වෙබ් ලිපිනය:

Wednesday, April 15, 2020

පළමු රෝගියා

පසුගිය ජනවාරි 19 වනදා ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ ස්නෝහොමිෂ් කවුන්ටියේ වෛද්‍ය මධ්‍යස්ථානයකට 35 හැවිරිදි පුද්ගලයෙක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණුනා. අපි පහසුවට ඔහුව චැන්ග් කියා හඳුන්වමු. දින හතරක පමණ සිට වරින් වර මතුවන මඳ උණක් හා කැස්සක් තිබුණු බව ඔහු පවසා සිටියා. මේ වන විට චීනයෙන් අලුත් රෝගයක් හඳුනාගෙන තිබුණත් එය විශාල ලෙස පැතිරී තිබුණේ නැහැ. වුහාන් නගරය වසා දමනු ලැබුවේත් ජනවාරි 23 දිනයි.

ඇමරිකාවේ වෛද්‍ය මධ්‍යස්ථානයකදී සාමාන්‍යයෙන් කරන පරිදි රෝග ලක්ෂණ විමසීමෙන් පසුව චැන්ග්ට මුඛ ආවරණයක් ලබා දුන්නා. මිනිත්තු 20කට පසුව ඔහුට වෛද්‍යවරයා හමු වීමේ අවස්ථාව ලැබුණා. එහිදී ඔහු දැනුම් දුන්නේ තමන් සිය ඥාතීන් ජීවත් වන චීනයේ වුහාන්හි සංචාරය කර නැවත ඇමරිකාවට පැමිණියේ ජනවාරි 15 දින බවයි.

ඒ වන විට වුහාන්හි සත්ව ආහාර වෙළඳපොළක් ආශ්‍රිතව මේ අලුත් රෝගය වැළඳුනු පුද්ගලයින් හමු වී ඇති බව චීනය විසින් දැනුම් දී තිබුණා. එහෙත්, ජනවාරි 14 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කර තිබුණු පරිදි අලුත් රෝගය මිනිසුන් හරහා සම්ප්‍රේෂණය වන බවට සාක්ෂි නැති බව චීන බලධාරීන් විසින් දැනුම් දී තිබුණා. වසංගත තර්ජනයක් ඇති බව චීනය නිල වශයෙන් පිළිගත්තේ ජනවාරි 21 දිනයි.


චැන්ග් වුහාන්හි සංචාරය කර තිබුණත් ප්‍රශ්නගත සත්ව ආහාර වෙළඳපොළ පැත්තේ ගිහින් තිබුණේ නැහැ. එහෙත්, මේ වන විට වුහාන්හි අලුත් වෛරසයක් පැතිරෙමින් ඇති බව ඇමරිකාවේ රෝග නිවාරන හා පාලන මධ්‍යස්ථානය විසින් මහජනතාවට දැනුම් දී තිබුණා. එම නිවේදනය පිළිබඳව චැන්ග් දැනුවත්ව සිටියා. උණ හා කැස්ස එතරම් බරපතල නොවූවත් ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වුනේ ඒ නිසයි. ඒ වගේම ඔහු මේ තොරතුරු වෛද්‍යවරයාට දැනුම් දුන්නා.

චැන්ග්ගේ ශරීර උෂ්ණත්වය, රුධිර පීඩනය, හෘද ස්පන්දය, ස්වශන රිද්මය, ඔක්සිජන් ප්‍රමාණය ඇතුළු දර්ශක ඒ වන විට සාමාන්‍ය තත්ත්වයෙන් තිබුණා. පපුවේ එක්ස්-කිරණ ඡායාරූපයකින්ද කිසිදු අසාමාන්‍ය බවක් පෙනුණේ නැහැ. ඒ වන විට ලෝකය දැන සිටි කොරෝනා වෛරස් වර්ග හතරක් ඇතුළු වෛරස් ගණනාවක් සඳහා ඔහුව පරීක්ෂා කළත් ඒ කිසිදු වෛරසයක් ඔහුට ශරීරගත වී තිබුණේ නැහැ.

කෙසේ වුවත් අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය විසින් මේ රෝගියා වුහාන්හි සංචාරය කර තිබීම ගැන සලකා බලා ප්‍රාන්තයේ හා ජාතික මට්ටමේ ආයතන දැනුවත් කළා. තමන් සත්ව ආහාර වෙළඳපොළ පැත්තේ නොගිය බවත්, කිසිදු ආසාදිතයෙකු හා සෘජුව ගැටුණේ නැති බවත් චැන්ග් විසින් කියා සිටියත් රෝග නිවාරන හා පාලන මධ්‍යස්ථානයේ මතය වූයේ ඔහුව නිවාසගත නිරෝධායනය සඳහා යොමු කර නිරීක්ෂණය කළ යුතු බවයි. ඒ අතර චැන්ග්ගේ නාසයෙන් හා උගුරෙන් ලබා ගත් සාම්පල  රෝග නිවාරන හා පාලන මධ්‍යස්ථානය වෙත යැවුනා. (ස්නොහොමිෂ් හා රෝග නිවාරන හා පාලන මධ්‍යස්ථානය පිහිටි ඇට්ලන්ටා අතර දුර කිලෝමීටර 4,300ක් පමණ වෙනවා.)

චැන්ග්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ජනවාරි 20 දින රෝග නිවාරන හා පාලන මධ්‍යස්ථානය විසින් හඳුනා ගත්තා. චීනය විසින් වෛරසයේ ජෙනෝමය හඳුනාගෙන ඒ වන විට ප්‍රසිද්ධ කර තිබීම මේ සඳහා උදවු වුනා. චැන්ග්ගේ උගුරෙන් හා නාසයෙන් ලබාගත් සාම්පල දෙකෙන්ම අලුත් වෛරසය හමු වුනා. ඒ වන විට ඔහුට රෝග ලක්ෂණ පහළ වී දින හතරක් ගිහින්.

තවත් දින තුනකට, හතකට හා අටකට පසුව ඔහුගේ උගුරෙන් හා නාසයෙන් ලබාගත් සාම්පල නැවත නැවතත් පරීක්ෂා කෙරුණා. අවසන් අවස්ථාවේදී, එනම් රෝග ලක්ෂණ පහළ වී දින 12කට පසුව නාසයෙන් වයිරසය හමු වුවත් උගුරෙන් හමු වුනේ නැහැ.

චැන්ග්ට වරින් වර මතු වූ උණ හා කැස්ස හැර හුස්ම ගැනීමේ අපහසුකම් හෝ වෙනත් බරපතල රෝග ලක්ෂණ පහළ වුනේ නැහැ. එහෙත්, රෝග ලක්ෂණ පහළ වී නවවන දිනයයේදී ලබාගත් එක්ස්-කිරණ ඡායාරූප වලින් නිවුමෝනියා තත්ත්වයක් පෙන්නුම් කළා. ඒ නිසා ඔහුට ඔක්සිජන් ලබා දුන්නා. බැක්ටීරියා ආසාදනයක් සිදු වීම වැළැක්වීමට ප්‍රතිජීවක ඖෂධද ලබා දුන්නා. තවත් දින හතරකට පසු එම තත්ත්වයන් නොපෙනී ගියා.

ඇමරිකාව පුරා පැතිරී ගියේ චැන්ග්ගෙන් පටන් ගත් රැල්ලයි. චැන්ග්ව හඳුනාගනු ලැබූවත් එසේ හඳුනා ගනු නොලැබූ තවත් අය ඇමරිකාවට ඇතුළු වී ඉන්න ඇති. වොෂින්ටන් ප්‍රාන්තය ඇමරිකාවේ මුලින්ම කෝවිඩ්-19 පැතිරෙන්න පටන් ගත් ප්‍රාන්තයයි. ඒ නිසා, මුලින්ම කෝවිඩ්-19 අවසන් විය යුත්තේත් එම ප්‍රාන්තයේයි. එය එසේම සිදු වෙමින් තිබෙනවා. පසුව කෝවිඩ්-19 පැතුරුණු ප්‍රාන්ත වල කෝවිඩ්-19 අවසන් වෙන්න තව සති ගණනක් යයි.



චැන්ග් ඇමරිකාවට කෝවිඩ්-19 රැගෙන ඒම, ඇමරිකාවේ කෝවිඩ්-19 පැතිරීම හා නැවත ඇමරිකාව යථා තත්ත්වයට පත් වෙමින් තිබීම ලංකාවට බලපාන්නේ කොහොමද? පසුගිය සති කිහිපය තුළ සීඝ්‍රයෙන් අවප්‍රමාණය වී ඩොලරයට රුපියල් දෙසීය ඉක්මවූ රුපියලේ ගමන නැවත යම් තරමකින් ආපසු හැරවී ඇති බව පෙනෙනවා. ඊට පෙර ලංකාව විසින් නිකුත් කළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල ඵලදා වක්‍රය මේ හැරවුම පෙන්නුම් කළා.


7 comments:

  1. මේ දවස් වල ලංකාව කන අන්ත දූෂිත අසික්කිත කාලකණ්ණි රාජපක්ෂ පවුල සිය ගිණුම්වලින් මුදල් ගෙන රටේ ප්‍රශ්න විසඳුවා වැනි කතා උන්ගේ වහලුන් වන තැරිදාර පුන්නක්කු වහල් බයි මී හරක් රැල බුකියේ තප්පුලති. එහෙව් පවුලකට රටේ දේශපාලනය භාරදීම ගැන හැටතුන් ලක්ෂයකට කිට්ටු රට ගොන් මීහරක් ජනතාවට අප පින් දිය යුතුය. ඉදිරි මහ මැතිවරණයේදී හෝ පෙර කළ පව් මැකෙන්නටත් එක්ක මේ අගමැති උඩින්ම දිනවිය යුතු නොවේදැයි පන්නයේ කතාවක් අගමැති ජාතිය ඇමතීම තුළ සිහිවිය.

    ලංකාවේ වත්මන් ජනපති ගෝඨාභය මීට මසකට පෙර ජාතිය අමතා සැමන්, පරිප්පු, බිත්තර අඩු කළේය. එම අඩු කළ සැමන්, බිත්තර, පරිප්පු, "ගෝඨ සැමන්, ගෝඨ පරිප්පු, ගෝඨ බිත්තර" ලෙස බහුතරයක් දෙනා විසින් පට බැඳුණුමුත් ඒවා කිසිසේත්ම හොයා ගන්නට නොහැකි විය. අඩුම ගානේ ස්ථාන කිහිපයක හෝ සුළුවෙන් ඒවා තිබූ බැවින් අගමැතිගේ කතාවට වඩා ජනපතිගේ කතාවේ ගන්න දෙයක් තියෙනවා. එනම් සැමන්, පරිප්පු, බිත්තර යි. එහෙත් අගමැතිගේ කතාවේ ඇත්තේ පෙර පුරුදු අමු ගොන් කසිකබල් පම්පෝරියමය. පොල් බූරු ලෙස ඡන්ද ගහ සෙලවීමය. මේ හදිසි පෙළඹීම එයය. අප සැම එයට මෝහනය වූ ගාණය.

    මේ වනවිට උග්‍ර ලෙස කොරෝනා වසංගතයෙන් මියයන ජනයාගෙන් පිරී ඉතිරී යන ශ්‍රී ලංකා රටේ මේ බරපතල ආපදාව මැඬලීම ජනපති ගෝඨා සන්නද්ධ හමුදාවලට භාර කරද්දී එය කළ හැක්කේ අපට කියා ආණ්ඩුවේ වෛද්‍ය සංගමය කියලා කියන රාජපක්ෂ සට්ටැඹියන් සිය බලය බලෙන්ම ඉල්ලමින් අරගල කලා. මෙහිදී එහි පෙරමුණ ගැනීමට අගමැති සහ බැසිල් රාජපක්ෂ සමත් විය. පසුගිය කාලයේ හොරකම් අසුවී කුජීත වී වැඩිය එළි නොබැස සැඟව ගිය ඩීල් බැසිල් මේ කොරෝනාවේ පිහිටෙන් ආපහු ඉහළටම ආවේය. ගෝඨගේ නොව මහින්දගේ පැතුම ඉටුවිය. මහින්ද රට වටා ගොස් ගෝඨ ජනපති කළේ තමන්ට නැවත පෙර පුරුදු චෝර සෙල්ලමම කරන්නටය. එය තනිව කළ නොහැක. සුපුරුදු අගසව් දෙනමම වුවමනාය; ඒ ඉතින් පී.බී. සහ බැසිල්... පී. බී. ජයසුන්දර මුලින්ම නිශ්චිත ඉලක්කයටම දැමූ මුත් බැසිල් ස්ථාන ගත කළ නොහැකි විය. දැන් නම් කොරෝනා උවදුර නිසා එයත් පහසු විය. දැන්නම් ගොඩක් දුරට මහින්දගේ ගමන පැහැදිලිය. ගෝඨට ජවය, බලය දුන් වියත් මග දැන් විපත් මග බවට පත්වී ඇත. එළිය ට බඩඑළිය ගිහින්. පසුගිය කාලයේ රටේ සියල්ල සිදුවිය යුත්තේ ඔවුන්ගේ කීමට විය. ගෝඨාගේ ආණ්ඩුවක් වුවමනැයි කියා ඔය කියපු වියත් මග කල්ලියේ අලුත්ම කබ්බන් සෙට් එකක් පාර්ලිමේන්තුවට රිංගගන්නට බලා උන්හ. එහෙත් මහින්ද කළේ කල් යල් බලා බැසිල් ලවා කට්ටියටම සිරාවටම බැස්ටිය දීමය. තුට්ටු දෙකේ විගඩම් වියත්හු පඳුරු ගාණේ විසි විය. කිහිපදෙනකුට ජාතික ලැයිස්තු සිහිනය පටවා නිදි කරවා ගත්හ. ඒ අය ඇහැරෙන විටත් පොරොත්තු ලේඛනයේ සිටිය හැකිය. විටක නොහැකිය. මේ කසිකබල් කොරෝනා උවදුර සමග නැවත මහින්ද රාජපක්ෂ කල්ලිය ප්‍රබල විය. තුනෙන් දෙකක් ඉල්ලා සිටි ගෝඨභයට ඉදිරියේදී සිරිසේනට අන්ත කුජීත ජනපති කෙනකු ලෙස කිච වී ඉන්නට සිදුවනු ඇත. මේ කොරෝනා වැඩිපුරම අසරණ කළේ ජනපති ගෝඨවය. ඔහුගේ නැග්ම එහෙම පිටින්ම පල්ලම් බැස්සේය. දැන් ගෝඨ ගමන ඉවරය. ඉදිරියේදී එළැඹෙනුයේ නැවත මහින්ද – බැසිල් නාමල් යුගයක අරුණළු උදාවය.

    ඒ එක්ක මේ කොරෝනා සමයේදී අතයට බොහෝ දේ සිදුවෙමින් ඇත. මිග් යනා සොර උදයංගට ඇප ලැබීම අරුමයක් වීම නොව මේ උදයංගත් ඉදිරියේදී මහින්දගේ ගමනට වුවමනා වීමය. යහපාලන කාලයේ සිව් වසරක්ම අල්ලාගත නොහැකි වූ උදයංග නොබෝදා පාඩුවේ පැමිණ භාර විය. ලොකු මෙහෙයුම් කතා ඒ අතර වෙනත් ඒවා එතරම් වැදගත් නොවේ. පසුගිය කාලයේද රාජපක්ෂලාගේ විදෙස් ගමන්වලදී උදයංග නිත්‍ය පෙනී සිටින්නෙක් විය. රාජපක්ෂලා බොරු කරන්නේ ඇත්ත ලෙසටය. ඒ නිසා ඒ බොරුද යන්න හෝ සිතාගත නොහැකිය. හෙට සිට උදයංග ගැන කාට මතකද? රාජපක්ෂලා ඔහුව වැඩට ගත්තේ උසාවියට භාර කර උසාවිය ඇප දුන් පසුවය. ඉතිරි සියල්ලත් සුපිරි විදිහටම රාජපක්ෂ කල්ලියේ කුමන්ත්‍රණකාරී සැලසුම් අනුවම සිද්ධ වනු ඇත.

    ReplyDelete
  2. ඇත්තටම ඉකෝන් මම දකින ආකාරයට ලෝකයේ හොදම සෞඛ්‍ය සේවාවන් ලබාදෙන රටවල් අතුරින් පලමු තැන් දෙකම ගන්නෙ අද කොරෝනා වසංගතය නිසා සුසාන භූමි බවට පත්වෙච්ච ප්‍රංශය සහ ඉතාලිය. හත්වන තැන ඉන්නෙත් ඊට නොදෙවෙනි ස්පාඤ්ඤය. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ රෑන්කින් හදන්නේ ආවාට ගියාට නෙවෙයි වගේම මෙහෙම රෑන්කින් එකකට යන්න ඕනම රටක් සතුව සර්ව සම්පූර්ණ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම අනිවාර්යයි. නමුත් ඒ රටවලට අද මොකද උනේ? වැරැද්ද සෞඛ්‍ය සේවාවෙද?

    ඊලගට තියෙන්නෙ ලංකාවේ කීපදෙනෙක් ලංකාවෙ සෞඛ්‍ය සේවාව මනින්න භාවිතා කරපු මිනුම් දන්ඩ වෙච්ච කියුබාවේ අද වන විට තත්ත්වය. ලංකාවට වඩා ජනගහනය හරි අඩකටත් වඩා අඩු රටක් වෙලත් රෝගීන් ගණන, මරණ ගණන ලංකාවට වඩා දෙගුණයකටත් වඩා වැඩියි.

    අන්තිමට කියන්න තියෙන්නෙ ලංකාවේ අද තත්වය. ලංකාවෙ සමහරක්ට අගේ නැති වුනාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු ලොකු රෑන්කින් නැති අපේ රටේ සෞඛ්‍ය සේවය මේ වසංගතය තාමත් යම් කිසි දුරකට පාලනය කරල තියෙනවා. අද ලෙසටම කෙලවිච්ච රටවල් දිහා බලාගෙන යනකොට වැරැද්ද තියෙන්නෙ පාලනයේ නෙවෙයි. රටේ ඉන්න මිනිස්සුන්ගේ විනයෙ, උන්ගෙ හැසිරීමෙ. පිටරටවල් වල පාලන වලට ආවඩන්න කලින් ලංකාවේ තත්වෙ ගැන සතුටු වෙන්න පුළුවන් වෙයි කියල හිතනවා. ඔය අතරේ දේශපාලනේ කතා කරන්න තරං සිද්දිය ඔඩු දුවලා රටම විනාශ වෙනකං බලං ඉන්න ආදරනීය සහෝදරවරු ටිකකුත් ඉන්නව. හැබැයි ඉතින් ඉකෝන් මචං අපි මේක ගැන දැන්ම අධිතක්සේරුවෙන් කතා නොකර ඉමු. මොකද ඕක අපේ රටට එන්න කලින් අපි මක්කම වැහුව අරක වැහුව මේක වැහුව අපේ එහෙම නෑ කිය කිය පම්පෝරි ගැහුව. ඊට පස්සෙ අපේ රටේ උශ්ණ්ත්වය නිසා ඒක එන්නෙ නෑ කිය කියත් කියෙවුව. හරියට අවසානයක් නොදැක අපි අධිතක්සේරුවකින් බලල ගනන් නොගෙන ඉන්නෙ නැතුව පුලුවන් තරම් පරිස්සම් වෙලා මේක ඉවර වෙනකන් ඉවසල ඉමු. මේකෙ ආරම්භයක් අවසානයක් අපි තවම දන්නෙ නෑ. අපි දන්නෙ නෑනෙ හරියට තව මොනා වෙයිද කියල වත්. ඉක්මනට මේ ප්‍රශ්න ඉවර වෙන්න කියල ප්‍රාර්ථනා කරමු.

    ReplyDelete
  3. ඉකොනෝ, මට ඔබේ පෝස්ටුවෙන් ඉස්මතු වෙන්නේ විධිමත් වීමයි. ඇමෙරිකාවේ සෞඛ්‍ය අංශයේ සේවයේ නියුතු අය වගේ අපේ රටේ බලධරයනුත් වගකීම් සහිත අය වුණාද?

    කටුනායකින් එන කොරෝනා රෝගීන් හඳුනාගන්න සවි කළ මැෂිම ගැන හොයන්නේ කවුද? සෞඛ්‍ය ඇමතිනී ඉරණවිල කොරෝනා රෝහල උත්සවාකාරයෙන් විවෘත කිරීමේ වැරැද්ද ගැන මොකෙක්වත් හිතනවාද? ඊට කලින් පරතරය තියාගෙන ඩලස් උන්නැහේ පවත්තපු මැතිවරණ රැස්වීම අනුමත කරමුද? ඇඳිරි නීතිය අස්සේ රැස්වීම් පවත්තලා තීන්දු අරගෙන, පුරා විදු බිමක් එළි කරලා කොළනියකට මුල පුරන්න පුංචි නිලමේ මහත්තයා ගත්තු පියවර ගැන මොනවද වෙන්නේ.... හැබැයි, ඇඳිරි නීති කැඩුව 26,600කට වැඩිය අත්අඩංගුවට අරන්... ඒ අය අතරේ ලොක්කන් එකෙක්වත් නැහැ. ගිය අවුරුද්දේ පාස්කු බොම්බේ දවසේ පොලිටික්කන්- උන්ගේ පවුල්වල අය එකෙක්වත් පල්ලි ගියේ නැහැ වගේමයි මේ වතාවෙත්.
    උන්ගේ සනුහරේ -ගෑවිච්චි එකෙකුටවත් කොරෝනා ආසාදනේ වුනාද? (කොහොමද ජනතාවගෙන් ඈත්ව සිටීමේ කලාව? අනෙක් නීති කැඩුවාට ඒක නම් නියමෙට කරනවා.)

    ලොක්කන් මෙහෙම දේවල් කරමින්- වැරදි ආදර්ශ දෙමින් රට්ටුන්ට නීති රකින්න කිව්වාට වැඩක් වෙයිද?

    ReplyDelete
  4. ඉකොනො ඇමෙරිකාවේ කොරෝනා මලමිනී ඉවත්කරන්න තිබුන ට්‍රොලියක නිදාගෙන හිටපු එහි සේවකයෙක් වෙනත් අයකු විසින් ආදාහනය කළා කියල ප්‍රවෘතියක් දැක්කා. මේ ප්‍රවෘතිය ඇත්තනම් එහෙ රෝහල් කටයුතු සහ මළමිනී ආදාහනය කරණ ආකාරය ගැන හොඳ පින්තුරයක් එනවා.

    මොකද රෝගීන් රෝහලේ ඉන්නේ සාමාන්‍ය ඇඳුමෙන් මිස ඔය වීඩියෝ වල වගේ රෝහලේ රෝගීන්ට වෙන්වුන ඇඳුමකින් නොවේ. මැරුණට පස්සේ WHO නිර්දේශ අනුව ජීවනු හරණය කරලා, පොලිබැග් එකක දමන්නේ නැහැ. තනි මිනිහෙක් මළමිනිය ආදාහනය කරනවා මිස මරණ පරීක්ෂණ කරන්නේ නැත. ඔන්න ලෝකේ විධිමත්ම විධියට කටයුතුකරනවා කියන රටේ කෙරුවාව. හරියට Dinasti වගේ බොරුව පිරුණ Killing machine එකක් තමයි USA කියන්නේ. එහෙම තියාගෙන ඉතාම අඩු පහසුකම් යටතේ ආණ්ඩුවක් යම් දෙයක් හරියට කළාම ඒක අඩු ලංසුවට දමන එක රස්සාවට කරණ පිරිසකුත් ඉන්නවා. Forbes වගේ කෙබර සඟරා ඉතින් ඒවයින් එකක් පමණයි.

    ReplyDelete
    Replies
    1. මේක ටිකක් පරණ උපහාස කතාවක් පමණයි. ඇත්තක් නෙමෙයි. දැන් නැවත වත්පොතේ හුවමාරු වෙනවා. පහත තියෙන්නේ මේ වගේ කතාවක් 2017 දී පළ වූ අවස්ථාවක්.

      https://archive.is/gu4Xm/image

      මා දන්නා තරමින් ඇමරිකාවේ කිසිම ප්‍රාන්තයක ආදාහනය කිරීම අනිවාර්ය කර නැහැ. ගොඩක් අය එසේ කරන්නෙත් නැහැ. ඒ වගේම, හඳුනා නොගත් මළ සිරුරු භූමදානය කිරීමට පෙර යම් කාලයක් ශීත කර තබා ගන්නවා. හඳුනා නොගෙන ආදාහනය කරන්නේ නැහැ.

      මිය ගිය වහාම මළ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කර දමන "සමහර" රටවලනම් ඔය වගේ දේවලුත් වෙන්න පුළුවන්.

      Delete
  5. ඇමරිකන් එක්සත් ජනපදයේ ආර්ථිකය කොවිඩ් වසංගතයෙන් බරපතල ලෙස කඩා වැටීම හින්දා තව අවුරුදු 2ක වත් උග්‍ර ආර්ථික පරිහානියක් දැකිය හැකි බව පේනවා. ට්‍රම්ප් තවත් ගොර්බචොෆ් කෙනෙක් විදියට ආචාර්ය චරිත් ද සිල්වා කියලා තියෙන්නේ.

    ඒ වගේම මේ ඊශ්‍රායලයත් වැඩිම අවදානමක් ඇති රටක්. හේතුව යුදෙව්වන් මුඛ ආවරණ පලදින්නෙ නැහැ සහ එයාලගේ ආගමික විශ්වාස මත බෙහෙත් බොන්නෙත් නැහැ. අනික් පැත්තෙන් ෆලස්තීනුවන් මිනී හොදල භුමදානය කරනවා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: