led to inflation, supply chain disruptions, and reduced economic activity in sectors reliant on imports.
Ref:
https://www.imf.org/en/News/Articles/2024/03/01/022224oped-srilanka-economic-reform-program-is-starting-to-work
හැබැයි මෙතනදී මගේ පරමාර්ථය වුණේ ආර්ථික විද්‍යානුකූලව ඒ පිළිබඳව විද්වතෙක්ගෙන් මේ ගැන දත්ත සහ ඉතාමත් තාර්කිකව පැහැදිලි කර දුන් දේ ගැන ඔබේ සහ පාඨක අවධානය යොමු කිරීමයි.
අනික මම පොදු ප්‍රවාහනයේ අගය දන්න ඒ වෙනුවෙන් පෙනී හිටින කෙනෙක් උනත් මෙතන ඒවා සම්බන්ධ වෙලා නෑ.
එමෙන්ම වාහන මිල වැඩිවීමත් නිවැරදි කරන්න පුළුවන් ක්‍රම තියෙන බව මීට කලින් මම කියලා තියෙනවා.
ලංකාවේ ආර්ථික කඩාවැටීමට අමතරව රටේ බලශක්ති ප්‍රවාහන කාර්යයක්ෂමතා පැත්තෙනුත් වාහන ආනයනයට ඉඩ දීම විශාල ගැටලු මතු කරනවා. ඒවා ගැන මම කලින් වෙනම කියල තියෙනව.
අනෙක මේ කමෙන්ට් එකට අදාළ නොවෙන ප්‍රශ්න අහලා අපව වෙන අතකට හරවා යටගහන්න හදනවා කියන ඒ කියන්නේ කුහකකම පැත්තකින් තියන්න, මට අදාලම නෑ. කමෙන්ට් කරනවා නම් මේ උඩ කමෙන්ට් එකේ මතුකරලා තියන විද්‍යානුකූල ව සහ ආර්ථික පැත්ත ගැන කතා කරන්න.
කුහක කම් ගැන කතා කරනවනම් කුහක වෙලා තියෙන්නේ රටට හෙන ගැහුවත් තමන්ගේ බඩ වඩා ගන්න හදන ඉකොනෝ වගේ අය. පෞද්ගලිකව බැලුවොත් වාහන ආනයට ඉඩදීම මට වාසියි, මම ඒ ක්ෂේත්‍රයේ ව්‍යාපාර කරන නිසා මෙන්ම 2019 ආනයනය තහනමට පෙර විදුලි වාහන ආනයනයටත් මූලික වුණ කෙනෙක් නිසා, රටේ විදුලි වාහන ප්‍රවර්ධනය කරන්න සෑහෙන ක්‍රියාත්මක වුණු කෙනෙක් නිසා.
එමෙන්ම නැවත වාහන ආනයනයට ඉඩ දුන්නොත් මමත් ඒ ව්‍යාපාරය ලංකාවතුල කරනවා මෙතෙක් කරලත් තියෙනවා. සාධාරණ ව්‍යාපාර පිළිබඳව, විදුලි වාහන පිළිබඳව රටේ විශ්වාසයකුත් ගොඩනගාගෙන තියෙන නිසා මටත් හොඳ මුදල් ප්‍රමාණයක් අවංකව සාධාරණව උපයා ගන්නත් පුළුවන්.
එහෙම තියෙද්දිත් මම මේ ගැන කතා කරන්නේ අපේ පෞද්ගලික ලාභ පාඩු මොනවා වුණත් රටට විය යුතු හොඳ දේ නිවැරදි දේ ගැන කතා කළ යුතු නිසා. එහෙම නොවීමයි කුහකකම!
කතෘගේ ඉංග්‍රීසියෙන් පළවුණු ඔරිජිනල් ලිපියට ලින්ක් එක මේ.
https://www.ft.lk/columns/Lifting-import-ban-on-automobiles-Sri-Lanka-sleepwalks-into-disaster/4-769115
පුළුවන් නම් මේකට උත්තර දෙන්න මනස්ගාත නොකියා?
IMF එක ඕක කියල තියෙන තැන අදාළ වාර්තාවේ නම සහ පිටු අංකයත් එක්ක දමන්න. එවිට අදහස් දක්වන්නම්.
Deleteඉකොනොමැට්ටා, මේවන විට ලංකාවේ නව ජාජබ ආණ්ඩුව අයි එම් එෆ් එකේ අනුමැතිය ලබාගෙන පාසැල් අධ්‍යාපනය ලබන දරුවන් සිටින අස්වැසුම සහනාධාර ලබන පවුල්වලට රුපියල් හයදාහක දීමනාවක් දෙන්න තීරණය කරල තියෙනව නේද?
ReplyDeleteඇත්තටම ලංකාවේ ආර්ථිකය දැඩිලෙස පාලනය කරන මේ අයිඑම්එෆ් කොන්දේසිවල හැටියට එයාලගේ එකගත්වයක් සහිතව මේ වගේ අලුත් සහනාධාර ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණත් කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට කාර්මික ව්‍යාපාර වලට සහන ලබාදීමට අයිඑම්එෆ් එකෙන් කිසිම බුරුලක් ලබැගැනීමට ඉඩ ලැබෙයි කියල නම් හිතන්න අමාරුයි.
ලංකාවේ සම'හරක් ලිබරල්ලු අයිඑම්එෆ් එක සහනාධාරවලට විරුද්ධයි කිව්වට මේ වගේ පරිභෝජනය සදහා දෙන අනවශ්‍ය මුදල් සහනාධාර දෙනවට විරුද්ධ බවක් පේන්න නැහැ. තවත් රජයේ බදු මුදල් කාබාසිනියා කරන සුදු අලි ව්‍යාපෘතියක් වන අස්වැසුමත් අයිඑම්එෆ් යෝජනාවක්නේ.
ඇත්තටම අයිඑම්එෆ් එක විරුද්ධ බව පේන්නෙ රටේ සංවර්ධනයට අවශ්‍ය ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට යොදාගන්නට පුළුවන් සහ රටේ කර්මාන්තවලට යොදාගන්න පුළුවන් විදුලි, සහ ඉන්ධන වැනි බලශක්තිය වගේ සහනාධාරවලට බවයි පේන්නෙ. ඒ අතින් බැලුවම අයිඑම්එෆ් සහනාධාර යෝජනා වඩා කිට්ටුවන්නෙ සමාජවාදී නිකමුන් බෝකරන දිළිඳුකම ප්‍රවර්ධනය කරන ආර්ථික ක්‍රමයකට නේද?
ඉකොනො මහබැන්කු වන්චාව ගැන ලිපි පෙලක් ලිව්ව නේද? ඒක ලිව්වෙ කෝප් වාර්තාවෙන් පස්සෙ වගෙ මට මතක. ජනාදිපති කොමිසමක් දැම්ම නේද ඊට පස්සෙ? ඒකෙන් බිලියන 10ට කිට්ටුවක පාඩුවක් ගැන කියනවනෙ.
ReplyDeleteඒ කොමිසම් වාර්තාව කියවල තියෙනවද? තියෙනවනම් කෝප් වාර්තාවට වඩ වෙනස් නිගමන වලට ඇවිත් තියෙන්නෙ කොහොමද කියල පෑහැදිලි කරන්න පුලුවන්ද?
වාර්තා ගණනක් ආවනේ. කෝප් වාර්තාවේ (වැරදියට) ගණනය කර තිබුණේ යහපාලන කාලයේ සිදු කළ බැඳුම්කර වෙන්දේසි දෙකක පාඩුව. අනෙක් වාර්තාවේ (දළ වශයෙන් ඒ ක්‍රමයටම) ගණන් හදා තිබුණේ 2002 (හෝ ආසන්න කාලයක) සිට සියලුම බැඳුම්කර නිකුතු වල පාඩුව.
Deleteමම හිතන්නේ ඒ කෝප් වාර්තාව සහ ෆොරෙන්සික් වාර්තාව නිවැරදි බව, මහබැංකු වංචාව ලංකාවේ ඉතිහාසය තුල සිදුවු විශාලතම වංචාව වියයුතුයි, රජයේ දේශපාලන අධිකාරිය සහ රටේ අගමැති සහ මහබැංකු අධිපති එක්ක එකතු වෙලා කරපු ලොකුම වංචාව ඒක නේද?
Deleteඉකොනො අනෙක් වාර්තාව මම හිතන්නෙ ෆොරෙන්සික් ඔඩිට් එක ගැනද?
Deleteමම ඇහුවෙ ඒක නෙමෙයි. මෙන්න මේ ජනාදිපති කොමිසම් වාර්තාව ගැන.
https://archives.gov.lk/collection/bond-commission
මම හිතන්නෙ මේ ලඟදි ආපහු මේ අණ්ඩුවෙන් නඩු දැම්මෙ මේ වාර්තාව මත පදන්ම් වෙල.
මට මේක කියෙවුව්ද කියලා හරියටම මතක නැහැ. මේ ලින්ක් එකේ සම්පූර්ණ වාර්තාව නැහැ නේද? (appendix නෙමෙයි. මූලික වාර්තාව). වෙන තැනක තියෙනවද?
Deleteසල්ලි නැති නිසාද ඉකොනෝ අපිට මේ දුක
ReplyDeleteශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් පසුගිය අන්ත දූෂිත රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාගේ පාලනය යටතේ පැවති කාලසීමාව තුල සිදුකල රාජ්‍ය දේපල විකුණාගෙන කෑමේ ප්‍රතිපත්තිවල ප්රතිඵලයක් ලෙස අද වන විට රටේ ආර්ථිකයෙන් භාගයක් විකුණා දමා ඇතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා පෙන්වා දුන්නා.
ReplyDeleteරනිල් වික්‍රමසිංහ විසින් විවිධ දෙස් විදෙස් ජාවාරම්කාරයන් සමග විවිධාකාර දූෂිත ගිවිසුම් ගසා, පොදුවේ රාජ්‍යයට සහ මහජනයාට අයත්ව තිබූ ජාතික දේපල, මහජන ධනය ප්‍රකෝටි ගණනින් හොරකම් කර ඇති බවත් පැවසූ ඔහු එවන් රටක් ගලවා ගැනීමට ජාතික ජන බලවේග කණ්ඩායමට මෙවර ආණ්ඩු බලය ලැබී ඇති බවත් කියා සිටියේය.
තවදුරටත් පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ පාලනය විසින් විනාශ කොට කාබාසිනියාකර දමා ඇති ආර්ථිකය නැවත ගොඩනැගීම ඉතාම විශාල අභියෝගයක් බැවින් ක්ෂණිකව ක්‍රියාත්මක කළ හැකි විසඳුම් නොමැති බැවින් රජයට ඉතාම සාධාරණ කාලයක් අවශ්‍ය බවත් ඉදිරි වසර පහ ඇතුළත එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්නට ඇප කැප වන බවයි.