මෙම වසරේ ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඩරොන් ආජෙමෝලු, සයිමන් ජොන්සන් සහ ජේම්ස් රොබින්සන් යන ආර්ථික විද්‍යාඥයින් තිදෙනාට හිමි වුනා. ඩරොන් ආජෙමෝලු සහ සයිමන් ජොන්සන් MITහි මහාචාර්යවරුන් සේ කටයුතු කරන අතර ජේම්ස් රොබින්සන් චිකාගෝ සරසවියේ මහාචාර්යවරයෙක්. ඔවුන් තිදෙනාම මේ වන විට ඇමරිකානුවන් වුවත් ඩරොන් ආජෙමෝලු උපතින් තුර්කි ජාතිකයෙකු වන අතර ඉතිරි දෙදෙනා උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයින්. මේ තිදෙනාට නොබෙල් තෑග්ග හිමිවන්නේ සංවර්ධන ආර්ථික විද්‍යා සහ දේශපාලන ආර්ථික විද්‍යා විෂය ක්ෂේත්‍රයන් තුළ ඔවුන්ගේ දායකත්වය වෙනුවෙනුයි.
නිදහසින් පසු ඉතිහාසයේ ලොකුම ආර්ථික අර්බුදයට මුහුණ දුන් ශ්‍රී ලංකාව මේ වන විට එම ආර්ථික අර්බුදයේ ගැඹුරුම තැනින් ගොඩ ඇවිත් තිබෙනවා. එහෙත් තවමත් ගමනාන්තයකට පැමිණ නැහැ. කෙසේ වුවද, පසුගිය දෙවසරක කාලය තුළ ලබාගත් ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරගන්නා අතරම රට දියුණු සංවර්ධිත රටක් කර ගත හැක්කේ කෙසේද යන කතිකාව මේ වෙද්දී බොහෝ දෙනෙකුගේ සාකච්ඡාවට ලක්වන මාතෘකාවක් වී හමාරයි. එම පසුබිම තුළ, මේ වසරේ නොබෙල් ත්‍යාගලාභීන් තිදෙනාගේ පර්යේෂණ ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම අදාළ වෙනවා.
ලෝකයේ ජනගහණයෙන් 50%කගේ ආදායම ලෝකයේ මුළු ආදායමෙන් 10%ක් පමණයි. ඒ වගේම, එම පිරිසගේ මුළු වත්කම ලෝකයේ මුළු වත්කම් වලින් 2%ක් පමණයි. මෙම විෂමතාවයට ප්‍රධාන ලෙසම හේතු වී තිබෙන්නේ රටවල් අතර තිබෙන ආදායම් හා වත්කම් විෂමතාවයනුයි.
ලංකාවේ රැකියාවක් එක දිගට මාස ගණනාවක් කිරීමෙන් පසුවත් අයිෆෝන් එකක් මිල දී ගත හැකි තරමේ මුදලක් එකතු කරගත නොහැකි අයෙකුට විදේශ රටකට යාමෙන් පසුව එම රැකියාවම කර මාසයක වැටුපෙන් අයිෆෝන් එකක් මිල දී ගත හැකියි. මීට කිට්ටු අදහසක් සමාජ ජාලා තුළ වේගයෙන් සංසරණය වී තවමත් වැඩි කාලයක් නැහැ. එහෙම වෙන්නේ ඇයි? ආජෙමෝලු, ජොන්සන් සහ රොබින්සන් විසින් පිළිතුරු සැපයූවේ මේ වැදගත් සහ සංකීර්ණ ප්‍රශ්නයටයි.
ලෝකයේ දියුණු රටවල් දියුණු රටවල් සේ පවතින්නේ එම රටවල් සතු ශ්‍රම සම්පත් සහ ප්‍රාග්ධන සම්පත් වඩා කාර්යක්ෂම අයුරින් ප්‍රයෝජනයට ගැනෙන නිසායි. එසේනම්, අඩු ආදායම් රටවලටද එම ක්‍රමවේද අනුගමනය කිරීම මගින් සිය ආර්ථිකයන් වේගයෙන් වර්ධනය කර ගෙන දියුණු රටවල මට්ටමට පැමිණීමට හැකි විය යුතුයි. දියුණු රටවල් රෝදය සොයා ගැනීමෙන් පසුව අනෙකුත් රටවල් රෝදය නැවත සොයා ගන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා, වැඩි වේගයකින් වර්ධනය විය හැක්කේ අඩු ආදායම් මට්ටමක සිටින රටවලටයි.
ඉහත ප්‍රවාදය අනුව අඩු ආදායම් මට්ටමක සිටින රටවල් වැඩි වේගයකින් වර්ධනය වීමට නියමිත නිසා කාලයත් සමඟ රටවල් අතර ආදායම් පරතර නැති වී යා යුතු බව නවසම්භාව්‍ය ආර්ථික විද්‍යාවේ මූලික ආකෘති මගින් පෙන්වා දෙන නමුත් සැබෑ ලෝකයේදී හැම විටම ඒ තත්ත්වය දකින්නට ලැබී නැහැ. ඇතැම් දුප්පත් රටවල් සහ ධනවත් රටවල් අතර ආදායම් පරතරය එන්න එන්නම වැඩි වන බවක් පැහැදිලිව පෙනී යනවා. එහෙම වෙන්නේ ඇයි?
කෙසේ වුවත්, ඇතැම් රටවල් නවසම්භාව්‍ය ආර්ථික විද්‍යාවේ මූලික ආකෘති අනුව සිදු විය යුතු පරිදි, වේගයෙන් වර්ධනය වී සංවර්ධිත රටවල් බවට පත් වී තිබෙනවා. ප්‍රශ්නය හැම රටක්ම එසේ වර්ධනය නොවීමයි. මීට හේතු හොයන එක ඉතාම අසීරු කාර්යයක්.
ලංකාව ගත්තත්, වරින් වර විවිධ අය ලංකාව වෙනත් රටවල් සමඟ සංසන්දනය කරනවා. එසේ සංසන්දනය කරමින් ලංකාව පසු කර වෙනත් රටවල් ඉදිරියට යාමට හේතු ලෙස විවිධ කරුණු ඉදිරිපත් කරනවා. නමුත් මෙවැනි ඉදිරිපත් කිරීම් විද්‍යාත්මක සොයා ගැනීම් සේ සලකන්න බැහැ. ඊට හේතුව, ලංකාව සහ අනෙකුත් රටවල් අතර වෙනස්කම් ගණනාවක් තිබීමයි.
රටක් වේගයෙන් සංවර්ධනය වීමට කිසියම් කරුණක් උදවු වන බව විද්‍යාත්මක ලෙස පෙන්වා දිය හැක්කේ අනෙකුත් කරුණු සියල්ලම නොවෙනස්ව තිබියදී එක් නිශ්චිත කරුණක් පමණක් වෙනස් වීම නිසා රටක ආර්ථිකය වැඩි වේගයකින් වර්ධනය වී ඇති බව පෙන්වා දිය හැකිනම් පමණයි. ආජෙමෝලු, ජොන්සන් සහ රොබින්සන් අත ගැසුවේ මේ අසීරු කාර්යයටයි.
විද්‍යාගාර පරීක්ෂණයදීනම් අප විසින් කරන්නේ පාලිත නියැදියක් පැත්තකින් තියාගෙන පරීක්ෂණ නියැදියක යම් නිශ්චිත වෙනසක් කිරීමයි. එවිට දැකිය හැකි ප්‍රතිඵලයට හේතු වූයේ එම නිශ්චිත වෙනස බව අපට නිගමනය කළ හැකියි. එහෙත් සමාජ විද්‍යාවන්හිදී මේ ආකාරයේ විද්‍යාගාර පරීක්ෂණ සිදු කිරීම ඉතාම අසීරු වැඩක්. මෙයට එක් විසඳුමක් වන්නේ ස්වභාවිකව සිදුව ඇති මේ ආකාරයේ පාලිත විද්‍යාගාර පරීක්ෂණ වලට සමාන අහඹු තත්ත්වයන් පිළිබඳව සොයා බැලීමයි.
