රජය විසින් නැවතත් ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු කර තිබෙනවා. මාර්තු 10 සිට ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි කිරීමක් සිදු කිරීමෙන් පසුව, මට පෞද්ගලිකව පෙනුනේ මාර්තු 20 දින තවත් සැලකිය යුතු මිල වැඩි කිරීමක් සිදු කිරීමට රජය සැලසුම් කර ඇති බවයි. මා අපේක්ෂා කළ එම මිල වැඩි කිරීම මාර්තු 21 සිට බලපැවැත්වෙන පරිදි සිදු කර තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ මාර්තු 31 දින තවත් මිල සංශෝධනයක් අපේක්ෂා කළ හැකි බවයි.
මේ අවස්ථාව, කවර පක්ෂයක් බලයේ සිටියත්, ආණ්ඩුවක් සතු විකල්ප ඉතාම සීමිත තත්ත්වයක්. ඒ නිසා, ආණ්ඩුව විසින් ගත හැකිව තිබුණු තීරණ පුරෝකථනය කිරීම ඒ තරම්ම අසීරු වූයේ නැහැ. මේ ආණ්ඩුව බලයට පත් වීමට ආසන්නව සිටි කාලයේදී ඔවුන් බලයට පත් වීමෙන් පසුව IMF ගිවිසුම සම්බන්ධව කටයුතු කිරීමට ඉඩ තිබෙන ආකාරය පිළිබඳව අප විසින් නිවැරදිව පුරෝකථනය කළේද මෙම පදනම මතයි.
සමතුලිතව ඇති ආර්ථිකයක් විවිධ ආකාරයේ කම්පනයන් නිසා තාවකාලිකව අසමතුලිත විය හැකියි. මේ කම්පන ඉල්ලුම් කම්පන හා සැපයුම් කම්පන ලෙස වර්ග කෙරෙනවා. ඉල්ලුම් කම්පන වල අහිතකර බලපෑම් මුදල් ප්‍රතිපත්ති වල සහ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වල උදවුවෙන් සාපේක්ෂව පහසුවෙන් සීමා කර ගත හැකි වුවත්, සැපයුම් කම්පන වලදී ප්‍රතිපත්ති සම්පාදකයින්ට එවැන්නක් කිරීම අසීරුයි.
ඉල්ලුම ඕනෑවට වඩා ඉහළ යාම උද්ධමනය ඉහළ යාමට හේතු වෙනවා. එහිදී පොලී අනුපාතික වැඩි කිරීම හා බදු වැඩි කිරීම වැනි ක්‍රම මගින් ඉල්ලුම පාලනය කර උද්ධමනය පාලනය කළ හැකියි. නමුත් එවැනි ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයක් ලෙස ආර්ථික වර්ධනයද සීමා වෙනවා. පුද්ගලයින්ගේ පැත්තෙන් බලද්දී, ඔවුන්ගේ වියදම් අඩු කිරීම සඳහා ගන්නා ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් ආදායම්ද අඩු වෙනවා. එහෙත් වඩා බරපතල ප්රශ්නය උද්ධමනයනම් ආර්ථිකය හකුළා උද්ධමනය පාලනය කළ හැකියි.
ආර්ථික වර්ධනය අඩු මට්ටමක ඇති විට, රටේ උද්ධමන ප්‍රශ්නයක් නැත්නම්, ඉල්ලුම වැඩි කර ආර්ථිකය වර්ධනය කළ හැකියි. එහෙත්, මේ ක්‍රමයට ආර්ථිකය උත්තේජනය කළ හැකි සීමාවක් තිබෙනවා. එම සීමාව ඉක්මවා ඉල්ලුම වැඩි වූ විට ආර්ථිකය වර්ධනය වීම වෙනුවට දැක ගන්නට ලැබෙන්නේ උද්ධමනය ඉහළ යාමයි. උද්ධමනය ඉහළ යන විට ප්‍රතිපත්ති සම්පාදකයින්ට නැවතත් ආර්ථිකය හකුළන්නට සිදු වෙනවා.
ඉහත ක්‍රම දෙක මගින් රටේ සාර්ව ආර්ථික ඉල්ලුම කළමනාකරණය කරමින්, මුදල් ප්‍රතිපත්ති සහ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වල උදවුවෙන්, ඉල්ලුම් කම්පන හමුවේ රටේ ආර්ථික වර්ධනය සහ උද්ධමනය ස්ථාවරව තබා ගැනීමේ හැකියාවක් ඇතත්, සැපයුම් කම්පන වලදී මෙවැන්නක් කිරීම අසීරුයි.
හැම සැපයුම් කම්පනයක්ම නරක නැහැ. හිතකර සැපයුම් කම්පනයකදී උද්ධමනය අඩු වී ආර්ථික වර්ධනයද ඉහළ යනවා. එහිදී, මෙවැන්නක් සිදු වන්නේ මුදල් ප්‍රතිපත්ති වල හෝ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වල උදවුවෙන් නොවුනත්, ප්‍රතිපත්ති සම්පාදකයින්ට ලකුණු වැටෙනවා. ඇත්ත වශයෙන්ම පසුගිය (2025) වසර තුළ යම් තාක් දුරකට දැකිය හැකි වූයේ එවැනි තත්ත්වයක්. එම හිතකර සැපයුම් කම්පන තත්ත්වයේ උදවුවෙන් රටේ උද්ධමනය අඩු වී ආර්ථික වර්ධනයද ඉහළ ගියා. දැන් සිදු වී තිබෙන්නේ එහි අනෙක් පැත්තයි.
අහිතකර සැපයුම් කම්පනයකදී ආර්ථික වර්ධනය අඩු වන අතරම උද්ධමනයද ඉහළ යනවා. මෙවැන්නක් සිදු වන්නේ මුදල් ප්‍රතිපත්ති වල හෝ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වල වරදකින් නෙමෙයි. රට තුළ සිදු වන දිත්වා වැනි ආපදාවක් හේතුවෙන් හෝ රටින් බාහිරව ඇති වන ඉරාන යුද්ධය වැනි හේතුවක් නිසා අහිතකර සැපයුම් කම්පනයක් ඇති විය හැකියි. කෙසේ වුවද, සැපයුම් කම්පනයක බලපෑම ඉවත්ව යාමෙන් පසුව ආර්ථික වර්ධනය මෙන්ම උද්ධමනයද ස්වභාවික ලෙසම පෙර පැවති මට්ටම් වලට පැමිණෙනවා. ඒ නිසා, මෙවැනි තත්ත්වයකදී ප්‍රායෝගිකව කළ හැකි හොඳම දෙය, රැල්ලක් එද්දී සෘජුව කෙලින් හිටගෙන ඔලුව උඩින් රැල්ල යන්න දෙන්න ඉඩ අරිනවාක් මෙන්, කම්පනයට මුහුණ දෙන එකයි. රැල්ලට බිය වී රැල්ල සමඟ පොර බදන්න ගියොත් රැල්ලට ගහගෙන යන්න පුළුවන්.
මෙයින් අදහස් වන්නේ මේ ප්‍රතිපත්තිය ඕනෑම අහිතකර සැපයුම් කම්පනයකට ගැලපෙනවා කියන එක නෙමෙයි. බොහොමයක් අහිතකර සැපයුම් කම්පන කෙටි කාලයකින් අවසන් වන නිසා ප්‍රතිපත්ති සම්පාදකයෙකුට ප්‍රතිචාර දැක්වීම සඳහා කාලයක් ඉතිරි වන්නේ නැතත්, ඇතැම් අවස්ථා වලදී සැපයුම් කම්පනයක බලපෑම කාලයක් පවතින්න පුළුවන්. ඒ වගේම, රැල්ල සාමාන්‍ය රැල්ලක් නොවී සුනාමියක් වෙන්න පුළුවන්.
සුනාමියක් නොවන සාමාන්‍ය රැල්ලක් සැලකුවත්, එය අල්ලා ගෙන සිටිය නොහැකි දුර්වල අය ඉන්නවා. ඒ නිසා, ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් රජයකට කළ හැකි යම් යම් දේ තිබෙනවා. කෙසේ වුවද, මෙවැනි අවස්ථාවක සමාජයේ දුර්වල අය රැක ගැනීම වෙනුවෙන් රජයක් යම් යම් දේ කරද්දී, අනෙක් කොටස් මත කම්පනයේ බරට අමතරව තවත් වැඩිපුර බරක් වැටෙනවා. කවර තත්ත්වයක් යටතේ වුවද, අහිතකර සැපයුම් කම්පනයක් දේශපාලනික ලෙස බලයේ සිටින ආණ්ඩුවට අවාසිදායක බලපෑමක් සිදු කරනවා.
පවතින අහිතකර සැපයුම් කම්පන තත්ත්වය සමස්ත ලෝකයටම මෙන් පොදුවේ බලපා ඇති තත්ත්වයක්. එහි තීව්‍රතාවය මෙන්ම පවතින කාලයද තව දුරටත් වැඩි විය හැකියි. ඒ පිළිබඳ නිවැරදි විනිශ්චයකට පැමිණීම පහසු කරුණක් නෙමෙයි.
මේ කම්පනය හමුවේ ලෝකයේ ඇතැම් රටවල් රැල්ල සමඟ පොර බදමින්, ලෝක වෙළඳපොළේ උච්ඡාවචනයන් හමුවේ වුවද, තෙල් මිල ස්ථාවරව තබා ගෙන සිටිනවා. තවත් රටවල් සෘජුව කම්පනයට මුහුණ දෙමින් කම්පනය අවශෝෂණය කර ගන්නවා. ඇතැම් රටවල් අතරමැදි තැනක සිටිනවා.
දැනට පෙනෙන්නට තිබෙන තොරතුරු අනුව, ශ්‍රී ලංකා රජය විසින් මේ දක්වා කර තිබෙන්නේ කම්පනය අවශෝෂණය කර ගැනීමයි. තමන්ට ඒ සඳහා ශක්තිය ඇති බැවින් කිසියම් රටකට මෙවැනි අහිතකර සැපයුම් කම්පනයක් අවශෝෂණය කර ගන්න පුළුවන්. ඒ වගේම, කම්පනය හමුවේ ඒ සමඟ පොර බැදීමේ ශක්තියක් නොමැති බැවින් එසේ කරන්නට රටකට සිදු වෙන්නත් පුළුවන්. එහිදී සිදු වන්නේ අඩු නරක තෝරා ගැනීමක්.
මුලින් කී පරිදි, අහිතකර සැපයුම් කම්පනයක් හේතුවෙන් ආර්ථික වර්ධනය අඩු වී උද්ධමනය ඉහළ යනවා. එය කිසිවෙකුගේ වැරැද්දකින් සිදු වන දෙයක් නෙමෙයි. මෙවැනි අවස්ථාවකදී රජය හෝ මහ බැංකුව විසින් උද්ධමනය පාලනය කිරීම පිණිස ක්‍රියාමාර්ග ගතහොත් සිදු වන්නේ කොහොමටත් අඩු වෙන ආර්ථික වර්ධන වේගය තවත් විශාල ලෙස අඩු වීමයි. අනෙක් අතට, ආර්ථික වර්ධනය පවත්වා ගැනීම පිණිස ක්‍රියාමාර්ග ගැනීමේදී කොහොමටත් ඉහළ යන උද්ධමනය තව දුරටත් ඉහළ යනවා. ඒ නිසා, මොන දේ කළත්, අවසාන වශයෙන් ඒ කරන දේ ආණ්ඩුවේ ජනප්රිත්වය කෙරෙහි නරක ලෙස බලපානවා.
ලංකාවේ දිගුකාලීන ඉලක්කය රටේ උද්ධමනය 3%-7% පරාසය තුළ පවත්වා ගැනීමයි. පසුගිය පෙබරවාරි මාසයේ රටේ උද්ධමනය පැවතුණේ 1.6% මට්ටමේ. ඒ අනුව, ලංකාවට උද්ධමන කම්පනයක් අවශෝෂණය කර ගැනීම සඳහා මේ මොහොතේ විශාල අවකාශයක් තිබෙනවා. ඒ අනුව, වඩා හොඳ විකල්පය වන්නේ උද්ධමනය ඉහළ යාමට ඉඩ හරිමින් ආර්ථික වර්ධන වේගය ආරක්ෂා කර ගැනීමයි.
පසුගිය ආර්ථික අර්බුදයෙන් පසුව, 2022 ජූනි මාසයේදී පෙට්රෝල් (LP92) ලීටරයක මිල රුපියල් 470 දක්වා ඉහළ දමනු ලැබුවා. එය බොහෝ දෙනෙකුට පෙනෙන පරිදි ඉහළ මිලක් වුවත්, ශ්‍රී ලාංකිකයින් විසින් දැනටමත් දරාගෙන තිබෙන මිලක්. 2022 වසරට සාපේක්ෂව රටේ ආදායම් මට්ටම 2025 වන විට 36.0%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, 2022දී රුපියල් 470ක් පෙට්රෝල් ලීටරයක් වෙනුවෙන් ගෙවීම, ක්‍රය ශක්ති පදනම මත, සමාන කළ හැක්කේ අද රුපියල් 640ක මිලක් ගෙවීමටයි. පෙර ලිපියක පෙන්වා දී ඇති පරිදි, 2022දී වුවද රටේ ඉන්ධන පරිභෝජනය අඩු වී තිබෙන්නේ සාමාන්‍ය පරිභෝජන මට්ටමට වඩා 17%කට නොවැඩි ප්‍රතිශතයකින්. ඒ අනුව, ඉහත මිල ලංකාවේ පාරිභෝගිකයින් විසින් බොහෝ දුරට අවශෝෂණය කර ගෙන ඇති ආකාරය පෙනී යනවා.
ඉහත අවස්ථාව වන විට (2022 ජූලි 1) සිංගප්පූරුවේ පිරිපහදු කළ පැට්‍රෝල් බැරලයක මිල ඩොලර් 138.20ක්. ඩොලරයක විකිණුම් මිල රුපියල් 367.24ක්. මේ වන විට (2026 මාර්තු 19) සිංගප්පූරුවේ පිරිපහදු කළ පැට්‍රෝල් බැරලයක මිල ඩොලර් 137.50ක්. ඩොලරයක විකිණුම් මිල රුපියල් 315.12ක්. මේ අනුව, එදා පැවති තත්ත්වයට සාපේක්ෂව, මේ වන විටද පිරිපහදු කළ පැට්‍රෝල් බැරලයක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය 15%කින් පමණ අඩුයි. ඒ අනුව, මිල සූත්‍රය අනුව දැනට නියම කෙරී ඇති මිල වන රුපියල් 398ක මිලද, එදා පැවති රුපියල් 470ක මිලට වඩා 15%කින් පමණ අඩු මිලක්. එදා පාරිභෝගිකයින් විසින් ගෙවා ඇති මිල දැනට පවතින මිලට වඩා 18%කින් පමණ වැඩි මිලක්. ඔවුන් ඒ අදට වඩා 18%කින් වැඩි මිල එදා ගෙවා තිබෙන්නේ සාමාන්‍ය ආදායම් මට්ටම අදට සාපේක්ෂව 27%කින් පමණ අඩු මට්ටමක තිබියදීයි.
මෙය පාරිභෝගිකයින් මත තව තවත් බර පැටවිය යුතුයැයි කරන යෝජනාවක් සේ වරදවා වටහා ගත යුතු නැහැ. රජය සතුව යම් සහනයක් ලබා දීමේ හැකියාවක් ඇත්නම්, එසේ කිරීමේ වැරැද්දක් නැහැ. එය දේශපාලනික තීරණයක්. එසේ කිරීමේ හැකියාවක් රජය සතුව තිබේද?
රජයට ඉන්ධන මිල සුබසාධනය කළ හැකි ක්‍රම දෙකක් තිබෙනවා. පළමු ක්‍රමය බදු අඩු කිරීමයි. දෙවන ක්‍රමය බදු අඩු නොකර සහනාධාරයක් ලබා දීමයි. පළමු ක්රමයේ වැඩි වාසිය ලැබෙන්නේ වැඩියෙන් ඉන්ධන පරිභෝජනය කරන ධනවත් අයටයි. දෙවන ක්‍රමයේදී රජයට තමන්ට අභිමත පරිදි තෝරාගත් පිරිසකට පමණක් සහනාධාර ලබා දිය හැකියි. ප්‍රායෝගිකව මේ දෙවන ක්‍රමයෙන් අඩු ආදායම්ලාභීන්ට වැඩි සහනයක් ලබා දිය හැකියි. එමෙන්ම නිෂ්පාදනය දිරිමත් වන පරිදි එය කළ හැකියි.
කෙසේ වුවද, ඔය කොයි ආකාරයෙන් ඉන්ධන මිල සුබසාධනය කළද එමගින් රාජ්‍ය අයවැයේ ප්‍රාථමික අතිරික්තය පහත වැටෙනවා. පළමු ක්‍රමයේදී බදු ආදායම් අඩුවීම හරහාද, දෙවන ක්‍රමයේදී වියදම් ඉහළ යාම හරහාද මෙය සිදු වෙනවා. මේ වන විට රාජ්‍ය ආදායම් ඉහළ මට්ටමක ඇති නිසාත්, වියදම් අඩු මට්ටමක ඇති නිසාත්, මෙවැන්නක් කිරීමේ හැකියාවක් රජය සතුව ඇතත්, ඒ සමඟම අනාගතයේදී එසේ කිරීමේ හැකියාව සීමා වෙනවා.
දැනට දැකිය හැකි තත්ත්වය තුළ, මැදපෙරදිග කලාපයේ ඇතැම් මහා පරිමාණ ඉන්ධන නිෂ්පාදන පහසුකම් වසර කිහිපයකට නැවත ගොඩ නැගිය නොහැකි ආකාරයෙන් විනාශ වෙමින් පවතිනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන මිල කාලයක් එක දිගට ඉහළ මට්ටමක පැවතුනහොත් රජයට දිගින් දිගටම සහනාධාර ලබා දීමේ හැකියාවක් තිබේද? සහනාධාර ලබා දීම අවශ්‍යම මොහොත මේ මොහොත නොවෙන්නට පුළුවන්.
තිබෙන සම්පත් හදිසි වී ඕනෑවට වඩා කලින් අවසන් කර ගතහොත් සිදු විය හැක්කේ වඩා නරක තත්ත්වයක් යටතේදී රජයට කිසිවක් කරගත නොහැකි වීමයි. පවතින යුද වාතාවරණය තුළ වුවද, ලෝක ඉන්ධන මිල තවමත් පවතින්නේ ඉතිහාසයේ වාර්තා වී තිබෙන ඉහළම මට්ටම් වල නෙමෙයි. මීට වඩා සැලකිය යුතු මිල වැඩිවීම් ඉතිහාසය තුළ සිදු වී ඇති අතර, එවැනි ඉහළ මිල ගණන් එක දිගට දිගු කාලයක් පැවතී තිබෙනවා. ඒ නිසා, සහන ලබා දිය යුත්තේ කවර තත්ත්වයන් යටතේ කවර කණ්ඩායම් වලටද යන්න ආණ්ඩුව හමුවේ තිබෙන අසීරු තීරණයක්.
@ Economatta
ReplyDeletePercentage of fuel price Increase in Sri Lanka (01 Mar → 22 Mar)
Petrol Octane 92
Incresed price - 105
Percentage increased - 35.8%
Petrol Octane 95
Incresed price - 115
Percentage increased - 33.8%
Auto Diesel
Incresed price - 101
Percentage increased - 35.9%
Super Diesel
Incresed price - 104
Percentage increased -31.6%
මේවත් දාන්න. ලංකාවේ දළ වශයෙන් 36% කින් පමණ මිල වැඩිවෙලා.
මාර්තු මුලදී තෙල්වලට තිබුණ බදු
ReplyDeleteපෙට්‍රල් 92 :- රු. 115,
පෙට්‍රල් 95 :- රු. 142,
ඩීසල් :- රු. 92,
සුපර් ඩීසල් :- රු. 121.
එතකොට AKD පාර්ලිමේන්තුවේ කියුව විදිහට බදු විදිහට බිලියන 20ක් එනවා මාසයට. තෙල් සංස්ථාවේ ණය ගෙවන්න මාසයකට බිලියන 8ක් ඕනෑ වෙනවා. ඒ කියන්නේ තාවකාලිකව 50% බදු අඩු කිරීමක් කරත් තෙල් සංස්ථාවට ලොකු ගැටළුවක් වෙන්නේ නැහැ. උනා නම් 105 කින් වැඩි කරපු පෙට්‍රල් 92 වැඩි කරන්න වෙන්නේ රු. 47 කින්. 115 කින් වැඩි කරපු පෙට්‍රල් 95 රු. 44 කින්, 101 කින් වැඩි කරපු ඩීසල් රු. 55 කින් සහ 114 කින් වැඩි කරපු සුපර් ඩීසල් රු. 54 කින්.
ඉන්දියාව ඉරනයත් එක්ක කතා කරලා නැවු ගෙන්වා ගන්නවා. රුසියාවෙන් තෙල් ගන්න රටවල් කතා කරනවා. මැච් ගහන්න ක්‍රීඩකයෝ එන්නේ නැති උනහම රටවල්වල නායකයන්ට කතා කරලා උන්ව ගෙන්වා ගත්තා කියලා පහුගිය දවස්වල පොරටෝක් දීපූ ජනපති, මේ ප්රශ්නයේදී ඉංග්‍රීසි බැරි එකෙකුට ඒක භාර දීලා පාර්ලිමේන්තුවේ දොඩවා දොඩවා ඉන්නවා. දැන් පේන විදියට cricket scene එකත් PCB -BCCI ඩීල් එකක් මිසක් ලංකාවේ ජනාධිපති කරපු මගූලක් නෑ ඒකත් තඩි කෙබරයක් මේක වගේම....
මාලිමාවට ජය වේවා ඉතිහාසය කණපිට පෙරලපු හැටි බලන්න ඉතින් කරනවා කිව්වොත් කරනවාම තමා එක බොරුවක් කියලා නැහැ පොළොව නුහුලන ගල් පැළෙන ඇත්ත විතරමයි මෙවා බොරුයි කියලා කියන්න එපා හරිද
ReplyDelete1 උගන්ඩාවේ සල්ලි ලංකාවට ගෙනාවා
2 VITS කාර් ලක්ෂ 12 දුන්නා
3 විදුලි බිල 3% 1ඩුකෙරුවා
4 මහ බැංකු හොරු කනෙන් ඇදන් ඇවිත් හිරෙ දැම්මා
5 සීනි බදු වන්චනිකයන් හිරේ දැම්මා
6 පාසල් උපකරණ වල බද්ද සම්පූර්ණයෙන් අයින් කලා
7 ඖෂධ වල බදු සම්පූර්ණයෙන් අයින් කලා
8 අත්‍යවශ්‍ය ආහාර බදු සම්පූර්ණයෙන් අයින් කලා
9 ඉන්ධන වල කොමිස් කාන්චනට යන එක නැති කලා
10 ඉන්ධන ගොඩබන මිල රුපියල් 60ට ලබා දෙනවා
11 සෑම මසකම රජයේ සෙවකයින්ගෙ පඩි වැඩි කලා
13 බස් ගාස්තු 3% 2ක් අඩු කලා
14 ගෑස්මත පනවා ඇති බදු පහළ දැම්මා
15 එක මිටට කාන්තාවන් සඳහා ණය ලබා දුන්නා
16 ඇප කරුවන් නොමැතිව ණය ලබා දුන්නා
17 මාධ්‍ය නිදහස 500% ලබා දුන්නා
18 රිලව්, වදුරන් දඬුලේන්නු ඇල්ලීම
19 වාහන ආනායනික බදු 3% 1ක් පහළ දැමිම
20 ජපන් යතුරුපැදි අඩු මිලට ලබාදුන්නා
21 පාස්කු බෝම්බයේ මහ මොළකරු හිරෙ දැම්මා
22 අස්වැසුම ගන්නේ හිඟන්නෝ ලෙස ප්‍රකාශ කලා
23 රාජපක්ෂ පව්ල හිරෙ දැම්මා
24 බටලන්ද වදකයා හිරේ දැම්මා
25 බොරු කියන්නේ පාර්ලිමේන්තුවේ ඇත්ත කියන්නේ එළියේ වග ජනපති තහවුරු කලා
26 ඕනෑම බොරුවක් ඇත්ත කරන්නත් ඕනෑම ඇත්තක් බොරු කරන්න සම්පූර්ණ බලය දුන්නා
27 අපදා සහනාධාර එක තහඩුවක් ගියත් ලක්ෂ 10ක් ලබා දීම සිද්ද උනා
28 වැඩිහිටි දීමනා 5000, සිට 10,000ස දක්වා වැඩි කලා
29 හාල් මාපියාව එක පැන් පරෙන් නැති කලා
30 වැටුප් නොලබන තරුණ තරුණියන් හට මසකට දීමනාවක්
අම්මෝ මේ සහන අරන් මට කලන්තේ වගේ මේ තව තියෙනවා කියන්න සහන නම් මාලිමා තමා ඉතින් ඔයාට පාන්ද?