පසුගිය සැප්තැම්බර් මාසයේදී ලංකාවේ අවධමන තත්ත්වයක් වාර්තා වූ අතර, මිල මට්ටමෙහි 0.5%ක අඩුවීමක් සිදු වුනා. එනම් 0.5%ක සෘණ උද්ධමනයක් වාර්තා වුනා. ඔක්තෝබර් මාසයේදී මේ තත්ත්වය තවත් නරක අතට හැරී ඇති අතර 0.8%ක අව්ධමනයක් වාර්තා වී තිබෙනවා. අපගේ ඇස්තමේන්තුව වනුයේ මේ තත්ත්වය ඉදිරි මාස කිහිපය තුළ තවත් නරක අතට හැරෙන්නට ඉඩ තිබෙන බවයි.
දිගින් දිගටම රටක අවධමන තත්ත්වයක් පැවතීම හොඳ දෙයක් නෙමෙයි. එයට හේතුව භාණ්ඩ හා සේවා මිල අඩු වී නිෂ්පාදකයින්ගේ ආදායම් පහළ ගියද, සේවක වැටුප් ඊට අනුරූපව පහත හෙළීම ප්‍රායෝගිකව අපහසු වීමයි. එය මූර්ත නිෂ්පාදනය අධෛර්ය කිරීමට හේතු වෙනවා. කෙසේ වුවද, මේ සෛද්ධාන්තික තත්ත්වය ලංකාවේ මේ මොහොතේ තත්ත්වය සමඟ එලෙසම ගැලපිය නොහැකි වන්නේ ලංකාවේ අවධමන තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙන්නේ ඩොලරයක මිල පහත වැටීම වීමයි.
ඩොලරයක මිල පහත වැටී තිබීමද ස්වභාවික තත්ත්වයක් නෙමෙයි. එය සිදු වන්නේ වාහන ආනයන වාරණය කර ඇති පසුබිමකයි. සැබෑ ඩොලර් ඉල්ලුම හා ඒ මත තීරණය වන ඩොලරයක සැබෑ මිල මෙන්ම සැබෑ උද්ධමනයද දැක ගත හැකි වනු ඇත්තේ වාහන ආනයන වාරණය ඉවත් කිරීමෙන් පසුවයි. මෙය ඉතා ඉක්මණින් සිදු වීමේ ඉඩක් දැනට පෙනෙන්නට නැහැ.
වාහන ආනයන සීමා ඉවත් කිරීම හා ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වන තුරු අවධමනය මත පදනම්ව ආර්ථිකය උත්තේජනය කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. එහෙත්, බැංකු පද්ධතිය තුළ රඳවාගෙන තිබෙන විශාල මුදල් ප්‍රමාණය පෞද්ගලික අංශයට ණය සේ ලබා දීමට පෙළඹවීම සිදු විය යුතු දෙයක්.
පසුගිය කාලය තුළ රාජ්‍ය ආදායම් විශාල ලෙස ඉහළ යාම නිසා රජයේ ණය ගැනීමේ අවශ්‍යතාවය පහත වැටී තිබෙනවා. තව දුරටත් ණය ගැනීම වෙනම කතාවක්. මේ හේතුව නිසා බැංකු පද්ධතිය තුළ අරමුදල් අතිරික්තයක් ඇති වී තිබෙනවා.
රජය බැංකු වලින් පෙර තරමට ණය ලබා නොගන්නේනම් එම අතිරික්ත අරමුදල් පෞද්ගලික අංශයට ණය සේ ලබා දීමට බැංකු වලට සිදු වෙනවා. එහෙත් බදු ඉහළ යාම ඇතුළු හේතු නිසා පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම තිබෙන්නේ අඩු මට්ටමකයි. ඊට අමතරව මූර්ත පොලී අනුපාතික ඉතාම ඉහළ මට්ටමක පවතිද්දී පෞද්ගලික අංශය ණය ගන්න පෙළඹෙන්නේ නැහැ.
පසුගිය සතියේදී ප්‍රමුඛ ණය දීමේ අනුපාතිකය පැවතුනේ 9.17% මට්ටමේයි. එම අනුපාතිකය බැංකු වල හොඳම පාරිභෝගිකයින්ට ණය ලබා දෙන අනුපාතිකයයි. උද්ධමනය සෘණ 0.8ක්ව තිබියදී එයින් අදහස් වන්නේ මූර්ත පොලී අනුපාතිකය 9.87%ක් තරම් ඉහළ මට්ටමක ඇති බවයි. මෙය ඉතාම ඉහළ අගයක්. යෝග්‍ය මට්ටම වන්නේ 2% වැනි මට්ටමක්.
අද (ඔක්තෝබර් 30) දිනයේ දෛනික පදනම මත මහ බැංකුවේ තැන්පත් කළ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 214,727ක් වන අතර දෛනික පදනම මත මහ බැංකුවෙන් ලබාගත් මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 35,268ක්. ඊයේ දිනයේදී සතියක කාලයකට ලබා දුන් රුපියල් මිලියන 60,000ක මුදලද සමඟ මහ බැංකුව විසින් තාවකාලික පදනම මත රුපියල් 95,268ක මුදලක් ලබා දෙද්දී බැංකු විසින් තාවකාලික පදනම මත රුපියල් මිලියන 214,727ක මුදලක් මහ බැංකුවේ තැන්පත් කර තිබෙනවා.
ඇතැම් වාණිජ බැංකු තුළ මුදල් අතිරික්තයක් ඇතත් එම බැංකු තමන්ගේ අතිරික්ත අරමුදල් මුදල් හිඟ බැංකු වලට ණයට නොදී අඩු පොලියකට මහ බැංකුවේ තැන්පත් කරමින් සිටිනවා. එමෙන්ම ඒ මුදල් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරමින් රජයට ණයට දීමක් සිදු වන්නේද නැහැ. මෙසේ ප්‍රවේශම් සහගත ප්‍රවේශයක් අනුගමනය කරන්නේ ලංකාවේ පිහිටි විදේශ බැංකුයි.
ශ්‍රී ලංකා රජය තවමත් ණය පැහැර හැර ඇති සේ සැලකෙන රටක්. එවැනි රජයක් නිකුත් කරන බිල්පත් වල ආයෝජනය කිරීමට විදේශ බැංකු ඉදිරිපත් වන්නේ නැහැ. එම බැංකු වලට ඔවුන්ගේ මවු බැංකු වල මාර්ගෝපදේශ අනුගමනය කරන්නට සිදු වෙනවා. රජයට අයිති බැංකු වලට ණයට දීමද ඔවුන් විසින් සලකන්නේ එවැනිම අවදානම් කටයුත්තක් ලෙසයි.
මේ හේතුව නිසා සමස්තයක් ලෙස වෙළඳපොළෙහි විශාල අරමුදල් අතිරික්තයක් පැවතුනත් ඇතැම් වාණිජ බැංකු වලට සල්ලි ණයට ගන්නට මහ බැංකුව වෙතම එන්න වෙනවා. එම බැංකු වලට අවශ්‍ය අරමුදල් ලබා නොදීම බැංකු පද්ධතිය අවදානමේ හෙළීමක් වගේම මහ බැංකුවක ප්‍රධානම නිල කාර්යයකින් බැහැර වීමක්. මහ බැංකුව විසින් දැනට කරමින් සිටින්නේ මේ නිල කාර්යයයි. ඒ හැරෙන්නට වසර කිහිපයකට පෙර සිදු කළ ආකාරයෙන් ආර්ථිකය උත්තේජනය කිරීම වෙනුවෙන් මුදල් පොම්ප කිරීමක් දැනට සිදු වන්නේ නැහැ.
පච ලපයා කෙලවලාම අරියි නේද.
ReplyDeleteInter bank lending rate එක සෑම විටම CB lending rate එකට වඩා අඩු ද?
ReplyDeleteසාමාන්‍යයෙන් එසේ විය යුතුයි. නැත්නම් මහ බැංකුවෙන් ගන්න පුළුවන්නේ. නමුත් ලංකාවේ එසේ නොවී විකෘති පැවති කාල වකවානු තිබෙනවා. මහ බැංකුව පොලී වැඩි නොකර එලෙසම තියාගෙන ණය දීම සීමා කළ අවස්ථා වලදී.
Deleteස්තූතියි! පැහැදිලියි!
Deleteමහ බැංකුවේ අතිරික්ත කෙටිකාලීන තැන්පත් තියෙනවා නම් එම මුදල් නෙවෙයි ද අනිත් බැංකු වලට ණය දෙන්න යොදා ගන්නෙ? එහෙම නම් මොකක්ද මේ මුදල් අච්චු ගහන කතාව මේ open market operation වලදි?
ReplyDeleteහැම විටම එහෙම වෙන්නේ නැහැ. නමුත් මේ දවස් වල වෙන්නේ ඒක.
Deleteඅවධමනය ආණඩුවට වාසි රජයට අවාසි නේද?
ReplyDeleteමලිමාවේ ආණ්ඩුවට එරෙහිව බොරු ලියනා ඉකොනෝමැට්ටා පිළිබඳව ඇමරිකාවේ වෙසෙනා සහෝදරවරු ලගදීම බලාගයි.
ReplyDeleteපසුගිය අධි උද්ධමන කාලය තුළ භාණ්ඩ හා සේවා වල මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් නිශ්පාදකයන්ගේ ආදයම් ඉහළ යන අතරතුර සේවක වැටුප් ඊට අනුරූපව ඉහළ ගියෙත් නැහැ නේද? දැන් අවධමන තත්වයත් එක්ක සේවක වැටුප් එලෙස පහළ යන්නෙත් නැහැ. එතකොට සිදුවන්නේ යම්කිසි ආකාරයක ස්වාභාවික ගැලපීමක් නොවේද?
ReplyDeleteඔව්.
Deleteමෙම අවධමන තත්ත්වයට එරෙහිව අප මැදිහත්වීම අවශ්‍යයි. මෙවර රජය සහ මහබැංකුව එකතු වී අධික ලෙස සල්ලි අච්චු ගැසීම ගැන අප කරපු මැදිහත්වීම නිසා තමයි අන්තිමට මහ බැංකුවට පවා නිවේදන නිකුත් කරන්නට සිදු වුණේ. අප කියපු දේ අදටත් වලංගුයි. මොන වචන හරඹවලින් හැංගුවත්, එතනදි කළේ තිබෙන මුදල් තොගයට අලුතින් නාමික රුපියල් බිලියන සීයක් එකතු කිරීම. ඒක හරියට පරිප්පු හොද්දට වතුර දානවා වගේ වැඩක්. එහි ප්‍රතිඵලය තව ටික කලකට පසුවයි ලැලැබෙන්න නියමිත, රජය මේ මුදල් ප්‍රමාණය නැවත මාකට් එකෙන් එකතු කර නොගතහොත් අනිවාර්යයෙන්ම එහි බලපෑම රටට ලැබෙනවා.
ReplyDeleteමේ අවධමන තත්ත්වය පාලනය කිරීමට මොනිටරි සහ ෆිස්කල් ප්‍රතිපත්ති වලින් අවශ්‍ය කරන තීන්දු තීරණ ගැනීමට සහ ආයෝජන ප්‍රවර්ධනය, අපනයන තරගකාරීත්වය ඇති කිරීම, පාරිභෝගික විස්වාසය ඇතිකිරීම වගේ ගොඩක් දේවල් කරන්න රජයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය කාරණයක්.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට දින 5ක් තිබියදී රිපබ්ලිකන් අපේක්ෂකයාගේ ආධාරකරුවන් “කුණු” ලෙසින් බිඩෙන් හැඳින්වීමෙන් දිනකට පසු ට්‍රම්ප් කෝපයෙන් ප්‍රයෝජනගත් ට්‍රම්ප් සාමාන්‍ය ඇඳුම් කබාය මඟ හැර තැඹිලි පැහැති කබායක් පැළඳ සනීපාරක්‍ෂක සේවකයෙකු මෙන් සරසි අපද්‍රව්‍ය එක් කරන ට්‍රක් රථයක නැගී වඩාත් තීරණාත්මක විස්කොන්සින් ප්‍රාන්තයේ ග්‍රීන් බේ මැතිවරණ වේදිකාවට ගොඩවී ඇති බව වාර්තා වේ.