නගාලස් කියන්නේ ඇමරිකාව හා මෙක්සිකෝව අතර පිහිටි මායිම් නගරයක්. ඇමරිකාව හා මෙක්සිකෝව අතර දේශ සීමා වැට යන්නේ මේ නගරයේ මැදින්. වැටෙන් උතුරේ තිබෙන්නේ ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයයි. දකුණු කොටස අයත් වන්නේ මෙක්සිකෝවේ සොනෝරා ප්‍රාන්තයටයි. මේ කොටස් දෙකේම ජීවත් වන මිනිසුන් එකම සම්භවයක් ඇති, එකම සංස්කෘතියකට අයත්, එකම දේවල් කන බොන, එකම භාෂාව කතා කරන, එකම ආකාරයේ සිංදු අසන පිරිසක්. කොටස් දෙකේ දේශගුණයේ හෝ පසේ වෙනසක් නැහැ. ඒ කියන්නේ මේ කොටස් දෙක හැම අතින්ම වගේ සමානයි.
එහෙත්, නගාලස්හි උතුරු කොටසේ ජීවත්වන අය වඩා ධනවත්. වඩා සුවපහසු දිවියක් ගත කරන ඔවුන් වැඩි කාලයක් ජීවත් වෙනවා. ඊට සාපේක්ෂව දකුණු කොටසේ ආයු අපේක්ෂාව අඩුයි. ආදායම් මට්ටම් අඩුයි. අපරාධ වැඩියි. මේ වෙනස්කම් වලට හේතු වී තිබෙන්නේ කුමක්ද? ඒ දේශගුණය, පස හෝ සංස්කෘතිය වෙන්න බැහැ. මිනිසුන්ගේ ජාන වල වෙනස්කම් වෙන්නත් බැහැ. එකම වෙනස දෙපැත්තේ ආයතනික ව්‍යුහයන්හි වෙනසයි.
නගාලස්හි උතුරු කොටසේ ජීවත් වන අය දිගු කාලයක් තිස්සේ පෞද්ගලික දේපොළ අයිතිය හොඳින් තහවුරු වූ සහ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති ආයතන පද්ධතියක් සමඟ ජීවත් වෙනවා. දකුණු කොටසට ඒ දේවල් ලැබී විශාල කාලයක් නැහැ. ඒ අනුව, ආදායම් විෂමතාවන්ට හේතු වී තිබෙන්නේ පෞද්ගලික දේපොළ අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතිය බව හඳුනා ගත හැකියි.
මේ ස්වභාවික පරීක්ෂණය සිදු කළ හැකි තවත් තැන් ලෝකයේ තිබෙනවා. උතුරු හා දකුණු කොරියා මායිම එක් උදාහරණයක්. පැරැණි නැගෙනහිර ජර්මනිය හා බටහිර ජර්මනිය අතර මායිම් ඉර තවත් එකක්. ඒ හැම තැනකින්ම තහවුරු වන්නේ රටක් වේගයෙන් සංවර්ධනය වීම සඳහා පෞද්ගලික දේපොළ අයිතිය හොඳින් තහවුරු වූ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතියක් කොයි තරම් දුරට දායක වන්නේද යන්නයි.
ලංකාවෙත් මෙවැනි මායිම් බොහොමයක් දැක ගන්න පුළුවන් පලාත් බේදයක් නොමැතිවම
ReplyDeleteඔය නැගරයේ ඉන්න මිනිස්සු වෙනස් නැති උනාට පැහැදිලිවම ඔවුන් පාලනයට යටත්වන සන්ස්කෘතිය වෙනස්නෙ.
ReplyDeleteඇමෙරිකාවෙ නැතිව උතුරු කොටස ඔයා නීට්ජීන් යටතෙම වෙනත් රටක හිටියනම් ඔහොම දියුනු වෙන්නෙ නෑ. ප්හදිලිවම ඔය දියුනු ඇමෙරිකා සංස්කෘතියෙ ප්‍රතිලාභ ඒ පාලන ඒකකය තුල ජීවත් වන නොදියුනු සන්ස්කෘතීන් වෙතට කාන්දු වීමේ ප්‍රතිපලයක්
ඒකම තමයි මෙහි පෙන්වා දෙන කාරණය. ඉතිහාසයේ යම් මොහොතක මේ කොටස් දෙකේම තත්ත්වයන් සමානයි. නමුත් එක කොටසක් වේගයෙන් දියුණු වෙනවා. අනෙක් කොටස ඒ විදිහට දියුණු වෙන්නේ නැහැ. නමුත් ඒ වෙනසට හේතුව මිනිස්සුන්ගේ ජාන, සංස්කෘතිය, දේශගුණය, ස්වභාවික පිහිටීම, ස්වභාවික සම්පත් ආදී කිසිවක් නෙමෙයි. ඔබ කියන පරිදිම "දියුනු ඇමෙරිකා සංස්කෘතියෙ ප්‍රතිලාභ". ඒ තමයි පෞද්ගලික දේපොළ අයිතිය තහවුරු කරන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතියක් යටතේ කාලයක් පැවතීම.
DeleteThis comment has been removed by the author.
Deleteමම කියන දේ ඔයිට වඩාටිකක් වෙනස්
Deleteමම කියන්නෙ ඇමෙරිකා සන්ස්කෘතියෙ බලපෑම නැතිව ඔය කියන දියුනු පාලන ක්‍රමය උතුරු කොටසට ලැබෙන්නෙ නෑ කියන එකයි. ඒ කියන්නෙ යම් පාලනයක් යටතෙ ජීවත් වන ජන කොටසකගෙ සන්ස්කෘතිය දියුනුවට අදාල නැති උනාට, ඒ ජනයාව පාලනය වෙන අදිපති සන්ස්කෘතිය මොකක්ද කියන එක දියුනුවේ මූලික සාදකයක් බව.
තව ටිකක් පැහැදිලි කලොත්, පුද්ගල නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, දේපල අයිතිය, නීතියේ සමානාත්මතාවය, දැනුම නිපදවීම, නව සොයාගැනීම්, ධනය නිපදවීම වගෙ ඒව බටහිර (වයිට් ක්‍රිස්ටියන්) සන්කල්ප. ඔය සන්කල්ප ක්‍රියාත්මක වෙන්නෙම ඒ සන්ස්කෘතිය (වයිට් ක්‍රිස්ටියන්) බේස් කරගත්ත පාලනයක් තියෙන සමාජෙක විතරයි.
ලංකාව වගෙ සන්ස්කෘතියකට ඔය සන්කල්ප ක්‍රියාත්මක කරන්න බෑ පලමුව. ටැලි වෙන්නෙ නෑ.
ලන්කාවෙ සන්ස්කෘතිය වෙනස් නොකර මේ විදියටම තියාගෙන බාහිර බලවේගයක උදව්වෙන් හෝ ඔය පුද්ගල නිදහස, දේපල අයිතිය වගෙ මුල් ටික ක්‍රියාත්මක කලා කියල හිතන්නකො. ඒත් දැනුම නිපදවීම, දියුනු වෙලඳාම් ක්‍රම මගින් දනය ඉපදවීම, නව සොයා ගැනීම් වගෙ දේවල් ඒ සමාජයෙ ඇති වෙන්නෙ නෑ.
මූලික වශයෙන් රටේ සන්ස්කෘතිය කොයිබ්තරම් ප්‍රභලද කියන එක මත ඒ සමාජය ලබාගන්න දියුනුව රඳා පවතිනව.
ලන්කාවෙ ඔය කියන ආයතන ඇති නොවෙන්නෙම සංස්කෘතික වශයෙන් දුර්වල නිසා.
ඔබ "පුද්ගල නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, දේපල අයිතිය, නීතියේ සමානාත්මතාවය, දැනුම නිපදවීම, නව සොයාගැනීම්, ධනය නිපදවීම" වගේ දේවල් බටහිර (වයිට් ක්‍රිස්ටියන්) සංකල්ප සේ නම් කරනවානම් ඔය ඔබේ තර්කය නිවැරදියි. කැමති කෙනෙකුට කැමති නමක් දමා ගන්න පුළුවන්. නම මොන විදිහට දාගත්තත් දියුණුවට හේතු වී තිබෙන්නේ ඔය දේවල්.
Deleteඅනිව්වර්‍යෙන්ම ඔය දේවල් වයිට් ක්‍රිස්ටියන් සන්ස්කෘතියේ අංග. ජපානය මුලින්ම මිනිස්සුන්ගෙ සංස්කෘතිය වෙනස් කලේ ඒක තේරුම් ගත්තු නිසා.
Deleteඒකාලෙ මේ වගෙ ගෝලීයකරනයක් තිබුනෙ නැති නිසා රට ඇතුලෙන් සංස්කෘතිය වෙනස් කරන්න උනා දියුනු වෙන්න.
අද කාලෙ ඒකම ගෝලීයකරනය මගින් යම්තාක් දුරට කෙරෙනව.
නමුත් එෆිශන්ට් නෑ.
එතකොට ඇමෙරිකාව ඇතුලෙම සමහර නේටිව් කට්ටිය ඉන්න රිසර්වේෂන් ඒරියා සංවර්ධනයෙන් අඩුයි කියනව නේද ? එහෙම නම් ඒක වෙන්නේ කොහොමද ඒ ආයතනික ව්‍යුහයම ඇතුලේ
Deleteඅහන්නේ මගෙන්නම් ඇමෙරිකාව ඇතුළේ හැම තැනකම ආදායම් මට්ටම් සමාන නැහැ. වොෂින්ටන් DC ඩොලර් 214,285ක්. නිවුයෝර්ක් ඩොලර් 90,731ක්. මිසිසිපි ඩොලර් 39,102ක් පමණයි. පිහිටීම, දේශගුණය, ස්වභාවික සම්පත්, සංස්කෘතිය, ජාන වගේ බොහෝ දේවල් ප්‍රදේශයක සාමාන්‍ය ආදායම් මට්ටම කෙරෙහි බලපාන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් එහෙම බලපෑවා කියලා ඒවා වෙනස් කරන්න බැහැ. නමුත් ආයතනික ව්‍යුහය වෙනස් කළ හැකි දෙයක්. සමහර අයට පරම්පරාවෙන් දියවැඩියාව එනවා. ඒක වෙනස් කරන්න බැහැ. නමුත් ආහාර පුරුදු, ව්‍යායාම කිරීම වගේ දේවල් වෙනස් කළ හැකියි. වැදගත් වෙන්නේ වෙනස් කරගත හැකි සාධක මොනවාද කියන එකයි. ආජේමෝලු පාලිත පරීක්ෂණ කරන්නේ මේ අනෙකුත් සාධක නොවෙනස්ව තියලා. එහෙම නැත්නම් ආයතනික ව්‍යුහයේ බලපෑම කියලා හරියට කියන්න බැහැ. අනෙකුත් දේවල් වල වෙනස්කම් වලට අමතරව ආයතනික ව්‍යුහයම සැලකුවත් ඇමරිකාවේ සමහර ප්‍රාන්ත වැඩි කාලයක් එම ආයතනික ව්‍යුහය ඇතුළේ ඉඳලා තියෙනවා. අලුතෙන් එකතු වූ ප්‍රාන්ත ඉඳලා තිබෙන්නේ අඩු කාලයක්. ඉන්දියානු ස්වයං පාලන ප්‍රදේශ වල තියෙන්නේ ඒ ආයතනික ව්‍යුහයම කියලා කියන්න බැහැ. තිබුණත් එසේ තිබී ඇත්තේ අඩු කාලයක්.
Deleteකෙලියා තාප්පෙට. අපි හිතුවෙ ගහපු කයිවාරු වල හැටියට නාකි සොම්බියාට මේ පාර ආර්ථික විද්‍යාව පිලිබඳ නොබෙල් තෑග්ග ලැබෙයි කියලා. 😂😂😂
ReplyDeleteනාකි සොම්බියාට ලැබෙන්න ඕනැ "ගොබෙල්" ත්‍යාගය.
Deleteනොබෙල් තෑග්ග බටහිරට ආවඩන ව්‍යාපෘතියක්. ඒ නගරෙ දියුනුව එන්නෙ ඒ නගරෙම බදු මුදලින් නෙවි නෙ. ඇමරිකාවෙ ස්වභාවික සම්පත් බහුල හින්ද ආන්ඩුවට වැඩි බදු එකතු වෙනවා. ඒක රටේ ඈත කෙලවරටත් බෙදල දෙන්න පුලුවන් . මෙක්සිකෝවේ එහෙම බෑ. අනික එයාල කැමති පාලනයක් තියන රටවලට ආයෝජන සහ වෙළඳ පොල අවස්ථා දෙනවා. අකමැති නම් කෙලවනවා. ඇමරිකන් චුවනිසම් හා නව යටත්විජිත වාදය හංගල මෙයාල පෞද්ගලික දේපල අයිතිය හා නිදහස තමා ඕන කියල පෙන්නනවා. පෞද්ගලික දේපල අයිතිය හා නිදහස ඩිරෙක්ට් රීසන් එක වගේ පෙන්නුවට ඒක එහෙමමද ඉකොනෝ..
ReplyDeleteසෑහෙන නිවැරදි කමෙන්ට් එකක්
Delete@ Ano 6.18
Deleteඔවු ඒක තමයි ඇත්ත කතාව. එක්සත් ජනපදය ලෝකය පුරාවටම යුද්ධ කෝලාහල සහ වෙනත් විවිධාකාර උපක්‍රම අනුගමනය කරමින් ලෝක ආර්ථිකය සහ පාලන තන්ත්‍රය දැඩිව පාලනය කර එමගින් ඔවුන්ගේ අභිමත පරිදි ලෝක ආර්ථික සහ මූල්‍ය බලය පවත්වාගෙන යනවා, මෙයින් ලොකුම වාසිය වෙන්නේ එක්සත් ජනපදයේ ධනවත් බලවත් විශාල කෝපරේෂන්ස් ව්‍යාපාර සහ ඒවායේ අයිතිකරුවන්ට. එක්සත් ජනපද ඩීප් ස්ටේට් එකත් ඔවුන්ගේ අවශ්‍යතාවයටයි බොහෝ දුරට වැඩ කරන්නේ, ඒකට විරුද්ධව ඉන්නේ චීනය රුසියාව වගේ බලවත් රටවල් කීපයක් පමණයි. දැන් BRICS එක හරහා මේ එක්සත් ජනපද ආධිපත්‍යය බිඳ දැමීමට උත්සාහ කරනව ඒක කොච්චර සාර්ථක වෙයිද කියල බලන්න ඕන ඉස්සරහට
ඔය නොබෙල් ආර්ථික ත්‍යාගය වගේ ඒවා නම් තනිකරම විහිළු. ලෝක ජනතාව රවටන්නට එක එක වැල් බයිලා හෑලි ලියන උන්ට දෙන අල්ලසක් විතරයි ඕකත්. ඇත්තටම සතුටුයි මේක ගැන අවබෝධය තියෙන අය ගොඩක් ඉන්නවා ලංකාවෙත් විශේෂයෙන්ම සැලසුම් සහගත ලෙස ලංකාව වගේ රටවල් පටලා රූකඩයක් මෙන් පාලනය කිරීමට යොදා ගන්නා අයි එම් එෆ් ණය උගුල් වගේ දේවල් ගැනත් ගොඩක් දෙනා දන්නවා.
ඉකොනෝගේ ලිපි ෆේස්බුක් එකේ පල කරාම ගොඩක් දෙනෙක් විහිලුවට ගන්නවා නේද? රනිල්ට කඩේ යනවා කියලා.
ReplyDeleteඅනික ඉකොනෝ ලියන දේවල් වල විශ්වාසනීයබවකුත් නැහැ කියලා.
ඉකොනොමැට්ටා කියන්නෙ නාකි සොම්බියාට සුපර් මාකට් යන එකෙක්.
Delete@ Both Anos
Deleteඇයි මූ ඒ දවස්වල ලිපි සීරීස් එකක් ලිව්වා ලංකාවේ එතෙක් මෙතෙක් කරපු ලොකුම වංචාව සහ හොරකම වූ රනිල් වික්‍රමසිංහ පල් හොරාගේ මහ බැංකුවේ හොරකම හොරකමක් නෙමෙයි කියල. අපිත් ඒ දවස්වල යහපාලන ආණ්ඩුවට සහයෝගය දුන්න නිසා ඒවා විස්වාස කලා. හැබැයි වාසනාවට සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටු සභාපති ලෙස ඒ හොරකම යට ගහන්න නොදී හොරකම ඔප්පු කරන්න අවශ්‍ය මූලික දේවල් කරා.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට පීන් සිද්ධ වෙන්න ඔන්න දැන් රනිල්ගේ හොරකමේ ප්‍රධාන ගෝලයෙක් වෙන ඇලෝසියස් පල් හොරාට හිර දඬුවම් නියම කරලා
නාකි පල්හොර මිනීමරුවා බලේ හිටිය නම් ඇලෝසියස් ට ජම්පර් අදින්න වත්, කල්දේරම් බත් කන්නවත් ඉඩ තියන්නෑ ....! මේ පල් හොරුන්ට කඩේ යන ඉකොනෝමැට්ටා කියන එකාටත් ඔය පච ප්‍රචාර වලට වෙනම චෝදනා ගොනු කරලා නඩු දාලා නීතියෙන්ම හිර දඬුවම් ලබාදෙන්න ඕන.
එකෙන්ම 👍
Deleteඉකෝන්
ReplyDeleteඔයා කියන විදියට ලංකාවේ ඩොලරය ස්ථාවර වෙලා IMF ගිවිසුම සමග, ඒත් සැබෑ තත්ත්වය අපට පෙනෙන සත්‍ය නම් ඩුබායි බොහො පිරිස් පක්ශ බේද නැතිව ආයිත් උන්ඩියල් හරහා මුදල් යවනවා.. අලුත් ජනාධිපතිට සහයෝගය දුන්න අය පවා බැංකු වලින් වෙනුවට උණ්ඩියල් වලින් යවනවා
බැංකු රේට් එක අනුව එක්සත් අරාබි දිරාම් එකක් 79 යි රුපියල් .. හැබැයි
උන්ඩියල් නම් රුපියල් 84 යි..
රුපියල් 5 ක් වැඩිපුර උන්ඩියල් ක්‍රමය හරහා.. අවම දිරාම් පන්දාහක් යවද්දීත් රු. 25000 ක් වාසියි, දිරාම් ලක්ෂයක් වගේ යවද්දී ලක්ෂ පහක්, ලංකාවේ අලුතින්ම හොඳම ඔටෝ රෝලර් ගේට් එකක් දාන්න පුළුවන් ඒ ගානෙන් ගෙදරට..
හරියටම නන්දසේනගෙ කාලයේ කෘතිමව ඩොලරය හිර කරන් හිටිය වගේ..ඔහොම ගිහිං මොනවා වේවිද? මේ ගැන පැහැදිලි කරන්න පුළුවන්ද?
ඉකොනෝමැට්ටාට ආර්ථික විද්‍යාව පිළිබද ගොබෙල් තෑග්ග දෙනවලු නේද
ReplyDelete😂😂😂
Delete