පසු ගිය (2024) වර්ෂයේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 29,899ක්. රටේ ජනගහණය මිලියන 21.9ක්. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය රුපියල් 1,364,235ක්. ඒ කියන්නේ රටේ දළ දේශීය නිෂ්පාදිතය රටේ සෑම පුරවැසියෙකු අතරම එක සමානව බෙදී ගියේනම්, එක් අයෙකුගේ කොටස තමයි ඔය ප්‍රමාණය. හතර දෙනෙක් සිටින නිවසක පංගුව රුපියල් ලක්ෂ 54ක් පමණ. මාසයකට ලක්ෂ හතර හමාරක් පමණ.
පසු ගිය වසරේ පුද්ගල ආදායම් බදු ගෙවිය යුතු අවම සීමාව තිබුණේ රුපියල් ලක්ෂ 12 මට්ටමේ. ඒ කියන්නේ රටේ සෑම පුද්ගලයෙකුටම රටේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයට සමාන ආදායමක් ලැබුනේනම්, රටේ සෑම දෙනෙකුම ආදායම් බදු ගෙවන්නෙක් කියන එකයි.
මේ විදිහට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරලා තියෙන්නේ දදේනිය රටේ මුළු ජනගහණයෙන් බෙදලා. එම ගණනට අලුත ඉපැදුනු බිළිඳුන් පවා අයිතියි. නමුත් රටේ සිටින ආදායම් උපයන්නන් ප්‍රමාණය රටේ ජනගහණයට වඩා ගොඩක් අඩුයි. පසුගිය වසරේදී කුමක් හෝ රැකියාවක් කළේ මිලියන 21.9ක ජනගහණයෙන් මිලියන 7.9ක පිරිසක් පමණයි. රැකියා නොකරන, එහෙත් වත්කම් වලින් ආදායම් උපයන අයද සිටින නිසා කිසියම් හෝ ආදායමක් ඉපැයූ පිරිස මීට වඩා තරමක් වැඩි ඇති. මේ ආදායම් උපයන්නන් ප්‍රමාණය මිලියන 10ක් සේ සැලකුවත්, එක් ආදායම් උපයන්නෙකුගේ සාමාන්‍ය වාර්ෂික ආදායම රුපියල් මිලියන 3ක් පමණ විය යුතුයි. ඒ කියන්නේ මාසයකට ලක්ෂ දෙක හමාරක්.
නමුත් බදු ගෙවද්දී පෙන්වන ආදායම් දිහා බැලුවොත්, මාසයකට රුපියල් ලක්ෂය ඉක්මවන ආදායම් උපයන අය ඉන්නේ ඉහත ඇස්තමේන්තුවට වඩා ගොඩක් අඩුවෙන්. එහෙමනම්, රටේ දළ දේශීය නිෂ්පාදිතය ආදායමක් වී තිබෙන්නේ කාගේද?
රටේ දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ රටේ කාට හෝ ලැබුණු ආදායම් වලද එකතුවයි. රුපියල් බිලියන 29,899ක් වූ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ආදායම් ප්‍රභව වලට විභේදනය කළ විට දැකිය හැක්කේ මෙවැනි තත්ත්වයක්.
ශ්‍රමිකයින්ගේ වැටුප් හා අනෙකුත් ලැබීම් - රුපියල් බිලියන 7,645 (25.6%)
සමාගම් වල අතිරික්තය - රුපියල් බිලියන 9,218 (30.8%)
මිශ්‍ර ආදායම් (තනි පුද්ගල ව්‍යාපාර වල ලාභ) - රුපියල් බිලියන 10,196 (34.1%)
භාණ්ඩ හා සේවා මත අය කළ බදු - රුපියල් බිලියන 2,840 (9.5%)
දැන් මේ ශ්‍රමිකයින්ගේ වැටුප් හා අනෙකුත් ලැබීම් ප්‍රමාණය වන රුපියල් බිලියන 7,645 රටේ ශ්‍රම බලකාය වූ මිලියන 7.9න් බෙදුවොත්, එක් ශ්‍රමිකයෙකුගේ මාසික ආදායම ආසන්න වශයෙන් රුපියල් 80,000ක් පමණ වෙනවා. එම ගණන රටේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මෙන් පුදුම හිතෙන ගණනක් නෙමෙයි. ඒ නිසා, වැටුප් ශ්‍රමිකයින් අතර, මාසික ආදායම අවම බදු සීමාව ඉක්මවන අය මහා ගොඩක් නැති වෙන්න පුළුවන්. ඒ අයට බොහෝ විට පුද්ගල ආදායම් බදු ගෙවන්න වෙනවා. වංගු ගහන්න අමාරුයි. ඊට අමතරව වක්‍ර බදු ගෙවීම මගින් භාණ්ඩ හා සේවා මත අය කළ බදු කොටසටත් දායක වෙන්න සිදු වෙනවා.
රටේ සමස්ත ආදායමෙන් ශ්‍රමිකයින් විසින් ලබා ගන්නා කොටසටත් වඩා වැඩි කොටසක් සමාගම් වල අතිරික්තයයි. නමුත් මේ කතා කරන්නේ විධිමත් ලෙස ලියා පදිංචි කළ සමාගම් ගැනයි. ඒ සමාගම් වලටත් ආදායම් බදු ගෙවන්න සිදු වෙනවා. 2024දී සමාගම් විසින් ගෙවූ ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 584ක්. එය ඉහත ඇස්තමේන්තුවෙන් 6.3%ක් පමණයි. මෙම අනුපාතය සමාගම් බදු අනුපාතිකයට වඩා බොහෝ අඩුයි. ඊට හේතුව බදු අය කරන්නේ ගිණුම්කරණ ලාබ මත වීම සහ ගිණුම්කරණ ලාබ පෙන්වීමේදී වංගු ගැසිය හැකි නීත්‍යානුකූල (හා එසේ නොවන) ක්‍රම තිබීමයි.
ලංකාවේ කොටස් වෙළඳපොළෙහි ප්‍රමාණය (වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය) පසුගිය වර්ෂයේදී රුපියල් බිලියන 1,447කින් ඉහළ ගියා. මෙම අගය දළ වශයෙන් කොටස් වෙළඳපොළ ලියාපදිංචි සමාගම් වලින් රටේ දළ දේශීය නිෂ්පාදිතයට එකතු කළ කොටස සේ සලකන්න පුළුවන්. එසේ සැලකුවහොත්, එම අගය රටේ සමාගම් වල ලාභ වලින් 15.7%ක් පමණයි. කෙතරම් විවේචන කළ හැකි වුවත්, කොටස් වෙළඳපොළ සමාගම් සාමාන්‍යයෙන් සැලකිය යුතු තරමේ නියාමනයකට භාජනය වෙනවා. මෙවැනි පොදු සමාගම් වැඩිපුර ලාබ ගන්නවානම්, කැමති ඕනෑම අයෙකුට කොටස් මිල දී ගෙන ඒ ලාබ බෙදා ගැනීම සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්.
නමුත්, ඉහත සංඛ්‍යාලේඛණ අනුව, ලංකාවේ පෞද්ගලික සමාගම් වල ලාබ වලින් 85%ක්ම තියෙන්නේ පොදු සමාගම් වලින් බාහිරව පෞද්ගලික ප්‍රාග්ධනහිමියන් සතුවයි. එම සමාගම් වල ලාබ බෙදා ගැනීම සඳහා රටේ ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න බැහැ. මේ සමාගම් වල ප්රාග්ධනය සම්ප්‍රේෂණය වන්නේ පරම්පරා උරුමය අනුවයි. වෙනත් විදිහකින් කිවුවොත් ලංකාවේ ආදායම් උපයන්නන් අතර ශ්‍රමිකයින් සහ ප්‍රාග්ධනහිමියන් ලෙස පැහැදිලි ලෙස වර්ග කර හඳුනා ගත හැකි දෙකොටසක් ඉන්නවා.
තමන්ගේ දක්ෂතාවයෙන් ආදායම් උපයා ධනවත් වීම සහ උරුමයෙන් ලැබුණු ධනයේ ප්රතිලාභ වල උදවුවෙන් තව තවත් ධනවත් වීම කියන්නේ කරුණු දෙකක්. පළමුවැන්න මෙන්ම දෙවැන්නද වැරැද්දක් නෙමෙයි. එහෙත් දෙවැන්නේදී සිදු වන්නේ පළමුවැන්නේදී මෙන් ධනය ඉපැයීමේ වැඩිම ශක්‍යතාවයක් ඇති පිරිස සතුව ධනය එක්රැස් වීමක්ද නෙමෙයි.
බදු ප්‍රතිපත්ති මගින් අන්තර්-පරම්පරා ධන සම්ප්‍රේෂණය පාලනය නොකරන්නේනම්, කාලයත් සමඟ සමාජයේ උපතින්ම ධනවතුන් හා උපතින්ම දුප්පතුන් ලෙස කොටස් දෙකක් ඇති වීම වලක්වන්න බැහැ. මේ කරුණ අමතක කර, නියාමනයෙන් තොරව, බදු ප්‍රතිපත්ති මගින් සිදු කරන මැදිහත්වීම් වලින් තොරව, සාධාරණ වෙළඳපොළ තරඟයක් ඉබේම ඇති වී රටේ ඕනෑම කෙනෙකුට ධනවතෙකු වීමට ඉඩකඩ විවර වේයැයි කවුරු හෝ හිතනවානම්, ධනවතුන් විසින් දුප්පතුන්ට පුණ්‍යාධාර ලෙස තමන්ගේ ධනය බෙදා දී දුප්පතුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මත පමණක් විශ්වාසය තබනවානම්, එය මනෝරාජික, මූලධාර්මික අදහසක් පමණයි.
ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සමාගම් වල ලාභ සේ යන කොටසටත් වඩා වැඩි කොටසක් යන්නේ මිශ්‍ර ආදායම් ලෙසයි. ඒ කියන්නේ ශ්‍රමයේ සහ ප්රාග්ධනයේ පංගු පැහැදිලිව හඳුනා ගත නොහැකි ආදායම්. බදු නිසි පරිදි නොගෙවන ආදායම් බොහෝ දුරට තිබෙන්නේ මේ ගොඩේ. ලංකාවේ බදු ආදායම් අඩු වීමට ප්‍රධාන හේතුව වන්නේද මේ කොටසයි. ඒ කියන්නේ වෙනත් අයෙකු හෝ සමාගමක් වෙනුවෙන් සේවය කර විධිමත් වැටුපක් ලබා නොගන්නා අතරම තමන්ගේ ආදායම් මාර්ගය ව්‍යාපාරයක් සේ ලියාපදිංචි කර නොමැති පිරිස. රටේ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යද්දී එයින් වැඩිම පංගුවක් අත්පත් කර ගන්නේ මේ පිරිසයි. රජය හමුවේ ඇති ප්‍රධානම අභියෝගයක් වන්නේ මේ කාණ්ඩය තුළ ඇති ආදායම් මත ගෙවිය යුතු බදු නිසි සේ අය කර ගැනීමයි. එය කළ හැක්කේ ඕනෑම තනි පුද්ගල ව්‍යාපාරික කටයුත්තක් ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීම සහ එම ලියාපදිංචිය අලුත් කිරීමේ කොන්දේසියක් ලෙස බදු ගොනු කිරීම අනිවාර්ය කිරීම මගින් පමණයි.
ඉන්ටකුලර්
ReplyDeleteඉකොනොමැට්ටා
ReplyDeleteඔබේ අදහස් සහ නූතන ලෝකය සහ ලංකාව දිහා විවෘතව බැලුවම පේන විදියට ලංකාවේ වත්මන් ආර්ථික යථාර්ථය දෙස බලන විට, පැහැදිලි වන්නේ රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) උපදින ධනය, බහුතර පොදු ජනතාව අතර සාධාරණව බෙදී නොගොස්, වසන්ත සමරසිංහ, අනුර කුමාර, වටගල ආදී ජාතික ජන බලවේග නායකයන්, රාජපක්ෂ පවුල වැනි හිටපු පාලකයන් ඇතුළු සුළුතර ධනවත්ම ව්‍යාපාර හිමිකරුවන් වෙතට විතැන් වී ඇති බවයි. මෙම ආර්ථික විෂමතාවය තීව්ර කරන ප්‍රධාන සාධකය වී ඇත්තේ, පෞද්ගලික අංශයේ රැකියා කරන මධ්‍යම පාන්තිකයන්ගෙන් පමණටත් වඩා අධික ලෙස බදු අය කරමින් ඔවුන්ව සූරාකන ආණ්ඩුව, සැබෑ ලෙසම විශාල වත්කම් හිමි වසන්ත සමරසිංහ හෝ රාජපක්ෂ පවුල වැනි අයථා ලෙස උපයාගත් අයගේ වත්කම්වලට සාධාරණ බදු අය නොකිරීමයි. මෙම විකෘති ආර්ථික රටාව හේතුවෙන් මෙරට තරුණ සහ බුද්ධිමත් ශ්‍රම බලකායට මව්බිම හැර යාමට සිදු වී ඇති අතර, එය විදේශගත ලාංකික ප්‍රජාව වෙත ඇතිවී තිබෙන බලපෑම පිළිබඳව ගැඹුරින් විමසා බැලිය යුතුයි.
ලංකාවේ මෙම විෂමතාවය අපට සිහිගන්වන්නේ වසර දෙසීයකට පමණ පෙර යටත්විජිත අධිරාජ්‍යවාදී යුගයේ යුරෝපීය රටවල් තම පැවැත්ම හා දියුණුව සඳහා භාවිතා කළ උපක්රමයන්ය. එකල, ආසියාව ආදී සම්පත් බහුල, නමුත් තාක්ෂණිකව දියුණු නොවූ රටවල් යටත් කරගෙන, මානව හා භෞතික සම්පත් සූරා කමින් තම මව්බිම් අලංකාරව දියුණු කළ ආකාරය ඉතිහාසය පෙන්වා දෙයි. ඔවුන් භාවිතා කළ එක් ක්‍රමයක් වූයේ වහල් සේවය වන අතර, අනෙක් උපාය මාර්ගය වූයේ යටත් විජිත රටවල් තුළ ප්‍රභූ පංතියක් හදා, ඒ අය හරහා තම දේශපාලන හා ආර්ථික උවමනා ඉටු කර ගැනීමයි.
දෙවන ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය මුල් කරගත් අධිරාජ්‍යය බිඳ වැටීමත් සමග, බටහිර රටවල් තම ආර්ථිකය යළි නගා සිටුවීමට නව උපාය මාර්ග භාවිතා කරන්නට පටන් ගත්තේය. එහිදී, ඔවුන් තම රටවල ජනතාව ප්‍රතික්ෂේප කරන සහ ඔවුන් අතරින් ඉල්ලුම් නැති (බර වැඩ, ගොවිපළ හා ධීවර වැනි වෙහෙසකර හා අවදානම් සහිත) රැකියා සඳහා කම්කරුවන්ට තම රටවල් වලට ඇතුළු වීමට ඉඩ දීම එක් ක්‍රමයක් විය. ඊටත් වඩා වැදගත් උපාය මාර්ගය වූයේ, දියුණු වෙමින් පවතින රටවල උගත්, බුද්ධිමත්, නිපුණතා සහිත තරුණ ශ්‍රම බලකායේ කොටස් විවිධ අයුරින් තම රටවල් තුළට ගෙනත්, ඔවුන්ගේ දැනුමෙන් හා ශ්‍රමයෙන් තම රටවල් දියුණු කර ගැනීමයි.
මෙන්න මේ උපාය මාර්ග දෙක හරහා එම රටවල් උපරිම දියුණුව කරා ළඟා කරගත් පසු, දැන් නවීන AI සහ Automation වැනි තාක්ෂණ සමඟ විදේශික ශ්‍රමිකයින්ගේ අවශ්‍යතාවය අවසන් අදියරේ පවතින බව පෙනේ.මෙම තත්ත්වය නිසාම අතිශය අවස්ථාවාදී කට්ට කයිරාටික බටහිර රටවල තක්කඩි පාලකයින් කුමන්ත්රණකාරී ලෙස බොරු ජාතිවාදී රැලි හරහා විදේශීය ජාතිකයන්ට විරුද්ධව "ජනතාව පෙළගස්වමින්" සිටින බවට එම රටවල සමාජය තුළ සිටින ආසියාතික සංකරමණිකයන් අතර ගොඩනැගී ඇත. මෙය හුදෙක් ආරම්භය පමණක් විය හැකි අතර, එහි අවසානය මහා ඛේදවාචකයක් විය හැකියි. ඉලෝන් මස්ක් වැනි පුද්ගලයන් මේ තත්ත්වයේ උඩින් පේන කෙනා පමණක් වන අතර, එම රටවල සිටින ඊටත් වඩා 'අමු තක්කඩි' ලිබරල්වාදීන්, ඔවුන් උඩින් කියන දේ නොව, ඇත්තටම ඔවුන්ට කරන්නට ඕන දේ කරමින් සිටින බවට වන විවේචනය, මෙම සමස්ත ගෝලීය සංක්‍රමණික දේශපාලනය පිළිබඳව අපට නැවත සිතන්නට ආරාධනා කරයි.
සමස්තයක් ලෙස ගත් කල, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආර්ථික විෂමතාවය සහ බදු පැහැර හැරීම නිසා රට හැර ගිය උගතුන්, බටහිර රටවල් විසින් තම වාසියට යොදාගෙන, දැන් එම ශ්‍රමයේ අවශ්‍යතාවය අවසන් අදියරට එළඹීමත් සමඟම, ඔවුන්ට එරෙහිව සමාජ රැලි නිර්මාණය වීමත්, ඉතිහාසයේ යටත්විජිත ක්රමවේදවලම නවීන ව්‍යාප්තියක් ලෙස දැකිය හැකියි. එමනිසා, ශ්‍රී ලංකාව තුළ යුක්ති සහගත ආර්ථික හා බදු ප්‍රතිපත්තියක් ගෙන ඒම අත්‍යවශ්‍ය වන අතර, එමගින් බුද්ධිමත් ශ්‍රම බලකාය රඳවා ගැනීම සහ විදේශගත ලාංකික ප්‍රජාවට නැවත මව්බිම කෙරෙහි විශ්වාසය තැබීමට හැකි වන වාතාවරණයක් නිර්මාණය කිරීම කාලෝචිත අවශ්‍යතාවයකි. මේ ගැන ලංකාවේ බහුතර ජනතාවගේ අවධානයට යොමු කළ යුතුය.
ඉකොනො, ඔය මනුස්සය මෝඩ හරකෙක්. මොනවදෝ වල්පල් ටිකක් කියෝල ඌටවත් තේරෙන්නෙ නැති මොනාද කියෝ කියෝ ඉන්නවා.
ReplyDeleteමේකට උදාහරණයක් දෙන්න පුලුවන්ද?
ReplyDelete//
ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සමාගම් වල ලාභ සේ යන කොටසටත් වඩා වැඩි කොටසක් යන්නේ මිශ්‍ර ආදායම් ලෙසයි. ඒ කියන්නේ ශ්‍රමයේ සහ ප්රාග්ධනයේ පංගු පැහැදිලිව හඳුනා ගත නොහැකි ආදායම්. බදු නිසි පරිදි නොගෙවන ආදායම් බොහෝ දුරට තිබෙන්නේ මේ ගොඩේ. ලංකාවේ බදු ආදායම් අඩු වීමට ප්‍රධාන හේතුව වන්නේද මේ කොටසයි. ඒ කියන්නේ වෙනත් අයෙකු හෝ සමාගමක් වෙනුවෙන් සේවය කර විධිමත් වැටුපක් ලබා නොගන්නා අතරම තමන්ගේ ආදායම් මාර්ගය ව්‍යාපාරයක් සේ ලියාපදිංචි කර නොමැති පිරිස. රටේ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යද්දී එයින් වැඩිම පංගුවක් අත්පත් කර ගන්නේ මේ පිරිසයි. රජය හමුවේ ඇති ප්‍රධානම අභියෝගයක් වන්නේ මේ කාණ්ඩය තුළ ඇති ආදායම් මත ගෙවිය යුතු බදු නිසි සේ අය කර ගැනීමයි. එය කළ හැක්කේ ඕනෑම තනි පුද්ගල ව්‍යාපාරික කටයුත්තක් ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීම සහ එම ලියාපදිංචිය අලුත් කිරීමේ කොන්දේසියක් ලෙස බදු ගොනු කිරීම අනිවාර්ය කිරීම මගින් පමණයි.
ටියුෂන් වැනි සේවාවන් සැපයීම. පුද්ගලයින් විසින් කරන විවිධ ව්‍යාපාරික කටයුතු. කෘෂිකාර්මික කටයුතු. ඔය වගේ පුළුල් පරාසයක දේවල්. වැටුප් නොවන පුද්ගල ආදායම් ප්‍රභව සියල්ලම වගේ.
Deleteකෘශිකාර්මික කටයුතුනම් නීතියෙන්ම ආදායම් බදුවලින් නිදහස් කරල තියෙන්නෙ මම දන්න විදියට. හැම එකටම බදු ගෙවන විදියටහදන්න ඕන කියන එකට එකඟයි. ඒකට හැබැයි ඉතින් ඉස්කෝලෙ අද්යාපනය දෙන්න ඕන බදු ගෙවීම පුරවැසි වගකීමක් කියල.
Delete//ඒකට හැබැයි ඉතින් ඉස්කෝලෙ අද්යාපනය දෙන්න ඕන බදු ගෙවීම පුරවැසි වගකීමක් කියල.//
Deleteප්‍රායෝගිකව එහෙම පුරවැසි වගකීමක් කියලා හිතලා මිනිස්සු බදු ගෙවන්නේ නැහැ. ගෙවන්නේ නොගෙවා බැරි නිසා. ඔය මිශ්‍ර ආදායම් කාණ්ඩයේ ආදායම් කොටස බදු වලට අල්ලන්න අමාරුයි. නමුත් රටක් ආර්ථික වශයෙන් දියුණු වෙද්දී ඔය මිශ්‍ර ආදායම් කොටස ටිකෙන් ටික අඩු වෙලා නැති වෙලා යනවා. එවිට බදු ආදායම් නිකම්ම ඉහළ යනවා. රටවල් ධනවත් වෙද්දී බදු ආදායම් ප්‍රතිශතය ඉහළ යන්න එක් ප්‍රධාන හේතුවක් මේක. ඒ නිසා, මෙය ලංකාව දැනට සිටින ආර්ථික අදියරේදී මතු වෙන සංක්‍රාන්ති ප්‍රශ්නයක්.
එහෙම හිතන මිනිස්සු (බහුතරය) ඉන්න රටවල් තියෙනව
Deletehttps://ja.m.wikipedia.org/wiki/%E5%9B%BD%E6%B0%91%E3%81%AE%E4%B8%89%E5%A4%A7%E7%BE%A9%E5%8B%99
Deleteඔබ කියා ඇති විදියට ලංකාවේ ආර්ථික දර්පණය දෙස බලන විට, අපට දකින්නට ලැබෙන්නේ සැබෑ අභියෝගය සැඟවී ඇති "මිශ්‍ර ආදායම්" නම් වූ අඳුරු කලාපය තුල බවයි. මෙම කලාපය, "ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සමාගම්වල ලාභ සේ යන කොටසටත් වඩා වැඩි කොටසක්" වන අතර, "ශ්‍රමයේ සහ ප්රාග්ධනයේ පංගු පැහැදිලිව හඳුනා ගත නොහැකි" ආදායම්වලින් සමන්විතය. බදු නිසි පරිදි නොගෙවන ආදායම් බහුතරයක් ඇත්තේ ද මේ ගොඩේ බව පැහැදිලියි. මෙම පිරිස, වෙනත් අයෙකු හෝ සමාගමක් වෙනුවෙන් සේවය කර විධිමත් වැටුපක් ලබා නොගන්නා අතරම, තමන්ගේ ආදායම් මාර්ගය ව්‍යාපාරයක් සේ ලියාපදිංචි කර නොමැති අයයි. රටේ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යද්දී එයින් වැඩිම පංගුවක් අත්පත් කර ගන්නේ මෙම පිරිස වන අතර, රජය හමුවේ ඇති ප්‍රධානම අභියෝගය වන්නේ මේ කාණ්ඩය තුළ ඇති ආදායම් මත ගෙවිය යුතු බදු නිසි සේ අය කර ගැනීමයි.
ReplyDeleteමෙම ආර්ථික විෂමතාවය තීව්ර වන්නේ, දේශපාලන වේදිකාවේ දිග හැරෙන 'මිත්‍යාවේ නාටකය' සමඟිනි. බොහෝ කලක් තිස්සේ "හොරු" යන හඬ නැඟූ වේදිකාවට, "අපි දුප්පත්, අපි නිර්ධන පංතියේ" යන සටන් පාඨය රැගෙන පැමිණි ජනතා විමුක්ති පෙරමුණ සහ මාළිමාවේ නායකයන්ගේ වත්කම් ප්‍රකාශන, ඔවුන්ගේ සරලත්වය පිළිබඳ මිත්‍යාව බිඳ දමා තිබේ: "අද අප දකින්නේ, මෙතෙක් කල් 'හොරු' යැයි චෝදනා කළ දේශපාලකයන්ටත් වඩා වෙනස් ආකාරයකින්, රහසිගතව වත්කම් ගොඩනගා ගත් පිරිසක් බවයි." නිදසුන් ලෙස, වත්මන් ජාජබ ඇමතිවරයකු වන වසන්ත සමරසිංහ මහතාගේ නිල වත්කම වන රුපියල් මිලියන 270ක් (දළ වශයෙන් පවුම් 675,000ක්) ලෙස සඳහන් වන විට, "ජීවිත කාලය පුරාම ආදායම් බදු ගෙවා නැති බවත්, TIN අංක පවා ලබාගෙන ඇත්තේ මීට මාස කිහිපයකට පෙර ඉතාම මෑතකදී බවත් පෙනී යයි." එසේම, කිසිදු බැංකු ණයක් නොගෙන කෝටි ගණන් ව්‍යාපාර කරමින් මහා ධනපතියන් වී සිටින මෙම "නිර්ධන පංති නායකයන්", ලියාපදිංචි ව්‍යාපාරයක් නොපෙන්වා සහ කිසිදු සේවකයෙකු යොදා නොගෙන (ETF/EPF ගෙවීම් සහිත) මෙම වත්කම් උපයාගත්තේ කෙසේද යන්න, "දශක තුනක් මුළුල්ලේ ව්‍යාපාර කළ රවී කරුණානායකගේ සම්පූර්ණ වත්කම් රුපියල් මිලියන 191ක් පමණ වන විට, කිසිදු ව්‍යාපාරයක් නැති බව කියන වසන්ත සමරසිංහට රුපියල් මිලියන 270ක වත්කම් ලැබුණේ කෙසේද යන්න, ජනතාව තුළ බරපතල ප්‍රශ්නයක් නිර්මාණය කර ඇත." මෙම විස්තර තවදුරටත් තහවුරු කරන්නේ, සමන්ත විද්‍යාරත්න වැනි අය ඉඩම් නොමැතිව වගාවෙන් මිලියන ගණන් ආදායම් පෙන්වීම සහ කොවිඩ් සමයේදී රටේ ජනතාව රන් උකස් කරද්දී, මෙම නායකයන් කෝටි ගණන් වටිනා රන් ආභරණ සංචිත එකතුකරගනිමින් සිටීමයි.
මෙම නායකයන් සතු වත්කම්, ශ්‍රී ලංකාවේ ආර්ථික විෂමතාවයේ තරම මනාව පෙන්වයි. "වසන්ත සමරසිංහට වඩා වත්කම් ඇති අය ලංකාවේ සිටින්නේ 13,000 ක් පමණක් බවත් මිලියන 22 (22,000,000) කට අධික අතිශය බහුතර ලාංකිකයන් ඊට වඩා බොහෝ දිළින්දන් බවත් මාධ්‍ය වල අනාවරණය වී තිබෙනවා." මෙම වත්කම් ගෝලීය වශයෙන් පවා අති විශාලය; වසන්ත සමරසිංහ මහතාගේ නිල වත්කම්, බ්‍රිතාන්‍යයේ ජනගහනයෙන් 96%ක් සතු වත්කම්වලට වඩා ඉහළ මට්ටමක පවතින අතර, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නිල වත්කම වන රුපියල් මිලියන 420ක් (ඩොලර් මිලියන 1.4ක් පමණ), සාමාන්‍ය ඇමරිකානු පවුලක ශුද්ධ වත්කමට වඩා 7 ගුණයකින් පමණ ඉහළය. මේ අනුව, "මෙම මුදල එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව වැනි ධනවත් රටවල සාමාන්‍ය පුරවැසියෙකුට පවා පහසුවෙන් උපයා ගත නොහැකි අති විශාල මුදලක් බව පැහැදිලියි."
අවසානයේදී, මෙම සමස්ත විෂමතාවයේ බර පැටවෙන්නේ සාමාන්‍ය ජනතාව මතයි. රජය විසින් රටේ ආදායම් අර්බුදයට පිළියම් සෙවීම සඳහා, බදු පැහැර හැර ඇති සුපිරි ධනවතුන්ගෙන් අය නොකර, පෞද්ගලික අංශයේ රැකියාවල නිරතව සිටින මධ්‍යම පාන්තිකයන්ගෙන් පමණක් අධික ලෙස බදු අය කිරීමට කටයුතු කිරීම යුක්තිසහගත නොවේ. එබැවින්, මෙම ගැටලුවට ඇති එකම සාධාරණ විසඳුම වන්නේ, සමාගම්වල ලාභ සේ නොදක්වන 'මිශ්‍ර ආදායම්' ඇතුළු බදු පැහැර හැර ඇති සියලුම සුපිරි ධනවතුන්ගෙන් බදු අය කර ගැනීමට, වත්කම් මත පදනම් වූ විධිමත් බදු ක්‍රමයක් හඳුන්වා දීමයි. මෙම පියවර හරහා, අනාගතයේදී "ඊළඟට එන සැබෑ, දූෂණයෙන් තොර ජනතා ආණ්ඩුවක්" විසින් මෙම අයථා ලෙස උපයාගත් වත්කම් පිළිබඳව නඩු පවරන විට, වත්මන් දේශපාලන නියෝජිතයන් ඇතුළු බදු පැහැර හැර ඇති සියලුම ධනවතුන් නීතිය හමුවට පැමිණෙනු ඇත. "දැන් ඒ මුදල් ඔවුන්ට තම දරුවන්ගේත්, පවුලේත් යහපතට යෙදවිය හැකියි" යන අදහසින් අවධාරණය වන්නේ, සැබෑ නිර්ධන පංති කම්කරුවා ලද විශාල ජයග්‍රහණය යනු බදු පැහැර හැර ඇති වසන්ත සමරසිංහ, අනුර කුමාර, රාජපක්ෂ පවුල, පොදුජන පෙරමුණේ එජාප සහ සජබ ඇතුලු පක්ෂ වල හිටපු දේශපාලුවන්, ජවිපෙ ජාතික ජන බලවේගයේ හදිසියේම ධනවත් වී ඇති මැති ඇමැතිවරුන් ඇතුලු දේශපාලුවන් වැනි විශ්මයජනක හදිසියේ පෝසත් වූ ධනවතුන්ගෙන් මෙන්ම එබඳු වෙනත් ක්ෂේත්‍ර වල ධනවතුන්ගෙන්ද සාධාරණ බද්දක් අය කර ගැනීම බවයි. මෙය නිවැරදියි නේද?
ඉකොනෝ, මේ සංවාදයට නව අංගයක් එකතු කරන්න මම කැමතියි, ඇත්තටම ලංකාවේ දේශපාලනය තුළ වඩාත් අප්‍රසන්න සහ සැක සහිත චරිත කාණ්ඩයක් සිටී. ඔවුන් ශ්‍රී ලංකාවට සැබැවින්ම ආදරය නොකරන, මව්බිමේ මිනිසුන්ට මොනවා වුවත් ගානක් නැති, තමන් ජීවත් වන රටේ සමාජීය ජීවිතයක් අහිමි වූ, එපමණක් නොව "සුද්දන් තමන් ගණන් ගන්නේ නැති නිසා" එම හිස්තැන පිරවීමට ලංකාවේ දේශපාලනයට එබෙන ඇතැම් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ය. (මෙම විග්‍රහය, රටට සැබවින්ම ආදරය කරන සහ දැක්මක් ඇති ඉකොනෝ වැනි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් උදෙසා නොවන බව අවධාරණය කළ යුතුය).
ReplyDeleteමෙම "සුද්දන් වීමට උත්සාහ කර අසාර්ථක වූ" පිරිසකගේ ජීවන ගමන අදියර ගණනාවකින් යුත් ඛේදනීය නාට්‍යයක් වැනිය. බොහෝ විට පහළ මැද පන්තියේ හෝ මැද පන්තියේ පසුබිමකින් පැමිණෙන ඔවුන්, ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ලද උපාධි කට්ටකට පින්සිදු වන්නට හෝ පැරණි සෝවියට් ශිෂ්‍යත්වයක් ලබාගෙන එය පෙන්වා හෝ, කට්ටක් කා හෝ නිවෙස් දොරවල් විකුණා හෝ විදෙස් රටකට පැනගන්නවා. මුල් කාලයේදී ඔවුන්ගේ උත්සාහය වන්නේ, ලංකාවේ මිතුරන්ට හා ඥාතීන්ට වඩා තමන් කොතරම් වාසනාවන්තදැයි පෙන්වීමට සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ "හෑලි" ලිවීමයි.
එහෙත් ටික කලකින්ම විදෙස් ජීවිතය තමන් හිතූ තරම් 'සුවපහසු' නැති බව ඔවුන්ට අවබෝධ වේ. නුහුරු දේශගුණය, සුද්දන් ගැවසෙන අවන්හල්වල නුහුරු සංගීතය සහ ආහාර සහ නීතිය පිළිබඳ නොදැනුවත්කම ඔවුන් නුහුරු සංස්කෘතියක අතරමං කර, පාලුවෙන් හා කාන්සියෙන් පෙළවයි. මේ දුෂ්කරතා ලංකාවේ මිතුරන්ට නොපෙන්වීමට ඔවුන් වගබලා ගත්ත ද, ඊළඟට ඔවුන් ප්‍රධාන උත්සාහයක නිරත වේ: ඒ, තමන්ගේ සිහින ප්‍රජාව වන සුද්දන් වීමට උත්සාහ කිරීමයි.
ඔවුන් සුද්දන් සමග මිත්‍ර වීමට වෙහෙසෙයි. මාලු ඇල්ලීමට නොදන්නා නමුත් ෆිෂිං ටූල්ස් මිලදී ගනී. සුද්දන්ගේ චිත්‍රපට, ගීත හා ආහාර උත්සාහ කර බලමින්, ඔවුන්ගේ විනෝදාංශ බලෙන් තමන්ගේ ජීවිතයට අල්ලා ගැනීමට උත්සාහ කළ ද, ඉතාම කෙටි කාලයකින් ඒ උත්සාහය අසාර්ථක වේ.
විශේෂයෙන්ම වර්තමාන බටහිර රටවල පැතිර යන දැඩි අන්තවාදී සුදු වර්ගවාදී ජාතිවාදී රැලි හමුවේ, "දුඹුරු හමට දැඩි පීඩනයක් සහ ප්‍රතික්ෂේප වීමක්" ඇති වී තිබේ. සුද්දන් ඔවුන්ව දකින්නේ තම රට, සංස්කෘතිය සහ රැකියා පැහැර ගැනීමට පැමිණි අමන පාදඩ තුප්පහි ආක්‍රමණිකයන් ලෙසිනි. ඒ නිසා සංක්‍රමණික ඔවුන් ඒ රටවල සුද්දන් සමග කොතරම් මිතුරු වීමට උත්සාහ කළත්, සුද්දන් ඔවුන්ව සත පහකට තබා අධෝ වාතයක් තරමටවත් ගණන් ගන්නේත් නැත. සුද්දන්ගේ චිත්‍රපට, ගීත සහ විනෝදාංශවලින් ඔවුන්ට "හුරු විනෝදය ලැබෙන්නේ නැත".
අන්න එතැනදී, ඔවුන්ට දරුණු හීනමානයක් ඇතිවේ. 'අපි මෙහෙම ඉන්න ඕන මිනිස්සු නෙවෙයි' යන හැඟීමත්, ලංකාවේදී තිබූ පිළිගැනීම සහ ගෞරවයත් මතක් වීම, පාලුව සහ කාන්සිය සමඟ එක් වී වේදනාකාරී හිස්තැනක් නිර්මාණය කරයි.
අන්න ඒ මොහොතේදී, ඔවුන් යළිත් ශ්‍රී ලංකාව දෙසට හැරෙනවා. ඔවුන්ගේ ශරීරය වෙනත් රටක තිබුණත්, සමාජ මාධ්‍ය යුගය නිසා ඔවුන්ට මානසිකව ලංකාවේ ජීවත් වීමට හැකියාව ලැබේ. ඔවුන්ගේ මිතුරු ලැයිස්තු ලාංකිකයන්ගෙන් පිරී යයි. මේ මොහොතේදී, ඔවුන් තමන්ගේ හීනමානය සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට අනුකම්පා කරන බව පෙන්වයි. "තමන් විඳින 'සැප' ශ්‍රී ලංකාවේ ජනතාවට උරුම කිරීම තමන්ගේ එකම බලාපොරොත්තුව බව" පෙන්නුවද, ඒ පසුපස තිබෙන්නේ සුද්දන්ගේ රටේ ශීතල දරාගත නොහැකි, ප්‍රතික්ෂේප වීමේ වේදනාව පිරුණු, තමන් ආස කෑම බීම අහිමි වූ, තමන්ගේ අතීත සමාජ ජීවිතය 'මිස්' වෙච්ච මිනිහෙක් පමණි.
මෙම අහිමි වූ 'ශ්‍රී ලාංකික ෆීල්' එක නැවත ලබා ගැනීමට, ඔවුන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ ප්‍රසිද්ධ 'පොරවල්' සමඟ මිත්‍ර වීමට උත්සාහ කරයි. දේශපාලකයන්, නළුවන්, ගායකයන්, යූටියුබ්කරුවන් මෙයට ඇතුළත් ය. ඔවුන් ජීවත් වන රටේ ආර්ථිකයට පින්සිදු වන්නට, ඔවුන් සතුව ඇති 'මුදල්' සාධකය මේ සඳහා යොදා ගනී. "ශ්‍රී ලංකාවේ මිලියනපතියන් වී ඉතාම සැප පහසු, ධනවත් ජීවිතයක් ගත කරන 'වස්ති' යූටියූබ්කරුවන්ට 'ලැප්ටොප්' එවනා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්" මේ සඳහා හොඳම උදාහරණයයි. ඔවුන් බලාපොරොත්තු වන්නේ, තමන්ට අහිමි වූ ගෞරවය දිනා ගැනීමට, "මේ බලන්න, අහවලා මගෙත් එක්ක මෙසේජ් කරනවා" කියා සමාජ ජාලා වල මිතුරන්ට පෙන්වීමට හැකි 'ශ්‍රී ලංකාවේ පොරක් වන මිනිහෙකුගේ මිත්‍රත්වය' පමණි. "ක්ලබ් වසන්තගේ බිරිඳට මුදල් එවනා ස්විට්සර්ලන්තයේ ජීවත් වන ග්‍රාමීය පසුබිමකින් පැවත එන කාන්තාවක්" ගේ කතාව, යථාර්ථය වූ ක්ලබ් වසන්තට වඩා තමන් සැපවත් බව ස්වයං බොරුවෙන් සතුටු වන හීනමානයක් පෙන්වයි.
Deleteමෙම මානසික ඇබ්බැහිය තවදුරටත් වර්ධනය වෙමින්, ඔවුන් ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සිට, ක්ෂණික විහිළුකරුවන්ගේ සිට, නයි නටවන්නන් පවා තමන් ජීවත් වන රටට ගෙන්වා, ඔවුන්ට මුදල් ලබා දී, තමන් දන්නා උසස්ම ආහාර සහ විස්කි ලබා දී, ඡායාරූප ලබා ගෙන, ශ්‍රී ලංකාව සමඟ මානසික බැඳීමේ වින්දනය ලබා ගනී. මෙය 'මත්ද්‍රව්‍යයකට' හුරු වීම වැනි ඇබ්බැහියක් වන අතර, "සුද්දන් ඔවුන්ට නිසි පිළිගැනීම දුන්නා නම්, ඔවුන් යළිත් ශ්‍රී ලංකාව දෙස හැරී බලන්නේ තමන්ගේ 'සැපවත්' ජීවිතය පෙන්වීමට පමණයි" යන්න මෙහි පවතින ගැඹුරුම සත්‍යයයි.
ඔවුන්ගේ දේශපාලනයත් එසේමයි. ඔවුන්ට ශ්‍රී ලංකාව ගැන ගැඹුරු දැක්මක් හෝ ස්ථාවර කියවීමක් නැත. ඔවුන්ගේ එකම දැක්ම වන්නේ, "අප විඳින 'සැප' ලංකාවේ අහිංසක දුප්පත් මිනිස්සුන්ටත් දෙන්න ඕන" යන්නයි.
ඔවුන්ට තමන්ගේ හීනමානයට නිවැරදිව කතා කරමින් ගොඩ ගිය අනුර කුමාර වැනි අයෙක් ඔවුන් තම දේශපාලන නායකත්වයට තෝරාගනී. ඔවුන්ට අවශ්‍ය වන්නේ "පොඩි කාලේ සෙල්ලම් ගෙවල් දාලා ගත්තු සතුට වගේ හැඟීමක්" ලබා ගැනීමයි. මේ සඳහා ඔවුන්ට ලැජ්ජා නැතුව කඩේ යන්න පුළුවන් ලංකාවේ පොරක් තෝරාගෙන, ඔහුට මුදල් දී, ඔහුට තම රටට ආරාධනා කර, තම වැඩ පාඩු කරගෙන ඔහුගේ දේශන අසා, සෙල්ෆි ගසයි. මේ සියල්ල අවසානයේ, ඔවුන්ගේ වාර්ෂික නිවාඩු සමය අල්ලා මැතිවරණය උදෙසා ශ්‍රී ලංකාවට පැමිණියද, "ඉන් බහුතරයක් සැබැවින්ම ඡන්ද පොලට යන්නේ හෝ නැහැ."
ඔවුන්ගේ සංස්කෘතික බැඳීම පිළිබඳව පහත දක්වන උදාහරණ තත්ත්වය වඩාත් හොඳින් පැහැදිලි කරයි: "ඕස්ට්‍රේලියාවේ ඉන්න බොහෝ ලාංකිකයෝ සිඩ්නි ඔපෙරා හවුස් එකේ කොන්සර්ට් වලට යන්නේ නෑ ජොලි සීයා / සමන් සිල්වා ඕස්ට්‍රේලියාවට ආවම වැල නොකැඩී යනවා... එංගලන්තයේ ඉන්න බොහෝ ලාංකිකයෝ ඉයන් ගිලන්, රෝයල් ඇල්බට් හෝල් එකේ සිං කරනව බලන්න යන්නේ නෑ නන්දා මාලනී එංගලන්තයට ආවම හවුස් ෆුල් වෙන්න යනවා." ඔවුන්ට "ඊගල්ස්, ගන්ස් ඉන් රෝසස්, ඩීප් පර්පල්, රෝලිං ස්ටෝන්ස්, පවරොත්ති ඔපෙරා ආදී ලංකාවේ ජනතාවට නොලැබෙන අන්දමේ ලයිව් කොන්සර්ට් වලට යන්න හැකියාවක් තිබුණත්, ඔවුන් යන්නේ නැත. ඔවුන්ට බටහිර රටවල් සහ බටහිර සංස්කෘතිය "පට්ට බෝරිං" වන අතර, ඔවුන් එහි රැඳී සිටින්නේ දරුවන්ගේ අධ්‍යාපනය හෝ සල්ලි හම්බවීම නිසා පමණි. ඔවුන් "කුඩා ශ්‍රී ලාංකික පොකට් හදාගෙන" ජීවත් වන අතර, මේ සියල්ල ඔවුන්ට අහිමි ශ්‍රී ලංකාවේ සමාජීය ජීවිතයේ හිස්තැන් පුරවා ගැනීමේ, රඟපෑම් සහ උත්සාහයන් පමණි. දේශපාලන මැදිහත්වීම ද ඔවුන්ගේ මෙම හීනමානය වසා ගැනීමේ ක්රියාවලියේම කොටසකි. මේ ගැන විස්තර සහිතව ලියන්න පුළුවන්ද ඉකොනෝ?
@ ඇනෝ
Deleteඔයා ඔය කියන කතාවල ඇත්තක් තියෙනවා, හැබැයි බටහිර රටවල යටිතල ව්‍යුහය එහෙම දැන් දැන් බොහෝ දුරට ලංකාවට සාපේක්ෂව සමාන වෙමින් ගැප් එක අඩු වෙනවා, අනෙක ලංකාවේ ආදායම් බදු වගේ දේවල් තව වැඩි නොකලොත් ජීවන වියදමත් එක්ක ඉතුරු කරන ගාන ලංකාවේ සහ ඕස්ට්‍රේලියාව වගේ රටවල ලොකු වැටුප් ලැබෙන අයට පවා ආසන්න වශයෙන් සමානයි. ඒ බදු සහ අධික ජීවන වියදම නිසා. නමුත් ලංකාවේ වාහන වල මිල එහෙම සෑහෙන අධිකයි, පෞද්ගලික අංශයේ වෛද්‍ය ප්‍රතිකාර, අධ්‍යාපනය වගේ දේවල් දැන් ඒ තරමටම ලොකු වෙනසක් නැති වෙමින් පවතින බව කියන්න ඕන, ඇත්තටම ගැප් එක අඩු වෙමින් පවතිනවා
මම දැන් ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. ඊට පෙර මම චීනයේ කාලයක් අධ්‍යාපනය ලැබූවා. ඔස්ට්‍රේලියාව තාක්ෂණය, පිලිවෙල , නගර සැලසුම් කරණය සහ විශේෂයෙන්ම පුද්ගල සෞඛ්‍ය වගේ ක්ෂේත්‍ර වලදි චීනයට සෑහෙන්න පිටු පසින්. චීනයේ වැඩ නම් ආයේ නෙක්ස්ට් ලෙවල්, එකම අවුල චීනයේ ප්රජාතන්ත්රවාදය අදහස් ප්‍රකාශ කිරීමට නිදහස වගේ දේවල් වලට ඇති බාධා තමයි, තනි පක්ෂ දේශපාලනයත් මම පෞද්ගලිකව අකමැති දෙයක්.
ලන්කාවෙ වගෙ රටවල උන්ගෙ අවුල තමයි සීමිත ලෝක පරාසයක් තියෙන්නෙ උන්ගෙ පරිකල්පනයෙ.
Deleteක්‍රීඩා නම් ක්‍රිකට්. ඔලිම්පික් නම් මලල ක්‍රීඩා. රස්සානම් දොස්තර. සංගීතයනම් සින්දු.
චීනේ හොදයි කිව්වම ඉකොනොමැට්ටාට අප්සෙට් ඇති
Delete