වෙබ් ලිපිනය:

Thursday, November 7, 2024

නිල සංචිත වල විශාල වර්ධනයක්!

 

පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත වල ඩොලර් මිලියන 473ක විශාල වර්ධනයක් සිදු වී ඇති අතර ඒ අනුව ඔක්තෝබර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,467 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය වසර පසුගිය වසර හතරක කාලය තුළ වාර්තා වූ ඉහළම අගයයි. ජනාධිපතිවරණයට පෙර පැවති අවිනිශ්චිතතාවය හමුවේ රඳවා ගෙන සිටි විදේශ විණිමයද ඉන් පසු මාසයේදී වෙළඳපොළට පැමිණියා විය හැකියි.

ඔක්තෝබර් මාසය තුළ ඩොලරයක මැදි මිල රුපියල් 299.36 සිට රුපියල් 293.72 දක්වා පහත වැටුනා. එසේ පහත වැටුණේ මහ බැංකුව විසින් මෙපමණ විදේශ විණිමය ප්‍රමාණයක් මිල දී ගෙන තිබියදීයි. 

ඩොලරයක් රුපියල් 294ක් සේ සැලකුවද ඩොලර් මිලියන 473ක් මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 139 ඉක්මවන මුදලක් අවශ්‍ය වෙනවා. මහ බැංකුව විසින් එවැනි මුදලක් වැය කරනවා යන්නෙන් අදහස් වෙන්නේ සංචිත මුදල් සැපයුම එපමණකින් වැඩි වන බවයි. එනම් එපමණ සල්ලි අච්චු ගැසීමක් සිදු වන වන බවයි. එය එසේ නොවන්නටනම් එම රුපියල් ප්‍රමාණය වෙනත් ක්‍රමයකින් නැවත එකතු කරගත යුතුයි.

සැප්තැම්බර් මාසය අවසානයේදී සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,523.6ක්ව පැවතුණා. ඔක්තෝබර් 30 දින වන විට සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,474.6 දක්වා රුපියල් බිලියන 49.0කින් අඩු වී තිබුණා. ඒ අනුව පෙනී යන්නේ විදේශ සංචිත මිල දී ගැනීම සඳහා වැය කළ මුදලටද වඩා වැඩි මුදලක් මහ බැංකුව විසින් විවට වෙළඳපොළ කටයුතු වැනි අනෙකුත් ක්‍රම මගින් වෙළඳපොළෙන් එකතු කරගෙන ඇති බවයි. විවට වෙළඳපොළ කටයුතු මහ බැංකුවක් විසින් වෙළඳපොළට මුදල් නිකුත් කරන හා වෙළඳපොළෙන් මුදල් නැවත එකතු කරගන්නා ප්‍රධානම ක්‍රමයයි. 

8 comments:

  1. @ ඉකොනොමැට්ටා

    ඇත්තටම වාණිජ්‍ය ගිණුම් ආර්ථික විද්‍යාව වැනි විෂයයන් හදාරා නොමැති අපට සමහර තාක්ෂණික වචන සහ professional jargon පිළිබඳව වැඩිදුර පැහැදිලිව ලියන්න පුළුවන්ද?

    උදාහරණ විදිහට "විවට වෙළඳපොල" (Viwata Velandapola) යන වචනයේ අරුත තේරුම් ගැනීමට පැහැදිලි කිරීමක් අවශ්‍යයි. වචනාර්ථය අනුව නම් වෙළඳපොලක් (market) සඳහා භාවිතා කරන පදයක් වශයෙන් හෝ වෙනත් ආකාරයකින් භාවිතා විය හැකි අතර, "විවට" යන්නේ අරුත "විවෘත" (open) යන්නට සමාන විය හැක. එනම්, "විවට වෙළඳපොල" කියා අර්ථ දැක්වෙන්නේ විවෘත වෙළඳපොලක්, හෝ භාණ්ඩ, සේවාවන් සඳහා වෙළඳ දැක්මක්, අවකාශයක් වෙන්නැති.

    නමුත් ඔබ මෙහි විස්තර කර ඇති පරිදි විවට වෙළෙඳපොළ කටයුතු රජයේ විවිධාකාර සුරැකුම්පත් ස්ථාවර හෝ තාවකාලික පදනම යටතේ මිලදී ගැනීමේ සහ විකිණීමේ වෙන්දේසි කරන තැනක් බවට අනුමාන කරන්න පුළුවන්. ඒ අනුව, විවට වෙළඳපොළ කටයුතු ලෙස රටක බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවයේ ඇති වන ලික්විඩිටි අසමතුලිතතාවන් කළමනාකරණය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් කෙටි කාලීනව සිදු කරනු ලබන ඔපරේෂන්ස් ලෙස සිතිය හැකියි. මේ පිළිබඳව වැඩිදුර විස්තර පැහැදිලි කරන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඉඩක් ලැබුණු විට ලිපියක් පළ කරන්නම්.

      Delete
  2. ඉකොනෝ මහත්තයා චන්දෙ දුන්නු කමලා හැරිස් මේ සැරෙත් පැරදී නේද?

    ඉකොනෝ සපෝර්ට් කරන හැම මිනිහම පැරදෙනවානේ ඉකොනෝ.

    ReplyDelete
    Replies
    1. ඇයි ලංකාවේ මහ බැංකුව කඩපු පල් හොරා රනිල් වික්‍රමසිංහ කියන පාදඩයට කඩේ ගියේ පහුගිය දවස් වල? ඒ පොල් බූරුවා ඇපත් නැතුව කුල්ල කුජීත විදියට පරාදයි. කටවහ වැදිලා 🤣

      අනුර සහෝදරයා ඇතුලු ජාතික ජන බලවේගයේ පිරිස සෑහෙන මහන්සි වෙලා රනිල්ලා කාලා විනාශ කරලා දාලා තිබුණ රට අමාරුවෙන් ගොඩ දාගෙන යන අතරෙ මම මේ බයේ ඉන්නෙ දැන් මේ ඉකොනොමැට්ටා දැන් ආර්ථිකය හොඳයි කියලා කියන නිසා ලංකාවේ ආර්ථිකයටත් කෙළවෙන්න ඉඩ තියෙනවා මුගේ කටවහ වැදිලා, ඒකයි මට බය.

      Delete
  3. ඉකොනෝ ලංකාවේ සෝෂල් මීඩියා සහ චැට් ගෲප් වල ජනප්‍රිය වුණ මේ නිව්ස් එක දැක්කා ද?

    ///

    ෴ඇමරිකාවෙන් දැන් ලැබුනු උණුසුම් පුවතක්෴

    ජෝ බයිඩන් රජයේ හිටපු අමාත්‍යවරයෙක් වූ ජොන්ස්ටන් ෆර්ඩිනැන්ඩස්ව වාහන අවභාවිතා චෝදනාවක් මත ඇමරිකානු FBI පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත..මීට අමතරව බයිඩන් රජයේ තවත් හිටපු අමාත්‍යවරයෙක් වූ
    ලෝහන් රැට්වර්ට්ස් සහ ඔහුගේ බිරිඳව නීති විරෝධී අයුරින් එකලස්කල වාහනයක් ලඟ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත..

    අත්අඩංගුවට ගත් ලෝහන් රැට්වර්ට්ස්ගේගේ දරුණු අයහපත් සෞඛ්‍ය තත්වය නිසා ඔහුව නිව්යෝක් ලෙනොක්ස් හිල් රෝහලට ඇතුලත් කර ඇත.

    ට්‍රම්ප් රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙල ගැන රිපබ්ලිකන් පාක්ෂිකයන් ඉමහත් ප්‍රසාදයට පත්ව ඇත..

    මීට අමතරව බයිඩන් රජයේ මැති ඇමතිවරුන් සොරාගෙන මොංගෝලියාවේ සඟවා ඇති ධනයද වහාම ඇමරිකාවට ගෙන ඒමට කටයුතු කරන බව ට්‍රම්ප් මැතිතුමාගේ රජයේ මාධ්‍ය ප්‍රකාශිකා නෙල්නා හැට්කෝච් මහත්මිය විසින් සඳහන් කර ඇත..

    //

    මීට අමතරව ලංකාවේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල පිටුවල විවිධ කෘත්‍රිම බුද්ධි වැඩසටහන් ඇප් හරහා නිර්මාණය කර ඇති ධවල මන්දිරය ඉදිරිපිට චෙවි ටාහෝ, GMC යුකෝන් එක්ස්එල්, කැඩිලැක් එස්කැලේඩ්, F150 රැප්ටර්, ඩොජ් රෑම්, ටී රෙක්ස්, ජීඑම්සී සියෙරා, සයිබට්රක්ස්, රිවියන් වගේ වාහන සිය ගණන් සහිතව "මේ වනවිට ධවල මන්දිරය ඉදිරිපිට දමා ගිය හිටපු රජයේ ප්‍රධානීන් (ලේකම්වරු = ලංකාවේ ඇමතිවරු) අවභාවිත කර ඇති වාහන කියලා පෝස්ට් හද හද රසාලිප්ත විවේචන කරලා හිනා වෙනව මේකට ඉකොනෝ මොකද කියන්නේ? ඉකොනෝට මේව දැක්කම තරහ යනවා ඇති. කේන්ති ගන්න එපා ඉකොනෝ පොඩ්ඩක් විනෝද වෙන්නත් ඕනනේ ඉතින් ඕවා තදටම සීරියස් ගන්නත් එපා ඉතින් 🙃🙂

    ReplyDelete
  4. අප මේ මොහොතේ ජාතික ජන බලවේගයට සහාය දිය යුත්තේ ඇයි?

    කවුරුවත් රනිල් වික්‍රමසිංහ වගේ පාදඩයෙක්ට සහාය දක්වන්න එපා මොකද ඇත්තටම ලංකාවේ යුද්ධය පවතින කාලයේ සමහරක් කොටස් රට බෙදීමට විරුද්ධව ගෙනාපු කතාවක් තමයි, ලංකාව රටවල් දෙකක් විදිහට දෙකඩ කළොත් දුර්වල රාජ්‍යයන් දෙකක් ඇති වෙනවාය කියන අදහස. ඒක වැරදි කතාවක්. දුර්වල රාජ්‍යයන් දෙකක් ඇති වෙන්‍නේ නැ. එක දුර්වල රාජ්‍යයි ඇති වෙන්නේ. ඒ තමයි සිංහල මිනිස්සු ඉන්න ලංකාව. ඊළාමය දුර්වල රාජ්‍යයක් වෙන්නේ නැ.

    බ්‍රිතාන්‍ය පර්යේෂිකාවක් වෙන ජේන් රසල් 70 දශකයේ යාපනයේ ඉඳලා ලංකාවේ දෙමළ දේශපාලනය ගැන පොතක් ලිව්වා. ඒක තමයි Communal politics under the Donoughmore Constitution 1931-1947 කියලා පස්සේ ප්‍රසිද්ධ වුණේ. අන්න ඒ පර්යේෂණය කරන කාලේ තමන් අත්දැක්ක දෙයක් එයා විස්තර කරලා තිබ්බේ මෙහෙමයි.

    Once, while waiting for a CTB bus at Kurumbacciddy Junction in 1974, I saw a blackboard advertising a lecture by the then proto-LTTE which showed speedboats pulling the Jaffna peninsula across the Palk Straits and joining it to Tamil Nadu…

    උතුරු නැගෙනහිර දෙමළ ජාතිකවාදීන්ට කවදත් අවශ්‍ය වුණේ ලංකාවේ දෙමළ බහුතර උතුර හා නැගෙනහිර ඉන්දියාවේ දෙමළ බහුතර තමිල්නාඩුව එක්ක දේශපාලනික වශයෙන් නැතත් ආර්ථික හා සංස්කෘතික වශයෙන් එක කලාපයක් කරන්නයි. එහෙම කළාම ඊළාමය කියන්නේ කුඩා භූමියක තියන දුර්වල රාජ්‍යයක් නෙමෙයි, වඩා ශක්තිමත් තමිල්නාඩුවක නැත්තම් ඉන්දියාවක කොටසක්. නිකම් හරි ඊළාමය හැදුවා නම් ඒක තමයි මේ කලාපයේ ඇති වෙන භූ දේශපාලනික තත්ත්වය.

    එතකොට අපේ බෝඩරය එහා පැත්තේ තියෙන්නේ‍ දෙමළ ඊළම විතරක් නෙමෙයි, තමිල්නාඩුව නැත්තම් ඉන්දියාවයි. එතකොට යාපනය, ත්‍රිකුණාමලය, පුත්තලම, හලාවත, මඩකලපුව කියන්නේ ඉන්දියානු, තමිල්නාඩු නගරයි. මීගමුව පවා පැරණි දෙමළ නගරයක් කියලා ඒ අය කියනවා. බොහෝ විට නුවර එළිය පවා ඒ පැත්තට යන්න තිබ්බා. හිතාගන්න කෝ ඊළම හැදුණා නම් ලංකාවේ සිංහල මිනිස්සුන්ට වෙන දේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙන්න මේ ඉරණම තමයි අවුරුදු 30ක් අපි යුද්ධ කරලා, ජාතිවාදී ලේබල් අලවා ගෙන නවත්වාගත්තේ.

      ලංකාවේ දෙමළ ජාතිවාදී ව්‍යාපෘතියේ මෙන්න මේ වුවමනාව කල් තියා දැක්ක නිසා තමයි,

      •ඩී. එස්. සේනානායක වතු දෙමළ ලක්ෂ ගානකට පුරවැසි භාවය නොදුන්නේ..

      •සිංහල ගොවි ජනපද ඇති කළේ..

      •බ්‍රිතාන්‍යය එක්ක ආරක්ෂාව පිළිබඳ ගිවිසුම් ගහලා බ්‍රිතාන්‍ය නාවික හමුදාව ලංකාවේ තියාගත්තේ

      •බණ්ඩාරනායක සිංහල පමණයි භාෂා පනත ගෙනාවේ...

      •සංක්‍රමණ වළක්වා ගන්න එන්. කිව් ඩයස් යාපනය වටේ හමුදා කඳවුරු ගහන්න සැලසුම් කළේ..

      •සිරිමාවෝ 72 ජනරජ පනත ගෙනාවේ

      •ඉන්දියානු හමුදාවට, 13ට විරුද්ධ වුනේ

      •මහින්ද යුද්ධය ඉවර කළේ, චීනය එක්ක කිට්ටු සබඳතා ගොඩනගා ගත්තේ

      මේ සේරම කළේ ලංකාව කියන දූපත් රාජ්‍යයටයි සිංහල මිනිස්සුන්ටයි වෙන්න ගිය අර ඉරණම වළක්වා ගන්නයි.

      අපි ඒකීය රටක් වෙනුවෙන් අවුරුදු 30ක් යුද්ධ කළේ නිකම් ආතල් එකට, නිකම් ඉන්න බැරුවට, නැත්තම් හුදු ගෞරවය නැත්තම් අර දෙකයි පණහේ ගොබ්බ වමාලා කියනවා වගේ මහාවංශ මානසිකත්වයක් නිසා නෙමෙයි. දෙමළ ජාතිවාදී ව්‍යාපෘතිය පරාජය කිරීම සඳහා ඒකීය භාවය අතිශය අවශ්‍ය වෙන නිසයි. ලංකාවේ දෙමළ ජාතිවාදී ව්‍යාපෘතිය සිංහල ජනයාගේ පැවැත්මට ඇති තර්ජනයක්.

      මේ ගැන රනිල් හා චන්ද්‍රිකා හැර රට පාලනය කරපු සියළුම රාජ්‍ය නායකයන්ට (සිරිසේනත් ඇතුළුව) දැනුවත්කමක් තිබ්බා. මේ ගැන කිසිම අවබෝධයක් නැත්තේ NGO වලින් උස්සන් ගෙනාව රනිල් හා චන්ද්‍රිකාටයි.

      මේ විදිහට ජීවිත පරිත්‍යාගයෙන් අපි ‍වළක්වා ගත්ත මේ ඉරණම, රනිල් කියන මන්ද මානසික පිස්සා කොල කෑල්ලක එක අත්සනකින් දෙමළ ජාතිවාදී ව්‍යාපෘතියට දෙන්න සූදානම් වුණා.

      රනිල් කියන්නේ රටේ ආරක්ෂාව හරි අනාගතය ගැන හරි කිසිම හැඟීමක් නැති strategic thinking එකක් ගෑවිලාවත් නැති කෙලින්ම පිස්සෙක් විදිහට සළකන්න පුළුවන් පුද්ගලයෙක්.

      රනිල් කියන්නේ කිසිම විදිහකින් typical UNP නායකයෙක් නෙමෙයි.

      පැරණි UNP නායකයෝ වෙන ඩී. එස්, ඩඩ්ලි, කොතලාවල, ජේ. ආර්, ප්‍රේමදාස, විජේතුංග කියන මේ සියළු දෙනාම ඉන්දියානු/ දෙමළ ආධිපත්‍යය රටේ පැවැත්මට තර්ජනයක් විදිහට සළකපු අයයි. ඒ මිනිස්සුන්ට යම් අඩුපාඩු ඇතුව හෝ ලංකාව - ඉන්දියාව සම්බන්ධයෙන් හොඳ strategic thinking එකක් තිබ්බා.

      නමුත් පිනට එජාප නායකත්වය ලැබුණු රනිල් typical UNP නෙමෙයි. NGO වලින් උස්සලා ගෙනාව නායකයෙක්. typical UNP එකෙන් රනිල්ට තිබ්බේ බටහිර ගැති කම පමණයි.

      රට දියනු කරන්න කිසිම ආර්ථික සැලැස්මක් කිසි දවසක තිබ්බේ නැති රනිල්ගේ සාමාන්‍ය ක්‍රමය තමයි මොකක් හෝ විදේශ රටක් හරි NGO එකකින් හරි දෙන මොකක් හෝ සැලැස්මක් ඔහේ ක්‍රියාත්මක කරන්න බලන එක. (එයාගේ සාම ක්‍රියාදාමය නෝර්වේ වලින් දුන්නා වගේ)

      ඉතින් ඒ විදිහට රනිල් 2015 දි බලයට ආවාම ඉන්දියාව එයාට දුන්නා වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල වෙන්නේ, ලංකාව හා දකුණු ඉන්දියාවම එක ආර්ථික කලාපයකට ගෙන ඒමයි. තමන් එහෙම කරනවා කියලා රනිල් විවෘතවම කිව්වා. ලංකාව හා තමිල්නාඩුව යා කරමින් හදන හනුමා පාලම ඒ වැඩපිළිවෙලේ කොටසක්.

      මෝදිට අවශ්‍ය විදිහට රනිල් ලවා ලංකාවයි - දකුණු ඉන්දියාවයි (තමිල් නාඩුවයි) එක ආර්ථික කලාපයකට ගෙනාවාම, රටවල් දෙක භෞමිකව සම්බන්ධ කළාම ලංකාවේ දෙමළ ජාතිවාදීන්ගේ මහා දෙමළ රාජ්‍යයේ සිහිනය නෙමෙයි ද ඉටු වෙන්නේ? අපි අවුරුදු 30ක් යුද්ධ කරලා වළක්වාගන්න හදපු ඉරණමට පාර කැපෙන එක නෙමෙයි ද මෙතන වෙන්නේ?

      මේ සේරමෙන්ම වෙන්නේ තමිල්නාඩුව එක්ක එකතු වෙලා මහා දෙමළ රාජ්‍යයක් හදාගැනීමේ ලාංකික දෙමළ ජාතිවාදී සිහිනය ඉටු කිරීමේ මූලික අඩිතාලම දැමීමයි. එතනදි සිංහල ජනතාව ඇත්තටම කොලනියක තත්ත්වයට පත් වෙනවා.

