වෙබ් ලිපිනය:

Wednesday, December 21, 2022

නොවැම්බර් උද්ධමනය

 

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව නොවැම්බර් මාසයේ උද්ධමනය 65.0% දක්වා පහත වැටී තිබෙනවා. දෙමසකට පෙර මෙම අගය පැවතුණේ 73.7% මට්ටමේ. ආහාර උද්ධමනය 69.8% දක්වා පහත වැටී ඇති අතර ආහාර නොවන උද්ධමනය 60.4% දක්වා අඩු වී තිබෙනවා. 

උද්ධමනය අඩු වීමට අමතරව සමස්තයක් ලෙස සාමාන්‍ය මිල මට්ටමෙහිද සුළු අඩු වීමක් දැකිය හැකියි. හාල්, සීනි, පළතුරු, අළුත් මාළු, කරවල, කුකුළු මස්, පාන්, පරිප්පු, තිරිඟු පිටි, අමු මිරිස්, පොල් තෙල් ආදියේ මිල ගණන් පහළ යද්දී පොල්, එළවළු, රතු ළූණු, ලොකු ළූණු, අර්තාපල්, බිත්තර ආදියේ මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, අද පැවති වෙන්දේසියට ඉදිරිපත් කළ රුපියල් බිලියන 85ක භාණ්ඩාගාර බිල්පත් සියල්ලම පහසුවෙන් අලෙවි වී ඇති අතර පොලී අනුපාතික වලද සුළු අඩුවීමක් දැකිය හැකියි. 

5 comments:

  1. 'පොල්, එළවළු, රතු ළූණු, ලොකු ළූණු, අර්තාපල්, බිත්තර ආදියේ මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා'

    ලොකු ලුණු, අර්තාපල් වල මිල අඩු වෙලා තියෙන්නේ ගිය සතියට වඩා. දැන් රුපියල් 170 යි ලොකු ලුණු කිලෝව. අර්තාපල් නං 200 යි.

    සතොස ආයතනට වඩා අනෙක් සාමාන්‍ය කඩවල මේවයේ මිල අඩුයි.

    ReplyDelete
    Replies
    1. මේ නොවැම්බර් උද්ධමනයනේ. ඔබ කියන පරිදි මිල අඩුවීමක් ඇත්නම් දෙසැම්බර් උද්ධමනය තවත් අඩු වෙයි.

      Delete
  2. මෙම news item එක ගැන පැහැදිලි කර ලිපියක් ලියන්න කියලා ඉල්ලා සිටිනවා.
    https://www.ft.lk/front-page/Bank-of-Ceylon-opens-up-new-trade-channel-to-transact-directly-in-Indian-rupees/44-743340

    ReplyDelete
  3. රටවැසියට සෙත
    වෙයි නම් යහපත
    තුටින් පිනයි සිත
    ඒකයි සම්පත!

    ReplyDelete
  4. මෙදා පොටේ අපිටත් නත්තල්.
    බෝතලයක් ගහමු.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: