කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, 2026 මාර්තු මාසයේ උද්ධමනය 2.2%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව, 2026 පළමු කාර්තුවේ සාමාන්‍ය උද්ධමන වේගය 2.0%ක් සේ සටහන් වෙනවා.
ශ්‍රී ලංකා රජය සහ මහ බැංකුව අතර තිබෙන ගිවිසුම අනුව, මහ බැංකුව විසින් කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 3%-7% සීමාව ඇතුළත රඳවා ගනිමින් 5%ක සාමාන්‍ය උද්ධමන වේගයක් ඉලක්ක කළ යුතුයි. මෙම උද්ධමන ඉලක්කය පරීක්ෂාවට ලක් කෙරෙන්නේ කාර්තුවකට (මාස තුනකට) වරක්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකු අධිපති අතර 2023 ඔක්තෝබර් 3 දින මේ හා අදාළ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව මහ බැංකුවට ඉලක්කය තුළ රැඳී සිටින්නට හැකි වූයේ 2024 පළමු කාර්තුවේදී පමණයි. 2024 දෙවන කාර්තුවේ සිට 2026 පළමු කාර්තුව දක්වා එක දිගට කාර්තු අටක්ම මහ බැංකුවට රජය විසින් ලබා දුන් උද්ධමන ඉලක්කය ලඟා කර ගැනීමට හැකි වූයේ නැහැ.
මෙහිදී සිදු වූයේ උද්ධමනය එකඟ වූ ඉලක්ක සීමාව ඉක්මවා යාම නොව ඉලක්කයට වඩා පහතින් පැවතීමයි. 2026 පළමු කාර්තුවේදීද උද්ධමන ඉලක්කය ගිලිහී ඇති බැවින් මහ බැංකුවට නැවත වරක් රජයට කරුණු දැක්වීමට සිදු වෙනවා.
මහ බැංකුවට දෙවසරක කාලයක් පුරා රජය විසින් ලබා දුන් උද්ධමන ඉලක්කය ලඟා කර ගැනීමට නොහැකි වීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ ඉන්ධන සහ විදුලි ගාස්තු ආදියේ මිල රජය විසින් පහත හෙළීමයි. අනෙක් ප්‍රධාන හේතුව වූයේ ඩොලරයක මිල පහත වැටීමයි.
මේ වන විට ඉන්ධන හා විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු වී ඇති බැවින් සහ ඩොලරයක මිලද ඉහළ යමින් ඇති බැවින්, උද්ධමනයේද වැඩි වීමක් සිදු වෙමින් තිබෙනවා. ඒ අනුව, 2026 දෙවන කාර්තුව තුළ මහ බැංකුවට සිය උද්ධමන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට හැකි වේයැයි සිතිය හැකියි.
පසුගිය මාර්තු මාසය තුළ ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් ඇතත්, සහල්, පොල්, එළවලු වැනි ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල පහත වැටීම හේතුවෙන් උද්ධමනය කෙරෙහි සිදු විය හැකිව තිබුණු ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑමෙන් සැලකිය යුතු කොටසක් නිශේධනය වී තිබෙනවා.
ලංකාවේ ආණ්ඩුව එක පැත්තකින් රුපියල් බිලියන 1,755 ක 'ප්‍රාථමික අතිරික්තයක්' ගැන උදම් අනනවා, ඒ කියන්නේ ආදායමෙන් එදිනෙදා වියදම් පියවලා ඉතිරියක් තියෙනවා කියලයි මුන් කියන්නේ. හැබැයි අනිත් පැත්තෙන් මහ බැංකුව කියනවා 2025 අවුරුද්ද ඇතුළත විතරක් රජයේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.25 කින් වැඩි වෙලා කියලා.
ReplyDeleteමේක කොහොමද මචං ගැලපෙන්නේ? අතිරික්තයක් තියෙනවා නම් තවත් ට්‍රිලියනයකට වඩා ණය වෙන්න ඕනෙද?
ඒ නිසා මට පේන විදියට මෙතන තියෙන රහස තමයි මචං, මුන් 'අතිරික්තය' පෙන්නන්නේ ණය පොලියයි, වාරිකයි ගෙවන්නේ නැතුව ඒවා 'පොරොන්දු නෝට්ටු' විදිහට 2028 ට කල් දාලා. ඒ කියන්නේ ඇත්තටම අපිට තියෙන්නේ 'හිඟයක්' මිසක් අතිරික්තයක් නෙමෙයි.
විශේෂයෙන්ම විදේශ ණය බිලියන 890 කින් වැඩි වෙලා තියෙන්නේ අපි තාම ණය ගෙවන්න පටන් අරන්වත් නැතිවයි. ඉතින් 2028 දී අර ඩොලර් බිලියන 5 ක 'ණය සුනාමිය' එද්දී මේ මවාගත්ත ඉලක්කම් සේරම කුඩු වෙලා යනවා.
මේක හරියට මචං, වාරිකය නොගෙවා මඟඇරලා බැංකුවෙන් 'කළු ලැයිස්තුවට' දාන්න ඔන්න මෙන්න තියෙද්දී, අතේ තියෙන සොච්චම පෙන්නලා ගෙදර අයට 'මම හරි ධනවත්' කියලා බොරු කියන මෝඩ පියෙක්ගේ ප්‍රෝඩාවම තමයි.සරලවම හිතපන්, ඇත්තටම අතිරික්තයක් තියෙනවා නම් රජය තවත් ට්‍රිලියන 1.25 ක් ණය වෙන්නේ ඇයි? මෙතන තියෙන ඇත්ත කතාව තමයි, ණය පොලිය සහ වාරික ගෙවීම පැහැර හැරීම නිසා (Deferred Interest & Principal) ගිණුම් පොත්වල 'අතිරික්තයක්' පෙනුනට, ඒ නොගෙවූ මුදල සමස්ත ණය කන්දට (Stock of Debt) එකතු වෙලා ණය බර තවත් වැඩි වෙන එක.
ප්‍රාග්ධන වියදම් (CapEx) බරපතල විදියට කපා හැරලා නිසා රටේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරන මහාමාර්ග, වාරිමාර්ග වගේ රාජ්‍ය ආයෝජන බිංදුවටම කපලා පෙන්වන මේ අතිරික්තය හරියට 'වපුරන්න තියෙන වී ටිකත් කාලා බඩ පිරුණා' කියලා පම්පෝරි ගහනවා වගේ වැඩක්.
ප්‍රාග්ධන ආයෝජන (වියදම් ?) නැතිව 2028 වෙද්දී 5% ක වර්ධනයක් ගන්නවා කියන්නේ හිතළුවක් විතරයි.
2028 'ණය සුනාමිය' එන්නත් කලින් දැනටමත් විදේශ ණය බිලියන 890 කින් වැඩි වෙලා තියෙන්නේ අපි තාම එක ඩොලරයක ණය වාරිකයක්වත් ගෙවන්න පටන් ගන්නේ නැතිවයි. 2028 ඉඳන් වසරකට ඩොලර් බිලියන 5 ක් (රුපියල් බිලියන 1,600 ක් විතර) විදේශ ණය ගෙවන්න වුණාම, දැන් මේ උදම් අනන ප්‍රාථමික අතිරික්තය කොහේ තියෙයිද? ඒ මදිවට දැන් ගන්න අධික පොලී ණයත් එකතු වුණාම රටේ මූල්‍ය පද්ධතියම අඩපණ වෙනවා නේද?
@ Economatta
ReplyDeleteරජයේ කුප්‍රකට (ව්‍යාජ ) ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියන විගඩම සහ කොළඹ CPI එක පෙන්වන මේ 2.2% උද්ධමන අගය කියන්නේ පට්ටපල් බොරුවක් විතරක් නෙමෙයි, ඒක ආර්ථික විද්‍යාව නොදන්නා සාමාන්‍ය ජනතාව නොමඟ යවන දරුණු "සංඛ්‍යාලේඛන වංචාවක්" (Statistical Manipulation) බව Annonymous කමෙන්ට්කරුවෙක් විදිහට මම ඉතාමත්ම වගකීමෙන් යුතුව කියන්න ඕනේ.
මුන් කියන විදිහට උද්ධමනය 5% ට වඩා අඩුවෙන් පවතින්නේ රජය සහ මහ බැංකුව දක්ෂ නිසා නෙමෙයි, රජය විසින් මහාමාර්ග, පාලම්, වාරිමාර්ග වැනි යටිතල පහසුකම් සංවර්ධනයට වෙන් කරන ප්‍රාග්ධන වියදම් (Capital Expenditure) බිංදුවටම කපලා, වෙළඳපොළේ මුදල් සංසරණය බලහත්කාරයෙන් හිර කරලා, මිනිස්සුන්ගේ ඉල්ලුම (Demand) මර්දනය කරලා තියෙන නිසයි; සරලවම කිව්වොත් බඩු මිල වැඩි නොවී තියෙන්නේ මිනිස්සුන්ට බඩු ගන්න සල්ලි නැති නිසා මිසක් බඩු බහුල නිසා නෙමෙයි.
අනෙක් පැත්තෙන්, මේ 2.2% ඇතුළේ 18% ක අධික වැට් (VAT) බද්දෙන් සහ අනෙකුත් වක්‍ර බදුවලින් ජනතාවගේ ජීවන වියදමට එකතු වෙන මාරාන්තික බර නිරූපණය වෙන්නේ නැහැ. 2021 ට සාපේක්ෂව බිත්තර, සීනි, විදුලිය සහ බස් ගාස්තු 200% - 500% අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබියදී, එම අධික මිල මට්ටම (High Price Level) එලෙසම පවතිද්දී, උද්ධමනය 2% යි කියා පම්පෝරි ගැසීම හරියට මචං ටොන් එකක බරක් කර තබාගෙන ඉන්න මනුස්සයෙකුට "දැන් අපි අලුතෙන් බර පටවන්නේ නැහැ, ඒ නිසා ඔයාට බරක් දැනෙන්නේ නැති වෙන්න ඕනේ" කියනවා වගේ අමනෝඥ වැඩක්.
විශේෂයෙන්ම, 2028 සිට සෑම වසරකම ගෙවීමට ඇති අධික පොළී ISB විදේශ ණය ඩොලර් බිලියන 5 ක වාර්ෂික "ණය බර" (Debt Bunching) හමුවේ රුපියල තවදුරටත් අවප්‍රමාණය වන විට, මේ පාලනය කරගෙන ඉන්නවා යැයි කියන කෘත්‍රිම උද්ධමනය පාලනය කරගත නොහැකි ලෙස පුපුරා ගොස් 2030 වන විට රට නැවතත් බංකොලොත් භාවයකට ඇද වැටීම මේ "ඩෝබිලාගේ" ව්‍යාජ ඉලක්කම්වලින් වළක්වන්න බැහැ.
සමුච්චිත උද්ධමන බලපෑම (Cumulative Effect) ගත්තම මේ කියන මිල වැඩිවීමේ උද්ධමනය 2% යි කියන්නේ බඩු මිල අඩු වෙනවා කියන එක නෙමෙයි මචං. ඒකෙන් කියන්නේ 2023-2024 කාලයේ තිබුණු අහස උසට නැගුණු මිල (උදා: රු. 500 ට තිබුණු පරිප්පු) තවත් රුපියල් 10 කින් විතර වැඩි වුණා කියන එක විතරයි. හැබැයි මිනිස්සුන්ට ඕන කරන්නේ රු. 500 ට තිබුණු පරිප්පු රු. 150 ට බහින එකයි. ඒක වෙන්නේ නැහැ.
ප්‍රතිපාදන සහ වැට් (VAT) බද්ද එකතු කරලා ආණ්ඩුව උද්ධමනය අඩුයි කිව්වට, 18% ක වගේ අධික වැට් බද්දක් (VAT) හැම භාණ්ඩයකටම සහ සේවාවකටම එකතු වෙනවා. මේ බදු මුදල උද්ධමන දර්ශකයට වඩා සෘජුවම මිනිස්සුන්ගේ අතේ තියෙන සල්ලි ටික උදුරා ගන්නවා.
අනෙක ලංකාවේ බහුතර ජනතාව ක්‍රියාත්මක වන පෞද්ගලික අංශයේ අධික බදු නිසා සේවක වැටුප් වැඩි නොකිරීම නිසා ආදායම් මට්ටම එකතැන පල්වීම (Income Stagnation) සමස්ත මිල මට්ටම 200% කින් වැඩි වෙද්දී, සාමාන්‍ය රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ වැටුප වැඩි වුණේ උපරිම 20%-30% කින්. එතකොට ඉතිරි 170% ක පරතරය තමයි මිනිස්සුන්ට "සැබෑ උද්ධමනය" විදිහට දැනෙන්නේ.
රටේ ප්‍රාග්ධන වියදම් (Capital Expenditure) කපලා, සංසරණය වන මුදල් ප්‍රමාණය සීමා කරලා තියෙන නිසා මිනිස්සුන්ට බඩු ගන්න සල්ලි නැහැ. මිනිස්සු බඩු ගන්නේ නැති වුණාම මිල ඉහළ යන්නේ නැහැ. ආණ්ඩුව මේක පෙන්වන්නේ "සාර්ථකත්වයක්" විදිහට වුණාට, ඇත්තටම වෙලා තියෙන්නේ ආර්ථිකය හැකිලීමක් (Contraction). මේක මර්දනය කළ ඉල්ලුම (Suppressed Demand) විදියට ලියන්න පුළුවන්.
ආණ්ඩුවේ 2% කියන්නේ පරීක්ෂණාගාරයක (Laboratory) තියෙන ඉලක්කමක් විතරයි මචං. මහපොළොවේ තියෙන්නේ 2022 ට සාපේක්ෂව ස්ථාවර වී ඇති අධික මිල මට්ටමක් සහ බදු බරක්.
මේක හරියට මචං, මනුස්සයෙක්ගේ ඇඟට ටොන් එකක බරක් පටවලා, "දැන් අපි අලුතෙන් බර පටවන්නේ නැහැ, ඒ නිසා බර බින්දුවයි" කියලා කියනවා වගේ විහිළුවක්.
මේ දේවල් බලනවානම් එක්කෝ USD වලින් බලන්න ඕනේ නැත්නම් LKR වලින් බලන්න ඕනේ. මොකද මාරු කරලා බැලුවොත් වැරදියට තමා කොහොමත් පෙන්නේ...
ReplyDelete2025 ට කලින් ලංකාවේ ණය USD 78–81 bn කියලා Dr නන්දලාල් සහ IMF data වල තියන්නේ.
2026 දී ණය USD 72–76 bn තමා තියන්නේ. මොකද ලංකාවේ ඇතුලේ ණය යම් පොඩි පමාණයක් ගෙවලා තිබුනට ලංකාවේ එලියට තියන ණය ගෙවල තියන්නේ බොහොම සුළු පමාණයක් USD මිලියන 200
මහබැංකු අදිපති බොහොම පැහැදිලිව කිව 2025 අපි USD බිලියන 3.9 ගෙවා දැමුම කියල නමුත් මේකේ වැඩි පමාණයක් පොලිය, ගාස්තු, හිඟ මුදල් නිෂ්කාශනය. USD 1.2 බිලියන තමා ඇත්ත ණය අඩු උනේ නමුත් IMF & ADB loans USD 1 බිලියන වගේ ලැබුණ 2025 මේකේ හොද දෙයක් අපි වැඩි පොලි ණය ගෙවා දමා අඩු පොලි ණය ගත්තා...
දැන් මේක LKR වලින් අදට බැලුවොත් ආණ්ඩුවේ ණය වැඩි වෙලා පේනවා මොකද රුපියල දැන් තියන තෙල් පශ්නෙත්, දිත්වා පශ්නේ...එක්ක LKR 25 පමණ අඩු වෙලා 2025 දී එතකොට ඇත්තටම ආණ්ඩුව ණය අරගෙන නැ...
ඉකොනොමැට්ටා ගේ කලින් පොස්ට් එකේ පැහැදිලි කරා වගේ මේ යන විදියට ගියොත් ගොඩ යන්න පුළුවන්...
රජයේ ණය බර ඩොලර්වලින් අඩු වෙලා වගේ පෙන්වන්න හදන්නේ අර මාලිමාවේ යූටියුබ් ගෝලයෝ ටිකක් එකතු වෙලා තිත්ත ඇත්ත වහන්න දරන උත්සාහයක් නිසයි. ඇත්තටම ඉකනෝ, ණය කියන්නේ හුදෙක් ඉලක්කම් සෙල්ලමක් නෙවෙයි
ReplyDeleteසංඛ්‍යාලේඛන වල හැටියට 2025 දී ඩොලර් බිලියන 1.2ක් ණය අඩු වුණා කියලා කිව්වට, ඒ වෙනුවට තවත් පැත්තකින් IMF සහ ADB හරහා අලුත් ණය ගනිද්දී වෙන්නේ ණය කන්ද එලෙසම තිබියදී "ණය හිමියන්" මාරු වීම (Debt Swapping) විතරයි. අනෙක් අතට, රුපියල 25කින් අවප්‍රමාණය වෙලා තියෙද්දී "ආණ්ඩුව ණය අරගෙන නැහැ" කියන එක පට්ටපල් බොරුවක්, මොකද රුපියල බාල්දු වෙන හැම මොහොතකම අපේ විදේශ ණයවල "සැබෑ වටිනාකම" (Real Value) රුපියල්වලින් අතිවිශාල ලෙස ඉහළ යන නිසා ඒ බර අවසානයේදී පැටවෙන්නේ බදු ගෙවන අපි වගේ වැඩ කරන ජනතාවගේ කරපිටටමයි.
මේ බොරු සහනාධාර සහ ව්‍යාජ සංඛ්‍යාලේඛනවලින් ජනතාව මුලාවෙලා ඉන්න ඉඩ දුන්නොත්, රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා, අන්තිමට MCC වැනි මර උගුල්වලින් බේරුණු රටේ ස්වෛරීභාවය පවා මේ ණය උගුල (Debt Trap) නිසා අනතුරේ වැටෙන්න පුළුවන්. ඔය අයි එම් එෆ් IBRD වගේ
ආයතනවල ණය පොලිය බොහෝ විට ලෝක වෙළඳපොළේ පවතින පොලී අනුපාත (උදාහරණයක් විදිහට SOFR වගේ දර්ශක) මත පදනම් වෙනවා. ලෝක ආර්ථිකය අස්ථාවර වෙද්දී මේ පොලී අනුපාත ඉහළ යනවා. එතකොට ආණ්ඩුව සහ ඩෝබිලා කියන "අඩු පොලී" කතාව නිකම්ම හීනයක් විතරයි.
විදේශ විනිමය අවදානම (Exchange Rate Risk) දරාගෙන අපි ණය ගන්නේ ඩොලර්වලින්. රුපියල 25කින් විතර බාල්දු වෙද්දී, අපි ගෙවන්න ඕන "රුපියල් ප්‍රමාණය" අතිවිශාල ලෙස වැඩි වෙනවා. ඒ කියන්නේ 2%ක පොලියක් වුණත්, රුපියල අවප්‍රමාණය වීමත් එක්ක ඒකේ "සැබෑ පිරිවැය" (Effective Cost) 15%-20% දක්වා ඉහළ යන්න පුළුවන්.
මේ සේරටම වඩා කොන්දේසි වල පිරිවැය (Cost of Conditions) ලොකුම ප්‍රශ්නය, මොකද IMF එකෙන් ණය දෙන්නේ නිකම් නෙවෙයි රටේ වැඩ කරන හම්බ කරන මිනිහට කණ පැලෙන්න අධික බදු පටවන්න, කර්මාන්ත අධෛර්යමත් කරන්න වගේ මාරාන්තික කොන්දේසි එක්කයි.
මේකෙන් රටේ වැඩකරන ජනතාවගේ ආර්ථිකය (Productive Economy) විනාශ වෙනවා. ඒක තමයි අපි ගෙවන ලොකුම සහ දරුණුම "පොලිය".
ඒ නිසා ඉකොනෝ, මේ වගේ අතාර්කික "ඩෝබි තර්ක" වලට රැවටෙන්නේ නැතිව, රටේ උපායමාර්ගික ස්වාධීනත්වය (Strategic Autonomy) රැකගත හැකි, ඇත්ත කතා කරන බුද්ධිමය බලවේගයක් ගොඩ නගන්න ඕනේ.
1ක ඩොලර් එකකට රුපියල 200 ට බොරුවට හිරකරගෙන තියාගෙන. ලංකාවේ මුළු ණය (Internal සහ external) රුපියල් 200 වැඩි කරලා. ඒකාලේ ණය රුපියල් මෙපමණ දැන් ණය රුපියල් මෙපමණ වැඩි උණා කියන එකත් අර බයියන්ගේ සහ මෝඩ UNP ගොන් අතල්.
Deleteමම නම් හිතන්නේ අපි ඇත්තට මුහුණ දෙන්න ඕනේ. ඩොලරය සහ යුරෝව ට සාපේක්ෂව රුපියල නොවෙනස්ව තියාගන්න බැරි නැ.. නමුත් ඉතාම සහ බොහොම අසීරු කටුත්තක් දැනට... එක තමා ඇත්ත කට්ටිය කොහොම කිවත්...
කලින් ආණ්ඩුව ගත්තද ණය වලින් මොනවද කරේ මොන කරන්සියන්ද ණය ගත්තේ අදාළ නැ ණය ගත්ත කරන්සියන් හෝ දෙගොල්ලෝ පිඉලිගත්ත කරන්සියන් අපහු ගෙවන්න වෙනවා...
අපිට වැදගත් ආණ්ඩුව මේක හරියට කළමනාකරණය කරනවද නැත්නම් කලින් ආණ්ඩු වගේ පිස්සු කෙලිනවද කියල.
කලින් ඇනො පැහැදිලිව දාල තියනවා 2024 ට සාපේක්ෂව අපි USD මිලියන 200 විදේශීය ණය 2025 දී අඩු කරගෙන තියනවා. ඒ කියන්නේ දැන් බොහොම ටික පමාණයක් උණත් විදේශීය ණය අඩු වෙන පැත්තට යනවා.
දේශීය රුපියල් ණය 2024 ට සාපේක්ෂව අඩු වෙලා තියනවා. ඒ කියන්නේ ආණ්ඩුව ණය ගන්නවා ඒ ණය 2025 දී හොදට කළමණා කරණය කරලා තියනව ජංගම ගිණුමේ අතිරික්තයක් එක්ක.
"අඩු පොලී" කතාව නිකම්ම හීනයක් විතරයි. කියන එකට සරලව කියන්න තියන්නේ චිනේ ගිණි පොලි ණය ට සහ කොන්දේසි වලට සාපේක්ෂව මේක විශාල සනනයක් ආණ්ඩුවට.
"මේකෙන් රටේ වැඩකරන ජනතාවගේ ආර්ථිකය (Productive Economy) විනාශ වෙනවා." 2022 දී ඉපදිලා හිටියනම්... යම්කිසි දෙයක් කියවලා තේරුම් ගන්න පුළුවන් කම තිබුණා නම්... අපේ ආර්ථිකේ ඊට වඩා විනාශ වෙන්න දෙයක් තියනවද?
කන්නාඩි ගලවල 2025 දත්ත හරියට බැලුවොත් මේක අපි දන්නා මෑත ඉතිහාසේ හොදම වසර...