මහ බැංකුව විසින් කාලයක් ඩොලරය රුපියල් 200 මට්ටමේ හිර කරගෙන හිටියා. ඒ වෙනුවෙන් රටේ සංචිත හිඳෙන තුරුම ඩොලර් විකිණුවා. ඉන් පසුව, අසල්වැසි රටවලින් ඩොලර් ණයට අරගෙන ඒ ඩොලර්ද විකුණමින් ඩොලරය රුපියල් 200 මට්ටමේ තියාගෙන හිටියා. ඩොලරය අත ඇරියේ කරන්නම දෙයක් නැති වුනාට පස්සේ. ඩොලරය අත ඇරීමත් එක්ක ඩොලරයක මිල පාලනයක් නැතිව ඉහළ ගියා. එහෙත්, අන්තිමේදී ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ ස්ථාවර කරගනු ලැබුවා. ඩොලරය තවමත් එම මිලේ ස්ථාවරව තිබෙනවා. නමුත්, මහ බැංකුව දැන් මේ වැඩේ කරන්නේ සංචිත විකිණීම මගින් නෙමෙයි. එහෙම විකුණන්න මහ බැංකුව සතුව සංචිත ඇත්තෙත් නැහැ. එහෙමනම් දැන් ඩොලරයක මිල පාලනය වී තියෙන්නේ කොහොමද? නැවත වරක් කලින් මෙන් පාලනය ගිලිහී ඩොලරය වේගයෙන් ඉහළ යයිද?