පෙබරවාරි මාසය තුළ ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ඩොලර් මිලියන 452කින් ඉහළ ගොස් ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මාසය අවසාන වන විට සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 7,284 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, නිල සංචිත ප්‍රමාණය ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්න වෙමින් ඇති ආකාරය දකින්න පුළුවන්.
පෙබරවාරි මාසය තුළ සංචාරක පැමිණීම් වාර්තාගත ලෙස ඉහළ යාම ඉහත තත්ත්වය ලඟා කර ගැනීමට උදවු වූවා විය යුතුයි. කෙසේ වුවද, මේ වන විට ඉරාන යුද්ධය හේතුවෙන් සංචාරක කර්මාන්තයේ වර්ධනය අඩාල වී තිබීම කණගාටුවට කරුණක්.
මහ බැංකුව විසින් නැවතත් නිල විදේශ සංචිත රන් වල ආයෝජනය කිරීම ආරම්භ කර ඇති ආකාරයද දැකිය හැකි අතර මේ වන විට ඩොලර් මිලියන 200ක මුදලක් රන් වල ආයෝජනය කර තිබෙනවා. 2019 අවසානයේදී මහ බැංකුව විසින් ඩොලර් මිලියන 955ක මුදලක් රන් වල ආයෝජනය කර තිබුණු අතර ආර්ථික අර්බුද සමයේ මෙම රන් මුදල් කරනු ලැබුවා.
ඉකොනොමැට්ටා, මේ මුළු චිත්‍රයම එකට තියලා බැලුවම පේන්නේ වර්තමාන NPP ආණ්ඩුව දත්ත එක්ක සෙල්ලම් කරමින් රටේ සැබෑ ආර්ථික තත්ත්වය ජනතාවගෙන් හංගන භයානක විදියයි.
ReplyDeleteමොකද උදාහරණ විදිහට රාජ්‍ය ව්‍යවසාය වලින් එකක් ගත්තොත් ලංවිම ලැබූ රුපියල් මිලියන 38,740ක දැවැන්ත අලාභය සේවක විශ්‍රාම ගැන්වීම් පිට පටවන්න හැදුවට, සේවකයෝ අයින් වෙද්දී පරිපාලන වියදම් 50%කින් වැඩි වීමෙන්ම පේන්නේ ආයතනය ඇතුළේ දූෂණය සහ අකාර්යක්ෂමතාව ඉහවහා ගොස් ඇති බවත්, මෑතකදී සිදුකළ අත්තනෝමතික විදුලි ගාස්තු අඩු කිරීම හරහා ආණ්ඩුව ලබාගත් ජනප්‍රියත්වය ඉදිරියේදී 30%ක පමණ බිල වැඩිවීමකින් ජනතාවටම වන්දි ගෙවීමට සිදුවන බවයි.
ඒ වගේම, මේ පෝස්ට් එකේ තියෙන විදේශ සංචිත ඩොලර් මිලියන 7,284 දක්වා වැඩි වී ඇති බව පැවසුවද, එයින් වැඩි හරියක් පාවිච්චි කළ නොහැකි චීන swap ඩොලර් බිලියන එක හමාර ඇතුලු විදේශ "Currency Swap" විනිමය සංචිත සහ ISB වගේ නොගෙවා පැහැර හරින ලද නමුත් 2028 සිට නැවත ගෙවීමට සිදුවන විදේශ ණය වාරික මිසක් සැබෑ උපයාගත් ඩොලර් නොවන නිසාත්, මැදපෙරදිග යුද්ධය හමුවේ සංචාරක ආදායම අවදානමට ලක්ව ඇති නිසාත් මේ පෙන්වන "සංචිත සෝබනය" ඕනෑම මොහොතක පුපුරා යා හැකි බුබුළක් වන අතර, කලින් තිබූ ඩොලර් මිලියන 955ක රන් සංචිතය අද වන තෙක් සුරක්ෂිතව තබා ගත්තේ නම් එහි වටිනාකම ඩොලර් මිලියන 1,600 ඉක්මවා ගොස් රටට ඩොලර් මිලියන 650ක (රුපියල් කෝටි 20,000කට අධික) අමතර ලාභයක් හිමිවීමට තිබියදී, NPP පාලනය අද වන විට රන් මිල ඉහළ මට්ටමක පවතිද්දී නැවතත් මිලියන 200ක රන් මිලදී ගැනීම හරහා සිදු කරන්නේ ඉතාමත් දූෂිත සහ අඥාන මූල්‍ය කළමනාකරණයකි. මෙම අනතුරෙන් බේරීමට නම් වහාම දේශපාලනික තීන්දු පසෙකලා පිරිවැය මත පදනම් වූ විද්‍යාත්මක මිල සූත්‍ර ක්‍රියාත්මක කිරීමත්, සංචිතවල ගුණාත්මකභාවය වැඩි කිරීමට අපනයන විවිධාංගීකරණයකට යාමත් කළ යුතු වුවද, ආණ්ඩුව කරන්නේ රෝග ලක්ෂණ වසා ගැනීමට දත්ත මේකප් කිරීම පමණක් නිසා ජනතාවට ඉදිරියේදී මීට වඩා දරුණු ආර්ථික කම්පනයකට මුහුණ දීමට සිදුවනු නොඅනුමානය.
ඔයාගේ විදුලි මිල ගැන ප්රශ්නය ගැන කියන්න ඕනේ ලංකාවේ වර්තමාන jvp npp ආණ්ඩුව විපක්ශෙ උන්නු දා ඉඳලම කරන්නෙ ඩීසල් බලාගාරවලට තියෙන alternatives ඔක්කොටම කෙලවන එක.
Deleteනොරොච්චෝලෙ හදද්දි ඒකට මාරාන්තික විදියට දැඩිව විරුද්ධ වුණු එක, යහපාලන රජය කාලේ උසාවි ගිහිල්ලා සාම්පූර් හදන එක නැවැත්තුව එක, උමා ඔය project එකට විරුද්ධ වුණු එක, rooftop solar project එක අඩාල කරපු එක, wind power projects නවත්තපු එක, අන්තිමෙට බාල ගල් අඟුරු ගෙනාපු එක. එතකොට ඉතිං ඩීසල් බලාගාර මාෆියා එකකට ආණ්ඩුව වැඩකරනවාය එහෙම ආණ්ඩුවකින් රටේ බලශක්ති සුරක්ෂිතතාවය ඇතිකරන එක හීනෙන්වත් කරන දෙයක් නෙමේය කියලා තමා කියන්න තියෙන්නෙ.
මේ චාට් සාමාන්‍ය අවබෝදයන් බලපු කෙනෙකුට තේරෙනවා විදේශ සංචිත වැඩි වෙලා කියලා. ඒ සමගම ආණ්ඩුවේ 2022 බංකොලොත් බව ප්‍රකාශ කිරීමෙන් පසු වැඩිම ණය ගෙවීම කලේ 2025 දී එක 4 බිලියන වලට කිට්ටු ගානක්. මේක කියන්නත් ඕනේ සියළුවම ආනයන තහංචි දැන් නැ...
Deleteඑකොනොමැට්ට පොස්ට් එකෙක් දාල තියනව "ආයෝජන කියන්නේ මොනවාද?" එකේ 2024 "Total external debt" වලට එකතු වෙලා තියන්නේ 2025 IMF එකෙන් ආපු ණය පමණක්... ඒ කියන්නේ එක තාම 57.X බිලියන වලට කිට්ටු ගානක්..
එකොනොමැට්ට සමහරවිට "ආයෝජන කියන්නේ මොනවාද?" කියන එකේ පොස්ට් එකේ අලුත් කරාවි 2025 සමග..
එහෙම බැලුවම පේනවා නේද "චීන swap ඩොලර් බිලියන එක හමාර ඇතුලු විදේශ "Currency Swap"" කතාව කිසි තේරුමක් නැ කියලා...
Delete@ Economatta
Deleteමට දැනගන්න ඕනේ ලංකාවෙ රජය 2025 ගෙවපු මුළු විදේශ ණය සම්බන්ධයෙන්. එය ඩොලර් බිලියන 2.4ක් පමණ. එය ජනාධිපතිවරයාගෙ අයවැය කතාවෙත් ඉදිරිපත් වූ දත්තයක්. එය මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් වූ දත්තයක්.
මට විශේෂයෙන්ම දැනගන්න ඕනේ මේ දවස්වල කතාබහට ලක්වෙන විදේශ ණය ගෙවීමේ දත්තවල තියෙන බරපතල පරස්පරතාවයක් ගැනයි; ජනාධිපතිවරයාගේ අයවැය කතාවට අනුව 2025 වසරේ මුදල් අමාත්‍යාංශය ගෙවා ඇති මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 2.4ක් වුණත්, මහ බැංකු අධිපතිවරයා කියන්නේ ඒක ඩොලර් බිලියන 3.9ක් කියලාත්, ඒ වැඩිවෙන ඩොලර් බිලියන 1.5ට අයිති වෙන්නේ IMF සහ Currency Swap වගේ මහ බැංකුව සෘජුවම ගෙවපු ණය කියන එකත් අපිට පැහැදිලියි, හැබැයි මෙතන තියෙන ලොකුම ප්රශ්නය වෙන්නේ මහ බැංකු අධිපතිවරයා 2028 අවුරුද්දට ගෙවන්න තියෙන්නේ ඩොලර් බිලියන 3.2යි කියලා 2025ට වඩා ඉදිරියේදී ණය බර අඩුවෙනවා වගේ ව්‍යාජ සුබවාදී චිත්‍රයක් මවන්න හදන එකයි; මොකද ඔහු ඒ 2028 ගාණට ඇතුළත් කරලා තියෙන්නේ මුදල් අමාත්‍යාංශයේ ණය විතරක් නිසාත්, ඉදිරියට ගෙවන්න තියෙන IMF වාරික සහ අලුතින් ගන්න වෙන Currency Swap වගේ මහ බැංකුවේ ණය ඒකට එකතු කරලා නැති නිසාත්, මේක හරියට ඇපල් සහ දොඩම් සංසන්දනය කරනවා වගේ වැඩක් නේද, ඒ වගේම මෙච්චර අත්දැකීම් තියෙන මහ බැංකු අධිපතිවරයෙක් මේ වගේ හිතාමතාම ජනතාව සහ ආණ්ඩුව නොමඟ යවන අනතුරුදායක වැඩක් කරනකොට එවැනි කෙනෙක් ඒ තනතුරට සුදුසුද කියන ප්‍රශ්නයත් එනවා නේද, අනිත් අතට මාධ්‍ය නිවේදකයින් මේ ගැන හරියට ප්‍රශ්න කරන්නේ නැති එකත්, මූල්‍ය විනිවිදභාවය ගැන ලොකුවට කතා කරන IMF ආයතනය පවා මහ බැංකුව මේ දත්ත එළියට නොදා ඉන්න එක ගැන මුනිවත රකින එකත් ගැන ආර්ථික විද්‍යාඥයෙක් විදිහට ඔබගේ අදහස සහ මේ ණය උගුලේ සැබෑ තත්ත්වය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
@ ඉකෝන්
ReplyDeleteලංකාවේ සමාජ මාධ්‍ය ජාල වල තියෙන මේ කතාව දැක්ක ද?
//🔴අමෙරිකානු ආර්ථිකය අනපේක්ෂිත කඩාවැටීමක
පෙබරවාරියේදී රැකියා 92,000ක් අහිමි වෙයි
අමෙරිකානු රැකියා වෙළඳපොළ දැඩි අර්බුදයකට ලක් කරමින් පසුගිය පෙබරවාරි මාසය තුළ එරට ආර්ථිකයෙන් රැකියා 92,000ක් අහිමි වී ඇති බව නවතම නිල වාර්තා පෙන්වා දෙයි. මෙය ආර්ථික විශ්ලේෂකයන් බලාපොරොත්තු නොවූ පසුබෑමක් වන අතර, මේ සමඟ අමෙරිකාවේ විරැකියා අනුපාතය 4.4% දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම රැකියා කප්පාදුව පසුගිය ඔක්තෝබර් මාසයේ රජය තාවකාලිකව වසා දැමීමෙන් පසු වාර්තා වූ විශාලතම මාසික රැකියා අහිමි වීම ලෙස සටහන් වේ. ඉරානය තුළ ඇවිළී යන අමෙරිකා-ඊශ්‍රායල යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම මෙම ආර්ථික පසුබෑමට ප්‍රධානතම හේතුවක් වී ඇති බව විද්වතුන් පෙන්වා දෙයි.
සාමාන්‍යයෙන් ශක්තිමත් මට්ටමක පවතින සෞඛ්‍ය ක්ෂේත්රය පවා පසුගිය මාසයේ පැවැති වැඩවර්ජන හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර, අනෙකුත් සෑම ප්‍රධාන ක්ෂේත්රයකම පාහේ රැකියා අවස්ථා අඩුවීමක් දක්නට ලැබේ. මෙම තත්ත්වය අමෙරිකානු ආර්ථිකයේ ස්ථාවරත්වය පිළිබඳව බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කර තිබේ.
#USEconomy #JobLoss #UnemploymentRate #OilPrices #FinancialCrisis #MarketUpdate #USA #EconomicImpact #BreakingNews #GlobalTrade//
ඒ වගේම ලෝක ආර්ථික විශේෂඥ විග්රහ වලට අනුව එක්සත් ජනපද රැකියා වෙළඳපොළේ මේ පසුබෑම ඇත්තටම "හිම කුණාටුවක ආරම්භයක්" වගේ; මොකද පෙබරවාරි මාසයේදී රැකියා 92,000ක් අහිමි වෙමින් විරැකියාව 4.4% දක්වා ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි,
විශේෂයෙන්ම ඉරාන-ඊශ්‍රායල යුද්ධය නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල බැරලයක් ඩොලර් 100 සීමාව පැනීම අමෙරිකානු නිෂ්පාදන පිරිවැය අහස උසට නංවා ඇති පසුබිමක මෙය තවදුරටත් දරුණු වෙනවා. උදාහරණයක් විදියට, එක්සත් ජනපදයේ කොඳු නාරටිය වැනි සෞඛ්‍ය ක්ෂේත්රයේ පවා වැඩවර්ජන නිසා සේවා අඩාල වීමත්, තාක්ෂණික සහ නිෂ්පාදන අංශවල දැවැන්ත රැකියා කප්පාදු සිදුවීමත් හරහා පෙනෙන්නේ ලෝකයේ බලවත්ම ආර්ථිකය පවා මැදපෙරදිග අස්ථාවරත්වය හමුවේ දණගසමින් සිටින බවයි. මේ තත්ත්වය ලංකාව වැනි රටවලටත් සෘජුව බලපානවා, මොකද අමෙරිකා එක්සත් ජනපදයේ පරිභෝජනය අඩු වෙද්දී අපේ ඇඟලුම් අපනයන ආදායම පහත වැටෙන අතරම, ගෝලීය තෙල් මිල ඉහළ යාම නිසා අපේ රටේ විදුලි බිල සහ ප්‍රවාහන වියදම් තවදුරටත් ඉහළ යාම වැළැක්විය නොහැකි නිසා NPP ආණ්ඩුව පෙන්වන "ආර්ථික ස්ථාවරත්වය" පිළිබඳ චිත්‍රය මේ ගෝලීය අවදිය හමුවේ දැඩි අභියෝගයකට ලක්ව තිබෙනවා.
මේ අමෙරිකානු ආර්ථික කඩාවැටීම ලංකාවේ ඉදිරි මාසවල ඩොලරයේ අගයට සහ ජීවන වියදමට බලපාන විදිය ගැන තවදුරටත් ගණනය කිරීම් සහිතව ඔබට පෙන්වා දෙන්න පුළුවන්ද?
++++++++++++++
ReplyDeleteයකඩත් පිච්චෙමින් යන රුදු කාලයක
ReplyDeleteපරඬැල් ඉතිරි වේවිද කියලාය සැක!
සංචිත වාහන
ReplyDeleteඉකොනෝ ඔය සංචිත චුට්ටක් වැඩි වුණා කියලා කරන්න පුළුවන් මගුලක් නෑ දැන් අවුරුදු දෙකකට විතර ඉස්සරත් 2024 මුලදීත් ඩොලර් බිලියන 6.64 ක් විතර විදේශ සංචිත තිබ්බනේ ඒක දිගටම චුට්ට චුට්ට වැඩිවෙලා රජය ප්‍රාග්ධන වියදම් නොකර රජයේ වියදම් පාලනය කරන නීසා සහ වාහන ඇතුලු ආනයනය කරන දේවල්වලට අධික ලෙස බදු ගහන නිසාත් අධික ආදායම් බදු සහ paye tax නිසා මධ්‍යම පාන්තික ජනතාවට මිලදී ගැනීමේ හැකියාව අවම වී ඇති නීසාත් බහුතර මධ්‍යම පාන්තික ජනයා විදේශ රැකියාවලට ගිහිල්ල සල්ලි එවන නිසා විශේෂයෙන්ම මැදපෙරදිග රටවල ඉඳලා.
ReplyDeleteහැබැයි මේ තත්ත්වය ස්ථාවර නෑ නේද මොකද මේ දවස්වල මැදපෙරදිග කලාපය තුල ඉරානෙ ගහන්නෙ militery targets වලට විතරයි. ඉරානෙ ගහන විදියට ඊශ්‍රායලය ඇමරිකාව ගහනවා වෙන්න පුලුවන්. හැබැයි මේකත් එක්ක තෙල් මිල ඉහළ යනවා. ඇමරිකා සමාගම්වලට අධික ලෙස ලාබ ලැබෙන නිසා සැහෙන වාසියි. මැදපෙරදිග business වැටෙනවා. මේ රටවල
සරණාගතයෝ ටික යුරෝපෙ පැත්තට යනවා. සරණාගත immigrants ප්‍රශ්න නිසා දැනටම කෙලවිලා ඉන්න යුරෝපෙ තවත් අවුල් වෙනවා.
මේ වෙනකොට IMF ලණු ගිලලා අධික ලෙස බරපතල විදියට ගහන බදු නිසාම එංගලන්තය ඇතුලු යුරෝපීය රටවල ඉන්න ධනවත් මිනිසුන් සහ Business කාරයෝ ටික මැදපෙරදිග ඩුබායි අබුඩාබි වල apartments විකුණලා දාලා ඒ සල්ලි අරගෙන මැදපෙරදිග ව්‍යාපාර ටිකත් වහලා දාලා සල්ලි ආයෝජන ලෙස අරගෙන ඇමරිකා එක්සත් ජනපදයට යනවා.
දැනටමත් reserve currency එකක් විදියට කෙලවිලා කඩාවැටෙන්න යන ඩොලර් එක ආයේ උඩ යනවා. චීනෙට යන තෙල් ටික අඩු වෙනවා. මුලු ලෝකෙම අස්තාවරයි. ආයෝජනයට ආරක්ශිතම රට ඇමරිකා එක්සත් ජනපදය බවට පත්වෙනවා... ඔන්න ඔහොම දේවල් තමා එක්සත් ජනපදය ප්ලෑන් කරගෙන ඉන්න බව අපට පෙනෙන්නෙ. හැබැයි උන් හිතන දේ නොවී සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා ඉස්සරහට මොකද ස්වභාව ධර්මයේ නීතිය හැමෝටම පොදුයිනේ ස්වභාව ධර්මය නඩු අසන දාට ඔය තාක්සනේ යුධ උපකරණ න්‍යෂ්ටික බලය ඔය එක මගුලක් වත් බලපාන්නේ නෑනේ කොහොමද එක්සත් ජනපදයට දැවැන්ත ස්වභාවික ආපදාවන් ආවොත් මේවට return එක විදියට? හැබැයි ඉතින් මේ යුද්දෙ නවත්වන්න පුලුවන් පටන් ගත්ත ඇමරිකා එක්සත් ජනපදයට විතරයි. මේ ගැන ඉකොනොමැට්ටාට ඉතින් උත්තර දෙන්න බෑනේ ජොබ් එකේ හැටියට වැඩේ හරාම් නේ නේද? 😅🤣😂
ඔයාගේ හෙඩින් එක වැරදියි ඉකොනොමැට්ටා
ReplyDeleteමොකද ඇත්තටම ලංකාවේ විදේශ විණිමය සංචිතය ඩොලර බිලියන හත ඉක්මවා වැඩිවීමට හේතුව ගිය මාසයේ වාරික දෙකකින් IMF ණය ඩොලර මිලියන 666 ක් වැඩිවෙච්ච නිසා මීසක් රටේ විදේශ අංශයේ වෙච්ච මගුලක් නිසා නෙවෙයි.මේ ඩොලර් මිලියන 666 ලැබුණාම සංචිත පිරුණා කියලා ලොකු සෝබනයක් දැම්මට, ඇත්තටම වුණේ අපි තවත් දරුණු ණය උගුලක හිරවුණු එකයි. මේක හරියට අතේ සතේ නැති වෙලාවක පොලී මුදලාලි කෙනෙක්ගෙන් ලොකු ණයක් අරන් සාක්කුවේ දාගෙන "මම දැන් පොහොසත්" කියලා රඟපානවා වගේ වැඩක්; මොකද මේ සල්ලි අපි මහන්සි වෙලා හම්බ කරපු ඒව නෙවෙයි, කවදා හරි පොලියත් එක්කම මහජනතාවගේ බදු සල්ලිවලින් ආපහු ගෙවන්න ඕනෙ හිඟමනට ගත්ත සල්ලි. අනික මේ ණය වාරික ලැබෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ සහනාධාර කපලා, බදු බර වැඩි කරලා දාපු අතිශය අසාධාරණ කොන්දේසි මත නිසා, මේකෙන් වෙන්නේ රටේ නිෂ්පාදන ආර්ථිකය හදනවා වෙනුවට කෘතිමව රුපියල අල්ලගෙන ඉඳලා ඉස්සරහට තවත් ලොකු ආර්ථික කඩාවැටීමකට පාර කපන එක විතරයි.
මෙම ආර්ථික තත්ත්වය පිළිබඳව මීළඟට අප සාකච්ඡා කළ යුත්තේ ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ගැන නේද?