වෙබ් ලිපිනය:

Tuesday, December 13, 2022

පීනට් බටර්


ඇමරිකාවේ පාසැල් ගැන පෙර සටහන් වල ලියා තිබෙනවා. ඇමරිකාවේ පොදු පාසැල් අධ්‍යාපනය වෙනුවෙන් කිසිවෙකුගෙන් මුදල් අය කරන්නේ නැහැ. මම හිතන්නේ එය ලෝකයේ හැම රටකම වගේ සිදුවන දෙයක්. එහෙත්, අවශ්‍යනම් යමෙකුට තමන්ගේ දරුවන් මුදල් අය කරන පෞද්ගලික පාසැලකට යවන්න පුළුවන්. එසේ කළත් නොකළත් පොදු පාසැල් අධ්‍යාපන වියදම් සියල්ලන්ටම දරන්න වෙනවා. මේ වියදම් බොහෝ දුරට ආවරණය කර ගන්නේ ප්‍රාදේශීය මට්ටමෙන් අය කරන වරිපනම් බදු වලින්.

පොදු පාසැල් අධ්‍යාපනය ලබන දරුවන්ට පාසැල් අධ්‍යාපනය මෙන්ම පාසැලට යාම සඳහා පාසැල් බස් රථද නොමිලේ ලැබෙන එක සාමාන්‍ය තත්ත්වයයි. ලංකාවේ පාසැල් කාලයට සාපේක්ෂව ඇමරිකාවේ දරුවෙකු දවසේ වැඩි පැය ගණනක් පාසැලේ ගත කරනවා. මේ කාලය තුළ දිවා ආහාර කාලය ගෙවෙනවා. 

එක් පාඨක ප්‍රතිචාරයක සඳහන් කර තිබුණු පරිදි, ඇමරිකාවේ ඇතැම් පාසැල් දිස්ත්‍රික්ක වල පාසැල් දිවා ආහාරය වෙනුවෙන් මුදල් අය කරන්නේ නැහැ. එහෙත්, අපේ පාසැල් දිස්ත්‍රික්කය තුළ පාසැල් දරුවන්ට දිවා ආහාරය නොමිලේ සැපයෙන්නේ පවුලේ ආදායම් මට්ටම මත පදනම්වයි. ආදායම් සීමාව එම මට්ටම ඉක්මවන පවුල් වල දරුවන්ගේ දිවා ආහාර වෙනුවෙන් දෙමවුපියන් විසින් මුදල් ගෙවිය යුතුයි.

ආහාර නොමිලේ ලැබුණත්, මුදල් වලට ලැබුණත්, දරුවන් විසින් නියමිත කාලය තුළ පාසැලේ කැන්ටිම (කැෆටේරියාව) වෙත ගොස් ශිෂ්‍ය අංකය ඇතුළත් කර තමන්ට අවශ්‍ය ආහාර ඇණවුම් කර ලබා ගැනීමයි සිදු වෙන්නේ. මුදල් ගෙවිය යුතු දරුවන්ගේ බිල්පත් ඔවුන්ගේ පෙර ගෙවුම් ගිණුමකින් අඩු වෙනවා. මුදල් නොගෙවන අය වෙනුවෙන් කිසියම් අරමුදලකින් මුදල් ලැබෙනවා. එසේ ලැබෙන්නේ ෆෙඩරල් රජය හෝ ප්‍රාන්ත රජය විසින් මේ වෙනුවෙන් වෙන් කර තිබෙන ප්‍රතිපාදන විය හැකියි. 

දෙමවුපියන්ට තමන්ගේ දරුවන්ගේ ආහාර සඳහා මුදල් අය කෙරෙන පෙරගෙවුම් ගිණුමේ ශේෂය පරීක්ෂා කර එය අඩු වෙද්දී ගිණුමට මුදල් දමන්නට සිදු වෙනවා. ශේෂය යම් සීමාවක් දක්වා අඩු වූ විට ඒ ගැන දැනුම් දීමක්ද ස්වයංක්‍රීය ලෙසම සිදු වෙනවා. යම් හෙයකින් ගිණුමේ මුදල් ඉවර වුනොත් මොකද වෙන්නේ?

ගිණුමේ මුදල් ඉවර වුනොත් දරුවන්ට බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ. ඔවුන්ට "ණයට" කෑම ලැබෙනවා. නමුත්, මේ විදිහට ණයට කෑම ගන්නා දරුවන්ට වෙනදා කෑම ගැනීමේදී ලැබෙන තේරීම් නැති වෙනවා. ඔවුන්ට ණයට ලැබෙන්නේ "පීනට් බටර් සහ ජෙලි සැන්ඩ්විච්" පමණයි. එසේ කරන්නේ තමන්ගේ පාසැල් ආහාර ගිණුමට මුදල් එකතු කරන මෙන් දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටිය යුතු බව මතක් කිරීමක් ලෙසයි. (මෙය ඇමරිකාවටම පොදු දෙයක් නෙමෙයි). 

මෙහි ජෙලි කියා කියන්නේ ලංකාවේ ජෑම් කියන අර්ථයෙන්. රටකජු බටර් සහ ජෑම් තැවරූ පාන් පෙති ඇමරිකාවේ ගොඩක් ප්‍රචලිත ආහාරයක්. ඇමරිකාවේ වෙනත් බොහෝ ආහාර වර්ග වලද රටකජු බටර් අඩංගුයි. 

මම ලංකාවෙන් පිටවන තුරු රටකජු බටර් ගැන දැනගෙන හිටියේ නැහැ. මුල් කාලයේදී ලංකාවට එන විට මම රටකජු බටර් බෝතල් කිහිපයක් අරගෙන ආවා. මුල් වරට රජකජු බටර් රස විඳි ගොඩක් අය මේ ආහාරයට රුචිකත්වයක් දැක්වූවා. එහෙත් පසුකාලීනව ලංකාවට එන විට රටකජු බටර් ලංකාවට අමුතු දෙයක් නෙමෙයි. ඒ වෙද්දී ගම් දනවු දක්වා ව්‍යාප්ත වී තිබුණු කීල්ස්, කාගීල්ස් වගේ සුපිරි වෙළඳසැල් වල රටකජු බටර් මෙන්ම, හේසල් නට් බටර් වැනි අනෙකුත් බටර් ආදේශකද දැකිය හැකි වුනා. මේවා ආනයනික නිෂ්පාදන විය යුතු බව මගේ අදහසයි. 

අප කුඩා කාලයේ නිවසින් එළියට ගිය විට අපට අරන් දෙන්නට දෙමවුපියන්ට අද ලංකාවේ තිබෙන තරම් තේරීම් තිබුණේ නැහැ. බොහෝ විට අප ඉල්ලූ, අපට ලැබුණු, දෙයක් වුණේ රටකජු ගොට්ටක්. වෙරළු අච්චාරු, නෙල්ලි එහෙමත් ඔය විදිහට විකුණන්න තිබුණා.

රටකජු කාරයින් ලංගම බස් රථ වලට නැග රටකජු විකිණුවා. නගරයේ තැන් තැන් වල "රටකජු කාරයෝ" හිටියා. මේ විදිහට විකුණපු රජ කජු ගොට්ටට ආවේ කොහොමද කියන එක ගැන හොයන්න මට උනන්දුවක් තිබුණේ නැහැ. ගත්තා. පොතු ඇරියා. කෑවා. එච්චරයි. ඒ දවස් වල ජම්බෝ පීනට් එහෙම ලංකාවට ඇවිත් තිබුණේත් නැහැ.

මෑතකදී කෘෂිකර්ම ඇමතිවරයා විසින් කියා ඇති පරිදි ලංකාවේ වාර්ෂික රටකජු ඉල්ලුම මෙට්‍රික් ටොන් 30,000ක් පමණ. මේ වන විට නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 64,000කට වැඩියි. ඒ නිසා දැන් ලංකාවට රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.

ජාත්‍යන්තර වෙළඳ සංවිධානයට ලංකාව විසින් වාර්තා කර ඇති තොරතුරු අනුව, ලංකාව පසුගිය කාලයේ වුනත් ඒ තරම්ම රටකජු ආනයනය කරලා නැහැ. පහළින් තියෙන්නේ එම දත්ත අනුව ලංකාවේ රටකජු ආනයන.

2010 - මෙට්‍රික් ටොන් 659

2011 - මෙට්‍රික් ටොන් 682

2012 - මෙට්‍රික් ටොන් 401

2013 - මෙට්‍රික් ටොන් 128

2014 - මෙට්‍රික් ටොන් 239

2015 - මෙට්‍රික් ටොන් 312

2016 - මෙට්‍රික් ටොන් 253

2017 - මෙට්‍රික් ටොන් 419

2018 - දත්ත නැත 

2019 - මෙට්‍රික් ටොන් 466

2020 - මෙට්‍රික් ටොන් 454

2021 - මෙට්‍රික් ටොන් 494

ඔය හැම වසරකදීම සුළු ප්‍රමාණයක් හෝ ලංකාවෙන් රටකජු අපනයනය කරලත් තිබෙනවා. 2021දීනම් මෙට්‍රික් ටොන් 21ක්. 

මේ දත්ත නිවැරදිනම් සහ කෘෂිකර්ම අමාත්‍යංශය කියන විදිහට රටේ රජකජු ඉල්ලුම මෙට්‍රික් ටොන් 30,000ක් පමණ වෙනවානම්, පහු ගිය කාලය පුරාම බොහෝ දුරට මේ ඉල්ලුම රට ඇතුළෙන්ම සම්පූර්ණ වෙලා තිබෙනවා. ආනයනය කළේ රටකජු බටර් වගේ දේවල් වෙන්න පුළුවන්. මුලදී ජම්බෝ පීනට් ආනයනය කර ඇතත්, දැන් ඒවාත් ලංකාවේ වවනවා.

මේ වෙද්දී නිෂ්පාදනය ඉල්ලුම වගේ දෙගුණයක් වෙලානම් ඒ කියන්නේ දේශීය ඉල්ලුම මෙන් දෙගුණයක් රටකජු රටේ නිෂ්පාදනය වෙලා. එහෙම වෙලානම්, ඒ කියන්නේ ඔය වගේ මට්ටමක නිෂ්පාදනයක් දිගටම වුනත් පවත්වාගෙන යන්න පුළුවන් කියන එක.

ලංකාවේ රටකජු වලට ලොකු අපනයන වෙළඳපොළක් නැහැ. එහෙම එකක් හදිසියේ හදාගන්න එකත් ප්‍රායෝගිකව ලේසි වැඩක් නෙමෙයි. ඔය තත්ත්වය යටතේ රජකජු මිල පහත වැටිලා ගොවීන් රටකජු අත ඇරියොත් ඒක අපරාදයක්. 

රටකජු වලින් රටකජු බටර් හදන එක රොකට් සයන්ස් එකක් නෙමෙයි. 1930 පමණ වන තුරුම ඇමරිකාවේ රටකජු බටර් හදලා තියෙන්නේ බොහෝ දුරට ගෙවල් වලමයි. මේ වැඩේ සරල පියවර කිහිපයකින් කර ගන්න පුළුවන්.

පළමුව රටකජු බැද ගැනීම. දෙවනුව උණු වතුරේ දමා හෝ සුළු වෙලාවක් තම්බා පොතු ඇර ගැනීම. තෙවනුව අඹරා ගැනීම. ඉන් පසු අවශ්‍ය පරිදි ලුණු ස්වල්පයක්, එළවළු තෙල් ටිකක් සහ අවශ්‍යනම් සීනි ටිකක් එකතු කිරීම. මේ එකතු කිරීම් අත්‍යාවශ්‍ය නැහැ. සමහර විට එළවළු තෙල් වලට ආදේශකයක් විදිහට පොල් තෙල් වුනත් හරියන්න පුළුවන්. 

ඇමරිකාවේ සමහර වෙළඳසැල් වල තමන්ටම රජකජු බටර් හදාගත හැකි යන්ත්‍ර තිබෙනවා. සුලබ දෙයක්නම් නෙමෙයි. පැත්තක තිබෙන බැද, පොතු ඇර තිබෙන රටකජු යන්ත්‍රයට දමා අතින් කරකවා එයින් ඇඹරී එන රටකජු බටර් එකතු කර ගන්න එකයි කරන්නේ තියෙන්නේ. මේවා අත් යන්ත්‍ර. මේ වැඩේම කරන විදුලියෙන් ක්‍රියා කරන යන්ත්‍ර ඩොලර් 60 වැනි මුදලකට ඇමසන් එකේ තිබෙනවා. 

මම හිතන්නේ රටකජු බටර් හදන අත් යන්ත්‍රයක් ලංකාවේ ලියවන පට්ටලයක වුනත් හදාගන්න පුළුවන්. මේ වගේ පොඩි මහන්සියකින් හා අඩු වියදමකින් කළ හැකි අගය එකතු කිරීමකින් රජකජු ගොවියෙක්ට සැලකිය යුතු ලාබයක් උපයන්න පුළුවන්.

ලංකාවේ කිරි නිෂ්පාදන ඉල්ලුම දේශීය වශයෙන් සපුරා ගැනීම කාලයක ඉඳලා උත්සාහ කළත් හරි ගිහින් නැති ඉලක්කයක්. මේ වැඩේ හෙට අනිද්දා හරියන වැඩකුත් නෙමෙයි. රටකජු බටර් ඔය විදිහට හැදිලා වෙළඳපොළට එනවානම් එය සාමාන්‍ය බටර් වලට හොඳ ආදේශකයක්. ඇත්තටම කියනවානම් කරුණු ගණනාවක් නිසා වඩා හොඳ ආදේශකයක්.

ලංකාවේ සම්ප්‍රදායික ආහාර කියන්නේ බොහෝ විට කාබෝහයිඩ්රේට් ගුලි. දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ නිදන්ගත රෝග වලට ප්‍රධානම හේතුව ඔය ආහාර වල සංයුතිය. රටකජු බටර් වල කැලරි ගණන ගොඩක් වැඩියි. වැඩිපුර තියෙන්නේ ලාංකික සම්ප්‍රදායික ආහාර වලින් අඩුවෙන් ලැබෙන මේද සහ ප්‍රෝටීන්. සාමාන්‍ය බටර් වල සංතෘප්ත මේද වලට සාපේක්ෂව මේවා (වැඩි වශයෙන්ම) අසංතෘප්ත මේද. මස්, මාළු වලට වගේ ආගමික හෝ සංස්කෘතික ප්‍රශ්නයකුත් නැහැ. තරමක ආයෝජනයක් කරලා සුළු පරිමාණ ව්‍යාපාරයක් විදිහට පටන් ගන්නවානම්, දේශීය වෙළඳපොළ ජයගෙන, සන්නාමයක් සහිත නිෂ්පාදනයක් විදිහට අපනයන කරන්න වුනත් බැරිකමක් නැහැ. ආර්ථික අර්බුද ඇති වන කාල කියන්නේ අලුත් දේවල් අත්හදා බලන්න හොඳම කාල.

පසු සටහන: "රටකජු ගොවියන්ගේ එකමුතුව සහ රටකජු වෙළෙඳපොල" ෆේස්බුක් පිටුවේ ඇති තොරතුරු අනුව පෙනී යන්නේ මේ දවස් වල වියලි රටකජු කිලෝවක් සඳහා ගොවීන්ට ලැබෙන මුදල රුපියල් 360ක් පමණ හා අමු රටකජු කිලෝවක මිල රුපියල් 160ක් පමණ වන බවයි. කාගිල්ස් ෆුඩ්සිටිහි ග්‍රෑම් 510 පීනට් බටර් බෝතලයක් විකිණෙන්නේ රුපියල් 2,588ක මිලකටයි. මාසයකට පීනට් බටර් බෝතල් 50ක් පමණ හදා විකුණා ගත හැකි අයෙකුට ඇතැම් විට සාඩම්බර ආදායම් බදු ගෙවන්නෙක් විය හැකියි. 

20 comments:

  1. දැන් ලංකාවේ බැදපු රටකජු ග්‍රෑම් 100 රුපියල් දෙසීයක් විතර වෙනවා.

    මමත් රටකජු බටර් බෝතලයක් අරගෙන කාලා බැලුවා. මටනම් ඒක එපාවුනා, ඒ නිසා අපේ පුංචි අම්මට දුන්නා. ඒකට හේතුව වෙන්න ඇත්තේ පාට දැක්කාම මතක්වෙන්නේ චොකලට් වුනත් මනස බලාපොරොත්තුවන රසය එයින් නොලැබෙන නිසා විය යුතුයි.
    මම හිතන්නේ පොඩිකාලේ ඉඳන් කාලා පුරුදු නැතිනම්. කේජු, රටකජු බටර්, පිට්සා වගේ කෑම එච්චර රසට දැනෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. රටකජු බටර් සාමාන්‍යයෙන් හොයා ගෙන ගිහින් කන්න තරම් රසවත් ආහාරයක් ලෙස සැලකෙන්නේ නැහැ. සෞඛ්‍ය සම්පන්න කෑමක් නිසා ළමයින්ට ටිකක් බල කරලා වගේ පුරුදු කරන කෑමක් කියන්නත් පුළුවන්. වැඩිහිටියෝ පීනට් බටර් කන්නෙත් බොහෝ වෙලාවට සෞඛ්‍ය හේතු මත. හැබැයි එපා වෙන තරම්ම නීරස කෑමකුත් නෙමෙයි.

      Delete
    2. @ Jagath,

      අපි බටර් පාරක් හදන්න ට්‍රයි කරද්දී පහුගිය දවස් වල යුරෝපීය ඉන්දීය සහ එක්සත් ජනපදයේ සැලැසුම් අනුව ලංකාවේ නිර්මාණය කරපු ලංකන් ස්ප්‍රිං අලගලේ දැන් ඔන්න බංග්ලාදේශයේත් පටන් අරන්;

      https://amp.cnn.com/cnn/2022/12/11/asia/bangladesh-protests-prime-minister-sheikh-hasina-intl-hnk/index.html

      නිව්ස් වල කියන විදියට අගමැතිනි ෂෙයික් හසීනාට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන ලෙසත්, වහාම මහා මැතිවරණයක් පවත්වන ලෙසත් බල කරමින් බංග්ලාදේශයේ නිදහස් මතධාරී තරුණ තරුණියන් නිර්පාක්ෂිකව ආරම්භ කළ ජන අරගලයට මේ වන විට සියලුම විරුද්ධ පක්‍ෂ ආධාරකරුවන් සම්බන්ධ වී පුළුල් ලෙස උද්ඝෝෂණය කිරීමට පටන්ගෙන තිබේ. බංග්ලාදේශයේ විදුලිය කප්පාදු කිරීම්, ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ ග්‍රාමීය මට්ටමින් ඉන්ධන හිඟයන් ඇතිවීම වැනි කාරණාවලට එරෙහිව මාස කිහිපයක සිටම වරින්වර විරෝධතා පැවැත්වෙමින් තිබිණි. මෙවැනි තත්ත්වයක් තිබිය දී පසුගිය අඟහරුවාදා එරට ආරක්‍ෂක අංශ විරුද්ධ පක්‍ෂයේ මූලස්ථානයට කඩා පැන එය සෝදිසි කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ඇති වූ දරුණු ගැටුම්වලින් පුද්ගලයකු මියගොස් තිබූ බවත්, තවත් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබූ බවත් වාර්තා විය.

      මේක ආසියාතික රටවල ජාතිකත්වය තියෙන ආන්ඩු පෙරලන්න වෙස්ටර්න් පවර්ස් විසින් කරන තවත් එක ඔපරේෂන් එකක්. චීනයට හා රුසියාව බලවත් වීම වැලැක්වීමට මේ ගහන පොලිටිකල් ගේම් සීරීස් එකේදී ඒෂියා තියෙටර් එකේ මුලින්ම ලංකාවේ , පකිස්තානෙ , බංග්ලාදේශ, ඊළගට ඉන්දියාවටත් එනවා .. ආර්ථික අර්බුද නිර්මාණය කර අරගල ඇතිකිරීම. ඊට පස්සෙ රූකඩ ආන්ඩු නිර්මාණය කරකරනවා ලංකාවේ ඉතාමත්ම සාර්ථක වුනා තමයි, ඒත් ඉරානයේ බැරිවුනා නේද?

      මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ඔබට?

      Delete
    3. ලංකාවේ රෙජීමය වෙනස් කිරීම වෙනුවෙන් ඉතා සූක්ෂම ලෙස සැලසුම් සහගතව ක්‍රියාත්මක කළ අරගලය නම් වූ විදේශ ක්‍රියාන්විතය තුල සිදුවූ සිද්ධි දාමය සාක්ෂි සහිතව ඔප්පු වී ඇති පසුබිමක එහිතුල සිදුවූ ඇතැම් අමිහිරි දේවල් දූෂිත ක්‍රියාවන් දැන් එලිවේගන එද්දී එම විදේශ නියෝජිතයන් තමන්ගේ ආරක්ෂාව තකා ඊට යොදා ගැනුනු බළල් අඩු ඉවත් කර සාක්ෂි මකන වැඩ පිළිවෙළක් සිදුවනවා කියලා පේනවා. මේ නිසා ඒ අරගලය හා සම්බන්ධ වී කටයුතු කළ අයගේ ජීවිත අනතුරේ. ඔබේ අරගලය හා සම්බන්ධ මිතුරන් සියලු දෙනා දැනුවත් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

      Delete
  2. මම පීනට් බටර් කන්න කැමතියි. අර පොඩි කලේ එකොන් කීව වගේ රටකජු කාපු පුරුද්දට. මේ පුරුද්ද ආවේ කවදාද දන්නේ නැහැ, ඇමෙරිකන් ෆිල්ම් එක ක කනවා දැකල අරගත්තා. එදා ඉඳන් ඉතින් කනව් අතමයි. දැන්නම් සිනි නැති රටකජු කෑලි තියෙන ඕගනික් වර්ෂන් එකක් තමයි කන්නේ.

    ReplyDelete
    Replies
    1. රුසියාවේ ඉන්නකොට ද ඇමරිකන් ෆිල්ම් බැලුවේ බේගල් ආතේ?

      Delete
    2. අජිත් සහ ජගත්,

      1975 මැයි 2 දා ඉංග්‍රීසි නගරයක් වන ලයිටන්ස්ටන් වලදී උපන් ඩේවිඩ් රොබට් ජෝශප් බෙකම් (ඉංග්‍රීසි පාපන්දු මිඩ්ෆීල්ඩර්, මැන්චෙස්ටර් යුනයිටඩ්, ප්‍රෙස්ටන් නෝර්ත් එන්ඩ්, රියල් මැඩ්රිඩ්, මිලාන්, ලොස් ඇන්ජලීස් ගැලැක්සි සහ පැරිස් සෙන්ට් ජර්මේන්) කියලා කියන්නේ අර කලින් කිව්වා ලෝකප්‍රකට පාපන්දු තරුවක්. එක්තරා කාලෙකදි නම් දීප්තිමත් තරුවක්. ඒත් බෙකම් පාපන්දු ලෝකයේ තරුවක් වෙනකොට බෙකම්ට වඩා අතිදීප්තිමත් තරු පාපන්දු ලෝකයේ රජ කළා. බෙකම්ට සිද්ද වෙන්නේ එංගලන්ත කණ්ඩායමට නායකත්වය දීමෙන් සෑහීමකට පත්වෙන්න විතරයි. අඩුම තරමින් ‍ලෝක පාපන්දු කුසලානය එංගලන්ත කණ්ඩායමට දිනා දෙන්නවත් බෙකම්ට හැකියාව ලැබෙන්නේ නැහැ.

      වෙනත් රටවල සුපිරි තරු වලට සාපේක්ෂව පිටියේ වැඩිය දස්කම් නොපෙන්නුවත් බෙකම් විශ්වයේ ආකර්ෂණීයම පාපන්දු ක්‍රීඩකයා විදිහට කිරුළු දරපු කාලයකුත් තිබුණා. ඒත් මේ හැමදේටම වැඩිය බෙකම් ස්ථාවර වුණේ පවුල් සංස්ථාව නිසා. කොටින්ම කිව්වොත් අද බෙකම් කියන්නේ පවුල නිසා පරමාදර්ශී වුණු ලෝකයේ එකම ජනප්‍රිය ක්‍රීඩා තරුව.

      බෙකම්ට එම පවුල් සංස්ථාවේ සභාපතිකම ලැබෙන්නේ වික්ටෝරියා හින්දයි. වික්ටෝරියා බෙකම්ගේ නීත්‍යනුකූල බිරිය කාලයක් ලෝකයේම ජනප්‍රිය වුණු ‘ස්පයිස් ගර්ල්ස්’ කණ්ඩායමේ සාමාජිකාවක්. බෙකම් සහ වික්ටෝරියා මුල් යුගයේදී සැබෑ ආදරවන්තයෝ. ඒ ආදරය විවාහයෙන් කෙළවර කරගත් වාසනාවන්තයෝ. හැබැයි පුදුමයකට වගේ ඒ විවාහය තුළ දීර්ඝකාලීනව රැඳී සිටින්නත් බෙකම්ට හැකියාව ලැබුණා, බෙකම් ‘අපේ එකෙක්’ වෙන්නේ අන්න ඒ නිසා.

      ඇත්තටම නූතන යුරෝපය කියන්නේ මානව සමාජයේ ක්ෂුද්‍රතම ඒකකය වන පවුල කිසිසේත්ම ආරක්ෂා වන තැනක් නෙමෙයි. ඔවුන්ට පවුල් ජීවිත කියන්නේ රාත්‍රී ආහාරය ගන්නා අවන්හල් තරමට ගතිකයි. අද එකක්. හෙට තව එකක්.

      විවාහයෙන් පසු වික්ටෝරියා සංගීත කණ්ඩායමෙන් සමු ගත් අතර ස්පයිස් ගර්ස්ලත් විසිරිලා යනවා. බෙකම්ට නම් කොහොමත් හැමදාම ග්‍රවුන්ඩ්-එකේ ඉන්න ලැබෙන්නේ නැහැ. වයසත් එක්ක ඔහුත් පිටියට සමු දෙනවා. ඒත්, දැන් කොහොමද පැවැත්ම තහවුරු කරගන්නේ...? ජනප්‍රියත්වය එකවගේම තියාගෙන ඉන්නේ? අපි බලමු.

      Delete
    3. ඒකට හේතු කාරණා කෙටියෙන් කියනවනම් ඔබලා පිළිගනීවි මහා බ්‍රිතාන්‍යය කියන්නේ මහ ඇල්මැරිච්ච රටක්. එක්කෝ එකතැන පල් වෙනවා; නැත්නම් ඔහේ අ‍ැමරිකා එක්සත් ජනපදය පස්සේ යනවා. ඒ ඔක්කොම අස්සේ ලෝකෙට ලොක්කා හරි නම් ඇමරිකා එක්සත් ජනපදය නෙමෙයි, මමයි කියලා පෙන්නන්ත් මෝඩ ට්‍රයි-එකක් දෙනවා. මේ අස්සේ තමන්ම රෙද්ද අස්සෙ දා ගත් ඉස්ලාම් අන්තවාදීන්ගේ තර්ජනවලටත් මොනවා මොනවා හරි කර-කර ඉන්නවා.

      මේ වෙනකොට හැමෝම හොඳින් දන්න කරුණක් තමයි තවත් වසර සීයයකට මෙපිටින් යුරෝපයේ සමස්ත සුදු ජාතිකයන්ගේ ජනගහනය ඉක්මවා මුස්ලිම් ජාතිකයන්ගේ ජනගහනය වර්ධනය වීම වැළැක්විය නොහැකි කරුණක් වී ඇති බව, බුද්ධි අංශ සේවා මඟින් තහවුරු කරපු එම තොරතුරු අනුව යුරෝපයේ සුදු ජාතිකයන් අද මේ මොහොතේ සිට දරුවන් සෑදීම ආරම්භ කළත් ඔවුන්ට මුස්ලිම් ජාතිකයන්ට තරගයක් දෙන්නවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මුස්ලිම්වරු දැනටමත් ඔවුන්ගේ පරම්පරාව සංඛ්‍යාවෙන් වර්ධනය කර අවසන්.

      කොහොම වුණත් මේ සේරම අස්සේ ‘පවුල’ කියන සංකල්පයට වඩාත් වැඩි වටිනාකමක් ලබා දෙන්න බ්‍රිතාන්‍යයට අවශ්‍ය වනවා. එතනදී ඔවුන්ට අවශ්‍ය වන්නේ ‘සෙලිබ්‍රිටි’ අය අතරින් ගොඩනැගුණු පරමාදර්ශී පවුල්. හොඳ ශක්තිමත් පවුල් ජීවිත ගෙවන ‘සෙලිබ්‍රිටි’ චරිත පෙන්වලා ‘මේ වගේ වෙන්න’ කියලා තමන්ගේ ජනතාව පොලඹවන්න ඔවුන්ට අවශ්‍ය වෙනවා. අන්න එතනදී බෙකම්ට ආපහු වටිනාකමක් ලැබෙනවා.

      ඔබ දන්නවා ඇති ඉතාමත් විශ්මය ජනක ලෙස බෙකම්ලගේ පවුල් ජීවිතය විසිරී යන්නේ නැහැ. ඒ ආදරය නිසාද? බැඳීම නිසාද? නැහැ. මේ එකක්වත් නිසා නෙමෙයි. ඔවුන්ට ලෝකයේ ප්‍රසිද්ධ සමාගම් විසින් ඇතිවෙන්න මුදල් ලබා ‍දුන් නිසා.

      දාවිත් බෙකම්ට අනුග්‍රහය දක්වන ජනප්‍රිය ක්‍රීඩා භාණ්ඩ අලෙවි සමාගමක් මේ මුදල් ලබා දුන් සමාගම් අතර ඉදිරියෙන්ම ඉන්නවා. ඔවුන්ගේ එකම කොන්දේසිය වුණේ මොනදේ වුණත් වෙන් නොවී සාර්ථක ලෙස ‘පවුල් කන්න’ කියන එකයි. ඉතිං වැ‍ඩේ කොච්චර ලේසිද? බෙකම් පවුල ආයෙම එකතු වෙනවා. ඔවුන් තව-තවත් ජනප්‍රිය වෙනවා. ඔවුන් බ්‍රිතාන්‍යයේ පරමාදර්ශී පවුල වෙනවා. බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය භාවිත කරන ගමන්ම කැ‍ලිෆෝනියාවේ, ලොස් ඇන්ජලීස්වල ස්ථාවර වත්කම් ඇති කරගන්නවා. පවුලේ සංඛ්‍යාව තව-තවත් ඉහළ යනවා. ඉතින් මේ සල්ලි අරන් පවුල් කන බෙකම් දිහා බලාගෙන හොඳ පවුල් ජීවිත ගෙවන්න බ්‍රිතන්‍ය වැසියෝ කී දෙනෙක් ‘මෝටිවේට්’ වුණාද දන්නේ නැහැ.

      ඔහොම යන අතරෙ විලියම්-කේට් දෙන්නාත් පවුලට වඩා වැඩි සාමාජිකයන් සංඛ්‍යාවක් එකතු කරගනිමින් ඉන්නවා පේනවා. බොහෝ විට ඔවුන්ටත් බෙකම්ලාට වගේ ‘අයිඩියල්’ පවුල් ජීවිත ගත කරලා පෙන්වන්න උපදෙස් ලැබිලා තියෙන්න පුළුවන්. බෙකම් මේ විදිහට බටහිර බිඳවැටෙන සමාජ ස්තරයේ පවුල් සංස්ථාවේ පරමාදර්ශය වෙන කොට, ඊට සාපේක්ෂව බෙකම් ‘අපේ එකෙකුත්’ වෙනවා.

      ජගත් පිළිගනීවි සිරිලක තුල ඉස්සර පොතේ ලියලා අත්සන් කරන්නේ නැතිව විශ්වාසෙට පවුල් කාපු අතීත සංස්කෘතියක් තිබුණට දැන් ලංකාවේත් යුරෝපයට තරගයක් දෙන්න පුළුවන් තරමට ඉදිරියට ඇවිත් තියෙනවා. විශේෂයෙන් මුදල් සහ බලය තියෙනවා නම් පවුල් දෙක-තුනකුත් තියෙනවා. එක පවුලක් නීත්‍යනුකූල සහ ‘සෙරමෝනියල්’ පවුල විදිහට පවතිනවා. සෙසු පවුල් සෙසු විදිහට. මේ සියල්ල සමාජයත් දන්නවා; පවුලත් දන්නවා; ඔක්කොම දන්නවා; නොදන්වා වගේ ඉන්නවා. මේ සිස්ටම්-එකට කාගෙන් වත් විරෝධයක් එන්නේ නැහැ: අඩුම තරමින් නීත්‍යනුකූල බිරියගෙන්වත්! මොකද: ඇය දන්නවා පවුලෙන් එළියට බැසීම තුළ අස්ථාවර වන්නේ තමන්ම බව. ඒ නිසා ඇමැති සැප, ධනපති සැප ලබමින් මේ නීත්‍යනුකූල බිරියන් සියල්ල නොදුටුවා සේ පවතිනවා.

      Delete
    4. මේ නිසාම ඉතාමත් පැහැදිලියි ඒ නිසා මතුපිට තලයේ ඔවුන් ඉතා පරමාදර්ශි, සංස්කෘතික සහ ආචාරධර්ම රකින මිනිසුන් මෙන් පෙන්වාගෙන සිටින නැත්නම් රඟපාන ඒත් ඔවුන්ගේ සැබෑ ජීවිතවල යටිපෙළ කුණු වෙලා වැක්කෙරෙන බව ඉතාමත් පැහැදිලියි.

      ඔය හේතු කාරණා මත ලංකාවේ එතනින් එහාට සෙසු සමාජ ප්‍රපංච ගැන කිව යුතු නැති තරම්. හැබැයි යම් කිසි විදිහකින් මේ ‘අනියම්’ වශයෙන් පවතින සම්බන්ධයක් ‘නියම්’ කර ගත්තොත් එතනදී දරුණු විවේචනවලට ලක් වන්න සිදු වෙනවා. මතක නම් ලංකාවේම ජනප්‍රිය වියපත් ගායකයකුගේ දෙවැනි විවාහයේදී මේ තත්ත්වයට මුහුණ දෙන්න ඔහුට සිදු වුණා. දරුණු විවේචන එල්ල වුණත් ඔහු කළේ තමා වසර ගණනාවක් ඇසුරු කරපු තරුණියට තම ජීවිතයේ නීත්‍යනුකූල පදනමක් දීම පමණයි. බහුතර‍යේ අනුමැතිය ලැබෙන්නේ යටින් කුණු වෙච්ච උඩින් ‘ටිපිකල්’ ෆැමිලි ලයිෆ්-එකකට. කොහොම හරි යුරෝපයේ ජනප්‍රිය තරුව ‘අපේ එකෙක්’ වෙන්නේ මෙන්න මෙතනදී. කන්ට්‍රැක්ට්-එකෙන් එන ගානට සාපෙක්ෂව පවුලක් ඇතුළේ රැඳී සිටීමත් හරි ශෝක් වැඩක්. බෙකම්... ඒක හරියටම කරලා පෙන්නන බෙකමුත් ‘අපේ එකෙක්’.

      හැබැයි බෙකම්ට වඩා ලියෝ ලෝක ඉතිහාසයේ මෑතකාලීන අති විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකය විතරක් නෙවෙයි,අති විශිෂ්ඨම ටීම් මේට්, නායකයා කියලත් මේ ආර්ජන්ටිනා ටීම් එකේ අනිත් ක්‍රීඩකයොන්ගේ කතා ඇහුවම අපිට හිතෙනවා.

      ඔවුන් මෙසී වෙනුවෙන් මැරෙන්න වුනත් සුදානම්.

      කණ්ඩායමම ක්‍රීඩා කරන්නේ රටට ලෝක කුසලානය දිනනවටත් වැඩිය මෙසීට ලෝක කුසලානයක් දෙන්න.

      ඔවුන් ඒ වෙනුවෙන් උපරිමයටත් එහා ගිහින් දෙනවා..

      වැරදිලා හරි ප්‍රතිවාදී ක්‍රීඩකයෙක් මෙසීව ෆවුල් කරන්න ලං වුනොත් එතන ලෝක යුද්ධයක්.

      මොවුන් මෙසීට පන ඇරලා ආදරය කරනවා..

      අපි දන්න සුපිරි ෆුට්බෝල් ක්‍රීඩකයො ඊගො වලින් පිරිච්ච ක්‍රීඩකයෝ.

      මොඩ්ල් ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා එක්ක එනවා. නැෂනල් කණ්ඩායමේ පොඩි ක්‍රීඩකයො ගණන් ගන්නේ නැහැ.

      ක්‍රීඩා කරද්දි කණ්ඩායමේ තමන්ට විශේෂ සැලකිල්ලක් බලාපොරොත්තු වෙනවා.

      අපි දැක්කා ක්‍රිස්ටියානො රොනාල්ඩෝ, බෘනෝ ෆර්නැන්ඩස්ගේ ගෝල් එකකට ඔලුව දාලා ඒක තමන්ට ඉල්ලලා කෑ ගහපු හැටි.

      මෙසී අනිත් පැත්තට තමන්ට ලැබෙන පෙනල්ටි පවා බෙදලා දෙන ක්‍රීඩකයෙක්.

      මෙසී මේ ආර්ජන්ටිනාවේ පොඩි උන් බලාගත්තේ තමන්ගේ ළමයි වගේ.

      ලෝකේ විශිෂ්ඨතම ක්‍රීඩකයා වුනත් ඔවුන් එක්ක මිශ්‍ර වුනා, හදවතින්ම එකට හිටියා, ඉගැන්නුවා. ඔවුන් බලාගත්තා.

      ආර්ජන්ටිනා ෆුට්බෝල් බංකොලොත් වුනු කාලයක් තිබුනා. ඒ කාලේ අප්‍රසිද්ධව පුද්ගලික මුදල් වියදම් කළා.

      ඔවුන් එක්ක එකට කෑවා, බිව්වා, එක රූම් එක ශෙයා කරගත්තා.

      සුපර් ස්ටාර්ඩම්, සීනියරොටි බැම්මක් නඩත්තු කළේ නෑ.

      මේ හැමෝම මෙසීගේ ෆෑන්බෝයිස්ලා වුනත් මෙසී තමන්ගේ ටීම් මේට්ස්ලා විදියට ඔවුන්ට සැලකුවා.

      අද ඔවුන් මෙසී වෙනුවෙන් යුද්ධයට වුනත් එනවා. ඒ ආදරය සල්ලි වලින්වත්, ජනප්‍රියත්වයෙන්වත් ගන්න බැහැ.

      ඒවා හදවතින්ම එන මානුෂීය හැඟීම්.

      අවුරුදු දහයෙදි හම්බ වුනු පොඩි කෙල්ලව, ලෝකේ වෙන රටකට ගිහින් සුපිරි පාපන්දු තරුවක් වුනාට පස්සෙත් අමතක නොකර, එයාවම හොයාගෙන ගිහින්, එයාව බැඳලා ලස්සන පවුලක් හදන් ඉන්න මෙසීට,

      තමන් පොඩි කාලේ ඉදන් ක්‍රීඩා කරපු යාලුවො එක්ක තාමත් ඒ විදියටම ඉන්න මෙසීට,

      එහෙම ඉන්න බැරි වුනොත් තමයි පුදුම, ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සෑම අතකින්ම සාර්ථක විශිෂ්ඨයෙක්.

      Delete
  3. රටකජු වලින් අරක්කු පෙරාගන්න බැරිද ඉකොනෝ අපිට ගෙදරදී?

    ReplyDelete
  4. මහත්තයා රටකජු ගොවියෙක්ද?

    ReplyDelete
  5. //මම හිතන්නේ රටකජු බටර් හදන අත් යන්ත්‍රයක් ලංකාවේ ලියවන පට්ටලයක වුනත් හදාගන්න පුළුවන්.//

    මම ගෙදර පීනට් බටර් වගේම ආමන්ඩ් බටර් හදාගන්නවා සාමාන්‍ ගෘහස්ත ෆූඩ් ප්‍රොසෙසරයක් පාවිච්චි කරලා

    ReplyDelete
  6. සංස්ථා කජු වලින් හදන බටර් තියෙනවානේ ඉකොනෝ කජු සංස්ථාවේ

    ReplyDelete
  7. පීනට් බටර් කාලා බඩ ගියා මට

    ReplyDelete
  8. ඉන්දු චීන බෝඩර් එකේ සෙබළු ගහගෙන නේද? අපි මොකද කරන්නේ සර්?

    ReplyDelete
  9. අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (14) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි.

    පරිප්පු කිලෝවක මිල රුපියල් 4 කින් ද, පාන්පිටි කිලෝවක මිල රුපියල් 15 කින් ද, සුදුලූණු කිලෝවක මිල රුපියල් 35 කින් ද, ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 9 කින් ද, ටින් මාළු ග්‍රෑම් 425 ක් රුපියල් 5 කින් ද, අඩු කළ බවත් ඒ අනුව පරිප්පු කිලෝවක මිල රුපියල් 385 ක්, ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 190 ක්, ටින් මාළු ග්‍රෑම් 425 ටින් එකක මිල රුපියල් 490 ක්, පාන්පිටි කිලෝවක් රුපියල් 250 ක් සහ සුදුලූණු කිලෝවක් රුපියල් 460 ක් දක්වා පහත ගිය බවත් සතොස කීය.

    ReplyDelete
  10. ඉකොනොමැට්ටා,

    ඔබ ලංකාවේ උද්ධමනය අඩු වෙලා කියලා අසත්‍ය තොරතුරු මත පදනම්ව පෝස්ට් කීපයක් පළ කළේ ලංකාවේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වැල් බයිලා විස්වාස කරලා නේද? ඔන්න දැන් ඒ කට්ටිය තවත් ආතල් එකක් දීලා තියෙනවා ද මන්දා නේද මේ දවස් වල ලංකාවේ පුද්ගලයකුට මාසයකට අදාළව තම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම මුදල රුපියල් 13,810ක් යයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි කියලා ලංකාවේ ප්‍රධාන මාධ්‍ය මගින් තවත් වලස් පචයක් ජනගත කරලා තියෙන්නේ මේ 2022 දෙසැම්බර් මාසයේ නිකුත් වූ නව මිල ගණන් වලට අනුකූලව. ඔබ වගේ පිටරටවල ඉන්න කට්ටිය මේක ඇත්ත කතාවක් කියලා පිළිගෙන මුලා වී වැල් බයිලා ලියන එක නිසා මම මේ කියන්නේලංකාවේ උද්ධමනය 2022 නොවැම්බර් මස සහ දෙසැම්බර් මාසේ ද ගොඩක් වැඩි වෙලාව වේගයෙන් වැඩි වෙන බව අපේ නිරීක්ෂණය.

    නමුත් ලංකාවේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ කට්ටිය කියන විදියට දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම දරිදතා සටහනේ මේ බව පෙන්වන්නේ මෙහෙමයි.

    දිස්ත්‍රික්ක අනුව මාසයක් ජීවත් වීම සඳහා වැඩිම පිරිවැයක් දරන්නට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර එය රුපියල් 14,894කි.

    අඩුව පිරිවැයකින් මාසයක් ජීවත්විය හැක්කේ මොනරාගල දිස්ත්‍රික්කයේ වන අතර එම අගය රුපියල් 13,204කි.

    මේ ගණන් වලින් ලංකාවේ ජීවත් වෙන්න නම් ආරණ්‍ය සේනාසනයකට ගිහින් වනගත වෙලා වනයෙන් පලවැල නෙළාගෙන අත්‍යාවශ්‍යම දේවල් ෆෝන් එකේ බිල වගේ දේවල් ඇතුළු අත්‍යවශ්‍යම දේට විතරක් වියදම් කරන දැඩි මූල්‍ය විනයක් අත්‍යවශ්‍ය වන බව පේනවා නේද?

    ReplyDelete
  11. ඉකොනොමට්ටා,

    ඔබ කලින් පලකල මේ අදහස වැරදුනා නේද?

    ඉකොනොමැට්ටා EconomattaMay 20, 2022 at 11:41 PM

    මම අදහස් කළේ ලබන සතියේ මැතිවරණයක් පැවැත්විය යුතු බව නෙමෙයි. රනිල් වික්‍රමසිංහට මාස හයක වැනි කාලයක් ඇදගෙන යන්න පුළුවන් වෙයි. ඊට වඩා අදින්න අමාරුයි.

    ReplyDelete
  12. ඉකොනෝ මහත්තය ටින් එකක් බොමුද

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: