මෙම (2024) වසරේ මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය රුපියල් කෝටි 387ක, එසේත් නැත්නම් රුපියල් මිලියන 3,871ක, ශුද්ධ ලාභයක් වාර්තා කර තිබෙනවා. එම ගුවන් සේවය මේ අයුරින් ලාබ වාර්තා කරන්නේ 2008 වර්ෂයෙන් පසු ප්‍රථම වරටයි.
පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය බවට පත් වූයේ මුලින්ම එයාර් සිලෝන් ලෙසත්, ඉන් පසුව එයාර් ලංකා ලෙසත් හැඳින්වුණු රාජ්‍ය ආයතනයයි. 1998 වර්ෂයේදී මෙම ආයතනයේ සුළුතර කොටස් අයිතිය හා පරිපාලනය එමිරේට්ස් ආයතනය වෙත පවරනු ලැබූ අතර, වසර දහයකට පසුව 2008දී ශ්‍රී ලංකා රජය විසින් මෙම ආයතනයේ පරිපාලනය නැවත පවරා ගනු ලැබුවා.
ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රීලංකන් ගුවන් සේවය පවරා ගන්නා විට එම ආයතනය ලාබ ලබමින් පැවති ආයතනයක්. ඒ වන, මෙම ආයතනයේ ශුද්ධ වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 15,536ක් වූ අතර එයින් රුපියල් මිලියන 9,288ක්ම පෙර වසර වලදී උපයාගෙන, ලාභාංශ ලෙස කොටස්හිමියන් විසින් ඉවත් කර නොගෙන, ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් රඳවා ගෙන තිබුණු ලාබයි.
රජය විසින් නැවත පවරා ගනු ලැබීමෙන් පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය දිගින් දිගටම පාඩු ලැබුවේ පහත පරිදියි.
2009 - රුපියල් මිලියන (-9,306)
2010 - රුපියල් මිලියන (-2,698)
2011 - රුපියල් මිලියන (-382)
2012 - රුපියල් මිලියන (-19,778)
2013 - රුපියල් මිලියන (-26,089)
2014 - රුපියල් මිලියන (-32,408)
2015 - රුපියල් මිලියන (-16,495)
2016 - රුපියල් මිලියන (-12,622)
2017 - රුපියල් මිලියන (-28,930)
2018 - රුපියල් මිලියන (-17,214)
2019 - රුපියල් මිලියන (-44,023)
2020 - රුපියල් මිලියන (-47,197)
2021 - රුපියල් මිලියන (-45,231)
2022 - රුපියල් මිලියන (-166,370)
2023 - රුපියල් මිලියන (-73,622)
මා පෙර සඳහන් කළ පරිදි, ශ්‍රී ලංකා රජය විසින් නැවත පවරා ගන්නා විට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශුද්ධ වටිනාකම, එනම් එහි වත්කම් හා බැරකම් අතර වෙනස, රුපියල් මිලියන 15,536ක්. එහෙත්, 2009-2011 කාලයේ ලැබූ පාඩු හේතුවෙන් මෙම ආයතනයේ ශුද්ධ වටිනාකම රුපියල් මිලියන 3,217 දක්වා පහත වැටුනා. මෙම කාලය තුළ ආයෝජනය වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් නොලැබුණු බව අමුතුවෙන් කිව යුතු නැහැ.
ඉන් පසුව, 2012 වසරේදී තවත් රුපියල් මිලියන 19,778ක අලාබයක් එකතු වීමෙන් පසුව ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශුද්ධ වටිනාකම සෘණ අගයක් දක්වා පහත වැටුණා. එයින් අදහස් වන්නේ එම ආයතනයේ සියලුම වත්කම් වල වටිනාකමට වඩා එහි බැරකම් වැඩි බවයි. එවැනි පාඩුවක් සිදු වන්නේ මෙම ගුවන් සේවය පවරා ගනිද්දී එහි වටිනාකම වූ රුපියල් මිලියන 15,536 නැත්තටම නැති වීම සහ ආයෝජනය වෙනුවෙන් වසර ගණනාවක්ම කිසිදු ප්‍රතිලාභයක් නොලැබීමේ පාඩු වලට අමතරවයි.
මේ ආයතනය පෞද්ගලික ආයතනයක් වීනම් කරන්නේ මෙවැනි තත්ත්වයක් ඇති වන්නට පෙර, "සොහොන් ලකුණු" පෙනෙද්දීම, ආයතනය වසා දැමීමයි. ශුද්ධ වටිනාකම සෘණ අගයක් වීමෙන් පසුව ආයතනයක් විකුණා දැමීමේ හෝ හැකියාවක් නැහැ. එසේ කරනවානම් කළ හැක්කේ බැරකම් කොටස රඳවාගෙන වත්කම් කොටස පමණක් විකුණන්නේනම් පමණයි.
කෙසේ වුවත්, රාජ්‍ය ආයතන වලට මෙවැනි තත්ත්වයක් යටතේ ගත හැකි විකල්ප ක්‍රියාමාර්ගයක් තිබෙනවා. ඒ පාඩු ලබන රාජ්‍ය ආයතනයක බර බදු ගෙවන්නන් මත පටවමින් ආයතනය දිගටම පවත්වාගෙන යාමයි. ශ්‍රී ලංකා රජය සැලකුවහොත්, දිගින් දිගටම වියදමේ තරමට බදු ආදායම් එකතු කර ගෙන නොමැති තත්ත්වයක් යටතේදී, කළ හැකි වන්නේ ණය ලෙස ලබා ගන්නා මුදල් මෙවැනි රාජ්‍ය ආයතනයකට පොම්ප කරමින් එහි පාඩු වල බර අනාගත බදු ගෙවන්නන් මත පැටවීමයි.
ශ්‍රීලංකන් ගුවන් සේවය දිගටම පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජය විසින් 2012දී කළේ හරියටම මෙයයි. එම වසරේදී රුපියල් මිලියන 15,423ක භාණ්ඩාගාර බැඳුම්කරයක් නිකුත් කර එම මුදල ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත ලබා දුන්නා. මෙය වසර 5ක බැඳුම්කරයක්.
වෙනත් ලිපි වල විස්තර කර ඇති පරිදි රජය විසින් නිකුත් කරන භාණ්ඩාගාර බැඳුම්කර එම මිලටම විකිණෙන්නේ නැහැ. මෙම බැඳුම්කරය විකිණුනේ රුපියල් මිලියන 14,166ක මුදලටයි. ඒ නිසා, ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත පොම්ප කෙරුණේ එම මුදලයි. එහෙත් බැඳුම්කරය කල් පිරෙද්දී ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 15,423ක් ගෙවන්නට සිදු වුනා. මීට අමතරව වසරකට 8% බැගින් කූපන් පොලී ගෙවන්නටද සිදු වුනා.
මේ විදිහට ශ්‍රී ලංකා රජය විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර ලබා ගන්නා ණය මුදල් හා පොලී ආපසු ගෙවන්නේ නැවත අලුතෙන් ණය ලබා ගෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ නිසා, මේ ණය මේ වන විට කිහිප ගුණයකින් වැඩි වී ශ්‍රී ලංකා රජයේ නොගෙවූ ණය ගොඩේ තිබෙනවා. දැනටත් කරන්නේ සතිපතා අලුතෙන් රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කරමින් පරණ ණය හා පොලී ගෙවන එකයි.
කෙසේ වුවත්, ඔය විදිහට ණයට ගත් මුදල් පොම්ප කළා කියා ශ්‍රීලංකන් ගුවන් සේවය ගොඩ ගියේ නැහැ. 2013දී තවත් විශාල අලාභයක් එකතු වුනා. එවරද කළේ පෙර වසරේ කළ දෙයමයි. රුපියල් මිලියන 13,124ක, 8.5% වාර්ෂික කූපන් පොලියක් සහිත, වසර පහකින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කරයක් රුපියල් මිලියන 12,600කට විකුණා එම මුදල ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත ලබා දුන්නා. අනාගත බදු ගෙවන්නට තවත් ණයක් එකතු වුනා.
ඊළඟ (2014) අවුරුද්දේදී වුනෙත් ඔය සන්තෑසියම තමයි. ඒ අවුරුද්දේදී වසර පහකින් කල් පිරෙන 10.6% වාර්ෂික කූපන් පොලියක් සහිත තවත් භාණ්ඩාගාර බැඳුම්කරයක් නිකුත් කරලා ශ්‍රීලංකන් ගුවන් සේවයට තවත් රුපියල් මිලියන 19,585ක මුදලක් ලබා දුන්නා.
ඔය විදිහට 2012, 2013 හා 2014 වසර වලදී ශ්‍රීලංකන් ගුවන් සේවයට සල්ලි පොම්ප කිරීම සඳහා නිකුත් කරපු භාණ්ඩාගාර බැඳුම්කර පිළිවෙලින් 2017, 2018 හා 2019 වසර වලදී කල් පිරුණා. ඒ කාලයේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරලා ලබා ගත්ත සල්ලි වලින් කරපු දේවල් ලැයිස්තුවේ ඔය ණය සහ පොලී ආපසු ගෙවපු එකත් ඇති. ඔන්න සල්ලි වලින් කරල තියෙන දේවල්!
රජය ව්‍යාපාර කරද්දී සිදු වෙන එකම පාඩුව ඔය විදිහට අනාගත බදු ගෙවන්නන් මත බර පැටවෙන එක පමණක් නෙමෙයි. ඔය වගේ දිගින් දිගටම පාඩු ලබන රාජ්‍ය ආයතනයක බර හෙමින් සීරුවේ වෙනත් රාජ්‍ය ආයතන මත පටවන්නත් පුළුවන්. ඔය කාලයේදී ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව වගේ ආයතන වගේම සේවක අර්ථසාධක අරමුදලත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ කොටස් වල ආයෝජනය කරලයි තිබුණේ. ප්‍රායෝගිකව ඔය තීරණ ඔක්කොම ගන්නේ එකම තැනකින්නේ.
දැන් මේ වැඩෙන් වුනේ කුමක්ද? ඔය විදිහට ආයෝජනය කරපු සල්ලි වලට සත පහක ප්‍රතිලාභයක් නැහැ. ඒකේ බර වැටෙන්නේ කා මතද? ඕක අඩුවෙන්නේ ලංකා බැංකුවේ, මහජන බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැන්පත්කරුවන්ට ලැබිය හැකිව තිබුණු පොලියෙන්. සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ලැබෙන්න තියෙන පොලියෙන්. ඔය පාඩු සිදු වෙන්නේ බදු ගෙවන්නන් මත පැටවෙන බරට අමතරවයි.
ඔය විදිහට දිගින් දිගටම රජය ණය වෙවී ශ්‍රීලංකන් ගුවන් සේවයට සල්ලි පොම්ප කළත් ශ්‍රීලංකන් ගුවන් සේවය ලාබ ලැබුවේ නැහැ. රජය ණය වෙවී සල්ලි පොම්ප කිරීම නිසා සිදු වුනු එකම දේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගිණුම් වල පාඩු අඩුවෙන් පෙනුණු එක පමණයි. මොකද පාඩුවෙන් කොටසක් දැන් තියෙන්නේ වෙන තැනක නිසා. ඔය උඩින් පෙන්වා තිබෙන පාඩු වල රජය ණය වී සල්ලි පොම්ප කිරීම නිසා ඒ වෙනුවෙන් ගෙවන්න වුනු පොලී වල පිරිවැය කොටස නැහැ. ඒ කොටසත් එකතු කළොත් ඔය පාඩු පේනවට වඩා ගොඩක් වැඩියි.
යහපාලන කාලයේදී ඔය විදිහට සල්ලි පොම්ප කරන එක තාවකාලිකව නැවතුණා. පාඩු ලබන එකනම් නැවතුණේ නැහැ. ඒ නිසා, සිදු වුනේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශුද්ධ වටිනාකම එන්න එන්නම අඩු වීම. ඒ කියන්නේ සෘණ අගය වැඩි වීම.
ආණ්ඩුව වෙනස් වුනාට පස්සේ 2021 හා 2022 වසර වලදී ඔය කලින් කරපු සල්ලි පොම්ප කරන වැඩේ නැවතත් පටන් ගත්තා. 2021දී භාණ්ඩාගාර බැඳුම්කරයක් නිකුත් කරලා රුපියල් මිලියන 27,734ක් දුන්නා. 2022දී ඔය විදිහටම තවත් රුපියල් මිලියන 17,318ක් දුන්නා. ඔය බැඳුම්කර දෙකනම් තවමත් කල් පිරිලා නැතුව ඇති. ඔය කාලයේනම් ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කළේ නැහැනේ. ඒ වෙනුවට කළේ සල්ලි අච්චු ගහපු එකනේ.
අවුරුද්දෙන් අවුරුද්ද ඔය තරම් සල්ලි කන්දරාවක් පොම්ප කරලත්, 2023 මාර්තු 31 වෙද්දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමුච්ඡිත අලාබය රුපියල් මිලියන 610,488ක්. මේ අවුරුද්දේ රුපියල් මිලියන 3,871ක ලාබයක් ලබපු නිසා දැන් ඔය සමුච්ඡිත අලාබය රුපියල් මිලියන 607,614 දක්වා අඩු වෙලා තියෙනවා. හැබැයි ඒ විදිහට ලාබයක් ලැබුවේ කොහොමද කියල දන්නවද?
ඔන්න රහස! කාටවත් කියන්න එහෙම එපා. ලැජ්ජයිනේ. මොකද ශ්‍රීලංකන් ගුවන් සේවය කියන්නේ ලංකාවේ ජාතික අභිමානය. පහුගිය අවුරුද්දේ ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත තවත් රුපියල් මිලියන 106,000ක දැවැන්ත මුදලක් පොම්ප කරලා තියෙනවා. ඊට පස්සේ තමයි ඔය ලාබය වාර්තා කරලා තියෙන්නේ.
එතකොට ඔහොම සුදු අලියෙක්වද දිගටම නඩත්තු කරන්න යන්නේ?
ප්රශ්නය විකල්පය මොකක්ද කියන එකයි. අපි හිතමු ශ්‍රීලංකන් ගුවන් සේවය විකුණලා දමලා මේ බරෙන් නිදහස් වෙනවා කියලා. මේ ආයතනය කීයකට විකුණන්න පුළුවන් වෙයිද?
ඔය ලිපියේ විස්තර කරපු විශාල සල්ලි කන්දරාව පොම්ප කරලා, ඒ වෙනුවෙන් ගත්ත ණය වල පොලී දිගින් දිගටම ගෙවමින් හිටියත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ දැන් වටිනාකම රුපියල් මිලියන සෘණ 400,535ක්. 2023දී ඔය ගණන රුපියල් මිලියන සෘණ 509,175ක්. දැන් ඔය ගණනට අඩු වෙලා තියෙන්නේ පහුගිය අවුරුද්දේ 106,000ක දැවැන්ත මුදලක් පොම්ප කරලා ණය ගෙවපු නිසා. හැබැයි තවමත් වටිනාකම රුපියල් මිලියන සෘණ 400,535ක්. ඒ කියන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවයයේ මුළු වත්කම් ප්‍රමාණයට වඩා බැරකම් ප්‍රමාණය එපමණකින් වැඩියි.
කාට හරි විකුණන්න පුළුවන් වත්කමක්නම්. නමුත් මේක තනිකරම ණය ගොඩක්. කවුද සල්ලි දීලා ණය ගොඩක් බාර ගන්නේ?
එක්කෝ ඔය ඉතුරු ණය ටික එක පාරම බදු ගෙවන්නන් මත පටවලා ශ්‍රීලංකන් ගුවන් සේවය කීයකට හරි දීලා දාන්න වෙනවා. එහෙම නැත්නම් ශ්‍රීලංකන් ගුවන් සේවය ඔය විදිහටම තියාගෙන ඔය ණය බර හෙමිහිට ටිකෙන් ටික බදු ගෙවන්නන් මත පටවන්න වෙනවා. ඔය දෙකෙන් කොයි වැඩේ කළත්, අන්තිමට ඔය ණයට බදු ගෙවන ජනතාවට කර ගහන්නම වෙනවා. වෙන කිසිම විකල්පයක් නැහැ. පාඩුව වෙලා ඉවරයි.
එහෙම ආයතනයක් දිගටම තියාගෙන ඉන්න එකේ තේරුමක් තියෙනවද?
මම හිතන්නේ ඒක මේ මොහොතේ ලංකාවේ ජනතාවගේ කැමැත්ත. ශ්‍රීලංකන් ගුවන් සේවය දිගටම පවත්වා ගෙන යනවා කියලා මේ ජනාධිපතිවරයා සහ ඔහුගේ පක්ෂය පැහැදිලිවම කිවුවා. ජනතාව ඒක අනුමත කරලා තියෙනවා. ඒ වගේම, ඔය පරණ පවු වලට මේ ආණ්ඩුව වගකියන්න අවශ්‍යත් නැහැ.
ශ්‍රීලංකන් ගුවන් සේවය මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳ හොඳ පරීක්ෂාවක්. රජය ව්‍යාපාර කරන එකේ ප්‍රශ්න ගණනාවක් තිබුණත් ශ්‍රීලංකන් ගුවන් සේවය හා අදාළව ඒ හැම එකක්ම අදාළ වෙන්නේ නැහැ. ශ්‍රීලංකන් ගුවන් සේවය තිබුණා කියලා වෙන පෞද්ගලික ආයෝජකයෙකුට අවශ්‍යනම් ගුවන් සේවයක් ආරම්භ කරන්න බාධාවක් නැහැ. ඒ වගේම, ශ්‍රීලංකන් ගුවන් සේවයට තරඟයකට මුහුණ නොදී ලාබ ගන්න බැහැ. ඒ නිසා, ලංවිම, තෙල් සංස්ථාව වගේ ආයතන වලට තිබෙන ඒකාධිකාරයේ වාසිය රජයට නැහැ. තිබෙනවානම් ඉතා අඩුවෙන්. (ඔව්, තෙල් සංස්ථාව තවමත් ඒකාධිකාරයක් තමයි!)
ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගිය කාලයේදී රජයේ පාලනය යටතේ තිබුනාට වඩා කාර්යක්ෂම කරන්න බැරිකමක් නැහැ. තිබුණු කාර්යක්ෂමතාවය ගැන විස්තර කරන්න අවශ්‍ය නැහැනේ. ඒ නිසා රාජ්‍ය අංශයේ ව්‍යවසායයක් විදිහට ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ප්‍රමාණවත් ලාබ පෙන්නන්න පුළුවන්නම් ඒක මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සාධාරනීකරණය කිරීම සඳහා යොදා ගන්න පුළුවන්. හැබැයි නිකම්ම ගිණුම්කරණ ලාබ නෙමෙයි. දැනට යට කරලා තිබෙන මහජන මුදල් වල පොලී ගෙවන්න පුළුවන් තරමේ ප්‍රතිලාභයක් ලාබ වලින් පෙනෙන්න ඕනෑ. තිබුණු හැටියට හොඳ එකක් වුනත්, පසුගිය අවුරුද්දේ උපයපු රුපියල් මිලියන 3,871ක ශුද්ධ ලාභය එහෙම එකක් නෙමෙයි.
ඔහේ කමලා හැරිස්ට චන්දෙ දුන්නෙයි
ReplyDeleteකොම්රේඩ් හැරිස්ට ඇපත් නෑ මේ සැරේ, තනිකරම බොරු රගපෑමක්නේ කළේ. ජස්ටිස් ෆෝ පීනට්ස්! අහිංසක ලේනෙක්ටවත් පාඩුවේ ගෙදරක නිදහසේ ඉන්න දෙන්නේ නැති කාලකණ්නිම මිනීමරු අමානුෂික ඩිමොක්රටික පාදඩයන් පන්නා දැමීමට එක්සත් ජනපද බුද්ධිමත් ජනතාව තීරණය කර ඇත. මේක එක්සත් ජනපදයේ බුද්ධි පරීක්ෂණයක්, ඇමරිකානු සිහිනය දිනවා එක්සත් ජනපදය විනාශ කිරීමට පැමිණි කොමියුනිස්ට්වාදී පිල්ලිය කොම්රේඩ් කැමලා භංගවෙනවා නිසැකයි ! දැනටමත් ආසන 200 ලබා ආසන්න වශයෙන් ආසන්න සීයකින් පමණ ලීඩ් කරලා තියෙන්නේ ජය නියතයි !
Deleteසංස්ථාව
ReplyDeleteහුරේ... ආසන දෙසිය හැට හතයි ! තව තුනයි ! ජය අපටයි ඇමෙරිකාවේ!
ReplyDeleteඅද මුලු රට... එක මිටකට...
සුබ නැකතට... රට ට්‍රම්ප්ට
සියවස් විසි පහකට අධික කාලයක් අප දුටු සිහිනය... ඒ අරුම පුදුම මිනිසා ඔහුයි!
ජයවේවා!
2008 පර්සි එයා ලංකා එකේ සභාපති කලේ පර්සිගේ මස්සිනා නේද
ReplyDeleteNope, first of all SriLankan Airlines chairman was not appoint by a single person named Jersey or any other person. The Chairman of SriLankan Airlines is appointed by the Sri Lankan government, as the airline is a state-owned enterprise. Specifically, the appointment is made by the Cabinet of Ministers of Sri Lanka, whom are responsible for this appointment to the parliament as well, for any inquiries arising by the MPs.
DeleteAppointment Authority is granted to the Cabinet of Ministers of the GoSL: The final decision on the appointment is made by the Cabinet, based on recommendations from the Minister of Tourism and Aviation (or the relevant ministry overseeing the airline).
Minister of Tourism and Aviation: This minister plays a key role in recommending candidates for the position of Chairman, although the final decision rests with the Cabinet.
Your second query, I personally don't know how he is related to the persons you mentioned above. Here are the list;
From 2008 to 2014, SriLankan Airlines had a number of different chairmen, reflecting the changing political and business environment in Sri Lanka.
Here's a list of the individuals who served as the Chairman during this period:
1. Mihal Gunaratne (2008 - 2009)
Tenure: Mihal Gunaratne served as the Chairman of SriLankan Airlines until 2009. His tenure came during a period of challenges for the airline, including rising fuel costs and increasing competition.
2. Nishantha Wickramasinghe (2009 - 2013)
Tenure: Nishantha Wickramasinghe took over as Chairman in 2009. He was appointed in the context of the end of Sri Lanka's civil war, and during his tenure, the airline saw efforts to expand its network and modernize its fleet.
Controversies: His tenure was marked by controversies related to the airline’s financial health and governance, especially given the airline's continued losses and financial difficulties. He was largely criticised by the opposition of Sri Lanka at the time due to his relationship with the first lady of the then president MR. He has been removed from the position by the president MR due to this heavy criticism against him within three and half years at Office.
3. Sridharan Madhavan (2013 - 2014)
Tenure: Sridharan Madhavan was appointed Chairman in 2013, replacing heavily criticized Nishantha Wickramasinghe. Madhavan was a senior executive at SriLankan Airlines who had a background in engineering and management. However, his tenure was also brief, and SriLankan Airlines continued to face even worser financial struggles.
During this period, SriLankan Airlines faced significant challenges, including rising fuel prices, competition from bunch of newly started low-cost carriers, and managerial issues. Despite some fleet modernization, these factors contributed to continued financial losses for the airline.
අද සමස්ත ලෝකයම සතුටු වන සුන්දර දවසක් ! ලෝකවාසින්ට යම් තරමකටහෝ සහනයක් ඒවි Trump දිනුව නිසා..එයාගෙ කාල සීමාවෙදි අනවශ්‍ය යුද ගැටුමි වලට ගියේ නැහැ.. අර කාලකණ්නි
ReplyDeleteපිස්සු බයිඩා කියන මිනීමරුවා යුක්රේනය මැද පෙරදිග ලේ ගංගාවක් හදලයි ගියේ නරැමයා... හෙණ ගහලත් මදි...
වර්තමාන ජනතාවාදී ජාතික ජන බලවේගයේ නව රජය මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි මීට පෙර රනිල් වික්‍රමසිංහ රජය මගින් සැලසුම් කොට තිබුණු ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම නතර කොට ඇත.
ReplyDeleteමෙය වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසුව ගත් වැදගත්ම තීරණවලින් එකකි. මේ ගැන ජනතාව බොහෝ සේ සතුටු වෙන බව ද දකින්නට ලැබෙන අතර රනිල් වික්‍රමසිංහ පිනට ලැබූ ජනපති ධූරය දැරු අවුරුදු දෙකක කාලය තුළ, බරපතල ලෙස රට හිර කොට ඇත. ඔවුන් විසින්ම යහපාලන චෞර රෙජීමය සමයේ සිදුකල ඩොලර්බිලියන 12.5කට අධික ජාත්යන්තරස්වෛරීත්ව බැදුම්කර ණය උගුලේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවු 'ගෑස් පෝලිම් නැති කිරීම' සඳහා ආර්ථික ස්වාධිපත්‍යය ද ඇතුලු බොහෝ වැදගත් දේ මෙම දෙවසරේදීද බිල්ලට තබා ඇත.
මෙවර ජනතා බලාපොරොත්තුව වූ මාලිමාව ලකුණින් ජයග්‍රහණයකළ ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයේ දී ලබාදුන්, ‘පොහොසත් රටක‘ ප්‍රතිඥාව ඉටු කිරීම සඳහා පලමුව මෙම සිරවීමෙන් එලියට ඒම අවශ්‍ය කෙරේ.
අපේ සමස්ත රටටම සහ ආර්ථික වශයෙන්ද දැඩි ලෙස බෙහෙවින් අවාසිදායක අන්තර්ජාතික කොන්දේසි යටතේ, ආණ්ඩුවට දුවන්ට සිදු වී තිබෙන්නේ මීටර සියයේ තරගයක් නොව, මැරතන් එකකි.
රනිල්ලා පටලා ඇති මේ මර උගුල් වල සිරවී ඇති රටට පෞද්ගලී කරණය වැනි රටට හානිකර ක්‍රියාවලීන් එක්වරම නතර කිරීම ආදිය පහසු තීරණ නොවේ. මෙහි නියත ප්‍රතිවිපාක ඇත. එහෙත් ජාතික ආර්ථිකයක් ගැන ඉදරිපත් කළ අදහසට තමුන් ඉතාමත්ම බැරෑරුම් ලෙස කටයුතු කරන බව ජාජබ ආණ්ඩුව මෙම තීරණය මගින් රටටම පෙන්වා ඇත.
දැනට ලංකාවේ දේශපාලනයේදී ප්රතිගාමීත්වය අක්ෂ දෙකක් වටා සංවිධානය වෙමින් තිබෙන බව පෙනෙයි. පලමු අක්ෂය, මහබැංකුව කඩපු රට විනාශ කරපු දූෂිත රනිල් වික්‍රමසිංහගේ අක්ෂයයි.
රනිල් වික්‍රමසිංහ වැනි පාදඩයකුගේ ත්‍රී ඉඩියට්ස් විහිලුව, හුදු විහිලුවක් නොවේ. අන්තර්ජාතික බලවතුන්ගේ අනුග්‍රහය සහිතව රට කරගෙන යා හැක්කේ, ගම්වලින් පැමිණි බයියන්ට නොව, තමුන් වගේ අයට බව කියන, බොහොම පන්තිවාදී කථාවකි.
ඊළඟට රටට හානිකර දෙවැනි අක්ෂය, දැනට සුලු ලෙස පෙනෙන නමුත්, සර්වජන බලය වැනි සංවිධාන නියෝජනය කරන ස්වෝත්තමවාදී අක්ෂයයි. මේ දෙවර්ගය ඉදිරියේ දී වංක සහයෝගයෙන් ක්‍රියා කරන්ට නියමිතය.
මේ නිසා ඉදිරි දින කිහිපය ඇතුළත එලැඹෙන මැතිවරණයේ දී ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම වැදගත් වන්නේ ජනතා සහයෝගය හැර අන් කිසිවක් ආණ්ඩුවට නොමැති නිසාය. එම ජනතා සහයෝගය උපරිම වශයෙන් ප්රකාශමාන කිරීම වැදගත්ය.
පසුගිය සැප්තැම්බර් 21 දාට පසුව අපි කාටවත් ආපසු හැරීමක් නැත. එක්කෝ අනාගතය අපගේය ; නැතිනම් සාගල රත්නායකගේ හා දිලිත් ජයවීරගේය. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි ඒ දිනූ සුලු දේත් රැකගෙන ඉදිරියට යාමට අවශ්‍ය සහයෝගය ජාතික ජන බලවේගය මාලිමාවට ඡන්දය ප්‍රකාශ කර අනිවාර්යයෙන්ම මාලිමාව දිනවීමට කටයුතු කරමු. මාලිමාවට ජය වේවා !!
මම හරියටම දන් නෑ කතන්දරේ. හැබැයි එක පාරක් මං සාකච්ඡාවකදි අහලා තියෙනවා මෙහෙම දෙයක්. ශ්‍රී ලංකන් ගුවන් සේවය දිගටම අසාර්ථකයි. 2005 ඉදන් 2008 දක්වා ලාභ ලැබුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව තිබුණු ගුවන් යානා විකුණලා. ඒ කියන්නේ මෙහෙයුම් ලාභයක් වාර්ථා කලාට වත්කම් අඩු වෙලා. ඊට පස්සේ මෙහෙයුම් ලාභයක් පෙන්නන්නවත් විකුණන්න වත්කම් නෑ.
ReplyDeleteමම ශ්‍රීලංකන් එකේ වාර්ශික වාර්ථා බැළුවා. මට පේන විදියට කතාව ඇත්ත. 2008න් පස්සේ ශ්‍රී ලං කන් එකට අයිති ගුවන් යානා නෑ. සියල්ල කල්බදු පදනමින් ලබා ගත් ගුවන් යානා විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකන් එකේ වගකීම් ප්‍රමාණය වැඩි වෙලා.
එහෙම බැළුවම ශ්‍රී ලංකන් එක කවදාවත් ලාභ ලබලා නෑ. ඔය කයිය ගහන 2004 2008දිත් ඒක එහෙම්ම තමයි.
@ ඉකොනොමැට්ටා
ReplyDeleteඇමෙරිකා එක්සත් ජනපදය මෙහෙයවන්නට අද තේරී පත්වුණු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන ලියන්න අදහසක් නැද්ද?
ඩොනල්ඩ් ට්‍රම්ප් පෙනිසිල්වේනියාවේ ලද ජයග්‍රහණයත් සමග ඇමරිකානු නව ජනාධිපතිවරයා ලෙස තේරි පත්විය. ඔහු තව සුලු මොහොතකින් ජාතිය ඇමතීමට නියමිතය. ලබන ජනවාරියේදි ට්‍රම්ප් ජනාධිපති දූරයේ කටයුතු නිල වශයෙන් බාර ගනු ලබයි.
මේ කවිය ෆේස්බුක් එකෙන්
"රන් අරුණැල්ලේ පීදෙන
තිරිඟු කෙතේ නුඹ හිදිනා..
රතු පාටින් රැලි පිට රැලි නගලා
එක්සත් ජනපදයේ නුඹ පෙනෙනා...
ට්‍රම්ප'ච්චි... අපෙ ට්‍රම්ප'ච්චී...
නුඹයි ලොවට ජය ට්‍රම්ප'ච්චී.. "
කොහොම හරි අර ලංකාව කාපු අර ජූලී මලම මළ හෝන්තුව ආපහු ගෙන්න ගත්තොත් ආණ්ඩුව කරගෙන යන්න ඉඩ ලැබෙයි, පුදුම වදයක් දෙන්නේ. අලුතෙන් හොඳ ආණ්ඩුවේ වැඩ වලට ඇගිලි නොගහන වැදගත් රිපබ්ලිකන් පක්ෂයට හිතවත් කෙනෙක් එවන්න පුළුවන්ද කියල හොයල බලන්න ලොකු දෙයක්, අනුර කුමාර දිසානායක සහෝදරයාට ජාතික ජන බලවේගය පොහොසත් රටක් ලස්සන ජීවිතයකට ජනතාවට පොරොන්දු වෙච්ච විදියට ඊළඟ අවුරුදු පහට රට ගොඩගන්ඩ ඉඩ දෙන්න ඕන නිකම් අනවශ්‍ය ලෙස විකාර බලපෑම් නොකර.
බැඳුම්කරයකින් ණය පොම්ප කලාම ශ්‍රීලංකන් එක ලාභයක් පෙන්වන විදිය පැහැදිලි නෑ. ඒකෙන් ශ්‍රීලන්කන් එකේ ණය තව වැඩිවෙන එක නෙමෙයිද වෙන්නෙ
ReplyDeleteඒක තමයි පොයින්ට් එක. වැඩි වෙන්නේ ශ්‍රී ලංකා රජයේ ණය. ණය හා පොලිය ගෙවන්නේ බදු ගෙවන්නෝ හෝ අනාගත බදු ගෙවන්නෝ. ඒ සල්ලි ශ්‍රීලන්කන් එක අරගෙන එයින් ශ්‍රීලන්කන් එකේ ණය ගෙවූ විට ශ්‍රීලන්කන් ණය අඩු වෙනවා. ගෙවිය යුතු පොලිය අහෝසි වී වියදම අඩු වෙනවා. අලාබය අඩුවෙන් පේනවා. සමහර විට ලාබ වෙනවා. නමුත් ඇත්තටම වෙන්නේ අලාබය වෙන ගිණුමකට මාරු වෙන එක. ඒ අලාබ ශ්‍රී ලංකා රජයේ ණය ලෙස එකතු වෙනවා. පොලියත් රජයේ ණය වලට එකතු වෙනවා.
Deleteසිරාවට. මරු පොයින්ට් එක
Deleteඔහොම සිද්දියක් දැනගෙන හිටියෙ නැහැනෙ
නරි වාදම් කියනු පිණිස
ReplyDeleteනෑ යකුනට පුදනු පිණිස
හොර අඹුනගෙ සතුට පිණිස
'ශ්‍රී ලංකන්' මකර කටක්
ලෙස තිබුණෙන් සිදු විය දොස!
මැලේසියාවේ AirAsia කියන්නේ ඔහොම පාඩු වෙච්ච ගුවන් සේවයක් . ඒක Tony Fernandes මැලේසියන් රිංගිට් 1 කට ණය පිටින් මිලදී අරගෙන ඉතා කෙටි කාලයකින් ලාබ ලබන තත්වයට ගෙනල්ල තියෙනවා .. ඒ වගේ වැඩක් කරන්න පුළුවන් කෙනෙක් හොයා ගත්ත නම් හරි
ReplyDelete