වෙබ් ලිපිනය:

Sunday, April 26, 2026

විදේශගත ශ්‍රී ලාංකික ජනගහණය


පසු ගිය සංගණන දිනය වන විට ආපසු පැමිණීමේ අදහස අත නොහැර විදේශගතව වාසය කළ ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය 672,249ක් ලෙස ගණන් කර තිබෙනවා. මෙම ගණනට,

- මාස හයකට අඩු කාලයක් සඳහා විදේශගතව ඇති ශ්‍රී ලාංකිකයින් ඇතුළත් වන්නේ නැහැ. ඒ කියන්නේ විදේශගතව වාසය කළ අය මිස තාවකාලිකව විදේශ සංචාර වල යෙදුණු අය ගණන් ගෙන නැහැ. 

- කිසියම් විදේශ රටක පුරවැසි භාවය හෝ ස්ථිර පදිංචිය ලබා ගෙන ඇති අයද ගණන් ගෙන නැහැ. ඒ කියන්නේ ආපසු පැමිණීමේ අදහසක් නොමැති අයව ගණන් ගෙන නැහැ. 

එමෙන්ම, මෙම ගණන් ගැනීම සිදු කර තිබෙන්නේ පවුලේ සාමාජිකයින්ගෙන් ලබා ගත් තොරතුරු මත පදනම්ව බැවින්, පවුල පිටින්ම විදේශගත වී ඇති අය පිළිබඳ තොරතුරු මෙම ගණනට ඇතුළත්ව නැහැ. ඒ නිසා, මෙය සැලකිය හැක්කේ විදේශගත ශ්‍රී ලාංකික ජනගහණය පිළිබඳ අවම ඇස්තමේන්තුවක් ලෙසයි.

මෙම ප්‍රමාණයෙන් 94.7%ක්ම වයස අවුරුදු 18-60 අතර අයයි. ඔවුන්ගෙන් 577,919 දෙනෙකු (මුළු ප්‍රමාණයෙන් 86.0%ක්) රැකියා සඳහා විදේශගතව සිටින අතර 53,621දෙනෙකු (මුළු ප්‍රමාණයෙන් 8.0%ක්) අධ්‍යාපනය සඳහා විදේශගතව සිටිනවා. පවුලේ සාමාජිකයින් සමඟ විදේශගතව ඇති ප්‍රමාණය 38,218ක්.

මුළු විදේශගත පුද්ගලයන්ගෙන් 12.8% ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර 10.6%ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් විදේශගත වී තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙම ප්‍රතිශතය 9.5%ක් වන අතර මහනුවර දිස්ත්‍රික්කයේ 8.5%ක්.

රටවල් අනුව ව්‍යාප්තිය පහත පරිදියි.

කුවේට් - 15.2%

එක්සත් අරාබි එමීර් රාජ්‍යය - 14.8%

සවුදි අරාබිය - 11.6%

කටාර් - 10.5%

ඉතාලිය - 6.0%

ජපානය - 5.4%

ඕස්ට්‍රේලියාව - 5.0%

දකුණු කොරියාව - 3.5%

එක්සත් රාජධානිය - 2.8%

කැනඩාව - 2.3%

මාල දිවයින - 1.8%

ඕමානය - 1.8%

ඇමරිකා එක්සත් ජනපදය  - 1.7%

මැලේසියාව - 1.6%

ඊශ්‍රායලය - 1.4%

ජෝර්දානය - 1.2%

අනෙකුත් රටවල් - 13.4%

- රැකියා සඳහා විදේශගතව සිටින කාන්තාවන්ගෙන් 34.3%ක්ම සිටින්නේ කුවේටයේ වන අතර, සවුදි අරාබියේ 18.4%කුත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 12.7%කුත් වාසය කරනවා. ඉතාලියේ රැකියා කරන කාන්තාවන් ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් 4.8%ක්. 

- රැකියා සඳහා විදේශගතව සිටින පිරිමින්ගෙන් 18.3%ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේද, 16.8%ක් කටාර්හිද, 10.0%ක් සවුදි අරාබියේද ජීවත් වෙනවා. කුවේට්හි තවත් 7.8%ක්ද, ඉතාලියේ 6.3%ක්ද සේවය කරනවා.

- අධ්‍යාපනය සඳහා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් 24.1%කගේ ගමනාන්තය ඕස්ට්‍රේලියාව වන අතර 21.3%කගේ ගමනාන්තය ජපානයයි. එක්සත් රාජධානිය සහ කැනඩාව බලා ගොස් ඇති ප්‍රමාණ පිළිවෙලින් 9.0%ක් සහ 7.4%ක්. 

- පවුලේ සාමාජිකයෙකු සමඟ වාසය කිරීම සඳහා පිටව ගොස් ඇති අයගෙන් 14.5%ක් ඉතාලියේ වාසය කරන අතර 11.2%ක් ඕස්ට්‍රේලියාවේත්, තවත් 11.2%ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේත් වාසය කරනවා. තවත් 9.1%ක් එක්සත් රාජධානියේ සිටිනවා. 

පසුගිය (2025) වසර තුළ ලංකාවට වැඩිපුරම විදේශ ප්‍රේෂණ පැමිණි රටවල් දහය මෙලෙස පෙළ ගැස්විය හැකියි.

කුවේටය - ඩොලර් මිලියන 839.80 (10.4%)

එක්සත් අරාබි එමීර් රාජ්‍යය - ඩොලර් මිලියන 822.46 (10.2%)

සවුදි අරාබිය - ඩොලර් මිලියන 747.82 (9.3%)

එක්සත් රාජධානිය - ඩොලර් මිලියන 717.89 (8.9%)

කටාර් - ඩොලර් මිලියන 657.47 (8.1%)

ඇමරිකා එක්සත් ජනපදය - ඩොලර් මිලියන 559.24 (6.9%)

ඉතාලිය - ඩොලර් මිලියන 540.14 (6.7%)

දකුණු කොරියාව - ඩොලර් මිලියන 484.47 (6.0%)

ඕස්ට්‍රේලියාව - ඩොලර් මිලියන 373.94 (4.6%)

ඊශ්‍රායලය - ඩොලර් මිලියන 280.10 (3.6%)

35 comments:

  1. භාණ්ඩාගාර මංකොල්ලය ගැන තමුන්නැහැ මීක් නෑ.

    ReplyDelete
    Replies
    1. දිනමිණ - April 29, 2026

      මුල් ලියා­ප­දිං­චි­යක් නොමැති රථ­ය­කට අංක තහඩු නිකුත් කළැයි මෝටර් රථ ප්‍රවා­හන හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රි­යක අත්අ­ඩං­ගු­වට

      මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රි­යක දූෂණ චෝදනා සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සම ඊයේ (28) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

      නීත්‍ය­නු­කූල මුල් ලියා­ප­දිං­චි­යක් නොමැති රථ­යක් සඳහා අංක තහඩු නිකුත් කිරී­මට අදා­ළව දූෂ­ණය නමැති වරද සිදු කිරීම මත මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රි­යක ලෙස කට­යුතු කළ වර්ත­මා­නයේ බත්ත­ර­මුල්ල, පරි­වාස හා ළමා ආර­ක්ෂක සේවා දෙපා­ර්ත­මේ­න්තුවේ කොම­සා­රි­ස්ව­රි­යක ලෙස කට­යුතු කරන රාජ­ප­ක්ෂගේ ගයනි කෞශල්‍යා විජේ­සිංහ යන තැනැ­ත්තිය මෙලෙස අල්ලස් කොමි­සම විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

      අත්අ­ඩං­ගු­වට ගන්නා ලද සැක­කා­රිය කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මිත බව අල්ලස් කොමි­සම පැව­සීය.

      සුභා­ෂිණී සේනා­නා­යක

      Delete
  2. මේකේ තියෙන්නේ remittance inflows විතරයි නේද? කෝ එතකොට outflow විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව එක්සත් රාජධානිය එක්සත් ජනපදය වගේ රටවල් වල අධ්‍යාපනය ලබන අයට සහ ලංකාවේ දේපල විකුණා ඒ මුදල් ඒ රටවලට රැගෙන යාම මේකට සම්බන්ධ කරලා සංසන්දනාත්මකව ලියන්න පුළුවන්ද ඉකොනෝ?

    ReplyDelete
    Replies
    1. Refer to Central Bank Reports, Migration for employment and education significantly influences these financial flows.

      Total Departures: Approximately 310,915 Sri Lankans left for foreign employment in 2025.

      Regional Focus: Roughly 78.7% of these departures were to the Middle East, though professional and student migration to Australia, the UK, and Canada typically accounts for a smaller but financially significant portion of high-value service outflows (tuition and settlement costs).

      Delete
    2. පසු ගිය වසර ඇතුළත පෞද්ගලික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 8,077ක් රටට එද්දී ඩොලර් මිලියන 130ක් රටින් ගිහින් තියෙනවා.

      Delete
  3. මේ එක්සත් රාජධානිය නැත්නම් බ්‍රිතාන්‍යයේ සිට එවන බව කියන මුදලට ලංකාවේ දේශපාලකයන් හොරකම් කරලා ඒවා විශුද්ධි කරනය කරන්න එවන මුදලුත් අන්තර් ගත ද ඉකොනොමැට්ටා? මොකද කලින් ලියපු පෝස්ට් එකේ කමෙන්ට් කරලා තියෙනවා ලන්ඩන් වල ඉන්නව කියල එක්තරා තට්ට කොට පල් හොරෙක් ලංකාවේ දේශපාලන හොරු එක්ක එකට සෙට් වෙලා ගල් අගුරු හොරකම් මහබැංකුවේ හැකර් හොරකම් වගේ දැවැන්ත හොරකම් වලින් හොරකම් කරපු අති විශාල ඩොලර් මිලියන ගණනක් එංගලන්තය හරහා ලංකාවට පන්නවා ඒවායෙන් දේශපාලුවන්ට කෝටි ගණන් වටිනා සුඛෝපභෝගී නිවාස වාහන ඉඩකඩම්, cryptocurrency වගේ අධික ලෙස වත්කම් එකතු කර ගන්න ඉඩ සලසන ජාවාරම් කරුවන් කරන ජාවාරම් පවා මේවාට ඇතුලත් වෙනවා කියලා පේනවා නේද?