      විශේෂයෙන් සිංහල හා දෙමළ භාෂා සම තත්ත්වයේ සළකන දෙකම රාජ්‍ය භාෂා කරපු තත්ත්වයක්, සිංහල ජනගහන වර්ධනයට වඩා දෙමළ කතා කරන පිරිසේ ජනගහන වර්ධන වේගය වැඩි තත්ත්වයක් ලංකාවේ පවතිද්දි රනිල් ගෙනාපු මෝදිගේ වැඩපිළිවෙල තාර්කික අවසානයක් කරා ගෙනිච්චා නම් සිංහල මිනිස්සුන්ට මොකද වෙන්නේ? නැවතත් කාලිංග මාඝ යුගයක් නෙමෙයි ද?

      Delete
    2. ඇත්තටම 2015-19 කාලේ වාසනාවට රටේ විධායක ජනාධිපතිධූරය දැරූ
      සිරිසේන හින්දා යහපාලනය කාලේ රනිල් - මෝදි ගිවිසුම ටිකක් හෝ අඩාල වුණා. යහපාලනය එළෙව්වාට පස්සේ ‍ගෝඨාභය රාජපක්ෂ ඒ ගිවිසුම් නොසළකා හැරියත් ආර්ථික අර්බුදය නිසාත් ඉන්දියාවේ උදව් අවශ්‍ය වුණු නිසාත් නැවතත් ඉන්දියානු පදයට නටන්න වුණා.

      අරගලයෙන් පස්සේ රනිල් ආව ගමන් මුලින්ම කළේ ඉන්දියාවට ගිහින් තමන් කලින් දීපු පොරොන්දු නැවතත් අළුත් කිරීමයි. 2015 ඉඳන් හෙමින් හෙමින් සිද්ධ වෙච්ච පාලම් ගැහිල්ලේ, ලංකාවයි තමිල්නාඩුවයි එකතු කිරීමේ වැඩපිළිවෙල 2022 අරගලයෙන් පස්සේ රනිල් ආවාම වේගයෙන් ඉදිරියට ගියා.

      ඒ විතරක් නෙමෙයි, රනිල්ට ලංකාවේ strategic interests ගැන අවබෝධය කොච්චර අඩුද කියනවා නම් ඩී. එස්ගේ පක්ෂයේ ඉඳගෙන ඩී. එස්ගේ ගොවි ජනපද ව්‍යාපාරය අනික් පැත්ත හරවන්න අවශ්‍ය වැඩ පටන් ගත්තා.

      ඇත්තටම මට තියන ප්‍රශ්නය රටේ ඒකීය බව වෙනුවෙන් පෙනී සිටින අය රනිල් වෙනුවෙන් පෙනී සිටින්නේ, පාලම ගැන නිශ්ශබ්ද වෙන්නේ කොහොමද කියන එකයි.

      **රනිල් කියන පුද්ගලයා මිනිස් බුද්ධියට නිගාවක්.**

      **රනිල්ගේ ඉපදීම නිසාම ලංකාවට බරපතළ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණ.**

      ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ ඒකීය භාවය වෙනුවෙන් පෙනී සිටින සිංහල ජාතිකවාදීන් ෆෙඩරල් ව්‍යවස්ථා, ඔරුමිත්තනාඩුව, 13 සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම වගේ දේවල් වලට විරුද්ධත්වය දැක්කුවත් රනිල්ගේ හනුමා පාලම සම්බන්ධයෙන් නිශ්ශබ්ද වෙන්නේ ඇයි? මේ අය හිතන් ඉන්නේ හනුමා පාලමෙන් පස්සේ ඒකීය ලංකාවක් පවතියි කියල ද?

      පාලම කියන්නේ 13 හා ෆෙඩරල් වලටත් වඩා ලොකු ප්‍රශ්නයක්. මෝදි ඇතුළු ඉන්දියානු රජය මේ පාලම අප මත බලෙන් පටවන්න හදන්නේ ඇයි කියලා හිතන්න.

      අරගලයෙන් පස්සේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න රනිල්ට පුළුවන් වුණා, පෝලිම් නැති කරා, අරගලකාරයන්ට ගැහුවා කියලා හිතලා රනිල්ට සමහරු සහාය දක්වනවා. ජාතිකවාදීන් පවා. මම ඒ අයගෙන් අහන්නේ එහෙනම් ජීවිත පූජා කරගෙන යුද්ධයක් දින්නේ මොන එහෙකට ද? හනුමා පාලම කියන්නේ රනිල් සම්බන්ධයෙන් deal breaker එකක් වෙන දෙයක්.

      ලංකාවේ වාසනාවට මේ ජනාධිපතිවරණයෙන් මැන්ව එළවාදාන්න පුළුවන් වෙච්ච නිසා ඒ වැඩපිළිවෙල දැන් තාවකාලිකව නතර වෙලා තියනවා.

      ඉන්දියානු මැදිහත්වීම හා 13ට විරුද්ධව ආයුධ අතට ගත්ත ඔරිජිනල් ජෙප්පො (npp set එක නෙමෙයි) රනිල්ට වඩා සෑහෙන හොඳයි. උන්ට රටේ strategic interests ගැන වඩා හොඳ අවබෝධයක් තියනවා. npp එවුන් ටිකක් දිහා බලලා බහුතර ජෙප්පෝ සිංහල බෞද්ධ විරෝධි කියලා හිතන් රනිල් වෙනුවෙන් ජාතිකවාදීන් පෙනී සිටිම නම් විහිලුවක්.

      පේන විදිහට මේ පාලම ඉදිරියට ගෙනියන්න ඕන කියලා දැඩි පීඩනයක් අනුර කුමාර රජයට ඉන්දියාව පැත්තෙන් එල්ල වෙමින් තියනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය සිංහල මිනිස්සු රජයට පෙන්නිය යුතුයි. ඒ වගේම අනුර කුමාර රජය ඒ බලපෑමට මුහුණ දී එය පාලනය කළත් අනාගතයේ මොකක් හෝ දුර්වල රජයක් ආව ගමන් මෝදි තමන්ගේ වැඩපිළිවෙල ඔවුන් ලවා කරවන්න බලයි.

      ඒ වගේම ඉස්සරහට එන්න පුළුවන් කියලා ඉන්දියාව හිතන තරුණ දේශපාලන ක්‍රියාධරයන් ඉන්දියානු වැඩිපිළවෙලට නම්මා ගැනීමට ඉන්දියාව දැන්ම පටන් අරගෙන තියනවා. ඒ විදිහට නාමල් රාජපක්ෂ, කාංචන විජේසේකර පමණක් නෙමෙයි අර බුකියේ දේශපාලනය කරන පැතුම් කර්නර් වගේ කට්ටිය එක්කත් ඉන්දියානු රජය දැන් සම්බන්ධතා ගොඩනගමින් ඉන්නේ.

      ඒ නිසා මේ ලංකාව - තමිල්නාඩුව එක කලාපයක් කිරීමේ මෝදිගේ වැඩපිළිවෙල කියන උගුලට රනිල් කියන මොට්ට රාළ ලංකාව දැම්මා වගේ ලේසියෙන් අපට ගැලවෙන්න බැ. (2001දි රනිල් ආව වෙලේ අපව නෝර්වේ සාම උගුලට දැම්මා. මහින්දලා සැහෙන අමාරුවෙන් අපව ඒකෙන් බේරගත්තේ)

      ඒ නිසා ලංකාව වෙනත් රටකට පාලමකින් හෝ සම්බන්ධ කෙරෙන්නේ නම් ඒ වගේ දෙයක් කරන්න ජනමතවිචාරණයකින් ජනතාවගේ කැමැත්ත විමසිය යුතුයි කියන වගන්තිය ව්‍යවස්ථාවට එකතු කළ යුතුයි.

      ඒ වගේම දිගුකාලීන පියවරක් හැටියට ලංකාවේ අගනුවර කොළඹ නගරයෙන් ඉවත් කරගෙන ත්‍රිකුණාමලයට ගෙනියන්නත් පියවර ගන්න එක ගැන අනුර දිසානායක සහෝදරයා සැලසුම් කරන්න ඕන.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: