සමහර අය තවමත් හිතාගෙන ඉන්නේ "වෙන ක්‍රමයකට" සල්ලි අච්චු ගැහුවා කියලා. සල්ලි අච්චු ගහනවා කියන්නේ අලුත් මුදල් ඇමති විදිහට අනුර කුමාර දිසානායක අත්සන් කරපු මුදල් නෝට්ටු එළියට දමන එක නෙමෙයි. මුදල් නෝට්ටු විදිහට එළියට දමනවානම් ඒ සඳහා අවශ්‍ය කලින් අච්චු ගහපු නෝට්ටු සංචිත මහ බැංකුවේ ඇති. ආර්ථික විද්‍යාවේදී සල්ලි අච්චු ගැසීම කියා කියන්නේ සල්ලි අච්චු ගහන තාක්ෂණික කටයුත්ත නෙමෙයි. ඒ නිසා, සල්ලි අච්චු ගහන වැඩේ සිද්ධ වෙන්න අනුර කුමාර දිසානායක අත්සන් කරපු මුදල් නෝට්ටු එළියට දමන්න අවශ්‍ය නැහැ.
ඒ වගේම, අනුර කුමාර දිසානායක අත්සන් කරපු මුදල් නෝට්ටු එළියට දැම්මත් එපමණකින් එය සල්ලි අච්චු ගැසීමක් වෙන්නේ නැහැ. අවශ්‍යනම් පරණ මුදල් නෝට්ටු වෙනුවට අනුර කුමාර දිසානායක අත්සන් කරපු මුදල් නෝට්ටු එළියට දමන්න පුළුවන්. එයින් සංචිත මුදල් සැපයුමේ වෙනසක් වෙන්නේ නැහැ.
කොහොමටත් සල්ලි අච්චු ගැසීම කියද්දී එයින් අදහස් වෙන්නේ රටේ සංසරණය වන කාසි හා මුදල් නෝට්ටු ප්‍රමාණයේ වැඩි වීම පමණක් නෙමෙයි. මහ බැංකුවේ තිබෙන රජයේ හෝ බැංකුවක ගිණුමකට මහ බැංකුව විසින් මුදල් බැර කළත් සල්ලි අච්චු ගැසීමක් සිදු වෙනවා. නමුත් කලින් සටහනේ පැහැදිලිව ලියපු පරිදි පසුගිය මාසයේ එහෙම දෙයක් වෙලා නැහැ. මුදල් නෝට්ටු වැඩි වී නැතත් වෙන ක්‍රමයකට හෝ සල්ලි අච්චු ගැසීමක් සිදු වී ඇත්නම් සල්ලි අච්චු ගහලා නැහැ කියලා මෙහි ලියන්නේ නැහැ.
සල්ලි අච්චු ගැසීම කියා කියන්නේ සංචිත මුදල් ප්‍රමාණය වැඩි කිරීමටයි. සංචිත මුදල් වල කොටස් දෙකක් තිබෙනවා. සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි එයින් එක කොටසක්. මහ බැංකුවේ තිබෙන බැංකු ගිණුම් වල ශේෂ අනෙක් කොටස. පහත තිබෙන්නේ ඔය කොටස් දෙකේම එකතුව පසුගිය මාසයේදී වෙනස් වූ ආකාරය.
දැන් මේ ප්‍රශ්නය අදාළ වන්නේ ජනාධිපතිවරණයෙන් පසුව ගත වුනු මාසයක පමණ කාලයටනේ. පහත තිබෙන්නේ අදාළ දත්ත.
2024 සැප්තැම්බර් 26 = රුපියල් බිලියන 1,516.0
2024 ඔක්තෝබර් 24 = රුපියල් බිලියන 1,499.9
සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි පමණක් සැලකුවොත් තත්ත්වය මෙවැන්නක්.
2024 සැප්තැම්බර් 27 = රුපියල් බිලියන 1,331.0
2024 ඔක්තෝබර් 25 = රුපියල් බිලියන 1,315.3
මේ අනුව පෙනෙනවා ඇති සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණය රුපියල් බිලියන 15.7කින් අඩු වී තිබෙන බව. ඒ ජනාධිපතිවරණ සමයේ මුදල් සංසරණය ඉහළ යාමේ සහ ජනාධිපතිවරණයෙන් පසුව එසේ තාවකාලිකව සංසරණයට එකතු මුදල් නැවත බැංකු පද්ධතියට පැමිණීමේ ප්‍රතිඵලය.
සමස්තයක් ලෙස සංචිත මුදල් ප්‍රමාණය දෙස බැලුවොත් ඔය කාලය තුළ රුපියල් බිලියන 16.1ක අඩුවක් දකින්න පුළුවන්. ඒ කියන්නේ නෝට්ටු හා කාසි කොටස පැත්තකින් තියා ඉතිරි කොටස දෙස බැලුවත් රුපියල් බිලියන 0.4ක පමණ අඩු වීමකුයි සිදු වී තිබෙන්නේ. කිසිදු වැඩිවීමක් වෙලා නැහැ. ඒ කතාව එච්චරයි.
දැන් ඊළඟ කතාව.
එතකොට economynext.com වෙබ් අඩවියේ තියෙන්නේ ඔය කතාවමද?
නෑ. එහි තියෙන්නේ ඔය කතාව නෙමෙයි. ඉතා පැහැදිලිවම අදාළ සටහනේ මාතෘකාවේ තියෙන්නේ "Sri Lanka prints Rs100bn through open market operations" කියලයි.
"ශ්‍රී ලංකාව විවට වෙළඳපොළ කටයුතු හරහා රුපියල් බිලියන 100ක් අච්චු ගසයි!"
ඒ ලිපියේ තියෙන්නේ මෙසේ වුවත් ප්‍රශ්නය වන්නේ එම ලිපියේ මාතෘකාව ඇතුළු ප්‍රධාන කරුණු ගණනාවක් තාක්ෂණිකව නිවැරදි නොවීමයි.
විවට වෙළඳපොළ කටයුතු හරහා සල්ලි අච්චු ගැසීමක් වෙන්න පුළුවන්. මහ බැංකුව විසින් බැංකුවකින් මුදල් ගෙවා භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත්තොත් සල්ලි අච්චු ගැසීමක් වෙනවා. නමුත් මෙහිදී එවැනි දෙයක් සිදු වී නැහැ.
දැන් මේ සටහනේ රුපියල් බිලියන 100ක සල්ලි අච්චු ගැසීම ලෙස හඳුන්වන්නේ මේ සමඟ පළ කර ඇති රූප සටහනේ රතු හා තැඹිලි පාට තීරු වලින් අවසාන එක ගැනයි. එම තීරුවෙන් රුපියල් බිලියන 106ක් පෙන්වනවා. රතු කොටස රුපියල් බිලියන 36ක් සහ තැඹිලි පාට කොටස රුපියල් බිලියන 70ක් ලෙස.
මේ රුපියල් බිලියන 106ම පසුගිය ඔක්තෝබර් 25 දින වන විට මහ බැංකුවෙන් බැංකු වලට ලබා දී තිබුණු ණය. එයින් රුපියල් බිලියන 36.16ක් දවසකට දුන් ණයක්. ඉතිරි රුපියල් බිලියන 70 ඔක්තෝබර් 22 දින සතියක කාලයකට දුන් ණයක්. මේ ණය මුදල් දෙකම මේ වන විට පියවා අවසන්. කොහොම වුනත් දවසකට වුනත් මහ බැංකුව සල්ලි ණයට දෙද්දී සිදුවන්නේ සල්ලි අච්චු ගැසීමක් කියා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. එවැනි තර්කයකට යම් පදනමක් තිබෙනවා.
ඔය ප්‍රස්ථාරයේම දිගටම දැකිය හැකි රතු හා තැඹිලි තීරු වලින් පෙන්වන්නේ එක් එක් දින මහ බැංකුව විසින් ඔය විදිහට ණයට දී තිබුණු මුදල් ප්‍රමාණ. එයින් රතු කොටස දවසකට. තැඹිලි පාට කොටස සතියකට. ඔය ප්‍රස්ථාරය අනුවම බැලුවත් පැහැදිලිව පෙනෙන පරිදි මෙය අලුතෙන් සිදු වූ අමුතු දෙයක් නෙමෙයි. හැමදාම වගේ සිදු වෙන දෙයක්.
මේ විදිහට බැංකුවක ඉතා කෙටිකාලීන ද්‍රවශීලතා හිඟයක් පියවා ගැනීම සඳහා මහ බැංකුව විසින් ණයට දෙන මුදල් සල්ලි අච්චු ගැසීමක් ලෙස සලකන්නේ නැහැ. මොකද ඒ සල්ලි ඉතා ඉක්මණින් මහ බැංකුවට ආපසු එන නිසා එයින් උද්ධමනකාරී බලපෑමක් ඇති වෙන්නේ නැහැ. සල්ලි ණයට දෙද්දී මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පතක් ඇපයට තියා ගන්නා නමුත් එය මිල දී ගන්නේ නැහැ.
මේ වැඩෙන් දවසකට හරි මුදල් සැපයුම වැඩි වෙනවාද?
ඔන්න ඔක තමයි මේ ලිපියේ තිබෙන ප්‍රධානම වැරැද්ද. සාමාන්‍යයෙන් මේ විදිහට දවසකට ණයට සල්ලි දීමේදී එළියට යන රුපියල් සංචිත මුදල් වැඩිවීමක් සේ සලකන්නේ නැහැ. නමුත් අපි මේ කොටස සංචිත මුදල් වලට එකතු කරනවානම්, ඒ විදිහටම දවසකට මහ බැංකුවේ තැන්පත් කරන මුදල් ප්‍රමාණය සංචිත මුදල් වලින් අඩු කරන්නත් වෙනවා. ඔය කියන ඔක්තෝබර් 25 දින ඒ විදිහට දවසකට මහ බැංකුවේ තැන්පත් කර තිබෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 192.4ක්.
මේ වැඩේට රජයේනම් කිසිම සම්බන්ධයක් නැහැ. විවට වෙළඳපොළ කටයුතු කියන්නේ තනිකරම මහ බැංකුවේ වැඩක්. දැන් මහ බැංකුව අඩු වශයෙන් යම් මුදල් ප්‍රමාණයක් අලුතෙන් සංසරණයට එකතු කරලා තියෙනවද? ඒ නිසා, රුපියලේ වටිනාකම අඩු වෙනවද?
පැහැදිලිවම එහෙම දෙයක් මෙතැන නැහැ. වෙලා තියෙන්නේ බැංකුවට දවසකට රුපියල් බිලියන 192.4ක් තැන්පතු විදිහට එකතු වෙද්දී එම මුදල් වලින් රුපියල් බිලියන 106.2ක් ණය විදිහට දෙන එක. ඔය වැඩේට අලුතෙන් සල්ලි නිර්මාණය කරන්න අවශ්‍ය නැහැ.
හැබැයි මේ වැඩෙන් දිගුකාලීනව මුදල් සැපයුම වැඩි වීමට බලපෑමක් වෙනවා. එය වෙන්නේ පොලී අනුපාතික පහත වැටීමේ ප්‍රතිඵලයක් විදිහට. දැනට බැංකු පද්ධතියේ රුපියල් අතිරික්තයක් තිබෙනවා. දිනපතා මහ බැංකුවේ තැන්පත් කරන්නේ ඒ සල්ලි. බැංකු වල මේ විදිහට සල්ලි එකතු වී තිබෙන්නේ පෞද්ගලික අංශය තවමත් ණය ගන්න උනන්දුවක් නැති නිසා. පොලී අනුපාතික අඩු වෙද්දී ඒ තත්ත්වය වෙනස් වෙලා පෞද්ගලික අංශයේ ණය ඉහළ ඉල්ලුම ඉහළ යන්න පුළුවන්.
පෞද්ගලික අංශයේ ණය ඉහළ යන එක නරක දෙයක් නෙමෙයි. ණය නිසා ආයෝජන ඉහළ යාම ආර්ථික වර්ධනයට හේතු වෙනවා. එහිදී economynext ලිපියේ කියන පරිභෝජන ඉහළ ගොස් ආනයන වියදම් ඉහළ යාමේ අවදානමත් තිබෙනවා. ඒ කතාව ඇත්ත. නමුත් දැනට එවැනි ප්‍රශ්නයක් නැහැ.
මේ වෙලාවේ රටේ තියෙන්නේ අවධමන තත්ත්වයක්. මහ බැංකුවේ කාර්ය භාරය 5%ක උද්ධමනයක් පවත්වා ගැනීම. එය හරිද වැරදිද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒ නිසා, මේ වෙලාවේ කිසිම උද්ධමන අවදානමක් නැහැ. උද්ධමනය දිගුකාලීනව 5% මට්ටමේ තියා ගන්නවා කියලා හිතුවත් කෙටිකාලීන පොලී අනුපාතික 6.5% -7% වැනි මට්ටමකට පහත වැටෙන්න ඕනෑ. දැන් තියෙන්නේ විකෘති තත්ත්වයක්. අනෙක් ගොඩක් දේවල් නිවැරදි වී තිබුණත් පොලී අනුපාතික තවමත් අවශ්‍ය මට්ටමට පහත වැටිලා නැහැ.
අගෝස්තු මාසය වෙද්දී ප්‍රාථමික අයවැය අතිරික්තයෙන් සමස්ත අයවැය හිඟයෙන් බාගයක් පමණ පියැවී තිබුණා. පොලී අනුපාතික තවත් පහත වැටුනොත් අයවැය හිඟය තවත් අඩු වෙලා රජයේ ණය අවශ්‍යතාවය පහත වැටෙනවා. එවිට ඉතිරි වන සල්ලි පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා යොදාගන්න පුළුවන්. ඒ වගේම රජයේ ණය තිරසාරත්ව ඉලක්ක වලටත් ඉක්මණින් යන්න පුළුවන්.
මේ කරන වැඩෙන් බැංකු පද්ධතිය විසින් කරන මුදල් මැවීමේ කාර්යය උත්තේජනය වීමක් වෙනවා. නමුත් මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීමක් ලොවෙත් වෙන්නේ නැහැ. ඒ නිසා, මහ බැංකුවට ඩොලර් ගන්න තිබෙන සල්ලි නාස්ති වීමක් වගේ දෙයක් වෙන්නෙත් නැහැ.
අපොස සාමාන්‍ය පෙළ කොළබ රාජකීය විද්‍යාලය, න්‍යෂ්ටික විදුලි ඉංජිනේරු උපාධිය බේලාරූස් විශ්ව විද්‍යාලය සෝවියට් සංගමය,
ReplyDeleteතාරකා විද්‍යාඥය (සාමාජික රාජකීය තාරුකා සංගමය), පරිගණක ඉංජිනේරු ( මහා බ්‍රිතාන්‍ය ), ජනාධිපති මාධ්‍ය අංශයේ ජාත්‍යන්තර උපදේශක (හිටපු ), නෙළුම් යාය බ්ලොග් පදනමේ නිර්මාතෘ, ජ්‍යෙෂ්ඨ කතෘ, මාධ්‍යවේදී, ලංකා ඊ නිවුස් සහ ලංකා නිවුස් වෙබ් අඩවි වල පරිපාලක, රාජකීය ගුවන් හමුදාවේ පියාසර ශිල්පී, නේවි පයිලට්, ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ උපදේශක, අනුර කුමාර ජනාධිපතිතුමාගේ උපදේශක, මාලිමාවේ ජාත්‍යන්තර කටයුතු පිලිබඳ අධ්‍යක්ෂක ගරු අජිත් ධර්මකීර්ති මහතාගේ බ්ලොග් අඩවියට ගොඩ වීමට ලැබීම සතුටකි.
තම්බපු බිත්තර හොද්දක් එක්ක රාබු උයලා කොස් ඇට එක්ක කාලා පහුවදා උදේට පච ලපයාගේ කටේ රෙන්ඩ එපැයි ඉකොනෝ
ReplyDeleteජනාධිපති වූ පචයගේ තවත් ඇන්දීමක් එසේ නිමවිය: M/s OQ Trading Limited වෙත Litro Gas tender එක දීම
ReplyDeleteඅද මට ඉතාම සතුටු දවසක්. ඒ ඇයි කියල දැනගන්න මේ සටහන කියවන්න කියල ඉල්ලනවා.
අද විජිත හේරත් ප්‍රකාශ කරනවා , 2025 අවුරුද්දෙ ශ්‍රීලංකාවට ගෑස් ගෙනෙන ටෙන්ඩරය MSOQ සමාගමට ලබාදීමට කැබිනට් මන්ඩලය තීරණය කල බවට.
මම අවුරුදු දෙකක් කියපු දේ ඇත්ත කියල සනාථ වීම ගැන මට ඇත්තෙ පුදුම සතුටක්.
රනිල් , එහෙමත් නැත්තං අවු 60 විතර මාලිමාවන් කියන විදියට සීය , සුළුතර ජනාධිපති වෙනකොට තිබුන ලොකුම ගැටලුව තමයි ඉන්ධන සහ ගෑස් නොමැති වීම . ගෑස් පෝලිම් සැතපුම් ගනන්.භාන්ඩාගාරයේ සල්ලි නැහැ. රනිල් , මුදිත පීරිස් ව ලිට්රෝ ගෑස් සභාපති කරන කොට ලොකු විරෝධයක් ආව හැම පැත්තෙන්ම.
මට පැවරණු දෙයක් තමයි ගෑස් ප්‍රශ්ණය ගැන මුදිත ගන්න තීරන පිලිබද අවධානය යොමුකරන්න. මම දායකත්වය දරන වෙබ් අඩවියට ඒ වෙන කොටත් මුදිත ගැන විතරක් නෙමේ මුදිත ගෙ තාත්ත ගෙ දේශපාලනය ගැනත් ෆයිල් කීපයක් ලැබී තිබුනා.
මම තීරණය කරපු එකම දේ පෙර වැරදි අමතක කරල ප්‍රස්තුත කාරණය ගැන විතරක් මුදිත ගැන කියවන්න. විශ්වාසය තබන්න.
හදුන්නෙත්ති කොහෙන් හරි හොයාගෙන සමාජගත කලා හදිසි ටෙන්ඩර් කැදවීමෙදි ඩොලර් 96ට සියම් සමාගම ගෑස් දෙන්න ඉදිරිපත්වෙලා ඉන්නකොට ඕමාන් ට්‍රේඩිං සමාගමෙන් ඩොලර් 126කට [ මිල ගනන් මතකෙන් ලිව්වෙ සමහර විට සුලු වෙනස්කම් ඇති] ගෑස් මිලදී ගන්න මුදිත කැමතිවුනා කියන එක. හදුන්නෙත්තියි අනුර දිසානායකයි මේකෙ වංචාවක් වෙලා තියෙනවා කියලා කට උල් කරලා පැය ගනන් කතා කලා. මම ලිපි 10කට වඩා ලිව්වා එහෙම එකක් නෑ මෙන්න ඇත්ත කථාව කියලා . යාලුවො එක්ක පැය ගනන් තර්ක කලා ඇත්ත කියන්න. ලසන්ත අලගියවන්න , බන්දුල ගුනවර්ධන , චරිත හේරත් , එස් එම් මරික්කාර් මේක කරේ තියන් ගියා. රනිල්ට බැන බැන.
මම ලියපු ඒවාට මිනිස්සු හිනාවුනා.අපහාස කලා. මුදිතව විතරක් නෙමේ සාගලවයි කාංචනවයි හොරු කියලා පට්ට ගැහුවා. පැය 24 ගෑස් පෝලිමේ හිටපු අය ගෑස් ලොරිය ආවම ටැංකිය පුරෝගෙන රනිල් ට බැන බැන තමයි ගෙදර ගියේ.
අනුර යි හදුනුයි මිනිස්සුන්ගෙ ඔළුගෙඩි විෂබීජ පුරවල තිබුනෙ.
රුපියල් 96 ට දෙන්න කැමති උනේ සිංගප්පූරුවේ සියාම් ගෑස් කියන්නෙ අතරමැදි සමාගමක්.ඔවුන්ට කෙරවලපිටියෙ මූද මැද තියෙන ලිට්රෝ බෝයාවට සවි කරන්න පුලුවන් නැව් දෙකයි තියෙන්නෙ. ඒවත් හයර් කරන ඒවා.දවස් 3කට සැරයක් නැවක් එවන්න ඔවුන්ට කැපෑසිටි නැහැ. අනික ඔවුන් ලංකාවෙ රජයෙන් ලොකු ගැරන්ටි ඩිපොසිට් එකක් ඉල්ලුවා. භාන්ඩාගාරයට සල්ලි නැහැ ඩිපොසිට් තියන්න.
ඔය කතාව කව්රුත් විශ්වාස කලේ නැහැ.
ඕක ඇත්ත කියල කැම්පේන් කරන්න බජට් තිබුනෙත් නෑ .මම වගේ දෙතුන් දෙනෙක් විතරයි ඕක ලිව්වෙ. කතාකලේ. ඒකත් ස්වේච්ඡාවෙන්.
ඩොලර් 28-30 මිල වැඩි ඕමාන් ට්‍රේඩිං කියන්නෙ කලාපයේ ගෑස් බිස්නස් එකේ බලවතෙක්. ගාන වැඩී හැබැයි ගැරන්ටි ඉල්ලන්නෙ නෑ. ඇති තරම් නැව් තියෙනවා. රනිල්ට යන්න තිබුන ඔප්ෂන් එක ඒක විතරයි. ගෑස් නැතිව පෝලිංවල හිටපු මිනිස්සු ලොරිය ආවහම ගෑස් අරන් අනුරලගෙ බොරු අහමින් ගෙදර ගියා.
අවුරුදු දෙකකට පස්සෙ ලංකාව බංකොලොත් කියන ලේබලයෙන් ගැලවිලා. ඩොලර් සංචිත ටිකක් තියෙනවා. ලිට්රෝ මහා භාන්ඩාගාරයට දෙපාරකට ලොකු මුදලක් දීලා දෙසැම්බර් වෙනකම් ගෑස් ඕඩර් කරල සල්ලිත් ඉතුරු කරලා. රනිල් පැරදිලා පැන්ෂන් ගිහින්. මේ වැඩේ කරපු මුදිත අද ඕස්ට්‍රේලියාවට ගිහින් දරු පවුලත් එක්ක හොදින් ඉන්නවා [ මුදිත වැඩකලේ පඩි නොගෙන]. හොරකම් කලා කියපු සාගලයි කාංචනයි ජන්දෙ ඉල්ලනවා, ගෑස් හොරු කියල හැමෝටම චෝදනා කරපු හදුන් මාතරින් ජන්දෙ ඉල්ලනවා [හැබැයි මුදල් ඇමති ලැබෙන්නෙ නැති බව දන්කවා කියල ගිය සතියෙ කිව්වා].
මේ හැම එකක් ගැන කට උල් කරලා බොරු විද්ද අනුර අද ජනාධිපති වෙලා එයාගෙ පොඩි කැබිනෙට්ටුවෙන් යෝජනා කරනවා ඕමාන් ට්‍රේඩිං එකෙන්ම 2025 වසරටත් ගෑස් ගන්න. අද කැබිනට් තීරන දැනුම් දීමෙදි විජිත කියන්නෙ ඕමාන් ට්‍රේඩිං නෙමේ MAOQ කියලා. දෙකම එකයි තමා මිත්‍රවරනි.
අතිශයින් තවත් වතාවකට මට මම ගැනම සංතෝෂය.
[සියාම් සමාගමට බැරි ඇයි කියලා වීඩියෝ එකේ තියෙනවා]
©️ සංජීව
නාගන්නද කොඩිතුවක්කුවානන් ජනාධිපති වුනානනම් කරන්නේ ලංකාවේ රජය සතු සියලුම නය ගෙවීම රුසියාවට පැවරීමයි. රුසියානු රංය කියයි ඔවුන් සතු තහනම් කරන ලද බැංකු ගිනුම් වලින් ඒ මුදල් ගන්න කියලා.
ReplyDeleteමහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ අත්සනින් යුත් මාලිමා ආණ්ඩුවේ මුදල් නෝට්ටු භාවිතයට ගන්නට දැන්ම බැරි වනු ඇත.
ReplyDeleteඑහෙනම්, ආණ්ඩුව රුපියල් බිලියන 100ක සල්ලි අච්චු ගැහුවා කියන එක බොරුවක්ද?
එහෙම තමයි ඒ ක්‍රියාවලියට කියන්නෙ. ඒ වුණාට නෝට්ටු අච්චු ගහලා නැහැ. කරලා තියෙන්නෙ මුදල් මැවීමක්.
ඔය භාණ්ඩාගාර බැඳුම්කර වගේ ගත්ත ණය තියෙනවානෙ. කල් පිරුණාම ඒ ණය පොළියත් එක්ක ගෙවන්නට ඕනැනෙ. ඒවා ගෙවන්නට නම්, භාණ්ඩාගාරයේ මුදල් තියෙන්නට ඕනැ. මුදල් ලැබෙන්නෙ බදු හා වෙනත් රජයේ ආදායම්වලින්.
සාමාන්‍යයෙන් ණය ගෙවන්නට රජයේ ආදායම් මදි. ඒ නිසා රජය ණය ගෙවන්නත් ණය ගන්නවා. මෙතනදි කළේ වෙනත් දෙයක්.
ඒක කළේ මෙහෙමයි. රජය තමන් සතුව නැති මුදලකින් තමයි ණය ගෙව්වෙ. ඒ මුදල මැව්වා. ඒ වුණාට අච්චු ගැහුවෙ නැහැ. දැන් ඉස්සර වගේ මුදල් කියන්නෙ නෝට්ටු හා කාසි විතරක් නෙමෙයිනෙ. ඔබේ පඩිය බැංකුවට යනවා. ඔබ ඩෙබිට් කාඩ් එක දීලා කඩෙන් බඩු ගන්නවා. මුදල් අතගෑමක් ඇත්තෙම නැහැනෙ. මේකත් ඒ වගේ දෙයක්.
නෝට්ටු මුද්‍රණය නොකර කළ මේ වැඩෙන් මොකක්ද වෙන්නෙ?
මුද්‍රණය කළා නම් වෙන දේම තමයි. ඒ කියන්නෙ රුපියලේ වටිනාකම බාල්දු වෙනවා. එතකොට ඩොලරය ඉහළ යන්නට පටන් ගන්නවා. බඩු මිළ වැඩි වෙනවා. ජීවන වියදම ඉහළ යනවා.
මේ වැඩේ නීත්‍යානුකූලද? ඔව්. සල්ලි අච්චු ගහන්නට බලය ශ්‍රී ලංකා මහ බැංකුවට තියෙනවා.
එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට මේකෙන් බලපෑමක් වෙන්නෙ නැද්ද? අනිවාර්යයෙන් වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් තුළ සිටියදී මේ මුදල් මැවීම කරලා තියෙන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතියකින් නොවන බව පැහැදිලියි. හැබැයි, ඒකෙන් වැඩසටහන ගැන තියෙන විශ්වාසය, ආයෝජක විශ්වාසය වගේම මහජන විශ්වාසයත් පලුදු වෙනවා.
දැන් ණය ප්‍රතිව්‍යූහගතකරණය ඉවර නිසා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන විදියටම කරන එකක් නැහැ. හැබැයි, ලෝක බැංකුවේ හා ආසියානු සංවර්ධන බැංකුවේ ණය එහෙමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක සම්බන්ධ නිසා ඒකෙන් අයින් වුණොත් ලේසි වෙන එකක් නැහැ.
බලයට ඇවිත් මාසයක් යන්න කලින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෙවැනි දේ කරන්නේ ඇයි? හේතුව සරලයි. ඔවුන් ආධුනිකයි. ඒ වගේම, අහංකාරයි. ඔවුන්ට උපදෙස් දෙන්නෙ ඔවුන්ගේ තරමට ගැලපෙන පිරිසක්. නිලධාරීන් කරන්නෙ ඔවුන් කියන දේ කරන එක.
මං මේ විස්තරය කරන්නෙ සරල ආර්ථික විද්‍යා අවබෝධයකින් විතරයි. මීට වඩා මේක පැහැදිලි කරගන්නට ඕනැ නම්, ආර්ථික විද්‍යාඥයකුගෙන් අහන්න.
ඉකෝන්,
ReplyDeleteමට තේරේන විදිහට මහබැංකුව කිසියම් විදේශ බැංකු කීයපයක මුදල් ද්‍රවශීලතා ප්‍රශ්ණය විසදීමට, මහබැංකුව දිනකට හෝ ඉතා අඩු දින ගණකට එම බැංකු වලට ණය දෙනවා.
පලමු කාරණය මෙය ටෙක්නිකලි ගත්තොත් සල්ලි අච්චු ගැසීමක් තමයි. නමුත් ඔබ පැහැදිලි කර ඇති ආකරයට මහබැංකුවෙන් එලියට යන මුදල් නැවත මහබැංකුවට එනවා. ඒ එන්නේ මහබැංකුව සතුව පවතින ඒ ඒ බැංකුවල ගිණුම් වලට. ඔබම පෙන්වා දෙන අන්දමට මේ බැංකු ගිණුම් වල තියෙන සල්ලිත් සංචිත වල කොටසක්. එවිට මහබැංකුව එලියට දාපු සල්ලි නැවත මහබැංකුවටම ආවත් , ඒවා සංචිත මුදල් වශයෙන් එන නිසා මෙතැන අවුලක් තියෙනවා.
ඊලග කාරණය , ඔබ පැහැදිලි කර ඇති ආකරයට මහබැංකුව ,එසේ වාණිජ බැංකු වලට ලබා දෙන දවසේ ණය දෙන්නේ , භාන්ඩාගාර බිල්පත් ඇපයට තබා ගෙන නොවේ...මෙය රූපයට උඩින් ලියා ඇති ජේදයේ සදහන් වෙනවා.
එසේ කිසි ඇපයක් නොමැතිව මහබැංකුවට , වාණිජ ණ්ය වලට මුදල් දෙන්න පුලුවන්ද.?