    ReplyDelete
  4. ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාර මංකොල්ලය ලෙස හඳුන්වනු ලබන්නේ 2026 වසරේ අප්‍රේල් මස අගභාගයේදී වාර්තා වූ ලංකාවේ මහා භාණ්ඩාගාරයේ සිදුවූ බව කියන ඇමරිකානු ඩොලර් 2,500,000.00ක දැවැන්ත මුදල් වංචාවයි. මෙම සිදුවීම ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට භාණ්ඩාගාර ගෙවීමක් මගින් සිදු කළ මුදල් මංකොල්ලයක් ලෙස ජාත්‍යන්තර මාධ්‍ය වලින් වාර්තා කර තිබූ අතර ජාත්‍යන්තර මූල්‍ය ආයතන ලංකාවේ මූල්‍ය සුරක්ෂිත තාවය දෑඩි ලෙස ප්‍රශ්න කරනු ලැබුවා.

    මීට අදාළ නවතම තොරතුරු පහත දැක්වේ:

    වංචාවේ ස්වභාවය: මහා භාණ්ඩාගාරයේ නිල විද්‍යුත් තැපැල් පද්ධතිය (Emails) ඉතාමත්ම හැකි කටයුතූ ලෙස
    අවභාවිත කරමින් මෙම වංචාව සිදුකර ඇති බව රජය නිල වශයෙන් පිළිගෙන ඇති නිසා මේක රජයේ අභ්‍යන්තර සම්බන්ධයකින් සිදුවූ දැවැන්ත වංචාවක් බව ඉතාමත් පැහැදිලියි ඒ නිසා මෙම මුදල් මංකොල්ලය සිදුවීමට ඉඩ සැලසීම හරහා රජය සිය මූල්‍ය විනය සහ රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීමේ වගකීම පැහැදිලිවම පැහැර හැර ඇති බවට දැඩි විවේචනයක් එල්ල වේ.

    රට දැඩි ආර්ථික අර්බුදයක පවතින මොහොතක, මෙවැනි ඉහළ තාක්ෂණික මංකොල්ලයක් භාණ්ඩාගාරය තුළම සිදුවීමෙන් පෙනී යන්නේ ආණ්ඩුවේ අභ්‍යන්තර පාලන පද්ධතිවල පවතින දුර්වලතාවය සහ රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අනාරක්ෂිත බවයි.

    විශේෂයෙන්ම, වගකිවයුතු නිලධාරීන් සහ පාලකයින්ගේ දූෂිත ස්වභාවය සහ කිසිම වගකීමක් නොමැති සැක කටයුතු වංචා සහගත පරිපාලනය හේතුවෙන් මහජන බදු මුදල් මේ අයුරින් අතිවිශාල ලෙස අවභාවිත වීමට මඟ පෑදී ඇති අතර, මීට පෙර 2025 වසරේදී සිදුවූ කන්ටේනර් 323 වංචාව, මහාපරිමාණ ගල් අගුරු වංචාව ආදී දැවැන්ත මූල්‍ය වංචාවලට නිසි දඬුවම් ලබා දීමට අපොහොසත් වීම හරහා නිර්මාණය වූ දණ්ඩමුක්තියේ සංස්කෘතිය මෙම මංකොල්ලයට වක්‍රව අනුබල දී ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.

    ReplyDelete
  5. @ Economatta

    What do you think about this news report? Can you please elaborate more details about this?

    //NPP රජය සම්බන්ධයෙන් එල්ල වී ඇති මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා පිළිබඳව සමාජ මාධ්‍යවල පළවන තොරතුරු ඉතා බරපතළ මෙන්ම සංකීර්ණ ස්වරූපයක් ගනී. 2026 වසරේ මුල් භාගයේදී වාර්තා වූ තොරතුරු අනුව, ලන්ඩන් නුවර පදිංචිව සිටින බව කියන, ඉහළ දේශපාලන සබඳතා සහිත ශ්‍රී ලාංකිකයෙකු මෙම මුදල් විශුද්ධිකරණ ජාලයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කරන බවට සැක කෙරේ. විශේෂයෙන්ම "කන්ටේනර් 323" (Container 323) සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව වන්නේ, රේගු පරීක්ෂාවකින් තොරව රතු නිවේදන නිකුත් කර තිබූ බහාලුම් විශාල ප්‍රමාණයක් කොළඹ වරායෙන් නිදහස් කිරීමට රජයේ ඉහළ පෙළේ මැදිහත්වීමක් සිදුවූ බවයි. මීට අමතරව, 2025 අගභාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ "ඩිට්වා" (Ditwah) සුළි කුණාටු ව්‍යසනය වෙනුවෙන් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් එකතු කළ ආධාර මුදල්, අදාළ සහන සේවා සඳහා යොමු නොකර මෙම ලන්ඩන් ජාලය හරහා අවභාවිත කළ බවට ද චෝදනා එල්ල වී ඇත.

    මෙම මහා පරිමාණ දූෂණවලින් උපයාගත් මුදල් ලංකාවට රැගෙන එන ආකාරය පිළිබඳව ද විවිධ තොරතුරු හෙළි වී තිබේ. ලන්ඩන් නුවර සිටින මෙම අතරමැදියා හරහා එම මුදල් ක්‍රිප්ටෝ කරන්සි (Cryptocurrency) හෝ වෙනත් සංකීර්ණ මූල්‍ය හුවමාරු ක්‍රම භාවිත කරමින් නීත්‍යානුකූල වත්කම් ලෙස පෙන්වීමට කටයුතු කරන බව කියැවේ. මහා භාණ්ඩාගාරයෙන් සිදුවූ බව කියන ඩොලර් මිලියන 2.5ක සයිබර් සොරකම සහ ගල් අඟුරු ටෙන්ඩර් හරහා සිදුවූ මූල්‍ය අක්‍රමිකතා ද මෙම ජාලයටම සම්බන්ධ බවට සැක පළ වේ.

    මෙම ජාවාරම්කරුවන් විසින් එම කළු සල්ලි භාවිත කරමින් දේශපාලන බලවතුන් වෙනුවෙන් කෝටි ගණන් වටිනා සුඛෝපභෝගී නිවාස, වාහන සහ ඉඩකඩම් මිලදී ගනිමින් එම වත්කම් නීත්‍යානුකූල කිරීමට (Money Laundering) සහාය වන බව මෙම සමාජ මාධ්‍ය පෝස්ට්වල වැඩිදුරටත් සඳහන් වේ. මෙම තත්ත්වය හමුවේ රජයේ "පද්ධති වෙනස" පිළිබඳ පොරොන්දුව දැඩි ලෙස ප්‍රශ්න කිරීමට ලක්ව ඇති අතර, අදාළ දූෂණ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වන ලෙසට විපක්ෂය සහ ජනතාව දිගින් දිගටම බලපෑම් කරමින් සිටිති.//

    ReplyDelete
  6. @ ඉකොනෝ

    තව ප්‍රශ්නයක් දැන් RDA එකෙන් ඔවුන්ගෙ කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් 380,000,000 වැඩිපුර ගෙවලා කියලා නිවුස් එකක් ආවා නේද?

    සජබ නලීන් බණ්ඩාර ඇමතිවරයා මේ ගැන විස්තර සහිතව පැහැදිලි කළා, ප්‍රවාහන නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන කියන විදියට බැංකුවේ වරදක්ලු බැංකුව ඩබල් පේමන්ට් කරලා කියලා තමයි ප්‍රවාහන ඇමති කියන්නේ

    දැන් එතකොට ඇත්තටම මොකක්ද මෙතන වෙලා තියෙන්නේ?

    හැබැයි ඒ ප්‍රවෘත්තිය අසත්‍යයක් කියලා ප්‍රවාහන ඇමති බිමල් රත්නායකගෙ ෆේස්බුක් ගිණුමේ දාලා තියෙන ලිපිය බැලුවාම ඒක තනිකරම බොරු ලීපියක් වගේ

    ඒක කාර්යාලීය ලිපියක්ද...? කැලෑ පත්තරයක්ද...?

    කෝ දිනයක්...? කෝ වගකිවයුතු නිලධාරියෙක්ගෙ නමක්..? කෝ අත්සනක්...?

    මේ ලියුම ගහන්නෙ ඇමතිවරයා නෙවේ වෙන්න පුළුවන් ඒත් තමන් විෂය බාර ඇමති විදියට මේ වගෙ ලිපියක් සමාජගත කරන්න කලින් කියවන්න ඕන නැද්ද...?

    ඒ ප්‍රවෘත්තිය අසත්‍යයක් නම් අඩුම ගානෙ ඇමතිට කොන්දක් තියෙන්න ඕන වගකීම බාර අරගෙන තමන්ගෙ අත්සනින් ලිපිය නිකුත් කරන්න..

    නෑ මේ ආණ්ඩුව එහෙම වගකීමක් ගන්නෙ නෑ. සෑමවිටම වගකීම පහළ නිලධාරීන්ට විතැන් කරනවා.

    ඒකට කාරණා කීපයක් බලපානවා..

    🔴 මේ ආණ්ඩුවට අත්දැකීම් නෑ..
    🔴 මේ ආණ්ඩුවට වැඩ බෑ..
    🔴 මේ ආණ්ඩුවට නව්‍යකරණයෙන් යුතු නිර්මාණශීලී චින්තනයක් නෑ..
    🔴 මේ ආණ්ඩුවට කැපෑසිටි නෑ..

    ඒ නිසා වගකීමක් ගන්න බයයි..

    ඔෆීසියල් ලිපියක් හරි දැන්වීමක් හරි ලියනකොට දිනයක්, ලිපිනයක්, අත්සනක් ඕන කියලා උගන්නන්නෙ තුන හතර පන්තිවලදි..

    රටේ කැබිනට් ඇමති කෙනෙකූගේත් වගකීම මෙහෙමනම් භාණ්ඩාගාරයෙ ක්ලැරිකල් ස්ටාෆ් කෙනෙක්ගෙ අතින් වැරදි ඊමේල් ඇඩ්‍රස් එහෙකටද ඩොලර් මිලියන 2.5 ක් ට්‍රාන්සර් වීම පුදුමයක් නෙවේ..

    ජනාධිපති ඉඳන් කැබිනට් මණ්ඩලයෙ ඉඳන් පහළටම දශක ගානක් තිස්සේ තාප්පෙක පෝස්ටරයක් ගහගෙන හිටියා මිසක ඊට වඩා වැදගත් ලිපියක්වත් ලියන්න ඉගෙන ගත්තෙ නෑනෙ..

    මේක විහිළුවක් නෙවේ. මේකෙ තියෙන භයානකත්වය තමයි සිංහල ලිපියක්වත් හරියට ලියාගන්න බැරි මේ වැඩ බැරි ආණ්ඩුව ඉන්දියාව එක්ක, ඇමරිකාව එක්ක ඉංග්‍රීසියෙන් ගහපු ගිවිසුම් වල මොනවා තියෙන්න ඇද්ද...?

    මම හිතාගෙන හිටියෙ මුන් ප්‍රායෝගිකව වැඩ කරන්නෙ දන්නෙ නැතත් අඩුම තරමෙ පොතේ උගත්තු කියලා. අන්තිමට මුන්ට ඔෆීසියල් ලෙටර් එකක්, නෝටිස් එකක් ගහගන්න දන්නෙ නෑනෙ.

    ඔය පරණ බිල්ඩිමක තීන්ත ටිකක් ගාගෙන, පීලි පැනපු රේල් පාරක් හදාගෙන වගෙ සූපිං වැඩ ටිකක් කරගෙන ඉන්නවා ඇරෙන්න අළුත් ව්‍යවස්ථා, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ ලොකු ලොකු වැඩ වලට අත නොගහා හිටියා නම් ඇති..

    කරන්න වැඩක් නැත්නම් ඔය කුරුම්බැට්ටි මැෂිමක් හදාගෙන , සිගරට් පෙට්ටි වලින් පුටු සෙට් එකක් හදාගෙන, කොලේක හාවෙක් ඇඳලා පුළුන් වලින් අලවගෙන, මලක් ඇඳලා ඒකෙ පරිප්පු ඇට අලවලා වගේ වැඩක් කරගෙන ඉන්න..

    අඩුම ගානෙ වෙසක් එකට බැටරි දෙකක් මෝටරේකට අල්ලලා බුදූ රැස් වළල්ල කරකවන්නවත් යන්න එපා. උඹලාට ඒවා බර වැඩියි..

    මොකද ඔයාලා හරි පුංචි මොළ තියන පුංචි කැපෑසිටි එකක් තියෙන හරිම පුංචි මිනිස්සු ඉන්න ආණ්ඩුවක්.. එච්චරයි.. මුන් වගේ අමු හරක් රැලකට සුදුහුණු ගාන්නට යන ඉකෝනොමැට්ටලාටත් අබ සරණයි, මොකද අන්තිමට ඉකොනෝටත් බලු වෙලා හොම්බෙන් යන්න වෙයි කියල තමයි මට නං දුක හිතෙන්නේ. එහෙම නේද?

    ReplyDelete
  7. @ ඉකොනෝ
    භාන්ඩාර බිල්පත් හා බැදුම්කරවල ආයෝජනය ගැන පහදන්න පුලුවන්ද? වැඩියෙන් හොද බිල්පත්ද බැදුම්කරද? එකකභාර අරමුදල් ගැනත් පැහැදිලිකරන්න පුලුවන්ද? කොයි ක්‍රමයටද වැඩියෙන් ප්‍රතිඵල ගන්න පුලුවන්?

    ReplyDelete
    Replies
    1. එය තීරණය වෙන්නේ ඔබට ආයෝජනය කරන්න අවශ්‍ය කොපමණ කාලයකටද කියන එක මතයි.

      Delete
    2. Be careful if you’re investing in GoSL institutions

      Refer this FYI

      //⚠️ URGENT PUBLIC AWARENESS: Protect Your Savings! ⚠️

      Be cautious before investing your hard-earned money in Government of Sri Lanka (GoSL) Bonds, Treasury Bonds, Treasury Bills, or Central Bank (CBSL) Securities.

      Why you should be careful:

      High Volatility: The current economic climate makes these instruments highly unstable.

      Cybersecurity Risks: Recent reports of cyber hackers gaining unauthorized access to Ministry of Finance systems have highlighted major vulnerabilities in debt-related payment systems.

      Corruption Concerns: Ongoing risks related to fiscal discipline and governance continue to weigh on the stability of government debt.

      Do not risk losing your money. Always seek independent, expert financial advice and verify the security of any platform before investing.

      #SriLanka #Economy #FinanceAwareness #SaveYourMoney #CBSL #GoSL #InvestmentAlert


      ⚠️ හදිසි මහජන දැනුවත් කිරීමයි: ඔබේ ඉතුරුම් ආරක්ෂා කරගන්න! ⚠️

      ශ්‍රී ලංකා රජයේ (GoSL) බැඳුම්කර, භාණ්ඩාගාර බැඳුම්කර, භාණ්ඩාගාර බිල්පත් හෝ මහ බැංකුවේ (CBSL) සුරැකුම්පත් වල ආයෝජනය කිරීමට පෙර දෙවරක් සිතන්න.

      ඔබ සැලකිලිමත් විය යුතු හේතු:

      අධික අස්ථාවරත්වය: වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ මෙම ආයෝජන ඉතා අවදානම් සහගත විය හැක.

      සයිබර් ප්‍රහාර අවදානම: මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතිවලට සයිබර් හැකර්වරුන් ඇතුළු වී ඇති බවට මෑතකදී වාර්තා වූ සිදුවීම් හරහා රජයේ ගෙවීම් පද්ධතිවල ඇති දැඩි අනාරක්ෂිත බව තහවුරු වී ඇත.

      දූෂණ සහ පාලන අවදානම්: රාජ්‍ය ණය කළමනාකරණයේ පවතින දුර්වලතා, රජයේ දූෂණය සහ විනය පිළිබඳ ගැටළු තවමත් ආර්ථික ස්ථාවරත්වයට බාධාවක්ව පවතී.

      ඔබේ ඉතාම මහන්මසියෙන් උපයාගත් වටිනා මුදල් අහිමි කරගන්න එපා. ලංකා මහබැංකුව මහ භාණ්ඩාගාරය වැනි දැඩි ලෙස අවදානම් සහගත ස්ථාන වල ඕනෑම ආයෝජනයක් කිරීමට පෙර ඉතාම පරෙස්සමින් සොයා බලා ස්වාධීන මූල්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත්, ආයෝජන ක්රමවේද වල ආරක්ෂාව පිළිබඳව දැඩි ලෙස විමසිලිමත් වන ලෙසත් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

      #ශ්‍රීලංකාව #ආර්ථිකය #මූල්‍යදැනුවත්භාවය #මුදල්ආරක්ෂාකරගන්න #මහබැංකුව #ආයෝජනඅවදානම්

      //

      Delete
  8. Since you have mentioned about the remittances from the Lankan global diaspora, you need to be aware that since the late 20th century, the decline of major Western cities (from London and Paris to Toronto and beyond since London, Paris, Toronto, and many urban centers across the UK, Europe, North America, and increasingly Australia have undergone profound transformations since the late 20th century.) has been driven less by culture or migration than by decades of deliberate political‑economic choices, market‑fundamentalist policies emphasizing financial liberalization, deindustrialization, asset‑price inflation, and the commodification of essentials like housing enriched financial elites while hollowing out middle‑income employment, social cohesion, and state capacity.
    Austerity regimes then curtailed public investment in infrastructure and services just as cities absorbed population growth, capital inflows, and labour mobility, producing visible urban degradation (overcrowding, normalized homelessness, petty crime, decaying public space, and declining civic order etc.). In this weakened context, migration acts as a stress multiplier rather than a root cause, with social tensions arising from policy failure, fragmented labour markets, housing scarcity, and underfunded services.

    ReplyDelete
    Replies
    1. Sri Lanka’s current crisis is structurally related, with consecutive 16 number of IMF programs which led to a balance of payments collapse tied to external ISB debt trap and IMF‑linked financing, the country is subjected to highly conditioned orthodox stabilization measures that compress public spending, liberalize prices, privatize strategic sectors, and prioritize debt servicing over development. While such measures may yield short‑term fiscal stability, imposed austerity in a fragile economy undermines social infrastructure, legitim­acy, investment, and sovereignty, entrenching inequality and stagnation. Development evidence shows that durable prosperity requires sustained investment in human capital, productive capacity, and institutions; uncritical adherence to IMF orthodoxy instead reproduces the same patterns of urban decay, social fragmentation, and economic exhaustion now evident across much of the developed world. Sri Lanka has effectively been forced into a crippling IMF debt trap following sustained political intervention and policy realignment shaped by external geopolitical interests. Governments of SL that were democratically elected and sought to diverge from orthodox IMF policy prescriptions (by pursuing more sustainable, domestically anchored economic strategies) were subsequently destabilized and removed by western powers, creating space for externally dictated adjustment programmes of IMF, IBRD, ADB etc. aligned with Western geopolitical and financial interests. This process contributed to the imposition of rigid IMF‑led austerity frameworks that reshaped national economic priorities. One significant consequence has been the large‑scale migration of skilled young professionals and workers to Western countries (individuals who were educated at substantial public cost through state‑funded universities and free education systems). Faced with heavy taxation, reduced public services, and constrained economic prospects under IMF‑mandated fiscal consolidation, many were compelled to leave. The result has been a significant loss of human capital for Sri Lanka, while advanced economies benefit from a ready‑trained workforce at no comparable public investment cost.

      Delete
    2. The current IMF stabilization framework has imposed extreme taxation, sharp reductions in public investment, rapid liberalization of essential sectors, and the unconditional prioritization of external debt repayment over domestic development. Rather than restoring economic dynamism, these measures have deepened stagnation, weakened social cohesion, and entrenched structural dependency. Further to that, SL experienced democratically elected governments that attempted to resist this harmful IMF prescriptions and pursue more sustainable, domestically grounded economic strategies were politically destabilized, clearing the path for externally dictated adjustment programmes aligned with Western geopolitical and financial interests (Like IMF/ IBRD). The social cost of this model has been severe, where state‑funded education systems that produced skilled professionals through decades of public investment are now effectively subsidizing labour markets in advanced economies, as excessive taxation, deteriorating public services, and constrained economic prospects under IMF‑mandated austerity compel young professionals to mass migration to the advanced economies. Sri Lanka thus loses critical human capital at precisely the moment it is most needed for recovery, while Western economies gain a highly trained workforce at little or no public cost. This trajectory closely mirrors the experiences of Greece and Argentina, where IMF‑imposed austerity temporarily stabilized balance sheets but devastated productive capacity, hollowed out societies, and prolonged economic crisis. The cumulative lesson is clear, this austerity‑led adjustment does not deliver sustainable recovery in structurally fragile economies, it reproduces stagnation, accelerates inequality, undermines sovereignty, and locks nations into a recurring cycle of decline that benefits creditors while exhausting societies isn't it Economatta?

      Delete
  9. මෙහෙමයි ඉකොනෝ අද ලංකාවේ විදේශ ප්‍රේෂණ වැඩිවෙලා තියෙන්නේ මේ ආණ්ඩුවේ කෙරුවාව නිසා නෙවෙයි, තමන්ගේ දරු පැටවුන්ගේ බඩගින්න නිවන්න කාන්තාරේ අව්වේ වේලෙන මිනිස්සුන්ගේ හයිය නිසයි. ඒක ජනතාවගේ ස්වෝත්සාහය මිසක් වෙන මොකක්වත් නෙවෙයි.

    කලින් ආණ්ඩුවලත් යම් යම් අඩුපාඩු තිබුණා තමයි, හැබැයි ඔවුන් යම් ප්‍රමාණයකට හරි මිනිස්සුන්ට විදේශගත වෙන්නත්, මුදල් එවන්නත් පොඩි හෝ උත්තේජනයක් දුන්නා. ඒත් දැන් බලපන් මේ පත්වෙලා ඉන්න "අතිශය පිරිසිදුයි" කියාගන්නා, ඒත් ඇතුළතින් කුණු වුණු මේ අන්ත දූෂිත මාලිමා පාලනය කරන විනාශය

    මුන් කරන්නේ මොකක්ද? අර අසරණ මිනිස්සු ලේ කඳුළු වක්කරලා එවන සල්ලි ටිකටත් කෙළින්න බලන් ඉන්නවා. බැංකු පොලියට බදු ගහනවා, හම්බකරන හැම සතේටම බදු පිට බදු පටවනවා. මේක නිකන් ඉන්න නිකමුන් පිරිසක් විසින් දුක්මහන්සියෙන් හම්බ කරන මිනිස්සුන්ව මංකොල්ලකෑමක්. පිටරට ඉන්න මිනිහෙක් තමන්ගේ ඉතිරිකිරීම් ලංකාවේ බැංකුවක දැම්මම, ඒකට ලැබෙන පොඩි පොලියටත් මේ දූෂිත රජය විදිනවා නම්, ඒක අසික්කිත වැඩක් නෙවෙයිද?
    මේ "පාදඩ" දේශපාලන සංස්කෘතිය ඇතුළේ වෙන්නේ මිනිස්සුන්ව තව තවත් අගාධයට ඇදලා දාන එක. මහලොකුවට දූෂණය නැති කරනවා කිය කියා ආපු මුන්, අද කරන්නේ සාමාන්‍ය මිනිහගේ සාක්කුවට විදින එක. මේක දූෂණයේ අලුත්ම මානයක්. මිනිස්සුන්ට මේකේ බරපතළකම තේරෙද්දී ගොඩක් පස්සට ගිහින් තියෙයි.
    විදේශ ශ්‍රමිකයා කියන්නේ මුන්ට නිකන්ම "ඩොලර් මුද්‍රණ යන්ත්‍රයක්" විතරයි. ඔවුන්ගේ අයිතිවාසිකම් හෝ ඔවුන් විඳින පීඩාව ගැන මුන්ට කිසිම හැඟීමක් නැහැ. මේ වගේ අදූරදර්ශී, අමනෝඥ බදු ප්‍රතිපත්ති නිසා වෙන්නේ මිනිස්සු ආයෙත් නීත්‍යානුකූල නොවන ක්‍රමවලට යොමුවෙන එකයි. එතකොට මුන් ආයෙත් පරණ සින්දුවම කියයි.
    ඇත්තටම කිව්වොත් ඉකෝනෝ, මේක පාලනයක් නෙවෙයි, මේක අමුම අමු මංකොල්ලයක්.

    ReplyDelete
    Replies
    1. විදේශ ප්‍රේෂණ වැඩිවෙලා තියෙන්නේ පරණ ආණ්ඩු හොදට රට කොරලා බංකොලොත් කරපු නිසා. නැත්නම් මෙහෙකාර සේවයට ගෑනු රටයනවවද ලන්ක්කාවේ හොද ආර්ථිකයක් තිබිලා රස්සා තිබුනානම්...

      Delete
    2. මේ කතාව නම් ඇත්ත මේ කාලකන්නි ජෙපි වේසාවෝ තමයි බැංකුවේ දාපු සල්ලි වලට පොලියටත් 10% ක් දක්වා WHT වැඩි කළේ පොනිල් 5% ක WHT එකක් දැම්මා මුලින්ම ඊට පස්සේ මේ අමු සක්කිලි 2025 ඉඳලා ඒක 10% ට වැඩි කලා හෙන ගහපන් මුන්ට අමු කාලකන්නි

      Delete
  10. ඉකොනෝමැට්ටා අද HSBC ක්‍රෙඩිට් කාඩ් එකේ මාසික ගෙවීම කරන්න HSBC බැංකුවකට ගියා. වෙනදට නම්කාගිල්ස් එකෙන් කරනවා.

    දැන් ඒ සර්විස් එක නවත්තලා දාලා. මොකද එයාල මේ මාසේ අන්තිම ලංකාවෙන් යන නිසා.

    HSBC බැංකුවට ගියා ම දැනුනේ අත ඇරිලා දමන ලද බවක්.

    පසුගිය මාසෙ දෙකේ කිසිදු නවීකරණයක් කර ඇති බවක් පෙනුනේ නෑ. පාකින් බෝඩ් පවා ස්ටිකර් ගැළවිලා තිබුණා.

    ඒක හිතට එක්තරා විදිහක ෂොක් එකක් උනා.

    මොකද අපි 2000 මුල විශ්වවිද්‍යාලවලින් එළියට එනකොට බොහෝ දෙනෙකුගේ සිහිනය තිබුණේ HSBC එකේ රස්සාවකට යන්න.

    ඒක සිහින රැකියාවක්.

    HSBC හැම බ්‍රාන්ච් එකකම අමුතු elegance එකක් තිබුණා.

    බොහෝ බැංකුවල ෆෝම් පුරවන්න තියෙන පෑන පවා නූල් කෑල්ලක ගැටගහපු ඇට්ලස් චූටි වගේ එකක් උනාට HSBC එකේ තිබුණේ මිළ අධික එයාලගේ බ්‍රෑන්ඩ් එක ප්‍රින්ට් කරපු ලස්සන පෑනක්.

    පුරවන්න තිබුණු කොළ ලියුම්කවරවල පවා මනා නිමාවක් තිබුණා.

    කෝල් සෙන්ටර් එකේ නිලධාරීන් ආන්සර් කරන්නේ උත්තර දෙන්නේ හරිම ප්‍රසන්න හඬකින්. හොඳ පුහුණවකින්.

    HSBC ඔබට ස්තුතියි එවන් බැංකු අත්දැකීමක් ලබා දුන්නාට...

    ඇත්තටම HSBC එක ලංකාව හැරදමා යන්න හේතුව මොකක්ද? 2022 ආර්ථික අර්බුදය කාලේත් නොගිය HSBC බැංකුව මේ කාලේ අසාර්ථක වීම ගැන ආර්ථික විද්‍යාත්මක සාධක සහිතව ලියන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. HSBC බැංකුව සහ Standard Chartered ලන්ක්කාවේ 2022,2023 ආර්ථික අර්බුදය කාලේ තමා ප්ලැන් කරන්නේ ලංකාවෙන් යන්න. එහෙම බැංකුවක් අද තීරණය කරලා හෙට යන්න බෑ... එක වසර ගණනාවක් යන වැඩක්... මිනිස්සුන්ගේ සල්ලි එක්ක වැඩ කරන්නේ...
      HSBC බැංකුව ඒ ගත්ත තීරණය අනුව 2025 දී බැංකුව NTB එකට විකුනනවා...
      නැතුව මේක 2026 දී නිකම්ම උන දෙයක් නෙමේ...HSBC බැංකුව සමග හරියට ගනු දෙනු කරපු කට්ටියාට මේක අමුතු දෙයක් නෙමේ මොකද ඒගොල්ලෝ මේවා ඒ ගොල්ලොන්ගේ සේවදයකයන්නට කලින්ම දැනුම් දුන්නා....
      ඔව් HSBC එක ලංකාවෙන් යන එක නම් ගොඩක් කණගාටු වෙන්න ඕනේ... මටත් කියන්න තියන්නේ ඔබ කිවා වගේ "HSBC ඔබට ස්තුතියි එවන් බැංකු අත්දැකීමක් ලබා දුන්නාට..."

