සැම්බියාව මෙන්ම ඝානාවද ලංකාව ගෙවුම් ශේෂ හා රාජ්‍ය ණය අර්බුද වලට මුහුණ දුන් කාලයට ආසන්න කාලයකදී එවැනිම අර්බුද වලට මුහුණ දුන් රටවල් දෙකක්. ලංකාව මෙන්ම ඉහත රටවල් දෙකද මේ වන විට මූල්‍ය අරමුදලේ උදවුවෙන් සිය ආර්ථිකයන් ස්ථාවර කරගෙන තිබෙනවා.
ලංකාව මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීම් මුළුමනින්ම මෙන් අවසන් කර ඇතත්, ඉහත සඳහන් අප්‍රිකානු රටවල් දෙකෙහි එම ක්‍රියාවලීන් තවමත් අවසන්ව නැහැ. එහෙත් බොහෝ දුරට අවසන්. ස්ථායිකරණ වැඩසටහන් වල ප්‍රතිඵලයක් ලෙස සැම්බියාව, ඝානාව මෙන්ම ලංකාව යන රටවල් තුනෙහිම කඩා වැටී තිබූ මුදල් ඒකක නැවත ශක්තිමත් වී තිබෙනු දැකිය හැකියි.
පසුගිය නොවැම්බර් මාසයේදී ඇමරිකන් ඩොලරයක් සඳහා ඝානා සීඩී 16.33ක් පමණ ගෙවිය යුතුව තිබුණත් මේ වන විට ඩොලරයක් සඳහා ගෙවිය යුතුව තිබෙන්නේ ඝානා සීඩී 10.35ක් පමණයි. එමෙන්ම, මේ වසරේ මාර්තු මාසයේදී ඇමරිකන් ඩොලරයක් සඳහා සැම්බියා ක්වාචා 28.81ක් පමණ ගෙවිය යුතු වුවත් දැන් ගෙවිය යුත්තේ සැම්බියා ක්වාචා 23.88ක් පමණයි.
ලංකාවේ මෙන්ම සැම්බියාවේ හා ඝානාවේ ආර්ථිකයන්ද නැවත පණ ගසා නැගිටිමින් සිටින අතර පළමු කාර්තුව තුළ පිළිවෙලින් 4.5%ක හා 5.3%ක වර්ධනයන් වාර්තා කර තිබෙනවා. මෙම රාජ්‍යයන් දෙක සඳහා මූල්‍ය අරමුදල විසින් යෝජනා කළ වැඩපිළිවෙළවල් සහ ලංකාව සඳහා යෝජනා වූ වැඩපිළිවෙළ අතර සැලකිය යුතු සමානකම් දැකිය හැකියි. ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය උදාහරණයක්.
ලංකාවේ මෙන්ම සැම්බියාවේද ඉන්ධන සඳහා මිල සූත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ සමඟ පළ කෙරෙන සැම්බියාවේ උපයෝගීතා කොමිසමේ සභාපති ජේම්ස් බණ්ඩාගේ නිවේදනය අනුව, 2025 ජූලි 1 දින සිට සැම්බියාවේ ඉන්ධන මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු කර තිබෙනවා. ජාත්‍යන්තර ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් තිබියදී මේ අයුරින් සැම්බියාවේ ඉන්ධන මිල ගණන් අඩු කෙරෙන්නේ සැම්බියා ක්වාචා මුදල ශක්තිමත් වී තිබීමේ උදවුවෙනුයි.
ඉකොනෝ මහත්තයා හිතං හිටියේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන විශ්‍රාම ගියාම පත්වෙන ලේකම්ගේ පියන් වෙන්න නේද?
ReplyDeleteඒත් ඉකොනෝ මහත්තයා පැත්ත පළාතේ ගත්තේ නැති නිසා දැන් සැම්බියාවේ උපයෝගීතා කොමිසමේ සභාපති ජේම්ස් බණ්ඩාගේ කාර්යාල සහයක විදියට යන්නද ලෑස්තිය ?
ඉකොනොමැට්ටා
ReplyDeleteඔය ඔබ කියන සැම්බියාවේ උපයෝගීතා කොමිසමේ සභාපතිගේ නම ජේමිස් බණ්ඩා නෙවෙයි, ඇත්තටම ඔහුගේ නම ජේම්ස් බාන්දහ්, ඔහු වසර කීපයකට පෙර අප සමග FIDIC Contracts Middle East & Africa පිළිබඳව සම්මන්ත්රණ සැසි ආදියට සහභාගි වුණා, ඔහු ඉතාම බුද්ධිමත් සහ ප්‍රියමනාප පුද්ගලයෙක්, ඔහු වෘත්තියෙන් නීතිඥවරයෙක් වගේම ඉදිකිරීම් නීති වගේම බලශක්ති නීති පිළිබඳව විශේෂඥ දැනුමක් සහිත දක්ෂ අයෙක්. ඒ වගේම ඔහු සාද සහ උත්සව වලදී අප්‍රිකානු නර්තන වගේම වරක් ප්‍රංශ වෘත්තීයවේදිනියක සමග ලස්සන බටහිර නර්තනයක් ද සිදුකලා මතකයි, ඔහු පිළිබඳව ලිවීම පිළිබඳව ඔබට ස්තුතියි, ඔහුට මේ ගැන මැසේජ් එකක් දාන්නම්, ඔහුත් ඔබට ස්තූති කරාවි ලංකාවේ අයට ඔහු පිළිබඳව විස්තර පැවසීම ගැන.
මට තව ප්‍රශ්නයක් තියෙනවා, ඇත්තටම මගේ වාර්ෂික දළ ආදායම රුපියල් මිලියන 38 හමාරක් පමණ, නමුත් මම බදු ගෙවීමෙන් වැලකීමට ටැක්ස් කන්සල්ටන්ට් කෙනෙකුට රුපියල් විසි පන්දහසක පමණ මුදලක් වාර්ෂිකව වැය කරනවා, ලංකාවේ හැමෝම ටින් අංක ලබාගෙන බදු ආදායම රජයට ප්‍රකාශ කළ යුතු නිසා ඉතා විශාල පිරිසක් නිකරුණේ මේ බදු උපදේශක වරුන් පොහොසත් කරනවා, ඒ වගේම මේක ඒ අයට අනවශ්‍ය වියදමක්, මේක රජයට පාඩුවක් මම හිතන්නේ රජයට ලැබෙන බදු වලට වඩා මේ උපදේශක වරු හම්බ කරනවා ඇති බදු නොගෙවන අපි වගේ අයගෙන්. මේක වැලැක්වීමට රජයෙන් මේ බදු උපදේශක සේවාව නොමිලේම කරන්න පුළුවන් නම් හොඳයි අඩුම තරමේ පහළ මධ්‍යම පාන්තික අයටවත්
ඒ වගේම මේ වසරේ වාහන ආනයන බදු වලින් ආණ්ඩුවට රුපියල් බිලියන හාරසියයක් විතර හම්බ වෙලා තියෙනවා නේද? මමත් ලංකාවට වාහනයක් ආනයනය කළා, ලංකාවට ආවේ ගිය සතියේ. ඒකට නම් මට අතිවිශාල බදු මුදලක් ගෙවන්නට සිදු වුණා.
වාහනේ FoB එක ඩොලර් 38 දාහක් විතර, ඉන්ෂූරන්ස් සහ නැව්ගාස්තු වලට ඩොලර් 3400 ක් විතර ගියා CIF එක රුපියල් මිලියන 12.56 ක් ඒත් බදු වලට මට රුපියල් මිලියන 41.38 ක් පමණ ගෙවීමට සිදු වුණා. CIF LKR 12,560,781.00 කට මට ගෙවන්නට සිදු වූ බදු ඇතුලු අනෙත් වියදම් මෙහෙමයි.
FOB (Japan) ₨ 11,529,219.00
Freight + Insurance - ₨ 1,031,561.00
CIF Total - ₨ 12,560,781.00
Import Duty (CID + 50%) ₨ 5,652,351.00
Excise Duty (2,693 cc × ₨6,300) ₨ 16,971,900.00
Luxury Tax (Over ₨ 5M CIF) ₨ 7,560,780.00
PAL (5% of CIF) ₨ 628,039.00
CESS/NBT (~2%) ₨ 381,619.00
VAT (18% on total base) ₨ 7,840,261.00
Misc. Costs & Clearing Agent Fees - ₨ 300,000 (approx.)
Total Landed Cost for TRJ250W VX Fully Loaded = ₨ 53,925,731
Chassis Code: TRJ250W
YOM: 2025
VIN: TRJ250W-0024783
Engine Capacity: 2,693 cc (Petrol)
මේක සේල් වල මීටත් වඩා සෑහෙන මිල අධිකයි, මේක මම ජපානයේ සිටින මිතුරකු හරහා ආනයනය කළේ පෞද්ගලික ආනයනයක් විදියට, වාහන සේල් වල මේක මීට වඩා තවත් මිලියන ගණනක් ඉහළම මිලකට විකුණන්නේ මේකට සේල් වලට මීටත් වඩා තව බදු ගෙවන්නට සිදුවන නිසා ද? මට ඒකට හේතුව හෙව්වාට හොයාගන්න බැරි වුණා. මේ ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?
මට තාම මේක ලියාපදිංචි කරන්න බැරි වුණා, මේක ලියාපදිංචි කරන්න ගියාම මේකට තවත් බදු ගෙවන්නට සිදු වේවිද දන්නේ නෑ, දන්න විදිහට නම් ලියාපදිංචි ගාස්තුව විතරයි නේද? සාමාන්‍යයෙන් ලියාපදිංචියට රුපියල් ලක්ෂයක පමණ මුදලක් යාවි කියල හිතාගෙන ඉන්නේ, ලියාපදිංචියට ඒජන්ට් කෙනෙක් හොයාගන්න ඕන, විශේෂ නම්බර් එකක් ගන්න තවත් ගණනක් යාවි. මේ දවස්වල RMV එකේ නම්බර් ප්ලේට් නැතිබව කියන නිසා ඒක එන්නත් ටික කාලයක් යාවිද මන්දා. බලමු.
ජේම්ස් බණ්ඩා
ReplyDelete