පසු ගිය (2025) වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 31,109ක් ලෙස වාර්තා වෙනවා. මෙම ණය ප්‍රමාණය පෙර (2024) වසර අවසානයේදී පැවති මට්ටමේ සිට 5.1%කින් ඉහළ ගොස් තිබෙනවා.
ඉහත ණය ප්‍රමාණයට පළාත් පාලන ආයතන වල සහ රාජ්‍ය සංස්ථා වල ණය ඇතුළත්ව නැහැ. එම ණයද එකතු කළ විට, රාජ්‍ය අංශයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 32,195ක් දක්වා ඉහළ යනවා.
රාජ්‍ය ණය යනු අනාගතයේදී රටේ බදු ගෙවන්නන්ගෙන් අය කර ගන්නට සිදු වන මුදලක් සේ සැලකිය හැකියි. බිලියන ගණන් ඇඟට දැනෙන්නේ නැති නිසා මෙම ගණන රටේ ජනගහණයෙන් බෙදුවහොත්, එක් අයෙකුට රුපියල් 1,479,822ක හෙවත් රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න ණය ප්‍රමාණයක්.
මේ වන විට ශ්‍රී ලංකාවේ මධ්‍යම රජය විසින් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගෙන යන නමුත් සමස්තයක් ලෙස තවමත් සැලකිය යුතු අයවැය හිඟයක් නඩත්තු වන බැවින් වසරක් පාසා රාජ්‍ය ණය ඉහළ යමින් ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකියි. වසරකින් හෝ දෙකකින් ලඟා කර ගත හැකි ඉලක්කයක් නොවුනත්, සැලකිය යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයක් එක දිගටම පවත්වා ගෙන ගියහොත්, වසර දහයකින් පමණ පසුව සමස්ත අයවැය තුලනය කර ගැනීමේ හැකියාවක් තිබෙනවා.
මධ්‍යම රජයේ ණය ප්‍රමාණය වසර ඇතුළත 5.1%කින් ඉහළ ගොස් ඇතත්, වසර ඇතුළත නාමික දළ දේශීය නිෂ්පාදිතය ඊට වඩා වැඩි වේගයකින් ඉහළ ගොස් තිබිය යුතු බැවින් දදේනියෙහි අනුපාතයක් ලෙස රාජ්‍ය ණය අඩුවීමක් අපේක්ෂා කළ හැකියි. එබැවින් ණය තිරසාරත්වය පිළිබඳ ගැටළුවක් මතු වන්නේ නැහැ.
වසර ඇතුළත මධ්‍යම රජයේ විදේශ ණය ඩොලර් මිලියන 983කින් (2.7%කින්) ඉහළ ගොස් ඇති අතර, දේශීය ඩොලර් ණය තවත් ඩොලර් මිලියන 46කින් (2.1%කින්) ඉහළ ගොස් තිබෙනවා. රුපියල් ණය ඉහළ යාම රුපියල් බිලියන 490ක් (2.7%ක්). ඩොලරයක මිල ඉහළ යාමේ බලපෑමද සමඟ සමස්ත ණය ප්‍රමාණයේ රුපියල් අගයේ වැඩි වීම 5.1%ක් වී තිබෙනවා.
දැන් මැදපෙරදිග යුද්ධය නිසා තවත් අමාරු වෙයි.
ReplyDeleteඔය විදේශ ණය ඉහළ යාම ඩොලර් මිලියන 983 ට හේතුව ඔය පහුගිය කාලේ IBRD ඇතුලු ණය දෙන ආයතන සහ IMF එකෙන් ගත් ණය වගේ දේවල් නේද? එන්න එන්නම ණය බර තවත් වැඩි වෙන බවයි පේන්නේ විශේෂයෙන්ම Bilateral සහ මාකට් බොරෝවිං සුලු වශයෙන් අඩුවී ඒ වෙනුවට රට IMF වැනි ආයතනවල ණය උගුලකට හසුවී සිටින බව පේනවා
ReplyDeleteමේකෙන් මට පැහැදිලිවම පේන දේ තමයි ලංකාවට 2028 දි ගෙවන්න සිද්ධ වෙන යහපාලන රජය යටතේ රනිල්ලා අධික පොලියට ණය අරගෙන හිරකරපු ණය උගුලෙන් ගැලවෙන්න ඒ ණය ගෙවා ගන්න එක තවත් අමාරු වෙනවා. ඒ වගේම ලංකාව IMF ණය උගුලේ එන්න එන්නම හිර වෙනවා, රටේ සැලකිය යුතු දියුණුවක් දකින්න බැරි වෙනවා ඉදිරි වසර දශකයක පමණ කාලයක්, දිගුකාලීනව මේ වගේ රටේ ආර්ථිකය එකතැන පල්වීමක් දැකගත හැකි වෙයි නේද?
ඉකොනෝ
ReplyDeleteලංකාවට දිත්වා සුලි කුණාටුව ආපු වෙලාවේ රජයෙන් ප්‍රසිද්ධ කරපු ගිණුමට මමත් රුපියල් ලක්ෂ දෙක හමාරක් පමණ මුදලක් මෙහෙන් යැව්වා ඒත් ඒ අරමුදල නීත්‍යානුකූල නොවන හොර එකක් බවට බොහෝ දෙනෙක් චෝදනා එල්ල කරනවා. මේක බලන්න
//බීබීසී RTI හෙළිදරව්ව: අරමුදලේ නිරුවත හෙළි කරන කරුණු 8
2026 ජනවාරි 23 දින බීබීසී සිංහල සේවයේ සේවය කරන මාධ්‍යවේදිනී අමන්දිකා කුරේ යොමු කළ RTI ඉල්ලීමට පෙබරවාරි 24 දින ලැබුණු පිළිතුරු මගින් පහත කරුණු අනාවරණය වේ:
වගකීම මඟහැරීම: මුදල් අමාත්‍යාංශය පවසන්නේ Rebuilding Sri Lanka ඔවුන් යටතේ නොමැති බවත්, එය ජනාධිපති කාර්යාලයේ විෂය පථයට අයත් බවත් ය.
අරමුදලක් තවමත් නැත: අරමුදල පිහිටුවා ඇත්දැයි විමසූ විට ජනාධිපති කාර්යාලය පවසා ඇත්තේ එය පිහිටුවීමට “අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින” බවයි. එනම් මාස තුනක් ගතවීත් නීත්‍යානුකූලව අරමුදලක් පිහිටුවා නැත.
නීතිමය පදනමක් නැත: පවතින ‘ව්‍යසන කළමනාකරණ පනත’ මඟහැර නව අරමුදලක් සඳහා පනත් කෙටුම්පතක් සකසමින් පවතින බව රජය පිළිගෙන ඇත. නීතියක් නැතිව මහජන මුදල් එකතු කිරීම මෙහිදී බරපතළ ප්රශ්නයකි.
විගණනයක් නැති ගිණුම්: අරමුදල ස්ථාපනය කර නැති බැවින් එහි විගණන ක්‍රියාවලියක් පිළිබඳව රජයට නිශ්චිත පිළිතුරක් නැත.
මුදල් දත්ත පිළිබඳ අවිනිශ්චිතතාව: වෙබ් අඩවියේ බිලියන ගණනක මුදල් පෙන්වුව ද, RTI පිළිතුරේ ඒ පිළිබඳ නිවැරදි දත්ත ලබා දී නොමැත.
පාලනය පිළිබඳ අභිරහස: අරමුදලේ සේවකයන් හෝ වියදම් අනුමත කරන ආකාරය ගැන විමසූ විට ලැබී ඇත්තේ “ස්ථාපනය කරමින් පවතිනවා” යන සම්මත පිළිතුර පමණි.
කමිටුව හා මණ්ඩලය පටලවා ගැනීම: ජනාධිපති මාධ්‍ය අංශය “කළමනාකරණ කමිටුවක්” ගැන කීව ද, RTI පිළිතුර පවසන්නේ “පාලක මණ්ඩලයක්” පත් කර ඇති බවයි.
සීමිත බලතල: මුලින් මුදල් වෙන් කිරීමේ බලය ඇති බව කීව ද, දැන් පවසන්නේ ඔවුන්ගේ කාර්යය “උපාය මාර්ගික මග පෙන්වීම” සහ “ප්‍රජා සම්බන්ධතා” වලට පමණක් සීමා වන බවයි.
//
//එම කරුණු පිළිබද බීබීසී මෙසේ සිය ලිපියේ සදහන් කර ඇත.
Deleteඅප විසින් යොමු කරන ලද තොරතුරු ඉල්ලීමට පළමු ප්‍රතිචාරය මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් ලැබුණු අතර, 2026 ජනවාරි 30 වන දින ලැබුණු එම පිළිතුරේ සඳහන්ව තිබුණේ, Rebuilding Sri Lanka සම්බන්ධයෙන් අප විමසා තිබූ තොරතුරු ජනාධිපති කාර්යාලයේ විෂය පථයට අයත් බවට නිරීක්ෂණය වන බව ය.
එම නිසා එම තොරතුරු ඉල්ලීම ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යැවීමට ද උක්ත අමාත්‍යංශය කටයුතු කර තිබිණි.
එම පිළිතුර අනුව පෙනී යන මූලික ම කරුණ වන්නේ, Rebuilding Sri Lanka යනුවෙන් අරමුදලක් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ නොමැති බව ය.
මේක ශ්‍රී ලංකාවේ ආපදා සහන පාලනය පිළිබඳ වඩාත්ම මතභේදාත්මක පරිච්ඡේදයක් ලෙස සනිටුහන් වූ අතර ජාතික හදිසි අරමුදල් හැසිරවීම පිළිබඳ මහජන විශ්වාසය දැඩි ලෙස පළුදු කළේය. පසුව මීට එරෙහිව සිදු කෙරුණු පරීක්ෂණ අවලංගු කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව අයැද සිටිය යුතු බවයි.
ඒ අනුව අපගේ මෙම උත්සාහය තුළින් රීබිල්ඩින් ශ්‍රී ලංකා වැනි අරමුදලක් කළමණාකරණය පිළිබද විවේචනයකුත් මෙවැනි මහා වංචාවකට ඉඩ නොතැබීමයි
දැන් ප්රශ්නය මේකය.
‘වෙනසක්’ පොරොන්දු වී බලයට පත් වූ ආණ්ඩුවක්, මෙවැනි සැක සහිත දූෂණ මහා වංචාවකට ඉඩ සලසන “හොල්මන්” අරමුදල් පවත්වාගෙන යාම කනගාටුදායකය. ආණ්ඩුවට වැඩ කිරීමට නීති තිබේ.
ජනතාව අපේක්ෂා කරන්නේ ප්‍රදර්ශනාත්මක උත්සව සහ ව්‍යාපාරික හිතවතුන්ගේ පාලක මණ්ඩල නොවේ. ඔය ව්‍යාපාරිකයන් ජනතාවට කරන බක්කක් නැත. ආන්ඩුව පවත්වාගෙන යා යුත්තේ විනිවිද පෙනෙන නීත්‍යානුකූල සහන සේවාවකි.//
මේ පිළිබඳව විස්තර සහිතව පෝස්ට් එකක් දාන්න පුළුවන්ද මොකද මේක තවත් එක් මහබැංකුව සම්බන්ධ වංචාවක් කියලා සමාජ මාධ්‍ය ජාල වල හැමතැනම තිබෙන නිසා.
ඉකොනෝ, ආණ්ඩුව බාල ගල් අඟරු ගෙනල්ලා කෝටි අටසිය ගානක කෝටි දාහකට ආසන්න පාඩුවක් රටට කරපු වර්තමාන දූශිත මාලිමා චෞර රෙජීමයේ හොර ඇමතියාව පොහොර සංස්තාවේ ප්රොකිවුමන්ට් මැනේජර් කලේ අනුර එකෙන් හොරාකාලා මාට්ටුවෙලා ජොබ් එක නැති උනේ.
ReplyDeleteප්රොකිවුමන්ට් හොරෙක්ව ලංකාවේ ලොකුම ප්රොකිවුමන්ට් යන තැනක් වෙච්ච විදුලිබල මණ්ඩලය වගේ තැනකට ඇමති විදිහට ජාතික ලයිස්තුවෙන් ගෙනත් වාඩිකරේ අනුර කුමාර ඔහු හරහා හොරාකන්න තමයි. ඕක තෙරෙන්නෙ නැත්නම් ඩෝබිරැල බත් කන්න එපා. පැලවත්තෙන් දෙන පුන්නක්කු කාපියව්.
ඔය ටෙන්ඩර් එක දීපු කම්පැනිය ජිවිතේට ගල් අඟුරු බිස්නස් කරලා නෑ ලංකාවට මිනිස් පරිභෝජනයට නුසුදුසු හාල් විකුන්න ඉංදියාවේ කලුසල්ලි සුදු කරලා හිරේ ගිය හොරෙක්ගේ කම්පැනි එකක්.
ඒ කම්පැනියට ටෙන්ඩර් එක දෙන්න ඔන නිසා ලියාපදින්චිය මාස 5ක් පහු කරා.
දවස් 19න් ටෙන්ඩර් එක දුන්නා තාක්ශන ඇගයිම් කලේ නෑ.
කෝටි 1,000ක් විතර පැලවත්තට ශෙල් කම්පැනිස් හරහා ගෙන්නන ගහපු ගේමක් මේක.
නිකමට වසන්තයා ජොබ් එකක් ව්‍යාපාරයක් නොකර කෝටි 27ට එහා හෙවුව හැටියි කුමාර ජයකොඩියා බයිසිකලේ වැඩට ඇවිල්ල පෝර සංස්ථා කේස් එක කාලෙත් වැනට් වෑන් එකේ ජොබ් එකට ඇවිල්ලා ජොබ් එකෙන් එලවනකොට අතිවිශාල ප්‍රකෝටි ගණනක ධනය ඇති කෝටිපතියෙක් උන හැටියි. අනුර කුමාර පුල්ටයිම් පොලිටික්ස් කරලා කවත කොප්ටි 4ට වැඩි ගෙයක් ගත්තහැටියි කල්පනා කරන්න තරම් මොලේ දියුනු උනානම් ගල් අඟුරු වන්චාව තේරෙනවා. මේ ගැන විස්තර සහිතව ලියන්න පුළුවන් නම් වටිනවා.