      Delete
    2. අයිසෙ, මේක තේරුම් ගන්න තමුසෙට ලොකු ආර්ථික විද්‍යා දැනුමක් ඕනෙ නෑ, මේ පාලකයෝ කරන අමු බොරු අංක ප්‍රෝඩාව දිහා බැලුවම ඕනෑම කෙනෙකුට පේනවා අපි ඉන්නෙ මහා ප්‍රපාතයක අද්දර කියලා. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වල (Credit Ratings) තාමත් ලංකාව ඉන්නෙ "බාගෙට බංකොලොත්" මට්ටමක වුණත්, ආණ්ඩුව හදන්නෙ බිලියන හතක මේ බොරු සංචිත පෙන්වලා ලෝකය රවට්ටන්න; ඒත් HSBC වැනි ලෝක මට්ටමේ බැංකු මේ හුඹස් බය දැකලා රට හැර යනකොට, ඒ ශ්‍රේණිගත කරන ආයතන අපේ රට ගැන තියෙන "විශ්වාසය" බිංදුවටම බස්සනවා. උදාහරණයක් විදිහට, මූඩිස් (Moody's) හරි ෆිච් (Fitch) හරි අපේ රටේ ශ්‍රේණිය පහළ දාන්නේ නිකම් නෙවෙයි, අපේ සංචිතවලින් 20%කට වඩා තියෙන්නෙ චීන ස්වැප් (Swap) වැනි වගකීම් බවත්, බැංකු පද්ධතියට ගහන අධික බදු නිසා ප්‍රාග්ධනය පලායන බවත් ඔවුන් දන්නා නිසයි. මේ අමනෝඥ පාලකයෝ අසරණ විදේශ ප්‍රේෂණ එවන්නන්ගේ පොලියටත් විදලා, දූෂිත හැකර්වරුන්ට බැංකු පද්ධතියෙන් සල්ලි පන්නන්න ඉඩ දීලා බලාගෙන ඉන්න අතරේ, රටේ සැබෑ ආර්ථික ශක්තිය හීන වෙලා යනවා. අන්තිමට වෙන්නේ අපේ රටේ බැංකු නිකුත් කරන "ණයවර ලිපියක්" (LC) ලෝකෙ පිළිගන්නේ නැති තත්ත්වයට පත්වෙලා, අත්‍යවශ්‍ය බෙහෙත් ටික හරි ඉන්ධන ටික හරි ගේන්නත් ආයෙත් පෝලිම්වල ඉන්න වෙන එකයි. නිෂ්පාදනය වර්ධනය කරලා ශුද්ධ ධනය උපයනවා වෙනුවට, වාණිජ ණය කන්දක් උඩ ඉඳගෙන "සංචිත වැඩි වුණා" කියලා මේ ආණ්ඩුව කරන මෝඩ ප්‍රකාශ හරියට ගේ ඇතුළේ හොරු පිරිලා ඉද්දි වහලෙට තීන්ත ගානවා වගේ අන්ත අඥාන වැඩක්.

      Delete
    3. අයිසෙ, බංකොලොත් වෙලා කෙල උන රටක් එකපාරටම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වල ඉහලට එන්නේනැ හොයලා බලන්න CCC+ කියන්නේ මොකක්ද D ඉදලා තමා 2025 දී CCC+ අවේ... 27-Nov-2020 ලංකාව තිබුනෙත් CCC

      අයිසෙ, මූඩිස් (Moody's) හරි ෆිච් (Fitch) 2024 සැප්තැම්බර් වලින් පසුව ලංකාව ශ්‍රේණිය පහළ දාලා නැ CCC+ වෙනකම් උඩට ගිහින් තියන්නේ තාම නිදගෙනද ඉන්නේ මේ 2026 අපි ඉන්නේ 2022, 2023 නෙමේ...

      අයිසෙ, ආණ්ඩුවට බොරු සංචිත පෙන්නන්න බැ අයිසෙ පර්ශ්නේ තියන්නේ අයිසෙට මහබැංකුවේ සංචිත ගැන තියන විස්තර තේරෙන්නේ නැ. ගිහින් බලන්න චීන ස්වැප් (Swap), ණය... ඔක්කොම විස්තර තියනවා...

      අයිසෙ, "ණයවර ලිපියක්" (LC) ලෝකෙ පිළිගන්නේ නැති තත්ත්වයට පත්වෙලා" මේකේ උනේ අද නෙමේ මතක නැද්ද කවද්ද ලංකාව ණය ගෙවන්නේ නැ කියලා දාපු දවස... මතක නැද්ද කවුරුද ආණ්ඩු කොරේ කියලා...

      Delete
    4. අයිසෙ, ලන්ඩනයේ කැනරි වෝෆ් (Canary Wharf) හි අහස සිඹින වීදුරු ගොඩනැගිල්ලක පිහිටි HSBC ප්‍රධාන කාර්යාලයට නුදුරින් වූ සුඛෝපභෝගී කෝපි හලක, 'තට්ට' හිසක් ඇති, කොට සිරුරකින් යුත් මොංගල් හොර පෙනුමැති මිනිසෙක් වාඩි වී සිටියේය. ඔහු ලංකාවේ දේශපාලන ලෝකය හඳුන්වන්නේ 'AD-K, Lotus' A, ඩෝබිකීර්ති යන අන්වර්ථ නාම වලිනි.

      ඔහු ඉදිරියේ සිටියේ පකිස්ථානු ජාතික 'ෆයිසාල්' ය. ෆයිසාල් කරච්චියේ ප්‍රබල මූල්‍ය මාෆියාවක ලන්ඩන් නියෝජිතයාය.

      "වැඩේ හරි ඩෝබිකීර්ති," ෆයිසාල් රහසින් කීවේය. "අන්තිමටම ආපු ගල් අගුරු නැවෙන් සහ මහබැංකු සිස්ටම් එකෙන් 'පන්නපු' ඩොලර් මිලියන 50ක් දැන් අපේ නෙට්වර්ක් එකට ඇවිත් තියෙන්නේ. ලංකාවේ 'මාලිමා දේශපාලන පාතාලය ඒ සල්ලි සුදු කරලා දෙන්න කියලා මාර බලපෑමක් කරන්නේ."

      ඩෝබිකීර්ති සිනාසුණේය. ඔහු කරන්නේ අතිශය සූක්ෂම ක්‍රියාවලියකි. ලංකාවේ දූෂිත දේශපාලකයන් මහජන මුදලින් කොල්ලකන ධනය, 'හවාලා' ක්‍රමයට පකිස්ථානු මාෆියාව හරහා ලොව වටා කැරකැවේ. ඉන්පසු එම මුදල් විවිධ කවච සමාගම් (Shell Companies) හරහා යුරෝපයේ සහ මැදපෙරදිග බැංකු ගිණුම්වලට "නීත්‍යානුකූල ආයෝජන" ලෙස ගලා එයි.

      "මුන් මේ සල්ලිවලින් ලංකාවේ අහිංසක මිනිස්සුන්ව රවට්ටලා සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. ක්‍රිප්ටෝ වොලට්වලට සල්ලි ටික මාරු කරපු ගමන් අපිට අල්ලන්න බැරි වෙනවා," ඩෝබිකීර්ති තම ලැප්ටොප් තිරය දෙස බලමින් කීවේය.
      එදින රාත්‍රියේ, කොළඹ තෙත් බිම් අසල පිහිටි දැවැන්ත මන්දිරයක සාදයක් පැවැත්විණි. එහි සිටි ලංකාවේ බලවත්ම තනතුරක් දරන ප්‍රබල දේශපාලකයෙකුගේ දුරකථනයට පණිවිඩයක් ආවේය. 'ලන්ඩන් පාලමෙන් පාර්සලය එව්වා.'
      එම පාර්සලය මුදල් නොවේ; එය HSBC බැංකුවේ සහ තවත් ජාත්‍යන්තර ගිණුම් හරහා විශුද්ධිකරණය වී, අවසානයේ ඩුබායි හි දේපළ වෙළඳාම් සමාගමක කොටස් සහ ක්‍රිප්ටෝ මුදල් ලෙස ඔවුන්ගේ අත්වලට පත්වූ "සුදු" කරන ලද කළු සල්ලි සමූහයක අයිතිය සහිත ලියකියවිලිය.

      රටම ණය උගුලක හිරවී තිබියදී, මේ 'තට්ට කොට' තැරැව්කරු සහ පකිස්ථානු මාෆියාවේ සහය ඇතිව, දේශපාලන පාතාලය ලන්ඩනයේ සීතලට මුවා වී රටේ අනාගතය අළු කරමින් සිටියේය. නමුත් ඔවුන් නොදත් දෙය නම්, මේ ජාත්‍යන්තර මූල්‍ය අපරාධ ජාලය පසුපස රහසිගත බුද්ධි අංශ ඇසක් යොමු වී ඇති බවයි.

      Delete
    5. අයිසෙ, ඔය සුරංගනා කතා දාලා පොතක් ලියන්න... මොකද ඔය පොඩි මයිනාගේ 3% න් අඩුම ගානේ 0.5% ඔය පොත ගත්තත් උබ ගොඩේ ගොඩ...

      Delete
    6. ඩෝබි කීර්ති පල් හොරාට පීස්සු හැදිලා තියෙන්නේ මේ දවස් වල 🤣😅😂, රාජපක්ෂ හොර හැත්ත එක්ක ඕකා ඉස්සර හොරා කෑවා අර යුක්රේන මිග් යානා ගනුදෙනු කාලේ ඉඳලා ඊට පස්සේ ඔය සක්කිලි වේසා WHO ඛන්නා ප්රාජිත සේනාරත්න පල් හොරා එක්ක සෙට් වෙලා ධීවර අමාත්‍යාංශයේ හොර සල්ලි සුදු කරන්න වැඩේ පටන් ගන්නේ 2013 දී විතර ආයේ 2015 ප්රාජිතයා රනිල් සහ මංගල ඇතුළු විශාල පිරිසක් සමග යහපාලන ආණ්ඩුව කාලේ මූ ඒකට සෙට් වෙලා කරූ ප්රාජිත එක්කං හොරා කෑවා, ඊට පස්සේ මෑතකදී මූ ඩයි මෛනා පල් හොරා එක්ක සෙට් වෙලා කලු සල්ලි සුදු කිරීමයි කරන්නේ දිගටම අනෙක් පැත්තෙන් ඕකා ඩයි මෛනා සහ චිචී වගේ පල් හොරු එක්ක සමරිසී සබඳතා තියෙනවා කියලා මම දැක්කා සමහරු කෙමෙන්ට් කරලා තියෙනවා ඕකාට හෙන ගහනවා මේ කරන පාහර හොර අපරාධ වැඩ වලට ඒක තමයි දැන් ඔය පිස්සු හැදිලා මොංගල් කතා කියෝ කියන යන්නේ 😂😅🤣

      Delete
    7. අයිසෙ, ඔවු මම ඉස්සර රාජපක්ෂ එක්කත් හොරා කෑවා, රනිල් මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුව කාලෙත් හොරකම් කලා, ඒ කාලේ මම රාජපක්ෂගේ ඩෝබි කෙනෙක් වෙලා වැඩ කලා, පස්සේ රනිල්ගේ පස්සෙන් ගිහින් හොරකම් කරපු කාලේ ඒ ආණ්ඩුවේ ඩෝබි වැඩේ කළා දැන් මේ දවස් වල මේ ආණ්ඩුව කරන හොරකම් වලින් හම්බ කරන ගමන් මේ ආණ්ඩුවේ ඉහළම නායකයෝ එක්ක මට නිදා ගන්නත් පුළුවන් හොරකම් කරන්නත් පුලුවන් මේ ආණ්ඩුවටත් මට ඩෝබිකම් කරන්නත් පුළුවන්, ඇයි උඹලට පාන් ද? ඒ විතරක් නෙවෙයි මම මේ ආණ්ඩුව පෙරලල උඹලා වෙන ආණ්ඩුවක් ගෙනාවොත් මම ඒකත් එක්ක සෙට් වෙලා උනුත් එක්කත් හොරකම් කරනවා ඇයි උඹලට පාන්ද? මම දැනට මේ ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නෑ මොකද මගේ හොර වැඩ ටික කරගෙන යන්න ඕනේ දිගටම හැබැයි ඉතින් වැටුනත් මම බය නෑ මම ටිලිවියා අයියා විතරක් නෙවෙයි පොංසේකා එක්සත් නිදාගන්නවා චම්පික එක්කත් මම සෙට්, ඒ විතරක්ද නෑමොලා ආවත් රෝහිත එක්ක මගේ ආදර සබඳතා නිසා මට මුකුත් වෙන්නේ නැහැ ඒ වගේම වෙන අලුත් ආණ්ඩුවක් බිහි වූණත් මම උන්ටත් හොරකම් කරන්න උගන්වලා හරි උන් එක්ක හොරකම් කරනවා ඇයි උඹලට පාන් ද? උඹලට නොදී මම ඒ හොරා කන සල්ලි වලින් මගේ ආදරවන්තයන් එක්ක සැප ගන්නවා උඹල කියන කිසි දෙයක් ගණන් ගන්නේ නෑ මෙච්චර කාලයක් තිස්සේ හොරකම් කරල කරලා මට දැන් ලැජ්ජ බය කිසිම දෙයක් නෑ ලැජජ නැති නිසා මට හොරකම් කරන්න කිසිම ගානක් නෑ ඇයි උඹලට පාන් ද මම ලංකාවේ ජනතාවගේ බදු මුදලින් රුපියල් කෝටි ගණන් හොරකම් කරාම? නිකන් යනවා ඕයි යන්න මම තමයි ලංකාවේ මහජන මුදල් හොරාකන ලොකුම හොරා ඇයි උඹලට පාන් ද?

      Delete
  11. ඉකොනොට මතකද මීට දින කිහිපයකට කලින් එක්තරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක පෝස්ට් එකක් වෛරල් ගියා.
    කොහේ හෝ ග්‍රාමීය ප්‍රදේශයක ප්‍රාදේශීය ලේකම්වරයෙක්, ඉතාම ආඩම්බරයෙන් ෆේස්බුක් පෝස්ට් එකක් දාලා තිබුණා.ඒ අනුව ඔහුගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලූම දත්ත, එම ප්‍රදේශයේම ග්‍රාමීය සහ කුඩා ආයතනයක් විසින් ඩිජිටල් කරලා, අන්තර්ජාලයට දාලා තිබුණා.

    අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා මේ පළකිරීම කර තිබුනේ බොහොම ආඩම්බරයෙන්.නමුත් ෆේස්බුක් වල මේක දැකපු දැනුම් තේරුම් ඇති තරුණ පිරිසක් මේ මෝඩ වැඩේ තියෙන භයානකම සහ විහිලු සහගත තැන් මතු කළාම ඔහු ඒ පළ කිරීම ඉවත් කරගත්තා.

    මේ ප්‍රාදේශීය ලේකම්වරයා මේ වැඩේ කළේ ඇයි ?

    ඉතාම සංවේදි දත්ත ඉන්ටර්නෙට් දාන්න, නිකන් ගමේ ගොඩේ පොට් එකකට දුන්නේ ඇයි ?

    මෙය දැඩි අවදානම් සහගත වැඩක්. නමුත් ඔහු ඒ අවදානම පිළිගත්තා.

    හේතුව ඒ කට්ටිය මේ වැඩේ කරන්න ඉදිරිපත් වුණේ නොමිලයේ නිසා.

    මේ වගේ වැඩකට මිලියන ගණනක් ගෙවන්න ප්‍රාදේශීය ලේකම්වරයා ලෑස්ති නෑ. ඔහුට නොමිලයේ කරලා දෙනවා නම් ඕන එකක්.

    ඒ තමයි මේ රටේ බහුතරයක් වූ රාජ්‍ය සේවයේ යම් මට්ටමක SLAS බුවාලගේ මානසිකත්වය.

    ඔවුන් මුදල් වලට බයයි. ඔවුන්ගේ ලෝකය ඉතා පොඩියි.

    ඔවුන් තමන්ගේ ප්‍රදේශයෙන් එහා ලෝකයක් දැකලා නැහැ. (එහි අර්ථය ඔවුන් හොරා කන්නේ නැත යන්නම නොවෙයි)

    මාලිමා ආණ්ඩුව බලයට ආවම ගොඩක් ආයතන වල රාජ්‍ය සේවය කෙසේ වෙතත්, අධ්‍යක්ෂක ජෙනරාල්ලා කරලා ගෙනාවේ ඉතාම ග්‍රාමීය ඩයල්.

    ඔවුන් ගෙනාවේ රාජ්‍ය පරිපාලන සේවයෙන්.

    උදාහරණයක් විදියට සමන්ත විද්‍යාරත්න බදුල්ල ඉන්න කාලේ ඒ ඒරියා එකේ ඔහු එක්ක ඉඳපු ග්‍රාම සේවකලා, ප්‍රාදේශීය ලේකම්ලා ගෙනල්ලා ඔහුගේ අමාත්‍යංශයේ ඉහළ තනතුරු වලට දැම්මා.

    මේ බුවාලා ජීවිත කාලෙම බදුල්ලෙන් එහා ලෝකයක් නොදැකපු, කුඩා මිනිස්සු.

    ඔවුන් අද ආයතන අල කරනවා.

    එයට තව උදාහරණයක්.

    අද ශ්‍රී ලංකාවේ විශාලතම සහ ආර්ථිකයට සහ විදෙස් මුදල් ආදායමට බලපාන රාජ්‍ය ආයතනයක් තියෙනවා.

    මේ ආයතනයට ජවිපෙ කැබිනට් අමාත්‍යවරයා අධ්‍යක්ෂක ජෙනරාල්වරියක් (DG) පත් කරලා තියෙනවා.

    ඇය ජවිපෙ දේශපාලනය කරපු චරිතයක්. ඇය කළුතර පැත්තේ.

    ඇය රාජ්‍ය සේවයට එන්නේ ග්‍රාම සේවකවරියක් විදියට. ඊටපස්සේ ඇය ප්‍රාදේශීය ලේකම්වරියක් වෙනවා.

    කොහොමවුනත් මේ තරම් විශාල රාජ්‍ය ආයතනයක DG වෙන්න ඇයට කිසිම පරිචයක්, අත්දැකීමක්, දැක්මක් නැහැ.

    අඩුම තරමේ ඇයට ඉංග්‍රීසි භාෂා දැනුම හෝ නැහැ. මේ ලෝකය එක්ක ගණුදෙනු කළ යුතු රාජ්‍ය ආයතන.

    දැන් මේ රාජ්‍ය ආයතනයට ආපු ඩොලර් මිලියන සිය ගණන් වටිනා විශාල ආයෝජන ගණනාවක්, හොටෙල් ව්‍යාපෘති ගණනාවක් නැවතිලා.

    හේතුව ?

    මේ අපේ ග්‍රාම සේවක අධ්‍යක්ෂක ජෙනරාල්තුමිය. ඇය ලොකු ව්‍යාපෘති කිසිම දේකට අත්සන් කරන්නැහැ.

    මේවයෙ වටිනාකම් ලොකු නිසා දූෂණ, වංචා විය හැකි කියලා ඇය තර්ක කරනවා.

    ඕන්න තරම!

    මෑතක මේ රාජ්‍ය ආයතනයේ ආයෝජකයන්ට සමුළුවක් තිබුණා.

    තිබුණේ සිනමන් ලයිෆ් එකේ.

    ඔක්කොම හොටෙල් ආයෝජකයො ගෙනල්ලා කරන ප්‍රසන්ටේෂන් එකක් සහ වැඩසටහනක්.

    මේ වැඩසටහනේ පර් හෙඩ් වටිනාකම (එක් පුද්ගලයෙක් උදෙසා දරන වියදම) රුපියල් විසි පන්දාහයි.

    ඒ මුදලට ආහාර, ලිකර්, හෝල් ගාස්තු සියල්ල ඔක්කොම ඇතුලත් වුණා.

    අද කාලය එක්ක බලද්දී බොහොම රීසනබල් මුදලක්.

    දන්නවද මේ ග්‍රාම සේවක අධ්‍යක්ෂක ජෙනරාල්තුමිය කරලා තියෙන වැඩේ ?

    එක මනුස්සයෙකුට විසි පන්දාහක් වියදම් කිරීම වැඩියි කියලා ඇය විශාල ගැටුමක් හදාගෙන.

    අයිසේ!

    මේ එන්නේ ඩොලර් මිලියන ගණන් ඉන්වෙස්ට් කරන්න බලන් එන ඉන්වෙස්ටර්ස්ලා.

    මේ මිනිස්සු ප්‍රජා ශාලාවකට ගෙනල්ලා නෙස්කැෆෙ එකයි, මාතර බත් කඩෙන් බත් එකයි, හවසට ප්ලේන් ටි එකයි, රොල්ස් එකයි දෙන්න බැහැ.

