මිල සූත්‍රය කියද්දී එක වරටම මතක් වෙන නම් අතර මංගල සමරවීර නම උඩින්ම තියෙනවා. මංගල සමරවීරව ලංකාව හඳුනා ගන්නේ දැඩි ලිබරල් මතධාරියෙක් විදිහට. මංගල සමරවීර වැනි අයගේ අනුග්‍රහයෙන් කාලයක් ක්‍රියාත්මක වෙලා පසුව හරියකට ක්‍රියාත්මක නොවී තිබුණු මිල සූත්‍රය නැවත ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ ආර්ථික අර්බුදයෙන් පස්සේ. ඒ වෙද්දී මිල සූත්‍රය සඳහා අනුග්‍රහය දක්වමින්ර සිටියේ රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ආණ්ඩුව.
ඔය අතරම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ලංකාවට බලපෑම් කළා. තවමත් බලපෑම් කරනවා. ලංකාවේ බොහොමයක් වාමාංශික මතධාරීන්ට අනුව මූල්‍ය අරමුදල කියන්නේ නවලිබරල් ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින ආයතනයක්. ලංකාවේ මිල සූත්‍ර ක්‍රමය ක්‍රියාත්මක වෙද්දී ගොඩක් වෙලාවට විරුද්ධ වෙලා තියෙන්නේත් වාමාංශික මතධාරීන්.
ඔය සියලුම නිරීක්ෂණත් එක්ක මිල සූත්‍ර ක්‍රමය වෙළඳපොළ උපාංගයක් කියලා ලංකාවේ ඇතැම් අය හිතනවා. නමුත් QR ක්‍රමය හරහා මේ වෙද්දී ක්‍රියාත්මක කෝටා ක්‍රමය වගේම මිල සූත්‍ර ක්‍රමයත් මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයක උපාංග මිසක් වෙළඳපොළ ආර්ථික ක්‍රමයට සම්බන්ධ දේවල් නෙමෙයි.
වෙළඳපොළ ආර්ථික ක්‍රමයේදී "නියම මිල" තීරණය කරන නිශ්චිත පුද්ගලයෙක් හෝ ආයතනයක් නැහැ. එය වෙළඳපොළ හරහා තීරණය වෙනවා. "අදෘශ්‍යමාන හස්තය" කියන එකෙන් අදහස් වෙන්නේ ඒක. නමුත් මිල සූත්‍රය යොදා ගන්නේ "නියම මිල" හොයා ගන්න. එය වෙළඳපොළ විරෝධී අදහසක් මිසක් කිසිසේත්ම වෙළඳපොළ ක්‍රමයක් තුළදී අවශ්‍ය වන දෙයක් නෙමෙයි. මිල සූත්‍ර ක්‍රමයේ මූලික පදනම සහ මාක්ස්වාදී සමාජවාදී ආර්ථික ක්‍රමය තුළ ශ්‍රම න්‍යාය යොදා ගැනීම අතර ලොකු වෙනසක් නැහැ. ඔය දෙකෙන්ම කරන්නේ භාණ්ඩයක හෝ සේවාවක යෙදවුම් පිරිවැය මත පදනම්ව එහි නියම මිල හොයා ගන්න උත්සාහ කරන එක.
වෙළඳපොළ ක්‍රමය තුළ මිල තීරණය වන්නේ ඉල්ලුම මගින් පෙන්වන වටිනාකම මත මිසක් යෙදවුම් පිරිවැය මත පදනම්ව නෙමෙයි. එම වටිනාකම යෙදවුම් පිරිවැයට වඩා වැඩි වෙන්න වගේම අඩු වෙන්නත් පුළුවන්. ඔය දෙක අතර සෘජු සම්බන්ධයක් නැහැ. ඒ නිසාම, මිල තීරණය කිරීම සඳහා පිරිවැය නිවැරදිව සොයා ගැනීමේ හෝ ඒ සඳහා මිල සූත්‍රයක් යොදා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් හෝ ප්‍රයෝජනයක් නැහැ.
මෙයින් කියන්නේ පිරිවැයෙහි කිසිම අදාළත්වයක් නැති බව නෙමෙයි. මිල පිරිවැය ඉක්මවන්නේ නැත්නම් එහි ලාබයක් නැහැ. ඒ නිසා, වෙළඳපොළ ක්‍රමය ඇතුළේදී පිරිවැයට වඩා පහළින් මිල තීරණය වෙන්නේ නැහැ. යම් හෙයකින් "අදෘශ්‍යමාන හස්තය" විසින් තීරණය කර තිබෙන මිල යම් නිෂ්පාදකයෙකුගේ පිරිවැයට වඩා අඩුනම් ඒ නිෂ්පාදකයා තව දුරටත් සැපයුමක් කරන්නේ නැහැ. ඒ නිසා, නිෂ්පාදකයින්ගෙන් කොටසක් වෙළඳපොළෙන් ඉවත් වෙනවා. ඒ එක්කම සැපයුම පහත වැටී හිඟයක් ඇති වෙනවා. හිඟය නිසා මිල ඉහළ යනවා. මිල තමන්ගේ පිරිවැය ඉක්මවූ වහාම වෙළඳපොළෙන් ඉවත්ව සිටි නිෂ්පාදකයෝ නැවතත් වෙළඳපොළට එනවා. හිඟය නැති වෙනවා.
ඔය ක්‍රමය ඇතුළේ පිරිවැයට වඩා අඩුවෙන් මිල තීරණය වෙන්න ඉඩක් නැතත්, පිරිවැය ඉක්මවන මිලක් තීරණය වීම වැලකෙන්නේ නැහැ. නමුත් එහෙම වුනා කියලා හිතුමතේට කැමති තරමකට මිල වැඩි කිරීමක් වෙන්නෙත් නැහැ. ඒකාධිකාරයක් ඇති තත්ත්වයක් යටතේ වුවත්, මිල වැඩි කරද්දී ඉල්ලුම අඩු වෙනවා. යම් සීමාවකදී ඉල්ලුම අඩු වීමේ අවාසිය මිල වැඩි කිරීමේ වාසිය ඉක්මවා ගිහින් මිල වැඩේ වීම නවතිනවා.
අඩු වශයෙන් තරඟකරුවන් දෙදෙනෙකු සිටීනම්, ඒකාධිකාරයක් ඇති තත්ත්වයකට සාපේක්ෂව, මිල පහළ යනවා. තරඟකරුවන් ප්‍රමාණය වැඩි වෙද්දී මේ විදිහට මිල පහළ යන්න තිබෙන ඉඩකඩද ඉහළ යනවා. තරඟකරුවන් එක් අයෙකුට වඩා සිටින තත්ත්වයක් යටතේදී සැපයුම්කරුවෙක් විසින් මිල තීරණය කරන්නේ සියළුම සැපයුම්කරුවන් අතරින් වඩාත්ම අකාර්යක්ෂම සැපයුම්කරුගේ පිරිවැය මත පදනම්වයි. වඩාත්ම අකාර්යක්ෂම සැපයුම්කරු තමන් නොවේනම්, මේ මිල තමන්ගේ පිරිවැයට වඩා වැඩියි. ඒ නිසා මිල සහ පිරිවැය අතර වෙනස ලාබයක් බවට පත් වෙනවා.
වඩාත්ම අකාර්යක්ෂම සැපයුම්කරු වුනත්, පාඩුවට, ඒ කියන්නේ පිරිවැයට වඩා අඩුවෙන්, විකුණන්නේ නැහැ. මිල පිරිවැයට වඩා අඩුනම් සැපයුම නවත්වනවා. ඒ නිසා, හැම විටම වෙළඳපොළේ ඉතිරි වන්නේ පවතින මිලට වඩා අඩු පිරිවැයකින් භාණ්ඩය හෝ සේවාව සපයා ලාබයක් ලැබිය හැකි අය පමණයි.
සැපයුම්කරුවන් අතරෙන් අයෙක් රජය වූ විට මේ තත්ත්වය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් රජය විසින් මිල තීරණය කරන්නේ දේශපාලන අභිලාශ පෙරදැරිව මිසක් ලාබ බලාගෙනම නෙමෙයි. මේ තත්ත්වය තුළ රජය විසින් පිරිවැයට වඩා අඩුවෙන් භාණ්ඩය මිල කරන්න ඉඩ තිබෙනවා. කාලයක් තිස්සේ ලංකාවේ ඔය තත්ත්වය දකින්න පුළුවන් වුනා. නමුත් මේ විදිහට දිගින් දිගටම පිරිවැයට වඩා අඩුවෙන් භාණ්ඩයක් විකිණිය නොහැකි නිසා, ඔය ක්‍රමය කොයි වෙලාවක හෝ අර්බුදයට යනවා. තෙල් සංස්ථාවට බදු මුදල් වලින් රුපියල් බිලියන 884ක් පොම්ප කරන්න වුනේ ඔය ක්‍රමය අර්බුදයට ගිය නිසා.
රජය හැර වෙනත් කිසිවෙකු පාඩුවට විකුණමින් දිගින් දිගටම වෙළඳපොළ තුළ රැඳී ඉන්නේ නැති නිසා, රජය විසින් දිගින් දිගටම පිරිවැයට වඩා අඩුවෙන් තෙල් විකුණන තත්ත්වයක් යටතේ, අනිර්වාර්යයෙන්ම වඩාත්ම අකාර්යක්ෂම සැපයුම්කරු වෙන්නේ රජය. ඒ නිසා, අනෙක් සියලුම සැපයුම්කරුවන්ට රජයේ මිලට විකුණන්න වෙනවා. නමුත් සාමාන්‍ය වෙළඳපොල ක්‍රමයකදී මෙන් වඩාත්ම අකාර්යක්ෂම සැපයුම්කරුගේ මිලට විකුණා අනිවාර්යයෙන්ම ලාබයක් ලබා ගන්න තිබුණු අවස්ථාව දැන් නැහැ. ඒ නිසා "අදෘශ්‍යමාන හස්තය" ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ වගේ තත්ත්වයක් යටතේ අනෙක් සැපයුම්කරුවෝ එකිනෙකා වෙළඳපොළෙන් ඉවත්වෙන්න පටන් ගන්නවා.
මෙවැනි තත්ත්වයක් දිගටම පැවතුනොත් අන්තිමට වෙළඳපොළ තුළ ඉතිරි වෙන්නේ රාජ්‍ය ඒකාධිකාරය පමණයි. නමුත් එයින් අදහස් වන්නේ පාරිභෝගිකයින්ට ලබා ගත හැකි අඩුම මිලට ඉන්ධන ලැබෙනවා කියන එක නෙමෙයි. රජය විසින් රජයේ පිරිවැයට වඩා අඩුවෙන් ඉන්ධන සපයනවා විය හැකි වුවත්, ඊට වඩා අඩු පිරිවැයක් දරමින් ඊට වඩා අඩු මිලකට ඉන්ධන විකුණා ලාබයක් ගන්න පුළුවන් වෙනත් සැපයුම්කරුවන් ඉන්න පුළුවන්. සැපයුම්කරුවන් ප්‍රමාණය ඉහළ යන තරමට එවැනි කවුරු හෝ සිටීමේ ඉඩකඩද ඉහළ යනවා. අනෙක් අතට, රජය විසින් පාඩුවට ඉන්ධන විකුණද්දී, ඉන්ධන පාරිභෝගිකයින්ට යම් වාසියක් ලැබුණේ වුනත්, එහි බර පොදුවේ බදු ගෙවන්නට දරන්න වෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ලංකාවට බල කළේ සහ කරන්නේ ඔන්න ඔය හේතුව නිසා. වෙළඳපොළ යාන්ත්‍රනයක් තිබේනම්, "අදෘශ්‍යමාන හස්තය" අවශ්‍ය වැඩේ කරනවා. නමුත් රජය සැපයුම්කරුවෙකු ලෙස සිටින නිසා "අදෘශ්‍යමාන හස්තය"ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්, නියම මිල දැනගන්න ක්‍රමයක් නැහැ. මිල සූත්‍රයක් අවශ්‍ය වෙන්නේ ඒ නිසා.
රජයකට යම් කාලයක් පිරිවැයට වඩා අඩුවෙන් විකුණන්න පුළුවන් වුනත්, ඔය වැඩේ කරන්න පුළුවන් සීමාවක් තිබෙනවා. ඔය සීමාව පැනපු නිසා තමයි ලංකාවේ රජයට ණය ගෙවා ගන්න බැරි තත්ත්වයක් ඇති වුනේ.
ලංකාවේ ඉන්ධන සහ විදුලිබල වෙළඳපොළවල් වල තවමත් වෙළඳපොළ ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තවම තියෙන්නේ මධ්‍යගත සැලසුම් ක්‍රමය. නමුත් කවදා හෝ වෙළඳපොළ ක්‍රමය හරියකට ක්‍රියාත්මක වන තුරු දැනට තිබෙන මධ්‍යගත සැලසුම් ක්‍රමය දුවා ගන්න වෙනවා. ඉන්ධන සහ විදුලිබලය ලැබෙන පිළිවෙළක් තියෙන්නත් ඕනෑනේ. කෝටා වගේම මිල සූත්‍ර ක්‍රමයත් අවශ්‍ය වන්නේ අමාරුවෙන් හෝ මේ මධ්‍යගත සැලසුම් ක්‍රමය නඩත්තු කරන්නයි.
හැබැයි මේ මිල සූත්‍ර ක්‍රමය කියන්නේ පැලැස්තරයක් මිසක් නියම විසඳුමක් නෙමෙයි. ලොකු අර්බුදයක් නොතිබුණු කාලයේ මේ ක්‍රමයට දුවා ගන්න පුළුවන් වුනත්, අර්බුදයක් ආපු ගමන් මිල සූත්‍ර ක්‍රමයේ අඩුපාඩු මතුවී තිබෙනවා. මිල සූත්‍ර ක්‍රමයේ අඩුපාඩු කියන්නේ මධ්‍යගත සැලසුම් ක්‍රමයේ අඩුපාඩු.
හර්ෂ ද සිල්වා විසින් මිල සූත්‍ර ක්‍රමය මත පදනම්ව සිදු කළ ගණනය කිරීමක් දැක්කා. හර්ෂ ද සිල්වා කියන්නේ පසුගිය කාලයේ ලංකාවේ මිල සූත්‍රය ක්‍රියාත්මක කළ ආකාරය හොඳින් දන්නා කෙනෙක් විය යුතු නිසා, ඔහුගේ ගණනය කිරීම් සහ ඒ මත පදනම්ව ගොඩ නගා තිබෙන තර්කය නිවැරදියි කියා මම හිතනවා. ඔහුගේ චෝදනාව වන්නේ, කෙටියෙන් කිවුවොත්, මිල සූත්‍රය යොදාගෙන පිරිවැය ගණනය කිරීමේදී සත්‍ය පිරිවැය වෙනුවට ආවස්ථික පිරිවැය යොදාගෙන කියන එකයි. තේරෙන විදිහට කිවුවොත්, ඉන්ධන ගෙන්වපු ඇත්ත මිල වෙනුවට පවතින වෙළඳපොළ මිල යොදා ගෙන කියන එකයි.
වෙළඳපොළ අර්ථ ක්‍රමයේ මූලධර්ම අනුව බලනවානම් වඩා නිවැරදි වන්නේ සත්‍ය පිරිවැය අනුව මිල තීරණය කරන එක නෙමෙයි. නමුත් මිල සූත්‍ර ක්‍රමයේ පදනම මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමය මිසක් වෙළඳපොළ අර්ථ ක්‍රමය නොවන බව කලින්ම කිවුවනේ. ඒ කියන්නේ චෝදනාවට පදනමක් තිබෙනවා. වෙළඳපොළ පැත්තට හැරෙමින් සිටින සමාජවාදී ආණ්ඩුවකට චෝදනා කිරීම සඳහා හර්ෂ ද සිල්වා වැනි කෙනෙක් මේ විදිහේ තර්කයක් ඉදිරිපත් කිරීමේ තිබෙන උත්ප්‍රාසය වෙනම කරුණක්.
හර්ෂ ද සිල්වාගේ ගණනය කිරීම් නිවැරදිනම්, ආණ්ඩුව විසින් කරලා තියෙන්නේ මිල සූත්‍රය නමන එක. හැබැයි ඒ නැමිල්ල නමලා තියෙන්නේ වෙළඳපොළ මූලධර්ම වලට බර වැටෙන විදිහටයි. දැන් ප්‍රශ්නය ආණ්ඩුව එහෙම කළේ ඇයි කියන එකයි. ඇත්තටම හේතුව වත්මන් ඉන්ධන අර්බුදය හමුවේ මිල සූත්‍ර පැලැස්තර විසඳුම තව දුරටත් ප්‍රමාණවත් විසඳුමක් නොවීමයි.
ලංකාව ඉන්ධන හා අදාළව ඒකාධිකාරයක් පවත්වාගෙන යමින් රට ඇතුළේ මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කළත්, රටෙන් එළියට ගිය ගමන් වෙළඳපොළ මූලධර්ම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා, ලංකාව වැනි රටකට වෙළඳපොළ මූලධර්ම මග හැර මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කරන්න කෙසේවත්ම බැහැ. එහෙම කරන්නනම්, රටට අවශ්‍ය හැම දෙයක්ම රට ඇතුළේ හදාගත හැකි තරමේ විශාල ආර්ථිකයක් තියෙන්න ඕනෑ. මෙයට තිබෙන ප්‍රධානම බාධාවක් වන්නේත් ඉන්ධන.
නලින්ද ජයතිස්සට අනුව, තෙල් සංස්ථාව ඉන්ධන මිල දී ගන්නා ක්‍රම දෙකක් තිබෙනවා. එක ක්‍රමයකට මිල දී ගනිද්දී ලෝක වෙළඳපොළේ පසුගිය මාසයේ සාමාන්‍ය මිල අනුව පිරිවැය තීරණය වෙනවා. අනෙක් ක්‍රමයේදී පසුගිය දින පහේ සාමාන්‍ය මිල අනුව පිරිවැය තීරණය වෙනවා. ඔය පළමු ක්‍රමයට පමණක් ඉන්ධන මිල දී ගන්නවානම්, පිරිවැය මත පදනම්ව මාස්පතා මිල වෙනස් කරමින් වැඩේ ඇදගෙන යන්න පුළුවන්. නමුත් දෙවන ක්‍රමයට ඉන්ධන මිල දී ගන්නවානම් දවස් පහකට වරක්වත් මිල සංශෝධනය කරන්න වෙනවා.
සාමාන්‍ය තත්ත්වයන් යටතේ වැඩිපුර ඉන්ධන මිල දී ගන්නේ පළමු ක්‍රමයට වෙන්න ඇති. නමුත් පේන විදිහට දැන් වැඩිපුර ඉන්ධන මිල දී ගන්නේ දෙවන ක්‍රමයට.
මේ ප්‍රශ්නයට අමතරව, හදිසියේ විශාල ලෙස මිල ඉහළ යද්දී, මුදල් ප්‍රවාහ කළමනාකරණ ප්‍රශ්නයකුත් ඇති වෙනවා. පළමු ක්‍රමයට මිල දී ගත්තේ වුනත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. ආවස්ථික පිරිවැය මත පදනම්ව මිල තීරණය කරනවානම් මේ ප්‍රශ්නය මතු වෙන්නේ නැහැ. නමුත් සත්‍ය පිරිවැය අනුව මිල තීරණය කරලා තෙල් විකුණා ලබා ගන්නා මුදල් වලින් අලුතෙන් තෙල් මිල දී ගැනීමේ පිරිවැය ආවරණය නොවන නිසා කාරක ප්‍රාග්ධනය හොයා ගන්න වෙන්නේ බැංකු ණය විදිහටයි. එසේ කරද්දී සත්‍ය පිරිවැයට තවත් සංරචකයක් එකතු වෙනවා.
මෙවර අර්බුදය එක්ක ඇති වූ ලොකුම ප්‍රශ්නයක් වුනේ ලෝක වෙළඳපොළේ මිල වැඩි වුනු වේගය. මිල සුළුවෙන් වෙනස් වෙන සාමාන්‍ය කාලයකදීනම් මාසයකට වරක් මිල සංශෝධනය කරමින් වැඩේ ඇදගෙන යන්න පුළුවන්. නමුත් දැන් තත්ත්වය තුළ, මාසයක් මිල එක මට්ටමේ තියා ගන්නවා කියන්නේ සැපයුම්කරුවන්ට විශාල පාඩුවක් දරන්න වෙනවා කියන එක. සිනොපෙක් වැනි සමාගම් ඔය විදිහට පාඩු විඳින්නේ නැහැ. මිල පිරිවැයට වඩා අඩුනම් සැපයුම නවත්වනවා. කලින් මාසයකට වරක් සිදු කළ මිල සංශෝධනය දින දහයකට වරක් කරන්න ආණ්ඩුවට සිදු වී තිබෙන්නේ ඔය හේතු නිසා.
ඇතැම් අයගේ තර්කයක් වන්නේ තෙල් සංස්ථාව සතුව ඒකාධිකාරයක් තිබුණානම් මේ වෙලාවේ පාඩුවට තෙල් විකුණා පාඩුව පසුව අල්ලගන්න තිබුණා කියන එක. ඉතිහාසයේදීද තෙල් සංස්ථාව කිවුවේ ඔය කතාවම වුනත්, ප්‍රායෝගිකව අඩුවට විකුණන කොටස මිසක් පාඩුව පසුව අල්ලගන්න කොටස සිදු වුනේ නැහැ. රුපියල් ට්‍රිලියනය ඉක්මවන සමුච්ඡිත අලාබයක් එකතු වුනේ ඒ නිසා.
කෙසේ වුවත්, දැන් ඔය වැඩේ කරන්න බැරි තෙල් සංස්ථාව සතුව ඒකාධිකාරයක් නැති නිසා නෙමෙයි. ඔය වගේ වැඩ කරපු නිසා රජය ණය ගෙවාගන්න බැරුව බංකොලොත් වෙලා මූල්‍ය අරමුදල සමඟ වැඩ සටහනක ඉන්න නිසා. රජයට පාඩුවට තෙල් විකුණන්න ශක්තියක් තියෙනවානම්, තෙල් සංස්ථාව සතුව ඒකාධිකාරයක් නොතිබීම එයට බාධාවක් නෙමෙයි. දැන් යම් තරමකින් කරනවා වගේ සහනාධාර දීම මගින් ඒ වැඩේ කරගෙන යන්න පුළුවන්.
මේ වගේ ලොකු කම්පනයකදී ලෝකයේ බොහෝ රටවල රජයන් විවිධ ආකාර වලින් වෙළඳපොළට මැදිහත් වීම් කරනවා. එසේ කරන්න පුලුවන්ද කියන එක තීරණය වෙන්නේ රජය සතු මූල්‍ය ශක්තිය මත මිසක් තෙල් වෙළඳපොළේ රාජ්‍ය භාගය මත නෙමෙයි. ඇමරිකාව වගේ රටවල රජයයන් රජය විසින් පවත්වා ගෙන යන ඉන්ධන සංචිත මුදා හැරීම මගින් මේ වගේ වෙලාවල් වල වෙළඳපොළට මැදිහත් වෙනවා. තවත් රටවල් මිල ස්ථායිකරණ අරමුදල් වල තියෙන මුදල් යොදවා බලපෑම් කරනවා. බදු වෙනස් කිරීම හා සහනාධාර දීම තවත් ක්‍රම දෙකක්. මේ ක්‍රම වලින් කරන්නෙත් මිල පාලනය කිරීමක් වුනත්, එසේ කරන්නේ "අදෘශ්‍යමාන හස්තයට" ක්‍රියාත්මක වෙන්න ඉඩ ඉතිරි කරමිනුයි. ඒ නිසා, වෙළඳපොළ අර්ථ ක්‍රමයේ මූලධර්ම තව දුරටත් ක්‍රියාත්මක වෙනවා. නමුත් ගැසට් ගැසීම මගින් පමණක් කරන මිල පාලනය කියන්නේ ඔය සියළු ක්‍රම වලට වඩා අසාර්ථක ක්‍රමයක්. ඒ විදිහට මිල පාලනය කරද්දී "අදෘශ්‍යමාන හස්තයට" ක්‍රියාත්මක වෙන්න තිබෙන ඉඩකඩ ඇහිරෙනවා.
ලංකාවේ රජය සතුව ක්‍රමෝපායික ඉන්ධන සංචිතයක් නැහැ. මිල ස්ථායිකරණ අරමුදල් නැහැ. ඒ නිසා, ඉතිරිව තියෙන්නේ බදු අඩු කිරීම සහ සහනාධාර දීම කියන විකල්ප දෙක පමණයි. ඔය විකල්ප දෙක අතරින් ආණ්ඩුවේ තේරීම වී තිබෙන්නේ දෙවන විකල්පය. ඉතිරිව තිබෙන විකල්ප දෙක අතරින් වඩා හොඳ විකල්පය වන්නේද සහනාධාර ක්‍රමයයි.
බදු අඩු කළොත් රජයේ ආදායම් අඩු වෙනවා. සහනාධාර දෙද්දී වියදම් ඉහළ යනවා. ඔය ක්‍රම දෙකෙන් කොයි ක්‍රමය අනුගමනය කළත් අවසාන වශයෙන් වෙන්නේ අයවැය හිඟය ඉහළ යන එක. නමුත් පළමු ක්‍රමයේදී අරමුදල් පාලනය රජයෙන් ගිලිහෙනවා. දෙවන ක්‍රමයේදී පාලනය රජය සතුව තිබෙන නිසා සහනාධාරය අවශ්‍ය තැන් වලට යොමු කරන්න පුළුවන්. දැන් වෙන්නේ ඒ වැඩේ. එක පැත්තකින් බලද්දී පැට්‍රෝල් වලින් අය කරන බදු වලින් ඩීසල් සුබසාධනය කිරීමක් කියා කියන්නත් පුළුවන්.
වෙළඳපොළ තුළ ප්‍රශ්නයක් තවමත් ඉතිරි වී තිබෙන්නේ සහනාධාර ලබා දීම නිසා නෙමෙයි. සීමාව පැන්නොත්, සාර්ව ආර්ථික තුලනයට සිදු වන බලපෑම හැරුණු කොට ඒ මගින් ඉන්ධන වෙළඳපොළ තුලනයට විශාල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මිල පාලනය නිසා "අදෘශ්‍යමාන හස්තය" අකර්මන්‍ය වෙනවා.
නලින්ද ජයතිස්සට අනුවම, තෙල් සැපයුම්කරුවන් විසින් වඩා වැඩි මිල වැඩි කිරීමක් ඉල්ලා තිබෙනවා. නමුත් රජය විසින් ඒ ඉල්ලපු වැඩි කිරීම ඒ විදිහටම ලබා දී නැහැ. මේ වගේ හෙට්ටු කිරීමකදී රජය ඉන්නේ වාසිදායක තැනක නිසා හෙට්ටු කරලා අනෙක් සමාගම් එකඟ කරගන්න පුළුවන් වුනත්, වාසියක් වගේ පේන මිල අඩු වීම අවසාන වශයෙන් වාසියක් නොවෙන්න ඉඩ තිබෙනවා. ගල් අඟුරු ටෙන්ඩරය හා අදාළව වෙලා තිබෙන බව පේන්නෙත් ඒ වගේ දෙයක්.
තෙල් සමාගමක් විසින් ඔවුන්ගේ පිරිවැය කියලා යම් මිලක් ඉදිරිපත් කරනවානම්, ඔවුන් එක්ක හෙට්ටු කරන එකේ තේරුමක් නැහැ. ඔවුන් ඉදිරිපත් කරන්නේ මිල පාලනයක් තිබුණේ නැත්නම් ඔවුන් විකුණන මිල. ඒ මිල හරිද වැරදිද වගේ දේවල් හොයන එකේ තේරුමක් නැහැ. අවශ්‍ය මිල නොලැබුණොත් ඔවුන්ට ඉන්ධන සපයන එක සීමා කරන්න පුළුවන්. නමුත් නිදහස දුන්නට පස්සේ ඔවුන් වැඩි මිලකට විකුණන බව පැහැදිලිව පේනවානම්, සිපෙට්කෝ සමාගමට පාඩු නොලබා ඊට වඩා අඩුවෙන් විකුණන්නත් පුළුවන්නම්, තරඟය හරහා පහසුවෙන්ම මිල අඩු කරගන්න පුළුවන්. මිල තීරණය කරන්න නිදහස දීම එයට බාධාවක් නෙමෙයි.
ඉන්ධන වල සිපෙට්කෝ ඉන්ධන හෝ සිනොපෙක් ඉන්ධන කියලා, පාරිභෝගිකයාගේ පැත්තෙන්, ලොකු වෙනසක් නැහැ. ඔවුන් හොයන්නේ අඩු මිල. ලංකාවේ පාරිභෝගිකයින්ගෙන් සැලකිය යුතු පිරිසකට පෝලිම් ලොකු ප්‍රශ්නයකුත් නෙමෙයි. සුපිරි ඩීසල් සහ සුපිරි පැට්‍රෝල් පාරිභෝගිකයින් අතර පෝලිම් විශාල ප්‍රශ්නයක් වෙන අය වැඩිපුර ඉන්න පුළුවන්. නමුත් සාමාන්‍ය පැට්‍රෝල් සහ සාමාන්‍ය ඩීසල් පාරිභෝගිකයින් අතර ඒ වගේ අය අඩුයි. ඒ නිසා, රුපියල් පහක දහයක පමණ මිල වෙනසක් වෙනුවෙන් වුනත් ඔවුන් බොහෝ දෙනෙක් කැමැත්තෙන් පෝලිම් වල ඉඳියි.
ඉහත හේතුව නිසා, මිල තීරණය කරන්න නිදහස දුන්නත්, අධික ලාබ ලැබීම පිණිස, සාමාන්‍ය පැට්‍රෝල් සහ සාමාන්‍ය ඩීසල් හා අදාළව ලොකු මිල වෙනසක් පවත්වා ගන්න කිසිම තෙල් සැපයුම්කරුවෙකු විසින් උත්සාහ කරන එකක් නැහැ. යම් හෙයකින් එවැනි වෙනසක් පවත්වා ගන්නවානම් එසේ කරනු ඇත්තේ පාඩු නොලබා ඊට වඩා අඩුවෙන් විකුණන්න කිසිසේත්ම බැරි නිසා. ඉන්ධන පිරවුම්හල් තිබෙන්නේ එකම තැන නොවන නිසා, පෝලිම් වල ආවස්ථික පිරිවැයට අමතරව, ඈත තිබෙන පිරවුම්හලකට යන එකේ ආවස්ථික පිරිවැයකුත් තිබෙනවා. ඒ නිසා, පෝලිම් නැති තත්ත්වයක් යටතේ වුනත් රුපියල් කිහිපයක මිල වෙනසක් තියා ගන්න පුළුවන්.
ඉකොනෝ
ReplyDeleteලංකාවේ බෝහෝ ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන පරිදි ලංකාවේ තෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමීම සහ ඒ සමගම භාණ්ඩ මිල සේවා මිල ප්‍රවාහන පිරිවැය වගේ බොහෝ දේවල් වැඩිවෙලා තියෙන නිසාම රටේ සැබෑ උද්ධමනය 7%-8% මට්ටමකට ඇවිල්ල නිසා පොළී අනුපාත ඉහළ දමන්නට සිදු වේවි කියල මේක ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?
පළමුව තවම උද්ධමනය වැඩි වෙලා නැහැ. මහ බැංකුවට අනුව උද්ධමනය ඉහළ යාමට නියමිතව තිබෙන්නේ ඉලක්කගත 5% සීමාව දක්වා පමණයි. දෙවනුව, උද්ධමනය ඉහළ යාමේ ඉඩක් ඇත්නම් මහ බැංකුවක් විසින් පොලී අනුපාතික වැඩි කර ඉල්ලුම පාලනය කිරීම සාමාන්‍ය තත්ත්වයක්. නමුත් මේ අවස්ථාවේ උද්ධමනය ඉහළ යන්නේ ඉල්ලුම් කම්පනයක් නිසා නෙමෙයි. සැපයුම් කම්පනයක් නිසා. පොලී අනුපාතික වැඩි කළා කියලා තෙල් ඉල්ලුම ලොකුවට අඩු වෙන්නේ නැහැ. තෙල් මිල කොහොමටවත් අඩු වෙන්නේ නැහැ. තෙල් ඉල්ලුම අඩු කිරීම සඳහා කළ යුත්තේ තෙල් මිල වැඩි කිරීමයි. එසේ කලද තෙල් මිල අඩු වෙන්නේ නැහැ. නමුත් ඩොලරය මත පීඩනය අඩු කිරීම මගින් පොදුවේ ආනයන වල මිල වැඩි කිරීම සීමා කරන්න පුළුවන්. ඒ මගින් උද්ධමනය පාලනය කරන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ පොලී වැඩි කිරීමේ අවශ්‍යතාවයක් පේන්න නැහැ.
Deleteවිදුර තෙන්නකෝන්ගේ ගෑනිගේ මේ වෙනවට වැඩද පොළ වටිනාකම කීයද
Delete@ Economatta
ReplyDeleteමහ බැංකුව කියනවා නම් උද්ධමනය 2%යි කියලා, හැබැයි මිනිස්සු කඩේට ගියාම බඩු මිල 10%කින් විතර වැඩි වෙලා නම්, එතනදී මහ බැංකුවේ විශ්වාසනීයත්වය (Credibility) බිඳ වැටෙනවා.
උදාහරණක් විදියට 2022 ආර්ථික කඩාවැටීමට කලිනුත් මහ බැංකුව දිගින් දිගටම කිව්වේ "අපිට ප්‍රශ්නයක් නැහැ, සංචිත තියෙනවා, උද්ධමනය පාලනය කරලා තියෙන්නේ" කියලා. හැබැයි ඇත්ත තත්ත්වය ඊට වඩා ගොඩක් වෙනස් වුණා. අදත් ජනතාව බය වෙන්නේ අන්න ඒ වගේ "සංඛ්‍යාලේඛනමය මායාවකට" (Statistical Illusion) ආයෙත් අහු වෙයිද කියලයි.
අද මේ ආණ්ඩුවට කඩේ යන අය කියන කතාවේ තියෙන්නේ සම්පූර්ණ අතාර්කික පරස්පරයක්. මොකද තෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ යාම නිසා ප්‍රවාහන හා නිෂ්පාදන පිරිවැය (Supply-side shock) වැඩි වෙලා, ඒක භාණ්ඩ හා සේවා මිලට කෙලින්ම බලපාලා රටේ සැබෑ උද්ධමනය දැන් 9% සීමාවත් පහු කරලා තියෙද්දී, මහ බැංකුව තවමත් 2% හෝ 5% ඉලක්ක ගැන කියමින් බොරු සංඛ්‍යාලේඛන පෙන්වීම ජනතාව මුලා කිරීමක්. උද්ධමනය සැපයුම් කම්පනයක් (Supply shock) නිසා ඇති වුණත්, ඒ හරහා ඇති වන දෙවන වටයේ මිල ඉහළ යාම් (Second-round effects) පාලනය කිරීමටත්, රුපියලේ අගය තවදුරටත් කඩා වැටීම වැළැක්වීමටත් ලෝකයේ ඕනෑම මධ්‍යම බැංකුවකට අවසානයේදී පොළී අනුපාත ඉහළ දැමීමට (Contractionary Monetary Policy) සිදු වෙනවා.
ආණ්ඩුවට රෙදිනැතුව කඩේ යන ඩෝබිලා කියනවා වගේ පොළී අනුපාත වැඩි කළාට තෙල් මිල අඩු වෙන්නේ නැති බව ඇත්ත වුණත්, පොළී අනුපාත අඩු මට්ටමක තබාගෙන වෙළඳපොළට මුදල් මුදා හැරීමෙන් සිදුවන්නේ 'වැඩි මුදල් ප්‍රමාණයක් අඩු භාණ්ඩ ප්‍රමාණයක් හඹා යාම' (Too much money chasing too few goods) නිසා උද්ධමන ගින්නට පිදුරු දැමීමක්. ඒ නිසා ඩොලරය මත පීඩනය අඩු කරන්න නම් අනිවාර්යයෙන්ම වෙළඳපොළේ ද්‍රවශීලතාවය පාලනය කරන්න පොළී අනුපාත වැඩි කරන්නම වෙනවා
හැබැයි එහෙම නැතුව පොළී වැඩි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියන තර්කය පිරිවැයෙන් තල්ලුවන උද්ධමනය (Cost-push inflation) හමුවේ ආර්ථිකය අගාධයකට ඇද දැමීමක් විතරයි.
මහ බැංකුව පාවිච්චි කරන "පාරිභෝගික මිල දර්ශකය" (CPI) තුළ ඇති භාණ්ඩ බඳුනට වඩා, සාමාන්‍ය මිනිසාගේ දෛනික වියදම් බාස්කට් එක සෑහෙන වෙනස්. එම නිසා නිල සංඛ්‍යාලේඛන සහ පොළොවේ පවතින ඇත්ත අතර සැමවිටම පරතරයක් (Gap) තිබෙනවා.
මේ නිසා සැපයුම් පාර්ශවයෙන් උද්ධමනය ආවත්, එය මුළු ආර්ථිකයම ගිලගැනීම වැළැක්වීමට නම් මහ බැංකුව Contractionary Monetary Policy (සංකෝචන මූල්‍ය ප්‍රතිපත්තිය) එනම් පොළී අනුපාත ඉහළ දැමීම වැනි පියවර ගත යුතුමයි.
එහෙම නොවුණොත් සිදුවෙන්නේ "වැඩි මුදල් ප්‍රමාණයක් අඩු භාණ්ඩ ප්‍රමාණයක් හඹා යාම" නිසා රට තවත් ආර්ථික අගාධයකට වැටීමයි.
මේ කතාවේ තියෙන ලොකුම ඇත්ත තමයි, ආණ්ඩුවකට තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය රැකගන්න "සංඛ්‍යාලේඛන" මවා පෙන්විය හැකි වුවත්, ආර්ථික විද්‍යාත්මක නියමයන් (Economic Laws) බොරු කරන්න බෑ කියන කාරණය.
අද අපේ රටේ තියෙන ලොකුම ආර්ථික ඛේදවාචකය තමයි මහ බැංකුව සහ රජය එකතු වෙලා උද්ධමනය 2% හෝ 5% වැනි තනි ඉලක්කම්වල තියෙනවා කියලා බොරු සංඛ්‍යාලේඛන (Statistical manipulation) පෙන්වමින් ජනතාව මුලා කිරීමට උත්සාහ කිරීම
මේ තෙල් මිල ඉහළ යාම නිසා ඇති වුණු සැපයුම් කම්පනය (Supply-side shock) සහ ඒ හරහා පැමිණි දෙවන වටයේ මිල ඉහළ යාම් (Second-round effects) නිසා සැබෑ උද්ධමනය 9% සීමාවත් පහු කරලා තියෙද්දී, අර 'ආණ්ඩුවේ ඩෝබිලා' කියනවා වගේ 'පොළී අනුපාත වැඩි කළාට තෙල් මිල අඩු වෙන්නේ නැහැ' කියන තර්කය පටු දේශපාලන උගුලක් විතරයි. උද්ධමනය පාලනය කරන්න නම් වෙළඳපොළේ තියෙන අතිරික්ත ද්‍රවශීලතාවය (Excess liquidity) පාලනය කිරීමට අනිවාර්යයෙන්ම පොළී අනුපාත වැඩි කිරීමේ (Contractionary Monetary Policy) තද තීන්දු ගත යුතුමයි. එහෙම නැතිව දේශපාලන රිමෝට් කන්ට්‍රෝල් එකෙන් මහ බැංකුව හසුරුවමින්, සැබෑ ලෙඩේට බෙහෙත් කරන්නේ නැතිව උණ කටුව හොල්ලලා උණ අඩුයි කියලා පෙන්වන්න හැදුවොත් වෙන්නේ වැඩි මුදල් ප්‍රමාණයක් අඩු භාණ්ඩ ප්‍රමාණයක් හඹා ගොස් (Too much money chasing too few goods) රුපියල තවත් කඩා වැටී රටේ ආර්ථික විශ්වාසනීයත්වය (Credibility) සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන එකයි. ජාත්‍යන්තර අත්දැකීම් බලනකොටත්, තුර්කියේ එර්ඩෝගන් පාලනය යටතේ මෙවැනිම අතාර්කික තර්ක පස්සේ ගොස් උද්ධමනය 80% පන්නලා ලීරා මුදල කුඩුපට්ටම් කරගත්තු හැටි අපිට ලොකු පාඩමක්, 1980 දශකයේ එක්සත් ජනපදයේ පෝල් වොල්කර් වැනි ස්වාධීන මහ බැංකුකරුවන් දේශපාලන බලපෑම් නොතකා පොළී අනුපාත 20% දක්වා ඉහළ දමා ඒ 'තිත්ත බෙහෙත' (Bitter pill) ලබා දී උද්ධමන මාරයාව පරාජය කළේ ඒ මොහොතේ ජනප්‍රියත්වය පසෙකලා රටේ අනාගතය ගැන සිතූ නිසයි. ඒ නිසා සැබෑ 'Reset' එකක් කියන්නේ සීනි තැවරූ බොරු ප්‍රචාර සහ විකෘති කළ සංඛ්‍යාලේඛන නතර කර, දේශපාලන ප්‍රතිරූප මවන්නේ නැතිව ස්වාධීන මහ බැංකු ප්‍රතිපත්තියකට ඉඩ දෙමින් රටේ ස්වෛරීභාවය සහ ආර්ථික ස්ථාවරත්වය රැකගැනීමයි. එහෙම නේද?
අම්මෝ තියෙනා දේවල්
ReplyDeleteහිතනකොටත් වෙනව අවුල්
ලෝකේමත් වෙද්දි කචල්
අපෙ අවුලුත් වෙනව ඩබල්
ඉකොනෝමැට්ටා හැමදාම ප්‍රායෝගිකත්වය ගැන මෙලෝ අවබෝධයක් නැතිව පොතේ තියරි කියන නිසා ඇත්තටම පොතේ හැටියට නිදහස් වෙළඳපොළ කියන එක ස්වයංක්‍රීයව සභතුලිත වන "සාධාරණ" මිලක් ගැන කතා කළාට ලෝකය පුරාම ඇත්තටම තියෙන්නේ පොතේ හැටියට කියන සෛද්ධාන්තික 'පරිපූර්ණ තරගකාරීත්වයක්' (Perfect Competition) නෙවෙයි. සැබෑ ලෝකයේ ඒ වෙනුවට තියෙන්නේ අතළොස්සක් දෙනා වෙළඳපොළ පාලනය කරන සීමිත අධිකාරියක් (Oligopoly) හෝ ඒකාධිකාරී (Monopoly) ස්වරූපයක්, හෝ නැතිනම් බොහෝ දෙනක් සිටියත් ඒ සැපයුම්කරු පමණක් වාසි ලබාගැනීමට උත්සාහ කරන පාරිභෝගිකයාට අවාසි සහගත අසාධාරණ ක්‍රමයක්.
ReplyDeleteසෛද්ධාන්තිකව නිදහස් වෙළඳපොළක් සාධාරණ වෙන්න නම් පාරිභෝගිකයාට සහ සැපයුම්කරුවාට සමාන ලෙස තොරතුරු ගලා යා යුතුයි (Symmetric Information), නමුත් ලෝකය පුරාම මහාපරිමාණ බහුජාතික සණාගම් වල සිට ලොකු කුඩා ව්‍යාපාරිකයෝ දක්වාම 'තොරතුරු අසමතුලිතතාවය' (Information Asymmetry) පාවිච්චි කරලා කෘත්‍රිම හිඟයන් මවනවා.
උදාහරණයක් විදිහට ලංකාවේ සහල් වෙළඳපොළ ගත්තොත්, 27%ක විතර සහල් වෙළඳපොල නියෝජනය කරන මහාපරිමාණ මෝල් හිමියන් කිහිපදෙනෙක් එකතු වෙලා (Collusion) වී මිලදී ගන්නා මිල සහ සහල් විකුණන මිල තීරණය කරනවා. එතකොට මධ්‍යම සහ සුළු පරිමාණ මෝල් හිමියනුත් ඒ වැඩේට සම්බන්ධ වෙනවා. අන්තිමටම එතනදී නිදහස් වෙළඳපොළේ 'සැපයුම සහ ඉල්ලුම' (Supply and Demand) නියමය කොහොමටවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ
ඒ වෙනුවට ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ ඔවුන්ගේ ලාභය මත පදනම් වූ මිල තීරණය කිරීමේ බලය (Pricing Power) විතරයි. අලුතින්ම සුළුපරිමාණ ව්‍යාපාරිකයන්ට පවා මේ 'මාෆියාව' නිසා වෙළඳපොළට ඇතුළු වෙන්න බාධා (Barriers to Entry) පමුණුවනවා.
තවත් පැත්තකින්, රජය මැදිහත් වෙලා පනවන 'මිල පාලනය' පවා බොහෝ වෙලාවට මේ කළු කඩ මුදලාලිලාට වාසි සහගත විදිහටයි හැසිරෙන්නේ. හොඳම උදාහරණය ලංකාවේ අනුර කුමාර මේසෙට ගහලා හාල්මිල තිබුණාටත් වඩා ලස්සනට වැඩි කරලා මෝල්කාරයින්ට තවත් ප්‍රකෝටි ගණනක අධික ලාභයක් අමතරව උපයාගන්නට ඉඩ සැලසීම.
නිදහස් වෙළඳපොළක් තරමක් දුරට හෝ සාධාරණ වෙන්න නම් ඉතාමත්ම ශක්තිමත් බලවත් නියාමන ආයතන (Regulatory Bodies) තිබිය යුතුයි. නමුත් අපේ රටේ පාරිභෝගික අධිකාරිය වගේ ආයතන දේශපාලනිකව හෝ මූල්‍යමය වශයෙන් බොහෝ දුරට අකර්මන්‍ය කරලා තියෙන්නේ. ඉතින්, 'නිදහස් වෙළඳපොළ' කියන ලේබලය අලවගෙන සිදුවන්නේ පාරිභෝගිකයාගේ 'අතිරික්තය' (Consumer Surplus) ඉතාම සූක්ෂම ලෙස ව්‍යාපාරිකයාගේ ලාභය (Producer Surplus) බවට හරවා ගැනීමයි. මේක නිදහස් වෙළඳපොළක් නෙවෙයි, මේක ව්‍යූහාත්මක සූරාකෑමක් (Structural Exploitation).
ලෝකයේ වගේම ලංකාවේත් පෙනෙන්නේ නියමිත පැහැදිලි නියාමනයක් (Regulation) නැති නිදහස් වෙළඳපොළක් කියන්නේ සාමාන්‍ය මිනිසාට "මර උගුලක්" කියන එක පමණයි.
ලංකාවේ ඉන්ධන වෙළඳපොළේ දැනට ඉන්නේ ආයතන තුන හතරක් විතරයි (CPC, LIOC, Sinopec වගේ). මේක ආර්ථික විද්‍යාවේදී අපි හඳුන්වන්නේ සීමිත අධිකාරියක් (Oligopoly) විදිහට. ඉතින් රජය මැදිහත් නොවී මේ අයට 'නිදහසේ' මිල තීරණය කරන්න දුන්නොත්, ඔවුන් අතරේ සැබෑ තරගකාරීත්වයක් ඇති වෙනවා වෙනුවට සිද්ධ වෙන්නේ ඔවුන් රහසින් එකඟතාවයකට (Implicit Collusion) ඇවිත් පාරිභෝගිකයාගෙන් මුදල් "සූරාකන" එකයි. (Exploitation)
ReplyDeleteඋදාහරණයක් විදිහට, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල (Brent Crude) බැරලයක් ඩොලර් 5කින් අඩු වුණත්, මේ සමාගම් ඒ වාසිය පාරිභෝගිකයාට දෙන්නේ නැතිව 'පරිපාලන වියදම් වැඩියි' වැනි බොරු හේතු පෙන්වමින් මිල ස්ථාවරව තබාගෙන අධික ලාභ ලබන්න පෙළඹෙනවා. හැබැයි ලෝක මිල ඩොලර් 1කින් වැඩි වුණොත්, ඔවුන් ක්ෂණිකව මිල ඉහළ දමනවා. මේක තමයි ආර්ථික විද්‍යාවේ 'මිල ඇලෙන සුළු බව' (Price Stickiness) කියලා හඳුන්වන්නේ.
අනෙක් පැත්තෙන්, ඉන්ධන සඳහා තියෙන්නේ අතිශය අනම්‍ය ඉල්ලුමක් (Perfectly Inelastic Demand). ඒ කියන්නේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 500ක් වුණත්, 600ක් වුණත් රැකියාවට යන මිනිහාට, බඩු ප්‍රවාහනය කරන ලොරියට ඒක ගහන්නම වෙනවා. පාරිභෝගිකයාට විකල්පයක් නැති බව දන්නා මේ සමාගම්, නිදහස් වෙළඳපොළේ 'ලේබලය' පාවිච්චි කරලා තමන්ගේ ලාභය උපරිම කරගන්නවා.
ඉතින්, ශක්තිමත් නියාමන රාමුවක් (Regulatory Framework) නැතිව ඉන්ධන මිල නිදහස් කළොත් වෙන්නේ, නිදහස් වෙළඳපොළේ වාසිය ජනතාවට ලැබෙනවා වෙනුවට, පාරිභෝගිකයාගේ 'අතිරික්තය' (Consumer Surplus) ඉතා සූක්ෂම ලෙස මේ බහුජාතික සහ දේශීය සමාගම්වල 'ශුද්ධ ලාභය' (Producer Surplus) බවට පත් වීමයි.
සැබෑ නිදහස් වෙළඳපොළක් සාධාරණ වෙන්න නම් අවම වශයෙන් සැපයුම්කරුවන් 10-15ක් වත් ඉන්න ඕනේ, එහෙම නැතිව මේක වෙන්නේ 'මාෆියාවකට' නිල අවසරය දීමක් විතරයි.
ඊළඟට ඉන්ධන සැපයුම පොදුවේ විවෘත කළා කියලා හිතමු
රජය තෙල් වෙළඳාම විවෘත කරලා සමාගම් 10කට හෝ 15කට වුණත් ආනයනය කරන්න ඉඩ දුන්නත් ඒත්, මිල පාලනය නොවීමට ප්‍රධාන හේතුව තමයි 'ඇතුළු වීමේ අධික පිරිවැය' (High Barriers to Entry) සහ 'සංකේන්ද්‍රිත වෙළඳපොළ' (Concentrated Market). තෙල් කියන්නේ ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක ගෙනත් විකුණන්න පුළුවන් එළවළු වගේ දෙයක් නෙවෙයි.
පළමුවැනි හේතුව තමයි 'පිරිවැය ව්‍යුහය' (Cost Structure). මේ හැම සමාගමකටම තෙල් ගේන්න වෙන්නේ ලෝක වෙළඳපොළේ එකම මිලකට (Platts Price). නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු සහ රජයේ බදු හැමෝටම පොදුයි. ඉතින් ඒකාධිකාරයක් නැති වුණත්, හැමෝම එකම පිරිවැයක් දරන නිසා කවුරුත් එකිනෙකාට වඩා අඩුවෙන් විකුණන්න කැමති නැහැ. එතකොට වෙන්නේ හැමෝම වැඩිම මිලකට එකඟ වෙන 'මිල නායකත්වය' (Price Leadership) කියන තත්ත්වයයි.
දෙවැනි හේතුව තමයි 'සම්පත් බෙදාගැනීම' (Infrastructure Constraints). ලංකාවේ තෙල් ගබඩා කිරීමේ සහ බෙදාහැරීමේ පද්ධති (Storage and Pipelines) තවමත් තියෙන්නේ සීමිත ප්‍රමාණයක. අලුත් සමාගම් ආවත් ඔවුන්ට සිද්ධ වෙන්නේ පවතින පද්ධතිම පාවිච්චි කරන්න. මේ නිසා සැපයුම් ජාලයේ පිරිවැය අඩු කරගන්න ඔවුන්ට තියෙන අවස්ථාව හරිම අඩුයි.
තුන්වැනි සහ භයානකම හේතුව තමයි 'කෘත්‍රිම මිල නියම කිරීම' (Price Rigging). නිදහස් වෙළඳපොළේ නාමයෙන් සමාගම් කිහිපයක් රහසින් එකඟ වෙනවා (Cartel formation) 'අපි කවුරුත් මේ මිලට වඩා අඩුවෙන් විකුණන්නේ නැහැ' කියලා. මොකද ඔවුන් දන්නවා පාරිභෝගිකයාට ඉන්ධන නැතුවම බැරි බව (Inelastic Demand). මිල අඩු කරලා තරග කරනවාට වඩා, මිල හැකිතාක් වැඩි මට්ටමක තියාගෙන හැමෝම ලාභ බෙදාගන්න එක ඔවුන් හැමෝටම වාසියි.
ඒ නිසාම, නිකම්ම වෙළඳපොළ විවෘත කළා කියලා මිල අඩු වෙන්නේ නැහැ. ඒක වෙන්න නම් ශක්තිමත් නියාමනයක් (Regulation) තිබිය යුතුයි. රජය කළ යුත්තේ මිල තීරණය කිරීමේ 'විනිවිද පෙනෙන සූත්‍රයක්' (Formula) හදලා, ඒ සූත්‍රයෙන් පිට පාරිභෝගිකයා සූරාකන සමාගම්වලට දැඩි දඩුවම් දීම සහ වෙළඳපොළේ සැබෑ තරගකාරීත්වයක් තියෙනවාද කියලා නිරන්තරයෙන් විමර්ශනය කිරීමයි. එහෙම නැතිව 'නිදහස් වෙළඳපොළ' කියන්නේ ව්‍යාපාරිකයන්ට තමන්ගේ හිතුමතේට මිල තීරණය කරන්න දෙන බලපත්‍රයක් පමණයි.