පසුගිය (2025) වසර තුළ ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 38,740ක (කෝටි 3,874ක) අලාභයක් වාර්තා කර තිබෙනවා. අවසන් කාර්තුවේ අලාභය පමණක් රුපියල් මිලියන 29,160ක්. පෙර (2024) වසර තුළ ලංවිම විසින් රුපියල් මිලියන 141,605ක ලාභයක් වාර්තා කර තිබුණා.
අනෙකුත් පිරිවැය අඩු කරන්නට පෙරම රුපියල් මිලියන 26,163ක මෙහෙයුම් අලාභයක් වාර්තා වී ඇති තිබෙන්නේ පෙර වසරේදී ලංවිම විසින් රුපියල් මිලියන 109,910ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබුණු පසුබිමකයි. මේ අයුරින් මෙහෙයුම් ලාබය අලාබයක් වී තිබියදී, පරිපාලන වියදම් පෙර වසරට වඩා 50%කින් ඉහළ ගොස් තිබෙනවා.
මේ වසරේ අලාභය එකතු වීමෙන් පසුව ලංවිම සමුච්ඡිත අලාභය රුපියල් මිලියන 462,541 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ලංවිම විසින් පසුගිය වසර ඇතුළත මෙවැනි පාඩුවක් වාර්තා කර තිබෙන්නේ මෑතකදී සිදුව ඇති ගල් අඟුරු ගණුදෙනුවේ පාඩුව එකතු වීමට පෙරයි. එම ගණුදෙනුවේ පාඩුවේ බලපෑම මෙන්ම, ඉරාන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමේ ඉඩකඩද නිසා මෙම වසරේ ලංවිම පිරිවැය තවත් ඉහළ යා හැකි බව පැහැදිලියි. ඒ අනුව, මෙම වසර තුළ සැලකිය යුතු විදුලි ගාස්තු ඉහළ යාමක් සිදු නොවන්නේනම්, ලංවිම අලාභ තවත් ඉහළ යාම නොවැලැක්විය හැකියි.
This could be the cost of reducing staff. If that's the case, it's a one-off cost
ReplyDelete@ Ian
Deleteමො පිළිබඳව CEB සහ රජයේ පිළිගත් නිල දත්ත සහ මූල්‍ය වාර්තා දෙස බැලීමේදී පැහැදිලි වන්නේ, ලංවිම (CEB) මුහුණ දී සිටින මෙම අගාධයට හේතුව සේවක විශ්‍රාම ගැන්වීමේ පිරිවැය වැනි "එක් වරක් පමණක් සිදුවන" (one-off) වියදමක් නොව, වර්තමාන රජයේ අදූරදර්ශී මූල්‍ය කළමනාකරණය සහ දේශපාලන තීන්දු බවයි.
ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් තවදුරටත් මේකට අදාල කරුණු කිහිපයක් මෙහෙමයි
සේවක පිරිවැය පිළිබඳ මිථ්‍යාව සහ සැබෑ දත්ත ගත්විට මේ ප්‍රතිව්‍යුහගත කිරීම් යටතේ සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් (VRS) හඳුන්වා දුන් බව ඇත්තයි. නමුත්, ලංවිම 2025 වසරේ ලැබූ රුපියල් මිලියන 38,740 ක දැවැන්ත අලාභය එමඟින් පමණක් සාධාරණීකරණය කළ නොහැකියි.
පරිපාලන වියදම් 50% කින් ඉහළ යාම නිසා සේවක සංඛ්‍යාව අඩු කරනවා නම් පරිපාලන වියදම් (Admin Expenses) අඩු විය යුතුයි. නමුත් මෙහිදී සිදුව ඇත්තේ එහි ප්රතිලෝමයයි. මෙයින් පෙනී යන්නේ ආයතනය තුළ සිදුවන වෙනත් නාස්තිකාර වියදම් සහ කළමනාකරණ දුර්වලතා වසා ගැනීමට සේවකයන් ඉවත් කිරීම යන කරුණ "බිල්ලට" දෙන බවයි.
මෙහෙයුම් අලාභය (Operating Loss) ගත්විට සේවක වන්දි ගෙවීමට පෙරම රුපියල් මිලියන 26,163 ක මෙහෙයුම් අලාභයක් වාර්තා වීමෙන් තහවුරු වන්නේ, ලංවිම මූලික ව්‍යාපාරික ක්‍රියාවලියම (විදුලිය නිපදවීම සහ බෙදාහැරීම) අසාර්ථක වී ඇති බවයි.
රජයේ දේශපාලනික මිල තීරණ (Populist Pricing)
වර්තමාන NPP ආණ්ඩුව ජනප්‍රියවාදී දේශපාලනයක නිරත වෙමින්, විද්‍යාත්මක පිරිවැය සූත්‍ර පසෙකලා ගිය වසරේ ජනවාරි මාසයේදී 20% ක පමණ අත්තනෝමතික ගාස්තු සංශෝධනයක් සිදු කළා.
මෙම තීරණය නිසා 2024 දී ලැබූ ලාභය 2025 පළමු කාර්තුව වන විටම දැවැන්ත අලාභයක් දක්වා පෙරළුණි.
ආර්ථික විද්‍යාවේදී මෙය හඳුන්වන්නේ "Under-pricing" ලෙසයි. පිරිවැයට වඩා අඩුවෙන් විදුලිය ලබා දීම හරහා ආණ්ඩුව ජනප්‍රිය වීමට උත්සාහ කළත්, එහි ප්‍රතිඵලය වූයේ සමුච්ඡිත අලාභය රුපියල් මිලියන 462,541 දක්වා ඉහළ යාමයි.
රජයේ කළමනාකරණ අකාර්යක්ෂමතාව සහ දූෂණය නිසා පසුගිය වසරේ සිදුවූ ගල් අඟුරු ගනුදෙනු සහ ටෙන්ඩර් පටිපාටිවල පවතින විනිවිදභාවයකින් තොරභාවය නිසාත් ලංවිම ට විශාල අලාභයක් සිදුව ඇත.
ඉන්ධන මිල අවදානම සමග ඉරාන-ඊශ්‍රායල යුද උණුසුම හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යද්දී, ඒ සඳහා නිසි "Hedging" ක්‍රමවේද හෝ විකල්ප බලශක්ති කළමනාකරණයක් ආණ්ඩුව සතු නොවීම බරපතල වරදකි.
ප්‍රතිසංස්කරණ ආපසු හැරවීම නිසාත් 2024 දී හඳුන්වා දුන් විදුලිබල ප්‍රතිසංස්කරණ (Electricity Act 2024) ක්‍රියාත්මක කරමින් ආයතනය කාර්යක්ෂම කරනවා වෙනුවට, නැවතත් දේශපාලන මැදිහත්වීම් සහිත මධ්‍යගත පාලනයකට (Centralized control) යාමට NPP රජය උත්සාහ කිරීමත් මෙම මූල්‍ය අගාධයට ප්‍රධාන හේතුවකි.
මෙය සේවකයන් විශ්‍රාම ගැන්වූ නිසා වූ "අත්වැරැද්දක්" නොව, ආර්ථික විද්‍යාත්මක මූලධර්ම නොතකා දේශපාලන වාසි තකා ගනු ලැබූ වැරදි තීරණවල ප්රතිඵලයකි. පිරිවැය පාලනය කිරීමට අපොහොසත් වීම සහ ආදායම් මාර්ග අවහිර කිරීම හරහා වර්තමාන පාලනය ලංවිම තවදුරටත් රජයට බරක් වන ආයතනයක් බවට පත් කර ඇති බව අපට ඉහත සාධක වලට අනුව ඔප්පු කර පෙන්වන්න පුළුවනි.
@ Economatta
ReplyDeleteබොහොම ස්තුතියි මේ ප්රශ්නය ගැන පෝස්ට් එකක් දැම්ම එකට. ඇත්තටම අද රටේ හැමෝම කතා වෙන්න ඕන මාතෘකාවක් මේක. බලන්න, 2024 අවුරුද්දේ රුපියල් කෝටි 14,160ක ලාභයක් ලබපු ආයතනයක්, 2025 වෙනකොට රුපියල් කෝටි -3,874ක අලාභයක් ලබන තත්ත්වයට පත් වෙලා.
මේක නිකම්ම "පාඩුවක්" නෙවෙයි, මේක මහා පරිමාණ කළමනාකරණ අසාර්ථකත්වයක්.
මම මේක කරුණු කිහිපයකින් පැහැදිලි කරන්නම්:
1. ආණ්ඩුව මේකට හේතුව විදියට ව්‍යාජ ලෙස පවසන"සේවක විශ්‍රාම ගැන්වීම" කියන්නේ සම්පූර්ණයෙන්ම බොරු කතාවක් (Volunteer retirement programme)
ආණ්ඩුව කියනවා මේ පාඩුවට හේතුව සේවකයෝ විශ්‍රාම ගැන්වීමේදී ගෙවපු වන්දි කියලා. ආර්ථික විද්‍යාඥයෙක් විදිහට ඉකොනෝ හිතනවාද සේවකයෝ විශ්‍රාම ගැන්වුවාම ඉදිරියට පඩි නඩි වලට යන වියදම අඩු වෙන්න එපැයි? හැබැයි වෙලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත.
අනෙක ඒ නැතත් ලංවිම
පරිපාලන වියදම් 50%කින් වැඩි වෙලා, මොකද සේවකයෝ අයින් වුණා නම් වැටුප් වලට යන වියදම වැඩිවෙත්දී පරිපාලන වියදම් අඩු වෙන්න ඕන. ඒත් මෙතන 50%ක වැඩි වීමක් පෙන්නනවා. ඒ කියන්නේ සේවක පඩි නඩි වලට අමතරව වෙනත් අනවශ්‍ය වියදම්, නාස්තිය සහ දූෂණය විශාල ලෙස මේ ආණ්ඩුව යටතේ පැහැදිලිවම වෙලා තියෙනවා.
2. ඊළඟට මෙහෙයුම් අලාභය (Operating Loss)
ගිය අවුරුද්දේ රුපියල් කෝටි 10,991ක මෙහෙයුම් ලාභයක් තිබ්බ තැන දැන් තියෙන්නේ රුපියල් කෝටි -2,616ක මෙහෙයුම් අලාභයක්. ඒ කියන්නේ කරන්ට් එක නිපදවලා විකුණන එකෙන්ම දැන් අධික ලෙස පාඩුයි. මේ ආණ්ඩුව අධික ලෙස විදුලි ගාස්තු වැඩි කරලත් මෙහෙම වෙන්නේ ඇයි?
පේන විදියට මම හිතන්නේ
පිරිවැය පාලනයක් නැතිකම නිසා ජනනය කරන විදුලියේ පිරිවැය කළමනාකරණය කරන්න කිසිම විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරලා නැහැ.
සමුච්ඡිත අලාභය ගත්තොත් දැන් ලංවිම මුළු අලාභය රුපියල් කෝටි 46,254ක්. මේක සාමාන්‍ය මිනිස්සුන්ට දරන්න පුළුවන් බරක් නෙවෙයි.
3. ඉදිරියේදී එන "මරු පහරවල්"
මේ පාඩුවට තවම අර ප්‍රශ්නගත දූෂිත ගල් අඟුරු ගනුදෙනුවේ පාඩුව එකතු වෙලා නැහැ. ඒක මම හිතන්නේ කෝටි දාහකට වඩා වැඩි ලංකා ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය වංචාව විය හැකියි, ඒ වගේම බාල ගල් අඟුරු නිසා බලාගාර වලට හානි සිදුවීම සහ බිඳවැටීම නීසා මීටත් වඩා විශාල ලෙස පාඩු සිද්ධ වේවි
ඒ වගේම මැද පෙරදිග යුද තත්ත්වය නිසා තෙල් මිල ඉහළ යෑමේ අවදානමක් තියෙනවා. එතකොට හදිසි මිලදී ගැනීම් කරන ඩීසල් බලාගාර වලට වගේම ලෝකයේ ගල් අඟුරු මිල ඉහළයාම නිසාත් ආණ්ඩුව කොතරම් විවේචන මධ්‍යයේ පවා දිගින් දිගටම බාල ගල් අඟුරු ගෙන්වීම නිසා ඉදිරියේදීත් සිදුවන්නට නියමිත දැවැන්ත පාඩු වගේ මේ හැමදේම අවසානයේදී කඩා වැටෙන්නේ අසරණ පාරිභෝගිකයාගේ ඔළුවට. ඒක තමයි මෙතන තියෙන ලොකුම ප්රශ්නය. කුමාරල දෙන්නටයි ඩයි සිල්වාටයි කෝටි ගණනක කොමිස් බාල ගල් අඟුරු වලින්. ඒ බරත් අන්තිමට අහිංසක ජනතාවට.
ඉකොනෝ
ReplyDeleteආණ්ඩුව කයිවාරු ගහනවා ලයිසන් එක මුද්‍රණය කරන්න ගිය වියදම අඩු කරා කියලා, ඒත් කට්ටිය කියන විදියට මුං මේ පාර ලයිසන් එකට බාලම කාඩ් එකක් අරගෙන කියලා දැන් අනාවරණය වෙලා. කල් පැවැත්මක් ප්‍රමිතියක් නැති ජරාවක ලයිසන් එක ගහලා දෙයි වගේ. බාල ගල් අඟුරු ටොන් එක ඩොලර් 60 ටත් වඩා අඩු ගල් අඟුරු ඩොලර් 98.5ට අරන් අපි රටට විශාල ලාභයක් කළා කී ගව පට්ටිය නෙ. කලින් අවුරුදු අටක් විතර පාවිච්චියට ගහපු ලයිසන් කාඩ් එක අවුරුදු දෙකෙන් සවුත්තු වෙලා කැඩිලා ගියාම කොහොමද වැඩේ?
ඩෝබියන්ට නම් මේක සෝමාලියාවට දාපු පාන් කෑල්ලක් වගේ.. දිට්වා වන්දි හම්බ වුනේ නැති මිනිස්සු ලක්ෂ ගානක් ඉන්නවා. ඒ වුනාට භාණ්ඩාගාරයත් උතුරන්න බදු පිට බදු ගහනවා. Rebuild Sri Lanka ගිණුමක් නැතුව එකතු කරපු සල්ලි බිලියන් ගානක් තියනවා. රටේ කිසිම සංවර්ධනයක් වෙන්නෙ නැහැ.. එකට එකක් ටැක්ස් ගාලා ගේන වාහන වලට නම්බර් ප්ලේට් දීගන්න බැහැ. වැඩබැරි ටාසන්ලා. ඕකත් අර 70000/- බෙහෙත් 350/- ට දෙනවා කිව්වා වගේ ඩෝබි මීගව 🐂 ව ගල් අඟුරු මගඩියෙන් බේර ගන්න දාන මෝඩ චූන් එකක්. ඩෝබි හරක් කියලත් කොච්චර නම් අපුල්ලන්නද.. 😂