ReplyDeleteහිටපු ජනාධිපති ට්‍රම්ප් සිය කතාව තුලදී සඳහන් කර තිබුණේ, මේ සතියේ කමලා සිය දේශපාලන විරුද්ධවාදීන් ඉතිහාසයේ වඩාත්ම නපුරු සමූහ මිනීමරුවන් සමඟ සංසන්දනය කරමින් සිටි අතර ඔවුන් ඔබට සලකන්නේ කුණුවලට වගේ, ඔවුන් අපේ මුළු රටටම සලකන්නේ කුණුවලට වගේ’ බලනකොට මට පේනවා පොලිස් නිලධාරීන්, ගුරුවරුන්, හෙදියන්, ආච්චිලා සීයලා, සිසුන්, මේ රට විශිෂ්ට කරන ඇමරිකානුවන් , ඇමරිකානුවන්ට ආදරය නොකරන්නේ නම් ඇමරිකාව මෙහෙයවිය නොහැකි බවයි ජනාධිපති අපේක්ෂක ට්‍රම්ප් වැඩිදුරටත් මෙහිදී සඳහන් කර තිබුණේ,
කෙසේ නමුත් එළඹෙන අඟහරුවාදා (5) තමන්ට එරෙහිවන්නන් වෙනුවෙන් නැගී සිටීමට , එය තවදුරටත් ගණන් නොගන්නා බව ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙසයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,
මහමැතිවරන දිනය පිලිබඳ පෙත්සම විසිවෙල නේද? මේ තරම් පැහැදිලිව වැරදියි කියල පෙනෙනෙ දෙයක් හරියි කියල තීරණය වෙන්නෙ කොහොමද අධිකරණයෙන්?
ReplyDeleteතීන්දුව බලන්න ඕනෑ. තාක්ෂණික හේතු මත විභාගයට නොගෙන ඉවත් කරලා වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට වෙන්නේ ඒක.
Deleteඉකොනෝ
Deleteපේන විදිහට නම් ඕක උගුලක්, හිතාමතාම ඔය ගැසට් වරද කරපු අයට ඕනේ ඒ වරද සමගම මැතිවරණය පැවැත්වීමට, එහෙම කරලා ජවිපෙ ජාතික ජන බලවේගයට ආණ්ඩු බලය ලැබිලා වසරක් හෝ දෙකක් යනකොට ආණ්ඩුව ඉතාම කුජීත ලෙස ජනතාවට එපාවී ඇති මොහොතක නැවත ඕක වඩාත් සාර්ථක ලෙස නැවත ඉදිරිපත් කළොත් ඒ හේතුව මත මෙවර මහමැතිවරණය නීති විරෝධී වුණොත් මොකද ඇත්තටම වෙන්නේ කියල හිතල බලන්න? ඔයාගේ අදහස මොකක්ද ඒක පිළිබදව?
පෙත්සම විසි කරන්න හේතුවූ තීන්දුව ප්‍රසිද්ද කරනවද? ශේශ්ටාදිකරණ වෙබ් සයිට් එකේද?
Deleteසාමාන්‍යයෙන් තීන්දු ප්‍රසිද්ධ කරනවා. නමුත් විභාගයට ගෙන නැත්නම් ප්‍රසිද්ධ නොකරන්න ඉඩ තිබෙනවා. බොහෝ විට එකම කරුණට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කරන්නේ තාක්ෂණික හේතු මත විභාගයට නොගැනීමේ අවදානම නිසා.
Delete