පසුගිය සටහනෙන් පැහැදිලි කළේ රාජ්‍ය අයවැයෙහි ප්‍රාථමික අතිරික්තය ඉහළ යද්දී රජයේ ණය බර ක්‍රමක්‍රමයෙන් අඩු වී යන ආකාරයයි.
- ප්‍රාථමික අයවැය අතිරික්තය පසුගිය (2025) වසර තුළ පැවති දදේනියෙන් 5.4% මට්ටමේ දිගටම තියාගෙන ගියහොත්, 2040 වර්ෂය වන විට රජයේ ණය සම්පූර්ණයෙන්ම ගෙවී අවසන් වෙනවා.
- එසේ නැතිව, දැනට සැලසුම් වල සඳහන්ව තිබෙන, දදේනියෙන් 2.4% මට්ටමේ දිගටම තියාගෙන ගියහොත්, 2055 වර්ෂය වන විට රජයේ ණය සම්පූර්ණයෙන්ම ගෙවී අවසන් වෙනවා.
- යම් හෙයකින්, ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 0.4% මට්ටම දක්වා අඩු වුවහොත්, ණය ගෙවී අවසන් වන්නේ 2126 වර්ෂයේදීයි!
රාජ්‍ය ණය ප්‍රමාණය වෙනස් වන ආකාරය කෙරෙහි ප්‍රාථමික අයවැය අතිරික්තය බලපාන ආකාරය මේ අනුව පැහැදිලියිනේ. මේ කෙරෙහි ආර්ථික වර්ධනය වැනි අනෙකුත් සාධක වල බලපෑමක් තිබුණත්, ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ප්‍රාථමික අයවැය අතිරික්තයයි.
එහෙමනම්, දැන් ප්‍රශ්නය වන්නේ පසුගිය වර්ෂයේ වාර්තා වූ 5.4% අනුපාතය දිගටම පවත්වා ගත හැකි අනුපාතයක්ද කියන එකයි. විශේෂයෙන්ම මේ වන විට පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික වාතාවරණය හමුවේ මේ වගේ ඉහළ මට්ටමක අතිරික්තයක් නඩත්තු කරන්න පුළුවන්ද? කෙටි පිළිතුර බැරිකමක් නැහැ කියන එකයි.
මෙහිදී අපට මේ 5.4% මට්ටම කරා ආ ගමන් මග දෙස ආපසු හැරී බලන්න වෙනවා. මෙම සංඛ්‍යාලේඛනය ඇතුළේ, පැහැදිලි ලෙසම, පසුගිය (2025) වර්ෂයේ මනා රාජ්‍යමූල්‍ය කළමනාකරණයේ බලපෑම තිබෙනවා. නමුත් එපමණකින්ම මෙවැනි මට්ටමකට යන්න බැහැ. එක් වර්ෂයක් තුළ ඔය වගේ වැඩක් කළ හැකිනම්, ණය ගෙවා අවසන් කරන්න දශක ගණනක් බලා ඉන්න අවශ්‍ය වන්නේ නැහැනේ.
පසුගිය වර්ෂයේ ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 5.4% දක්වා වැඩි කර ගත හැකි වූයේ ඊට පෙර වසරේදී දදේනියෙන් 2.2%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පැවති නිසා. ඒ කියන්නේ 2024 වර්ෂයේ මනා රාජ්‍යමූල්‍ය කළමනාකරණයේ බලපෑම නිසා. ඒ වගේම, 2024 වර්ෂයේදී දදේනියෙන් 2.2% මට්ටමට යා හැකි වූයේ, 2021 වර්ෂයේදී දදේනියෙන් 5.7%ක හිඟයක්ව පැවති ප්‍රාථමික අයවැය ශේෂය 2023 වන විට දදේනියෙන් 0.6%ක අතිරික්තයක් බවට හරවාගෙන තිබුණු නිසා.
රජයේ ප්‍රාථමික අයවැය ශේෂය (දදේනි ප්‍රතිශත ලෙස)
2021: (-5.7%)
2022: (-3.7%)
2023: +0.6
2024: +2.2
2025: +5.4
අයවැයෙහි ජංගම ගිණුමේ වසර 38කට පසුව අතිරික්තයක් වාර්තා වූයේද, ඔය විදිහටම, වසර කිහිපයක් එක දිගටම මනා රාජ්‍යමූල්‍ය කළමනාකරණයක් පැවති නිසා. සාර්ව ආර්ථික කළමනාකරණයෙන් ප්‍රතිඵල ලබා ගැනීම සහාය දීවීමක් වගේ දෙයක් මිසක් මීටර සියය දුවනවා වගේ වැඩක් නෙමෙයි. කලින් දුවපු අය පරතරයක් තියාගෙන ඉදිරියෙන්ම සිට ඇත්නම්, වැඩි දක්ෂතාවයක් නැති ක්‍රීඩකයෙකුට වුවත් ඒ පරතරය තියාගෙන දුවන්න පුළුවන්. ඒ වගේම දක්ෂ ක්‍රීඩකයෙකුට පරතරය තවත් වැඩි කරගන්න පුළුවන්. එහෙත් ක්‍රීඩකයෙකුට දුවන්න පටන් ගන්න වෙන්නේම අවසාන ස්ථානයේ සිටනම්, කොයි තරම් වේගයෙන් දිවුවත්, උපරිම වශයෙන් කරන්න පුළුවන් වෙන්නේ ඉදිරියෙන්ම ඉන්න තරඟකරු එක්ක තිබෙන පරතරය අඩු කර ගන්න එක පමණක් වෙන්න පුළුවන්. තරඟය දිනන එක පහසු නැහැ.
පසුගිය වසර පහ දිහා හැරී බැලුවොත්, සෑම වසරකදීම, ප්‍රාථමික අයවැය ශේෂය හා අදාළව, පෙර වසරේ මට්ටම පවත්වා ගන්නවාට අමතරව තරමක් හෝ ඉදිරියට ගිහින් තිබෙනවා.
2022දී: +2.0%කින්
2023දී: +4.3%කින්
2024දී: +1.8%කින්
2025දී: +3.2%කින්
ඔය රටාව අනුව බැලුවොත්, 2026දී ප්‍රාථමික අතිරික්තය තවත් වැඩි කර ගැනීමේ හැකියාවක් පෙනෙන්න තිබෙනවා. ඒ නිසා, පවතින අහිතකර බාහිර සාධක හමුවේ දුවන වේගය තවත් වැඩි කරගන්න අමාරු විය හැකි වුවත්, අඩු වශයෙන් වේගය එලෙසම පවත්වා ගනිමින් දැනට තිබෙන පරතරය පවත්වා ගන්න එක අමාරු නැහැ.
මීට පෙරද මේ විදිහටම ආරම්භයක් ගත් අවස්ථා තිබුණා. 2017 වර්ෂයේදී සුළු ප්‍රාථමික අයවැය අතිරික්තයක් හදාගෙන, 2018දී එය දදේනියෙන් 0.6% දක්වා වැඩි කරගනු ලැබුවා. නමුත් ඊට පස්සේ හුළඟක් හමලා ඔය අතිරික්තය වාෂ්ප වී හිඳී ගියා. ඔය විදිහට ප්‍රාථමික අතිරික්තය හින්ද හුළඟින් පසුව, අතිරික්තය හිඟයක් වී ටිකෙන් ටික හිඟය ඉහළ ගියා. වැඩේ කෙළවර වුනේ ශ්‍රී ලංකා රජය ණය පැහැර හරින තැනටම ගිහින්.
රජයේ ප්‍රාථමික අයවැය ශේෂය (දදේනි ප්‍රතිශත ලෙස)
2017: +0.0%
2018: +0.6%
2019: (-3.4)
2020: (-4.4)
2021: (-5.7)
ආර්ථික අර්බුදයෙන් පසුව මේ තත්ත්වය ආපසු හැරවිය හැකි වූයේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග තුනක උදවුවෙන්.
- බදු කප්පාදුව ආපසු හැරවීම
- ආර්ථිකය නැවත ප්‍රසාරණය වෙද්දී බදු පදනම පුළුල් වීමට ඉඩ හැරීම මගින් බදු ආදායම් වැඩි කර ගැනීම
- වියදම් ඉහළ යාම පාලනය කර ගැනීම
මේ තුනෙන් දෙවන හා තෙවන ක්‍රියාමාර්ග වල උදවුවෙන් ප්‍රාථමික අයවැය අතිරික්තය වැඩි අපහසුවක් නොමැතිව තව දුරටත් වැඩි කර ගැනීමේ හැකියාවක් තිබෙනවා.
සුපුරුදු පරිදි තවත් වැල් බයිලාවක්.
ReplyDeleteඉකුණෝ ඔහේට පිස්සු හැදීගෙන එනවද
අඩුකුලේ කිය කියාලා අසර ඉකු නොමැට්රාගේ පූ
ReplyDeleteඉකොනොමැට්ටා IMF එකට ප්‍රශස්ති ගායනා කරාට IMF ණය උගුලේ හිරවෙලා පණ අදින ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයේ සමස්ත නොපිය වූ රාජ්‍ය ණය ප්‍රමාණය 2025 වසර අවසානයේ දී රු. බිලියන 29,994.69ක් ලෙසින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන වාර්තාවක් අනාවරණය කර සිටී.
ReplyDelete2024 වසර අවසානයේ දී මධ්‍යම රජයේ සමස්ත නොපිය වූ රාජ්‍ය ණය ප්‍රමාණය රු. බිලියන 28,738.70ක් ලෙසින් සටහන් ව තිබුණු අතර, ඒ අනුව රු. බිලියන 1,255.99කින් හෙවත් රු. ට්‍රිලියන 1.25කින් 2025 වසර තුළ දී රජයේ ණය වැඩි වී තිබේ.
එහිදී සමස්ත දේශීය ණය ප්‍රමාණය රු. බිලියන 18,309.66 සිට රු. බිලියන 18,675.32ක් දක්වා රු. බිලියන 365.66 කින් ඉහළ ගොස් ඇත.
සමස්ත විදේශීය ණය ප්‍රමාණය රු. බිලියන 10,429.04 සිට රු. බිලියන 11,319.69ක් දක්වා රු. බිලියන 890.32 කින් වැඩි වී තිබේ.
මේ අනුව IMF ණය උගුල සහ IMF විනාශකාරී කොන්දේසි මත 2024 අවසානයේ රුපියල් බිලියන 28,738ක් වෙච්ච රජයේ සමස්ත ණය ප්‍රමාණය 2025 අවසාන වෙද්දී රුපියල් බිලියන 29,994 පැනලා, ඒ කියන්නේ එක අවුරුද්දකට රුපියල් ට්‍රිලියන 1.25කින් ණය කන්ද වැඩි වෙලා
දැන් මෙතන ලබ්බේ 'අතිරික්තයක්' ගැන උදම් අනන්නේ කොහොමද මචං, රටේ සමස්ත ණය ප්‍රමාණය මේ තරම් වේගයෙන් ඉහළ යද්දී?
විශේෂයෙන්ම විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 890කින් විතර වැඩි වෙලා තියෙන්නේ අපි තාම ණය වාරික ගෙවන්න පටන් අරන්වත් නැතිවයි. දේශීය ණයත් බිලියන 365කින් වැඩි වෙලා.
මේක හරියට මචං, අර කලින් පෝස්ට් එකක එක ඇනෝ කෙනෙක් හරියටම කිව්වා වගේම ගෙදර ළමයින්ට කන්න දෙන්නේ නැතුව, අසල්වැසියාගේ ණය වාරිකයත් නොගෙවා මඟඇරලා, අතේ ඉතුරු වුණ සොච්චම පෙන්නලා 'මම දැන් පොහොසත්' කියන මෝඩ පියෙක්ගේ වැඩක් වගේම තමයි.
ප්‍රාග්ධන වියදම් බිංදුවටම කපලා රටේ නිෂ්පාදන ධාරිතාව මරලා දාලා තියෙද්දී, 2028 දී එන අර බිලියන 5ක 'ණය සුනාමියට' මුන් කොහොම මුහුණ දෙන්නද?
මේ ඉලක්කම් දකිද්දී පේනවා 2040 නෙමෙයි 2030 වෙද්දීත් මුන් මේ රට ආපහු බංකොලොත් භාවයකටමයි දක්කගෙන යන්නේ කියලා.