බදු නොගසා මහ සෑය හදන්න අරමුදල් සොයා ගත් ආකාරය ගැන කලින් ලිපියේ කතා කළානේ. ඒ ලිපියේ විස්තර කර තිබෙන පරිදී, මහා වංශයට අනුව, රත්තරන් හමු වෙන්නේ අනුරාධපුරයට යොදුන් තුනක් ඊසාන දිගින් පිහිටි ආචාර විදියෙන්. රිදී හමු වෙන්නේ අනුරාධපුරයට යොදුන් අටක් දකුණු දෙසින් පිහිටි අම්බට්ඨකොළ දනවුවෙන්.
වෙනත් සම්මතයන්ද තිබුණත්, යොදුනක් කියන්නේ අද සම්මතය අනුව කිලෝමීටර දහතුනකට ආසන්න දුරක් ලෙසයි සැලකෙන්නේ. ඒ අනුව, අනුරාධපුර සිට ඊසාන දිගට ඔය යොදුන් තුන යද්දී රන්පත්විල කියන ගම හමු වෙනවා. ගැමුණු රජ සමයේ ආචාර විදිය ඔය රන්පත්විල වෙන්න පුළුවන්. ඒ වගේම දකුණට හරියටම යොදුන් අටක් යද්දී තමයි රිදීගම හමුවෙන්නේ. අනුරාධපුර සිට රිදීගම පසු කර දිගටම යන ගැලකට මලය රටට යන්නත් පුළුවන්. ඒ අනුව, රිදීගම කියන්නේ ගැමුණු රජ සමයේ අම්බට්ඨකොළ දනවුව වෙන්න පුළුවන්. (පාඨක ප්‍රතිචාරයකට අනුව පුරා විද්‍යා සාධක වලින් මෙවැන්නක් තහවුරු වී තිබෙනවා.)
මහ සෑය හදන්න සල්ලි හොයන විදිහ ගැන ගැමුණු රජු දහ අතේ කල්පනා කර කර ඉඳිද්දී රටෙන් හමු වුනේ රන් හා රිදී පමණක් නෙමෙයි. තඹවිට ප්‍රදේශයෙන් විශාල තඹ නිධියකුත් හමු වෙනවා. ඔය කාලයේ තඹ කියන්නෙත් සල්ලි.
දැනටත් ලංකාවේ තඹවිට කියා ගමක් තිබෙනවා. එය තියෙන්නේ සබරගමු පළාතේ මාවනැල්ල පැත්තට වෙන්න. අනුරාධපුරයේ සිට යොදුන් දොළහක් පමණ දකුණට වෙන්න. මහා වංශයේ සඳහන් තඹවිට මේ තඹවිට වෙන්න බැහැ. එය පිහිටා තිබී ඇත්තේ අනුරාධපුර සිට යොදුන් හතක් නැගෙනහිර පැත්තට වෙන්නයි. සමහර විට මුල් තඹවිට සිට සපරගමුවට සංක්‍රමණය වූ අය දැන් තිබෙන තඹවිට පදිංචි වුනා වෙන්න පුළුවන්. එසේ නැත්නම් ඒ ප්‍රදේශයෙනුත් තඹ හමු වුනා වෙන්න පුළුවන්.
රන් රිදී හා තඹ පමණක් නෙමෙයි. නුවරින් සතර යොදුනක් ගිනිකොණ පිහිටි සමන් වැව් ගමෙන් මැණික් හමු වෙනවා. සත් යොදුනක් උතුරින් පිහිටි පෙල වැව්ව ගමෙනුත් මැණික් ලැබෙනවා. පස් යොදුනක් බටහිරෙන් පිහිටි උරුවෙල් පටුනෙන් මුතු හා පබළු ලැබෙනවා. මේ විදිහට රන්, රිදී, තඹ, මුතු, මැණික් ආදී හැම දෙයක්ම එක වර ලැබෙන්න පුළුවන්ද? පිනට පහළ වුනා වගේ කතාවක් මෙය කියවන ගොඩක් අය පිළිගන්න එකක් නැහැ. මෙහෙම දෙයක් වුනා කියා පිළිගන්නනම් වඩා හොඳ පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා.
ඇත්තටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒක වෙන්නේ කුමක් හෝ හේතුවක් නිසා එකවරම මේ දේවල් වලට ඉල්ලුමක් ඇති වූ විටයි.
කලින් ලිපියක අපි වාලම්පුරි ගැන කතා කරලා තියෙනවා. දකුණට කැරකුණු හක් බෙලි කටුවක තිබෙන විශේෂ ප්‍රයෝජනය කුමක්ද? එහෙම කිසිම විශේෂ ප්‍රයෝජනයක් නැහැ. නමුත් වාලම්පුරියක් විශාල මුදලක් වටිනවා. ඒ අපි වාලම්පුරියකට ලොකු වටිනාකමක් තිබෙනවා කියලා හිතන නිසා.
ටිකක් හිතලා බැලුවොත් රන්, රිදී, තඹ, මුතු, මැණික් ආදී ගොඩක් දේවල් වලින් ඇත්තටම ලොකු ප්‍රයෝජනයක් නැහැ. ඔය දේවල් ඔය තරම් වටින්නේ අපි එහෙම හිතන නිසා. රත්තරන් වටිනා දෙයක් බව "නොදන්නා" සංස්කෘතියකට රත්තරන් වල කිසිම වටිනාකමක් නැහැ. යුරෝපීයයන් ඇමරිකාවට එන තුරු ඇමරිකාවේ ස්වදේශිකයින් සියවස් ගණනක් රත්තරන් උඩ ඇවිද්දා. ඔවුන්ට රත්තරන් වල වටිනාකමක් තිබුණේ නැහැ.
ගැමුණු රජ සමයේ ලංකාවේ ජීවත් වූ ගැමියෙකුට රන්, රිදී, තඹ, මුතු, මැණික් වගේ දෙයකින් තිබෙන ප්‍රයෝජනය කුමක්ද? එවැනි ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා කවුරුවත් ඕවා හොයන්න මහන්සි වෙන්නේ නැහැ. මේ දේවල් වලට වටිනාකමක් ලැබෙන්නේ හුවමාරු වටිනාකමක් විදිහටයි. එය සිදු වෙන්නේ ගනුදෙනු සංස්කෘතියක් ඇතුළේ.
නමුත් හදිසියේ එකවරම ගැමුණු රජු මහ සෑය හදන්න පටන් ගන්නවා. රන්, රිදී, තඹ, මුතු, මැණික් වගේ දේවල් එකතු කර දීමෙන් රජුට ඒ සඳහා උදවුවක් වෙන බව මිනිස්සු දැනගන්නවා. මෙය යුද්ධයක් දිනලා ජාතික ප්රබෝධයක් ඇති වී තිබෙන කාලයක්. මහ සෑය කියන්නේ මිනිස්සුන්ගෙත් කැමැත්තක් තිබෙන දෙයක්. ඒ නිසා මිනිස්සු තමන්ට හමු වෙන රන්, රිදී, තඹ, මුතු, මැණික් වගේ දේවල් රජ ගෙදරට ගිහින් දෙනවා. මෙය තවත් අය දැන ගන්නවා. මිනිස්සු මේ දේවල් හොයනවා. වැඩේ රැල්ලක් වෙනවා. රැල්ලට වැඩ කරන එක දැන් වගේම ඒ දවස් වලත් නොවෙන්න හේතුවක් නැහැනේ. ඔය හේතුව නිසා කෙටි කාලයක් ඇතුළත රට හැම තැනින්ම රජ මාලිගයට වස්තු සම්පත් එකතු වෙනවා.
දැන් ලියවෙන්නෑ මේ ජාතියෙ ලිපි ලියැවුණු blog එක සිංහලේ
ReplyDeleteරැල්ල ගහන්නට පටන් ගත්තහම නවත්තන්නෙ කොයි කවුද බොලේ
කුරුලු උයනෙනුත් මෝටර් සයිකල් මතු වෙල එව්වත් ඉහළ පෙළේ
තව තව මොනවා මතු වෙද අද හෙට- ලබල වගෙයි හෙනහුරු අපලේ
නිමල් නැමැති පිළිකාවා
Deleteකුහක කමේ බේරෙනවා
රන් රිදී කෙසේවෙතත්, සේරුවිල තඹ නිධිය නම් මේ මහාවංස සටහනට සමපාත වෙනවායි මේ ලිපියේ සඳහන් වෙනවා.
ReplyDeletehttps://www.infolanka.com/org/srilanka/hist/95.htm
ස්තුතියි ලොකු රංසිරිමල්
Deleteවැදගත් ලිපියක්. මහා වංශ විස්තරය අනුව තඹවිට පිහිටා තිබී ඇත්තේ වත්මන් සේරුවාවිල කිට්ටුව තමයි. මෙම තඹවිට කියන නමෙන් පෙනෙන පරිදි රන්, රිදී අදාළ ප්‍රදේශ වලින් මුලින්ම හමුවුනේ මෙම කාලයේදී වුවත්, තඹ ඊට පෙර සිටම භාවිතයට ගෙන තිබෙන බව පේනවා. අදාළ ප්‍රදේශයේ සාපේක්ෂව විශාල තඹ නිධියක් තිබුණා විය හැකියි. ඊට සාපේක්ෂව තිබුණු සුළු රන්, රිදී ප්‍රමාණ ඉක්මණින් අවසන් වුනා වෙන්න පුළුවන්.
Deleteඇත්තටම ඉකොනෝ ලංකාවේ අධික බදු බර සාධාරණද?
ReplyDeleteඒ වගේම බදු විෂමතාවය උදාහරණ විදිහට අපි බදු ගෙවන හැටි සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බදු ගෙවන හැටි අතර විශාල වෙනසක් තියෙනවා
අපි හැමෝටම ඒ දවස්වල මාලිමා පක්ෂයේ අය කිව්වා මතකයි නේද "මාලිමා රජයකින් සාමාන්‍ය මනුස්සයෙකුට නැති කිසිම වරප්‍රසාදයක් මන්ත්‍රීවරයෙකුට නැහැ" කියලා? අහගෙන හිටපු මිනිස්සු "ජයවේවා!" කිව්වා.
ඒත් ඇත්තටම වෙන්නේ මොකක්ද? 🤔
රටේ ලක්ෂ 3ක මාසික ආදායමක් ලබන සාමාන්‍ය පුරවැසියෙක් රජයට විශාල ලෙස බදු ගෙවනවා. නමුත් මාධ්‍ය වාර්තා කරන හැටියට, පාර්ලිමේන්තුවේ රුපියල් ලක්ෂ 3ක වැටුපක් ලබන මන්ත්‍රීවරයෙක් ගෙවන්නේ රුපියල් 3,000කටත් අඩු ඉතාම කුඩා බද්දක් විතරයි.
මේක සාධාරණද?
සමහරවිට "පැලවත්තේ පක්ෂ අරමුදලට" වැටුප බැර කරනවා කියන, තමන්ගේ පාර්ලිමේන්තු වැටුප කීයද කියලා වත් නොදන්නා මන්ත්‍රීවරු මේවා නොදන්නවා ඇති.
හැබැයි දැනගත්තොත් මොකද වෙන්නේ?
ඇත්තටම මේක දැනගෙන, "ජනතාවට නැති වරප්‍රසාදයක් අපි භුක්ති විඳින නිසා, හරියට ජනතාවට කපන විදියටම බදු අපෙන් අය කරන්න" කියලා යෝජනාවක් සම්මත කරන්න එයාලට පුළුවන් වෙයිද?
මේ වගේ දේවල් වල සමාජ සහ ආර්ථික විද්‍යාත්මක බලපෑම පිළිබඳව ඔයාට මොකද හිතෙන්නේ?
ඇත්තටම ඉකොන් ලංකාවෙන් පිටවී යන ජූලී චං වෙනුවට ලංකාවට අලුතෙන් එන තානාපති එරික් මේයර් ගැන අවධානය යොමු කිරීම වැදගත්. එරික් දකුණු ආසියාව ගැන හොඳට දන්න පළපුරුදු නිලධාරියෙක්. සමුද්‍ර ආරක්ෂාව, මානව හිමිකම්, ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන ඔහු වැඩියෙන් අවධානය යොමු කරයි කියල හිතෙනවා.
ReplyDeleteවිශේෂයෙන් ට්‍රම්ප් වගේ අය ඔවුන්ගේ භයානක ආත්මාර්ථකාමී දුෂ්ට ප්‍රතිපත්ති ලංකාවට කෙලින්ම බලපානවා. ලංකාවේ අපනයන, මානව හිමිකම් ගැන ඔවුන්ගේ ස්ථාවරය, කලාපීය බල තුලනය සහ IMF ණය උගුලේ ලංකාව තවත් හිරවීම වගේ දේවල් නිසා ලංකාවට ඉතාම පැහැදිලිවම බරපතල විදියට ලොකු ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.
ලංකාවේ ආණ්ඩුවත් මේකට මුහුණ දෙන්න අසමත් වෙලා තියෙන්නේ. රට ස්ථාවර කරන්න, ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න, දූෂණය නවත්වන්න, විදේශ ආයෝජන ගේන්න එයාලට බැරි වෙලා. අමෙරිකා එක්සත් ජනපදය වගේ රටවල් වල ආණ්ඩුව වෙනස් වෙද්දි, මේ අසාර්ථකකම් නිසා ලංකාවට තවත් අමාරු වෙනවා.
මේ තත්ත්වයට මුහුණ දෙන්න ශක්තිමත්, විනිවිදභාවයෙන් යුත් දේශීය ආර්ථිකය ශක්තිමත්ව ඉදිරියට යන්නට රජයේ පූර්ණ අනුග්‍රහය සහිතව බුද්ධිමත්ව හිතලා නිර්මාණශීලීව හදපු ප්‍රතිපත්ති ඕනේ. හැබැයි, ආණ්ඩුව මේක කළමනාකරණය කරන්න අසමත් වීම නිසා, ඉදිරියේදී ලංකාවේ ජනතාවට දැඩි ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියල නම් පැහැදිලිවම පේනවා
ලංකාව ගත්තම පසුගිය ආණ්ඩු වල ආර්ථික කළමනාකරණය සහ වත්මන් තත්ත්වය අනුව පහුගිය 2015-2019 කාලයේ රජයේ ප්‍රතිපත්තිය සමග රටේ ආර්ථිකය විශාල ලෙස ආර්ථික පසුබෑමකට ලක්වීම සහ ඊට පෙර පැවති රජයන්හි ආර්ථික වර්ධනය පිළිබඳව ඔබ සඳහන් කළ දත්ත සලකා බලන විට, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට මූලිකවම බලපාන ආයතනික සාධක (Institutional Factors) සහ ප්‍රතිපත්තිමය සාධක (Policy Factors) මොනවාද? වර්තමාන රජයට එම අතීත අත්දැකීම් වලින් පාඩම් ඉගෙනගෙන ඉදිරි ආර්ථික අභියෝග සාර්ථකව කළමනාකරණය කර ගැනීමට හැකි වන්නේ ඔබ විශ්වාස කරන විදිහට මොන ආකාරයේ ප්‍රතිපත්ති අනුගමනය කළොත්ද?