වෙබ් ලිපිනය:

Friday, March 13, 2026

රාජ්‍යමූල්‍ය කළමනාකරණය - 2025


පසුගිය (2025) වසර තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 5,049 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙය පෙර (2024) වසරට සාපේක්ෂව 36.3%ක වර්ධනයක්. බදු ආදායම් වර්ධනයට ප්‍රධාන වශයෙන්ම දායක වී තිබෙන්නේ ආනයන හා භාණ්ඩ හා සේවා මත අය කෙරෙන වක්‍ර බදු බව දැකිය හැකියි. පුද්ගල හා සමාගම් ආදායම් බදු 11.0%කින් ඉහළ යද්දී, භාණ්ඩ හා සේවා මත අය කෙරෙන බදු 45.4%කින්ද, ආනයන මත අය කෙරෙන බදු 48.8%කින්ද ඉහළ ගොස් තිබෙනවා. 

බදු ආදායම් පිළිබඳ අයවැය ඇස්තමේන්තුව වූ රුපියල් බිලියන 4,590ට සාපේක්ෂව සත්‍ය බදු ආදායම අමතර රුපියල් බිලියන 459කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර, බදු නොවන ආදායම්ද අයවැය ඉලක්ක ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා.

පෙර වසරට සාපේක්ෂව පොලී වියදම් 7.0%කින් අඩු වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස පුනරාවර්තන වියදම් 2.0%කින් අඩු වී තිබෙනවා. අයවැයෙන් පොලී වියදම් ලෙස රුපියල් බිලියන 2,950ක් වෙන් කර තිබුණද සත්‍ය වශයෙන්ම වැය වී තිබෙන්නේ රුපියල් බිලියන 2,501ක් පමණයි. මේ අනුව, පොලී වියදම් අඩු වීම නිසා, රුපියල් බිලියන 449ක මුදලක් ඉතිරි වී තිබෙනවා. 

පොලී වියදම් හැර අනෙකුත් පුනරාවර්තන වියදම් අයවැය ඇස්තමේන්තු වලට සාපේක්ෂව රුපියල් බිලියන 207කින් පහළ ගොස් ඇති අතර ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වැය කර තිබෙන්නේද අයවැය ඇස්තමේන්තු වලට වඩා රුපියල් බිලියන 313ක් අඩු මුදලක්. මේ සියල්ල සලකා බලද්දී පසුගිය වසරේ සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 720ක් පමණ දක්වා අඩු වී තිබිය යුතුයි.

දැනට ප්‍රසිද්ධ කර තිබෙන මූලික වටයේ අයවැය ඇස්තමේන්තු පසුව සංශෝධනය විය හැකියි. කෙසේ වුවද, දැනට පෙනෙන්නට ඇති ආකාරය අනුව, 2025 අයවැය හිඟය දදේනිහි ප්‍රතිශතයක් ලෙස 1956 වසරෙන් පසුව වාර්තා වන අඩුම අයවැය හිඟය වීමේ ඉඩකඩ පෙනෙන්නට තිබෙනවා. එය දදේනියෙන් 2.3%ක පමණ අඩු අගයක් විය හැකියි. 1956 වසරෙන් පසු දදේනියෙන් 3% සීමාව නොඉක්මවන අයවැය හිඟයක් වාර්තා වී නැති අතර 1977න් පසුව 5% සීමාව නොඉක්මවන අයවැය හිඟයක් වාර්තා වී නැහැ. 

7 comments:

  1. I want to reiterate that as JVPers we are taking steps to ensure that even low IQ people can come in to power 🥰. According to ඉන්ටනැසනල් ලෝස් that is humanitarian way ❤️. Thank you very much 😍.
    #ජයහේ 😋

    ReplyDelete
  2. @ ඉකොනොමැට්ටා

    ඇත්තටම ඔය කියන සංඛ්‍යාලේඛන හරියට 'ලෙඩා මළත් බඩ සුද්දයි' වගේ අමු පචයක්, මොකද 2025 බදු ආදායම බිලියන 5,049 දක්වා වැඩි වුණා කියලා ඔය උදම් අනන්නේ රටේ නිෂ්පාදිතය වැඩි වෙලා නෙවෙයි, රටේ මධ්‍යම පාන්තික ජනතාව මත උපයන විට ගෙවන බදු, ආදායම් බදු වගේ දේවල් කණ පැලෙන්න ගහලා, ඍජූ බදු අම්බානක වැඩි කරලා ඊට අමතරව වක්‍ර බදුත් අලුත් ඒවා ඇතුළුව තිබ්බ වැට් (VAT) වගේ වක්‍ර බදුත් සෑහෙන වැඩි කරලා බදු හරහා සාමාන්‍ය මිනිහගේ බඩට ගහලා ගත්ත සල්ලිවලින් මිසක්, ඇත්තටම එතන තියෙන්නේ උද්ධමනය නිසා නාමිකව (Nominal) වැඩි වුණු අගයක් විතරයි. අනික පොලී වියදම් බිලියන 449කින් අඩු වුණා කියන්නේ ලංකාවේ ණය ගෙවීමේ හැකියාව වැඩි වෙලා නෙවෙයි, IMF එකේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසි යටතේ ණය වාරික ගෙවීම තාවකාලිකව කල් දාපු නිසා ලැබුණු බොරු 'ඉතිරියක්' මිසක්, ඒකෙන් රටේ සැබෑ ණය බර අඩු වෙලා නැහැ, ඇත්තටම ලංකාවේ ආර්ථිකය තවමත් ඉන්නේ ණය උගුලක හිරවෙලා. 1956න් පස්සේ අඩුම අයවැය හිඟය කියලා මේ පෙන්නන්න හදන 2.3%ක අගය ඇත්තටම ලබාගෙන තියෙන්නේ රටේ අනාගතය තීරණය කරන ප්‍රාග්ධන වියදම් (Capital Expenditure) බිලියන 313කින් කපා හැරලා, රටේ සංවර්ධනය මුළුමනින්ම අඩාල කරලා නිසා, මේක නිකන් තමන්ගේ දරුවන්ට කන්න දෙන්නේ නැතුව ගෙදර බැංකු පොතේ ඉතිරියක් පෙන්වනවා වගේ මෝඩ වැඩක්. අන්තිමට මේ 'පොතේ ගුරු' ආර්ථික විද්‍යාව නිසා වෙන්නේ IMF එකේ ඉලක්ක සපුරන්න ගිහින් දේශීය කර්මාන්ත වැහිලා, ජනතාව තවදුරටත් අගාධයට ඇද වැටෙන එක විතරයි මචං, ඕක තමයි ඔය කියන 'සංඛ්‍යාලේඛන නාඩගමේ' තිත්ත ඇත්ත.

    ​ඇත්තටම ඉකොනොමැට්ටා, මේ වගේ ව්‍යාජ සංඛ්‍යාලේඛන මැජික් පෙන්වලා මිනිස්සුන්ව තව කොච්චරකල් රවට්ටන්න පුළුවන් වෙයි කියලාද හිතන්නේ?

    ReplyDelete
  3. මගේ අදහස අනුව රටේ ශක්තිමත් භාණ්ඩ හා සේවා නිෂ්පාදන ආර්ථිකයක් නැතුව හුදු සංඛ්‍යාලේඛන මැජික්වලින් විතරක් රටක් ගොඩදාන්න හදන එක හරියට "එන්ජිම නැති කාර් එකකට අලුතින් පේන්ට් එකක් ගහලා රේස් පදින්න හදනවා" වගේ වැඩක්. ලෝක ඉතිහාසය දිහා බැලුවොත් පෙනෙයි IMF එකේ මේ පොතේ ගුරු බෙහෙතම බීලා අන්තිමට ලෙඩා මළ ලස්සන උදාහරණ ඕනෑතරම් තියෙනවා.

    මෑතකාලීනව ග්‍රීසිය තමයි මේකට තියෙන තවත් එක උදාහරණයක්. 2010 අවුරුද්දේ ඒගොල්ලෝ ලොකු ණය අර්බුදයකට වැටුණාම IMF එක ඇවිත් කිව්වෙත් ඔය ලංකාවට ගහපු බයිලාවමයි

    "බදු වැඩි කරපන්, රජයේ වියදම් කපපන් (Austerity measures)".

    අන්තිමට මොකද වුණේ?

    අවුරුදු 10ක් යනකම් ඒ රටේ ආර්ථිකය එක තැන පල් වුණා, තරුණ පරම්පරාවෙන් 50%කට වඩා රස්සා නැති වුණා, දක්ෂ මිනිස්සු ඔක්කොම රට දාලා ගියා. අන්තිමට අයවැය ලේඛනවල ඉලක්කම් ලස්සනට තිබුණට, මිනිස්සුන්ට ජීවත් වෙන්න රටක් ඉතුරු වුණේ නැහැ.

    ඒ වගේම ආර්ජන්ටිනාව ගත්තත්, ඒගොල්ලෝ IMF එකත් එක්ක 20 වතාවකට වඩා ගිවිසුම් ගහලත් අදටත් උද්ධමනය පාලනය කරගන්න බැරුව අන්තිම අගාධයක ඉන්නේ, මොකද ඒගොල්ලොත් කළේ දේශීය නිෂ්පාදනය නංවන්නේ නැතුව ණය වාරික ගෙවන්න විතරක් සල්ලි හොයපු එක.

    ​ලංකාවේ දැන් වෙන්නෙත් ඕකමයි; රජය මේ පෙන්වන බිලියන 5,049ක බදු ආදායම ඇත්තටම එන්නේ ව්‍යාපාර දියුණු වෙලා නෙවෙයි, තියෙන ව්‍යාපාරවලින් "මිරිකලා" ගන්න සල්ලිවලින්. උදාහරණයක් විදිහට, මධ්‍යම පරිමාණ කර්මාන්ත ශාලාවකට විදුලි බිලයි, අමුද්‍රව්‍ය මිලයි, බදු බරයි දරාගන්න බැරි වුණාම ඒක වහලා දානවා. එතකොට ඒකේ වැඩ කරපු මිනිස්සුන්ගේ රස්සා නැති වෙනවා, රටේ නිෂ්පාදනය (GDP) අඩු වෙනවා. හැබැයි ආණ්ඩුව ඒක දකින්නේ නැහැ

    මෝඩකමට ඔවුන් බලන්නේ "අයවැය හිඟය 2.3%යි, අපි දිනුම්" කියලා විතරයි. මේක නිකන් හරියට ගොවියෙක් ඊළඟ කන්නයට වපුරන්න තියෙන බීජ වී ටිකත් මෝලට දීලා සල්ලි කරගෙන, "මේ මාසේ මගේ ආදායම වැඩියි" කියලා උදම් අනනවා වගේ මෝඩ වැඩක්.

    ප්‍රාග්ධන වියදම් බිලියන 313කින් කපනවා කියන්නේ රටේ අනාගත පාරවල්, පාලම්, පාසල් සහ තාක්ෂණික දියුණුව අවුරුදු ගණනාවකින් ආපස්සට යනවා කියන එකයි.

    ​අන්තිමට වෙන්නේ, නිෂ්පාදන ආර්ථිකය සම්පූර්ණයෙන්ම හකුළුවලා දාලා, IMF එකේ "ණය වාරිකය" ගෙවන්න විතරක් ජීවත් වෙන වහල් ජාතියක් බවට අපි පත්වෙන එකයි. දේශීය ව්‍යවසායකයා අධික බදු සහ පොලී අනුපාත හමුවේ හුස්ම හිරවෙලා මැරෙද්දී, ඉතිරි වෙන්නේ ආණ්ඩුවේ "කුලී ලියන්නන්" පෙන්වන ව්‍යාජ සංඛ්‍යාලේඛන ලේඛන විතරයි.

    ReplyDelete
    Replies
    1. මේ බදු ක්‍රමය නිසා අපේ දේශීය නිෂ්පාදකයා වළපල්ලට යන හැටි දැක්කම ඇත්තටම දුක හිතෙනවා.

      ​මේකේ ඇතුළේ සිද්ධ වෙන්නේ "Crowding Out Effect" හෙවත් දේශීය ව්‍යවසායකයා කොන් කිරීම

      ඉකොනොමැට්ටා අහල තියෙනව ද ආර්ථික විද්‍යාවේ Crowding Out Effect කියලා සංකල්පයක් තියෙනවා. ආණ්ඩුව තමන්ගේ වියදම් පියවගන්න මේ විදියට බදු විදියට අධික ලෙස රජයේ ණය විදියට පද්ධතියෙන් සල්ලි ඇදලා ගනිද්දී සහ අධික ලෙස බදු ගහද්දී, දේශීය ව්‍යාපාරිකයාට තමන්ගේ ව්‍යාපාරය දියුණු කරන්න අවශ්‍ය ප්‍රාග්ධනය (Capital) නැති වෙනවා. දැන් ලංකාවේ වෙලා තියෙන්නේ ඕකයි. 30%කට වඩා වැඩි සමාගම් බදු සහ අනෙකුත් වක්‍ර බදු නිසා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයාට (SME) තමන්ගේ ලාභයෙන් නැවත ආයෝජනය කරන්න සතයක්වත් ඉතිරි වෙන්නේ නැහැ. අන්තිමට වෙන්නේ අලුතින් මැෂින් එකක් ගන්න, තාක්ෂණය දියුණු කරන්න තිබුණු සල්ලි ටික ආණ්ඩුව IMF එකේ ණය වාරික ගෙවන්න අරන් යන එකයි.

      ​ඊළඟට "Cost-Push Inflation" සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා, ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය කඩාවැටෙන්න බලපාන තවත් ප්‍රධාන දෙයක් තමයි මේ Cost-Push Inflation එක. රජය විදුලි බිල, ඉන්ධන මිල සහ බදු වැඩි කළාම නිෂ්පාදන පිරිවැය අහස උසට යනවා. එතකොට අපේ දේශීය නිෂ්පාදකයාට පිටරටින් එන බඩුවල මිල එක්ක හැරෙන්නවත් බැහැ. උදාහරණයක් විදිහට, ලංකාවේ හදන සපත්තුවකට වඩා චීනයෙන් එන සපත්තුව ලාභ වෙනවා නම්, අපේ කර්මාන්තශාලා වැහිලා යන එක අහන්නත් දෙයක්ද? මේකෙන් වෙන්නේ රටේ නිෂ්පාදනය (Output) අඩු වෙලා, විරැකියාව (Unemployment) වැඩි වෙන එකයි.

      තව ප්‍රශ්නයක් "Brain Drain" සහ මානව ප්‍රාග්ධනය අහිමි වීම, ඇත්තටම ලංකාව වගේ රටකට වැදගත්ම දේ තමයි Human Capital හෙවත් මානව ප්‍රාග්ධනය. දක්ෂ ඉංජිනේරුවෙක්, ව්‍යවසායකයෙක් හෝ කළමනාකරුවෙක් තමන් හම්බ කරන දේ වගේ තුනෙන් එකක් ආණ්ඩුවට බදු විදිහට දෙන්න වුණාම, ඔහු බලන්නේ කොහොම හරි රටින් පැනගන්න. මේක ආර්ථිකයකට සිද්ධ වෙන දරුණුම හානියක්. දක්ෂයෝ රට දාලා ගියාම, ආයෙත් මේ නිෂ්පාදන ආර්ථිකය ගොඩගන්න "මොළ" රට ඇතුළේ ඉතිරි වෙන්නේ නැහැ.

      ​ලෝකේ උදාහරණයක් බැලුවොත් සිම්බාබ්වේ වගේ රටවල් පහුගිය කාලේ කළේ නිෂ්පාදනය ගැන බලන්නේ නැතුව බදු සහ මුදල් මුද්‍රණය හරහා විතරක් ආදායම හොයන්න ගිය එක. අන්තිමට ඒ රටේ කර්මාන්ත බිංදුවටම වැටිලා, අදටත් ඒ මිනිස්සුන්ට තමන්ගේම කියලා ස්ථාවර ආර්ථිකයක් නැහැ. ලංකාවත් දැන් යන්නේ අන්න ඒ වගේ අතිශය භයානක
      පොතේ ගුරු පාරක. නිෂ්පාදනය නැති රටක, බදු කියන්නේ නිකන්ම නිකන් "මිරිකීමක්" විතරයි.
      ​අන්තිමට වෙන්නේ බදු ගෙවන්න මිනිස්සුත් නැති, භාණ්ඩ සහ සේවා හදන්න කර්මාන්තත් නැති "හිස්" රටක් IMF එකට ඉතුරු වෙන එකයි. මේ සංඛ්‍යාලේඛන මැජික් පෙන්වන ඩෝබිලාට මේකේ තියෙන ගුණාත්මක විනාශය තේරෙන්නේ නැහැ.

      Delete
  4. මම දැන් කැමති නැ මේ ආණ්ඩුව පරණ ගු ආණ්ඩුත් එක්ක සංසන්දනය කරන්න දැනට. එක හරියට මන්ද බුද්දික හෝ පිස්ස්සෙක් එක්ක වසර 5 විභාගය අසමත් ලමයක් එක්ක සංසන්දනය කරනවා වගේ. මගේ කියවීමට අනුව ලකුණු 150 ක පාස් වෙන්න ඕන වසර 5 විභාගය ලකුණු 140 අරගෙන අසමත් කියල. මගේ කියවීමට අනුව මේ ආණ්ඩුව තියන්නේ ලකුණු 140 ක්. මගේ කියවීමට අනුව රනිල්, මහින්ද සහ ගොට වසර 5 විභාගයට වාඩි වෙන්නවත් සුදුසු නැ. එහෙම බැලුවම මේ ආණ්ඩුව ලකුණු 140 අරගෙන අසමත් වීම ගොඩක් හොද දෙයක්....

    එක නිසා අපි මේක ඉන්දියාව එක්ක සංසන්දනය කලොත් පරණ ගු ආණ්ඩු නැතුව...
    මම නම් හිතන්නේ නැ ආණ්ඩුවට එකපාර බදු අඩු කරන්න පුළුවන් කියලා. නියම ආණ්ඩුවක් බදු අඩු කරන්න ඕනේ එම අදායමට විකල්ප අදායම් මාර්ග හදාගෙන මේ ආණ්ඩුව එක තරමක් හොදට කරලා තියාවන් ඉන්දියාව වගේ සංසන්දනය කලොත් ගොඩක් අඩුපාඩු තියනවා.

    2024/Sep වලට පස්සේ ආණ්ඩුවට හොද බදු වැඩපිළිවලක් තියනවා. නමුත් ගොඩක් පහසුවෙන් කරන්න තිබුන දේවල 2025 මගහැරගත්ත... 2026 මේක හිමිට වෙනවා නමුත් ගත්ත කාලය සැහෙන්න වැඩි...

    ඉකොනොමැට්ටා රාජ්‍යමූල්‍ය කළමනාකරණය ගොඩක් පැහැදිලිව විස්තර කරලා තියනව සාමාන්‍ය දැනුමක් තියන කෙනෙකුට මේක තේරුම් ගන්න බොහොම පහසු කරුණක්. මට නම් හිතන්නේ මේ පාර ආණ්ඩුවට අයවැය හිඟය 1% ත් අඩු කරන්න පහසුවෙන් තිබුණ කියලා "Manmohan Singh ඉන්දියවේ IMF වැඩපිළිවල , Narendra Modi ගේ වැඩපිළිවල" සමහර කරුණු අඩුම ගානේ 20% වත් කොපි කරනම්...

    VAT එක උනත් අත්‍යවශ්‍ය ඒවාට VAT එක අතහැරලා තියනවා එක ගොඩක් හොද දෙයක් නමත් තාම සාර්ථක VAT වැඩපිළිවලක් නැ. හරි පාරේ දැනට යනවා පේනවා...

    "අනික පොලී වියදම් බිලියන 449කින් අඩු වුණා කියන්නේ ලංකාවේ ණය ගෙවීමේ හැකියාව වැඩි වෙලා නෙවෙයි..." ඉකොනොමැට්ටා මේකට ඔයාට පුළුවන් නම් ලිපියක් ලියන්න සංසන්දනය කරලා 2024/sep වලින් පස්සේ බැදුම්කර ණය මහබැංකුව කළමනාකරණය කරපු විදිය... දැනට කියන්න තියන්නේ හිතේ තියන දේ නෙමේ මහබැංකුවේ වෙබ් එක විස්තර තියනවා බලන්න කියලා

    ReplyDelete
  5. @ ඉකොනෝ

    මම දැක්කා ෆේස් බුක් එක වගේ ඔය සමාජ මාධ්‍යවල ආර්ථික විද්‍යාවේ හෝඩියවත් දන්නේ නැති මාලිමා ඩෝබි වහල්ලු දාන සම හරක් කතා දැක්කම මහාචාර්යවරයෙක් විදිහට ඉකොනෝටට නම් ඇතිවෙන්නේ ලොකු කණගාටුවක් වෙන්න ඇති නේද?

    මොකද මේ ඩෝබි හරක් රැල හිතාගෙන ඉන්නේ රටක ආර්ථිකයක් හදනවා කියන්නේ කඩෙන් බඩු ගේනවා වගේ සරල වැඩක් කියලා, විශේෂයෙන්ම ඔය අයවැය හිඟය 1% කට වඩා අඩු කරන්න පුළුවන් කියන කතාව නම් රට ගොන් අමුම අමු විහිළුවක්, මොකද රාජ්‍ය සේවක පඩි, විශ්‍රාම වැටුප් සහ සහනාධාර වගේ දැඩි වියදම් (Rigid expenditures) තියෙන අපේ වගේ රටක ඒක ප්‍රායෝගිකව එක රැයකින් කළ නොහැක්කක් වගේම, ඉන්දියාවේ මන්මෝහන් සිං 1991 දී කරපු ප්‍රතිසංස්කරණ හෝ මෝදිගේ වැඩපිළිවෙළවල් ඒ විදිහටම ලංකාවට කොපි කරන්න බැහැ මොකද ඉන්දියාව කියන්නේ දැවැන්ත කර්මාන්ත සහ නිෂ්පාදන පදනමක් තියෙන මහද්වීපික ආර්ථිකයක් මිසක් ලංකාව වගේ මෑතකදී බංකොලොත් වෙච්ච, ආනයනය මත යැපෙන කුඩා දූපත් ආර්ථිකයක් නෙවෙයි. මේ ඔක්කොම තේරුම් ගන්න නම් මුලින්ම 'රාජ්‍ය මූල්‍ය කළමනාකරණය' (Public Financial Management - PFM) කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ; සරලවම කිව්වොත් ඉකොනෝ, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කියන්නේ ආණ්ඩුවක් තමන්ගේ බදු ආදායම් එකතු කරන විදිහ, ඒ සල්ලි මහජන සුබසාධනයට සහ යටිතල පහසුකම් සංවර්ධනයට වියදම් කරන විදිහ සහ හිඟය පියවා ගන්න ණය ගන්න විදිහ ඉතාමත් විනිවිදභාවයෙන් සහ තිරසාරව සමතුලිත කරන කලාවටයි , උදාහරණයක් විදිහට ගෙදරක තාත්තා කෙනෙක් තමන්ගේ පඩියෙන් ළමයින්ගේ අධ්‍යාපනයට වියදම් කරන ගමන්ම ගෙවල් හදන්න ණය අරන් ඒ ණයත් වෙලාවට ගෙවනවා වගේ වැඩක්, හැබැයි වර්තමාන NPP ආණ්ඩුව කරන්නේ මේ මූලික න්‍යායන්ට සම්පූර්ණයෙන්ම පටහැනිව හුදෙක් ජනප්‍රිය වෙන්න හුදෙක්ම පටු දේශපාලනික තීරණ ගන්න එකයි, ඒකෙන් වෙන්නේ කෙටිකාලීනව බදු ටිකක් ඉහළ ගියාට දිගුකාලීනව බදු පදනම (Tax base) පටු වෙලා ආණ්ඩුවේ ආදායම එන්න එන්නම අඩු වෙන එක මිසක් සාර්ථක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් හැදෙන එක නෙවෙයි.

    අනිත් භයානකම කතාව තමයි ඔය පොලී වියදම බිලියන 449 කින් අඩු වුණේ අලුත් ආණ්ඩුවේ හරි මහ බැංකුවේ හරි දක්ෂකමට බැඳුම්කර කළමනාකරණය කරපු නිසා කියලා කියන පට්ටපල් බොරුව; ඇත්තටම ඒ පොලී වියදම අඩු වෙලා පේන්නේ ලංකාව විදේශ ණය ගෙවීම අත්හිටුවලා (Debt Standstill) තියෙන නිසාත්, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය (DDR) හරහා සේවක අර්ථසාධක අරමුදලට (EPF) දෙන පොලිය කප්පාදු කරලා කෘතිමව පොලී අනුපාත පහළ දාලා තියෙන නිසාත් මිසක් , NPP ආණ්ඩුවෙන් රටේ ආර්ථිකය වර්ධනය කරලා ණය ගෙවීමේ හැකියාව වැඩි කරපු ලබ්බක් නිසා නෙවෙයි, ඉතින් ඉකොනෝ මේ වගේ තාවකාලික පැලැස්තර දදා, කිසිම පැහැදිලි නිෂ්පාදන ආර්ථික සැලැස්මක් නැතිව පරණ පාරෙම යන ගමන් ෆේස්බුක් එකේ මේ වගේ මනස්ගාත ලියන අමු ගව මීහරකුන්ව ෆෝම් කරන එකෙන් වෙන්නේ මේ රට ඉතාම ඉක්මනින් ආයෙමත් කවදාවත් ගොඩ එන්න බැරි දරුණු ආර්ථික අගාධයකට ඇදගෙන වැටෙන එක විතරයි කියලා පැහැදිලිවම පේන නිසා, මේ වගේ තත්ත්වයක් යටතේ ඉදිරියේදී ආණ්ඩුව දේශීය බැංකු පද්ධතියෙන් තවදුරටත් ණය ගැනීම නිසා ඇතිවිය හැකි අවදානම ගැන ඔයාට ලස්සනට පෝස්ට් එකක් දාන්න පුලුවන්ද?

    ReplyDelete
  6. රාජ්‍ය මූල්‍ය කළමණාකරණය හරියට කරන්න නම් මුලින්ම තේරුම් ගන්න ඕනේ අපි දැන් ඉන්නේ "ආසියානු ශතවර්ෂයේ" බව

    ලංකාවේ අපනයනවලින් 50%කට වඩා ඇමරිකා එක්සත් ජනපදයටයි යුරෝපයටයි විතරක් යවන එක හරියට එකම කූඩේකට බිත්තර දානවා වගේ වැඩක්. අනෙක ඔය එක්සත් ජනපදයට යුරෝපයට අපනයන කරන භාණ්ඩ ගත්තොත් ඒවායේ අමුද්‍රව්‍ය ආනයනය කරන්න ඒ ගානෙන් 80% කට වඩා චීනයට යනවා, සේවා අපනයන ගත්තත් ඒකට අදාල මෘදුකාංග වලට මූල්‍ය පහසූකම් වලට වගේ විශාල මුදලක් ආපහු එක්සත් ජනපදයට යනවා

    ඊටත් වඩා මේ ඉරාන කොටි වලිගය අල්ලාගෙන මේ වෙනකොට නැතිවෙන්න කන ඇමරිකාවේ ආර්ථිකය කඩා වැටීම සහ දැනටම සිදුවන එක්සත් ජනපද රැකියා වෙළඳපොළ කඩා වැටෙද්දී (අර අපි කලින් කතා කරපු විදියට), අපේ ඇඟලුම් කර්මාන්තය එහෙම්පිටින්ම අනාථ වෙනවා. ඒ නිසා වහාම අපි භාරතය (ඉන්දියාව), චීනය සහ ගිනිකොනදිග ආසියාව (ASEAN) සහ ඇතැම් අප්‍රිකා රටවල් වගේ වේගයෙන් වර්ධනය වන වෙළඳපොළවල් අල්ලගන්න ඕනේ.

    උදාහරණයක් විදිහට, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව වැනි BRICS රටවල මැද පන්තිය දැන් වේගයෙන් වැඩෙනවා; අපේ තේ, කුළුබඩු සහ මෘදුකාංග (IT services) ඒ රටවලට යවන්න පුළුවන් නම් අපේ ඩොලර් ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලැබෙනවා.

    ​අනිත් එක තමයි, IMF එකේ දැඩි කොන්දේසි සහ ඒක ඇතුළේ තියෙන බටහිර දේශපාලන න්‍යායපත්‍රයෙන් (IMF Trap) ගැලවෙන්න නම් අපිට විකල්ප තියෙන්නම ඕනේ. IMF, IBRD සහ ADB වගේ ආයතන බොහෝ වෙලාවට වැඩ කරන්නේ ඇමරිකාවේ වුවමනාවට. හැබැයි BRICS බැංකුව (New Development Bank) සහ AIIB (Asian Infrastructure Investment Bank) කියන්නේ චීනය සහ ඉන්දියාව ප්‍රධාන වෙලා හදපු, සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩාත් හිතකර කොන්දේසි දෙන ආයතන. අපි ඒ පැත්තට අවධානය යොමු කළොත්, ජාතික සම්පත් පෞද්ගලීකරණය නොකරම රටේ යටිතල පහසුකම් දියුණු කරගන්න ණය සහ ආධාර ලබාගන්න පුළුවන්.
    ​සරලවම කිව්වොත් මචං, ලංකාව දැන් කරන්න ඕනේ "නොබැඳි" ආර්ථික පිළිවෙතක් අනුගමනය කරමින්, බටහිර බලපෑමෙන් මිදිලා මේ නැගී එන ආර්ථික බලවේග එක්ක අත්වැල් බැඳගන්න එකයි. NPP ආණ්ඩුව ඇත්තටම රටට ආදරේ නම්, කරන්න ඕනේ ජනතාවට බොරු දත්ත පෙන්වන එක නෙවෙයි, මේ වගේ විකල්ප මූල්‍ය සහ අපනයන මාර්ග විවෘත කරන එකයි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: