වෙබ් ලිපිනය:

Friday, May 1, 2026

දෙවියන් දුන් සල්ලි මල්ල


ආර්ථිකය ගැනම හැමදාම කතා කරද්දී නිතර දකින කුකුළාගේ කරමලය සුදුවට පේනවා වගේ දෙයකුත් වෙනවනේ. ඒ නිසා, අද වෙන දෙයක් ගැන කතා කරමු.

මම හිතන්නේ මුල්ලා නස්රුදීන් කියන්නේ පාඨකයින්ට අමුතුවෙන් හඳුන්වා දිය යුතු කෙනෙක් නෙමෙයි. මුස්ලිම් රටවල් ගණනාවකදීම තමන්ගේම රටේ කෙනෙකු සේ සැලකෙන නමුත් නස්රුදීන් ඇත්තටම ජීවත් වී තිබෙන්නේ වත්මන් තුර්කියේ. තුර්කි උච්චාරණය අනුව නස්රෙඩීන් හෝජා වුනත් සිංහල පාඨකයින් අතර වඩා ප්‍රසිද්ධ නස්රුදීන් ලෙස නිසා මමත් නස්රුදීන් කියලම කියන්නම්.

ගොඩක් මිනිස්සුන්ගේ අවශ්‍යතා වලට සාපේක්ෂව තිබෙන සම්පත් සීමිතයිනේ. ඒ නිසා, තිබෙන සම්පත් ප්‍රමාණයට ගැලපෙන පරිදි අවශ්‍යතා සීමා කර ගන්න වෙනවා. වෙනත් විදිහකට කිවුවොත් ආදායමේ තරමට වියදම් කරන්න වෙනවා. 

ඔහොම කිවුවට මුල්ලා නස්රුදීන් වගේ රස්සාවක් නොකරන මනුස්සයෙක්ට ආදායමක් කියලා දෙයක් නැහැනේ. ආදායමක් නැහැ කියලා වියදම් නොකර ඉන්නත් බැහැනේ. ඒ වගේම, ආදායමට වඩා වියදම වැඩිනම්, ඒ හිඟය පියැවෙන කුමක් හෝ ක්‍රමයක් තියෙන්න ඕනෑ. 

මුල්ලා නස්රුදීන් වගේ සමාජ ප්‍රාග්ධනය තිබෙන කෙනෙකුට ආදායමක් නැතිකම ලොකු ප්‍රශ්නයක් නොවුනත්, අනුන්ගෙන් ඉල්ලගන්න එකෙත් සීමාවක් තියෙනවනේ. ඒ සීමාව පැන්නට පස්සේ සමාජ ප්‍රාග්ධන ආර්ථික ආකෘතිය අවුල් වෙනවා. මේ කතාව ආරම්භයේදී නස්රුදීන් ඉන්නෙත් ඔන්න ඔය වගේ තත්ත්වයකයි.

"ගෙදර උයන්න හාල් ඇටයක් නැහැ. කවුරුවත්ම දෙන්නේ නැත්නම් දෙය්යන්ගෙන් හරි කමක් නැහැ සල්ලි ටිකක් ඉල්ලාගෙන එන්න!"

නස්රුදීන්ට හාමිනේගෙන් බර බරේ. 

"පරණ ණය ගෙවුවේ නැත්නම් කඩෙන් තවත් බඩු ණයට ගන්න බැහැ. අඩුම ගානේ රන් කාසි සීයක්වත් ඕනෑ ණය ගෙවන්න."

මේ කරදරේ ඉවසන්නම බැරි තැන නස්රුදීන් ගෙදරින් එළියට බැහැලා, ඇස් දෙක පියාගෙන. අහසට අත් දිගු කරලා දෙවියන්ගෙන් සල්ලි ඉල්ලනවා. 

"දෙවියනේ! මා ගැන අනුකම්පා කරලා මට රන් කාසි සීයක් ලබා දෙන්න. අනූ නමයක් එහෙම නෙමෙයි, හරියටම සීයක්!"

නස්රුදීන් ඔය ඉල්ලීම කරන්නේ දෙවියන්ට ඇහෙන තරම්ම හයියෙන් නිසා දෙවියන්ට කොහොම වුනත් අල්ලපු ගෙදර අසල්වැසියාට ඔය ඉල්ලීම ඇහෙනවා. සල්ලි එක්ක විහිළු කරන එක භයානක වැඩක් වුනත්, අසල්වැසියා නස්රුදීන්ට විහිළුවක් කරන්න හිතනවා. ඔහුගේ අදහස දෙවියන් දෙන විදිහට නස්රුදීන්ට රන් කාසි මල්ලක් දෙන එක.

හැබැයි මේ විහිළුව අවදානම් විහිළුවක්. රන් කාසි ආපසු නොලැබෙන්න පුළුවන්. ඒ නිසා අසල්වැසියා කරන්නේ රන් කාසි සීයක් නොදා අනූනවයක් පමණක් දමන එක. 

අසල්වැසියා ඔය විදිහේ ගොන් ජෝක් කරන මනුස්සයෙක් කියලා නස්රුදීන් දන්නවා. සද්දෙට දෙවියන්ගෙන් සල්ලි ඉල්ලන්නෙම ඒ නිසා. එහෙම නැතුව දෙයියෝ සල්ලි නොදෙන බව නොදැන නෙමෙයි. නස්රුදීන්ගේ ස්පෑම් එකට අසල්වැසියා අහු වෙනවා.

හැබැයි අසල්වැසියාත් නස්රුදීන් ගැන දන්න නිසා තමයි රන් කාසි සීයක් වෙනුවට අනූ නමයක මල්ලක් දමන්නේ. මොකද ඔහු දෙවියන්ගෙන් රන් කාසි ඉල්ලන්නේ "අනූ නමයක් එහෙම නෙමෙයි, හරියටම සීයක්!" කියලයි. ඒ නිසා, මල්ලේ තියෙන්නේ රන් කාසි අනූ නවයක්නම් ඒ මල්ල දෙවියෝ දුන්න මල්ලක් වෙන්න බැහැනේ.

අහසින් රන් කාසි මල්ලක් වැටෙන සද්දෙට නස්රුදීන් ඇස් අරිනවා. රන් කාසි මල්ලත් අරගෙන ගෙදර යනවා.

"දෙවියෝ මගේ ඉල්ලීමට ඇහුම්කන් දුන්නා! දෙවියෝ මගේ ඉල්ලීමට ඇහුම්කන් දුන්නා!!"

වැඩේ කණපිට කියලා අසල්වැසියාට තේරෙනවා. අසල්වැසියා නස්රුදීන්ට කරුණු පැහැදිලි කරලා සල්ලි ආපසු ඉල්ලුවත් සල්ලි නැවත ලැබෙන පාටක් නැහැ. දැන් අසල්වැසියාට තිබෙන එකම විසඳුම අධිකරණයක පිහිට පතන එක පමණයි. ඒ නිසා ඔහු විනිසුරුවරයෙකු වෙත යන්න නස්රුදීන්ට කතා කරනවා.

"ඔයාට සල්ලි ලැබුණේ ඇත්තටම දෙවියන්ගෙන්නම් ඔයා ඒක උසාවියේදී ඔප්පු කරන්න!"

"හරි. මම උසාවියට එන්නම්. නමුත් ප්‍රශ්නය මට ඇඳගෙන යන්න සුදුසු ඇඳුමක් නැහැ. ඔයා දන්නවනේ මට යට ඇඳුම් පවා අරන් දෙන්නේ වෙන අය කියලා. මට උසාවියට ඇඳගෙන යන්න ඔයාගේ ඇඳුමක් ගන්න පුලුවන්ද?"

කොහොම හරි මේ මනුස්සයාව උසාවියට ගෙනියන්නත් වෙනවනේ. නැත්නම් කොහොමද සල්ලි ටික නැවත අය කර ගන්නේ? ඒ නිසා, අසල්වැසියා ඔහුගේ ඇඳුමක් නස්රුදීන්ට දෙනවා.

"ඇඳුමනම් හරි. ඒත් මට උසාවියට යන්න බූරුවෙක් නැහැනේ!"

අන්තිමට අසල්වැසියා නස්රුදීන්ට බූරුවෙකුත් දෙනවා.

දැන් දෙන්නම උසාවියේ. අසල්වැසියා වෙච්ච සිදුවීම මුල ඉඳලම විනිසුරුවරයාට පැහැදිලි කරනවා. 

"නස්රුදීන්, ඔබට මේ ගැන මොනවා හරි කියන්න තියෙනවද?"

විනිසුරුවරයා අහනවා. 

"ස්වාමීනි, මගේ අසල්වැසියා මානසික අබාධයකින් පෙළෙන පුද්ගලයෙක්. අනුන් ළඟ තිබෙන දේවල් ඔහුට තමන්ගේ දේවල් සේ පෙනෙනවා. බොරුනම් අහන්න මම උසාවියට ආපු බූරුවා කාගෙද කියලා."

"ඔව්. ඒ බූරුවා මගේ තමයි!"

"දැක්කා නේද ස්වාමීනි. ඒ විතරක් නෙමෙයි මම මේ ඇඳගෙන ඉන්න ඇඳුම කාගේද කියලා ඇහුවොත් ඒකත් එයාගේ කියලා කියයි. මෙයාට ඒ තරම් මානසික ආබාධයක් තියෙන්නේ!"

"ඔවු. ඔය ඇඳුමත් මගේ තමයි!"

නස්රුදීන්ගේ අසල්වැසියා නඩුව පරාදයි!

මේ දවස් වල ආණ්ඩුවට එක දිගට විවිධ චෝදනා එල්ල වෙනවා. පටන් ගත්තේ ගල් අඟුරු වලින්. ඊළඟට භාණ්ඩාගාරයේ සල්ලි ප්‍රශ්නය. කොන්ත්‍රාත්කරුවන්ට වැරදීමකින් දෙවරක් සල්ලි ගෙවීම ගැන කතාවකුත් ආවා. මේ ප්‍රශ්න එළියට අදින්නේ විපක්ෂය. ඒ අතර ආණ්ඩුවේ ඇමති කෙනෙක්ම ඇවිදින් තැපැල් දෙපාර්තමේන්තුවේ සල්ලි ප්‍රශ්නයක් ගැනත් කියනවා. විදුලිබල මණ්ඩලයේ පාඩු පියවීම සඳහා අයවැයෙන් සල්ලි යොදවන කතාවකුත් අද දැක්කා. අන්තිම කොටස නස්රුදීන්ගේ කතාවට සම්බන්ධයක් නැහැ. 

9 comments:

  1. @ ඉකොනොමැට්ටා, හොඳ පෝස්ට් එකක්, ඇත්තටම නස්රුදීන්ගේ නම තුර්කි භාෂාවෙන් නිවැරදිව උච්චාරණය කරන්නේ "නස්රෙත්තීං හෝජා" (Nasrettin Hoca) කියලයි. තුර්කි බසින් 'c' අකුර 'ජ' ශබ්දය ලබා දෙන නිසා තමයි 'Hoca' (හෝජා) වෙන්නේ.
    ​ඔයාගෙ මේ විග්‍රහය ඇත්තටම අද පවතින තිත්ත යථාර්ථය පෑනෙන් ඇනලා පෙන්වීමක් වගේ.

    වර්තමාන ලංකාවම විනාශ කරන මේ අන්ත දූෂිත අසික්කිත පාදඩ මාලිමා චෞර රෙජීමයේ මේ 'දේශපාලන නස්රුදීන්වාදය' ගැන තවදුරටත් මෙහෙම කිව්වොත්, ජාතික ජන බලවේගය අද මේ නටන නාඩගම ඇතුළේ තියෙන්නේ ඉතාම භයානක 'තර්කන විපර්යාසයක්' (Logical Fallacy). මුන් කරන්නේ නස්රුදීන් අර අසල්වැසියාගේ ඇඳුම ඇඳගෙනම 'මේක මගේ' කිව්වා වගේ, මහජනතාවගේ බදු සල්ලිවලින් නඩත්තු වෙමින්, මහජනතාවගේම සම්පත් දූෂණය කරමින්, ලැජ්ජා නැතිව අතිශය තුච්ඡ විදියට මහ දවල් මහජන බදු මුදල් එලිපිටම කෝටි ප්‍රකෝටි ගණනින් හොරා කමින් මුන් කරන මහා පරිමාණ දැවැන්ත හොරකම් ගැන හෙළිදරව් කලෝත් ඒක පෙන්වා දෙන ඕනෑම කෙනෙක්ව එක්කෝ 'පැරණි දේශපාලන කුලීකාරයෝ' හෝ 'මානසික ලෙඩ්ඩු' විදිහට පක්ෂ කාඩර් මඩ බලකා ලවා සංවිධානාත්මකව හංවඩු ගහන එකයි. ගල් අඟුරු ටෙන්ඩර්වල සිට මූල්‍ය පරිපාලනයේ අසික්කිත වැරදි දක්වා හැමදේම වසන් කරන්න මුන් පාවිච්චි කරන්නේ අර 'බූරුවාගේ තියරියම' තමයි, ඒ කියන්නේ තමන්ගේ නිරුවත වසන්න ජනතාවගේම බූරුවා සහ ඇඳුම පාවිච්චි කරලා, අන්තිමට ජනතාවටම කොකා පෙන්වන එකයි.

    අද ජාතික ජන බලවේගය කරන්නේ අර නස්රුදීන් හොජ්ජා උසාවියේදී කරපු මහා පරිමාණ 'තර්කන මංකොල්ලයම' තමයි. අසල්වැසියාගේ රන් කාසි ටිකත් අරගෙන, ඔහුගේම බූරුවා පිට නැගලා, ඔහුගේම රෙදි ඇඳගෙන උසාවියට ගිහින් අන්තිමට අසල්වැසියාවම 'පිස්සෙක්' කළා වගේ, අද මේ ආණ්ඩුවත් ජනතාවගේ බදු මුදල් ටිකත් අරගෙන, ජනතාවගේම කර මත නැගලා, මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් ඩොලර් මිලියන ගණනින් මහා පරිමාණ ලෙස හොරාකාලා අන්තිමට ජනතාවටම 'පිස්සු' කියලා පෙන්නන්න හදනවා. විපක්ෂය ගල් අඟුරු වංචාව ගැන හෝ භාණ්ඩාගාරයේ සල්ලි නැතිවීම ගැන සාක්ෂි සහිතව ඇඟිල්ල දික් කරද්දී, මේ 'නස්රුදීන් පන්නයේ' ආණ්ඩුව කරන්නේ ඉතාම නින්දිත විදිහට ඒ චෝදනා කරන මිනිස්සුන්ව 'කුමන්ත්‍රණකරුවන්' හෝ 'පිස්සන්' ලෙස හංවඩු ගහන එකයි. උදාහරණයක් විදිහට, කොන්ත්‍රාත්කරුවන්ට වැරදීමකින් දෙවරක් සල්ලි ගෙවනවා වගේ මහා පරිමාණ මූල්‍ය අපරාධ සිද්ධ වෙද්දී, ඒ ගැන වගකීම ගන්නවා වෙනුවට ආණ්ඩුවේ ඇමතිවරුම ඇවිත් 'තැපැල් දෙපාර්තමේන්තුවේ සල්ලි නැතිවෙලා' කියලා අඬා වැඩෙන්නේ නස්රුදීන් අර ඇඳුම ගැන කිව්වා වගේමයි

    ඒ කියන්නේ තමන්ගේම අසමත්කම සහ දූෂණය පවා එක එක ලේබල් ගහලා ජනතාවටම ඒකත් පටලවලා, අන්තිමට මුළු රටම මානසික ආබාධිත තත්ත්වයට පත් කරන එකයි මුන්ගේ උපායමාර්ගය.

    අර අසල්වැසියා තමන්ගේ රන් කාසි 99 හොයන්න ගිහින් අන්තිමට බූරුවා සහ ඇඳුමත් නැති කරගෙන නිරුවත් වුණා වගේ, මේ 'පිරිසිදු පාලනය' කියන පට්ටපල් බොරුවට අහු වුණු සහ නොවුණු ලාංකික ජනතාවටත් අන්තිමට වෙන්නේ තමන්ගේ ශත පහේ ඉඳන් හැමදේම මේ දූෂිත මඩගොහොරුව ඇතුළේ දිය වෙලා යනවා බලාගෙන ඉන්නයි. මේක නිකම්ම ආණ්ඩුවක් නෙවෙයි මචං, මේක ලෝකයේ තියෙන අතිශය භයානක 'දේශපාලන මායාවක්' (Political Illusion) දූෂණය වංචාව මහාපරිමාණ ලෙස ඇස් පනාපිට සිද්ධ වෙද්දී, ඒක පෙන්වන මිනිහවම උසාවිය මැද පිස්සෙක් කරන්න හදන මේ නින්දිත නස්රුදීන් පන්නයේ ආණ්ඩුව තව ටික දවසකින් රටේ ඉතිරි වෙලා තියෙන අන්තිම බූරුවාවත්, අන්තිම රෙදි කෑල්ලවත් අරගෙන තමයි පස්ස බලන්නේ!

    ඉකොනොමැට්ටා හිතන්නේ මේ විදිහට ඉතිහාසයේ පළමු වතාවට'සත්‍යය' කියන එක තනිකරම විහිළුවක් බවට පත් කරපු මේ වගේ අමන තුප්පහි ආණ්ඩුවකට, තව කොච්චර කාලයක් ජනතාවගෙන් මේ තමන්ගේ කැත නිරුවත වසන් කරගෙන ගෙනයන්න පුළුවන් වෙයිද? මම නම් හිතන විදියට බහුතර ජනතාවට විශේෂයෙන්ම මාලිමාවට මේ වතාවේ ඡන්දය දුන් වෙනත් පක්ෂ වල අයට එනම් පහුගිය මාලිමාව ජයග්‍රහණය කරපු මැතිවරණ වල මාලිමාවට ඡන්දය ප්‍රකාශ කරපු 90% කටත් වඩා පාවෙන ඡන්ද දායකයන්ට ඇත්ත තත්ත්වය තේරිලා ඉවරයි මිනිස්සුන්ව රවට්ටන එකත් හැමදාම එකම විදියට කරන්න බෑනේ ගොඩක් අය ඇත්ත තත්ත්වය තේරුම්ගෙන තිබෙන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. ඒ නිසාම මේක වැඩිකල් කරගෙන යන්න බෑ.

    ReplyDelete
    Replies
    1. දිනමිණ - April 29, 2026

      මුල් ලියා­ප­දිං­චි­යක් නොමැති රථ­ය­කට අංක තහඩු නිකුත් කළැයි මෝටර් රථ ප්‍රවා­හන හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රි­යක වෙන ගයනි කෞශල්‍යා විජේ­සිංහ අත්අ­ඩං­ගු­වට

      මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රි­යක දූෂණ චෝදනා සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සම ඊයේ (28) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

      නීත්‍ය­නු­කූල මුල් ලියා­ප­දිං­චි­යක් නොමැති රථ­යක් සඳහා අංක තහඩු නිකුත් කිරී­මට අදා­ළව දූෂ­ණය නමැති වරද සිදු කිරීම මත මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රි­යක ලෙස කට­යුතු කළ වර්ත­මා­නයේ බත්ත­ර­මුල්ල, පරි­වාස හා ළමා ආර­ක්ෂක සේවා දෙපා­ර්ත­මේ­න්තුවේ කොම­සා­රි­ස්ව­රි­යක ලෙස කට­යුතු කරන රාජ­ප­ක්ෂගේ ගයනි කෞශල්‍යා විජේ­සිංහ යන තැනැ­ත්තිය මෙලෙස අල්ලස් කොමි­සම විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

      අත්අ­ඩං­ගු­වට ගන්නා ලද සැක­කා­රිය කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මිත බව අල්ලස් කොමි­සම පැව­සීය.

      සුභා­ෂිණී සේනා­නා­යක

      අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙතනින් බලන්න.

      Delete
  2. ඉකොනෝ,

    මේකේ තියෙන ඛේදවාචකය තමයි ඔය ඩොලර් මිලියන දෙක හමාරක වංචනික ක්‍රියාව ගැන සැකපිට වැඩ තහනමට ලක්ව සිටින අතර තුර අබිරහස් විදියට මැරුණේත් ජෙපි කාඩරය නියෝජනය කෙනෙක්… මාලිමාවට කඩේ ගිය කෙනෙක්…

    මුදල් අමාත්‍යංශය තුළ JVP එකෙන් ප්ලාන්ට් කරපු කෙනෙක්…

    J V P වෙන්න ඉස්සෙල්ලා අහිංසකයෙක්…

    අවංක J V P කාරයෝ වෙන්නේ හිත හොඳ පට්ට මෝඩයෝ…

    ජිවිතයෙන් වන්දි ගෙව්ව ත්‍රිමා,නිෂ්මි,බාලසුරිය තව මොක්කුද එවුනුත් පට්ට මෝඩයෝ…

    අවංක J V P උන්ගේ අහිසංක කම ප්‍රයෝජනයට අරං ටිල්වින් අනුර විජිත වසන්ත වගේ ජඩයෝ පක්ෂයේ වැජඹෙනවා…

    හැබැයි මියගිය රංගට අවසානයේ J V P එක ගැන අවබෝධ වෙලා තියෙනවා…

    ඒකයි එයා කිව්වේ අනුර කුමාරගේ ඩොලර් මිලියන 2.5 වංචාව ගැන මම ඇත්ත උසාවියේදී කියනවා කියලා…

    දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන උසස් පෙළ පාස් වෙලා විශ්වවිද්‍යාලෙට ඇවිල්ලා පරිපාලන සේවයේ විභාගයත් පාස් උනා…

    රාජ්‍ය පරිපාලන සේවයට සම්බන්ධ උන අවංක දක්ෂ මිනිහෙක්….

    එහෙත් අවංක JVP කාරයෙක් වීම නිසා මිනීමරු JVP පල්හොර ජඩයන්ට බිලිවිය…

    සුබ ගමන් සහෝදරයා…

    ReplyDelete
  3. මේ මාතෘකාවෙන් තරමක් දුරට ඉවතට යන නමුත් මේ සංදර්භය සමගම සම්බන්ධයක් ද පවතින මේ දවස්වල ආන්දෝලනයට ලක්වී තියෙන රුපියල් බිලියන ගණනක මහජන ආධාර ලබාගෙන තිබෙන වර්තමාන ලාංකික ආණ්ඩුවේ Rebuilding Sri Lanka අරමුදල සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳව බොහෝ අය ඉදිරිපත් කරන විවේචන සහ ඒ හා බැඳුණු සංකීර්ණ ප්‍රශ්න මාලාව සමග මට පැහැදිලි කරගත යුතු කරුණු මේවායි

    රාජ්‍ය මූල්‍ය පාලනය සහ පරිපාලන ව්‍යුහය පිළිබඳ දශක හතරක අත්දැකීම් සහිතව මා අවධාරණය කරන්නේ, පාර්ලිමේන්තු පනතක් මගින් නීත්‍යානුකූලව (Statutory Fund) පිහිටුවා නොමැති ඕනෑම අරමුදලක්, පොදු ගිණුම් (DST Accounts) මුවාවෙන් පවත්වාගෙන යාම යනු මහජන මුදල් අවභාවිතයට විවෘතව මඟ පාදන සූක්ෂ්ම මූල්‍ය උගුලක් බවයි

    ඒ මන්ද, මෑතකදී හෙළි වූ ඩොලර් මිලියන 2.5ක මුදල් වැරදි ගිණුමකට බැර වීම වැනි සිදුවීම් හරහා පෙනී යන්නේ විගණකාධිපතිවරයාගේ පූර්ණ අධීක්ෂණයෙන් තොර මෙවැනි පාරදෘශ්‍ය නොවන ගිණුම් හැසිරවීම් හුදු පරිපාලනමය දෝෂයන් නොව, දූෂිත දේශපාලන අධිකාරියකට තමන්ට රිසි සේ ගනුදෙනු කිරීමට ඉඩ සලසන පද්ධතිමය සැලසුමක් බවයි

    එම නිසා මේ සම්බන්ධයෙන් ඉකොනොමැට්ටා වගේ විද්වතෙකුගෙන් මා අසන්නේ, ව්‍යවස්ථාපිත නොවන අරමුදලක් යටතේ සිදු කරන මෙවැනි ගනුදෙනු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත හා ගැටෙන ආකාරය ඔබ විශ්ලේෂණය කරන්නේ කෙසේද, පනතක් මගින් ස්ථාපිත නොකළ අරමුදලකට දායක වන දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ගේ නීතිමය ආරක්ෂාව සහතික කිරීමට පවතින ජාත්‍යන්තර මූල්‍ය ප්‍රමිතීන් මොනවාද, සහ පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන බලය මෙලෙස සීමා කිරීම මගින් IMF පාලන රෝග විනිශ්චය (Governance Diagnostic) වාර්තාවේ නිර්දේශයන් බරපතල ලෙස උල්ලංඝනය වන බව ඔබ පිළිගන්නේද යන්නයි. මේ ගැන ඔබේ පාඨක අපට විස්තර සහිතව ලියන්න පුළුවන්ද ඉකොනොමැට්ටා?

    මීට අමතරව පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ (COPF) සභාපති හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු පනතක් මගින් මෙම අරමුදල තවමත් නීත්‍යානුකූලව (Statutory Fund) පිහිටුවා නොමැති බවයි.එම නිසා, තාක්ෂණිකව සහ නීත්‍යානුකූලව මෙවැනි ස්වාධීන අරමුදලක් පවතින්නේ නැති බව එම තර්කයෙන් ඔප්පු වෙනවා නේද?

    මහජන මුදල් වංචා චෝදනා මැද මුදල් වංචාවක් සිදුවී ඇති බවට විපක්ෂය චෝදනා කරද්දී, රජය එය ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ සියලු ගනුදෙනු විනිවිදභාවයකින් සිදුවන බවයි. කෙසේ වෙතත්, රජයේ මූල්‍ය පද්ධතියට සම්බන්ධ ඩොලර් මිලියන 2.5ක මුදලක් වැරදි ගිණුමකට බැරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ක්‍රියාත්මක වේ.

    කෙටියෙන් කිවහොත්, මුදල් එකතු වී ඇති නමුත් එය නීත්‍යානුකූලව පනතක් මගින් ස්ථාපිත අරමුදලක් ලෙස නොව, භාණ්ඩාගාරයේ ගිණුමක් යටතේ පවත්වාගෙන යාම මෙම මතභේදයට හේතුව වී තිබේ. විනිවිදභාවය තහවුරු කිරීම සඳහා මෙම අරමුදල ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස කඩිනමින් පිහිටුවන ලෙස මුදල් කාරක සභාව රජයට උපදෙස් දී ඇත. නමුත් තවමත් මෙය ක්‍රියාත්මක නොවීම ඉතාමත්ම පැහැදිලිවම නීති විරෝධී නේද?

    ReplyDelete
  4. භාණ්ඩාගාර මංකොල්ලය ගැන තමුන්නැහැ මීක් නෑ.

    ReplyDelete
  5. ඒකද ඉකොනෝ ඉස්සර 2012 දී බ්‍රෑන්ඩ් නිව් ලක්ෂ 3.50 ගනිපු ඉන්දියන් ත්‍රීවීලර් දැන් ලක්ෂ 12-13 වෙලා තියෙන්නෙ 🤣🤣🤣

    අපි හිතුවේ එංජිමේ ගජමුතු හැදිලා නිසා කියලා 😁 අලුත් ත්‍රී වීල් ගැන කතා නොකර ඉමු, මිලට වඩා මිල වගේ දෙතුන් ගුණයක් බදුනේ 2025 බදු සංශෝධනය එක්ක ලක්ෂ 28 කට තිහකට 36 කට ත්‍රී වීල් ගන්නවාට වඩා හොඳයි රිලයබල් ධාවන තත්ත්වයේ පවතින පරණ කාර් කබලක් ලක්ෂ 35කට හතලිහකට විතර ගන්න එක.

    ReplyDelete
  6. @ ඇනෝ

    සාමාන්‍යයෙන් තමන් සියදිවි නහගන්නවානම් පුද්ගලයෙක් ලියුමක් ලඛිත සාක්ෂියක් ලියලා තියලා මැරෙනවා.

    එහෙම බැරි,වෙන්නේ එහෙම දැනුමක් නැති විට හෝ සියදිවි නසාගැනීමක් ලෙසට පෙන්වා ඝාතනයක් සිදුවු විට පමණය.

    විශේෂයෙන් ජවිපයේ වැඩ කරපු කෙනෙක් ලෙස මේ වෙලාවෙි රංග මැරෙනවනම් ලියුමක් ලියලා තියලා පක්ෂය සහ නායකත්වය සියල්ල බේරලා ( එහෙම නැත්නම් හෝදලා සුද්ධ කරලා ) වගකීම තමන්ට පවරාගෙන මැරෙනවා.‼️

    (අපි දන්න අපිද අනුගමනය කරපු අපිද ජවිපයෙන්ම ඉගන ගත්ත තියරියට)

    ගමේ ගොඩේ ලව් එකකින් බුට් කාලා හිත කඩා ගත්ත කෙල්ලෝ,කොල්ලොත් තමන් මැරෙන්නේ මොකටද කියලා ලියලා මැරෙනවා.😀😀

    ඒ අනුව ජීවිත කාලේ අනුන්ගේ කියලා ශත පහක් ගත්තා කියන්නවත් චෝදනාවකි නැති මුදල් අමාත්‍යංශයේ විදේශ ණය කළමානාකරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස හිටපු පුද්ගලයෙක්

    බලනහර දෙක කපාගෙන නිකම්ම හිතේ අමාරුවට මැරෙන්නෙත් නෑ.

    ලියුමක් ලියලා නොතියා මැරෙන්නෙත් නෑ.

    ඇත්තටම මැරෙන්න ඕන නම් බලනහර දෙක කපාගෙන මැරෙනවා වෙනුවට ලේසි ක්‍රම කුරුණෑගළ වගේ කෘෂිකර්මික දිස්ත්‍රික් වල අදටත් ගොවිතැන කරපු නිළධාරියෙකුට තිබෙනවා

    ඇත්තටම මේ නිළධාරියා සැළසුම් සහගතව ඝාතනය කරාද කියන සැකය දැන් රට හමුවේ තියනවා.

    රංගගේ මරණය සියදිවි හානි කර ගත්තා කියනවාට වඩාසැළසුම් සහගතව මරා දැම්මා කියන තැනට කරුණු වැඩියි.

    හෘද සාක්ෂිය තියෙන ඕනෑම කෙනෙකුට ඒක වැටහෙනවා.

    අපි දේශපාලනිකව

    මැරිච්ච එකාත් තද JVP කාරයෙක් කියලා අත අරින එක නෙවේ වැඩේ.

    මේක අපේ සහ JVP කාරයන් හැමෝගේම රාජ්‍යය. ‼️

    මේ රාජ්‍යයට අදාල ප්‍රශ්ණයක්‼️

    එනම් රාජ්‍යයක ආයතන වල වැඩ කරන මුල්‍ය සංග්‍රහය පරිපාලන සංග්‍රහයට පිටින් ආයතනයක ප්‍රධානීන් පිටින් දෙන වාචික නියෝග වලින් වැඩ කරලා අවසානයට තමන්ගේ පක්ෂයේ සහ ප්‍රධානීන් ආරක්ෂා කරන්න

    රටේ මහජන මුදලින් ඉගන ගත්ත වැටුප් ගන්න රාජ්‍ය සේවක නිළධාරීන්

    සියදිවි හානි කර ගන්නවා නම් හෝ ඝාතනයට මුහුණ දෙනවනම්

    ඒක ජාතික අපරාධයක් ‼️

    මේක මිනී මැරැමක්ද සියදිවි හානි කරගැනීමක්ද

    යන්න සහ හැකරුන්ට කියා රටෙි සල්ලි ඩොලර් මිලියන 2.5 ක් ගෙවීම ගැන පරීක්ෂණ වලට අදාළව

    මුදල් ( භාන්ඩාගාර ලේකම් ) අනිවාර්යෙන් තනතුරෙන් ඉවත් කල යුතුය.💥

    ලැජජාවක් තියනවනම් අනුර දිසානායක ජනාධිපති මුදල් ඇමතිකමෙන් ඉවත්ව පරීක්ෂණයට සහාය දිය යුතුය.💥

    මේ දෙක නොකර

    රංග නිශාන්ත රාජපක්ෂ මැරැනාද මැරැවාද සොයා පලක් නැත ‼️

    හැකරුන්ටද ඩීල් කරුවන්ටද ඩොලර් 2.5.Mn ගෙව්වේ හොයලත් වැඩක් නැත.‼️

    නමුත් ඊලග ආන්ඩුවක මේ මරණයට සහ ජනතාවගේ බද මුදලට අදාලව

    ඇත්තට නීතිය ක්‍රියාත්මක වනු ඇත.

    රටේ හිටපු ජනාධිපතිට මුක්තිය තිබ්බාට හිටපු මුදල් ඇමතිට ජනාධිපති මුක්තිය නැත

    ද්විත්ව පුරවැසියෙක් යන සැකය පවතින අතර අර්ජුන මහේන්ද්‍ර මෙන් භාන්ඩාගාර ලේකම් රටෙන් පිට කලොත් හැර

    ( එහෙම පිටකරලා ඕස්ට්‍රේලියාවට ගියොත් ඔහු ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය පෙන්වු විට ලංකාවේ අධිකරණයට භාර දෙන්න කලිං ඕස්ට්‍රේලියාවේ එම නඩුව අසා ඔහු චුදිත විය යුතුය )

    වගවීම චේතනාන්විතව බිද දැමීම මත හර්ෂණ සුරියආරච්චිට ලංකාවේ හිටියොත් ඊලග රජයක් යටතේ හිරේ නොවැටී බේරෙන්නටද බැරිය. මැයි රැළියෙන් පවා නොවැසුන ඇත්ත හෙට ආයේ ජනතාව නැවත නැවත ආන්ඩුවෙන් ප්‍රශ්ණ කරනු ඇත.

    ReplyDelete
  7. Post එක හොඳයි ප්‍රතිචාරත් හරවත්
    එන පොට හොඳම නැති පාටයි නෙව දැනටත්
    ඉක්මන් කරල කෙල්ලව නං ගෙට ගත්තත්
    ගේ ඇතුළේම ඉන්නෙත් හොරු නං බලවත්?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: