මේ වන විට පසුගිය (2025) වසරේ රාජ්‍ය අයවැය තුලනය හා රාජ්‍ය ණය පිළිබඳ නිල සංඛ්‍යාලේඛණ මෙන්ම නිල ජාතික ගිණුම් ඇස්තමේන්තුද ප්‍රකාශයට පත් කර අවසානයි. මීට පෙර අප විසින් පළ කළ සටහන් වල අප විසින් ඉදිරිපත් කළ මේ හා අදාළ අනුපාත පදනම් වූයේ දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ අපගේ පුරෝකථන මතයි. අප එසේ කළේ, අනෙකුත් විකල්පය වූ, දදේනිය පිළිබඳ මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු ඒ තරම්ම නිවැරදි නොවූ බව අපගේ අදහස වූ බැවිනුයි.
මේ වන විට අප දන්නා සත්‍ය ඇස්තමේන්තු අපගේ පුරෝකථන වලට බොහෝ ආසන්න බැවින්, රාජ්‍යමූල්‍ය කළමනාකරණය හා අදාළ පෙර සටහන් වල සඳහන් අනුපාත වලට බලපෑම් සහගත වෙනසක් සිදු වී නැතත්, මෙම ලිපියෙහි අප නැවත වරක් ඉදිරිපත් කරන්නේ නිවැරදිම අනුපාතයි. මෙම අනුපාත කිසිවක් පුරෝකථන මත පදනම් වී නැහැ.
රාජ්‍ය ආදායම් හා ලැබීම්
දදේනි අනුපාත ලෙස 16.7%ක රාජ්‍ය ආදායම් හා ලැබීම් පසුගිය වසර තුළ වාර්තා වී තිබෙනවා. මෙම අගය වසර 19කට පසු වාර්තා වන ඉහළම රාජ්‍ය ආදායම් හා ලැබීම් අනුපාතයයි. මෙයින් 15.4%ක් බදු ආදායම් හා 1.2%ක් බදු නොවන ආදායම් වන අතර ඉතිරි 0.1% ප්‍රදානයි.
රාජ්‍ය වියදම්
සමස්ත රාජ්‍ය වියදම දදේනියෙන් 19.0%කට සීමා වී ඇති අතර මෙම අනුපාතය පසුගිය වසරේ එම අගයට වඩා අඩු අගයක් වුවත්, 2022 (18.6%), 2018 (17.5%) වැනි වසර හා සසඳද්දී ඒ තරම් අඩු අගයක් නෙමෙයි. කෙසේ වුවත්, ඉහත වියදමෙන් 7.6%ක්ම පොලී වියදම් වන අතර අනෙකුත් සියලුම වියදම් දදේනියෙන් 11.4%කට සීමා වී තිබෙනවා. එමෙන්ම, මෙම වියදමෙන් 16.0%ක්ම පුනරාවර්තන වියදම් වන අතර ප්‍රාග්ධන වියදම් දදේනියෙන් 3.0%ක් පමණයි.
අයවැය හිඟය
අයවැය හිඟය දදේනියෙන් 2.2%කට සීමා වී ඇති අතර එය 1956 වර්ෂයෙන් පසුව, එනම් වසර 69කට පසු, වාර්තා වන අඩුම අයවැය හිඟයයි. එමෙන්ම, දදේනියෙන් 5.4%ක් තරම් විශාල ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී ඇති අතර ඒ මට්ටමේ ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී තිබෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වරටයි. මීට පෙර යම් හෝ ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී තිබෙන්නේ 1954, 1955,1992, 2017, 2018, 2023 හා 2024 වසර වලදී පමණයි.
බොහෝ වසර වල වාර්තා වී තිබුණේ සුළු ප්‍රාථමික අතිරික්තයක් වුවද, 2024දී දදේනියෙන් 2.2%ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී තිබුණා. ස්ථායීකරණ වැඩ පිළිවෙළ මගින් ඉලක්ක කළේ ප්‍රාථමික අතිරික්තය දදේනියෙන් 2.3% දක්වා වැඩි කර ගෙන ඒ මට්ටමේ පවත්වා ගෙන යාමටයි. පසුගිය වසරේ වාර්තා වී ඇති 5.4% මට්ටම එම ඉලක්කය බෙහෙවින්ම ඉක්මවා යන්නක් වන අතර එවැනි ඉලක්කයක් පවත්වා ගැනීම මගින් ශ්‍රී ලංකා රජයට ණය බරින් නිදහස් වීම සඳහා ගත වන කාලය වසර ගණනාවකින් කෙටි කරගත හැකියි.
ප්‍රාථමික අතිරික්තයකට අමතරව මෙවර දදේනියෙන් 0.7%ක ජංගම ගිණුම් අතිරික්තයක්ද වාර්තා වී ඇති අතර එවැන්නක් සිදුව ඇත්තේ වසර 38කට පසුවයි. මේ කතා කරන්නේ විදේශ අංශය හා අදාළ ජංගම ගිණුම ගැන නෙමෙයි. වසර 46කට පසුව, 2023දී එම ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වූ අතර එම තත්ත්වය 2024 හා 2025 වසර වලදීද දැක ගත හැකි වුනා. කෙසේ වුවත්, එය බොහෝ දුරට රජයේ නොව මහ බැංකුවේ කාර්ය භාරය හා අදාළ කරුණක්.
රාජ්‍ය ණය
මධ්‍යම රජයේ ණය බර මේ වන විට දදේනියෙන් 91.6% දක්වා පහත වැටී තිබෙනවා. පසුගිය වසර අවසන් වෙද්දී එම අනුපාතය 95.5%ක්ව පැවතුණා. ප්‍රාථමික අතිරික්තය ඉහළ යන තරමට ණය බර වේගයෙන් පහත වැටෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එක් ප්‍රධාන ඉලක්කයක් වූයේ ණය බර දදේනියෙන් 95% මට්ටම දක්වා පහත දමා ගැනීමයි. මේ වන විටද එය සිදු වී තිබෙනවා.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.