එදා, 2022දී, ලංකාවට තෙල් ප්‍රශ්නයක් තිබුණා. අද, 2026දී, නැවතත් තෙල් ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. නමුත් එදා තෙල් ප්‍රශ්නය සහ අද තෙල් ප්‍රශ්නය ප්‍රශ්න දෙකක්.
මේ තෙල් ප්‍රශ්න දෙකේ වෙනස ජනාධිපති දිසානායක විසින්ම නිවැරදිව විස්තර කර තිබෙනවා. එදා තෙල් තිබුණත් තෙල් මිල දී ගන්න ඩොලර් තිබුණේ නැහැ. අද ඩොලර් තිබුණත් මිල දී ගන්න තෙල් නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න දෙක වෙනස් ප්‍රශ්න දෙකක්.
අද ප්‍රශ්නයට විසඳුමක් සේ මේ වන විට ලබා දී තිබෙන්නේ එදා ප්‍රශ්නයට ලබා දුන් QR කෝඩ් විසඳුමමයි. ඒ විසඳුම එදා පැවති ප්‍රශ්නයට හොඳම විසඳුම. නමුත් ප්‍රශ්නයේ ස්වභාවය වෙනස් වෙද්දී පරණ ප්‍රශ්නයකට දීපු විසඳුම අලුත් ප්‍රශ්නයට හරියටම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අද ප්‍රශ්නයට එදා විසඳුම දීමෙන් ප්‍රශ්නයේ එක් කොටසක් විසඳෙන නමුත් ඒ හේතුවෙන් වෙනත් ප්‍රශ්න උග්‍ර වීම නොවැලැක්විය හැකියි.
එදා ඩොලර් ප්‍රශ්නයට හේතු වී තිබුණේ විශාල ලෙස සල්ලි අච්චු ගැසීම නිසා ඇති වී තිබුණු අධි ඉල්ලුම. ඒ හේතුවෙන් විශාල උද්ධමන ප්‍රශ්නයක්ද ඇති වී තිබුණා. ප්‍රශ්නයට විසඳුමක් ලෙස පොලී අනුපාතික ඉහළ දමා, ආර්ථිකය හකුළා, ඉල්ලුම පාලනය කළ යුතුව තිබුණා. QR කෝඩ් විසඳුම හරහා, තෙල් පෝලිම් ප්‍රශ්නය විසඳෙනවාට අමතරව, මේ වැඩෙත් වුනා. එය ඒ වෙලාවේ කළ යුතුව තිබුණු දේ.
නමුත් අද තත්ත්වය වෙනස්. මේ වෙද්දී උද්ධමන ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්නය ඇති වන තුරුම ආණ්ඩුව උත්සාහ කරමින් සිටියේ ආර්ථිකය හැකි පමණ ප්‍රසාරණය කරගන්නයි. දැන් ඒ අදහස වෙනස් වෙලානම් එය වෙනම කරුණක්. නමුත් එය එසේයැයි මා හිතන්නේ නැහැ.
එදා වගේම අදත් QR කෝඩ් විසඳුම හරහා, තෙල් පෝලිම් ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන්. නමුත් ඒ එක්කම සිදු වන අනෙක් දේ රටේ ආර්ථිකය හැකිළෙන එකයි. චේතනාන්විතව එවැන්නක් කරන්නේනම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මම දකින විදිහට රජයට එවැනි අවශ්‍යතාවයක් නැහැ.
රටක ආර්ථිකය ප්‍රසාරණය වෙන්න ඉන්ධන අවශ්‍යයි. ඉන්ධන සැපයුම සීමා වෙද්දී ආර්ථිකය හැකිලෙනවා. එදා අවශ්‍ය වී තිබුණේ ඩොලර් ප්‍රශ්නයට තාවකාලික පිළියමක් ලෙස ඉල්ලුමට ඉඩ නොදෙමින් ඉන්ධන සැපයුම සීමා කරන්න වුනත්, අද අවශ්‍යතාවය වන්නේ ඉල්ලුම හා ගැලපෙන සේ ඉන්ධන සැපයුම වැඩි කර ගැනීමයි.
එදා QR කෝඩ් විසඳුම ඉදිරිපත් කළේ ඩොලර් ප්‍රශ්නය යම් තරමකින් හෝ විසඳා ගන්නා තුරු තාවකාලික පිළියමක් ලෙස පමණයි. ඉන් පසුව, QR කෝඩ් තව දුරටත් අවශ්‍ය වුනේ නැහැ. ඒ එක්කම මිල සූත්‍ර විසඳුමද ක්‍රියාත්මක කෙරුණා.
ඒ වෙලාවේ මිල සූත්‍ර විසඳුමද ක්‍රියාත්මක කළේද නිශ්චිත ප්‍රශ්නයකට නිශ්චිත පිළියමක් ලෙසයි. මෙහි අරමුණ වූයේ තෙල් සංස්ථාවේ පිරිවැය හා මිල ගලපා තෙල් සංස්ථාවේ පාඩුව ඉවත් කිරීම. ඉන් පසුව, මිල සූත්‍රය ක්‍රියාත්මක වූ පසුගිය කාලයේ දැන් මෙන් යුද තත්ත්වයක් තිබුනේ නැහැ. මාසයක කාලයක් ඇතුළත ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල විශාල ලෙස වෙනස් වූයේද නැහැ. ඒ නිසා, මාසයකට වරක් මිල ගැලපීම ප්‍රමාණවත් වුනා.
දැන් තත්ත්වය වෙනස්. දවසින් දවස ලෝක තෙල් මිල වෙනස් වෙනවා. මේ තත්ත්වය තුළ මාසයකට වරක් මිල ගැලපීම ප්‍රමාණවත් විසඳුමක් නෙමෙයි. ඒ නිසා, QR කෝඩ් විසඳුම වගේම මෙතෙක් ක්‍රියාත්මක වූ මිල සූත්‍ර විසඳුමද අලුත් ප්‍රශ්නයට ප්‍රමාණවත් විසඳුම් නෙමෙයි.
තෙල් වෙළඳපොළෙහි වත්මන් ප්‍රශ්නය ඩොලරය හිර කරගෙන සිටීම නිසා විණිමය වෙළඳපොළෙහි ඇති වූ තත්ත්වයට සමාන තත්ත්වයක්. ඒ ප්‍රශ්නයට විසඳුම ඩොලරය පා කිරීම වූ අයුරින්ම මේ ප්‍රශ්නයට විසඳුම වන්නේ තෙල් මිල පා කිරීමයි.
කෙසේ වුවත් විණිමය වෙළඳපොළෙහි මෙන් දේශීය තෙල් වෙළඳපොළෙහි සැපයුම්කරුවන් විශාල ප්‍රමාණයක් නැහැ. ඒ නිසා පා කරන විසඳුම ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න බැහැ. විණිමය අනුපාතය හා අදාළව තිබුණු අනෙක් විකල්ප විසඳුම වෙනත් මුදල් ඒකකයකට පෙග් කරන එකයි. එවිට ඒ මුදල් ඒකකය පාවෙන නිසා මේ මුදල් ඒකකයත් ඒ මුදල් ඒකකය සමඟ පාවී ප්‍රශ්නය විසඳෙනවා.
රට ඇතුළේ ප්‍රමාණවත් තරඟයක් නැතත්, ලෝක වෙළඳපොළේ තෙල් මිල පාවෙනවා. ඒ නිසා තෙල් සංස්ථාවේ මිල ලෝක තෙල් මිල හා පෙග් කළ ගමන් ප්‍රශ්නයෙන් ලොකු කොටසක් විසඳෙනවා. ඉන් පසුව, අනෙක් තරඟකරුවන්ට නිදහසේ මිල තීරණය කරන්න ඉඩ දී රට ඇතුළේ ඉල්ලුම හා සැපයුම ගැලපෙන මිල පහසුවෙන්ම හොයා ගන්න පුළුවන්.
මේ වැඩෙන් ආරම්භයේදී තෙල් මිල තරමක් ඉහළ යා හැකියි. නමුත් අඩු උද්ධමනයක් තිබෙන මේ වගේ වෙලාවක එය ප්‍රශ්නයක් නොවනවා වගේම ආර්ථිකය ප්‍රසාරණය වීමට උදවුවක්ද වෙනවා. වෙළඳපොළ පිළිබඳව සැකයක් ඇත්නම් දැනට ක්‍රියාත්මක QR ක්‍රමය ඒ විදිහටම තියාගෙන ලබා දෙන තෙල් ප්‍රමාණය ටිකෙන් ටික වැඩි කරන්න පුළුවන්. මේ වගේ දෙයක් නොකළොත් නැවතත් ආර්ථිකය හැකිළෙන්න තිබෙන ඉඩකඩ බැහැර කරන්න බැහැ.
ඉකොනො ඊයේ පෙරේදා කිව්ව ලංකාවේ ආර්ථිකේ නියමෙට යනවා කියලා.
ReplyDeleteඒ කියලා කට ගත්තේ නෑ හෙන ගැහවා.
ඉකොනෝ නං සුපිරිම ඇස් වහ ඩයල් එකක්.
ම
@ Economatta
ReplyDeleteඔය කතාවේ හරිම ගැඹුරු ආර්ථික විද්‍යාත්මක ඇත්තක් තියෙනවා. 2022දී තිබුණේ ඩොලර් නැති නිසා තෙල් ගේන්න බැරිවෙච්ච, ඒ නිසාම QR එකක් දාලා බලහත්කාරයෙන් ඉල්ලුම හකුළුවලා (Demand Destruction) ඩොලර් ටික බේරගන්න කරපු තාවකාලික වැඩක් වුණාට, අද තියෙන්නේ ලෝක වෙළඳපොළේ සැපයුම සීමාවීම නිසා (Supply Shock) ඇතිවෙච්ච සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රශ්නයක්. එදා යුක්රේන යුද්ධය අස්සේ තෙල් මිල ඉහළ ගියත් ප්‍රධානම ප්‍රශ්නය වුණේ සංචාරක ව්‍යාපාරය කඩාවැටීම සහ උණ්ඩියල් ප්‍රචාර නිසා රට ඇතුළේ ඇතිවුණු ඩොලර් හිඟය වුණත්, අද ඩොලර් තිබුණත් ඉරාන යුද්ධය වැනි භූ-දේශපාලනික කාරණා නිසා ලෝක මිල දවසින් දවස අස්ථාවර වීමයි ප්‍රධාන ගැටලුව. ඉතින් එදා ආර්ථිකය හකුළුවන්න QR කෝඩ් එක හොඳ විසඳුමක් වුණාට, අද වගේ උද්ධමනය අඩු, ආර්ථිකය ප්‍රසාරණය විය යුතු වෙලාවක QR එකක් දාලා තෙල් සීමා කරනවා කියන්නේ රටේ නිෂ්පාදන සහ ප්‍රවාහන ක්‍රියාවලිය බලහත්කාරයෙන් අඩාල කරලා ආර්ථිකය හැකිළීමට (Contraction) පාර කැපීමක්. ඒ වගේම, ලෝක මිල දිනපතා වෙනස් වන අද වැනි පසුබිමක මාසෙකට සැරයක් මිල සංශෝධනය කරන පරණ මිල සූත්‍රයත් ප්‍රමාණවත් නැහැ; ඒ නිසා මේ අලුත් ලෙඩේට පරණ බෙහෙත් දීමෙන් වෙන්නේ තෙල් පෝලිම් පාලනය වුණත් ආර්ථිකයේ වර්ධනය සම්පූර්ණයෙන්ම අඩපණ වීමයි.
ඉකොනෝ ලංකාවේ වර්තමාන තත්ත්වය තුල තෙල් පරිභෝජනය පාලනය කරන QR code ක්‍රමය මීට පෙර 2022දී ගෙනාවේ එතකොට ලංකාවට සහ ලෝකයටම මීට වඩා බරපතල තෙල් ප්‍රශ්නයක් තිබුණා.
ReplyDeleteදැන් ඒක ආයේ ගෙනාවේ නැවතත් ඊට වඩා සීමිත තෙල් ප්‍රශ්නයක් ඇති වී තිබෙන නිසා. නමුත් එදා තෙල් ප්‍රශ්නය සහ අද තෙල් ප්‍රශ්නය ප්‍රශ්න දෙකක් ද එකම ද?
මේ තෙල් ප්‍රශ්න දෙකේ වෙනස ලංකාවේ ජනාධිපති දිසානායක විසින් විස්තර කර තිබෙන නමුත් එය සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්, ඔහු කියන විදියට එදා තෙල් තිබුණත් තෙල් මිල දී ගන්න ඩොලර් තිබුණේ නැහැ. අද ඩොලර් තිබුණත් මිල දී ගන්න තෙල් නැහැ, ඒ නිසා මේ ප්‍රශ්න දෙක වෙනස් ප්‍රශ්න දෙකක් බව, නමුත් ඇත්තටම නමුත් එදාත් 2021 සිට 2022 කාලයේ රුසියානු යුක්රේන යුද්ධය ආරම්භ වී එකපාරටම ලෝක තෙල් මිල අධික ලෙස ඉහල යාම සමග තෙල් මිල බැරලයක් ඩොලර් 124 ක් ඉක්මවා ගිය අතර ඊට පසුව වසර දෙකක් පමණ කාලයකදී සැපයුම විශාල ලෙස වැඩිකරලා කෙමෙන් එම ප්‍රශ්නය නිරාකරණය වී 2024-2026 කාලය පුරාම තෙල් මිල පහලට ඇද වැටී මිල තිබුණේ බැරලය ඩොලර් 60 සීමාවේ
ඒ වගේම වර්තමාන කෙටිකාලීන ඉරාන යුද්ධය නිසා තෙල් මිල තවමත් ඩොලර් 90 සීමාවේ පවතින අතර එය ඩොලර් 100 ඉක්මවා යනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා
අද ප්‍රශ්නයට විසඳුමක් සේ මේ වන විට ලබා දී තිබෙන්නේ එදා ප්‍රශ්නයට ලබා දුන් QR කෝඩ් විසඳුමමයි. ඔයා කියන විදියටම ඒ විසඳුම එදා පැවති ප්‍රශ්නයට හොඳම විසඳුමක් වූ නමුත් ප්‍රශ්නයේ ස්වභාවය වෙනස් වෙද්දී පරණ ප්‍රශ්නයකට දීපු විසඳුම අලුත් ප්‍රශ්නයට හරියටම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අද ප්‍රශ්නයට එදා විසඳුම දීමෙන් වෙනත් ප්‍රශ්න උග්‍ර වෙනවා.
එදා ඩොලර් ප්‍රශ්නයට හේතු වී තිබුණේ එක්සත් ජනපදය යුරෝපීය සංගමය ඇතුලු ලෝකයේ හැම රටක්ම කොවිඩ් වසංගතය කාලයේ කරපු විදිහට ලංකාවත් විශාල ලෙස සල්ලි අච්චු ගැසීම නිසා ඇති වී තිබුණු අධි ඉල්ලුම සහ ලංකාවේ ප්‍රධාන ආදායම වන සංචාරක කර්මාන්තය කොවිඩ් වසංගතය නීසා සම්පූර්ණයෙන්ම කඩා වැටීම නිසා එක දිගටම වසර තුනක් පමණ වසරකට ඩොලර් බිලියන පහ බැගින් සංචාරක ආදායම සම්පුර්ණයෙන්ම පාහේ නොලැබී ඩොලර සංචිත පහළ වැටීම, කොවිඩ් වසංගතය නිසා විදේශ ශ්‍රමිකයින් ලංකාවට විශාල ලෙස පැමිණීම සහ රට තුල සිටි අයට රට යාමට බැරිවීම, ඊට පෙර යහපාලන රජය කෙටිකාලීනව අරගෙන තිබුණු ISB ණය ඩොලර් මිලියන හතක් පමණ බැගින් වසරකට ගෙවීමට සිදුවීම, එවකට පැවති රජයේ ඇතැම් වැරදි තීන්දු තීරණ ඒ වගේම එවකට පැවති රජයට විරුද්ධව පැවති බොහෝ වැරදි ප්‍රචාර නිසාත් ආර්ථිකය කඩා වැටෙයි කියල කරපු සැලසුම් සහගත ප්‍රචාර propaganda නිසා විදේශ වල හිටපු ශ්‍රමිකයින් සල්ලි නොඑවීම හෝ උණ්ඩියල් මගීන් එවීම වගේ දේවල් හේතුවෙන් විශාල ඩොලර් හිඟයක් ඇතිවී ඒ මත පදනම්ව උද්ධමන ප්‍රශ්නයක්ද ඇති වී තිබුණා. ප්‍රශ්නයට විසඳුමක් ලෙස පොලී අනුපාතික ඉහළ දමා, ආර්ථිකය හකුළා, ඉල්ලුම පාලනය කළා.
ඔය QR කෝඩ් විසඳුම හරහා, තෙල් පෝලිම් ප්‍රශ්නය විසඳෙනවාට අමතරව, මේ වැඩෙත් වුනා. එය ඒ වෙලාවේ කළ යුතුව තිබුණු දේ බව කියන කතාව ඇත්ත.
නමුත් අද තත්ත්වය වෙනස්. මේ වෙද්දී උද්ධමන ප්‍රශ්නයක් නැහැ.
Deleteඑදා වගේම අදත් QR කෝඩ් විසඳුම හරහා, තෙල් පෝලිම් ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන්. නමුත් ඒ එක්කම සිදු වන අනෙක් දේ රටේ ආර්ථිකය හැකිළෙන එකයි.
රටක ආර්ථිකය ප්‍රසාරණය වෙන්න ඉන්ධන අවශ්‍යයි. ඉන්ධන සැපයුම සීමා වෙද්දී ආර්ථිකය හැකිලෙනවා. එදා අවශ්‍ය වී තිබුණේ ඩොලර් ප්‍රශ්නයට තාවකාලික පිළියමක් ලෙස ඉල්ලුමට ඉඩ නොදෙමින් ඉන්ධන සැපයුම සීමා කරන්න වුනත්, අද අවශ්‍යතාවය වන්නේ ඉල්ලුම හා ගැලපෙන සේ ඉන්ධන සැපයුම වැඩි කර ගැනීමයි.
එදා QR කෝඩ් විසඳුම ඉදිරිපත් කළේ ඩොලර් ප්‍රශ්නය යම් තරමකින් හෝ විසඳා ගන්නා තුරු තාවකාලික පිළියමක් ලෙස පමණයි. ඉන් පසුව, QR කෝඩ් තව දුරටත් අවශ්‍ය වුනේ නැහැ. ඒ එක්කම මිල සූත්‍රයත් තියෙනවා
ඉන් පසුව, මිල සූත්‍රය ක්‍රියාත්මක වූ පසුගිය කාලයේ දැන් මෙන් ඉරාන යුද තත්ත්වයක් තිබුනේ නැහැ. මාසයක කාලයක් ඇතුළත ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල විශාල ලෙස වෙනස් වූයේද නැහැ. ඒ නිසා, මාසයකට වරක් මිල ගැලපීම ප්‍රමාණවත් වුනා.
දැන් තත්ත්වය වෙනස්. ලෝකයේ තෙල් සංචිත විශාල ලෙස වෙළඳපොලට නීකුත් කරත් බැරල් මිලියන 400ක සංචිත නිදහස් කලත් ඉරානයේ දැඩි ප්‍රහාර හමුවේ එක්සත් ජනපදය ඊශ්‍රායලය යුරෝපීය නේටෝ සංවිධානය සහ වෙනත් රටවල් ඇතුලු මිත්‍ර පාර්ශව වල හමුදා දිනපතාම දැඩි පසුබෑමකට ලක්ව සිටින නිසා දවසින් දවස ලෝක තෙල් මිල වෙනස් වෙනවා. මේ තත්ත්වය තුළ මාසයකට වරක් මිල ගැලපීම ප්‍රමාණවත් විසඳුමක් නෙමෙයි. ඒ නිසා, QR කෝඩ් විසඳුම වගේම මෙතෙක් ක්‍රියාත්මක වූ මිල සූත්‍ර විසඳුමද අලුත් ප්‍රශ්නයට ප්‍රමාණවත් විසඳුම් නෙමෙයි.
ඉදිරිපත් කරපු යෝජනාව න්‍යායාත්මකව ලස්සනට පෙනුණට, ඒකේ තියෙන භයානක ආර්ථික විද්‍යාත්මක අවදානම මෙන්න මෙහෙම විග්‍රහ කරනවා
තෙල් මිල ලෝක වෙළඳපොළට "පෙග්" (Peg) කරලා නිදහසේ පාවෙන්න හැරීම ඩොලරය පා කරනවා වගේ සරල නැහැ, මොකද තෙල් කියන්නේ මුළු ආර්ථිකයේම පිරිවැය තීරණය කරන "ප්‍රධාන ආදායකය" (Primary Input) නිසයි. තෙල් මිල දිනපතා ලෝක වෙළඳපොළේ උච්චාවචනය වන වේගයෙන් දේශීයව පාවෙන්න හැරියොත්, ප්‍රවාහන ගාස්තු සහ නිෂ්පාදන පිරිවැය දිනපතා වෙනස් වීම නිසා ව්‍යාපාරිකයන්ට තමන්ගේ පිරිවැය පුරෝකථනය කරගත නොහැකි වී, ඔවුන් "අවිනිශ්චිතතා ප්‍රිමියම්" (Uncertainty Premium) එකක් එකතු කරමින් භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහළ දමනවා; මෙය "පිරිවැය-තල්ලු උද්ධමනය" (Cost-push Inflation) හරහා ආර්ථිකය ප්‍රසාරණය කරනවා වෙනුවට මුළු වෙළඳපොළම අස්ථාවර කරනවා. ඒ වගේම, QR ක්‍රමය (සලාකනය) පවත්වා ගනිමින් මිල පා කිරීම කියන්නේ එකිනෙකට පරස්පර ක්‍රමවේද දෙකක්, මොකද මිල යාන්ත්‍රණයෙන් (Price Mechanism) ඉල්ලුම පාලනය වෙන්න ඉඩ නොදී කෘත්‍රිමව QR එකෙන් ඒක හිර කරගෙන ඉන්නකොට වෙළඳපොළේ සැබෑ සමතුලිත මිලක් (Equilibrium Price) කවදාවත් හමු වෙන්නේ නැහැ.
එතකොට ඔය ප්‍රශ්නයට මගේ පිළිතුර
මෙවැනි භූ-දේශපාලනික කම්පන (Geopolitical Shocks) වලදී වඩාත්ම සාර්ථක විසඳුම වන්නේ මිල ස්ථායීකරණ අරමුදලක් (Price Stabilization Fund) ක්‍රියාත්මක කිරීමයි. ලෝක වෙළඳපොළේ මිල පහළ යන කාලවලදී ලැබෙන අතිරික්ත ලාභය එම අරමුදලට එකතු කරලා, දැන් වගේ යුදමය තත්ත්වයන් නිසා මිල හදිසියේ ඉහළ යන වෙලාවට එම අරමුදල හරහා සහනාධාර ලබා දී දේශීය මිල ස්ථාවරව තබා ගැනීමයි බුද්ධිමත් ආර්ථික කළමනාකරණය වන්නේ.
මේ "මිල ස්ථායීකරණ අරමුදලක්" ලංකාව වැනි රටකට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ආකාරය ගැන ඔයා හිතන්නේ මොකක්ද?