කලින් සටහන ඇමරිකානු සන්දර්භයේ මතු කළ කරුණකට පිළිතුරක්. එහි සඳහන් සංඛ්‍යාලේඛණ ලංකාවට සෘජුව අදාළ කරගන්න බැහැ. මෙය ලංකාවට අදාළ වන ආකාරය ගැන කිහිප දෙනෙක්ම විමසීම් කර තිබුණා.
මිනිසුන්ට වත්කම් එකතු කරගැනීමේ අභිප්‍රායයක් ඇති වීමේ සහ මිනිසුන් අතර ගනුදෙනු සිදු කිරීමේ සංස්කෘතියක් ඇති වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් වත්කම් වර්ග මුදල් බවට පත් වෙනවා. මුදල් වලින් තබා ගන්නා වත්කම් මූල්‍ය වත්කම්. යම් පිරිසක් මූල්‍ය වත්කම් එකතු කරගනිද්දී ඊට අනුරූපව මූල්‍ය බැරකම් එකතු කරගන්නා පිරිසක්ද අවශ්‍ය වෙනවා. මේ දෙකම යන්නේ එකට.
වෙනත් විදිහකින් කිවුවොත්, ගනුදෙනු සංස්කෘතියක ඇතැම් ගනුදෙනු සිදු වෙන්නේ ණයට. ණය සේ ලබා දෙන අරමුදල් ණය දෙන්නාගේ මූල්‍ය වත්කමක් වෙනවා. මේ අරමුදල් ගනුදෙනු සඳහා යොදා ගැනෙද්දී මුදල් මැවීමක්ද සිදු වෙනවා. ඒ සඳහා මහ බැංකුවක් තිබිය යුතු නැහැ.
කවර හෝ මුදල් මැවීමේ ක්‍රියාවලියක් නිසා මුදල් සැපයුම මුදල් ඉල්ලුමට වඩා වැඩි වුවහොත් අදාළ මුදල් වර්ගයේ වටිනාකම අඩු වෙනවා. එම මුදල් වර්ගය හා අදාළව උද්ධමනයක් ඇති වෙනවා. මුදල් සැපයුම ප්‍රමාණවත් නොවුනොත් මුදලේ වටිනාකම ඉහළ ගොස් අවධමනයක් ඇති වෙනවා.
මුදලේ වටිනාකම නියාමනය කිරීමටද ඉතිහාසයක් තිබෙනවා. කාලයක් මේ නියාමනය හරහා සිදු වුනේ කිසියම් නිශ්චිත ලෝහ වර්ගයක වටිනාකමට සාපේක්ෂව මුදලේ වටිනාකම නියතව තබා ගැනීමට උත්සාහ කිරීම.
එක්තරා යුගයක බොහොමයක් රටවල් විසින් අනුගමනය කළේ මේ ක්‍රමය. දැන් ප්‍රචලිත ක්‍රමය වන්නේ පොදුවේ සියළුම පරිභෝජන භාණ්ඩ වලට සාපේක්ෂව මුදලේ වටිනාකම වෙනස් වීම නියතව තබා ගැනීමට උත්සාහ කිරීම. ඒ කියන්නේ උද්ධමනය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම.
ඇතැම් අවස්ථා වල ඇතැම් මහ බැංකු මේ වැඩේ හරියට කරන්න සමත් වන්නේ නැහැ. නමුත් එය පැරණි ක්‍රමය තුළද පැවති තත්ත්වයක්. මුදල් ක්‍රමයක් නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම මුදල් ක්රමයක ප්‍රශ්නයක් නෙමෙයි.
වටිනාකම නියතව තබා ගන්නා ක්‍රමයකට සාපේක්ෂව වටිනාකම වෙනස් වීම නියතව තබා ගන්නා ක්‍රමයකදී මුදලක වටිනාකම කාලයත් සමඟ පහළ යනවා. නමුත් එය සිදු වෙන්නේ කලින් සිතා ගත හැකි ආකාරයකටනම් අනාගතය හා අදාළ තීරණ ගැනීමට මෙය බාධාවක් වන්නේ නැහැ.
මේ විදිහට මුදලේ වටිනාකම් ක්‍රමිකව පහත වැටෙනවා කියන්නේ කවුරුවත් දුප්පත් වෙනවා කියන එක නෙමෙයි. මුදලක වටිනාකම අඩු වීම ප්‍රශ්නයක් වෙන්නේ මුදල් මුදල් ලෙසම තියා ගත්තොත් පමණයි. 1989-2024 කාලය සැලකුවොත්, මෙම වසර 35ක කාලය තුළ රුපියලක වටිනාකමෙන් 96%කටත් වඩා ක්ෂය වී ගොස් තිබෙනවා. ඒ කියන්නේ 2024 රුපියලක වටිනාකම 1989 රුපියලක වටිනාකමෙන් 4%කටත් වඩා අඩුයි. 1989 රුපියලක 2024 වටිනාකම රුපියල් 25.14ක්.
කවුරු හෝ කෙනෙක් රුපියල් නෝට්ටු පෝර උරයක දමා හෝ මෙට්ටයක් අස්සේ දමා මේ අවුරුදු 35 තිස්සේ තියාගත්තේනම්, ඒ පුද්ගලයාගේ මුදල් වල වටිනාකමෙන් 96%ක්ම මේ වෙද්දී නැති වෙලා. නමුත් සාමාන්‍යයෙන් එහෙම සල්ලි තියා ගන්නේ කලාතුරකින් අයෙක්. මුදල් ආයෝජනය කිරීම මගින් මුදල් වල වටිනාකම ක්ෂය වීම ඉක්මවන වාසියක් ලබා ගන්න පුළුවන්. මෙසේ මුදල් ආයෝජනය කළ හැකි විකල්ප මොනවාද?
යමෙක් 1989දී මාස-12 භාණ්ඩාගාර බිල්පත් වල රුපියල් 100ක් ආයෝජනය කර ඒ ආයෝජනය වසරින් වසර අලුත් කළේනම්, 2024දී එම ආයෝජනයේ වටිනාකම කීයද? මෙම මුදල රුපියල් 7,084ක්.
1989 රුපියල් 100ක 2024 වටිනාකම රුපියල් 2,514ක්. ඊට හේතුව උද්ධමනය නිසා රුපියල් වල වටිනාකම වෙනස් වී තිබීමයි. නමුත් භාණ්ඩාගාර බිල්පත් වල එම මුදල ආයෝජනය කිරීම මගින් මේ හානිය ඉක්මවන ලාබයක් ලබා ගැනීමේ අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා, උද්ධමනයක් තිබූ පමණින් කවුරුවත් දුප්පත් වෙන්නේ නැහැ.
මෙම ගණනයේදී 1989 සිට ගණන් හැදුවේ දත්ත තිබෙන්නේ එම වසරේ සිට නිසා. ඒ වෙද්දී ලංකාවේ භාණ්ඩාගාර බැඳුම්කර තිබුණේ නැහැ. මුලින්ම බැඳුම්කර නිකුත් කළේ 1997දී. සාමාන්‍යයෙන් බැඳුම්කර පොලිය බිල්පත් පොලියට වඩා වැඩියි. ඒ නිසා, බැඳුම්කර වල ආයෝජනය කිරීමෙන් මීටත් වඩා ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්.
අනෙක් විකල්පය කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කරන එක. සමස්ත කොටස් මිල දර්ශකයේ වර්ධනය අනුව, 1989දී රුපියල් 100ක් ආයෝජනය කළේනම්, එම මුදල 2024දී රුපියල් 9,018ක් වෙලා. මීට අමතරව වාර්ෂිකව ලාභාංශ ආදායම් ලැබෙන බැවින් සම්පූර්ණ ප්‍රතිලාභය මීට වඩා වැඩියි.
පසුගිය අර්බුද සමයේ ඇතැම් අය රුපියල් ඩොලර් වලට මාරු කළා. ඩොලර් කියන්නෙත් රුපියල් වගේම වටිනාකම අඩු වෙන මුදලක්. නමුත් රුපියලට සාපේක්ෂව ඩොලරයක වටිනාකම දිගින් දිගටම ඉහළ යනවා. 1989දී කවුරු හෝ කෙනෙක් රුපියල් 100ක් ඩොලර් කළේනම්, 2024දී එම ආයෝජනයේ වටිනාකම රුපියල් 731ක් වෙලා. එහෙත් එයින් උද්ධමනය නිසා සිදු වූ හානිය ආවරණය වන්නේ නැහැ.
අපි හිතමු මේ විදිහට ඩොලර් කිරීමෙන් පසුව එම ඩොලර් වලින් රන් මිල දී ගත්තා කියලා. මම දන්නා තරමින් ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුට මෙහෙම කරන්න පුළුවන්කමක් නැහැ. නමුත් අපි එහෙම හිතමු. ඉන් පසුව 2024දී නැවත රන් ඩොලර් කරලා ඩොලර් රුපියල් කරනවා. එසේ කළේනම්, 1989 රුපියල් 100ක මුදල 2024දී 3,696ක් වෙලා. එයින් උද්ධමනයේ හානිය ආවරණය වෙනවා. නමුත් කොටස් වෙළඳපොළ හෝ රාජ්‍ය සුරැකුම්පත් බැඳුම්කර ආයෝජන තරමට වාසියක් නැහැ.
රන් වෙළඳපොළ ජාත්‍යන්තර වෙළඳපොළක්. ලංකාවේ රන් නිපදවන්නේ නැහැ. ඒ නිසා, ලංකාවේ රන් මිල නිර්ණය වෙන්නේ ජාත්‍යන්තර මිල සහ ඩොලරයක මිල මත කියා හිතන්න පුළුවන්. ඒ නිසා, ලංකාවේ රන් මිල වැඩි වීමද ඉහත අනුපාතයට සිදු වී ඇතැයි උපකල්පනය කරන්න පුළුවන්.
නමුත් ලංකාවේ ගොඩක් අය රන් කියලා මිල දී ගන්නේ රන් ආභරණ. ඒවා විකුණන්නේ රන් මිලට වැඩ කුලිය එකතු කරලා. රන් ආභරණයක් උගස් තියද්දී හෝ විකුණද්දී එහි වැඩ කුලිය කොටස ආපසු ලැබෙන්නේ නැහැ. ආපසු ලැබෙන්නේ රන් වටිනාකම පමණයි. ඒ නිසා, පාඩුව මීට වඩා වැඩියි. වැඩ කුලිය ගියාට පස්සේ උද්ධමනයේ පාඩුව වුනත් පියවෙන්නේ නැති විය හැකියි.
ඉහත ආයෝජන වල වාර්ෂික සාමාන්‍ය ප්‍රතිලාභය (ජ්‍යාමිතික සාමාන්‍ය අගය) මෙලෙස සාරාංශගත කළ හැකියි.
1989-2024 සාමාන්‍ය උද්ධමනය - 9.65%
භාණ්ඩාගාර බිල්පත් පොලිය - 12.95%
කොටස් වෙළඳපොළ - 13.73% + ලාභාංශ
ඩොලර් නෝට්ටු - 7.00%
රත්තරන් - 10.85%
උද්ධමනය සාමාන්‍ය මට්ටමක තියෙද්දී පොලී අනුපාතික තියෙන්නේ ඊට වඩා ඉහළින්. ඉහත සාමාන්‍ය අගයයන් දෙස බැලුවත් බිල්පත් පොලිය සහ උද්ධමනය අතර 3.3%ක පරතරයක් දකින්නට ලැබෙනවා. බැඳුම්කර පොලිය මීටත් වඩා වැඩියි. නමුත් උද්ධමනය විශාල ලෙස ඉහළ ගිය විට ඊට අනුරූපව පොලී අනුපාතික වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, ඇත්තටම හානියක් වෙන්නේ උද්ධමනය විශාල ලෙස ඉහළ ගිය විටයි. උද්ධමනය පහළ ස්ථාවර මට්ටමක ඇති විට එවැනි හානියක් වෙන්නේ නැහැ. මහ බැංකුවක වගකීම වන්නේ උද්ධමනය පහළ ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමයි.
මේ සටහනේ වගේම පෙර සටහනේත් ඇති විශ්ලේෂණ හා එම විශ්ලේෂණ මත පදනම් වූ නිගමන පාදක වෙන්නේ අදාළ ආයෝජන වල අතීත හැසිරීම් මතයි. අතීතයේ සිදු වූ දේ අනාගතයේදීද ඒ අයුරින්ම සිදු වීම අනිවාර්යතාවයක් නෙමෙයි. ඒ නිසාම, මෙම සටහන් කිසිසේත්ම ආයෝජන උපදේශන නෙමෙයි. තමන්ට ගැලපෙන හොඳම ආයෝජන තෝරා ගැනීම තමන් විසින් සිතා බලා කළ යුතු දෙයක්.
ඉකොනොමැට්ටා,
ReplyDeleteලංකාවේ විදුලි වාහන නිෂ්පාදනය කරන කර්මාන්ත ආරම්භ කරන්න එක්සත් ජනපද ආයෝජන ලබාගන්න පුළුවන්ද? අර BYD යුරෝපීය එකලස් කම්හල් තරමට නැතත් ඔය පොඩි වාණිජ වාහන අඩුම තරමේ විදුලි ත්‍රීවීල් හරි හදන්න බැරිද?
දැන් ලංකාවේ පාරවල් දිහා බැලුවම, හැමතැනම දකින්න ලැබෙන්නේ ලංකාවේ අංක එකේ වාහන සන්නාමය වෙන BYD විදුලි වාහන (EV) සහ හයිබ්‍රිඩ්
මේක හුදෙක් වාහනයක් විකිණීමක් විතරක් නෙවෙයි, ලංකාවේ මෝටර් රථ වෙළඳපොළේ ඇතිවෙමින් පවතින විශාල පරිවර්තනයක සලකුණක්.
BYD හි නැගීමට හේතු මොනවාද?
මට හිතෙන විදියට අහඹු වාසිය සහ වටිනා වාහන අඩු මිල ගණන් වලට දීම, මෑතකදී ජපන් පෙට්‍රල් වාහනවල මිල ගණන් (ප්‍රිමියෝ, ඇලියොන් වැනි) අසාමාන්‍ය ලෙස ඉහළ යද්දී, JKH (John Keells Holdings) වැනි දැවැන්ත ආයතනයක් ලංකාවට ගෙනා BYD වාහන, අඩු මිලකට සහ නවීන තාක්ෂණයෙන් යුතුව වෙළඳපොළට පිවිසීම පාරිභෝගිකයන්ට විශාල සහනයක් වුණා. "වැල්ලේ බබරේ කැරකුනා වගේ" හැමතැනම BYD පෙනෙන්න පටන් ගත්තේ ඒ නිසයි!
බීවයිඩී ගෝලීය නායකත්වය 2024 වන විටත් ලෝකයේ වැඩිපුරම අලෙවි වන විදුලි රථ සන්නාමය BYD වීම, ලාංකිකයන් අතර ඔවුන් කෙරෙහි තිබූ විශ්වාසය තවත් වැඩි කළා. චීන සන්නාමයක් ගැන තිබූ පරණ මිත්‍යා මත බිඳ දමන්නට මෙය පිටිවහලක් වුණා.
ලංකාවේ JKH හි විශ්වසනීයත්වය: ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරයක් වන John Keells හි අනුග්‍රහය, BYD වැනි චීන සන්නාමයකට මෙරට ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට විශාල ශක්තියක් වුණා.
ජනතා මානසිකත්ව වෙනස: දශකයක් තිස්සේ Nissan Leaf වැනි EV ගැන කතා කළත්, ලංකාවේ "ICE (ඉන්ධන වාහන) මානසිකත්වය" වෙනස් කරන්නට BYD ට හැකි වුණා. ඔවුන්ගේ දිගු පරාසය, Blade බැටරි තාක්ෂණය, ආකර්ශනීය මෝස්තරය සහ දැරිය හැකි මිල නිසා EV යනු අනාගතය පමණක් නොව, වර්තමානය බවට පත්වුණා.
ලංකා සමාජීය බලපෑම: සෙලිබ්‍රිටිලා සහ සමාජ බලපෑම් කරන්නන් පවා BYD වාහන සමඟ ඡායාරූප පළ කිරීමත් සමඟ, මෙය නවීන ජීවන රටාවේ සංකේතයක් බවට පත් වුණා.
අතහැරුණු අවස්ථා සහ අනාගත අභියෝග ගැන කියද්දී...විහිළුවක් වගේ වුණත්, මුලින්ම BYD නියෝජිත අයිතිය තිබුණ Laughs සහ DIMO වැනි සමාගම්, "රත්තරන් බිත්තර දාන කිකිළිව අතහැර දැමූ" බවට අද කණගාටු වෙනවා ඇති. විශේෂයෙන් DIMO, Tata සහ BYD අතර තෝරා ගැනීමකදී Tata තෝරා ගැනීමත් සමඟ
BYD වාහන ලංකාවේ ප්‍රවාහන බලශක්ති ක්ෂේත්රයේ විශාල වෙනසක නියෝජිතයා බවට පත් වී තිබෙනවා. 2025 අවසන් වන විට, BYD ලංකාවේ වැඩිපුරම දුවන EV එක බවට පත් වී, Leaf වාහනය පරදවා කිරුළ දිනා ගැනීම ඉතාම පැහැදිලියි. JKH හටත් මේ වසරේ වැඩිම ලාභය ගෙන දෙන ව්‍යාපාර ඒකකය BYD වේවි.
හැබැයි, මේ ජයග්‍රහණය දිගටම පවත්වා ගන්න නම්, JKH මේ වන විටත් අලෙවියෙන් පසු සේවාවන් (After-Sales Services) ශක්තිමත් කිරීමට සූදානම් විය යුතුයි. බැටරි කළමනාකරණය, අමතර කොටස් සහ පළපුරුදු කාර්මික ශිල්පීන් සිටීම, BYD හි දිගුකාලීන සාර්ථකත්වයට අත්‍යවශ්‍යයි.
ලංකාවේ මෝටර් රථ ක්ෂේත්රයේ ඇති වූ මේ ආකර්ෂණීය වෙනස ගැන ඔබේ අදහස් මොනවාද?
මේ ඉකොනො කියලා තියෙන දේවල් නං කරොත් බංකොලොත් වෙන්න තමා වෙන්නේ.
ReplyDeleteආ යෝජන ලා දම් පාටයි
ReplyDeleteතුවක්කුවට ඔබ හැඩ පාටයි
@ Economatta
ReplyDeleteBased on the referenced social media post from Sri Lanka regarding educational reforms, could you provide a detailed perspective on how Sri Lanka should implement effective educational reforms to address current challenges and enhance its education system? Probably in your next post (in detail)?
//අධ්‍යාපනයේ අනාගතය ගැන කතා කරද්දී, වත්මන් ජාතික ජන බලවේග රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා නොකරම බැහැ. මේ ප්‍රතිසංස්කරණවල ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන හරිනි අමරසූරියගේ ප්‍රවේශය, පුළුල් විවේචනයට ලක් විය යුතුමයි.
ඇයව හඳුන්වන්නේ "මූලික සන්නිවේදන කුසලතාවක් හෝ අධ්යාපනවේදය ගැන දැනුමක් හෝ නැති ඉතාමත්ම සාමාන්‍ය කලා උපාධිධාරී ඇන්ත්රෝපොලිජී මානවවිද්‍යාව හදාරපූ ඉතාමත්ම සාමාන්‍ය විවෘත විශ්ව විද්‍යාල දේශකවරියක් පමණයි" කියලයි. ඇය මානවවිද්‍යාව (Anthropology) පිළිබඳ ආචාර්ය උපාධිධාරිනියක් වුවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැනි සංකීර්ණ ක්ෂේත්රයක් සඳහා අත්‍යවශ්‍ය වන අධ්යාපනවේදය (Pedagogy) පිළිබඳ ඇයට නිසි දැනුමක් නැති බව ඇයගේ ක්රියාකලාපයෙන්ම පැහැදිලි වෙනවා. ඇය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අදහස් "ගිරවියක් වගේ වරද්ද වරද්දා ඔහේ දොඩවනවා පමණයි" කියන චෝදනාවට ලක්වන්නේත් ඒ නිසයි.
අපේ රටේ අනාගතය රැඳී තිබෙන්නේ විද්‍යාව, ගණිතය, ඉංජිනේරු, වෛද්‍ය වැනි STEM විෂයයන් සහ කළමනාකරණ, මූල්‍ය වැනි ක්ෂේත්රවල අධ්‍යාපනය දියුණු කිරීම මතයි. නමුත්, මානවවිද්‍යා පසුබිමක් ඇති හරිනි, මේ ක්ෂේත්රවල අධ්‍යාපනය දියුණුවට අවශ්‍ය පියවර ගැන කිසිම ආකාරයක ප්‍රායෝගික අවබෝධයක් නැති බව පේනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ හුදෙක් න්‍යාය පොත්පත්වලට සීමා වන දෙයක් නෙවෙයි, එය රටක අනාගතය තීරණය කරන ප්‍රායෝගික කාරණයක්.
අපේ ඉතිහාසයත් අන්න ඒ වගේ... ආචාර්ය ජයලත් මනෝරත්න "ගුරු තරුව" නාට්‍යයෙන් කී පරිදි, ඉතිහාසය අපේ "කොන්ද කෙළින් තියාගන්න" සහ "මැටි මුට්ටියට රත්තරන් පුරවගන්නවාද, අසූචි පුරවගන්නවාද" කියා තෝරාබේරා ගැනීමට අවශ්‍ය ප්‍රඥාව ලබා දෙන මූලාශ්‍රයක්. අද මේ ආණ්ඩුව ඉතිහාසය වැනි විෂයයන් අධ්‍යාපන ක්‍රමයෙන් ඉවත් කරන්න හදනවා. ඒකෙන් වෙන්නේ අපේ දරුවන්ට අතීතයෙන් පාඩම් ඉගෙන ගැනීමේ අවස්ථාව අහිමි කිරීමක්.
ඇමෙරිකාවේ professor වරයෙක් පවා කියන්නේ, ලංකාවේ විශ්වවිද්‍යාලවලින් ලැබෙන න්‍යායාත්මක දැනුම ඇමරිකාවේ ප්‍රමිතීන්ට වඩා ඉහළ මට්ටමක තිබුණත්, අපිට අඩු වෙලා තියෙන්නේ ප්‍රායෝගික පැත්ත කියලා. ඇමෙරිකානු අධ්‍යාපන ක්‍රමය ප්රායෝගිකත්වයට, නම්‍යශීලීත්වයට සහ ශිෂ්‍ය සහනාධාර හරහා ප්‍රවේශ වීමට ඉඩකඩ සලසනවා. NVQ වැනි සුදුසුකම් හොඳ වෘත්තීය පුහුණුවක් වුණත්, ඇමරිකාව හෝ යුරෝපය ඒවා STEM ක්ෂේත්රවල විශ්වවිද්‍යාල උපාධි ලෙස පිළිගන්නේ නැහැ. අපිට අවශ්‍ය වන්නේ මේ වෙනස්කම්වලදී නිවැරදි ප්‍රමුඛතා හඳුනාගෙන ක්‍රියා කිරීමයි.
ඒ නිසා, හරිනි අමරසූරියට කියන්න තියෙන්නේ, තමන් නොදන්නා "බහුබූත" නොදොඩා, මේ ගැන නිසි දැනුමක් තියෙන, අධ්යාපනවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ඇති, විශේෂඥයන් මේ සංවාදවලට සම්බන්ධ කරගෙන, ඔවුන්ට අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ දෙන ලෙසයි. රටක අනාගතය තීරණය කරන අධ්‍යාපන ක්ෂේත්රය මෙලෙස පුද්ගලික අදහස් සහ සීමිත දැනුම මත පදනම්ව වෙනස් කිරීමට උත්සාහ කිරීම, රටටත්, අනාගත පරපුරටත් කරන විශාල අපරාධයකි.
අපේ දරුවන්ගේ අනාගතය බිල්ලට දෙන්නට පෙර, මේ ප්‍රතිපත්ති පිළිබඳව නැවත සිතා බලන්න කියලා අපි රජයෙන් ඉල්ලා සීටින්නේ ඒකයි//
ඉකොනො මහත්මයා
ReplyDeleteදැං ට්‍රම්ප් උන්නැහෙගෙ සත්තමට ලංකාවට අානයන හා අනිකුත් බදු අඩු කරන්න වෙයි නේද?
එතකටාට ටෙස්ල වාහන චීන ev වලට වැඩිය ලාබ වෙයිද ලංකාවෙ.
මට එහෙම හිතෙනව. දැං මේ වාහන මිලට වඩා බදු නේ වැඩි.
ඒක තීරණය වෙන්නේ ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්තිය අනුවනේ. මට ඒ ගැන අදහසක් නැහැ. අනෙකුත් දේවල් සඳහා බදු අඩු කළත්, වාහන බදු විශාල ලෙස අඩු කරයි කියලා මම හිතන්නේ නැහැ.
Deleteඉකොනො මහත්මයා ඇමරිකන් ආණ්ඩුවේ ගජ මිතුරෙක් නේද
Delete@ Economatta
Deleteඇත්තටම ඇමරිකා ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් ලංකාවේ ආණ්ඩුවට දාපු තර්ජන නිසා බියට පත්වී ඇති ලංකාවේ වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව එක්සත් ජනපදයෙන් ලංකාවට කරන ආයෝජන වලට බදු සම්පූර්ණයෙන්ම ඉවත් කළොත් දැනට ලංකාවේ ඉතාමත්ම ජනප්‍රිය වී ඇති BYD ඇතුලු චීන විදුලි සහ හයිබ්‍රිඩ් වාහන වලට වඩා ලාබෙට ටෙස්ලා වාහන ලංකාවේ තිබේද? උදාහරණ විදියට BYD ඩොල්ෆින්, Atto 3, Sealion 6, Shark පිකප් ට්‍රක්රථය වගේ ඒවාට වඩා ලාබෙට මොඩල් 3, මොඩල් S, මොඩල් Y, මොඩ්ල් X සහ ටෙස්ලා සයිබර් ට්‍රක්රථය ලංකාව තුල බදු නැති තත්වයකදී මිලදී ගැනීමට හැකි වේද? චීන වාහන තරම් ලස්සන නැති නිසාත් එක්සත් ජනපද වාහන ලංකාවේ කොහොමත් ජනප්‍රිය නැති නිසාත් චීන වාහන තරම්වත් හොඳ නැති ලෙඩ ගොඩවල් කියලා මතයක් තිබෙන නිසාත් මේවාට BYD එක්ක තරග කරන්න පුළුවන්ද?
මේ ප්‍රශ්න ඉතා සංකීර්ණ නිසා ඒවාට සෘජුව "ඔව්" හෝ "නැහැ" යැයි පිළිතුරු දීමට අපහසුයි, මක්නිසාද යත් එයට දේශපාලනික, ආර්ථික, වෙළෙඳපොළ සහ තාක්ෂණික සාධක ගණනාවක් බලපාන බැවිනි. නමුත් කරුණු පැහැදිලිව විශ්ලේෂණය කර බලමු.
ජාත්‍යන්තර වෙළඳපොලේ ටෙස්ලා වාහන, විශේෂයෙන්ම Model S සහ Model X වැනි ඉහළ මාදිලි, BYD තරගකාරී මාදිලිවලට වඩා සැලකිය යුතු ලෙස මිල අධිකයි. Model 3 සහ Model Y වගේ අඩුම මිල ඒවා BYD සමහර මාදිලිවලට වඩා මිලෙන් වැඩි වුවද, ඉහළම ඒවාට සමීප විය හැකියි.
බදු සම්පූර්ණයෙන්ම ඉවත් කළහොත් වුවද, ටෙස්ලා වාහන, විශේෂයෙන්ම Model S, Model X සහ Cybertruck වැනි ඉහළ මාදිලි, BYD හි Dolphin, Atto 3 වැනි මධ්‍යම පරාසයේ මාදිලිවලට වඩා සැලකිය යුතු ලෙස මිල අධික වීමට ඉඩ ඇත.
කෙසේ වෙතත්, Tesla Model 3 සහ Model Y වල Standard Range මාදිලිවල මිල BYD හි Sealion 6 (Seal) වැනි ඉහළ මාදිලිවලට සමීප විය හැකියි. නමුත් "ලාබෙට" යන වචනයෙන් අදහස් කරන තරම් මිල අඩු නොවීමට ඉඩ ඇත.
ඇමරිකානු ආයෝජනවලට බදු ඉවත් කිරීම නිසා ටෙස්ලා කර්මාන්තශාලාවක් ලංකාවේ පිහිටුවුවහොත් ලැබෙන මිල මීටවඩා සහන මිලක් විය හැකියි. එහෙත් සාමාන්‍යයෙන් රටකට වාහන ආනයනය කිරීමේදී, විශේෂයෙන් සුඛෝපභෝගී වාහන සඳහා, වෙනත් විශේෂ බදු සහ ගාස්තු අය කෙරේ. ඒවා ඉවත් නොකරන්නේ නම්, ටෙස්ලා මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇත.
"චීන වාහන තරම් ලස්සන නැති නිසාත් එක්සත් ජනපද වාහන ලංකාවේ කොහොමත් ජනප්‍රිය නැති නිසාත් චීන වාහන තරම්වත් හොඳ නැති ලෙඩ ගොඩවල් කියලා මතයක් තිබෙන නිසාත් මේවාට BYD එක්ක තරග කරන්න පුළුවන්ද?"
පෙනුම (Aesthetics) "ලස්සන" යනු පෞද්ගලික සංකල්පයකි. කෙනෙකුට චීන EV වාහනවල සැලසුම ආකර්ශනීය විය හැකි අතර, තවත් කෙනෙකුට ටෙස්ලා හි අවමවාදී (Minimalist) සැලසුම ආකර්ශනීය විය හැකිය. කෙසේ වෙතත්, ටෙස්ලා වාහනවලට ලෝකයේ විශාල රසික පිරිසක් සිටින අතර, ඒවායේ නවීන හා futuristic පෙනුම බොහෝ දෙනා අගය කරති. BYD ද දැන් ඉතා ආකර්ශනීය මෝස්තර සහිත වාහන වෙළෙඳපොළට නිකුත් කරයි.
එක්සත් ජනපද වාහනවල ජනප්‍රියතාව (ශ්‍රී ලංකාවේ) අඩු වීමත් ලංකාවේ අතීතයේ සිටම ජපන් සහ ඇතැම් යුරෝපීය වාහන ප්රමුඛව තිබුණි. ඇමරිකානු වාහන (ෆෝඩ්, ජීඑම්සී චෙව්රෝලේ වැනි) එතරම් ජනප්‍රිය වී නොතිබුණේ ඒවායේ ඉහළ ආනයන බදු, ජපන් ඒවාට වඩා දෝෂ බහුල වීම, ඉන්ධන අධිපරිභෝජනය, අමතර කොටස් හිඟකම සහ සේවා ජාලයේ සීමාකම් හේතුවෙනි. නමුත් ටෙස්ලා යනු සාම්ප්‍රදායික ඇමරිකානු වාහන නිෂ්පාදකයෙකු නොවේ. එය ගෝලීය වශයෙන් විශාල ජනප්‍රියත්වයක් ඇති, සුවිශේෂී තාක්ෂණයෙන් යුත් සන්නාමයකි. එබැවින් සාම්ප්‍රදායික "ඇමරිකානු වාහන" කාණ්ඩයට ටෙස්ලා සම්පූර්ණයෙන්ම ඇතුළත් කළ නොහැක.
Deleteගුණාත්මකභාවය සහ "ලෙඩ ගොඩවල්" මතය, ටෙස්ලා වාහනවලට මුල් කාලයේදී Quality Control (තත්ත්ව පාලන) ගැටලු (Paint issues, panel gaps) පිළිබඳ විවේචන තිබූ බව සත්‍යයකි. නමුත් ඔවුන් ඒවා බොහෝ දුරට නිවැරදි කරගෙන ඇත. ටෙස්ලා මෘදුකාංග (Software), Autopilot වැනි ස්වයංක්‍රීය ධාවන හැකියාවන් සහ Supercharger ජාලය ඉතා ඉහළ තාක්ෂණික මට්ටමක පවතී. "ලෙඩ ගොඩවල්" යැයි පැවසීම තරමක් අතිශයෝක්තියක් විය හැකිය, නමුත් සමහර මාදිලිවල මුල් නිෂ්පාදනවල අඩුපාඩු වාර්තා වී ඇත.
චීන EV (BYD ඇතුළුව) චීන EV වාහනවල ගුණාත්මකභාවය ඉතා වේගයෙන් වැඩි දියුණු වී ඇත. BYD, GWM (Ora, Haval), Lynk & Co, Geely, Jtour, MG, JAC වැනි සන්නාම දැන් ලෝක වෙළෙඳපොළේ අතිප්රබල තරඟකරුවන් වන අතර, ඒවායේ ගුණාත්මකභාවය සහ විශේෂාංග බෙහෙවින් අගය කරනු ලැබීය. ටෙස්ලා තරම් දිගු කාලීන මෘදුකාංග සහ ස්වයංක්‍රීය ධාවන පද්ධතිවල අත්දැකීම් චීන EV වලට නොතිබුණත්, ඒවා ඉතාමත්ම විශ්වාසදායක සහ ගුණාත්මක නිෂ්පාදන බව ලොවට ඔප්පු කර ඇත.
BYD සමඟ තරග කිරීමේ හැකියාව:ලාබ මිල: බදු රහිත වුවත්, ටෙස්ලා ඉහළ මාදිලි BYD මාදිලිවලට වඩා මිල අධික වනු ඇත. Model 3 සහ Y වැනි මාදිලිවලට මිලෙන් තරඟ කිරීමට තරමක් හැකි වුවද, BYD හි මිල වාසිය ඉතාමත්ම ප්‍රබලයි.
සේවා ජාලය සහ අමතර කොටස්: චීන EV (විශේෂයෙන් BYD) ලංකාවේ බෙදාහරින්නන් හරහා සැලකිය යුතු සේවා ජාලයක් සහ අමතර කොටස් ලබා ගත හැකි තත්ත්වයක් ගොඩනඟා ගෙන ඇත. ටෙස්ලා ලංකාවේ නිල වශයෙන් නොමැති නිසා, සේවා ජාලයක් සහ අමතර කොටස් ලබා ගැනීම අභියෝගයක් විය හැකිය. මෙය පාරිභෝගික විශ්වාසයට බලපානු ඇත.
පාරිභෝගික මනාපය - ලංකාවේ පාරිභෝගිකයන් දැනටමත් චීන EV කෙරෙහි විශාල විශ්වාසයක් තබා ඇත. ටෙස්ලා ලංකාවේ වෙළෙඳපොළට තරගකාරීව පිවිසීමට නම්, මිල, සේවා සහ අමතර කොටස් ලබා ගැනීමේ හැකියාව මත ජනතා විශ්වාසය ගොඩනැගීමට සිදුවනු ඇත.
තාක්ෂණය vs. දැරිය හැකි මිල: ටෙස්ලා හි ප්‍රධාන ශක්තිය වන්නේ එහි අති නවීන තාක්ෂණය, කාර්ය සාධනය සහ සන්නාම වටිනාකමයි. BYD හි ශක්තිය වන්නේ දැරිය හැකි මිලකට උසස් තත්ත්වයේ EV ලබා දීමයි. මේවා විවිධ පාරිභෝගික කොටස් ඉලක්ක කරන බැවින්, කෙලින්ම "තරඟ කරනවාද" යන්නට වඩා "විවිධ අවශ්‍යතා සපුරාලනවාද" යන්නත් වැදගත්
කෙසේ වෙතත්, ටෙස්ලා වාහනවලට බදු සම්පූර්ණයෙන්ම ඉවත් කළහොත් වුවද, ටෙස්ලා මාදිලි BYD හි මධ්‍යම මට්ටමේ මාදිලිවලට වඩා ලාභදායී වීමට කිසිදු ඉඩක් නැත. Model 3 සහ Model Y වැනි මාදිලිවලට BYD හි ඉහළම මිල මාදිලි සමඟ යම් මිල තරඟයක් දීමට හැකි වුවද, ඒවා "ලාබෙට" ලැබෙනු ඇතැයි පැවසීම අසත්‍යයකි.
තවද, ටෙස්ලා වාහනවලට "චීන වාහන තරම්වත් හොඳ නැති ලෙඩ ගොඩවල්" යැයි පැවසීම අසාධාරණය. ටෙස්ලා යනු ගෝලීය EV වෙළෙඳපොළේ ප්‍රමුඛයා වන අතර ඉහළ තාක්ෂණයක් සහ කාර්ය සාධනයක් ඇත. කෙසේ වෙතත්, සේවා ජාලය සහ අමතර කොටස් ලබා ගැනීමේ හැකියාව වැනි ප්‍රායෝගික සාධක නිසා, ටෙස්ලාට ලංකාවේ BYD වැනි චීන සන්නාම සමඟ තරඟ කිරීමේදී අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇත. අවසානයේදී, තෝරා ගැනීම පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ හැකියාව, සන්නාම මනාපය සහ සේවා අවශ්‍යතා මත රඳා පවතී.
මේ ගැන ඔබේ අදහස මොකක්ද? මේ ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?