පෙබරවාරි මාසය තුළ ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ඩොලර් මිලියන 452කින් ඉහළ ගොස් ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මාසය අවසාන වන විට සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 7,284 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, නිල සංචිත ප්‍රමාණය ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්න වෙමින් ඇති ආකාරය දකින්න පුළුවන්.
පෙබරවාරි මාසය තුළ සංචාරක පැමිණීම් වාර්තාගත ලෙස ඉහළ යාම ඉහත තත්ත්වය ලඟා කර ගැනීමට උදවු වූවා විය යුතුයි. කෙසේ වුවද, මේ වන විට ඉරාන යුද්ධය හේතුවෙන් සංචාරක කර්මාන්තයේ වර්ධනය අඩාල වී තිබීම කණගාටුවට කරුණක්.
මහ බැංකුව විසින් නැවතත් නිල විදේශ සංචිත රන් වල ආයෝජනය කිරීම ආරම්භ කර ඇති ආකාරයද දැකිය හැකි අතර මේ වන විට ඩොලර් මිලියන 200ක මුදලක් රන් වල ආයෝජනය කර තිබෙනවා. 2019 අවසානයේදී මහ බැංකුව විසින් ඩොලර් මිලියන 955ක මුදලක් රන් වල ආයෝජනය කර තිබුණු අතර ආර්ථික අර්බුද සමයේ මෙම රන් මුදල් කරනු ලැබුවා.
ඉකොනොමැට්ටා, මේ මුළු චිත්‍රයම එකට තියලා බැලුවම පේන්නේ වර්තමාන NPP ආණ්ඩුව දත්ත එක්ක සෙල්ලම් කරමින් රටේ සැබෑ ආර්ථික තත්ත්වය ජනතාවගෙන් හංගන භයානක විදියයි.
ReplyDeleteමොකද උදාහරණ විදිහට රාජ්‍ය ව්‍යවසාය වලින් එකක් ගත්තොත් ලංවිම ලැබූ රුපියල් මිලියන 38,740ක දැවැන්ත අලාභය සේවක විශ්‍රාම ගැන්වීම් පිට පටවන්න හැදුවට, සේවකයෝ අයින් වෙද්දී පරිපාලන වියදම් 50%කින් වැඩි වීමෙන්ම පේන්නේ ආයතනය ඇතුළේ දූෂණය සහ අකාර්යක්ෂමතාව ඉහවහා ගොස් ඇති බවත්, මෑතකදී සිදුකළ අත්තනෝමතික විදුලි ගාස්තු අඩු කිරීම හරහා ආණ්ඩුව ලබාගත් ජනප්‍රියත්වය ඉදිරියේදී 30%ක පමණ බිල වැඩිවීමකින් ජනතාවටම වන්දි ගෙවීමට සිදුවන බවයි.
ඒ වගේම, මේ පෝස්ට් එකේ තියෙන විදේශ සංචිත ඩොලර් මිලියන 7,284 දක්වා වැඩි වී ඇති බව පැවසුවද, එයින් වැඩි හරියක් පාවිච්චි කළ නොහැකි චීන swap ඩොලර් බිලියන එක හමාර ඇතුලු විදේශ "Currency Swap" විනිමය සංචිත සහ ISB වගේ නොගෙවා පැහැර හරින ලද නමුත් 2028 සිට නැවත ගෙවීමට සිදුවන විදේශ ණය වාරික මිසක් සැබෑ උපයාගත් ඩොලර් නොවන නිසාත්, මැදපෙරදිග යුද්ධය හමුවේ සංචාරක ආදායම අවදානමට ලක්ව ඇති නිසාත් මේ පෙන්වන "සංචිත සෝබනය" ඕනෑම මොහොතක පුපුරා යා හැකි බුබුළක් වන අතර, කලින් තිබූ ඩොලර් මිලියන 955ක රන් සංචිතය අද වන තෙක් සුරක්ෂිතව තබා ගත්තේ නම් එහි වටිනාකම ඩොලර් මිලියන 1,600 ඉක්මවා ගොස් රටට ඩොලර් මිලියන 650ක (රුපියල් කෝටි 20,000කට අධික) අමතර ලාභයක් හිමිවීමට තිබියදී, NPP පාලනය අද වන විට රන් මිල ඉහළ මට්ටමක පවතිද්දී නැවතත් මිලියන 200ක රන් මිලදී ගැනීම හරහා සිදු කරන්නේ ඉතාමත් දූෂිත සහ අඥාන මූල්‍ය කළමනාකරණයකි. මෙම අනතුරෙන් බේරීමට නම් වහාම දේශපාලනික තීන්දු පසෙකලා පිරිවැය මත පදනම් වූ විද්‍යාත්මක මිල සූත්‍ර ක්‍රියාත්මක කිරීමත්, සංචිතවල ගුණාත්මකභාවය වැඩි කිරීමට අපනයන විවිධාංගීකරණයකට යාමත් කළ යුතු වුවද, ආණ්ඩුව කරන්නේ රෝග ලක්ෂණ වසා ගැනීමට දත්ත මේකප් කිරීම පමණක් නිසා ජනතාවට ඉදිරියේදී මීට වඩා දරුණු ආර්ථික කම්පනයකට මුහුණ දීමට සිදුවනු නොඅනුමානය.