පසුගිය (2025) වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 32,751ක්. රටේ කාගේ හෝ ආදායමක් සේ සැලකිය හැකි මේ මුදල් ප්‍රමාණය වැය කෙරී තිබෙන්න පහත ආකාරයෙනුයි.
රජයේ පරිභෝජන වියදම්ද ඇතුළුව පරිභෝජන වියදම = රුපියල් බිලියන 24,311යි
ආයෝජන වෙනුවෙන් වැය කර ඇති වියදම = රුපියල් බිලියන 9,709යි.
මේ අනුව, රටේ දදේනියෙන් 74.2%ක කොටසක් පරිභෝජන වියදම් වෙනුවෙන් වෙන් වෙද්දී, 29.6%ක කොටසක් ආයෝජන වෙනුවෙන් වෙන් වී තිබෙනවා (මේ කොටස් දෙකේ එකතුව 100% ඉක්මවන්නේ අපනයන වලට වඩා වැඩියෙන් ආනයනය කර පරිභෝජනය කර තිබෙන නිසා).
ඊට පෙර (2024) වසරේ ආයෝජන වියදම වූ රුපියල් බිලියන 7,929ට සාපේක්ෂව පසුගිය වසරේ ආයෝජන වෙනුවෙන් වැය කර තිබෙන මුදල 24.4%කින් වැඩියි. ඊට සාපේක්ෂව බලද්දී පරිභෝජන වියදම් ඉහළ ගොස් තිබෙන්නේ 6.0%කින් පමණයි. මෙය සෑහෙන්න හොඳ තත්ත්වයක්. 2024දී ආයෝජන වෙනුවෙන් වැය කර තිබුණේ එම වසරේ දදේනියෙන් 26.3%ක් පමණයි.
රටක ආර්ථිකය වර්ධනය කර ගැනීම සඳහා ආයෝජන අවශ්‍ය වෙනවා. නමුත් රටක ආයෝජන කියන්නේ ඇතැම් අය හිතාගෙන ඉන්නවා වගේ රජය විසින් කරන ප්‍රාග්ධන වියදම් පමණක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම රජය විසින් කරන ප්‍රාග්ධන වියදම් කියන්නේ ලංකාව ඇතුළු බොහොමයක් රටවල වසරක් තුළ සිදු කෙරෙන ආයෝජන වියදම් වලින් සාපේක්ෂව කුඩා කොටසක්.
පසු ගිය (2025) වසර තුළ ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 998ක ප්‍රාග්ධන වියදමක් වැය කර තිබුණා. තේරුමක් නැති සංසන්දනයක් වුනත්, රුපියල් ගණන අනුව, ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ප්‍රාග්ධන වියදම. මෙය තේරුමක් නැති සංසන්දනයක් වන්නේ ප්‍රාග්ධන වියදම් පෙර වසර වලට වඩා වැඩි මට්ටමක තිබීම බොහෝ වසර වල සිදු වන සාමාන්‍ය දෙයක් නිසා.
කෙසේ වුවත්, රටේ මුළු ආයෝජන වියදම් එක්ක බලද්දී මෙම ප්‍රමාණය 10.3%ක කොටසක් පමණයි. මෙය පසුගිය අවුරුද්දේ පැවති විශේෂ තත්ත්වයක් නෙමෙයි. 2024 වසරේ වැය කළ ප්‍රාග්ධන වියදම වූ රුපියල් බිලියන 791 සැලකුවත්, එම වසරේ මුළු ආයෝජන ප්‍රමාණයෙන් 10.0%ක් පමණයි. ප්‍රාග්ධන වියදම් වලින් 90.0%ක්ම සිදු කර තිබෙන්නේ පෞද්ගලික අංශය විසින්. ඒ නිසාම, රටේ ආර්ථික වර්ධනය කෙරෙහි වැඩි බලපෑමක් කරන්නේ පෞද්ගලික අංශය විසින් සිදු කරන ආයෝජන මිසක් රාජ්‍ය අංශයේ ආයෝජන නෙමෙයි. 2024 සහ 2025 දෙවසර තුළ 5.0% බැගින් වන ආර්ථික වර්ධනයක් වාර්තා වීම අනුව වුනත්, එම දෙවසර තුළ ආයෝජන මදි කමක් තිබී නැති බව පේනවා.
අඩු වෙලා කියන රාජ්‍ය අංශයේ ප්‍රාග්ධන වියදම් සැලකුවත්, 2025 ප්‍රාග්ධන පිරිවැය පෙර වසරට වඩා 26.2%කින් වැඩියි. මෙය සැලකිය යුතු වැඩි වීමක්. එහෙමනම්, මේ ප්‍රාග්ධන වියදම් අඩු වෙලා කියන කතාවේ පදනම කුමක්ද?
වසර මුල ඉදිරිපත් කළ අයවැය ඇස්තමේන්තු වල ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 1,315ක් වෙන් කර තිබුණා. නමුත්, පසු ගිය වසර වලදී වගේම, ඇත්තටම වියදම් කරලා තියෙන ප්‍රමාණය මේ වෙන් කළ මුදලට වඩා අඩුයි. අඩුව රුපියල් බිලියන 317ක්.
රජය විසින් ඔය රුපියල් බිලියන 317ත් වියදම් කළානම් ආර්ථිකය මාර විදිහට වර්ධනය වෙලා තියෙයිද? කිසිසේත්ම නැහැ. ඇත්ත වශයෙන්ම බොහෝ විට ඇහැට පෙනෙන කිසිම වෙනසක් වෙන්නේ නැහැ.
මේ මුදල වියදම් කළානම් රජයට ඒ ප්‍රමාණයට තවත් ණය ගන්න සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අයවැය හිඟය දදේනියෙන් 2.3% සිට 3.2% දක්වා ඉහළ යනවා. ප්‍රාථමික අයවැය අතිරිත්තය දදේනියෙන් 5.4% සිට 4.5% දක්වා අඩු වෙනවා. ඒ වගේම, මේ විදිහට තවත් ණය ගැනීම සඳහා රජයට පෞද්ගලික අංශයත් එක්ක තරඟ කරන්න වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික අංශයේ ණය ගැනීම් අඩු වෙනවා. පෞද්ගලික අංශයේ ණය වලින් වැඩි කොටසක් ආයෝජන සඳහා ලබා ගන්නා ණය නිසා පෞද්ගලික අංශයේ ආයෝජන අඩු වෙනවා.
පෞද්ගලික අංශයේ ණය වලින් 75%ක් පමණ ආයෝජන ණය සේ සැලකුවොත්, ශුද්ධ වශයෙන් බලද්දී ආයෝජන අඩු වෙන්නේ රුපියල් බිලියන 79ක් වැනි ප්‍රමාණයකින්. ඒ වගේ සුළු වෙනසකින් ආර්ථික වර්ධන වේගයේ ඇහැට පෙනෙන වෙනසක් වෙන්නේ නැහැ. රජය කරන්න හිටපු රුපියල් බිලියන 317ක පමණ ආයෝජනයෙන් රටේ ආර්ථිකයට ලැබෙන්න තිබුණු ප්රතිලාභ වලට වඩා එයින් 75%ක් පෞද්ගලික අංශය විසින් ආයෝජනය කිරීමේ ප්රතිලාභ වැඩි වෙන්න වුනත් පුළුවන්.
රජයකට ආයෝජන කරන්න වෙන්නේ එක්කෝ බදු ලෙස එකතු කර ගන්නා මුදල් වලින්. නැත්නම් ණය අරගෙන. ණය අරගෙන ආයෝජන කරද්දී පෞද්ගලික අංශයට ණය ගන්න තිබෙන හැකියාව සීමා වෙනවා. කලින් විස්තර කළේ ඒ තත්ත්වය. අනෙක් ක්‍රමය වන බදු මුදල් වලින් ආයෝජන කිරීම ප්‍රතිඵලදායක වන්නේ අඩු ආදායම්ලාභීන් මත බදු ගසා ආයෝජනය කළොත් පමණයි. වැඩි ආදායම්ලාභීන් විසින් ඔවුන්ගේ අතිරික්ත අරමුදල් කොහොමටත් ආයෝජනය කරන නිසා රජය විසින් ඒ සල්ලි එකතු කරගෙන ආයෝජනය කරද්දී වෙන්නේ වඩා කාර්යයක්ෂම ආයෝජනයක් වෙනුවට අකාර්යක්ෂම ආයෝජනයක් ආදේශ වීම පමණයි. අඩු ආදායම්ලාභීන් මත බදු ගසා ආයෝජනය කළොත්නම්, ඔවුන්ගේ පරිභෝජනය සීමා වී ඒ සල්ලි ආයෝජනය වීමක් සිදු වෙනවා.
ඔය ක්‍රම දෙකටම අමතරව තිබෙන අනෙක් ක්‍රමය විදේශ ණය අරගෙන ආයෝජනය කරන එක. ඒ ක්‍රමයේදී, මුලදී වෙනත් හානියක් නැතිව ආර්ථිකය වර්ධනය වෙනවා. නමුත් ණය ආපසු ගෙවන්න සිදු වූ විට ඒ ආර්ථික වර්ධනය ආපසු හැරෙනවා. ඒ නිසා, එවැනි ආර්ථික වර්ධනයක් තිරසාර වර්ධනයක් නෙමෙයි. විදේශ ණය අරගෙන ආයෝජනය කළ වකවානු වල ආර්ථික වර්ධන වේගය තරමක් වැඩි වුනේත්, පසුව ඒ ණය ආපසු ගෙවන්න සිදු වෙද්දී ආර්ථිකය හැකිළෙන්න ගත්තේත් ඒ නිසා.
පසු ගිය දශක හතරකට ආසන්න කාලය තුළ රජයේ ප්‍රාග්ධන වියදම් දදේනි අනුපාතයක් ලෙස ඉහළ මට්ටමක තිබුණු සෑම වසරකදීම අයවැය හිඟය තිබුණේ ඊට වඩා වැඩි මට්ටමකයි. එයින් අදහස් වන්නේ ප්‍රාග්ධන ආයෝජන නිසා රජය සතු වත්කම් වැඩි වෙනවාට වඩා වැඩියෙන් රාජ්‍ය ණය වැඩි වෙලා කියන එකයි. පසු ගිය අවුරුද්දේදී වසර 38කට පසුව මේ තත්ත්වයේ වෙනසක් සිදු වී තිබෙනවා. අයවැයේ ජංගම ගිණුමේ අතිරික්තයක් තිබෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ ණය වැඩි වීම ඉක්මවා වත්කම් වැඩි වී ඇති බවයි.
ඉකොනොමැට්ටාට ඇත්තටම සංවර්ධනය වෙමින් පවතින රටක ආර්ථික විද්‍යාව (Economics of Developing Nations) ගැන තියෙන ප්‍රාථමික අවබෝධයක් නැතිකම පෙන්වන හොඳම උදාහරණයක් තමයි මේ පෝස්ට් එක.
ReplyDeleteමේකේ කියලා තියෙන ප්‍රධානතම භයානක වැරදි සංකල්ප (Economic Fallacies) කීපයක් ගැන දැනට මම කියන්නම්
"රාජ්‍ය ආයෝජන සහ පෞද්ගලික ආයෝජන එකිනෙකට ආදේශක" (Substitutes) යන වැරදි මතය, ඉකොනොමැට්ට හිතන්නේ රජය ආයෝජනය නොකිරීම පෞද්ගලික අංශයට හොඳයි කියලා. නමුත් සැබෑ ආර්ථික විද්‍යාවේදී මේ දෙක අනුපූරක (Complements) විතරයි.
යථාර්ථය තමයි පෞද්ගලික අංශය කම්හලක් හදන්නේ රජය විසින් පාරවල්, වරාය, විදුලිය සහ පුහුණු ශ්‍රමිකයින් (අධ්‍යාපනය) ලබා දෙනවා නම් විතරයි. රජය ප්‍රාග්ධන වියදම් කපනවා කියන්නේ පෞද්ගලික ආයෝජන සඳහා තියෙන "පරිසරය" විනාශ කරන එක. මේකට අපි කියන්නේ Crowding-in Effect එක නැති කිරීම කියලා. රජය වියදම් නොකරන කොට පෞද්ගලික අංශයත් බය වෙලා ආයෝජන නතර කරනවා.
"Crowding-out" තර්කය වැරදි ලෙස භාවිත කරන තවත් මෝඩ කතාවක් තමයි රජය ණය ගත්තොත් පෞද්ගලික අංශයට ණය නැති වෙනවා (Crowding-out) කියලා කියන එක.
මේ තර්කය වලංගු වෙන්නේ ආර්ථිකය උපරිම ධාරිතාවයෙන් (Full Employment) වැඩ කරන වෙලාවක විතරයි. ලංකාව වගේ ආර්ථිකය හැකිළී ඇති, බැංකු පද්ධතියේ සල්ලි අතිරික්තයක් තියෙන රටක, රජය ණය අරන් නිෂ්පාදන වැඩකට යෙදෙව්වා කියලා පෞද්ගලික අංශයට බලපෑමක් වෙන්නේ නැහැ.
ඇත්තටම අද ලංකාවේ පෞද්ගලික අංශය ණය නොගන්නේ සල්ලි නැති නිසා නෙවෙයි, ආර්ථිකයේ අනාගතය ගැන විශ්වාසයක් නැති නිසයි.
ඊළඟට ප්‍රාග්ධන වියදම් (Capital Expenditure) යනු හුදු "වියදමක්" ලෙස දැකීම, මෙතනදී ප්‍රාග්ධන වියදම දකින්නේ අයවැය හිඟය වැඩි කරන බරක් විදිහටයි.
ඒත් ඇත්තටම ආර්ථික විද්‍යාවේදී ප්‍රාග්ධන වියදම කියන්නේ ගුණක බලපෑමක් (Multiplier Effect) තියෙන දෙයක්. රජය රුපියලක් ආයෝජනය කළොත්, ඒකෙන් ආර්ථිකයට රුපියල් 2ක් හෝ 3ක වර්ධනයක් එන්න පුළුවන්. අයවැය හිඟය බලනකොට අපි බලන්න ඕනේ ඒ ණය ගත්තේ "කන්නද?" නැත්නම් "හදන්නද?" කියන එකයි. "හදන්න" ගන්න ණය ආර්ථිකය වර්ධනය කරන නිසා දිගුකාලීනව ණය බර අඩු කරනවා.
අනෙක"අඩු ආදායම්ලාභීන් මත බදු ගසා ආයෝජනය කිරීම ප්‍රතිඵලදායකයි" යන අමානුෂික සහ වැරදි මතය
ඔයා කියනවා දුප්පතුන් මත බදු ගසා ආයෝජනය කිරීම හොඳයි කියලා. ඒත් මේක මූලික ආර්ථික විද්‍යාවටත් විරුද්ධයි. අඩු ආදායම්ලාභීන්ගේ පරිභෝජනය (Consumption) කියන්නේ රටේ නිෂ්පාදනයට තියෙන ඉල්ලුම (Aggregate Demand). ඔවුන් මත බදු ගැහුවොත් වෙළඳපොළේ ඉල්ලුම වැටෙනවා, එතකොට පෞද්ගලික අංශයේ නිෂ්පාදන විකිනෙන්නේ නැහැ. එවිට පෞද්ගලික අංශය තවත් ආයෝජන නතර කරනවා. මේක වටකුරු ආර්ථික මර උගුලක්.
දළ දේශීය නිෂ්පාදිතය (GDP) සහ ආදායම පටලවා ගැනීම
මුළු GDP එකම "කාගේ හෝ ආදායමක්" ලෙස ඔයා සරල කරනවා.
ඇත්තටම කතාව GDP එකේ ලොකු කොටසක් විදේශිකයන්ට ඇදී යන ලාභ, ණය වාරික සහ ක්ෂය වීම් (Depreciation) වලට අයිතියි. GDP එක වැඩි වුණාට රටේ සාමාන්‍ය මිනිහාගේ "වැය කළ හැකි ආදායම" (Disposable Income) වැටෙන්න පුළුවන්.
ඔයා කරන්නේ සංඛ්‍යාලේඛන මැජික් එකකින් මිනිස්සුන්ගේ බඩගින්න වහන්න හදන එක. ඔයා හදන්නේ "Austerity" (අරපිරිමැස්ම) කියන විනාශකාරී ප්‍රතිපත්තිය සාධාරණීකරණය කරන්නයි. ලෝක ඉතිහාසයේ කිසිම රටක් තමන්ගේ ප්‍රාග්ධන වියදම් කපාගෙන දියුණු වෙලා නැහැ.
අර කලින් පෝස්ට් එකක ඇනෝ කෙනෙක් කීවා වගේම මේක හරියට ගොවියෙක් ලබන අවුරුද්දේ වගා කරන්න තියෙන "බීජ ටිකත් කනවා" වගේ වැඩක්. බීජ ටික කෑවාම මේ අවුරුද්දේ බඩ පිරෙයි, හැබැයි ලබන අවුරුද්දේ මුළු පවුලම බඩගින්නේ.
හාමතේ ඉදං සල්ලි පොදි ගහලා වැඩක් තියෙනවද ඉකොනො
ReplyDeleteමට නම් පේන විදියට ලංකාවෙ සිද්ධ වෙන්නේ IMF එකයි අපේ මේ මාලිමා ආණ්ඩුවේ 'ඩෝබිලා' රැලයි එකතු වෙලා කරන්නේ රටේ කර්මාන්ත අංශයේ (Manufacturing Sector) පණ කෙන්ද හිඳවන එක
ReplyDeleteමොකද රජය ප්‍රාග්ධන වියදම් (Capital Expenditure) කපන කොට පාරවල්, වරායවල් සහ බලශක්ති පද්ධති අඩපණ වෙලා නිෂ්පාදන පිරිවැය (Cost of Production) අහස උසට යනවා, එතකොට අපේ නිෂ්පාදකයින්ට වියට්නාමය හෝ චීනය වැනි කාර්යක්ෂම රටවල් තබා ලාභ ශ්‍රමය තියෙන ඉන්දියාව හෝ බංග්ලාදේශය එක්කවත් තරඟ කරන්න බැරි වෙලා අපි නිකම්ම ආනයනික භාණ්ඩ රට ඇතුලේ විකුණන 'වෙළෙන්දෝ' විතරක් බවට පත් වෙනවා.
ඇත්තටම දකුණු කොරියාව, තායිවානය වගේ රටවල් දියුණු වුණේ IMF එක කියන ඔය 'අරපිරිමැස්ම' (Austerity) නිසා නෙවෙයි, රජය 'පෙරගමන්කරුවෙකු' වෙලා අපනයන කේන්ද්‍රීය කාර්මිකකරණයකට (Export-Oriented Industrialization) පාර කපපු නිසයි. ඒ නිසා අපි කරන්න ඕනේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය 'වියදමක්' විදිහට නොදැක ඒක 'මානව ප්‍රාග්ධන ආයෝජනයක්' (Human Capital Investment) විදිහට ශක්තිමත් කරන ගමන්, පෞද්ගලික අංශයට තනියම කරන්න බැරි පුනර්ජනනීය බලශක්තිය වැනි උපායමාර්ගික ක්ෂේත්රවලට රජය සෘජුවම මැදිහත් වෙන එකයි.
එහෙම නැතුව මහ බැංකුව ස්වාධීනව තියලා උද්ධමනය පාලනය කරනවා කියලා පම්පෝරි ගැහුවට, දූෂණය සහ නාස්තිය පිරුණු, පච සංඛ්‍යාලේඛනවලින් වැසුණු මේ වගේ අශිෂ්ට පාලනයක් යටතේ කිසිම ආයෝජකයෙක් එන්නේ නැහැ
ඒ නිසා SME ව්‍යාපාරවලට තාක්ෂණය සහ අඩු පොලියට ණය දීලා රටේ නිෂ්පාදනය (Output) වැඩි කරනවා වෙනුවට, IMF කොන්දේසි පිටුපස හැංගිලා වගකීමෙන් පැනලා යන මේ මාලිමා ආණ්ඩුව කරන්නේ රටේ අනාගතයම 'දුප්පත්කමේ උගුලක' (Poverty Trap) හිර කරන එක විතරයි.
මේ IMF කොන්දේසි නිසා වෙලා තියෙන භයානකම දේ තමයි රටේ භාණ්ඩ හා සේවා විශේෂයෙන්ම කර්මාන්ත අංශය (Manufacturing Sector) සම්පූර්ණයෙන්ම අඩපණ කරන එක. කෙටියෙන් කීව්වොත්
1. කර්මාන්ත අංශයට වෙන මාරාන්තික බලපෑම
රජය ප්‍රාග්ධන වියදම් (Capital Expenditure) කපන කොට කර්මාන්ත සහ නිෂ්පාදන අංශයට වෙන්නේ "පණ නැති වෙන" වැඩක්.
පිරිවැය ඉහළ යාම (High Cost of Production) රජය පාරවල් හදන්නේ නැත්නම්, වරායවල් කාර්යක්ෂම කරන්නේ නැත්නම්, විදුලිය සහ ජලය අඩු මිලට දෙන්න යටිතල පහසුකම් දියුණු කරන්නේ නැත්නම්, අපේ රටේ නිෂ්පාදකයෙකුට භාණ්ඩ හා සේවා හදන්න යන වියදම ඉහළ යනවා. එතකොට අපිට ලෝක වෙළඳපොළේ ලාබ ශ්‍රමය තියෙන ඉන්දියාව, බංග්ලාදේශය අප්‍රිකාව තබා අපට වඩා ඒක පුද්ගල ආදායම වැඩි චීනය හෝ වියට්නාමය එක්ක වත් තරඟ කරන්න බැහැ.
මේකේ ප්‍රතිඵල වන තාක්ෂණික පසුගාමීත්වය නිසාම රජය පර්යේෂණ සහ සංවර්ධන (R&D) කටයුතුවලට ආයෝජනය නොකරන කොට, රටේ පෞද්ගලික අංශයත් පරණ තාක්ෂණයටම හිර වෙනවා. සැබෑ "භාණ්ඩ සේවා නිෂ්පාදකයෝ" වෙන්න ලැබෙන්නේ නැහැ.
ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටකට ගැලපෙන හොඳම ආර්ථික ප්‍රතිපත්ති මේවායි
ලෝකයේ දියුණු වුණු හැම රටක්ම (විශේෂයෙන්ම දකුණු කොරියාව, වියට්නාමය, තායිවානය, තායිලන්තය මැලේසියාව වගේ) අනුගමනය කළේ ඔය IMF බකපඬියෝ කියන "අරපිරිමැස්ම" කියන මගුලක් කරලා නෙවෙයි, මේ කියන සංවර්ධන රාජ්‍ය (Developmental State) ප්‍රතිපත්ති නිසායි
A) අපනයන කේන්ද්‍රීය කාර්මිකකරණය (Export-Oriented Industrialization)
අපි කරන්න ඕනේ නිකන්ම ණය අරන් කන එක නෙවෙයි, ලෝක වෙළඳපොළට විකුණන්න පුළුවන් අලුත් දේවල් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන එක. ඩොලර් හොයන්න පුළුවන් එකම විදිහ ඒකයි. ඒ සඳහා රජය සෘජුවම භාණ්ඩ හා සේවා නිෂ්පාදකයින්ට මුලින්ම ආරම්භක සහන සහ යටිතල පහසුකම් හදලා දෙන්න ඕනේ.
B) මානව ප්‍රාග්ධන ආයෝජනය (Human Capital Investment)
සංවර්ධන ආර්ථික විද්‍යාවේ ප්‍රධානම නීතියක් තමයි අධ්‍යාපනය සහ සෞඛ්‍යය කියන්නේ "වියදමක්" නෙවෙයි "ආයෝජනයක්" කියන එක. දක්ෂ ශ්‍රම බලකායක් නැතුව කිසිම රටක් දියුණු වෙලා නැහැ. රජය ඒකට කරන වියදම කැපුවොත් රටේ අනාගතයම ඉවරයි.
Cont'd
cont'd
DeleteC) උපායමාර්ගික රාජ්‍ය ආයෝජන (Strategic Public Investment)
රජය හැම එකටම අත නොදා, පෞද්ගලික අංශයට යන්න බැරි අසීරු සහ මහා පරිමාණ ක්ෂේත්‍ර (උදා: පුනර්ජනනීය බලශක්තිය, අධිවේගී දුම්රිය, තාක්ෂණික උද්‍යාන) සඳහා පෙරමුණ ගන්න ඕනේ. ඒකෙන් තමයි ඒ වගේ ක්ෂේත්‍ර වලටත් ඇතුලුව පොදූවේ රටේ බය නැතුව ආයෝජනය කරන්නට පෞද්ගලික අංශයට පාර කැපෙන්නේ.
D) මූල්‍ය ස්ථාවරත්වය සහ විනිවිදභාවය
මහ බැංකුව ස්වාධීනව තබා ගනිමින් රටේ සැබෑ උද්ධමනය පාලනය කිරීම සහ දූෂණ අක්‍රමිකතා වගේම අකාර්යක්ෂමතාවයන් සහ නාස්තිය අවම කිරීම.
රටකට ආයෝජකයෝ එන්නේ රටේ "නීතියේ ආධිපත්‍යය" සහ "ආර්ථික ස්ථාවරත්වය" තියෙනවා නම් විතරයි. අර මාලිමා ඩෝබිලා වගේ සංඛ්‍යාලේඛනවලින් අතේ පැලවෙන ටොම් පච ගහන කොට ආයෝජකයෝ දුවනවා.
E) කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) ශක්තිමත් කිරීම
ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයක කොඳු නාරටිය තමයි සුළු පරිමාණ ව්‍යාපාර. ඒ අයට රටේ කර්මාන්ත භාණ්ඩ හා සේවා හීණිපෙතේ ඉහළට යන්න ඔවුන්ට මුලින්ම ඔවුන්ට අඩු පොලියට ණය සහ නව තාක්ෂණය ලබා දීම රජයේ ප්‍රධාන වගකීමක් විය යුතුයි.
ඒ නිසා IMF කියන විදිහට "වියදම් කැපීමෙන්" විතරක් රටක් හදන්න පුළුවන් නම් ඔය හැමදාම IMF, IBRD Africa development bank ADB වගේ ආයතන වල ණය උගුල්වල හිරවෙලා ඒවායේ කොන්දේසි වලින්ම හැමදාම මැඩවෙන ලෝකේ දුප්පත් රටවල් අතිබහුතරය එහෙම දුප්පත්කමේම ඉතුරු වෙන්න විදිහක් නැහැ. ඇත්තම විසඳුම තියෙන්නේ "රටේ භාණ්ඩ හා සේවා කර්මාන්ත වල output එක හැකිතාක්දුරට වැඩි කිරීම" සහ ඒ සඳහා රජය "පෙරගමන්කරුවෙකු" ලෙස ක්‍රියා කිරීම තුළයි. කලක් IMF උගුලේ රට හිරකරපු රාජපක්ෂ-කබ්රාල්, රනිල් වික්‍රමසිංහ වගේ ආර්ථික hitman පොරවල් කරා වගේම දැන් මේ දූෂිත මාලිමා ආණ්ඩුව කරන්නේත් ඊටත් වැඩිය බරපතල විදියට රජයේ වගකීමෙන් පැනලා ගිහින් IMF කොන්දේසිවල මිනිස්සුන්ව තවත් අමාරුවේ දාන එකයි.
මැතිවරණ වේදිකාවල 'මාසෙන් දෙකෙන් ඩොලර් බිලියන ගණන් මැජික් එකෙන් ගේනවා' කියපු උනුයි, 'IMF එකට අපේ කොන්දේසි දාලා ඒවට යටත්ව අපට ණය දෙන්න බෑ කිව්වොත් අපි IMF එකේ උන් ගහලා පන්නනවා' කියලා සිංහ නාද බලු කෙඳිරී කරපු බක පණ්ඩිතයොයි අද බලයට ඇවිත් කරන්නේ, සිරසයි ITN එකයි සියතයි වගේ 'රෙදි අපුල්ලන හෝල්සේල් ඩෝබිලා' ලවා තමන්ගේ අසාර්ථකත්වය ප්රශස්ති ගීත බවට පත් කරගන්න එක.
ReplyDeleteඑදා රටේ ආර්ථිකය බේරගන්න වැටුණු තැනින් ගොඩගත්ත නන්දලාල් වීරසිංහලාට 'ආර්ථික ඝාතකයෝ' කියලා හිරේ දාන්න කෑගැහපු එකාම අද ජනාධිපති පුටුවේ ඉඳගෙන නන්දලාල් හදපු පාරේම හිඟමනේ යන ගමන්, තමන්ට ඡන්දේ දීපු 'බුද්ධිමත්' කියල හිතාගෙන ඉන්න මොංගල් මීහරක් රැලට තවමත් සුරංගනා කතා පෙති ගන්වන හැටි දකිද්දී ඇත්තටම හිනා යනවා. 😅🤣😂
සාමාන්‍ය ආර්ථික විද්‍යාවේදී අපි මේකට කියන්නේ 'Populist Deception Model' (ජනතාවාදී මුළාව) කියලා, එනම් බලයට එන්න කලින් කිසිම පදනමක් නැති අතේ පැලවෙන බොරු බේගල් පච ඇදබාලා, මිනිස්සුන්ට අහස උසට ලොකුම බලාපොරොත්තු දීලා (Hyping expectations), අන්තිමට ඒ කිසිම දෙයක් කරගන්න බැරි වුණාම 'කලින් උන් කරපු වැරදි' සහ 'IMF කොන්දේසි' පිටුපස හැංගිලා වගකීමෙන් පැනලා යන අශිෂ්ට ක්‍රමයක් තමයි මේ ආණ්ඩුව කරගෙන යන්නේ.
ඇත්තටම මාලිමාවේ පහළම එකාගේ ඉඳන් මහ එකා දක්වා එදා කිව්වේ කාටවත් කරන්න බැරි දේවල් කරන්න පුළුවන් කියලා වුණාට, අද කරන්නේ නිෂ්පාදන අංශය (Output) ගැන වචනයක්වත් කතා නොකර, බොරු සංඛ්‍යාලේඛන ටොම් පචවලින් රටේ මිනිස්සුන්ව 'දුප්පත්කමේ අගාධයකට' (Poverty Trap) ඇදලා දාන එකයි, මේක තනිකරම 'හොරු අල්ලන්න' ඇවිත් ඊටත් වඩා සොරකම් කරන පල් හොරුන්ගෙ රෙදි හෝදන ඩෝබිලාගේ සර්කස් එකක්.