වෙබ් ලිපිනය:

Wednesday, March 18, 2026

සමාජවාදී රටකින් පාඩමක්!


වියට්නාම් සමාජවාදී ජනරජයේ කර්මාන්ත හා වෙළඳ අමාත්‍යංශය විසින් නිවේදනය කර ඇති පරිදි, මැද පෙරදිග අර්බුද තත්ත්වය තුළ ලෝක වෙළඳපොළේ තෙල් මිල දිනපතා සැලකිය යුතු ලෙස විචලනය වීම සැලකිල්ලට ගනිමින්, එරට ඉන්ධන මිල ගණන් දිනපතා වෙනස් කිරීම සඳහා එම අමාත්‍යංශය විසින් කර ඇති යෝජනාවක් අගමැතිවරයා විසින් අනුමත කර තිබෙනවා. මීට පෙර වියට්නාමයේ තෙල් මිල සංශෝධනය කරනු ලැබුවේ සතියකට වරක් සතියේ බ්‍රහස්පතින්දා දින වලයි. 

වියට්නාමය ඉහත තීරණය ගෙන තිබෙන්නේ අවම ඉන්ධන සංචිත පවත්වා ගැනීම සහ මිල ස්ථායීකරණ අරමුදලක් පවත්වා ගැනීම ඇතුළු සැලසුම්සහගත දිගුකාලීන ක්‍රියාමාර්ග ගණනාවක්ද කලින්ම ක්‍රියාත්මකව පැවති පසුබිමකයි. 

11 comments:

  1. මේ කියන මිල ස්ථායීකරණ අරමුදල නම් හොඳ වැඩක්, විශේෂයෙන්ම 2023 පමණ සිට තෙල් සංස්ථාව විශාල ලෙස ඉහළ බදු ආදායමක් සහ ලාභයක් ලබන නිසාම ඔය ණය තිබෙන බිලියන 880 (කෝටි 88,000 ක මුදල) වසර දෙක හමාරක පමණ කාලයක් තුල ලේසියෙන්ම තෙල් සංස්ථාවට ගෙවන්න පුළුවන් නිසා ඊළඟට ඒ බදු ආදායම යොදාගෙන ලංකාවට සමුච්චිත ස්ථායීකරණ අරමුදලක් හදලා ඒකෙන් බලශක්තිය ගබඩා පහසුකම් සහ දේශීය ඉන්ධන කර්මාන්ත කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට අවශ්‍ය තාක්ෂණික පියවර ගන්න පුළුවන් නේද? අවශ්‍ය නම් ඉන්ධන පිරිපහදුවක් හදන්න පුළුවන් කුඩා පරිමාණ එකක් ඒ වගේම පුනර්ජනනීය බලශක්ති වලට ආයෝජන කරන්න පුළුවන්, ඒත් මේ ඉන්න මරිමෝඩ ගොන් මාලිමා ආණ්ඩුවේ ගොබ්බ රැලට කිසිම අවබෝධයක් නෑනේ නිකම් පල් හෑලි කිය කියා පරණ ආණ්ඩු වලට බැන බැන මාධ්‍ය වලට අවලාද නගනවා විතරයි, කොටා ඇවිල්ල පොරටෝක් එක්ක පච කෙලිනවා විතරයිනේ ඉතින් සමාජ වාදයක් නැත අවස්ථාවාදය සහ උඩඟු පොරටෝක් පමණක් ඇත...

    ReplyDelete
  2. වියට්නාමය කොපමණ සමාජවාදී ද කියල මම මේ කල්පනා කලේ . කොමියුනිස්ට් පක්ෂය විතරයි සමාජවාදී. රතු ධනවාදීන්

    ReplyDelete
    Replies
    1. මෙහෙ කයිතමාත් එහෙමනෙ. පොත්ත විතරයි රතු. 😛🤣🤣🤣

      Delete
  3. මෙතනදී ඉකොනෝ තෝරාගෙන තිබෙන "සමාජවාදී" රට වන වියට්නාමය තෝරාගැනීම හරිම කාලෝචිතයි. වියට්නාමය ගැන කතා කරද්දී අපිට පේනවා සැබෑ සමාජවාදය සහ ලංකාවේ මේ දකින්න ලැබෙන "බොරු කයිවාරු සමාජවාදය" අතර තියෙන ලොකු වෙනස. මම වියට්නාමය එක්ක මගේ ව්‍යාපාර කටයුතුවල නිරත වන නිසා මගේ පෞද්ගලික අත්දැකීම් එක්ක ඒ ගැන කෙටියෙන් කියන්න පුළුවන්.

    වියට්නාමය කියන්නේ ඇත්තටම 'සමාජවාදී නැඹුරුවක් සහිත වෙළඳපොළ ආර්ථිකයක්' (Socialist-oriented market economy) පවතින රටක්. එතනදී වියට්නාම කොමියුනිස්ට් පක්ෂය තවමත් දැඩිව රඳවාගෙන ඉන්නවා 'සමාජවාදී සංකල්ප' කිහිපයක්.

    උදාහරණයක් විදිහට, එහේ ඉඩම්වල පෞද්ගලික අයිතියක් නැහැ, එහෙ සියලුම ඉඩම් අයිති රජයට, මිනිස්සුන්ට ලැබෙන්නේ ඒවා පරිහරණය කිරීමේ අයිතිය විතරයි. ඒ වගේම සෞඛ්‍යය සහ අධ්‍යාපනය වගේ ක්ෂේත්‍රවලට රජය විශාල වශයෙන් මැදිහත් වෙනවා.

    හැබැයි 1986 "දෝයි මෝයි" (Doi Moi) ප්‍රතිසංස්කරණ එක්ක ඔවුන් ලෝකයට විවෘත වුණා. ඔවුන්ගේ සමාජවාදය ඇතුළේ "නිෂ්පාදනය" කියන දේට ලොකු තැනක් දෙනවා මිසක්, ලංකාවේ වගේ නිකම් ඉඳන් මහන්සි වෙලා වැඩ කරන ස්මාට් විදියට හම්බ කරන දක්ෂ මිනිස්සුන්ට කණ පැලෙන්න බදු ගහලා ඔවුන්ගේ උපයාගත් ධනය සූරා කාලා ඒවා නිකමූන් විසින් බෙදාගෙන කන එකට නෙවෙයි තැන දෙන්නේ.

    ​හැබැයි ඉකොනෝ, ලංකාවේ මේ සමාජවාදීන්ගේ දෙබිඩි පිළිවෙත දැක්කම නම් ඇත්තටම කලකිරෙනවා. ලංකාවේ බොරු සමාජවාදී නම් දාගෙන ආපු මාලිමා ආණ්ඩුවේ උන් ලයිට් ඔක්කොම දාගෙන, AC උපරිමේට දාගෙන, කැමරා ඉස්සරහට වෙලා මිනිස්සුන්ට කියනවා තෙල් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න කියලා. කවුරුහරි දැක්කද උන් එකෙක්වත් උන්ගේ සැප අඩු කරගෙන තියෙනවා? නැහැ ඉකොනෝ... උන් අපේ බදු සල්ලිවලින් හොඳට රජ සැප ගන්නවා, වෙනදා වගේම කනවා, බොනවා, පාටි දානවා, ප්රමිශ්කා වගේ සුපිරි අඟනුන් සමග සුඛවිහරණය කරනවා, සමරිසි අයත් උපරිම ලෙස සමරිසි සැප ගන්න අතරේ රටේ අසරණ ජනතාව තෙල් පෝලිමේ කරවෙද්දී උන් එකෙක්වත් දැක්කද තෙල් පෝලිමක ඉන්නවා? නැහැ... උන්ගේ ළමයි AC දාගෙන සැපට ඉස්කෝලේ යනවා, ඒත් අපේ ළමයි දාඩිය පෙරාගෙන අව්වේ ඇවිදිනවා.

    ​අපි දැන් අවුරුදු දෙකක් සැරට විදුලි බිල ගෙව්වා නේද? කෝ 2/3ක් අඩු කරනවා කිව්ව බිල? ණය ගෙවලත් නැහැ, බිල අඩු වෙලත් නැහැ. ඒ මදිවට විදුලි බල මණ්ඩලේ උන් කඩලා වික්කා. තව ටික දවසකින් උන් අපේ කරන්ට් කපනවා, ඒක ස්ථීරයි . බාල ගල් අඟුරු ගෙන්නලා බලාගාර කැඩුවා, උන් ඒවගෙන් කෝටි ප්‍රකෝටි ගණන් කොමිස් ගත්තා, අන්තිමේදී අපට කොකා පෙන්නුවා. ඇත්තටම ඉකොනෝ, ලංකාවේ ඉන්න උන් දැන්මම ඉටිපන්දම් ටිකක් අරගෙන අලුත් අවුරුද්දට ලෑස්ති වෙයල්ලා. මේ වගේ මෝඩ හැත්තකට රැවටිලා ඉන්න එක ගැන හිතද්දීත් මහා ලොකු වේදනාවක් දැනෙනවා.

    ReplyDelete
  4. කොතැනින් වුවත් හරි දේවල් ගත යුතුය
    කාගෙන් වුණත් හොඳ පාඩම් ගත යුතුය
    එනමුත් හොඳට විමසා බැලුමත් හොඳය
    කොයි දේකටත් නරකයි වැඩි කලබලය

    ReplyDelete
  5. වියට්නාමය කියන්නේ ලංකාව විසින් සෑහෙන ගැඹුරට අධ්‍යනය කරන්න ඕන රටක්, අපි වියට්නාමය දිහා බැලුවොත් ඒක ඇත්තටම 'සමාජවාදී දිශානතියක් සහිත වෙළෙඳපොළ ආර්ථිකයක්' (Socialist oriented market economy), ඒ කියන්නේ කොමියුනිස්ට් පක්ෂය සතුව දේශපාලන බලය තියාගෙන නිෂ්පාදන බලවේග ශක්තිමත් කරන්නට නිදහස් වෙළඳපොළ තරගකාරිත්වය ඇතුළු ධනවාදී මෙවලම් පාවිච්චි කරන ඉතාම පැහැදිලි දෘෂ්ටිවාදී රාමුවක් තියෙන රටක් බව පැහැදිලිව කිවහැකියි, හැබැයි ලංකාවේ මේ 'මාලිමාව' හෙවත් ජවිපෙ ආණ්ඩුව කරන්නේ ඔයා කියනවා වගේ කිසිම දර්ශනයක් නැති 'මුසාවාදය' මත පදනම් වෙච්ච අමු තක්කඩි දේශපාලනයක්. මුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ඇහුවම කපටි අනුරයා "අපි ලේබල් අලවන්නේ නැතුව ඉමු" වගේ අමු තක්කඩි කතා කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැතිකම වහගන්න කියන අමු ගොන් උත්තරයක්, මොකද පැහැදිලි vision එකක්, දර්ශනයක්/ ලේබලයක් නැතිව කිසිම රාජ්‍යයකට ආර්ථික දිශානතියක් තීරණය කරන්න බැරි නිසා.

    මේ ගැන දීප්ති කුමාර ගුණරත්න කියන විදිහට NPP මුන් කරන්නේ නරුමවාදී විදිහට මිනිස්සුන්ව රවට්ටන එක, එක පැත්තකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) එක්ක නව-ලිබරල් ධනවාදී ඩීල් දාන ගමන්, අනිත් පැත්තෙන් ගම් මට්ටමේදී අහිංසක බහුතර ජනතාවට තවමත් අර පරණ සමාජවාදී ජනතාවාදී හීන පෙන්නනවා. වියට්නාමය තමන් කරන්නේ මොකක්ද කියලා ලෝකෙටම ප්‍රකාශ කරලා ඒක ක්‍රියාවෙන් ඔප්පු කරද්දී, අපේ රටේ මේ කට්ටිය කරන්නේ කිසිම තර්කානුකූල පදනමක් නැති 'අවස්ථාවාදී' (Opportunistic) තීරණ ගනිමින් රටම රවට්ටන එකයි.

    මේක හරියටම පැහැදිලි කළොත් මාලිමාව කියන්නේ හදවතක් නැති, ලේබලයක් නැති, හුදෙක් බලය විතරක්ම ඉලක්ක කරපු 'ටොක්සික්' දේශපාලන වයිරසයක් වගේ එකක්.

    මේ 'ප්‍රතිපත්තියක් නැති නරුමවාදය' නිසා ලංකාවේ ආර්ථිකයට වෙන්න යන ව්‍යුහාත්මක හානිය (Structural Damage) ඇත්තටම භයානකයි; මොකද ආයෝජකයෙක් හෝ ව්‍යවසායකයෙක් රටකට එන්නේ ඒ රටේ තියෙන 'ප්‍රතිපත්තිමය ස්ථාවරභාවය' (Policy Consistency) බලලා මිසක් මේ වගේ 'ලේබල් නැති' තක්කඩි කතා අහන්න නෙවෙයි, ඉතින් මාලිමාවේ ආණ්ඩුව "අපි ධනවාදීත් නැහැ, සමාජවාදීත් නැහැ" කියමින් කරන මේ මංමුළා සහගත ඔල්මාද සෙල්ලම නිසා වෙන්නේ පහුගිය වසර 76 තුල රටේ එකතු වූ හෝ රටට පැමිණ තිබෙන දේශීය සහ විදේශීය ප්‍රාග්ධනයත් රටෙන් පලා යන එකයි.

    වියට්නාමය වගේ රටවල් තමන්ගේ 'සමාජවාදී දිශානතිය' ඇතුළේ වුණත් ඉතාම පැහැදිලි නීති පද්ධතියක් සහ වෙළෙඳපොළ නිදහසක් සහතික කරද්දී, අපේ රටේ මාලිමාවේ මුන් කරන්නේ ජනප්‍රියවාදී (Populist) තීරණ ගනිමින් පද්ධතිය තව තවත් අවුල් කරන එක.

    ​උදාහරණයක් විදිහට, එක පැත්තකින් පෞද්ගලික අංශය දියුණු කරනවා කියන ගමන්, අනිත් පැත්තෙන් රාජ්‍ය මැදිහත්වීම සහ අධික බදු පැනවීම් හරහා ව්‍යවසායකයා අධෛර්යමත් කරනවා. මේක හරියට මාලිමාව කියන 'මෙහෙයුම් පද්ධතිය' ඇතුළේ එකිනෙකට පරස්පර 'වයිරස්' දෙකක් එකවර වැඩ කරනවා වගේ වැඩක්, ඉතින් අවසානයේදී වෙන්නේ ආර්ථිකය 'හැන්ග්' (Hang) වෙලා නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩපණ වෙන එකයි. දීප්ති කියනවා වගේ මේක දෘෂ්ටිවාදී හිස්බවක් වගේම, මේ 'මුසාවාදය' නිසා ලංකාවට ලෝක වෙළෙඳපොළේ තියෙන විශ්වාසය (Credibility) බිංදුවටම වැටිලා, අන්තිමට අපිට ඉතුරු වෙන්නේ හිස් බඳුනක් විතරයි.

    ReplyDelete
    Replies
    1. අපි මේ මඩගොහොරුවෙන් ගොඩ එන්න නම්, අපේ රටේ "ව්‍යවසායකත්ව සංස්කෘතිය" සම්පූර්ණයෙන්ම 'රීසෙට්' (Reset) කරන්නම ඕනේ

      මොකද දැනට ලංකාවේ තියෙන්නේ ව්‍යවසායකයාව "හූරන් කන්නෙක්" විදිහට බලන අර පරණ කුහක ජවිපෙ තුප්පහි වාමාංශික මනෝභාවයයි, මාලිමාව වගේ පක්ෂ මේ වෛරී මානසිකත්වය තවත් පෝෂණය කරමින් "මුසාවාදය" වපුරන එකයි කරන්නේ.

      ​වියට්නාමය වගේ රටවල් දියුණු වුණේ ඔවුන්ගේ පද්ධතිය ඇතුළේ ව්‍යවසායකයාට "ජාතික වීරයෙක්" වගේ ගෞරවයක් දීලා, රතු පටි (Red Tape) අයින් කරලා, එක දවසකින් ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් විනිවිද පෙනෙන ඩිජිටල් පද්ධතියක් (E-Government) හැදුව නිසයි.

      හැබැයි අපේ රටේ තාමත් වෙන්නේ අලුත් අදහසක් තියෙන කොල්ලෙක්ට කෙල්ලෙක්ට වැඩක් කරන්න දෙන්නේ නැතිව, මාලිමාව වගේ පක්ෂවල දේශපාලන හෙන්චයියෝ කියන නිකමුන් පිරිසක් සහ අකාර්යක්ෂම රාජ්‍ය නිලධාරීන් ලවා ඒක කඩාකප්පල් කරන එක.

      උදාහරණයක් විදිහට, මාලිමාවේ ආණ්ඩුව "අපි ලේබල් අලවන්නේ නැහැ" කියමින් ව්‍යාපාරිකයාට අවශ්‍ය නිශ්චිත ප්‍රතිපත්තිමය ආරක්ෂාව (Policy Protection) දෙන්නේ නැතිව, ඔවුන්ව තවමත් සැකයෙන් බලන සංස්කෘතියක් නඩත්තු කරනවා. මේක හරියට අලුත් සොෆ්ට්වෙයාර් එකක් දාන්න කලින් පරණ වයිරස් ටික අයින් කරන්නේ නැතිව කොම්පියුටරය රීසෙට් කරන්න හදනවා වගේ මෝඩ වැඩක්.

      ​ඒ නිසාම, සැබෑ 'රීසෙට්' එකක් කියන්නේ ආණ්ඩුව මැදිහත් වෙලා ව්‍යවසායකයාට බාධා කරන හැම රෙගුලාසියක්ම අයින් කරලා, "ව්‍යවසායකත්වය කියන්නේ අපරාධයක් නෙවෙයි, ඒක රටක් ගොඩනගන ප්‍රධානම එන්ජිම" කියන පණිවිඩය සමාජගත කරන එකයි. එහෙම නැතුව මේ මාලිමාවේ තක්කඩි අවස්ථාවාදය ඇතුළේ අපිට කවදාවත් ලෝකයත් එක්ක තරග කරන්න පුළුවන් දියුණු ව්‍යවසායක පරපුරක් හදන්න ලැබෙන්නේ නැහැ.

      අපි මේ කියන 'රීසෙට්' එකේ ඇත්තම පදනම වෙන්න ඕනේ තරුණ ව්‍යවසායකයාට පීඩනයක් නොවී නැගිටින්න පුළුවන් "ඩිජිටල් බැංකුකරණ සහ බදු සහන පද්ධතියක්" හදන එකයි. හැබැයි මාලිමාවේ ආණ්ඩුව කරන්නේ ඒකේ අනිත් පැත්ත, ඒ කියන්නේ කිසිම තර්කයක් නැතිව "බදු සූරාකෑම" හරහා භාණ්ඩාගාරය පුරවගෙන, ඒ සල්ලි අකාර්යක්ෂම රාජ්‍ය සේවය නඩත්තු කරන්න නාස්ති කරන එකයි.

      ​වියට්නාමය වැනි රටවල් තමන්ගේ තරුණ නව නිපැයුම්කරුවන්ට මුල් අවුරුදු පහේදී 'බදු නිවාඩු' (Tax Holidays) දෙනවා වගේම, ඕනෑම ගනුදෙනුවක් තත්පරයකින් කරගන්න පුළුවන් විවෘත ඩිජිටල් බැංකු පද්ධතියක් (Open Banking) හඳුන්වා දීලා තියෙනවා

      හැබැයි අපේ රටේ මාලිමාව "අපි ලේබල් අලවන්නේ නැහැ" කියමින් කරන්නේ, තවමත් පරණ බැංකු ක්‍රමය ඇතුළේ තරුණයෙක්ට ණයක් ගන්න ගියාම අම්මගේ තාත්තගේ දේපළ ඇපයට ඉල්ලන ඒ ගොන් තක්කඩි සංස්කෘතියම නඩත්තු කරන එකයි.

      ​උදාහරණයක් විදිහට, අද ලෝකේ දියුණු රටවල් AI සහ Fintech පාවිච්චි කරලා ව්‍යවසායකයාගේ 'අදහස' (Idea) ඇපයට අරන් ප්‍රාග්ධනය දෙද්දී, මාලිමාවේ ආණ්ඩුව කරන්නේ තවමත් "රාජ්‍ය මැදිහත්වීම" කියන ලේබලය යටතේ හැමදේම පාලනය කරන්න හදන එක. මේක හරියට අලුත්ම ජෙනරේෂන් එකේ සොෆ්ට්වෙයාර් එකක් පරණ ඩොට් මැට්‍රික්ස් ප්‍රින්ටර් එකකින් පින්ට් කරන්න හදනවා වගේ වැඩක්.

      ​ඉතින්, ඇත්තම රීසෙට් එකක් වෙන්නේ, තරුණ ව්‍යවසායකයෙක් තමන්ගේ පළමු රුපියල් මිලියන 10 උපයනකම් කිසිම බද්දක් අය නොකරන, සියලුම බැංකු ගනුදෙනු ආණ්ඩුවේ දේශපාලන හෙන්චයියන්ගෙන් තොරව ඩිජිටල් විදිහටම සිද්ධ වෙන විනිවිද පෙනෙන ක්‍රමයක් හදන එකයි.

      එහෙම නැතුව මේ මාලිමාවේ "මුසාවාදය" සහ දෘෂ්ටිවාදී හිස්බව ඇතුළේ තරුණ පරපුරට ඉතුරු වෙන්නේ රට දාලා යන එක විතරයි.

      අපි මේ කියන 'ඩිජිටල් රීසෙට්' එකේ තියෙන ලොකුම අභියෝගය තමයි මේ ලක්ෂ 15ක් විතර වෙන "අතිරික්ත සහ අකාර්යක්ෂම රාජ්‍ය සේවය" කළමනාකරණය කරන එක, හැබැයි මාලිමාවේ ආණ්ඩුව කරන්නේ ඒකේ අනිත් පැත්ත, ඒ කියන්නේ මේ මාලිමා වෘත්තිය සමිතිවලට සම්බන්ධ රජයේ සේවය කරන නිකමුන් පිරිසගේ ඡන්ද ටික බලාගෙන ඔවුන්ව තව තවත් නඩත්තු කරමින්, ඒ බර අර අහිංසක පෞද්ගලික අංශයේ ව්‍යවසායකයාගේ කර පිට පටවන එකයි.

      Delete
    2. ​වියට්නාමය වගේ රටවල් තමන්ගේ රාජ්‍ය සේවය 'ලීන්' (Lean) කළේ හැමදේම ඩිජිටල්කරණය කරලා, මිනිස්සුන්ව කෙළින්ම නිෂ්පාදන අංශයට (Manufacturing) යොමු කරලයි.

      හැබැයි අපේ රටේ මාලිමාව "අපි ලේබල් අලවන්නේ නැහැ" කියමින් කරන්නේ, තවමත් පරණ ලිපිගොනු පස්සේ රස්තියාදු වෙන, දූෂණයට මඟ පාදන ඒ ගොන් තක්කඩි 'ෆයිල්' සංස්කෘතියම ඩිජිටල් ලේබලයක් යටතේ හංගගෙන ඉන්න එකයි.

      ​උදාහරණයක් විදිහට, අද ලෝකේ දියුණු රටවල් එක 'සුපිරි ඇප්' (Super App) එකකින් මුළු රාජ්‍ය සේවයම පාලනය කරද්දී, අපේ රටේ මාලිමාවේ ආණ්ඩුව කරන්නේ තවමත් එකම දේට ආයතන දහයකට යන්න ඕන කරන ඒ 'සිස්ටම් එක' ඇතුළේ තමන්ගේ දේශපාලන හෙන්චයියන්ට රක්ෂා දෙන එක. මේක හරියට අලුත්ම 'ක්ලවුඩ්' (Cloud) පද්ධතියක් පාවිච්චි කරනවා කියන ගමන්, දත්ත ගබඩා කරන්න තවමත් පරණ 'ෆ්ලොපි ඩිස්ක්' (Floppy Disk) පාවිච්චි කරනවා වගේ වැඩක් .

      ​ඉතින් මචං, ඇත්තම රීසෙට් එකක් වෙන්නේ, රාජ්‍ය සේවයේ ඉන්න අතිරික්ත පිරිසට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන්න (VRS) අවස්ථාව දීලා, ඔවුන්ව ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් හරහා පෞද්ගලික අංශයේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක කරගන්න එකයි. එහෙම නැතුව මේ මාලිමාවේ "මුසාවාදය" සහ දෘෂ්ටිවාදී හිස්බව ඇතුළේ මේ අකාර්යක්ෂම රාජ්‍ය සේවය නඩත්තු කරන්න ගිහින් මුළු රටේම ආර්ථිකය 'ක්රෑෂ්' (Crash) වෙන එක නවත්තන්න බැහැ.මේ කියන 'රීසෙට්' එකේ අවසාන ප්‍රතිඵලය වෙන්න ඕනේ, ලංකාව ආයෙත් "ගෝලීය වෙළෙඳපොළට විවෘත (Global Integration)" කරන එකයි.

      හැබැයි මාලිමාවේ ආණ්ඩුව කරන්නේ ඒකේ අනිත් පැත්ත, ඒ කියන්නේ පරණ වාමාංශික බෝඩ් ලෑලි පාවිච්චි කරලා ලංකාව ලෝකෙන් හුදකලා කරන ඒ 'මුසාවාදය' පතුරවන එකයි.

      ​වියට්නාමය වගේ රටවල් දියුණු වුණේ ලෝකෙටම "අපි විවෘතයි" කියලා ප්‍රකාශ කරලා, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපීය සංගමය එක්ක නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTAs) ගහලා, ලෝකයේ ප්‍රධාන සැපයුම් දාමයක (Supply Chain) කොටස්කරුවෙක් වුණ නිසයි. හැබැයි අපේ රටේ මාලිමාව "අපි ලේබල් අලවන්නේ නැහැ" කියමින් කරන්නේ, තවමත් පරණ ආනයන පාලන සහ අධික තීරුබදු හරහා ලංකාවේ පාරිභෝගිකයාට සහ ව්‍යවසායකයාට ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න තියෙන ඉඩකඩ වහන ඒ තක්කඩි අවස්ථාවාදයයි.

      ​උදාහරණයක් විදිහට, අද ලෝකේ දියුණු රටවල් ඩිජිටල් වේදිකා (Digital Platforms) හරහා තමන්ගේ සේවාවන් සහ භාණ්ඩ විදේශයන්ට විකුණද්දී, අපේ රටේ මාලිමාවේ ආණ්ඩුව කරන්නේ තවමත් "අධික ලෙස බදු වැඩිකර" IMF ඉලක්ක කියන මුවාවෙන් තරගකාරීත්වය නැති කරලා, අපේ නිෂ්පාදන ලෝක මට්ටමට (Global Standards) ගෙනියන්න තියෙන උත්තේජනය නැති කරන එක. මේක හරියට අලුත්ම 'හයි-ස්පීඩ් ඉන්ටර්නෙට්' (High-speed Internet) එකක් තියාගෙන ලෝකයත් එක්ක සම්බන්ධ වෙන්නේ නැතුව තමන්ගේම 'ලෝකල් නෙට්වර්ක්' (Local Network) එකක් ඇතුළේ කැරකෙනවා වගේ මෝඩ වැඩක් මචං.

      ​මේ නිසා ඇත්තම රීසෙට් එකක් වෙන්නේ ලෝකයේ තියෙන ප්‍රාග්ධනය, තාක්ෂණය සහ දැනුම කිසිම බාධාවකින් තොරව ලංකාවට එන්න ඉඩ දෙන විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් (Open Economy Policy) හදන එකයි. එහෙම නැතුව මේ මාලිමාවේ "ලේබල් නැති" නරුමවාදය ඇතුළේ ලෝක වෙළෙඳපොළේ අපිට තියෙන විශ්වාසය නැති වෙලා, අන්තිමට ලංකාව කියන්නේ ලෝක සිතියමේ තියෙන තවත් එක අසාර්ථක රාජ්‍යයක් (Failed State) විතරක් වෙයි.

      Delete
    3. මුන් කොහේ ඩිජිටල කරන්නද, QR Code එකෙන් නාපු නෑම දැක්කනේ . අර මහා ඩිජිටල පොරක්ව ගොඩ බැස්සුවා නේද? උන්දැ කොහෙද දන්නෑ

      Delete
  6. +++++++++++++++++++++++++++++++

    ReplyDelete
  7. මේ ඇනෝ සහෝඅරවරු නොකියන කතාවක් තියනවනේ . කොලේ වහා කතා කරන්නේ . වියට්නාමය බිහිවුනේ කොහොමද ? උතුරු සහ දකුණු විට්නාමය , උතුරු වියට්නාමයේ පිහිටාපු සමාජවාදී ආණ්ඩුව විප්ලවයකින් පස්සේ . හෝචිමිං , වියට්නාම යුද්ධය ඇමෙරිකාව පරාජය වුනු . ඊට පසේ පිහිටෙව්වේ සමාජවාදී රජයක් . ඒකෙ පෞද්ගලික දේපල අයිතිය නැහැ. අනිත් සමාජවාදී රටවල් වගේ සංවෘත ආර්ථිකයක් තිබ්බේ . ඊට පස්සේ චීන මගම අරගෙන විවෘත ආර්ථිකයට ගියා . 1986 වගේ පටන්ගත්තේ . අමෙර්කව එක්ක හොඳයි , වෙළඳාම පටන් ගත්ත . 1990 සහ 1993 ඉඳන් ලෝක බැංකුවෙන් සහ IMF ණය ගත්ත . එතකොට ලංකාවේ තියෙන්නේ චන්දෙන් පත්වෙච්ච ආණ්ඩුවක් . විවර්ත ආර්ථිකය වඩා හොඳට ගෙනියනවා . සමාජවාදී ලක්ෂණ තියනව . මොකද්ද ප්‍රශ්නේ . එකම දේ තනි පක්ෂ ආණ්ඩුවක් නැහැ . ඒකත් අවශ්‍යනම් ගේන්න පුළුවන් දෙයක් . වියට්නාමයේ නිදහස් මාධ්‍ය නැහැ , කොමියුනිස්ට් පක්ෂය ආණ්ඩුව විවේචනය කරන්න බැහැ . ඒවත් ගේන්නද ? නැත්නම් මේ ලේබල් ගහන්නේ නැතිව යන මග යනවද ? ඉල්ලන් දේ ගැන පරිස්සම් වෙන්න

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: