දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් දේශීය ණය නිකුත් කිරීම සහ කළමනාකරණය කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි. මෙය මහ බැංකුවක කාර්ය භාරයේ කොටසක් නොවන්නාක් මෙන්ම, මහ බැංකුවේ ප්‍රධාන කාර්යය වන මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සමඟ බැඳියා පිළිගැටුමක් ඇති කරවන්නක්ද වුනා.
මේ ගැන කතාබහ කෙරුණේ අද ඊයේ සිට නොවුවත්, දශක ගණනාවක් තිස්සේම මේ ආයතනික ආකෘතියේ වෙනසක් සිදු වුනේ නැහැ. 2015 කුප්‍රකට බැඳුම්කර වෙන්දේසියෙන් අනතුරුව මෙම බැඳියා පිළිගැටුම පිළිබඳ අවධානය ඉහළ ගිය අතර, පසුව මෙම කාර්ය භාරය මහ බැංකුවෙන් ඉවත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුමේ කොටසක් වුනා. ඒ සඳහා අවශ්‍ය තාක්ෂනික සහයෝගයද අරමුදලෙන් ලැබුණා.
රජය වෙනුවෙන් දේශීය ණය නිකුත් කිරීම සහ කළමනාකරණය කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වුනත්, විදේශ ණය කළමනාකරණය සිදු වුනේ මුදල් අමාත්‍යාංශය යටතේ පැවති විදේශ සම්පත් දෙපාර්තමේන්තුව යටතේයි. ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීමේදී එම දෙපාර්තමේන්තුව මෙන්ම මහ බැංකුවද එක්ව කටයුතු කළා. මේ සියලු කටයුතු වලට මුදල් අමාත්‍යාංශය යටතේ ඇති භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවද සම්බන්ධ වුනා.
මේ වන විට මෙම සියලු කාර්යයයන් සිදු කිරීම සඳහා වෙනම රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් ස්ථාපනය කොට එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා. ජනවාරි මාසයේ සිට මෙම ආයතනය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ අදාළ දෙපාර්තමේන්තු විසින් මෙතෙක් සිදු කළ රාජ්‍ය ණය කළමනාකරණ කටයුතු සියල්ල පවරා ගැනීමට නියමිතයි.
මහ බැංකුව විසින් කරන තවත් "අදාළ නොවන" කාර්යයක් වන්නේ සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීමයි.
ඉකොනෝ ඔය කියන්නේ 2025 කුප්‍රකට බැඳුම්කර වංචාව නොව 2015 සිට 2017 පමණ දක්වා සිදු වූ එක ගැන විය හැකියි එහෙම නේද? ඒක typographical error එකක් වෙන්න ඕන. ඒක නෙවෙයි ලෝකෙ ලොකුම කම්පනි එකක CEO කෙනෙක් හම්බුනා කාලෙකට කලින් පොර කිවූවෙ මම උඹලගෙ රටට ආදරෙයි එකපාරයි ගියේ හැබැයි ආපහු යන්නෑ ජීවිතේට කියල. හේතුව පාරෙ යන බල්ලෙක්කාල කුජීත වෙලා සතියක් හොස්පිටල් ඉදල එපාවෙලා තමයි පොර ලංකාවෙන් ගිහින් තියෙන්නෙ.
ReplyDeleteපොර දන්න එලෙකුටවත් ආපහු එන්න රෙකමන්ඩ් කරන්නෑ, ඇත්තටම ලංකාවේ උන්ගෙ බොරු සත්ත්ව අවිහින්සාව නිසා කෙලවෙලා තියෙන තරම උන්ටම තේරෙන්නෑ.
'2025 කුප්‍රකට බැඳුම්කර වෙන්දේසියෙන් අනතුරුව මෙම බැඳියා පිළිගැටුම පිළිබඳ අවධානය ඉහළ ගිය අතර, පසුව මෙම කාර්ය භාරය මහ බැංකුවෙන් ඉවත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුමේ කොටසක් වුනා. '
ReplyDeleteමොකක්? තමුසෙට අනාගතේ පේනවද ඉකොනො
අපි සේවය කරන ඉස්කෝලවල වැසිකිළි පහසුකම්, ජල පහසුකම් නැහැ. එතකොට අපි උදේ පාන්දර ගෙදරින් ගියාම හවස ඉස්කෝලේ ඇරිලා තමයි වටේ තියෙන ගෙවල්වලට දුවලා ටොයිලට් යන්න ඕන… එහෙම යාගන්න බැරිවුණොත් අර උදේ පාන්දර වැඩට ගිය අය මේ සාරි පටලාගෙන ගෙදර එනකල් ඉන්න ඕනේ ටොයිලට් යන්නත්.”
ReplyDeleteමෙසේ ප්‍රකාශ කළේ, මේ දිනවල රජයේ පාසල් ගුරුවරියන්හට සාරිය හෝ ඔසරිය වෙනුවට පහසු ඇඳුමකින් සැරසී ඉගැන්වීම් කටයුතු කිරීමේ ඇති අයිතිය දිනාගැනීම උදෙසා සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම්සහගත, මුල්පෙළ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළ ගුරු වෘත්තිකයෙකු වන ඉකොනොමැට්ටා ය