    ඒ මිනිස්සුන්ට විසි පන්දාහක් වියදම් කිරීම ඉතාම ලාභදායකයි.

    නමුත් මේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමියට ඒ මුදල අනවශ්‍ය වියදමක්.

    ඇයි ?

    ඇය දැකපු ලෝකය ඒක.

    ඇය දැන් ජේවිපි පොලිටික්ස් කරලා දවසට ඩොලර් මිලියන ගණන් වියදම් කරන රාජ්‍ය ආයතනයක DG වුනාට ඇයගේ මානසිකත්වය ග්‍රාම සේවක.

    ඇයගේ පවුල් පසුබිම, කුල පසුබිම නිසා ඇය දරුණු හීනමානයක ඉන්නවා.

    ඇය ජීවිත කාලයම දැක්කේ බුලත් හප හපා ඇය ලඟට ඇවිල්ලා වැද වැටිලා පන්දාහක අස්වැසුම හදලා ඉල්ලන මිනිස්සු.

    ඇය හිතනවා ඇති 'යකො මිනිස්සු අස්වැසුම හදන් පන්දාහෙන් මාසයක් ජීවත් වෙනවා.

    ඒකටත් මන් ලඟ වැද වැටුණා.

    මේ එක මිනිහෙකුට එක දවසට විසි පන්දාහක් ? මොන නාස්තියක්ද ඒක' කියලා.

    ඇය වැරදිත් නැහැ. ඇය දන්නා ලෝකය ඒක නිසා. ඇය ගමක කුඩා ගැහැණියක් නිසා.

    වැරදි නුසුදුස්සො, පොඩි මිනිස්සු ලොකු තැන් වලට පත් කරපු ආණ්ඩුව.

    අද රට දරුණු විදියට නැවතිලා තියෙන්නේ, රටේ කිසිම ව්‍යාපෘතියක් නොවන්නේ, ජේවිපි කරපු ග්‍රාමීය රාජ්‍ය පරිපාලන සේවයේ (SLAS) මිනිස්සු රටේ ඉහළම තනතුරු වලට පත් වීම ප්‍රධාන හේතුවක්.

    ප්‍රධාන රාජ්‍ය ව්‍යාපාර සහ ආයතන වල DG විය යුත්තේ ආයතනය ඇතුළේ වැඩ කරපු, ලෝකය දැකපු, පරිචයක් ඇති මිනිස්සු.

    ඒ තැන් වලට ග්‍රාම සේවකලා ආවම සිදුවන විනාශය තමයි මේ.

    ReplyDelete
  12. විදේශ ප්‍රේෂණ වැඩි වුණා කියලා ආණ්ඩුව බොරු බයිලා බෙර ගැහුවට මේ කරන්නෙ මහ දවල් මහජනතාව රවට්ටන එකක් නෙවෙයිද? අසරණ මිනිස්සු ලේ කඳුළු හලලා පිටරටවල දුක් විඳලා කට්ට කාලා අමාරුවෙන් හම්බ කරලා ඒ රටවල ඉඳන් එවන සොච්චම් සල්ලියටත් මේ අමන පාලකයෝ බැංකු පොලිය හරහා අධික බදු ගහනවා විතරක් නෙවෙයි, රටේ පවතින දරාගත නොහැකි බදු බර නිසා ඒ සල්ලිවල වටිනාකම මිනිස්සුන්ගේ අතට යන්න කලින්ම වාෂ්ප වෙලා යනවා. අනිත් පැත්තෙන්, මේ රටේ මහජන ධනය දූෂිත දේශපාලකයෝ සහ උන්ට කඩේ යන එංගලන්තේ හැකර්වරු එකතු වෙලා බැංකු පද්ධතිය ඇතුළෙන්ම හොර රහසේ පිටරට පටවන එක නතර කරන්න මේ රටේ මිනිස්සු කොච්චර කෑගැහුවත් මේ දූෂිත ආණ්ඩුවට කිසිම උවමනාවක් නැහැ, දිගටම හොරා කනවා හරියට පිටරටවල සහ ලංකාවේ වැඩකරන ජනතාව කොච්චර මහන්සි වෙලා සල්ලි හම්බ කරලා ජනතාව එකතුවෙලා වහලෙ හිල් වහනකොට, ගෙදර ඉන්න මාලිමා ආණ්ඩුවේ හොරු ටික ගෙයි පිටුපස දොරෙන් තියෙන බඩු මුට්ටු ටිකත් අරන් පනිනවා වගේ වැඩක් මෙතන වෙන්නෙ. සැබෑ කර්මාන්ත නිෂ්පාදන ආර්ථිකයක් නැතිව, වාණිජ ණය සහ ස්වැප් (Swap) පහසුකම් මත යැපෙන මේ "හිස්" සංචිත ගොඩවල් පෙන්නලා ජනතාව මුලාවට පත් කරන එක මේ පාලකයින්ගේ අමනෝඥ ආර්ථික ප්‍රතිපත්තියේ උච්චතම අවස්ථාව වන අතර, මේ මංකොල්ලය දිගින් දිගටම සිදුවෙන තාක් කල් රටේ ආර්ථිකය ගොඩගන්නවා කියන එක හුදෙක් සිහිනයක් විතරයි.
    මේ දූෂිත මූල්‍ය ක්‍රමයෙන් එංගලන්තය හරහා විශුද්ධිය කරලා පිරිසිදු කිරීමට සොරාගත් මහජන වත්කම් යළි ලබාගැනීමේ (Stolen Asset Recovery) නීතිමය ක්‍රියාදාමයක් ගැන ඉකොනෝ හිතන්නේ මොකක්ද?

    ReplyDelete
  13. ඉකොනෝ, ලංකාවෙ ගොවිතැනෙන් පාඩුය කිය කිය රටටයි, ආණ්ඩුවටයි, මිනිස්සුන්ටයි සාප කරන වී ගොවියන්ට, වහාම වී ගොවිතැනින් ඉවත්ව කුඹුරු වල ගම්මිරිස් වගා කරන්න.

    * බිත්තර වී, පොහොර වියදම් නෑ.

    * පළිබෝධ නාශක, වල් නාශක වලට වියදම් නෑ.

    * වතුර ඉල්ල ඉල්ලා අඬන්න උවමනා නෑ.

    * වකුගඩු රෝග, පිළිකා නෑ.

    * ඩඩ්ලි සිරිසේනට හොරා කන්න බෑ.

    අක්කර එක හමාරට වාර්ෂික ශුද්ධ ලාභයෙං පහෙං එකක ආදායම විතරක් රුපියල් ලක්ෂ 21 යි.

    NPP ජවිපෙ පූර්ණකාලීන පක්ෂ දේශපාලනයක නිරත වෙමින්, ඉදහිට ඉඩ ලැබෙන හැටියට පොඩියට පාර්ට් ටයිම් ගොවිතැන් කරමින් පවා වසරකට මිලියන දෙකක් ඉක්මවා ඉපැයීමට කාර්ය බහුල සමන්ත විද්‍යාරත්නට හැකි නම්, ෆුල් ටයිම් ගොවිතැනම කරනා ගොවීන් දුප්පත් වන්නේ කෙසේද ?

    මෙවන් ලාභදායක වාණිජ වගාවක් තිබියදී, රටට සහ මිනිසුන්ට බොරු කරමින්, ගොවිතැන පාඩුයැයි කියනා ගොවියන්ගේ නිරුවත හෙළිකළ නියෝජ්‍ය අමාත්‍ය සමන්ත විද්‍යාරත්නට ස්තූතියි.

    ReplyDelete
  14. @ Vidura

    අපි කෙලින්ම කතා කළොත්, මේ තැපැල් දෙපාර්තමේන්තුවේ සිද්ධිය කියන්නේ හිතාගන්නවත් බැරි මට්ටමේ අලසකමක් එහෙම නැත්නම් හිතාමතාම කරපු මහා පරිමාණ ගසාකෑමක්. ඇමරිකානු තැපැල් සේවයට (USPS) ගෙවන්න තිබුණ ඩොලර් 625,000කට වැඩි මුදලක් (රුපියල් කෝටි 18ක් විතර) අතුරුදන් වෙලා තියෙන්නේ නිකම්ම නෙවෙයි. USPS එකෙන් "අපිට සල්ලි ලැබුණේ නැහැ" කියලා කරුණු දක්වනකම්ම අපේ ලොක්කෝ මේ ගැන දන්නේ නැහැ වගේ ඉන්න එක පුදුමයි. මේකත් අර "ඊමේල් එකක් හැක් වුණා" කියන ලේසි උත්තරයට යට කරන්නයි හදන්නේ. හැබැයි ඇත්ත ප්‍රශ්නය තමයි, රජයේ ආයතනයකින් මෙච්චර විශාල විදේශ විනිමය ප්‍රමාණයක් එළියට යද්දී ඒක හරියටම අදාළ ගිණුමට ගියාද කියලා බලන්න කිසිම "Double Check" කිරීමේ ක්‍රමවේදයක් නැති එක. මේක සයිබර් හොරකමකට වඩා ඇතුළේ ඉන්න පිරිසකගේ සහයෝගය ඇතිව කරපු "Inside Job" එකක් කියන සැකය සාධාරණයි. මේ වගේ සෙල්ලම් දාන්නේ රටේ මිනිස්සු තුන්වේල කන්න නැතුව දඟලන අස්සේ වීම තමයි ලොකුම අපරාධය.

    මේ වගේම තමයි අනිත් ආයතනවලත් වෙන්නේ හැම තැනම පේන්න තියෙන්නේ මහජන මුදල් කාබාසිනියා කරන "පද්ධතියේ දූෂණය". මහා භාණ්ඩාගාරය වගේ රටේ මුදල් ආරක්ෂා කරන උත්තරීතරම තැනින් ඩොලර් ලක්ෂ 25ක් (මිලියන 2.5ක්) අතුරුදන් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ආයතනයකට ගෙවන්න ගිය වෙලාවකයි. ඒ මදිවට මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) රුපියල් මිලියන 380ක් "වැරදීමකින්" දෙපාරක් ගෙවනවා, මේවා වැරදීම් නෙවෙයි, මහ දවල් කරන මංකොල්ලකෑම්. ගල් අඟුරු ටෙන්ඩර්වල ඉඳන් අර වරායේ තියෙන බහාලුම් 323 ප්‍රශ්නය දක්වා බලද්දී පේන්නේ රටේ නීතියක් හෝ විගණනයක් ක්‍රියාත්මක වෙන්නේ නැති බවයි. ඇත්තටම මේක "සිස්ටම් එරර්" එකක් නෙවෙයි, රටේ සම්පත් ටික ටික හූරාගෙන කන මාෆියාවක්. මේ වංචා ඔක්කොම එකතු වුණාම පේන්නේ රට බංකොලොත් වෙලත් පාලකයින්ටයි, නිලධාරීන්ටයි ඒකේ කිසිම ගාණක් නැති බවයි.

    ReplyDelete
  15. හිනැහෙන්නද අඬන්නද නැහැ තේරෙන්නේ
    ගත කිළිපොලන වැඩමය මේ හෙළි වෙන්නේ
    මෙහෙම ගියොත් නං ලක් මෑණිට වෙන්නේ
    මොනවාදැයි හිතන්නත් බැරි තරං අනේ!

    ReplyDelete
  16. දිනමිණ - April 29, 2026

    මුල් ලියා­ප­දිං­චි­යක් නොමැති රථ­ය­කට අංක තහඩු නිකුත් කළැයි මෝටර් රථ ප්‍රවා­හන හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස් ගයනි කෞශල්‍යා විජේ­සිංහ අත්අ­ඩං­ගු­වට

    මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රි­යක දූෂණ චෝදනා සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සම ඊයේ (28) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

    නීත්‍ය­නු­කූල මුල් ලියා­ප­දිං­චි­යක් නොමැති රථ­යක් සඳහා අංක තහඩු නිකුත් කිරී­මට අදා­ළව දූෂ­ණය නමැති වරද සිදු කිරීම මත මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රි­යක ලෙස කට­යුතු කළ වර්ත­මා­නයේ බත්ත­ර­මුල්ල, පරි­වාස හා ළමා ආර­ක්ෂක සේවා දෙපා­ර්ත­මේ­න්තුවේ කොම­සා­රි­ස්ව­රි­යක ලෙස කට­යුතු කරන රාජ­ප­ක්ෂගේ ගයනි කෞශල්‍යා විජේ­සිංහ යන තැනැ­ත්තිය මෙලෙස අල්ලස් කොමි­සම විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

    අත්අ­ඩං­ගු­වට ගන්නා ලද සැක­කා­රිය කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මිත බව අල්ලස් කොමි­සම පැව­සීය.

    සුභා­ෂිණී සේනා­නා­යක

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙතනින් බලන්න.

    ReplyDelete
  17. මහා භාණ්ඩාගාරය සතු ඩොලර් 2,500,000 ක මුදල් ඕස්ට්‍රේලියාවේ ආයතනය වෙනුවට හැකරුන්ගේ හොර ගිණුමට මුදල් දාන්න ආණ්ඩුවේ අය තීරණය කොට මුදල් යවනකොට HSBC බැකුව දෙවතාවක්ම මේ ගිණුම සම්බන්ධයෙන් සැක පලකළා කියලා මාධ්‍යවල අද අනාවරණය වෙලා තියෙනව. ඒත් ආණ්ඩුව පැත්තෙන් ඒක අවුලක් නෑ කියලා තහවුරු කරලා තියෙන නිසා මේ ගණුදෙනුව HSBC එකෙන් රිලීස් කරලා, දැන් මේක HSBC එකේ reputation එකට හරි නෑ කියලා ඒ අය ලංකාවේ ඔපරේෂන් නවත්තලා NTB එකට ඒවා බාරදීලා ලංකාව හැර යන්න තීරණය කරලා

    පහුගිය ජනවාරි පළමු වැනිදා ඉඳන් තමයි මහ බැංකුව සතු වගකීම මුදල් අමාත්‍යංශයට පවරලා තියෙන්නේ. නමුත් මේ මුදල් අස්ථාන ගත වීම සිද්ධවෙලා තියෙන්නේ 2025 දෙසැම්බර් ඉඳලා මාස හතරක් නීතිඥ මෛත්‍රි ගුණරත්න මේක අනාවරණය කරන කම් මේක යට ගැහුවා, ආණ්ඩුව ආයේ ටොම් පච ගැහුවා මේක CID එකට පැමිණිලි කරා කියලා දැන් අනාවරණය වෙලා තියෙන විධියට මාධ්‍ය කියනවා ඒකත් විශාල බොරුවක් කියලා දැක්කොත් බුවා නොදැකාකොත් එබුවා.

    ReplyDelete
    Replies
    1. කට්ටියට ඕනේ තරම් බොරු දාන්න පුළුවන් කට්ටියගේ වැඩ තහනම් කරලා රටයන්න තහනම් කරලා උසාවි නියෝගයක් CID ගත්තම තමා කවුරුත් මේක කතාකරන්නේ...

      Delete
  18. @ Economatta

    Can you explain about the latest updates about this stuff? Any method of recovery of the stolen money?

    //
    මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාව හෙළිවෙයි: ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම්

    විශේෂ වාර්තාකරුවෙකු විසිනි

    කොළඹ: ශ්‍රී ලංකාව

    මහා භාණ්ඩාගාරයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් කෝටි 75කට අධික) මුදලක් වංචනික ලෙස විදේශීය ගිණුමකට බැර කිරීමේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවයක් අනාවරණය වී ඇත. 2026 වසරේ අප්‍රේල් මස මුලදී ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරතන මහතා විසින් ඕස්ට්‍රේලියාවේ මූල්‍ය ආයතනයකින් ලද තොරතුරු මත මුලින්ම මෙම වංචාව පිළිබඳ කරුණු රටට හෙළිදරව් කරන ලදී.

    ඔහු පෙන්වා දෙන්නේ ඔහුට තොරතුරු ලැබුණු ඒ ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනයකට (Export Finance Australia) ගෙවීමට නියමිතව තිබූ ණය වාරිකයක් මෙලෙස වංචනික ලෙස වෙනත් පාර්ශවයකට යොමු කර ඇති බවයි. ඕස්ට්‍රේලියානු රජයේ ණය හිමියන්ගෙන් ලද දැනුම්දීම් මත පදනම්ව මෙම තොරතුරු අනාවරණය කරගත් ගුණරත්න මහතා, 2026 ජනවාරි මාසයේ සිට රජය මෙම සිදුවීම හිතාමතාම වසන් කිරීමට උත්සාහ කළ බවට චෝදනා කළේය.

    පද්ධති බිඳවැටීම සහ අභ්‍යන්තර කුමන්ත්‍රණය

    මේ පිළිබඳව විස්තර මාධ්‍ය මගින් අනාවරණය වීමත් සමගම දැඩිලෙස කලබලයට පත් වූ ලංකාවේ බලධාරීන් විසින් ඉතා පරස්පර විරෝධී කතා ගණනාවක් පවසා ඇත.

    මුලින් රජය ප්‍රකාශ කර තිබුණේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (ERD) පරිගණක පද්ධතියේ ඇති වූ බිඳවැටීමක් හේතුවෙන් මෙම ගැටලුව හටගත් බවයි. කෙසේ වෙතත්, මෙය අභ්‍යන්තරයේ සිට මෙහෙයවන ලද සංවිධානාත්මක වංචාවක් බවට ජනාධිපති නීතිඥවරයා එල්ල කළ චෝදනාව තහවුරු කරමින්, මෑතකදී වහාම සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන උසස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

    මූලික විමර්ශනවලට අනුව, මෙය සයිබර් අපරාධකරුවන් විසින් සිදුකරන ලද "බිස්නස් මේල් කොම්ප්‍රොමයිස්" (Business Email Compromise) ප්‍රහාරයක් බවට සැක කෙරේ. ව්‍යාජ ඊමේල් පණිවිඩයක් නිවැරදි යැයි විශ්වාස කළ භාණ්ඩාගාර නිලධාරීන් විසින් මෙම මුදල් අදාළ ගිණුමට බැර කර ඇති බව වාර්තා වේ.

    මේ පිළිබඳව රටේ ඇතිවූ දැඩි ආන්දෝලනය නිසා 2026 අප්‍රේල් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙයට මැදිහත් වීමට සිදුවී ඇති අතර පරීක්ෂණ සහ දේශපාලන ප්‍රතිචාර මත පදනම්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති අතර, ඒ සඳහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (SLCERT) සහාය ලබාගෙන ඇත.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාව (COPF) හමුවේ කරුණු විමසීමට නියමිත අතර, රටේ සාමාන්‍ය ජනතාව අධික බදු බරින් පීඩා විඳින මොහොතක ජාතික සම්පතක් වන භාණ්ඩාගාර මුදල් අවභාවිත වීම පිළිබඳව විපක්ෂය දැඩි විරෝධය පළ කර ඇත. 2015/2016 කාලසීමාවේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාවට පසුව වාර්තා වූ බරපතලම මූල්‍ය වංචාව මෙය ලෙස සැලකේ.

    මූලාශ්‍ර

    පුවත්පත් වාර්තා:

    The Sunday Times, 2026. Treasury Fraud Exposed: Millions Lost in Cyber Scam. [online] Available at: https://www.sundaytimes.lk [Accessed 29 April 2026].

    අතිරේක මූලාශ්‍ර:

    Central Bank of Sri Lanka, 2026. Annual Report on Public Debt Management. Colombo: Central Bank of Sri Lanka.

    Gunaratne, M., 2026. Public Statement on Treasury Financial Misconduct. [Facebook] 5 April. Available at: https://www.facebook.com/MaithriGunaratneOfficial [Accessed 29 April 2026].

    Parliament of Sri Lanka, 2026. Committee on Public Finance (COPF) Minutes: Investigation into Foreign Resource Department Data Breach. Colombo: Parliament Secretariat.

    Sri Lanka CERT, 2026. Technical Report on Business Email Compromise (BEC) Attack on Government Institutions. Colombo: SLCERT.//

    Can you please write a post explaining how to recover this now?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: