වෙබ් ලිපිනය:

Monday, April 27, 2020

චීනෙට ගිය අලි පැටවු

ශ්‍රී ලාංකික අලි ඩයස්පෝරාව පිළිබඳව පසුගිය වසරේදී මා ලිපියක් ලිවුවා. ලංකාවේ රාජ්‍ය නායකයින් විසින් වරින් වර ලෝකයේ විවිධ රට වලට තෑගි කළ අලි පැටවුන් ගණනාවක් පිළිබඳ තොරතුරු එම ලිපියේ තිබෙනවා. මේ විදිහට ලෝකය පුරා විසිරුණු ශ්‍රී ලාංකික අලි ඩයස්පෝරාව පිළිබඳ බොහෝ තොරතුරු අමාරුවෙන් වුවත් එක තැනකට එකතු කරන්න පුළුවන් වුනත්, චීනයට ගිය අලි පැටවු පිළිබද තොරතුරු හොයා ගැනීම එතරම් පහසු වුනේ නැහැ.


එම ලිපියේ මා සඳහන් කර ඇති පරිදි මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලයේදී 2007 පෙබරවාරි 16 වෙනිදා චීනයට අලි පැටියෙක් තෑගි කළා. මිගාරනම් වූ මේ අලි පැටවාව චීනයට තෑගි කළේ ලංකාව හා චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වලට පනස් වසරක් පිරීමට සමගාමීව මහින්ද රාජපක්ෂ විසින් සිදු කළ චීන සංචාරය අතරතුරයි. 2007 පෙබරවාරි 26 වනදා මහින්ද රාජපක්ෂ විසින් මිගාරව නිල වශයෙන් භාර දෙන විට මිගාර වයස අවුරුදු පහක අලි පැටවෙක්. නිල වශයෙන් භාර දුන්නේ එදින වුවත් මිගාර බෙයිජිං සත්තු වත්තට ගෙනැවිත් තියෙන්නේ ඊට දින 11කට පෙරයි.



ඊට පෙර 1979 අගෝස්තු මාසයේ 12-14 අතර රණසිංහ ප්‍රේමදාස විසින් සිදු කළ චීන සංචාරයේදී ගැහැණු අලි පැටවෙකු  තියාන්ජින් සත්තු වත්තට තෑගි කර තිබෙනවා. මේ අලි පැටික්කියගේ නම සොයා ගන්නට නැහැ.



ඊටත් පෙර 1972 වසරේදී සිරිමාවෝ බණ්ඩාරනයකගේ චීන සංචාරයක් අතරතුර මිතුරා නමැති පිරිමි අලි පැටවෙකු පීකිං සත්ත්වෝද්‍යානයට තැගි කර තිබෙනවා. ඒ දවස්වල චීන අගනුවර හැඳින්වුණේ පීකිං ලෙසයි. 1972 ජූනි 27 දින සිදුව ඇති මේ තෑගි කිරීමේ අවස්ථාවේ රූප රාමු මෑතකදී අන්තර්ජාලයට උඩුගත කර තිබෙනවා. (12 :15 සිට බලන්න)


9 comments:

  1. මේ විඩියෝ එක දැක්කම, දැන් දුප්පත් අසරණ වෙලා ඉන්න නෑදෑයෙක් ඉස්සර පොහොසත්ව හිටපු කාලෙක පොහොසත් නෑදෑයෙක් එක්ක ගහපු පොටෝ එකක් දැක්ක වගේ හැගීමක් ආවා.
    චීනෙ බලවත්ම පුද්ගලයා උන චෞ එන් ලායි in person , විවුර්ත රථයක, දස දහස් ගණන් ජනතාව පෙළගස්වල, කොඩි වනල ඒ දීපු පිළිගැනීම, මෑත කාලීන ලාංකික නායකයන්ට චීනෙට ගියාම ලැබුන පිළිගැනීමට සංසන්දනය කරන්න.
    ෂී ජී පින් එක්ක පොටෝ එකක් ගන්න අමාරුවෙන් වෙලාවක් දා ගත්තත්, එයා පොටෝ එකට ඉන්නේ ආඩම්බරෙන් වගේ ටිකක් වෙන්න අහක බලාගෙන.
    වෙනස සම්පූර්ණයෙන්ම පේන තැනක් තමා ඒකාලෙත් , දැන් කාලෙත් body language වල වෙනස. 1972 දී චීනෙ ලංකාවට ගරු කටයුතු විදියට සැලකු විදිය දැන් කාලේ යන deligetion වලට junior චීන නිලධාරින් වත් සලකන්නේ නෑ .
    චීනෙට නෙවෙයි මාලදිවයිනට ගියත් දැන් අපේ ලොක්කන්ව පිළිගන්නේ අපට තියෙන ලෝක පිළිගැනීමෙ තරමට තමයි.
    අපට මෙහෙම උනේ අපේම වැරැද්දෙන් නිසා කාටවත් දොස් කියල වැඩක් නෑ .

    ReplyDelete
    Replies
    1. මේ සංචාරය සිදු වුනු වසරට පෙර වසරේ චීනයේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 119යි. ලංකාවේ 186යි. 1993 වන විටත් චීනය 377 වෙද්දී ලංකාව 577යි. චීනය ලංකාව පහු කර ගියේ 1999දී.

      Delete
  2. JR gifted a Elephant calf to Ronald Reagan, I think the calf died after few days. (Wijebahu)

    ReplyDelete
    Replies
    1. ජේආර් සමඟ ඇමරිකා ගොස් හාමතේ මියගිය ඈ...

      http://economatta.blogspot.com/2018/08/blog-post_17.html

      Delete
  3. Once upon a time we gave them elephants.Now we give them Colombo Port City and Hambantota Harbor.

    ReplyDelete
  4. මහත්මයා අලි පාටියේද?
    පිට පිට අලි ගැන ලියපු නිසා ඇහුවේ?

    ReplyDelete
  5. ඇනෝලා වෙතටයි

    චීනය යනු ලංකාවේ සිංහල සංස්කෘතියට හිමිවියයුතු තැන පිලිගන්නා රටක්.
    ඒ නිසාම ඉන්දියාවට යුරෝපයට ඔරුමත්තුනාඩුවට වඩා චීනය හොඳයි.

    ආර්ථික විද්‍යාවෙන් විතරක් ලෝකය දිහා බලන්න එපා

    ReplyDelete
  6. තෙලන්ගානා ප්‍රාන්තයේ සිට ඡතිසඝාර් ප්‍රාන්තය බලා ගමන් කරමින් සිටි 12 හැවිරිදි දැරියක් කිලෝ මීටර 150ක් පමණ ගමන් කිරීමෙන් අනතුරුව මරණයට පත් වූ බව මෙම ලිපිය ලියමින් සිටින මොහොතේ ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

    දින තුනක් තිස්සේ දෙපයින් ගමන් කරමින් සිටි ඇය මරණයට පත් වී ඇත්තේ සිය නිවසට කිලෝමීටර 14ක් පමණක් තිබියදී ය.

    "රට වසා දැමූ ආකාරය ඉතා අමානුෂිකයි." ක්‍රියාධරයෙකු වන නීතිඥ ප්‍රශාන්ත් භූෂාන් බීබීසීයට පැවසුවේය.

    ReplyDelete
  7. හොඳටම නන්නත්තාරවෙලා ඉන්න අලි ටික අල්ලලා රට පටවන්න ඇහැකි නං....

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: