වෙබ් ලිපිනය:

Sunday, April 5, 2020

වෙනත් ඝාතීය වර්ධනත් තිබේද?

මේ දවස් වල ගොඩක් අය කෝවිඩ්-19 සංඛ්‍යාලේඛණ නිබඳ පරිශීලනය කරන නිසා ඝාතීය වර්ධනයක් කියන්නේ මොන වගේ එකක්ද කියා හොඳින් දන්නවා. ඇමරිකාවේ කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය වර්ධනය වූ ආකාරය හොඳම උදාහරණයක්.

මාර්තු 6 - 319
මාර්තු 13 - 2,183
මාර්තු 20 -  19,367
මාර්තු 27 -  104,126
අප්‍රේල් 3 - 277,161


මේ රටාවේත් පහතින් තිබෙන රටාවේත් කුමක් හෝ සමානකමක් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න.

මාර්තු 6 - 4.50%
මාර්තු 13 - 5.72%
මාර්තු 20 -  11.34%
මාර්තු 27 -  21.55%
අප්‍රේල් 3 - 91.55%

දෙවනුවට තිබෙන්නේ ශ්‍රී ලංකාව විසින් නිකුත් කර තිබෙන 2020 ඔක්තෝබර් 3 දින කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක ඵලදා අනුපාතිකය පසුගිය සති හතර තුළ ඉහළ ගිය ආකාරයයි. මේ දවස් වල මේ බැඳුම්කර අතින් අත මාරුවෙන්නේ කෝවිඩ්-19 පැතිරෙනවාටත් වඩා වේගයෙන්. හරියට රත් වූ භාජනයක් අතින් අත මාරු කරද්දී වගේ.

මේ දෙකම ඝාතීය වර්ධන. දෙකෙන් වඩා භයානක කොයි එකද?

ශ්‍රිත දෙකම ඝාතීය වර්ධන වුවත් පළමු ශ්‍රිතයේ වර්ධන වේගය එන්න එන්නම අඩු වෙනවා. සතියකට 9 ගුණයකින් වූ වර්ධනය දැන් සතියකට 3 ගුණයක් පමණ දක්වා පහත වැටිලා. එහෙත්, දෙවන ශ්‍රිතයේ වර්ධන වේගය එන්න එන්නම වැඩි වෙනවා.

පළමු ශ්‍රිතයේ වර්ධන වේගය මේ ආකාරයෙන් ක්‍රමයෙන් පහත වැටෙන්නේ කොහොමද කියා මා පැහැදිලි කර තිබෙනවා. දෙවන ශ්‍රිතයේ වර්ධන වේගය ක්‍රමයෙන් ඉහළ යන්නේ කොහොමද කියාත් පැහැදිලි කළ හැකියි. එහෙත්, ඒ සඳහා කාලය නාස්ති කරන එකේ තේරුමක් නැහැ. ඉතා ඉක්මණින්ම සිදු වන දෙය නිරීක්ෂණය කරන්න ලැබෙයි.



8 comments:

  1. ජ්‍යෝතිශ්‍ය සහ ජෛව සංඛ්‍යානය අතර සමරූපී භාවයක් දැකිය හැකියි.
    ජ්‍යෝතිෂ්‍යයේදී කෙරෙන්නේ අහසේ තාරකා පිහිටන ස්ථාන සහ මිනිස් හැසිරීම් අතර රටාවක් ගොඩනගා ගැනීමට තැත් කිරීමයි.

    ජෛව සංඛ්‍යානයේදි කෙරෙන්නේ
    යම් කිසි ජෛව ක්‍රියාවලියක සංඛාණ දත්ත බටහිර ගණිතයේ වියුක්ත වක්‍රයක් ආධාරයෙන් පැහැදිලි කිරීමට තැත්කිරීමයි.

    දෙකේ ගැටුමක් නෑ.

    බටහිර ගණිතය (සහ හින්දු ගණිතය) ගැන ඉගෙන ගන්න හොඳ තැනක් හමුවුනා
    https://www.youtube.com/channel/UChN9JPsjeQwueDi03ebeUQw

    ReplyDelete
  2. මොකක්ද ඉකොනෝ ඝාතීය වර්ධනයක් කියන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔබ අහන්නේ ඉංග්‍රීසි වචනයනම් Exponential growth කියන එක.

      එසේ නැතුව මූලික අදහසනම්:

      කිසියම් සංඛ්‍යා ශ්‍රේණියක් නිශ්චිත කාලාන්තරයක් ඇතුළත වෙනස් වෙන්නේ (ආසන්න වශයෙන්) නිශ්චිත ගණනක් පෙර ගණනට එකතු වීමෙන්නම් එය රේඛීය වර්ධනයක්.

      උදා: 1% 3% 5% 7% 9%

      කිසියම් සංඛ්‍යා ශ්‍රේණියක් නිශ්චිත කාලාන්තරයක් ඇතුළත වෙනස් වෙන්නේ (ආසන්න වශයෙන්) නිශ්චිත අනුපාතයකින් පෙර ගණන ගුණනය වීමෙන්නම් එය ඝාතීය වර්ධනයක්.

      උදා: 1% 2% 4% 8% 16%

      Delete
  3. කෑමට බීමට රුසියෝ
    ඒඒඒ.. අක්කරපත්තුවේ වැසියෝ...

    ReplyDelete
  4. Can u explain the reduction of demand for shorter end bonds?

    ReplyDelete
    Replies
    1. Potential investors are uncertain whether the country will pay back after 6 months. Otherwise, who wouldn't want a 92% return after 6 months? i.e., $146 in October if invest $100 today.

      Delete
  5. ඇත්තටම මෙහි හෙලිකොප්ටර් කතාවක් නැහැ. නමුත්, මෙය ප්‍රචලිත යෙදුමක්. මෙයින් අදහස් වෙන්නේ එකවර රටේ මුදල් සැපයුම විශාල ලෙස වැඩි කිරීමක්. අළුතින් සල්ලි අච්චු ගසා හෙලිකොප්ටරයකින් රට පුරාම දාගෙන යාමක් වගේ දෙයක්. මේ සංකල්පය උගන්වද්දී කාලයක් තිස්සේ මේ කතාව කියනවා. ඒ නිසා කියන්නේ මොකක්ද කියා ගොඩක් අය දන්නවා. මේ දවස්වල ඇමරිකානු රජය රටේ සෑම වැඩිහිටියෙකුට ඩොලර් 1200 බැගින් හා දරුවෙකුට ඩොලර් 500 බැගින් මුදල් ලබා දෙනවා. මේ සල්ලි හෙලිකොප්ටරයකින් දමා ගෙන යන්නේ නැතත් රට හැම තැනම පවුල් විශාල පිරිසක් අතර බෙදී යනවා. ඒ නිසා, හෙලිකොප්ටරයකින් දමා ගෙන යාමකට සමානයි. ඇත්තටම ලංකාවේ සිදුවන දෙයටනම් මේ හෙලිකොප්ටර් උදාහරණය ගැලපෙන්නේ නැහැ. ඒ සල්ලි පොඩි වෑන් වල අවශ්‍ය තැන් වලට යනවා මිසක් (කතාවට කියන දෙයක් පමණයි) හෙලිකොප්ටරයකින් දමන විට මෙන් රට පුරා විසිරී යන්නේ නැහැ. ඇමරිකාවේ ධනවත්ම අයට මේ සල්ලි ලැබෙන්නේ නැහැ. නමුත්, ලංකාවේ ප්‍රායෝගිකව වෙන්නේ එයයි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: