වෙබ් ලිපිනය:

Wednesday, April 29, 2020

කොරෝනා කාලේ හොයපුවා...

ගූගල් සෙවුම් යන්ත්‍රය යොදාගෙන මිනිස්සු හොයන දේවල් වලින් කාලයෙන් කාලයට කිසියම් රටක මිනිස්සු උනන්දු වන දේවල් ගැන අදහසක් ගන්න පුළුවන්. මේ දවස් වලනම් ඉතිං කොරෝනා වලට වඩා වැදගත් වෙනත් දෙයක් නැහැනේ. පහත පළමු රූප සටහනේ තියෙන්නේ කොරෝනා ගැන ලංකාවේ මිනිස්සුන්ගේ උනන්දුව ඉහළ ගිය ආකාරයයි.


ලංකාවෙන් මුලින්ම කොරෝනා රෝගියෙක් හමු වීමෙන් පසුව කොරෝනා ගැන හොයන්න ඇති වුනු උනන්දුව පසුව නැති වෙලා ගිහින් දෙවන රෝගියා හමු වූ තැන් පටන් නැවත උනන්දුව වැඩි වූ ආකාරය මෙහි පැහැදිලිව පෙනෙනවා. මුලින්ම නව කොරෝනා වෛරසය ලෙස හැඳින්වුණු මේ රෝගය පසුව කෝවිඩ්-19 ලෙස නම් කිරීමෙන් පසුව මිනිස්සු ගූගල් හරහා කෝවිඩ් පිළිබඳව විපරම් කරන්න පටන් ගත්තා. එහෙත්, තවමත් ලංකාවේ වැඩිපුර ප්‍රචලිත කොරෝනා කියන යෙදුම බව ගූගල් සෙවුම් අනුව වුවත් පෙනෙනවා.


කොරෝනා වැඩි වෙද්දී රට පුරා ඇඳිරි නීතිය දැම්මා. ඒ වෙලාවේ මිනිස්සුන්ගේ ප්‍රධානම ප්‍රශ්නය වුනේ කන්නේ කොහොමද කියන එකයි. ඒ එක්ක මිනිස්සු කෑම ගැන හොයන එක ඉහළ ගියා. එහෙත්, ඉතා ඉක්මණින් මිනිස්සුන්ට ආහාර ලබා ගත හැකි ක්‍රමවේද හැදුනා. ඒ නිසා කෑම ගැන හොයන එක අඩු වෙලා ගියා. දෙවන රූප සටහන මේ බැව් පෙන්වනවා.


කොරෝනා නිසා ලංකාවේ පාසැල්, සරසවි වැහුණා. ඒ එක්ක අධ්‍යාපනය ගැන තිබුණු උනන්දුව පහත වැටී තිබෙන ආකාරය තුන්වන රූප සටහනෙන් පෙනෙනවා.


ලංකාව කියන්නේ ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා සෙක්ස් ගැන හොයලා කප් ගහපු රටක්. කොරෝනා කාලයේ මේ තත්ත්වයේ වෙනසක් වුනාද? හතරවන රූප සටහනෙන් පෙනෙන පරිදි පොඩියට වුනත් සෙවුම් වැඩි වීමකුයි සිදු වී තියෙන්නේ.


කොරෝනා අස්සේ මැතිවරණය ගැන වූ උනන්දුව කොහොමද? නාම යෝජනා දෙන දවස් වල මැතිවරණය ගැන මිනිස්සු උනන්දු වෙලා තියෙනවා. ඒත් දැන්නම් මැතිවරණය ගැන කිසිම උනන්දුවක් පෙනෙන්න නැහැ.

6 comments:

  1. ඒ අස්සේ ඇමරිකාවේ වැඩිම ගුගල් සෙවුම 'ලංකාවේ අය ගුගල් එකේ වැඩියෙන්ම හොයන්නේ මොනාද' කියලා.

    ReplyDelete
    Replies
    1. ඉකනෝ මල්ලි මේ අසන්න
      රෑට බතට ගෝවා කන්න
      පඩ ඇර ඇර බුදිය ගන්න
      උදේ නැගිට බොක දමන්න.

      Delete
  2. මහත්මයා google සමාගමේ සේවකයෙක්ද ?

    ReplyDelete
  3. කොහොමද ඔය ප්‍රස්තාර ගත්තේ. උතුරු කොරියා ජනාධිපති ගැන ප්‍රතිඵල කොහොමද?

    ReplyDelete
  4. ජෝර්ජ් ඕවෙල් උන්නැහේ ලියපු 1984 මතක් වුනා. මිනිසුන්ගේ පුද්ගලිකත්වයට වෙනදේ....

    ReplyDelete
  5. ඇමරිකන් කොවිඩ් 19 ඛේදවාචකය ඇමරිකාව තුල 65,000 කට අධික පිරිසක් නසා මිලියනයක් ඉක්මවායන රෝගීන් සංඛ්‍යාවක් බිහි කරද්දී කොරෝනාවෙන් ලංකාවට ලොකු යහපතක් වීමටද පුළුවන් වෙයි කියල සමහරු හිතනවා. ඒ මේ ගාරාවැටිච්ච 72 වසරක් අසාර්ථක රාජ්‍යය මොඩලය,එය වත්තම් කරගෙන ඇදෙගෙන යන්නට තතනන වයෝවෘධ ගරායකුන් හා උන්ගේ ඇම්බැට්ට වන්දිභට්ට පිසාච පිසාචියන් සමගම විනාශ වී කොරෝනාව සාර්තකව ජයගත් චීනය වැනි නූතන දියණු රාජ්‍යයක් බිහිකර ගැනීමට ලාංකිකයන් පෙළඹීම නිසායි.

    ඒ නිසා හැම මාසෙම එදා වේලට චීනයෙන් ණය ගන්නවා වෙනුවට ලංකාව චීනයක් බවට පරිවර්තනය කර ගන්න අධිෂ්ඨාන කරගනිමින් මේ මොහොත් මානව වර්ගයා වසංගත උවදුරෙන් රැක ගැනීමට පෙරමුණ ගෙන සටන් වදින මහජන චීනයටත්, චීන කොමියුනිස්ට් පක්ෂයටත් අපගේ ප්‍රණාමය පුද කරමින් වැඩ ආරම්භ කරලා සාර්ථකව කරගෙන යමු.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: