වෙබ් ලිපිනය:

Sunday, December 25, 2022

අයවැය කළමනාකරණයේ දිශානතිය

සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ 2022 තෙවන කාර්තුව තුළ 2021 තෙවන කාර්තුවට සාපේක්ෂව රාජ්‍ය ආදායම් 57.6%කින් වර්ධනය වී තිබෙනවා. තෙවන කාර්තුවේදී රටේ මූර්ත ආර්ථිකය 11.8%කින් හැකිලුනත්, 64.7%ක් වූ උද්ධමනයේ බලපෑම නිසා නාමික දළ දේශීය නිෂ්පාදිතය 45.2%කින් ඉහළ ගියා. මෙම තත්ත්වය තුළ, නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට අනුරූපව රාජ්‍ය ආදායම් ඉහළ යාම ස්වභාවික ලෙසම සිදු විය යුතු දෙයක්. ඉතිරි කොටස බදු ප්‍රතිපත්ති වෙනස් වීමේ ප්‍රතිඵලයක් සේ සැලකිය හැකියි.

නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට අනුරූපව රාජ්‍ය ආදායම් මෙන්ම රාජ්‍ය වියදම්ද ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයයි. එහෙත්,  2022 තෙවන කාර්තුව තුළ 2021 තෙවන කාර්තුවට සාපේක්ෂව රාජ්‍ය වියදම් වල 1.4%ක සුළු අඩුවීමක් දැකිය හැකියි. විදේශ ණය හා පොලී නොගෙවා පැහැර හැර තිබීම මෙයට හේතුවක් විය හැකි වුවත්, දේශීය ණය පොලී අනුපාතික විශාල ලෙස ඉහළ ගොස් තිබීම නිසා වියදම් මත ඇති වී තිබෙන පීඩනයද අප‍ට අමතක කළ නොහැකියි. ඒ අනුව, රාජ්‍ය වියදම් දැඩි ලෙස සීමා කිරීමක් පෙනෙන්නට තිබෙනවා.

ඉහත තත්ත්වයන් තුළ 2021 තෙවන කාර්තුවේදී රුපියල් බිලියන 548.0ක් වූ රාජ්‍ය අයවැය හිඟය 2022 තෙවන කාර්තුවේදී රුපියල් බිලියන 341.8 දක්වා 62.4%කින් පහත වැටී තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් ගොඩයාමටනම් මේ තත්ත්වය දිගටම පවත්වා ගන්නට සිදු වෙනවා.

5 comments:

  1. මොකක්ද අර්බුදය?

    ReplyDelete
  2. දිනේස් පාස්ටර් ගේ මරණයට ඉකොනෝ මැට්ටා සම්බන්දයි කියනවා නේද

    ReplyDelete
    Replies
    1. ඉකොනොමැට්ටා ඕකට සම්බන්ධ ද දන්නේ නෑ ඒත් ඉතින් රනිල් වික්‍රමසිංහ යටතේ ලංකාවේ නීතිය හා සාමය ඉතා සුපිරිසිදු මට්ටමක පවතින බව පේනවා ඔය කේස් එකෙන් නේද?

      උදාහරණයක් විදියට ඔය සීන් එක ආරංචි වුණ වෙලාවේ මගෙ හිතේ නම් ලංකාවේ අපරාධ විමර්ශන අංශ ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුණා, ඒ නිසා පහුගිය දින වල දිනේස් ශාප්ටර් මර්ඩර් එකේ හෙට අනිද්දම ඝාතකයා හොයා ගනී කියලා මමත් බලාගෙන හිටියා.

      ඒත් ඒ අහිංසක බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම කඩ උනා මේක සුයිසයිඩ් එකක් කියලා සැකයක් තියෙනවය කියලා ලංකාවේ පොලෝසීය කිව්වම රහස් පොලෝසීය දැනටම දන්නවා ඝාතකයා කවුද කියලා මට පේන්නෙ. හැබයි ෆයිල් එක වහන්න යන්නෙ සියදිවි නසාගැනීමක් පටලවලා. අඥී අඥී Whotto 😜😜

      ඇත්තටම මෙතන කරන්න අමාරුම උපකල්පනය තමයි ශාප්ටර්කාරයා සුයිසයිඩ් කරගත්තා කියන උපකල්පනය..
      🥴🥴

      යකෝ ඕන ඔටු ලබ් බෙකුට තේරෙනවා ශාප්ටරයා නැන්දම්මට මේ වගෙ දුවෙක් දුන්නට රොම්බ තෑන්ක්ස් කරලා ලියුමක් එහෙම ලියලා, නැන්දම්මගෙ ගෙදරින් ඇන්‍ටනා වයර් කෑල්ලකුත් අරන් ඉතිරි කෑල්ල පරිස්සමට එහෙ තියලා , කේබල් ටයි ටිහකුත් අරන් එයින් කිහිපයක් තමුන්ගෙ කාමරේ ලාච්චුවෙත් දාලා හතරට එයා පෝට් යන්න පිටත් වෙන්න තියනකොට 1.55 ට " මන් පැය බාගෙන් එන්නම් ය" කියලා වයිෆ්ටත් කියලා තමුන් කන්ඩ ආසම නැති ශෝටිස් වලින් අවසන් භෝජනය හැටියට මිලට අරන් ඒකත් කාලා කනත්තෙ තමුන් ආස ලක්සන තැනක වාහනෙත් පාක් කරලා කොහෙවත් ඉන්න බ්‍රයනාට බොරු මැසේජ් එකකුත් දාලා ඒක මකලා දානවා කියලත් කියලා තමන්ගේම අත් දෙකත් කේබල් ටයි වලින් හිර කරන් බෙල්ලත් සීට් එකේ හිරවෙන්න ඇන්ටනා වයර් එකෙන් හිර කරගෙන (අඩේ සිරාවට ඌ මුලින්ම හිර කරගන්න ඇත්තෙ අත් දෙකද ? බෙල්ලද? 😂 බෙල්ල හිරකරගෙන ඉන් පස්සෙ අත් දෙක බැදගත්තා කියලද අපේ බුක්දිමත් පොලීසියේ අදහස? එහෙම නැත්තම් අත් දෙක බැඳගෙන අහවර වෙලා බෙල්ල හිර කරගත්තා කියලද? 😂😂)

      යකෝ ඔයිට මීට වඩා අසුහාරදාහක් විතර මැරෙ ම්න ලේසී ක්‍රම තියෙද්දි මෙච්චර රට විගඩම් බහුබූත ටිකක් නටන් නැතුව කනත්තෙ වලක් කපන් වැලලෙන්න තිබුනා කියලා පොලීසිය තාම කියලා නැද්ද? 😂

      කෙටියෙන් කියනවනම් ඔන්න ඔහොමයි වැඩේ කතාවේ අවසාන කන්ක්ලූෂන් එක හරි දුක්බර කතාවක්
      අනේ මන්දා අපේ මාතෘ භූමිය ලංකාව කියලා කියන්නේ දුශීතම නීති පද්ධතියක් තියෙන රටක්.

      නැන්දම්මට ලියුම්... අනේ පගෝ 😂😂😂

      උබලට ජිවිතේට නැන්දම්මට ලියුමක් ලියන්න හිතිලා නැත්ද? උබලගෙ වයිෆ් ව හස්බන්ඩ්ව උබලා වෙනුවෙන් බිහි කලාට 😂😂

      තාම ලියුමක් ලියලා නැත්තම් අදම ලියන්න ගනින් . ඉස්සරහට ඕනෙ වෙයි 😁

      මට දැන් තියෙන සැකේ ශාප්ටර් ඇයි නැන්දම්මට ටෙලි ග්‍රෑම් එකක් නොගහා ලියුමක් ම ලිව්වෙ කියලා 😌 ඒකට උත්තර සමන් එදිරිමුණි ගොයියාගෙන් හරි සුජීව ප්‍රසන්න ආරච්චියගෙන් හරි ලියල ගන්න ලම්කාවේ පගේ පෝලෝ සීයලාට කියන්න ඕනේ... රොමැන්ටික් විදියට...

      Delete
  3. ඇමරිකන් සොල්දාදුවා

    ReplyDelete
  4. මොකද මේ කට්ටිය කියන්නේ ඉකොනෝ කට ගොන්නක් බීගෙන ගිහිං අල්ලපු ගෙදර තැපැල් දෙපාර්තමේන්තුව එක්ක වලියක් දාගෙන කියලා

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: