වෙබ් ලිපිනය:

Friday, March 20, 2026

වැඩි මිලට තෙල් විකුණන්න පුළුවන්ද?


සමහර අය කියන විදිහට පෞද්ගලික තෙල් සමාගම් වලට තෙල් ගෙනත් කැමති මිලකට විකුණන්න පුළුවන්කම තියෙද්දී ඔවුන් එසේ නොකර ඉන්නවද? ඒ විදිහට, ඔවුන්ට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන්ද?

මේ හා අදාළව දැනට බලාත්මකව තිබෙන්නේ 2479/27 අංක දරන, 2026 මාර්තු 9 දින නිකුත් කර තිබෙන අති විශේෂ ගැසට් පත්‍රයයි. එහි සඳහන්ව තිබෙන්නේ කුමක්ද?

"ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පණතේ 66 වන වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි වන මම, 2026 මාර්තු 9 දින මධ්‍යම රාත්‍රී 12:00 සිට බල පැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරමි."

ඉන් පසුව, ඉන්ධන වර්ග පහක පවතින මිල සහ සංශෝධිත මිල සඳහන් කර තිබෙනවා. එම සියළුම මිල ගණන් නිශ්චිත මිල ගණන්. මේ මිල ගණන් කිසිවක් අවම හෝ උපරිම මිල ගණන් බවක් ගැසට් නිවේදනයේ සඳහන්ව නැහැ. ඒ වගේම, මෙම මිල ගණන් අදාළ වන්නේ නිශ්චිත ආයතනයකට හෝ නිශ්චිත ප්‍රදේශයකට බවක්ද ගැසට් නිවේදනයේ සඳහන්ව නැහැ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පණතේ 66 වන වගන්තියෙන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි වෙත පැවරී ඇති බලතල මොනවාද?

පණතේ 66(1) වගන්තිය අනුව බලශක්ති ඇමතිවරයාට මුදල් ඇමතිවරයාගේ එකඟතාවය ලබා ගෙන ඉන්ධන මිල ගණන් හා අදාළව (a) උපරිම මිලක් (b) අවම මිලක් හෝ (c) නිශ්චිත මිලක් නියම කරමින් නියෝගයක් නිකුත් කළ හැකියි. 

පණතේ 66(2)a අනු වගන්තිය අනුව එසේ නියෝගයක් කරන විට එය තෙල් සංස්ථාවට පමණක් බලපැවැත්වෙන පරිදි සිදු කළ හැකියි. එසේ නැත්නම්, 66(2)b අනුව සියල්ලන්ටම බලපාන පරිදි නියෝගය පැනවිය හැකියි. 66(2)c අනුව, යම් නිශ්චිත ප්‍රදේශයකට හෝ කාලයකට පමණක් බලපාන පරිදි සිදු කළ හැකියි. 

බලශක්ති ඇමතිවරයා විසින් මෙවැනි නියෝගයකට අත්සන් තබා එය ගැසට් කිරීමෙන් පසුව නියෝගය බලාත්මක වෙනවා. 

ඉංජිනේරු කුමාර ජයකොඩිගේ නිවේදනයෙහි "ඉන්ධන මිල" මිස එයින් අදහස් වන්නේ කුමක්ද කියා පැහැදිලි කර නැහැ. ඒ නිසා, පණතේ 66 වන වගන්තිය සහ නියෝගය එක්ව ගත් විට මෙය උපරිම, අවම හෝ නිශ්චිත මිලක් වෙන්න පුළුවන්. ඒ වගේම, මේ නියෝගය තෙල් සංස්ථාවට පමණක් බලපාන නියෝගයක් බව සඳහන් කර නැහැ. ඒ නිසා, හරියටම ගැසට් නිවේදනයේ සඳහන් මිලට ඉන්ධන නොවිකුනා අඩුවෙන් හෝ වැඩියෙන් විකුණන අයෙකුට නීතිමය අවදානමක් ගන්න සිදු වී තිබෙනවා. ඒ නීතිමය අවදානම හා බැඳුනු විශාල මූල්‍යමය අවදානමකුත් තිබෙනවා.

පේන විදිහට ඇත්තටම වෙලා තියෙන්නේ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි විසින් (කැම්පස් වල කෝස්වර්ක් ගහන විදිහට) හිටපු බලශක්ති අමාත්‍ය අනුර කුමාර දිසානායකගේ ගැසට් නිවේදන වල දිනය සහ මිල ගණන් පමණක් වෙනස් කරලා අලුත් ගැසට් එකක් ගහන එක. අස්සන ගහද්දී පණත කියවා ඇති බවක් පේන්නේ නැහැ. ඊට කලින් අනුර කුමාර දිසානායක විසින් කරලා තියෙන්නෙත් ඒ විදිහටම කාංචන විජේසේකර ගහපු ගැසට් එකේ දිනය සහ මිල ගණන් වෙනස් කර අලුත් ගැසට් එකක් ගහන එක.

කාලයක් තිස්සේ ලංකාවේ ඉන්ධන මිල ගණන් නිසි ක්‍රමවේදයකට සංශෝධනය වුනේ නැහැ. තෙල් සංස්ථාව රුපියල් ට්‍රිලියනය ඉක්මවන විශාල අලාබයක් එකතු කර ගත්තේ ඒ නිසා. මේ වැඩේ අවුරුදු ගාණකට පස්සේ වෙනස් වුනේ 2022දී. ඒ අනුව මිල සූත්‍රයක් හඳුන්වා දෙනු ලැබ කිසියම් පිළිවෙළකට මිල ගණන් විචලනය කිරීමක් (මාසයකට වරක්) සිදු වෙන්න පටන් ගත්තා.

මිල සූත්‍රයේ අරමුණ වුනේ තෙල් සංස්ථාවට පාඩු නොලැබෙන මිලකට තෙල් විකුණන එක. සාමාන්‍යයෙන් මේ මිල අඩු මිලක් වූ නිසා ඒ වෙද්දී වෙළඳපොළේ හිටපු LIOC සමාගම කවදාවත් ඊට වඩා අඩුවෙන් තෙල් විකිණුවේ නැහැ. තෙල් සංස්ථාවේ විශාල වෙළඳපොළ පංගුව නිසා ඊට වඩා වැඩියෙන් තෙල් විකිණුවෙත් නැහැ. ඒ නිසා ඒ කාලයේ ඔය ගැසට් නිවේදනය කවදාවත් ප්‍රශ්නයක් වුනේ නැහැ.

සිනොපෙක් සමාගම පැමිණි අලුත ඇතැම් ඉන්ධන වර්ග රුපියල් තුනක් අඩු මිලකට විකිණුවා. රජය විසින් එය ප්‍රශ්නයක් කර ගත්තේ නැහැ. ඒ අනුව පෙනෙන පරිදි, රජය විසින් ගැසට් කළ මිල ප්‍රායෝගිකව උපරිම සිල්ලර මිලක් සේ සැලකීම පිළිබඳ පුර්වාදර්ශ තිබෙනවා. නමුත් ඒ මිලට වඩා වැඩියෙන් විකුණන එකේ පැහැදිලි අවදානමක් තිබෙනවා.

දින කිහිපයකට කලින් ජනාධිපති දිසානායක විසින් ව්‍යාපාරිකයින් පිරිසකට වැඩි මිලට තෙල් මිල දී ගෙන විකිණීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. නමුත් එසේ කිරීම මගින්, පෙනෙන විදිහට, නීතිමය අවුලක් හදාගෙන තිබෙනවා. ඉතා ඉක්මණින් හරියකට ගැසට් එකක් ගසා නියෝගය අලුත් කිරීම මගින් මේ අවුල ලෙහා ගන්න පුළුවන්.

ගැසට් එක හරියට ගැසිය හැක්කේ කොහොමද?

- ආණ්ඩුවට ඇත්තටම අවශ්‍ය උපරිම සිල්ලර මිලක්නම් එය පැහැදිලිව සඳහන් කළ යුතුයි. එසේ නැත්නම්, ව්‍යාකූල ලෙස 66 වගන්තිය අනුව කියන්නේ නැතිව, 66(1)a අනුව කියා නිශ්චිතව සඳහන් කළ යුතුයි.

- ආණ්ඩුවට අවශ්‍ය තෙල් සංස්ථාවේ මිල තීරණය කිරීමට පමණක්නම්, එය පැහැදිලිව නියෝගයේ සඳහන් විය යුතුයි. එසේ නැත්නම්, 66(2)a අනුව කියා නිශ්චිතව සඳහන් කළ යුතුයි.

- ඔය දෙකම නිශ්චිතව සඳහන් කළත්, "ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පණතේ 66 වන වගන්තියේ ප්‍රතිපාදන අනුව මෙතෙක් නිකුත් කර ඇති අනෙකුත් සියලුම නියෝග මේ සමඟ අවලංගු වේ" කියන කොටසත් අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතුයි. එසේ නැත්නම් කවදා හෝ නිකුත් කළ පරණ නියෝගයකට වලංගු භාවයක් තිබෙනවා. 

(ඔය වැඩේ කළත් පෞද්ගලික තෙල් සමාගම් වැඩි මිලට තෙල් නොවිකුණන්න ඉඩ තිබෙනවා. එය වෙනම ආර්ථික කාරණයක් නිසා මේ සටහනේ පැහැදිලි කරන්න යන්නේ නැහැ.)

7 comments:

  1. අනේ මන්ද ඉකොනොමැට්ටා

    ලංකාවේ මිනිස්සුන්ට පිස්සු හැදිලා, කොහේවත් තෙල් නෑ පෙට්රල් ශෙඩ් ගණනාවකට ගියා කණ පැලෙන්න පෝලිම, උයන්න ගෑස් නෑ, සැරෙන් සැරේට නොකියාම ලයිට් කපනවා හරිම ජන්ජාලයක් පෝලිම් වල කට්ටිය මරාගන්න හදනවා ඒ අස්සේ ඉරානය කිලෝමීටර 4,000 ක මිසයිල ගහලා ඉන්දීය සාගරේ ලංකාවට පහතින් තියෙන දොන් දියාගෝ ගාර්ෂියා දූපතට දෙකක් වැදිලා, ලංකාවට කිලෝමීටර 3,600යි එහෙන් උන් F35 ස්ටෙල්ත් හතරක් එක්ක යානා 21ක් විනාශ කරලා, ඇමරිකන් ලොක්කෝ ලංකාවට ඇවිල්ලා ජනාධිපතිට ටෝක් කරලා මාධ්‍ය වලට හිනාවෙවී කිව්වා හීස් අ නයිස් ගයි කියලා, ඒ කියන්නේ ලංකාවට කෑමක් අත ළඟ කියලා ගොඩක්ම මිනිස්සු බයේ ඉන්නේ මේ ලංකාවේ පිස්සු මලහෝන්තුව රවට්ටලා මුන් මොන ගේමක් දෙයිද කොහොම රිටන් එක ලැබේ ද කියලා, මේවා ඉතින් දෙවියන් වහන්සේට තමයි කියන්න තියෙන්නේ

    ස්වර්ගයේ වැඩසිටින අපගේ ආදරණීය පියාණෙනි,
    අපගේ සුන්දර මව්බිම වන ශ්‍රී ලංකාව සහ එහි වෙසෙන සියලුම ජනතාව ඔබවහන්සේගේ දයාබර හස්තයට භාර කරමු. අපව රැකදෙන සේක්වා.

    ස්වර්ගයේ වැඩසිටින පියාණෙනි,

    ඔබවහන්සේගේ දරුවන් වන අප අද අතිශය දුෂ්කර හා බියකරු කාල පරිච්ඡේදයකට මුහුණ දී සිටිමු.
    දෙවි පියාණෙනි, පෝලිම්වල ලතැවෙන, කුසගින්නේ සිටින සහ අනාගතය පිළිබඳ බියෙන් පසුවන ලාංකීය ජනතාව දෙස කරුණා ඇසින් බැලුව මැනව. රට අභ්‍යන්තරයේ පවතින මේ අවුල් සහගත තත්ත්වයත්, කලාපීය වශයෙන් ඇවිලෙන යුධ බියත් හමුවේ අප අසරණ වී සිටිමු.

    විශේෂයෙන්ම, අමන කුරිරු වූ බලවත් ජාතීන්ගේ පාදඩ දේශපාලන ක්‍රීඩා මැද අපේ කුඩා දිවයිනත්, එහි අහිංසක ජනතාවත් විනාශයට පත්වීමට ඉඩ නොදුන මැනව. අපේ මෝඩ තකතීරු පාලකයන්ට නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය ප්‍රඥාවත්, ජනතාවට මේ පීඩනය දරාගැනීමට අවශ්‍ය ශක්තියත් ලබා දුන මැනව.

    ස්වාමීනි, කුණාටු මැද ඔරුව පාලනය කළාක් මෙන්, මේ බිහිසුණු අවස්ථාවේදී අපේ රටේ ආරක්ෂකයා වූ මැනව. විපතින් අප මුදාගෙන සාමය උදා කළ මැනව.

    ආමෙන්.

    ආමෙන්.

    ආමෙන් !

    ReplyDelete
  2. ඕක ඉතින් අමුතු දෙයක් නෙවෙයිනේ ඔය පිනෝකියෝ ටොම්පචයාගේ
    පාර්ලිමන්ට් කෙප්ප වලින් කීපයක් මේවායි;

    ඔය ඉකොනෝ කියපු අනුරගෙ කතාව සහ මේ ටික කාළයේ අනුරගෙ කතා ඇහුවම මට හිතෙන්නෙම 2022 මැයි 12 රට බාරගත්තෙ අනුරමයි කියලා.

    අනුරගෙ කතා වලදි අනුර 2022 දත්ත කියනවා. ඊට පස්සෙ වර්ථමාන දත්ත කියලා අපි තමයි ඒක කලේ වගේ අඟවන්න හදනවා.

    ඔය අනුරගේ කතාවෙත් ඒ වගේ තැන් කීපයකම කිවුවා.

    ⭕ 2022දි පොළී අනුපාතය 36% ට ගියා. අපි දැන් 8.5%ට තනි ඉලක්කමක තියාගන්නවා කිවුවා.හැබැයි ටොම්පචයා රනිල් බාර දෙද්දි ඒක 8% තිබුනෙ කියලා හංගනවා.

    ⭕ ඩොලර් සංචිතය 2022 දි මිලියන 20යි කිවුවා. වර්ථමානයේ එය බිලියන 07ක් කියනවා. හැබැයි රනිල් බාර දෙද්දි බිලියන 06ක් තිබුනා කියන එක මේ ටොම්පචයා අමතක කරවන්න හදනවා.

    ⭕ 2022දි අපිට රුපියල් සංචිතයක් තිබුනෙ නෑ කිවුවා. හැබැයි වර්ථමානයේ බිලියන 1200ක සංචිතයක් තියෙනවා කිවුවා. හැබැයි රනිල් රුපියල් සංචිතයක් පවත්වාගෙන යන්න ප්‍රතිපත්ති තීරණයක් අරන් ඒක බිලියන 700ක් දක්වා ඉතුරු කරලා ගියා කියන එක ටොම්පචයා කියන්නේ නෑ.

    ⭕ තෙල් සංස්ථාවෙ 2022දි පාඩුයි කියනවා. ඒකෙ ණය බිලියන 884 මහභාණ්ඩාගාරෙට පවරගෙන දැන් ගෙවාගෙන යනවා කියනවා. හැබැයි ඒ පවරගත්තෙ රනිල් 2023 ජුනි මාසෙ බවත් අනුරට බාර දෙන විට බිලියන 654ක් දක්වා ඒ ණය අඩු කරගෙන තිබූ බවත් ටොම් පච කොටා හංගන්න හදනවා.

    ⭕ 2022දි උද්ධමනය 70%ට ගියාලු. දැන් ඒක 2% වෙනකන් අඩු කරාලු. හැබැයි රනිල් බාර දෙද්දි උද්ධමනය -1%යි කියන එක ටොම්පචයට අමතකයි.

    ⭕ 2022දි තෙල් පෝළිම් තිබුනා කියනවා. වර්ථමානයේ පෝළිම් නැති කලා කියනවා. හැබැයි රනිල් බාර දෙද්දි කිසිම පෝළිමක් තිබුනෙ නෑ කියලා ටොම් පචයා දන්නේ නෑ.

    අනුර සහ මාලිමාව විසින් හිතා මතාම රනිල් වික්‍රමසිංහ පාලන කාළයෙ සිදුවූ සියළුම දේවල් තමුන් කලා වගේ අඟවන්න සෑහෙන උත්සහයක් දරනවා.

    ඇත්තටම ගත්තාම කිසිම
    ජයග්‍රහණයක් නැති, කරපු කිසිම අලුත් වැඩක් පෙන්නන්න නැති, කිසිම දැක්මක් නැති හිස් මෝඩ ඔලමොට්ටල හාදයින්ට කරන්න වෙන්නෙ අනුන් කරපුවට ලකුණු දාගන්න ට්‍රයි කරන එක විතරයි තමා.

    හදපු බිල්ඩිමකට තීන්ත ගාන එක පට්ට වැඩක් වගේ හිතන් ඉන්න දෙකයි පණහේ අමු ගොබ්බ පොඩි මිනිස්සුන්ගෙන් මීට වඩා දේවල් බලාපොරොතු වෙන්න බෑ.

    හැබැයි ඔයාලා කොච්චර උත්සහ කළත් 2022 මැයි 12 සිට 2024 සැප්තැම්බර් 21 දක්වා ලංකාවේ පරිවර්තනීය පරිච්ඡේදය අමතක කරවන්න බෑ.

    තාවකාලිකව බොරුවෙන් හිරි වට්ටගත්තට ඒක සදාකාලික නෑ.

    Ruwin Fernando

    ReplyDelete
    Replies
    1. පුද්ගලික ජීවිතේදිත්, දේශපාලනයේදිත් අනුන්ගෙ ළමයින්ට පීතෘත්වය දීමට උපන් හපන්නු. ඒ හැර මේ අසරණ LGBTQ++ ලා වෙන කුමක් කරන්නද???🤔

      Delete
  3. අද මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල තවත් අධික ලෙස වැඩි කරලා QR එක තියෙද්දීත් තවත් වැඩී කරලා ඉකොනෝ

    කලින් සැරේ වැඩි කරද්දි බොරතෙල් බැරල් එකක් ඩොලර් 100 පැනලා... ඊයේ සක්කිලි පච ලපයා පාර්ලිමේන්තුවට ඇවිත් කීවා බොර තෙල් බැරල් එකක් ඩොලර් එකකින් වැඩි වුණොත් තෙල් රු. 2 කින් වැඩි වෙනවා කියලා...

    දැන් එතකොට කලින් සැරේ වැඩි කලාට පස්සේ බොර තෙල් බැරල් එකක් ඩොලර් 40 කින් වැඩි වුණා ද බං ඔක්ටේන් 92 පෙට්‍රෝල් 80 කින් වැඩි කරලා තියෙන්නේ...??? 🤮

    මූන් හිතන් ඉන්නේ මේ රටේ බත්කන මිනිස්සුන්වත් අර හැමදේටම මාලිමාවට පූප දෙන සක්කිලි ඩෝබි හැතිකරේ වගේ පුන්නක්කුයි තණකොල කනවා කියලා ද කොහෙද? හෙන ගහලා අකුලෝලම පල කාලකන්නි

    ReplyDelete
  4. මම මේ කොමන්ට් එක දාන වෙලාවේ වෙනකොට සංචාරයකට ගිහින් ඉන්නේ දකුණු කොරියාවේ. මෙහෙ මේ වේනකොට ඔක්ටේන් 95 තෙල් මිල රුපියල් වලින් බැලුවොත් රු. 375යි. QR නෑ ඔත්තේ ඉරට්ටේ නෑ. තෙල් ෆුල් ගහලා මදිනම් බටේ කටේ දාගෙන බොන්න ඕනි නම් එහෙමත් පුලුවන්. අපිටම ශෙඩ් එකට ගිහින් ඕනි තරන් ගහගෙන එන්න තියෙන්නේ. මිල සූත්‍ර කියලා ජාතිත් නෑ මෙහේ. ලෝකේ වෙලදපොලේ තෙල් මිල එක්ක පැයෙන් පැය තෙල් මිල අඩු වැඩි වෙනවා. බාගෙකට වඩා වාහන ඉලෙක්ට්‍රික් නිසා ගොඩක් අයට ගානක්ම නෑ. ලංකාවේ අමන ආණ්ඩුව ඒකෙනුත් ලෝක අර්බුදයක් පෙන්නලා මිනිස්සුන්ගෙන් හූරා කනවා, බොර දියේ මාලු බාන මහාම මහා පාදඩ ආණ්ඩුවක්.

    ReplyDelete
  5. ජනපතිගේ EV කතාව සම්පූර්ණ බොරු.. ලංකාවේ EV හතරගුණයක් චාජ් කලත් 300MW යන්නෑ..

    - බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව

    ලංකාවේ විදුලිබල මණ්‌ඩලය ලබාදෙන විදුලියෙන් රාත්‍රී කාලයේදී විදුලි වාහන ආරෝපණය කිරීම හේතුවෙන් මෙගාවොට් 300ක අමතර විදුලි ඉල්ලුමක් පවතින බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා කළ ප්‍රකාශය විද්‍යාත්මකව කිසිසේත්ම පිළිගත නොහැකි, සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක් බව ආචාර්ය විදුර රලපනාව මහතා පවසයි.

    දෙරණ රූපවාහිනී නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව අවධාරණය කළේය.

    මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය රලපනාව මහතා සඳහන් කළේ ලංකාවේ පවතින විදුලි වාහන සංඛ්‍යාව අනුව එම ඉල්ලුම මෙගාවොට් 100ක්වත් විය නොහැකි බවයි.

    මෙගාවොට් 300ක ඉල්ලුමක් ඇති වීමට නම් දැනට මෙරට පවතින විදුලි වාහන සංඛ්‍යාව මෙන් හතර ගුණයක වාහන ප්‍රමාණයක් තිබිය යුතු බවත්, ඒ සියලු වාහන එකවර ආරෝපණයට සම්බන්ධ කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

    විදුලි වාහන සැබෑ ස්වභාවය පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ, කිලෝමීටර් 300ත් 500ත් අතර ධාවන පරාසයක් සහිත නවීන විදුලි වාහන දිනපතා ආරෝපණය නොකරන බවත්, සාමාන්‍යයෙන් දින පහකට වරක් පමණ ආරෝපණය කරන බවත්ය. එසේම, වාහනයක් ආරෝපණය කිරීමට ගත වන්නේ කෙටි කාලයක් බැවින් සියලු වාහන එකවර ජාලයට සම්බන්ධ වී මෙවැනි විශාල ඉල්ලුමක් ඇති නොවන බව ද වසර 10ක් විදුලි වාහන භාවිතා කරන්නෙකු ලෙස තමාට සහතික විය හැකි බව ඔහු පැවසීය.

    මෙවැනි සම්පූර්ණයෙන්ම වැරදි විසුළු සහගත බොරු දත්ත ජනාධිපතිවරයා වෙත ලබා දීම පිටුපස පොසිල ඉන්ධන ප්‍රමෝට් කරන උපදේශකයන් සිටින බවට ද ඔහු මෙහිදී චෝදනා කළේය.

    රට බලශක්තියෙන් ස්වයංපෝෂිත වීමට නම් පුනර්ජනනීය බලශක්තිය, බැටරි ගබඩා පද්ධති සහ විදුලි වාහන ප්‍රවර්ධනය අත්‍යවශ්‍ය බව ආචාර්ය විදුර රලපනාව මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

    ReplyDelete
  6. ඉකොනෝ අලි සබ්රිගේ ජාත්‍යන්තර මාධ්‍ය වලට දීපු ඉන්ටවීව් එක බැලුවාද? ඒක තමයි සැබෑ විපක්ෂයක කාර්භාරය. මේ වගේ අමාරු අවස්ථාවක ලංකාවේ විපක්ෂ කණ්ඩායම් වල හැසිරීම ගැන සතුටු වෙන්න පුළුවන්

    ජෙප්පෝ හැර අනිත් සියළු පක්ෂ රට වෙනුවෙන් කතාකරන්න දන්නවා. එදා ජවිපේ විපක්ෂයේ ඉන්නකොට අතිශය කුහක විදියට මේ වගේ අර්බුදයක් දැක්කේ බලය ලබාගන්න පුළුවන් අවස්ථාවක් විදියට පමණයි. ඒකයි ඔවුන් ලංකාවේ එතෙක් මෙතෙක් පැවති අතිශය අශිෂ්ටතම විපක්ෂය වුණේ. බලයට ඇවිල්ල ඉන්න මොහොතේ වත් මේ විපක්ෂ බලවේග වලින් ඉගෙනගන්න ඕනේ තමන් ඊළඟට විපක්ෂයට ගියාම හැසිරෙන ආකාරය ගැන.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: