ටික දවසකට කලින් අපේ ප්‍රාන්තයේ ආදායම් දෙපාර්තමේන්තුවෙන් විද්‍යුත් ලිපියක් ලැබුණා. එහි සඳහන්ව තිබුණේ එම දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක් (message) එවා ඇති බව සහ එම දෙපාර්තමේන්තු වෙබ් අඩවියට ගොස් අපගේ පරිශීලක නාමය සහ මුරපදය ඇතුළු කර අදාළ පණිවිඩය කියවිය යුතු බවයි.
ප්‍රාන්ත ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රාන්ත වැසියෙකුට පණිවිඩයක් එවන්නට තිබේනම් එය බදු ගෙවීම් හා අදාළ එකක් විය යුතුයි. බදු ගෙවීම් හා අදාළව සිදු කෙරෙන දැනුම් දීමක් හොඳ එකක් වෙන්න තිබෙන ඉඩකඩ අඩු නිසා මෙවැනි විද්‍යුත් ලිපියක් ලැබී අදාළ වෙබ් අඩවියේ ඇති ගිණුමට ඇතුළු වෙද්දී ඇති වන්නේ මේ කඩා පාත් වී තිබෙන්නේ මොන මරාලයක්ද වැනි හැඟීමක්.
නමුත් වෙබ් අඩවියට ගොස් පරීක්ෂා කරද්දී ලැබී තිබුණු පණිවුඩය බිය විය යුතු එකක් නෙමෙයි. එය පසුගිය (2024) වසර සඳහා ප්‍රාන්තයට ගෙවූ ආදායම් බදු මුදල් වැය කළ ආකාරය පිළිබඳව විස්තරාත්මක දැනුම් දීමක්. බදු මුදල් එකතු කර ගැනීමෙන් පසුව සිදු වන ක්‍රියාවලිය පිළිබඳව මුලින්ම විස්තර කිරීමක් සිදු කර තිබුණා. ඒ අනුව, එකතු කර ගන්නා බදු මුදල් සියල්ලම මුලින්ම ප්‍රාන්ත රජයේ පොදු අරමුදලකට බැර කෙරෙන අතර ඉන් පසුව ව්‍යවස්ථාදායකය විසින් විවිධ කටයුතු සඳහා එම මුදල් වෙන් කරනවා. ගෙවූ බදු මුදල එක් එක් කාර්යය සඳහා යොදවා ඇති ආකාරය බදු ගෙවන්නෙකුට දැනගත හැකියි.
අපේ ප්‍රාන්තයේ වැසියන් සියළු දෙනෙකු විසින්ම එකම අනුපාතයකින් ප්‍රාන්ත ආදායම් බදු ගෙවිය යුතුයි. බදු නිදහස් සීමාව එක් බදු ගෙවන්නෙකුට වසරකට ඩොලර් 1000ක් පමණයි. එම සීමාවෙන් ඉහළ ආදායම් වෙනුවෙන් සියලුම ආදායම් උපයන්නන් විසින් 3.05%ක ආදායම් බද්දක් ගෙවිය යුතුයි. මීට අමතරව තමන් ජීවත් වන කවුන්ටියට වෙනම ආදායම් බදු ගෙවිය යුතුයි. උදාහරණයක් ලෙස ප්‍රාන්ත අගනුවර පිහිටි කවුන්ටියට ගෙවිය යුතු ආදායම් බද්ද 2.02%ක්. මේ ආදායම් බදු ගෙවිය යුත්තේ සියලුම ඇමරිකානුවන් විසින් ගෙවිය යුතු ෆෙඩරල් ආදායම් බදු ගෙවීමෙන් අනතුරුවයි. ෆෙඩරල් ආදායම් බදු අනුපාතය ආදායම් මට්ටම අනුව වැඩි වන්නක්.
මෙහි අප අවධානය යොමු කරන්නේ ප්‍රාන්ත ආදායම් බදු වැය කර ඇති ආකාරය වෙතයි. වසරකට ඩොලර් 102,000ක් උපයන පවුලක දෙදෙනෙකු විසින් එකතුව බදු ගොනු කරන්නේයැයි සිතමු. මෙම අගය ප්‍රාන්තයේ පවුලක මධ්‍යන්‍ය ආදායමට වඩා අඩු, එහෙත් මධ්‍යස්ථ ආදායමට වඩා වැඩි අගයක්. ඒ අනුව, එක් අයෙකුට ඩොලර් 1000 බැගින් ඩොලර් 2000ක මුදලක් ප්‍රාන්ත ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. ඉතිරි ඩොලර් 100,000 වෙනුවෙන් ඩොලර් 3,050ක් බදු සේ ගෙවිය යුතුයි. එම මුදල වැය කෙරෙන්නේ පහත පරිදියි.
පොදු (පාසැල්) අධ්‍යාපනය - ඩොලර් $1441.74 (47.27%)
සමාජ සේවා - ඩොලර් $832.34 (27.29%)
උසස් අධ්‍යාපනය - ඩොලර් $306.22 (10.04%)
රාජ්‍ය පරිපාලන වියදම් - ඩොලර් $186.05 (6.10%)
අපරාධ යුක්තිය - ඩොලර් $175.99 (5.77%)
ආර්ථික සංවර්ධනය - ඩොලර් $64.36 (2.11%)
මහජන ඡන්දයෙන් පත් වන්නන්ගේ වියදම් - ඩොලර් $19.52 (0.64%)
පරිසරය හා ස්වභාවික සම්පත් - ඩොලර් $17.69 (0.58%)
යටිතල පහසුකම් - ඩොලර් $6.10 (0.20%)
මෙහි සඳහන්ව තිබෙන්නේ ප්‍රාන්තය විසින් අය කරන පුද්ගල ආදායම් බදු වැය කර ඇති ආකාරය මිස ප්‍රාන්ත රජයේ සමස්ත ආදායම වැය කර ඇති ආකාරය නෙමෙයි. පුද්ගල ආදායම් බදු ප්‍රාන්ත රජයේ සමස්ත ආදායමෙන් 37.4%ක් පමණයි. ප්‍රාන්ත රජයේ ආදායමෙන් 49.5%ක් පමණ ලැබෙන්නේ විකිණුම් හා භාවිත බදු (sales and use taxes) වලිනුයි. සමාගම් ආදායම් බදු වලින් ලැබෙන කොටස 6.1%ක්. ඉතිරිය ඉන්ධන, මත්පැන්, දුම්වැටි, සූදු, රක්ෂණ ආදිය මත පනවා ඇති විශේෂ බදු හා බලපත්‍ර ගාස්තු ආදියයි. එම ආදායම් වෙනත් විවිධ ආකාර වලින් වැය කෙරෙනවා. උදාහරණයක් ලෙස ඉන්ධන බදු වැය කෙරෙන්නේ මාර්ග සංවර්ධනය හා නඩත්තුව පිණිසයි.
වැදගත්ම කාරණය මෙයයි. අපේ ප්‍රාන්තයේ පුද්ගල ආදායම් බදු වලින් 57.31%ක්ම වැය කෙරෙන්නේ අධ්‍යාපනය සඳහායි.
පෙර ලිපියක විස්තර කර ඇති පරිදි, පසුගිය (2025 ජූනි) මාසයේදී ඇමරිකාවේ ෆෙඩරල් රජය විශාල කාලයකට පසු අයවැය අතිරික්තයක් වාර්තා කළා. මෙය එක් මාසයකදී පමණක් සිදුව ඇති දෙයක්ද නැත්නම් දිගටම පැවතිය හැකි දෙයක්ද කියා කියන්නට තවමත් කල් වැඩි වුවත්, මේ ප්‍රතිඵලය ලැබුණේ බදු ආදායම් ඉහළ යාමේ සහ වියදම් අඩු වීමේ සංයුක්ත ප්‍රතිඵලයක් ලෙසයි. වියදම් අඩුවීමක් කියා කිවුවත් ඇත්තටම අඩු වී තිබුණේ ෆෙඩරල් රජය විසින් අධ්‍යාපනය සඳහා වැය කළ වියදමයි. අනෙකුත් බොහෝ වියදම් ඉහළ ගොස් තිබුණා.
මේ අයුරින් ඇමරිකාවේ ෆෙඩරල් රජය විසින් අධ්‍යාපන වියදම් කප්පාදු කිරීමේ පදනම වූයේ ඇමරිකන් ව්‍යවස්ථාව අනුව අධ්‍යාපනය ප්‍රාන්ත රජයන්ට අයිති විෂයයක් වීමයි. අපේ ප්‍රාන්ත රජය වැනි ප්‍රාන්ත රජයයන් විසින්ද අධ්‍යාපන වියදම් කප්පාදු කරමින් සිටීමේ දේශපාලන නැඹුරුව වෙනම කරුණක්.
ඇමරිකන් ව්‍යවස්ථාව අනුව අධ්‍යාපන විෂය කෙරෙහි ෆෙඩරල් රජයට මැදිහත්වීම් කිරීමට බාධාවක් නැහැ. එහෙත් එය ෆෙඩරල් රජය විසින් අනිවාර්යයෙන්ම කළ යුතු කාර්යයක් නෙමෙයි. ෆෙඩරල් රජයේ කාර්යයක් සේ ව්‍යවස්ථාවේ සඳහන් නොවන කාර්යයයන් සැලකෙන්නේ ප්‍රාන්ත රජයන්හි කාර්යයන් ලෙසයි. ඒ නිසා, ඇමරිකාවේ අධ්‍යාපනය නියාමනය කිරීම හා සුබසාධනය කිරීම බොහෝ දුරට සිදු වන්නේ ප්‍රාන්ත මට්ටමෙන් හෝ ඊටත් වඩා පහළ මට්ටමකින්.
සාමාන්‍යයෙන් ඇමරිකාවේ ඕනෑම සිසුවෙකුට පාසැල් අධ්‍යාපනය නොමිලේ ලබා ගත හැකියි. ඒ සඳහා තමන්ට ලඟම පාසැලට යන්නට සිදු වෙනවා. පාසැල වෙනස් කරන්නනම් පදිංචියද වෙනස් කරන්නට සිදු වෙනවා.
අපේ ප්‍රාන්තයේ පාසැල් අධ්‍යාපනය සඳහා වැය වන මුදල් වලින් වැඩි කොටසක් (55%-60% පමණ) ලබා දෙන්නේ ප්‍රාන්ත රජය විසින්. කවුන්ටි බදු වල දායකත්වයද ඉතා විශාල (35%-40%) වන අතර ෆෙඩරල් රජයෙන් සිදු කෙරෙන වෙන් කිරීම් සාමාන්‍යයෙන් 5% ඉක්මවන්නේ නැහැ.
ප්‍රාන්තය සහ කවුන්ටිය විසින් අය කරන ආදායම් බදු, ආදායමට අනුපාතිකව, අඩු හා ඉහළ ආදායම්ලාභීන්ගෙන් එක සේ අය කරනවා කියන්නේ පොදු අධ්‍යාපනයේ බරපැන අදාළ ප්‍රදේශයේම සේවාලාභී පවුල් විසින් පොදුවේ බෙදා ගැනීමට කිට්ටු තත්ත්වයක්. මෙහි ප්‍රතිඵලයක් ලෙස වැඩි ආදායම්ලාභීන් ජීවත් වන ප්‍රදේශ වල ඇති පාසැල් වලට වැඩි සම්පත් ප්‍රමාණයක් ලැබෙනවා. අඩු ආදායම්ලාභීන් ජීවත් වන ප්‍රදේශ වල ඇති පාසැල් වලට ලැබෙන්නේ අඩු සම්පත් ප්‍රමාණයක්. ෆෙඩරල් රජයේ වැඩසටහන් මගින් සිදු වූ එක් ප්‍රධාන කාර්යයක් වූයේ සම්පත් අඩු පාසැල් වලට විවිධ ක්‍රම වලින් සම්පත් ලබා දීම මගින් මෙම විෂමතාවය අඩු කිරීමයි.
ඇමරිකාවේ පාසැල් අධ්‍යාපනය නොමිලේ ලබා ගත හැකි වුවත්, උසස් අධ්‍යාපනය නොමිලේ ලබා දීමක් සිදු වන්නේ නැහැ. එහෙත්, ප්‍රාන්ත රජයයන් විසින් උසස් අධ්‍යාපන වියදම් සුබසාධනය කිරීමක් කරනවා. ඒ නිසා, තමන්ගේ ප්‍රාන්තයේම පිහිටි රාජ්‍ය විශ්ව විද්‍යාලයකට යන සිසුවෙකු විසින් ටියුෂන් ගාස්තු ලෙස ගෙවිය යුත්තේ සැලකිය යුතු අඩු මුදලක්.
උදාහරණයක් ලෙස අපේ ප්‍රාන්තයේ විශාලම රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ප්‍රධාන විශ්ව විද්‍යාලයේ වාර්ෂික සාමාන්‍ය ටියුෂන් ගාස්තුව ඩොලර් 42,300ක් පමණ වන නමුත් ප්‍රාන්තයේ සිසුවෙකු විසින් ගෙවිය යුත්තේ ඩොලර් 12,150කට ආසන්න මුදලක් පමණයි. ඉතිරි කොටස ප්‍රාන්ත රජය විසින් සුබසාධනය කරනවා.
මේ අයුරින් ප්‍රාන්ත රජයයන් විසින් ප්‍රාන්තයේ උසස් අධ්‍යාපන වියදම් සුබසාධනය කිරීමෙහිද ආර්ථික අරමුණක් තිබෙනවා. ප්‍රාන්තයේ පවුලක දරුවෙකු ප්‍රාන්තයේම පිහිටි සරසවියකින් උසස් අධ්‍යාපනය ලැබීමෙන් පසුව ප්‍රාන්තය තුළම රැඳී සිට රැකියාවක් කිරීමට හෝ ව්‍යාපාරයක් කිරීමට වැඩි ඉඩක් තිබෙනවා. එහිදී උසස් අධ්‍යාපනයේ උදවුවෙන් උපයන වැඩි ආදායම් වලින් ප්‍රතිශතයක් පුද්ගල ආදායම් බදු බවට පත් වී ප්‍රාන්ත රජයේ අනාගත ආදායම් බවට පත් වෙනවා. මෙය ආයෝජනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභයක්.
ඉගෙන ගත්තු උදවිය ලක කොල්ල කන
ReplyDeleteනීලාකාස හොරු වෙන ගතියක් තිබෙන
නිසයි කියන්නේ මෙකරුණ පෙරට පැන
නවතාලිය යුතුය අජ්ජාපනය දෙන!
ප්‍රයිවට් මෙරට හා පිට රටවල තියෙන
Deleteඋන්ගේ ළමයි යවලා ගැනුමට ඉගෙන
අපගේ එවුන් දක්කයි පාරට පාරට අමන
කුහකුන් ගෙන් සෙතක් ඇති වේවි ද කුමන?
ඉකොනොමැට්ටා
ReplyDeleteඇත්තටම අද ලෝක ආර්ථිකයේ සහ තාක්ෂණයේ කේන්ද්‍රස්ථානය බවට චීනය පත්වෙමින් සිටින සහ මේ වන විටත් ලෝකයේ විශාලතම අපනයනකරු වන චීනය, භාණ්ඩ හා සේවා සැපයීමේදී පෙරමුණ ගෙන සිටිනවා. ඔවුන්ගේ මේ බලය දැන් ගෝලීය මෝටර් රථ වෙළඳපොළ අත්පත් කර ගැනීමට සූදානම් වගේ නේද?
චීනය ලෝක ආර්ථිකයේ අතිශය බලගතු සන්නාමයක් හුදෙක් නිෂ්පාදන කර්මාන්තය පමණක් නොව, නවීන තාක්ෂණය, නවෝත්පාදනයන් සහ දැවැන්ත වෙළඳපොළ ප්‍රාග්ධනයකින් සන්නද්ධ රටක්. ඔවුන්ගේ නිෂ්පාදනවල වේගය, පිරිවැය-ඵලදායීතාවය සහ දැන් ගුණාත්මකභාවය ලෝක වෙළඳපොළේ ප්‍රධාන වෙනස්කම් ඇති කරමින් සිටිනවා. අතීතයේ "මිල අඩු, ගුණාත්මක බවින් අඩු" යන ලේබලයෙන් මිදී, චීනය දැන් "තාක්ෂණයෙන් දියුණු, මිලෙන් දැරිය හැකි, සහ තරඟකාරී" නිෂ්පාදකයා බවට පත්වෙලා.
දැන් මේ ඕස්ට්‍රේලියානු
මෝටර් රථ වෙළඳපොළේ චීන සුනාමියක් ඇවිල්ලා
ඕස්ට්‍රේලියානු මෝටර් රථ වෙළඳපොළ චීන වාහන සමාගම් වල මේ නැගී ඒමට හොඳම උදාහරණයක්. නවතම වාර්තා පෙන්වා දෙන්නේ, ඉදිරි වසර 10 ඇතුළත (2035 වන විට) ඕස්ට්‍රේලියාවට ආනයනය කරන වාහන වලින් 50%කටත් වඩා වැඩි ප්‍රමාණයක් චීනයෙන් පැමිණෙනු ඇති බවයි! 🤯
අද දවසේ තත්ත්වය දැනට ඕස්ට්‍රේලියාවට වාහන ආනයනය කිරීමේදී ජපානය (32%) ප්‍රමුඛයා වුවත්, චීනය (17%) දෙවන ස්ථානයට පැමිණ සිටිනවා.
අනාගතයේ මේ ප්‍රවණතාවය ඉදිරි වසර කිහිපය තුළදී සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න නියමිතයි. 2028 පමණ වන විටත් චීනය සියයට 43%කටත් වඩා වැඩි වෙළඳපොළ කොටසකින් යුතුව ප්රමුඛ බලවතා බවට පත්වෙනු ඇතැයි ඕස්ට්‍රේලියා මෝටර්රථ විශේෂඥයන් විශ්වාස කරෙනවා!
මේ දැවැන්ත වර්ධනයට ප්‍රධාන හේතුව තමයි චීන වාහනවල අතිවිශාල මිල වාසිය. සමාන පහසුකම් සහ තාක්ෂණයන් සහිත ජපන් හෝ යුරෝපීය වාහනයකට වඩා චීන වාහනයක් ඩොලර් 15,000ක් තරම් අඩු මිලකට ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මේ මිල තරඟකාරීත්වය අනෙකුත් නිෂ්පාදකයන්ටත් ඔවුන්ගේ මිල අඩු කිරීමට බල කරන අතර, අවසානයේදී පාරිභෝගිකයින්ට මෙය අතිවිශාල ජයග්‍රහණයක්! 🤑
EV තාක්ෂණයේ චීන ආධිපත්‍යය සහ බැටරි විප්ලවය සමග චීනයේ මෝටර් රථ කර්මාන්තයේ මේ පිම්ම පිටුපස ඇති ප්‍රධානතම රහස තමයි විදුලි වාහන (EV) තාක්ෂණයේ ඔවුන් ලබා ඇති ප්‍රගතිය. ලෝකයේ විශාලතම EV බැටරි නිෂ්පාදකයා වන CATL වැනි සමාගම් මේ විප්ලවයට නායකත්වය දෙනවා.
LFP බැටරි රැල්ල: NMC බැටරි වෙනුවට දැන් LFP (Lithium Iron Phosphate) බැටරිවල ජනප්‍රියත්වය ඉහළ ගිහින්. මේවා මිල අඩුයි, ආරක්ෂිතයි, සහ දීර්ඝ ආයු කාලයක් තියෙනවා. Tesla සහ BYD වැනි දැවැන්තයන් පවා LFP භාවිතයට යොමු වෙලා!
අනාගතේ CATL වැනි සමාගම් දැන් සෝඩියම්-අයන (Na-ion) බැටරි වැනි නව පරම්පරාවේ බැටරි තාක්ෂණයන් සංවර්ධනය කරමින් ඉන්නවා. මේවා NaFeO4 තවත් මිලෙන් අඩු, සුපිරි වේගවත් ආරෝපණ හැකියාවක් (මිනිත්තු 10කින් 500km යාමට ආරෝපණ බලයක්!) සහිත, සහ චාජින් වාර 10,000කටත් වැඩි ආයු කාලයක් දෙන බැටරි. මේවා අනාගතයේ EV තාක්ෂණය තවත් ඉදිරියට ගෙන යාවි.
මෙහිදී අනතුරු ඇඟවීමක් සහ අවස්ථාවක් විදියට චීන වාහනවල මේ දැවැන්ත ප්‍රවාහය ලෝක වෙළඳපොළට අලුත් අවස්ථා රැසක් ගෙන එනවා. දැනටමත් ඕස්ට්‍රේලියාවේ චීන වෙළඳ නාම 23කට වඩා තිබෙන අතර, BYD වැනි සන්නාමයන් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා. තවත් චීන වෙළඳ නාම 100කට ආසන්න ප්‍රමාණයක් ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීමට සූදානමින් සිටිනවා!
කෙසේ වෙතත්, මෙය සැලකිලිමත් විය යුතු කරුණක්ද වෙනවා. සෑම චීන සන්නාමයක්ම දිගුකාලීනව වෙළඳපොළේ රැඳී නොසිටින්න පුළුවන්. ඒ නිසා, වාහනයක් මිලදී ගැනීමේදී, සන්නාමයේ විශ්වසනීයත්වය, අලෙවියෙන් පසු සේවා ජාලය සහ අමතර කොටස් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව හොඳින් සොයා බැලීම අත්‍යවශ්‍යයි.
චීනය ලෝක බලවතා වීම යනු හුදෙක් ආර්ථික විද්‍යාත්මක සිදුවීමක් නොව, අපේ දෛනික ජීවිතයට සහ ප්‍රවාහනයට සෘජුවම බලපාන දැවැන්ත වෙනසක්. මේ විප්ලවය අපි හැමෝටම වාසිදායක වන ආකාරයට ප්‍රයෝජනයට ගන්න නම්, බුද්ධිමත්ව තීරණ ගැනීම වැදගත්.
මේ පිළිබඳව ඔබේ අදහස් මොනවාද? චීනයේ මේ නැගී ඒම ගැන ඔබ හිතන්නේ මොකක්ද?
ඒ වගේම චීනයේ මෝටර් රථ කර්මාන්තය ලෝක වෙළඳපොළේ ලබා ඇති සහ අනාගතයේදී ලබා ගැනීමට නියමිත ආධිපත්‍යය, ගෝලීය ආර්ථිකයට සහ කර්මාන්ත ව්‍යුහයන්ට විවිධ ආකාරවලින් බලපාන සංකීර්ණ සංසිද්ධියක් නිසා ඒ විෂය පිළිබඳ ගැඹුරු ආර්ථික විද්‍යාත්මක විශ්ලේෂණයක් කළ යුතුයි නේද?
මට හිතෙන කුඩා ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරන්න පුළුවන් දැනට
DeleteI. චීනයේ මිල තරඟකාරීත්වයේ ව්‍යුහය සහ එහි ගෝලීය බලපෑම
චීන වාහනවල දැවැන්ත මිල වාසිය (උදා: ජපන් රථයකට වඩා $15,000 ක වෙනසක්) ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය ව්‍යුහය (cost structure) තුළින් පැහැදිලි කළ හැක්කේ කෙසේද?
මෙය, ශ්‍රම පිරිවැය, අමුද්‍රව්‍ය සැපයුම් දාමයන් (supply chains), පරිමාණයේ ආර්ථිකයන් (economies of scale), රජයේ සහනාධාර (subsidies) සහ තාක්ෂණික දියුණුව (උදා: LFP බැටරි) යන සාධකවල සාපේක්ෂ දායකත්වය මත රඳා පවතින්නේ කෙසේද?
මෙම පිරිවැය වාසිය, ලෝක වෙළඳ සංවිධානයේ (WTO) නීතිරීති යටතේ "අසාධාරණ වෙළඳ භාවිතයන්" (unfair trade practices) ලෙස අර්ථකථනය කිරීමේ හැකියාව සහ එහි ආර්ථික ප්‍රතිවිපාක මොනවාද?
චීන වාහනවල මිල තරඟකාරීත්වය, දැනට ස්ථාපිත මෝටර් රථ නිෂ්පාදකයින්ට (ජපන්, කොරියානු, යුරෝපීය) ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය සහ මිලකරණ උපාය මාර්ග (pricing strategies) නැවත සලකා බැලීමට බල කරන්නේ කෙසේද?
මෙම තරඟකාරීත්වය, ගෝලීය සැපයුම් දාමයන්හි (global supply chains) විවිධාංගීකරණයට (diversification) සහ කලාපීයකරණයට (regionalization) බලපාන්නේ කෙසේද?
වෙළඳපොළ කොටස (market share) රැක ගැනීම සඳහා ඔවුන් විසින් අනුගමනය කළ හැකි විවිධ ආර්ථික උපාය මාර්ග (උදා: නවීකරණය, සන්නාමකරණය, niche market focus) මොනවාද?
II. තාක්ෂණික නවෝත්පාදනය සහ බාධා (Disruption)
CATL වැනි චීන සමාගම් විසින් LFP සහ Na-ion බැටරි තාක්ෂණයේ ලබා ඇති ප්‍රගතිය, EV කර්මාන්තයේ බැටරි රසායන විද්‍යාව (battery chemistry) සහ සැපයුම් දාමයන් තුළ ගෝලීය බල තුලනය (global power balance) වෙනස් කරන්නේ කෙසේද?
ලිතියම් සඳහා වූ ගෝලීය යැපීම අඩු කිරීමෙන්, Na-ion බැටරි, සම්පත් භූ-දේශපාලනයට (resource geopolitics) සහ බැටරි නිෂ්පාදන පිරිවැයට බලපාන්නේ කෙසේද?
මෙම තාක්ෂණික බාධා, බැටරි නිෂ්පාදනය සඳහා බටහිර රටවල් සිදු කරන දැවැන්ත ආයෝජනවල (උදා: Gigafactories) ශක්‍යතාවට (viability) බලපාන්නේ කෙසේද? චීනයේ නවතම මිනිත්තු 10කින් 500km ආරෝපණය කිරීමේ හැකියාව සහ 10,000 චාජ් චක්‍ර වැනි දියුණු ආරෝපණ සහ කල්පැවැත්මේ තාක්ෂණයන්, EV භාවිතය වර්ධනය කිරීමට සහ පාරිභෝගික අත්දැකීම් (consumer experience) වෙනස් කිරීමට ආර්ථික වශයෙන් දායක වන්නේ කෙසේද?
මෙම හැකියාවන්, ආරෝපණ යටිතල පහසුකම් (charging infrastructure) සඳහා වන ආයෝජන අවශ්‍යතා සහ බලශක්ති ජාලයන්හි (energy grids) ස්ථායීතාවයට බලපාන්නේ කෙසේද?
බැටරි "Swap" තාක්ෂණය, EV හිමිකාරිත්වයේ (ownership) ආර්ථික ආකෘතිය (economic model) සහ ද්විතීයික වෙළඳපොළ (secondary market) කෙරෙහි ඇති කරන බලපෑම කුමක්ද?
III. වෙළඳපොළ ව්‍යුහය සහ පාරිභෝගික හැසිරීම
අප දන්නා ඕස්ට්‍රේලියාව වැනි වෙළඳපොළක චීන වෙළඳ නාම 100කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් වීමට ඇති හැකියාව, වෙළඳපොළ ඒකාග්‍රතාවයට (market consolidation) හෝ fragmentation එකට බලපාන්නේ කෙසේද?
මෙවැනි වෙළඳපොළ ව්‍යුහයක්, තරඟකාරීත්වය, නිෂ්පාදන විවිධත්වය සහ නවෝත්පාදනයට බලපාන්නේ කෙසේද?
සන්නාමයන්ගේ කෙටි ආයු කාලය, පාරිභෝගික විශ්වාසය (consumer trust), නැවත විකිණීමේ වටිනාකම (resale value) සහ අලෙවියෙන් පසු සේවා (after-sales services) සඳහා ඇති කරන ආර්ථික බලපෑම කුමක්ද?
"වාහනයක් යනු අවුරුදු පහක් පාවිච්චි කර විසිකරන දෙයක්" යන ප්‍රවණතාවය, චීන වාහනවල මිල වාසිය සහ වේගවත් තාක්ෂණික දියුණුව සමඟ සබැඳෙන්නේ කෙසේද?
මෙම ප්‍රවණතාවය, වාහන නිෂ්පාදකයන්ගේ ආදායම් ආකෘති (revenue models), leasing/subscription සේවා වර්ධනය සහ ද්විතීයික වාහන වෙළඳපොළේ ගතිකත්වය (dynamics) කෙරෙහි ඇති කරන බලපෑම කුමක්ද?
කල්පැවැත්ම අඩු වාහන පරිසරයට සහ සම්පත් පරිභෝජනයට ඇති කරන දීර්ඝකාලීන ආර්ථික හා පාරිසරික බලපෑම් මොනවාද?
IV. ප්‍රතිපත්තිමය සහ භූ-දේශපාලනික බලපෑම්
චීන මෝටර් රථ කර්මාන්තයේ මෙම නැගී ඒම, ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදනය කරන රටවල (ජපානය, ජර්මනිය, ඇමරිකා එක්සත් ජනපදය) දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම සඳහා වන වෙළඳ ප්‍රතිපත්ති (trade policies) සහ ආරක්ෂණවාදය (protectionism) කෙරෙහි ඇති කරන්නේ කුමන ආකාරයේ පීඩනයක්ද?
මෙවැනි ප්‍රතිපත්ති, ගෝලීය වෙළඳාමට සහ ආයෝජන ප්රවාහයට බලපාන්නේ කෙසේද?
"ජාතික ආරක්ෂාව" (national security) පිළිබඳ තර්ක යටතේ චීන වාහන සඳහා වෙළඳ බාධක පැනවීම, ගෝලීය ආර්ථිකයට ඇති කරන සෘණාත්මක බලපෑම් මොනවාද?
චීනයේ මෝටර් රථ අපනයන ආධිපත්‍යය, ගෝලීය සැපයුම් දාමයන්හි චීනයේ භූ-දේශපාලනික බලපෑම (geopolitical leverage) වැඩි කරන්නේ කෙසේද?
විශේෂයෙන්ම EV අමුද්‍රව්‍ය (උදා: දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය) සහ බැටරි නිෂ්පාදනයේ චීනයේ පාලනය, අනාගතයේදී වෙළඳ සාකච්ඡා සහ ජාත්‍යන්තර සබඳතාවලදී භාවිතා විය හැකිද?
මෙම තත්ත්වය හමුවේ අනෙකුත් රටවල් විසින් අනුගමනය කළ හැකි සැපයුම් දාම විවිධාංගීකරණයේ ආර්ථික ශක්‍යතාව (economic viability) කුමක්ද?
මේ ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?
මේකේ මම යොදාගෙන තිබෙන සිංහල වචන හරිද දන්නේ නෑ උදාහරණ විදියට පරිමාණ ආර්ථිකය Economy of Scale - මේක මහා පරිමාණයේ වාසිය වගේ එකක් ද දන්නේ නෑ මේවා තේරුම්ගත හැකියි කියලා මම උපකල්පනය කරනවා. මේ වගේ ප්‍රශ්න ගැන විස්තර සහිතව ආර්ථික විද්‍යාත්මකව විශ්ලේෂණය කරලා පෝස්ට් එකක් ලියන්න පුළුවන්ද?
Deleteමම හිතුවේ අළුතෙන් තීරු බදු අය කරන නිසා අතිරික්තය ආව කියලයි.
ReplyDeleteආනයන මත අය කෙරෙන තීරු බදු ඉහළ දැමීම නිසා තීරු බදු ආදායම ඩොලර් බිලියන 6 සිට 27 දක්වා 350%කින් ඉහළ ගොස් ඇතත්, රාජ්‍ය ආදායම වැඩිවීමට ප්‍රධානම හේතුව එම වැඩි වීම නෙමෙයි. තීරු බදු වැඩි කිරීමේ දායකත්වය ඩොලර් බිලියන 21ක් පමණයි. රාජ්‍ය ආදායම් ඉහළ යාමට ප්‍රධානම හේතුව පුද්ගල ආදායම් බදු ආදායම ඉහළ යාමයි. එම වැඩිවීම ඩොලර් බිලියන 51ක්.
Delete2024 ජූනි මාසයේදී ඩොලර් බිලියන 90ක් වූ අධ්‍යාපනය සඳහා වන වියදම් 2025 ජූනි මාසයේදී ඩොලර් බිලියන 11කට සීමා වී තිබෙනවා. මෙහි ඉතිරිය ඩොලර් බිලියන 79ක්.
Thank you
Delete