ගෙවුණු නොවැම්බර් මාසය තුළ ඩොලර් මිලියන 384.4ක ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලංකාවට ලැබී තිබෙනවා. මෙම ප්‍රමාණය පෙර වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව 42%ක වැඩි වීමක්ද, පෙර මාසයට සාපේක්ෂව 8%ක වැඩිවීමක්ද පෙන්නුම් කරන අතර, 2021 අගෝස්තු මාසයෙන් පසුව වාර්තා වන ඉහළම අගයයි.
ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඉහත මුදල ලැබෙද්දී, නොවැම්බර් මාසයේ සංචාරක ඉපැයීම්ද ඩොලර් මිලියන 107.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, අපනයන ආදායම් වලට අමතරව, ආනයන වෙනුවෙන් වැය කළ හැකි ඩොලර් මිලියන 492ක පමණ විදේශ විණිමය ප්‍රමාණයක් නොවැම්බර් මාසය තුළ ලංකාවට ලැබී තිබෙනවා.
නොවැම්බර් මාසය තුළ මහ බැංකුවේ සංචිත ප්‍රමාණය පෙර මාසය අවසානයේ පැවති ඩොලර් මිලියන 1,705 සිට ඩොලර් මිලියන 1,804 දක්වා ඩොලර් මිලියන 100කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වුවත්, මෙම සංචිත වලින් ඩොලර් බිලියන 1.4ක් පමණ චීනයෙන් මුදල් හුවමාරු ගිවිසුම යටතේ ලබාගත් මුදල්.
නොවැම්බර් මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 219ක් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබෙන අතර අත්‍යාවශ්‍ය ආනයන සඳහා පහසුකම් සලසමින් එම විදේශ විණිමය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 213ක් නැවත විකුණා තිබෙනවා.
අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දුර දක්නා නුවන නිසා විදේශ විනිමය ක්‍රමයෙන් වැඩිවෙනවා නේද සර්?
ReplyDeleteජේවීපීකාරයොන්ට දැන් ඉරිශියාවේ පැලෙනවා ඇති මේවා දැක්කම.
රට බේර ගන්න කෙනෙක් ගේන්න ඉස්සෙල්ලා මාසෙකට ඩොලර් මිලියන 700-800 ක් ලැබුණා. උන්ඩියල් ක්‍රමයෙන් ගෙවන වැඩි පුර ගාන රුපියල් 30 සිට 10 ට විතර බැහැල නිසා දේශප්‍රේමී ශ්‍රමිකයන් ආයිමත් ටික ටික බැංකු හරහා එවනවා වගේ. කොහොම වුනත් හොඳ ආරංචියක්.
ReplyDeleteඉයන් ලංකාවට හවාලා (උණ්ඩියල්) ක්‍රමයට මුදල් එවන වැඩේ උත්ප්‍රේරණය කරලා ඔය අධික ලෙස මුදල් ගෙවීම ක්‍රියාත්මක කළේ ඉන්දීය අන්ඩවර්ල්ඩ් එක හරහා භාරතීය බුද්ධි අංශ විසින්, විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ සහ දකුණු කොරියාවේ මෙන්ම ලොව පුරා ඇති ලංකාවට මුදල් එවන ප්‍රදේශ ඔවුන් විසින් ඉතා පුළුල් ලෙස කල්පනා කරලා කවර් කර තිබුණා, ලංකාවට බැංකු සේවා හරහා එවිය යුතු විදේශ මුදල් වලට සැලකිය යුතු වැඩි මිලක් නියම කරමින් හවාලා ක්‍රමය මගින් ලංකාවේ බ්ලැක් මාකට් එකේ ඇති රුපියල් ලාංකීය ශ්‍රමිකයින්ගේ පවුල් වලට ලබා දෙමින් ඔවුන් විසින් 2021 මැද භාගයේ සිට ඩොලර් බිලියන පහකට වඩා වැඩි මුදලක් එකතු කරගන්නා ලදී ලංකාවට භාරතයේ සිට භාණ්ඩ එවන අය හරහා මේ වෙනුවට භාණ්ඩ ලංකාවට එවමින් ලංකාවේ කලු ආර්ථිකය හරහා ඒ වෙනුවට පවුල් වල අයට රුපියල් ලබා දී ඇත. එවකට පැවති රජය උද්ධමනය ඉහළ යෑමත් සමඟ දැඩි ලෙස විවේචනයටලක් වී සිටි නිසාත් ඔවුන් රුපියල බලෙන්ම ඉහළ තබාගෙන ආනයනික භාණ්ඩ මිල පාලනය කරගන්න උත්සාහ කළ නිසා ඔවුන් බය නැතුව මේ වෙනුවෙන් අවදානමක් ගෙන කටයුතු කළා.
Deleteමෙසේ භාරතයේ වෙළඳ ප්‍රජාව විසින් එකතු කර ගත් මුදලින් භාරතයේ පෞද්ගලික අංශයේ විදේශ සංචිත ඉහළ ගිය ප්‍රමාණයෙන් කොටසක් භාරතීය රජය විසින් ලංකාවට ක්‍රෙඩිට් ලයින් එකක් හරහා භාරතයෙන් තවත් භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලබා දී ඇත.
මීට ආසන්නතම හේතු කාරණා වූයේ ලංකාවේ හිටපු නන්දසේන ජනපතිවරයා අගමැති මෝදිගේ සමීතමතම දකුණු අත බඳු වූ ආදානි සමූහ ව්‍යාපාරයට යහපාලන රජය සමයේ එකඟ වූ පරිදි කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ECT එක බද්දට ලබාදීම අත්හිටවූ එක, ඒ වගේම මන්නාරම හා පුනරින් මෙගා වොට් 500 බැගින් බලාගාර දෙකක් 1000 MW ඉදිකිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ප්‍රමාද කර නිව් පෝට්රස් එල් එන් ජී බලාගාරය ඉදිකිරිමට කුමන්ත්‍රණකාරී ලෙස කැසකැවීම, තවත් භාරතීය ව්‍යාපෘති ප්‍රමාද කරමින් අනවශ්‍ය ලෙස පෝට් සිටි, හම්බන්තොට ඩොලර් බිලියන පහකට අධික ෆ්‍රී ට්‍රේඩ් සෝන් එකක් චීනයට ලබා දීමත්, ඇවෙන්ට්ගාඩ් සේනාධිපති හරහා චීන නැව් වලින් ඉවත් කරන තෙල් රිසයිකල් කිරීමට කර්මාන්ත සහ චීන කාබනික පොහොර ලංකාවට හඳුන්වා දෙමින් අනවශ්‍ය ලෙස චීනයට සමීප හිතවාදී තත්ත්වයක් ඇති වීමයි, මේ නිසා ඔවුන් බැසිල් රාජපක්ෂ සමගත් ඩීල් එකක් දමමින් රෙජීමයවෙනස් කර ඔවුන්ගේ සහ එක්සත් ජනපදයේත් යුරෝපයේත් වඩාත් හිතවතෙක් වු රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂ කල්ලියේ කීකරු බලු කුක්කන් වැනි මන්ත්‍රී කණ්ඩායම හරහා නූතන රනිල් රාජපක්ෂ රෙජීමය ගොඩ නැගුවා, ලංකාවේ විනිමය අනුපාත පා කිරීමත් පසුව ජූලී මාසයේ පමණ සිට ඔවුන්ට වැඩක් නැති නිසා ඔවුන් උණ්ඩියල් සෙල්ලම නවතා දමා තියෙන්නේ නමුත් ලංකාවේ විදේශ ශ්‍රමිකයින් තව දුරටත් රුපියල දුබල වෙයි කියලා ටිකක් බලාගෙන හිටියා නමුත් අවාසනාවකට වගේ ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ වැටීම සමග නැවතත් සුපුරුදු පරිදි ටිකෙන් ටික මුදල් එවන නමුත් ගොඩක් වෙලාවට මැදපෙරදිග කලාපයේ සේවය කරන උඛත් ධනවත් අය ලංකාවට නෑවිත් වෙනත් රටවලට මෛග්රේට් වේවි
දැනටමත් ලංකාවේ රට පුරා සිටින මිලියන හතරක පමණ ජනතාවක් මේ වසරේ පහුගිය මාස දෙක තුළ පමණක් ඉතා විශාල වශයෙන් සිය රන් ආභරණ උකස් කර ඇති බවටයි සටහන් වන්නේ ලංකාවේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති වලට අනුව.
ඒ වගේම තවත් දෙයක් තමයි එම ලංකාවේ මැදි ආදායම් ලබන ජනයා උකස් කර ඇති රන් භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටි දහනව දහසක් (රුපියල් බිලියන 190 ක් විතර) පමණ වන බව ද සිදුකරන ලද අධ්‍යයනයකදී තොරතුරු හෙළිවී ඇතිබව ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ගණනාවක් වාර්තා කර තිබුණා.
Deleteලංකාවේ ප්‍රධානතම පෙළේ බලපත්‍රලාභි වාණිජ බැංකු ඇතුළු මූල්‍ය සමාගම් දත්ත ඇසුරෙන් සිදු කළ සමීක්ෂණයකදී මේ බව හෙළි වී තිබෙන බව පාර්ලිමේන්තුවේ දී ජාතික ජන බලවේගයේ නායකත්වය දරන අනුර කුමාර දිසානායක සහෝදරයා පැහැදිලි සාක්ෂි සහිතව පැහැදිලි කළ අතර ඊට රනිල් රාජපක්ෂ හෝ සමගි ජන බලවේගයේ කල්ලිවල කණ්ඩායම් උත්තර නැතුව කසාය බිව් ගොළුවන් සේ නිහඬව සැඟවී ගියා.
වාර්තා වල හැටියට 2022 වසරේ අවසන් මාස දෙකේදී උකස් කරන ලද මෙම කණකර ආභරණ ප්‍රමාණය පෙර වසරවල දී උකස් කරන ලද ප්‍රමාණයට සාපේක්ෂව සෑහෙන්න වැඩියි, 1,200% පමණ වැඩි අතිවිශාල ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි පැවසෙන්නේ. මෙසේ රන් ආභරණ උකස් කර ඇති වැඩි පිරිසක් මධ්‍යම පාංතික පවුල්වල සාමාන්‍යයෙන් ධනවත් සුවපහසු ජීවිතයක් ගත කළ අය බවත් බදු වැඩි කිරීමෙන් මේ අය මීටත් වඩා දැඩි ලෙස අසරණ වූ බවයි බොහෝ මාධ්‍ය මගින් පවසන්නේ.
ඔබ කියන එක ගැන මම දන්නේ නැහැ. 2021 මුලම වසරකට රුපියල් බිලියන 600 ක බදු කපා හැරියා නන්දසේන. ඒ ගැප් එක වහ ගන්න මුදල් අච්චු ගැහුවා. 20 සහ 21 වෙනකොට රුපියල් බිලියන 1000 කට වැඩිය බදු කැපීමෙන් නැතිවුනා. මුදල් අච්චු ගැහීම් වෙනකොට ඩොලර් එක 200 ට හිරකර ගෙන හිටියා. ඒවගේම අපනයන වලට ඩොලර් ලබා නොදෙනකොට පිට ඩොලර් වලට ඉල්ලුමක් ආවා. ඒ කාලෙය් 230-240 වගේ ගනන් උන්ඩියල් අය ගෙව්වා.
ReplyDeleteඉයන්, ඔබ ඔය කියන දේවල් වැරදි මතයක් නේද?
Delete//2021 මුලම වසරකට රුපියල් බිලියන 600 ක බදු කපා හැරියා නන්දසේන. ඒ ගැප් එක වහ ගන්න මුදල් අච්චු ගැහුවා. 20 සහ 21 වෙනකොට රුපියල් බිලියන 1000 කට වැඩිය බදු කැපීමෙන් නැතිවුනා//
මේ බදු කපා හැරියේ කුමන අංශවලින් ද? මා දන්නා තරමින් යම් යම් බී ඕ අයි වැනි සහ IDB එකේ ඇතැම් ව්‍යාපාර වලට අපනයන වර්ධනය කිරීම වැනි හේතු සාධක මත ඉතාමත් සුළු ප්‍රමාණයක් බදු සහන ලබාදී ඇති නමුත් ඒවා හැර විශාල "බදු කපාහැරීමක්" කළේ නැහැ
නමුත් නන්දසේන ගොයියාට ඇති ලොකුම චෝදනාව ඊට වසර එක හමාරක් විතර කලින් ආපු ගමන් බදු ප්‍රතිශත අඩු කිරීමයි, නමුත් මේ හරහා පුද්ගලික අංශයේ ආයෝජන අවස්ථා වැඩි වුණත් ඒ සමගම ආපු කොවිඩ් වසංගතය නිසා රට වසා තැබීම සමග විදේශ ආයෝජකයන් නොපැමිණීම ආදී විවිධ ආකාරයේ හේතු නිසා එහි වාසි ලැබුණේ නැහැ
2019 වසරේ රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 1,890 ක් පමණ වූ අතර පසුව 2020 සහ 2021 මේ අගය රුපියල් බිලියන 1,360 පමණ දක්වා පහළ වැටුණා. නමුත් හර්ෂ ද සිල්වා/ මංගොන්පිල වැනි හරි හමන් දැනුමක් නැති බොරුකාරයන් විසින් මේක එම බදු ප්‍රතිශත අඩු කිරීමේ ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක් පමණක් බවට ලඝු කරත් ඇත්තටම රජයේ බදු ආදායම් අඩුවීම සඳහා හේතු වූයේ මූලික වශයෙන් ඩොලර් බිලියන එකහමාරක් විතර වන වාර්ෂික වාහන ආනයනය තහනම් කිරීම නිසා රුපියල් බිලියන 200 - 250 අතර ගණනක් වාහන ආනයන බදු නොලැබීම, 2020 සහ 21 වසරවලදී මාස තුනකටත් වැඩි කාල පරතරවලින් රට වසා තැබීමෙන් ආර්ථිකය හැකිලීම නිසා එම කටයුතු වලින් අඩුවූ ව්‍යාපාර වල ආදායම්/ ලාභ වලින් රුපියල් බිලියන 150 ක් විතර බදු ආදායමක් උපයා ගැනීමට නොහැකිවීම නිසාත් එමෙන්ම ඔය බදු ප්‍රතිශත අඩු කිරීම නිසා තවත් බිලියන 150 ක් විතර අඩු වීමෙන් බිලියන 500 ක් විතර හිඟයක් ඇති වුණා.
ඒ වගේම ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් 2019 වසර අග නව රජයේ බදු අඩුකිරීමේ ප්‍රතිපත්තිය සමාලෝචනය කරපු මුදල් අමාත්‍යාංශ නිලධාරී විශේෂඥ කමිටුව විසින් රජයට ඉදිරිපත් කළ වාර්තාවේ පහත කරුණු වලට අවධානය යොමු කර තිබෙනවා.
රජය විසින් බදු ප්‍රතිශත යම් ප්‍රමාණයකට අඩු කළත්
- මූල්‍ය සේවා සඳහා වැට් බද්ද අඩු නොකර 15% මට්ටමේම තිබෙනවා
- දුම්වැටි හා මත්පැන් සඳහා වන විශේෂ බද්ද වැඩි කර ඇති නිසා දුම්වැටි හා මත්පැන් සඳහා වැට් බද්ද අඩු වීමේ අවාසිය සමනය වෙනවා
- ආනයන සඳහා වූ ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කළත්, වරාය හා ගුවන් තොටුපොළ බද්ද වැඩි කර ඇති නිසා එම ආදායම වෙනත් ආකාරයකින් ලැබෙනවා
- උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කළත් ඉහළ ආදායම් මට්ටමකදී ඒ වෙනුවට ආදායම් බදු ගෙවිය යුතුයි
- රඳවා ගැනීමේ බද්ද ඉවත් කළත් එය ආදායම් බදු සේ ගෙවිය යුතුයි
මේ ආකාර වලින් අහෝසි කළ හා අඩු කළ බදු වල පාඩුව වෙනත් අයුරකින් එකතු වන නිසා 2020 වසරේ රජයේ අයවැය හිඟය එතරම් විශාල නොවන බවයි මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් රජයට ලබා දී ඇති වාර්තාවේ සඳහන් වෙනවා වූයේ, එමනිසා එම රජය බය නැතුව බදු ප්‍රතිශත අඩු කළා නමුත් එවකට කසාය බිව් ගොළුවන් මෙන් හැංගිලා හිටපු මංගොන්පිලයා සහ හර්ෂ ද සිල්වා වැනි තකතීරු දේසපාලුවන් ආර්ථිකය ප්‍රශ්න ඇති වුණ පසු බදු අඩුකිරීම ගැන අඬමින් පොළවේ පස් කෑවා නමුත් රනිල් වික්‍රමසිංහ ජනපති විසින් නැවත බදු වැඩි කිරීමෙන් පසුව දැන් ආයේ බදු වැඩි කරලා කියලා ඊයේ කුණුහබ්බ කියල බනිනවා ඔය වගේ මොළේ කළඳක් නැති පිස්සු යක්කු සාමාන්‍ය මිනිස්සුන්ව පිස්සු වට්ටලා තියෙන්නේ ඔය වගේ තේරුමක් නැති බයිලා කියලා
//ඒ ගැප් එක වහ ගන්න මුදල් අච්චු ගැහුවා//
Deleteමෙයත් ඇත්තක් නෙවෙයි
2020 සහ 21 වසර දෙකේ බදු ආදායම අඩු වීම රුපියල් බිලියන 1,000 ක් විතර, නමුත් ලංකාවේ මහ බැංකුවේ වාර්තා අනුව එම වසර දෙක තුළ සම්පූර්ණයෙන්ම නිකුත් කර තිබෙන (අච්චු ගසා තිබෙන) මුදල් ප්‍රමාණය වසර දෙකේම එකතුව රුපියල් බිලියන 500 ක් පමණයි නේද?
//ඩොලර් එක 200 ට හිරකර ගෙන හිටියා.//
Deleteමේක ආණ්ඩුවේ මෝඩ වැඩක් නමුත් බඩු මිල ගණන් ඉහළ යාම ගැන ආණ්ඩුවට බරපතල ලෙස විවේචන එල්ල කරා විපක්ෂ කණ්ඩායම් ඒ නිසා ඔවුන් ආනයනයකරන ලද භාණ්ඩ මිල පාලනය කරගන්න බලයෙන් රුපියල් පහළින් තියා ගත්තා
//ඒවගේම අපනයන වලට ඩොලර් ලබා නොදෙනකොට පිට ඩොලර් වලට ඉල්ලුමක් ආවා. //
මේක අපනයන නෙවෙයි ආනයන වියයුතුයි
මේක දැනුත් මෙහෙමයි කොටින්ම අපි ලංකාවේ අපනයනය කරන ව්‍යාපාර කටයුතු කරන්නේ අපට විදේශ ගැනුම්කරුවන් නිසා ඩොලර් තියෙනවා නමුත් ඒත් අපට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල දී ගැනීමට ආනයනය කරන්න එල් සී ඕපන් කරන්න බැරුව මාර කට්ටක් කන්න වෙනවා තවමත් නමුත් ඩොලර් එක ස්ථාවර අගයක බලෙන් තියාගෙන ඉන්නවා ආණ්ඩුව විසින්
//ඒ කාලෙය් 230-240 වගේ ගනන් උන්ඩියල් අය ගෙව්වා.//
2021 මුලදී උණ්ඩියල් සීන් එකක් ඇතිවුණේ නෑ ඒ කාලේ රුපියල් පහක් විතර උපරිම වශයෙන් වෙනසක් තිබුනේ නමුත් 2021 මැද භාගයේ දී ඇමරිකානු ඩොලර් එක රුපියල් 200 නිල අනුපාත වෙනුවට නිල නොවන අනුපාතික 215 - 220 දක්වා ඉහළ ගියා, නමුත් 2021 සැප්තැම්බර් මාසයේ මුල දී මහ බැංකුව මෙය යන්තම් ෆ්ලෝට් කළා 215 කට විතර නමුත් ඊට පස්සෙ කබරයා නැවතත් 200 ට ෆික්ස් කළා එවිට නිල නොවන 230 - 240 ලෙස කෙමෙන් කෙමෙන් ඉහළ ගොස් 2022 පෙබරවාරි මාසයේ වගේ රුපියල් 260 - 275 පමණවූ විට මහ බැංකුව ඩොලරය ෆ්ලෝට් කළා ඒත් 2022 පෙබරවාරි මාසයේ දී බ්ලැක් මාකට් ඩොලර් එක අපි ගත්තේ රුපියල් 305 - 315 වගේ ගණන් වලට අප්රේල් වල හිටු කියලා වැඩි වෙලා 400 - 450 අතර ගණනක් දක්වා උපරිම වශයෙන් ගිහින් මැයි මාසයේ දී 385 මට්ටමේ සිට ටිකක් කල් තිබුණා රනිල් අගමැති වීමත් සමඟ ඊට පස්සෙ 2022 ජූලි වල රනිල් ජනාධිපති වීමෙන් පසුව ඉතාමත් විශ්මයජනක ලෙස උණ්ඩියල් රේට් පහළ ගිහින් දැන් ආණ්ඩුවේ අනුපාතික වලට ආසන්න වශයෙන් සමාන මට්ටමේ තියෙනවා. ඇත්තටම මේ උණ්ඩියල් රේට් දැන් අඩුවෙලා තියෙන්නේ ඇයි? තවමත් ලංකාවේ ආනයන භාණ්ඩ විශාල වශයෙන් හිඟයක් තියෙනවා නේද? බැංකු ස්ථිර තැන්පතු සහ බැඳුම්කර වගේ ඒවාට ගෙවන පොළී අනුපාතික වැඩි කරලා නිසා මිනිස්සු වියදම් නොකර ඉතුරු කරන නිසා ද?
ගත් ණය නොගෙවනු ඇතේ
ReplyDeleteපොළියද නොගෙවනු ඇතේ
මේ ලෙස රට යනු ඇතේ
ත්‍රි ලෝක විජය පත්‍ර ඩොලර්
රැගෙන එන තුරා.......
කුකුළු මස් මිල අඩුවෙයිද
ReplyDeleteලංකාවට වසරකට වියළි මිරිස් ටොන් 50000ක් අවශ්‍යතාවයක් ඇත. එහෙත් නිපදවන්නේ ටොන් 500 ක් පමණි. ඉතිරිය චීනයෙන් ඉන්දියාවෙන් තායිලන්තයෙන් සහ බංග්ලාදේශය මෙරටට ආනයනය කෙරෙයි.
ReplyDeleteමෙය සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන් 150ක් පමණ රටෙන් පිටතට යයි.
මේ මුදල් ප්‍රමාණය ලංකාවෙන් මැදපෙරදිග සේවයට යන කාන්තාවන් 375000 ක් ලංකාවට එවන මුදලට දළ වශයෙන් සමාන වෙයි.
මිරිස් ඉතාමත් හොඳින් වැවෙන එසේම ඒ සඳහා හොඳ දේශගුණයක් සහ පොළොවකි තිබෙන රටක් මේ සඳහා මෙතෙක් මේසා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරීම පුදුම සහගත බව පෙනේ. නමුත් එය සිදුවේ.
මහ සාගරයේ ලංකාවේ පිහිටීම යොදාගනිමින් රටට විදේශ විනිමය ජනනය කළ ඇවන්ගාඩ් සමාගම මෙම විදේශ විනිමය ප්‍රමාණය රටට ඉතිරි කරන ඒකායන පරමාර්ථයෙන් ලංකාව පුරා මිරිස් වගාවට සුදුසු ප්‍රදේශවල දැනට කෘෂිකාර්මික කටයුතු සඳහා එතරම් කාර්යක්ෂම ලෙස යොදවා ගෙන නොමැති ඉඩම් බදු ගෙන මිරිස් වගාව පටන් ගන්නට කටයුතු කර තිබේ.
හම්බන්තොට, වැල්ලවාය ගලේවෙල නවගත්තේගම ආරච්චිකට්ටුව යනාදී නොයෙකුත් ප්‍රදේශවල පටන් ගෙන ඇති මෙම මිරිස් වගාව සමහර තැන් වල අස්වනු නෙලා ගන්නා තත්ත්වයට පැමිණ ඇත.
මිරිස් හොදින් වැවෙන්නේ වියළි කලාප වල නිසා, මිරිස් වගාව කරන ගොවීන්ගේ ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ එම පැළවලට වියලි කාලයේදී ජලය සම්පාදනය කර ගැනීමයි. ඒ සඳහා ජලය සම්පාදනය කරගැනීම සහ ඉතාමත් කාර්යක්ෂම අයුරෙන් පැළවලට බෙදාහැරීමේ ක්‍රමයක් නොමැතිව ලංකාවේ මිරිස් වගා කිරීම අපහසුය. මේ සඳහා drip irrigation යොදාගත යුතුය. එහෙත් එයට සැලකිය යුතු මුදලක් වැය වෙයි. එසේ නොකළ හොත් වියලි කාල වලදී වගාව අනතුරේ වැටී යොදවන මුදල වත් ලබා ගැනීමට නොහැකි වන අනතුරුදායක තත්ත්වයක් ඇතිවන්නට පුළුවන. බොහෝ සුළු ගොවියන් ලංකාවේ මිරිස් වගාව යොමු නොවන්නේ මේ හේතුව නිසා විය යුතුය.
ඇවන්ගාඩ් අරමුණ ඉටුකර ගැනීමට නම් ,ඒ කියන්නේ ලංකාවට මිරිස් ආනයනය කිරීම නවත්වන්නට නම් ලංකාවට අවශ්‍යයය ටොන් පනස් දාහක් එහිම නිපදවා ගන්නට නම්, අක්කර 3000 ක පමණ මිරිස් වගා කළ යුතුය. ඒ වගා කළ යුතු වන්නේත් ඉහළම අස්වැන්නක් ලබාගත හැකි ආකාරයෙනි. මේ සඳහා දැනට ලෝකයේ ඇති තාක්ෂණික වශයෙන් ඉහළම වගා ක්‍රම යොදවා ගැනීමට ඇවන්ගාඩ් සමාගම යුහුසුලු වෙයි.
මේ අතර drip irrigation, mulching with mulching covers වැනි දෑ ඇතුළත් වෙයි. එසේම වගා කරන සියලූ ඉඩම් තිබෙන ප්‍රදේශවලට වල් අලි තර්ජන ඇති නිසා ඒ සඳහා වැටවල් සෑදීමත් මෙම ව්යාපෘතියේ කොටසක් වෙයි.
මිරිස් වවන විට එක් මිරිස් ගහකින් 8 වරක් පමණ අස්වැන්න නෙලා ගන්නට පුළුවන. එහි පළවනු සහ දෙවැනි අස්වැන්න මිරිස් ඉදීමට පෙර කළ යුතු අතර මෙම අමුමිරිස් තොග යන්ත්‍රානුසාරයෙන් dehydrate කර වසර පුරාම ලංකාවේ අමු මිරිස් මිල සමබරව තබා ගැනීමේ අදහසක් ද ක්‍රියාත්මක කිරීමට දැන් ඇවන්ගාඩ් ආයතනය පරීක්ෂණ කරමින් සිටී.
මා මිත්‍ර නිශ්ශංක සේනාධිපති වැඩකට අත ගැසූ විට එය උපරිම කාර්යක්ෂමතාවකින් සහ ඉහලම තත්වයෙන් කරන්නට 7×24 අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන්නෙකි. මමත් දැන් ටික දවසකට පෙර ඔහුගේ මේ කටයුත්තට උර දෙන්නට එකතු වුණෙමි. ඔහු ආරාධනා කළ විට විශ්‍රාම සුවයෙන් සිටි මගේ ඇඟ ඇතුළේ සිටින ගොවියා අවදි විය.
ලංකාව ලෝකයේ වැඩියෙන්ම මිරිස් ආනයනය කරන රට බව මම කියෙව්වෙමි. ඇවන්ගාඩ් මේ ව්‍යායාමය සාර්ථක වුවහොත්; මට නම් ඒ පිළිබඳව කිසිම සැකයක් නැත, අවුරුදු දෙකකින් පමණ අප මිරිස් ආනයනය කරන රටක් බවට පත් වීම නිසැක වෙයි.
ආර්ටිමිස් 1' පුහුනු මෙහෙයුම යටතේ සඳට යැවුණු ‘ඔරායන්’ කැප්සියුලය, අද (11) පෘථිවිය බලා පැමිණෙනු ඇත.
ReplyDelete‘ඔරායන්’ කැප්සියුලය යළි පෘථිවියට පැමිණෙන්නේ සති 3 ක වික්‍රමයකින් පසුවය. පුහුණු මෙහෙයුමක් බැවින් කැප්සියුලය සඳට පතිත කළේ නැත. එය සඳුගේ කක්ෂයට පිවිසියා පමණි.
අද (11) පෘථිවි වායු ගෝලයට පිවිසෙන ‘ඔරායන්’ කැප්සියුලය, ගිනි ගෙන දැවෙමින්, පහළට ඇදී එයි. වේගය අඩාල කිරීම සිදුවන්නේ යෝධ පැරෂූට් දිග හැරෙමිනි.
කැප්සියුලය පැසිෆික් සාගරයේ, මෙක්සිකෝවට ඔබ්බෙන් පිහිටි ග්වාඩලූප් දූපත අසල මුහුදට පතිත වනු ඇති අතර, යානය පැමිණෙන තුරු ඇමෙරිකන් නාවික හමුදාව සීරුවෙන් සිටී.
‘ආර්ටිමිස් 1’ පුහුණු මෙහෙයුමේ සාර්ථකත්වයෙන් පසු, 2024 වසර මුලදී ‘ආර්ටිමිස් 2’ ඇරැඹෙයි. මෙය ද එක්තරා ආකාරයක පුහුණු මෙහෙයුමකි. ගගනගාමීහු තිදෙනෙක් මේ සඳහා සහභාගී වෙති.
‘ආර්ටිමිස් 2’ මෙහෙයුම යටතේ මෙම ගගනගාමීන් සඳට පය තබන්නේ නැත. ඔවුන් ‘ඔරායන්’ කැප්සියුලයෙන් සඳට ගොස්, සඳුගේ කක්ෂයට පිවිසී, සඳ වටා යෑමෙන් පසු ආපසු පෘථිවියට පැමිණෙනු ඇත.
‘ආර්ටිමිස් 2’ සාර්ථකත්වය සැලකිල්ලට ගනිමින් 2025 දී ‘ආර්ටිමිස් 3’ චන්ද්‍ර මෛහයුම ආරම්භ වනු ඇති අතර, එහිදී ‘ඔරායන්’ කැප්සියුලය නාසා ගගනගාමීන් සමඟ සඳට ගොඩබානු ඇත.
පළමු වරට කාන්තාවක සඳට පය තබනු ඇත්තේ එම ‘ආර්ටිමිස් 3’ මෙහෙයුම යටතේය.
(නාසා ඇසුරිනි)