පසුගිය (2025) වසර තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.0%කින් වර්ධනය වී තිබෙනවා. මේ අනුව, ඇතැම් අයගේ දිත්වා හානිය පිළිබඳ අධි තක්සේරු මෙන්ම, රජයේ ප්‍රාග්ධන වියදම් අඩු වීමේ බලපෑම පිළිබඳ මිථ්‍යාවන්ද බිඳ වැටී තිබෙනවා.
පෙර (2024) වසර තුළද ශ්‍රී ලංකා ආර්ථිකය 5.0%ක වේගයකින් වර්ධනය වුනා. කෙසේ වුවද, දිත්වා හානිය මෙන් නොව, ඉරාන යුද්ධය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් කරමින් තිබෙනවා. ඒ නිසා, මේ (2026) වසරේදී ආර්ථික වර්ධනය පවත්වා ගැනීම අභියෝගයක්.
දිත්වා බලපෑම නිරූපණය වූ සිවුවන කාර්තුව තුළද ආර්ථිකය 4.8%කින් වර්ධනය වී තිබෙනවා. දළ දේශීය අවධමනකය මත පදනම් වූ වාර්ෂික උද්ධමනය 3.6% ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ඒ අනුව නාමික දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 32,751 දක්වා 8.7%කින් වර්ධනය වී තිබෙනවා. රටේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 4,909 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ඉතිහාසයේ ඉහළම අගයයි. එමෙන්ම, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, ඉතිහාසයේ ප්‍රථම වරට, ඩොලර් 5000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඉකොනො ඔහොම කියනවා නං කෙලවෙලාම ඇත්තේ ආර්ථිකයට.
ReplyDeleteමොකද ඉකොනො කියන හැම දේම අනික් පැත්තනේ වෙන්නේ
ඉකොනෝ
ReplyDeleteඔය ඒක පුද්ගල ආදායම කියන්නේ ඩොලරයේ වර්තමාන අගයට සාපේක්ෂව, ඒත් ඩොලර් එකත් මේ වෙනකොට පවතින තත්ත්වය එක්ක විශාල ලෙස අවප්‍රමාණය වෙලා තියෙන නීසා 2018 දී ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 කියන එක දැන් තියෙනව කියල කියන ගානට වඩා විශාල අගයක් විය යුතුයි නේද?
ආසන්නව සමානයි.
Deleteඉකොනො දැක්ක ද ජනාධිපතිවරයා මාධ්‍ය වලට ඇවිල්ල කියනවා තෙල් සංස්ථාවේ සමස්ත ණය බර රුපියල් කෝටි 90,000 ක්ලු ඒ මහා ණය බර පියවන්නලු මේ තෙල් වලට බදු ගහන්නේ, මේක ගැන ගොඩක් කට්ටිය බොරු කතාවක් කියලා Facebookවල හැමතැනම විවේචනය කරලා තියෙන නිසා මම ඕකේ ඇත්ත කතාව ගැන විස්තර හොයලා බලන කොට
ReplyDeleteඒත් මම ඕක පෙට්රෝල් 1ltr කට tax eka Rs.120 යි තෙල් සංස්ථාව කියන විදියටම කියලා හොයාගත්තා
ලංකාවේ දිනක පෙට්රෝල් අළෙවිය 4000 මෙට්‍රික් ටොන්, ඒ කියන්නෙ 1350×4000= 5,400,000 ලීටර්
පෙට්රෝල් වලින් පමනක් දිනක බදු ආදායම 5400000×120=කෝටි 65ක් එනවා
ණය පියවීමට ගතවන කාලය 90000÷65= දින 1384 යි (අවුරුදු 4)
කෝටි 90000 ක් අවුරුදු හතරෙන් ඉවරයි පාඩුව පරණ එක විතරයි නේ දැන් පාඩු ලබන්නේ නෑනේ
ජනාධිපති කට උල් කරලා ගෙවල ඉවර කරන්න කාලයක් හිතාගන්න බෑ... කියනකොට බය වුණා නේද.. අන්න ඒ ගාණට කියන්න ඕන බොරුවක් වුණත්?
මේක තමයි ඇත්තම කතාව, හැරෙන හැරෙන පැත්තට අතේ පැලවෙන බොරු කියන මහ දැවැන්ත 'කෝටි 90,000ක ණය බරක්' ගැන නිතර නිතර මතක් කරන්නේ මිනිස්සුන්ව මානසිකව බය කරලා තමන් පනවන බදු බර සාධාරණීකරණය කරන්නයි. හැබැයි අපි මේක ඇකඩමික් විදියට විදිහට ගණන් හදලා බැලුවොත්, දැන් තෙල් සංස්ථාවේ දත්ත වලට අනුව පෙට්රෝල් ලීටරයකින් රුපියල් 120ක බද්දක් ලැබෙනවා නම් සහ දිනකට පෙට්රෝල් ලීටර් ලක්ෂ 54ක් අලෙවි වෙනවා නම්, රජයට දවසකට ලැබෙන බදු ආදායම විතරක් කෝටි 65ක්. එතකොට අර අතිවිශාලයි කියලා කියන ණය කන්ද පෙට්රෝල් වලින් විතරක් ගෙවලා ඉවර කරන්න යන්නේ දවස් 1384ක්, ඒ කියන්නේ අවුරුදු 4ක් වගේ කාලයක් විතරයි.
Deleteඒකත් ඩීසල් හෝ අනෙකුත් ඉන්ධන වර්ග වල බදු නැතුව පෙට්රෝල් වලින් විතරක් ලැබෙන ආදායමෙන්.
ඉතින් මේකෙන් පේන්නේ, අනුරලා රටේ නැති නැව් බොරු, පච ප්‍රචාර ටොම් පච කෙළලා දේශපාලනිකව මේ ඉලක්කම් මහා බිල්ලෙක් වගේ මවලා පෙන්නුවට, ඇත්ත ආර්ථික දත්ත එක්ක බැලුවම මේ ණය බර කියන්නේ පියවා ගන්න බැරි තරම් ලොකු දෙයක් නෙවෙයි කියන එකයි; මේක නිකම්ම මහජනතාවගේ බුද්ධිය හෑල්ලු කරලා සංඛ්‍යාලේඛන හරහා මිනිස්සුන්ව පාලනය කරන්න හදන තවත් එක දේශපාලන ක්‍රීඩාවක් විතරයි කියලා.
@ ano Mar 27, 2:26 PM
Deleteජනාධිපති කිව්ව විදිහට ඔහුගේ බුද්ධි මට්ටම අනුව ගෙවා නිමවන දවසක් සිතාගත නොහැකි බව ඔහුට තේරෙන ඔය රුපියල් කෝටි අනූ දහසක (කෝටි 90,000ක්) ගෙවීමට තෙල් සංස්ථාව විසින් තෙල් ගහන ජනතාවගෙන් පමණක් අය කරන ඉන්ධන මිල මත පණවා ඇති බදු වලින් ගෙවීමට කොපමණ දිනක් ගතවේදැයි අපි සොයා බලමු.
ලංකාවේ සාමාන්‍ය ඉන්ධන පරිභෝජන දත්ත පාවිච්චි කරලා අපි මේ ගණන් හදලා බලමු.
බලශක්ති අමාත්‍යාංශයේ දත්ත අනුව
1. දිනක පෙට්‍රල් අලෙවිය සහ බදු ආදායම:
දිනක අලෙවිය: 4,000 MT (මෙය දළ වශයෙන් ලීටර් මිලියන 5.4 ක් පමණ).
ලීටරයකින් රජයට ලැබෙන බද්ද: රු. 120 (VAT ඇතුළුව).
දිනක මුළු බදු ආදායම: 5,400,000 × 120 = රුපියල් කෝටි 64.8 ක්
වසරක මුළු බදු ආදායම (පෙට්‍රල් වලින් පමණක්):
64.8 × 365 = රුපියල් කෝටි 23,652 (බිලියන 236 ක් පමණ).
2. ඩීසල් අලෙවිය සහ බදු ආදායම:
ලංකාවේ ඩීසල් පරිභෝජනය පෙට්‍රල් වලට වඩා වැඩියි (දිනකට 5,500 MT පමණ).
දිනක අලෙවිය: 5,500 MT (ලීටර් මිලියන 6.5 ක් පමණ).
ලීටරයකින් රජයට ලැබෙන බද්ද: රු. 80 (ඩීසල් වලට බදු අඩුයි).
දිනක මුළු බදු ආදායම: 6,500,000 × 80 = රුපියල් කෝටි 52 ක්
වසරක මුළු බදු ආදායම (ඩීසල් වලින් පමණක්): 52 × 365 = රුපියල් කෝටි 18,980 (බිලියන 190 ක් පමණ).
3. තෙල් සංස්ථාවට (CPC) වසරකට ලැබෙන ලාභය:
මිල සූත්‍රය අනුව ලීටරයකින් රු. 10ක ශුද්ධ ලාභයක් සංස්ථාවට ඉතිරි වෙනවා
මේ ගණන යොදාගෙන ගණනය කළොත්:
මුළු දෛනික ඉන්ධන අලෙවිය (පෙට්‍රල් + ඩීසල්): ලීටර් මිලියන 11.9 ක්
දිනක ලාභය: 11,900,000 × 10 = රුපියල් කෝටි 11.9 ක්
වසරක මුළු ලාභය: 11.9 × 365 = රුපියල් කෝටි 4,343 (බිලියන 43.4 ක් පමණ).
මේ අපේ මෙම විශ්ලේෂණය (Analysis) අනුව මචං, මේ ගණන් හිලව් බැලුවම පේනවා රජයට වසරකට ඉන්ධන බදු වලින් පමණක් රුපියල් කෝටි 42,000 කට වඩා (පෙට්‍රල් + ඩීසල්) ආදායමක් ලැබෙන බව.
ඔයා කලින් කිව්වා වගේ රුපියල් කෝටි 90,000 ක ණයක් තියෙනවා නම්, රජය ඉන්ධන වලින් ගන්න බදු ආදායම විතරක් පාවිච්චි කළත් (වෙනත් වියදම් නැතුව) අවුරුදු 2-3 කින් ඒ ණය ගෙවන්න පුළුවන්.
හැබැයි ගැටලුව තියෙන්නේ මේ බදු ආදායම කෙලින්ම ණය ගෙවන්න යොදවන්නේ නැතුව රජයේ අනෙකුත් පොදු වියදම් (වැටුප්, සහනාධාර, වෙනත් clean SL වැනි රජයේ නාස්තිකාර විගඩම්) වලට යොදා ගැනීම නේද?
@ economatta
ඉන්ධන වලින් ලැබෙන බදු තෙල් සංස්ථාව සහ බලශක්ති සංරක්ෂණයට පමණක් යොදවන, වාහන බදු මාර්ග සංවර්ධනය කිරීම සඳහා යොදාගන්නා සහ ආරක්ෂක සහ රජයේ පරිපාලන හා ස්වදේශ කටයුතු සඳහා වෙනමම බද්දක් අය කිරීමට වගේ බදු ගෙවන අයගේ යහපත වෙනුවෙන් ඒ අදාල බදු වියදම් කරන ක්‍රමයක් ලංකාවට හඳුන්වා දෙන්න ඕන කියල මම යෝජනා කරනවා නම් ඔයා ඒ ගැන ආර්ථික විද්‍යාත්මකව එකඟ වෙනවා ද? මේ මගේ යෝජනාව ප්‍රායෝගිකව කරන්න පුළුවන් වෙයිද?
"මේ අනුව, ඇතැම් අයගේ දිත්වා හානිය පිළිබඳ අධි තක්සේරු මෙන්ම, රජයේ ප්‍රාග්ධන වියදම් අඩු වීමේ බලපෑම පිළිබඳ මිථ්‍යාවන්ද බිඳ වැටී තිබෙනවා..."
ReplyDeleteමෙතන වැරදි මතයක් හදනවා දිත්වා හානිය පිලිබදව....
සල්ලි වලින් බැලුවොත් එක හානිය සුනාමියට වඩා වැඩි. නමුත් සුනාමිය වෙලාවේ මුළු රටම මානසිකව වැටුනා. සමහර මිනිස්ස්සු ඒ පැත්තට ගියේ නැ මාසයක් වගේ යනකම්. සුනාමියේ දෙවන මානසික හානිය මිනිස්සුට ගොඩක් බලපැව.
නමුත් මේ පාර දිත්වා එකේ මිනිස්සු පුලුම මොරාල් එකකින් නැගිට්ට. ආණ්ඩුවේ සහයෝගය සහ මේ පාර මිනිස්සු ගොඩක් එකමුතු උනා. අතීතයේ කිසිම ආණ්ඩුවකට මෙහෙම මිනිස්සුන්ගේ විශ්වාසයක් ආවේ නැ... එහෙම විශ්වාසයක් අවේ නැති එක පුදුම වෙන්න දේකුත් නැ...
මේක සාමාන්‍ය වශයන් සංචරක පැමිණීමට බදා උනා... එහෙම නැත්නම් 2025/dec මිට වඩා ගොඩක් සංචාරකයන් එනවා. එහෙනම් 2025 නත්තල මිට වඩා මහා විශාලව සමරනවා අපේ මිනිස්සු...
රටේ මැද තියන සංචරක හොටෙල් , සමහර පැති , වගාබිම් තාම කිසිම දෙයක් එකොනොමි එකට දෙන්නේ නැ.තාම ඒවා නැවතිලා...
සමහර සුළු කර්මාන්ත දිත්වා එකට කලින් තිබුන ප්රඩක්ෂණ තත්වයට පැමිණිලා නැ තාම...
රුපියල් බිලියන 500 අතිරේකව ආණ්ඩුවට දිත්වා හානියට වියදම් කරන්න වෙලා තියනවා. මේක උනේ නැත්නම් මේ මුදල් වෙනත් පාර්ක්දන වැඩ වලට දන්නා පුළුවන්.
පිට රට ඉන්න අපේ මිනිස්සු ලංකාවේ සමහර සුළු වියාපාර වලට සම්බන්ද වෙන්න ආණ්ඩුවේ වැඩ පිලිවල බලාගෙන හිටියේ එක තවත් පස්සට ගියා....
කරුණු නම් ගොඩක් කියන්න පුළුවන්... සරලව කියන්න තියන්නේ මේ රටේ මිනිස්සු සහ ආණ්ඩුව ඉතා විස්වාසයන් අවංකව දිත්වා එකට මුණ දුන්න එක නිසා ඉකොනොමැට්ටා ට මේකේ බලපෑම පෙන්නේ නැති එක මට පුදුම වෙන්න දෙයක් නෙමේ.
මෙහෙමයි ඉකෝනෝ. පළමුවෙන්ම, ඔය කියන 5.0% ක ආර්ථික වර්ධනය කියන්නේ "බේස් ඉෆෙක්ට්" (Base Effect) කියන සංසිද්ධිය මිසක් රටේ මිනිස්සුන්ගේ බඩ පිරෙන වර්ධනයක් නෙවෙයි. මොකද කොවිඩ් වලට පස්සේ 2022-2023 කාලේ ලංකාවේ ආර්ථිකය අගාධයටම වැටිලා තිබුණේ, ඉතින් ඒ වැටුණු වලේ ඉඳන් පොඩ්ඩක් හරි ඔළුව උස්සනකොට ඒක ප්‍රතිශතයක් විදිහට ලොකුවට පේනවා, හරියට රුපියල් 100 ක් තිබුණු මනුස්සයාගේ සල්ලි රුපියල් 10 ට වැටිලා, ආයෙත් ඒක රුපියල් 11 ක් වුණාම 10% ක "වර්ධනයක්" පේනවා වගේ වැඩක්, ඒත් ඇත්තටම ඒ මනුස්සයා තාමත් ඉන්නේ මුලින් තිබුණු රුපියල් 100 ට වඩා ගොඩක් පල්ලෙහායි.
ReplyDeleteමෙතනදී රජයේ ප්‍රාග්ධන වියදම් කපනවා කියන්නේ රටේ අනාගත නිෂ්පාදන ධාරිතාව විනාශ කරන එක, ඒක අද දවසේ ඉලක්කම්වලින් වහන්න බැරි සදාකාලික පාඩුවක්.
දෙවනුව, දිත්වා කුණාටුව ගැන ලංකාවේ පාලක ආණ්ඩුවයි ආණ්ඩුවේ වහල්ලු රැල්ලක් වෙච්ච මාලිමා ඩෝබිලායි මවන බොරු "බිල්ලා" සහ ඔයා ඔය කියන යථාර්ථය අතර ලොකු වෙනසක් තියෙනවා. 2004 සුනාමිය හෝ 2003 මැයි ගංවතුර වගේ රටේ ආර්ථික හදවතටම වැදුණු මහා විනාශයන් එක්ක බලනකොට දිත්වා කියන්නේ සාපේක්ෂව ඉතාම අඩු හානියක් වුණ ආර්ථිකයට අඩු බලපෑමක් තියෙන එකක් වුණත්, ආණ්ඩුව මේක "පලිහක්" කරගන්නේ තමන්ගේ ආර්ථික අසමත්කම වහගන්නයි.
ඔයා කිව්වා වගේම ආර්ථිකයට වැඩිම දායකත්වයක් දෙන බස්නාහිර, දකුණ වගේ පළාත්වලට ලොකු හානියක් නැතිව පවා මේක මහා ව්‍යසනයක් විදිහට පෙන්වන්නේ මිනිස්සුන්ගේ අවධානය වෙනතකට හරවන්නයි.
අන්තිමට වුණේ විපතට පත් වුණු අහිංසක මිනිස්සුන්ට සහන දෙනවා කියලා ෂෝ එක දාලා බෙදපු චෙක් ටිකත් බැංකුවලින් රිටර්න් වෙලා ආණ්ඩුවේ හෙළුව ලෝකෙටම ප්‍රදර්ශනය වුණු එක විතරයි.
මෙතන වැදගත්ම කතාව තමයි ඔය ඩොලර් 5,000 ඒක පුද්ගල ආදායම. ඉකොනො, ඔය ඩොලර් 5,000 ක් කියන්නේ නිකන්ම ඉලක්කමක් විතරයි, මොකද 2024-2025 වෙනකොට ලෝකේ පුරාම ඩොලරයේ "මිලදී ගැනීමේ හැකියාව" (Purchasing Power) සෑහෙන්න පල්ලෙහාට ගිහින්. ඒ වගේම ලංකාවේ මහ බැංකුව තවමත් ඩොලරයට සාපේක්ෂව රුපියල යම් තරමකට කෘතිමව පාලනය කරලා තියෙන වෙලාවක මේ වගේ ඉලක්කම් පෙන්නන එක හරිම ලේසියි. හැබැයි ඇත්තටම බලන්න ඕනේ ලෝකයේ අනිත් රටවල් වල ඒක පුද්ගල ආදායම සහ ජීවන තත්ත්වය ඉහළ යන වේගයට සාපේක්ෂව ලංකාව ඉන්නේ කොතැනද කියන එකයි, ඇත්තටම එතකොට පේනවා අපි ඉන්නේ ලෝක ආර්ථික රේස් එකේ ගොඩක් පස්සෙන් කියලා. ඉතින් මේ පාලකයෝ කරන්නේ සංඛ්‍යාලේඛන නමැති "මිරිඟුවක්" පස්සේ මිනිස්සුන්ව දුවවන අතරේ, තමන්ගේ හෙංචයියන් සමග 2025 දී සිදුවුණ මහා පරිමාණ බාල ගල් අඟරු වංචාව, කන්ටේනර් 300 හොරෙන් පන්නපු වංචාව එක්ස්ටෙන්ෂන් කෝඩ් වංචාව ඇතුලු දහසකුත් එකක් මහජන මුදල් කෝටි ගණනින් හොරකම් කරමින් රජයේ ඉහළම තනතුරු දරන දේශපාලුවන් හොරකම් කරන එක පමණයි.