ලංකාවේ වත්මන් ආණ්ඩුවට තිබෙන එක් චෝදනාවක් වන්නේ ලොකුවට හිතන්නේ නැහැ කියන එකයි. ආණ්ඩුවක් ලොකුවට හිතන්නේ නැත්නම් එය ප්‍රශ්නයක් තමයි. නමුත් මේ විවේචනය කරන ගොඩක් අය එයින් අදහස් කරන්නේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ලොකු ව්‍යාපෘති සිදු වන්නේ නැහැ කියන එකයි.
ලොකුවට හිතීම සහ ලොකු ව්‍යාපෘති කිරීම තනිකරම කරුණු දෙකක්. සමහර විට ආණ්ඩුවක් ලොකුවට නොහිතීම නිසාම ලොකු ව්‍යාපෘති වලට අත ගහන්න පුළුවන්. ලොකුවට නොහිතා අත ගහන ඒ වගේ ලොකු ව්‍යාපෘතියක සැබෑ ප්‍රතිඵල පේන්නේ යම් කාලයක් ගියාට පසුවයි.
ලොකුවට හිතීම කියන්නේ ලොකුවට පේන වැඩ කිරීමම නෙමෙයි. කාලයක් තිස්සේ ලංකාවේ ඒ වගේ ලොකු වැඩ ගණනාවක් සිදු වී තිබෙනවා. ඒ ඇතැම් වැඩ වල වාසිදායක ප්‍රතිඵල පෙනෙන්න තිබෙනවා. ඒ වගේම එවැනි ඇතැම් ලොකු වැඩ වල පැහැදිලි අවාසිදායක ප්‍රතිඵලත් පෙනෙන්න තිබෙනවා.
මම පෞද්ගලිකව දකින විදිහට ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනයේදී මග හැරී තිබෙන පොඩි වැඩ විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේ පොඩි වැඩ හඳුනාගෙන ගොඩ දමන්නත් ලොකු හිතීමක් අවශ්‍ය වෙනවා.
යම් ආකාරයක රාජ්‍ය මැදිහත්වීමක් හරහා වඩා හොඳ තත්ත්වයකට පත් කළ හැකි අංශ අනුපිළිවෙලට පෙළ ගැස්වුවහොත්, ලංකාවේ පොදු ප්‍රවාහනය උඩටම එනවා. ඓතිහාසික හේතු නිසා ලංකාවේ පොදු ප්‍රවාහනය පැවතුනේ (සහ තවමත් පවතින්නේ) ගොඩ යන්න බැරි විෂම චක්‍රයක් ඇතුළේ හිර වෙලා. මේ වගේ විෂම චක්‍රයකින් ගැලවෙන්න සැලසුම්සහගත රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍යයි. මම දකින විදිහට ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් කියා කියන්නේ මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ලොකුවට හිතා සැලසුම් කර තිබෙන ලොකු වැඩක්.
ලංකාවේ පෞද්ගලික බස් සේවය කාලයක් තිස්සේ වෙළඳපොළ ක්‍රමය ගැන කතා කරද්දී ගොඩක් විවේචකයින් විසින් උදාහරණයකට ගන්න දෙයක් වී තිබුණා. ලංකාවේ පෞද්ගලික බස් සේවයේ ප්‍රශ්න අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ.
ඉතිහාසයේදී ලංකාවේ පෞද්ගලික බස් සමාගම් තිබුණා. පසුව රජය විසින් මේ පෞද්ගලික බස් සමාගම් ජනසතු කර රාජ්‍ය ඒකාධිකාරයක් හැදුවා. ඉන් පසුව, 1978දී පමණ, නැවතත් පෞද්ගලික බස්හිමියන්ට ප්‍රවාහන සේවා සපයන්න අවස්ථාව ලැබුණා. එය සිදු වුනේ ලංකාවට විවෘත ආර්ථික ක්‍රමයක් හඳුන්වා දීමෙන් පසුව ඒ ආසන්න වසරකදීයි.
වෙළඳපොළ ආර්ථික ක්‍රමයේදී තරඟය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියන එක පිළිබඳ නිවැරදි සංකල්පීය අවබෝධයක් නොතිබුණු ලංකාවේ ගොඩක් අය වෙළඳපොළ තරඟය මනසින් චිත්‍රනය කර ගත්තේ පෞද්ගලික බස් රියැදුරන් හා සහායකයින් විසින් මගීන් එකතු කර ගැනීම සඳහා තරඟ කළ ආකාරයත් එක්කයි. ඊට හේතු වුනේ විවෘත ආර්ථිකය පිළිබඳ සංකල්පය සහ පෞද්ගලික බස් එකම කාලයකදී ලාංකිකයින්ට සම්මුඛ වීමයි.
පෞද්ගලික බස් සේවා සැපයීම සඳහා නැවත අවස්ථාව ලබා දීමෙන් පසුව මුලින් පැවති ආකාරයේ ලොකු බස් සමාගම් නැවත ඇති වුණේ නැහැ. ඒ වෙනුවට තනි බස්හිමියන් විශාල ප්‍රමාණයක් බිහි වුනා. ඒ බස් හිමියන් වුවද බොහෝ විට කළේ ප්‍රාග්ධනය සපයන එක පමණයි. සේවා කළමනාකරණය සිදු වුණේ නුපුහුණු රියදුරු සහායකයෙකු අතින්. රජය විසින් දැඩි මිල නියාමනයක් සිදු කර තිබුණු තත්ත්වයක් යටතේ කුඩා ව්‍යාපාරික ඒකක එකිනෙක සමඟ තරඟ කරද්දී ලාබය වැඩි කර ගැනීමේ තරඟය තුළ සිදු වුනේ ගුණාත්මක භාවය ටිකෙන් ටික පහත වැටෙන එකයි.
මේ තත්ත්වය තුළ පාරිභෝගිකයින් ක්‍රමක්‍රමයෙන් ගුණාත්මක භාවය වඩා වැඩි, මිල අධික විකල්ප කරා විතැන් වෙන්න පටන් ගත්තා. බස් වලට ඉල්ලුම ටිකෙන් ටික අඩු වුනා. ඉල්ලුම අඩු වෙද්දී ආදායම් ක්‍රමක්‍රමයෙන් අඩු වෙන නිසා ලාබ පවත්වා ගැනීම සඳහා ගුණාත්මක භාවය තවත් අඩු කරන්න වෙනවා. මෙය විෂම චක්‍රයක්.
ඉහත විෂම චක්‍රය හරහා මගීන් ටිකෙන් ටික පොදු ප්‍රවාහනය වෙතින් ඈත් වෙද්දී, ඒ වෙනුවට පාසැල් හා කාර්යාල ප්‍රවාහන වෑන් රථ, පෞද්ගලික මෝටර් රථ ආදිය ආදේශ වී තිබෙනවා. මේ හරහා මාර්ග තදබදය ඉහළ යද්දී එමගින් පෞද්ගලික පිරිවැයට අමතරව විශාල සමාජ පිරිවැයක්ද එකතු වෙනවා. ඊට අමතරව ඉන්ධන ආනයන ආදියද ඕනෑවට වඩා ඉහළ යාමක් සිදු වී තිබෙනවා. මේ වගේ නූල් බෝලයක පැටළුම් ලිහන්න වෙන්නේ දැනට ඉන්න තැනින් පටන් අරගෙනයි. මම හිතන විදිහට ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ඒ සඳහා ගත් හොඳ ප්‍රවේශයක්.
මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ගත් කැබිනට් තීරණයක් අනුව, 2025 ඔක්තෝබර් මාසයේදී ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පෞද්ගලික සමාගම පිහිටවනු ලැබුණා. දැනට මේ සමාගමේ කොටස් අයිතියෙන් 60%ක් ශ්‍රීලංගම සතු වන අතර ඉතිරි 40%ක කොටස් මහා භාණ්ඩාගාරය සතුයි. ඒ වගේම, ආරම්භක අදියරේදී බස් රථ 120ක් මිල දී ගැනීම පිණිස පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 3ක මුදලක් වෙන් කර තිබෙනවා.
මේ වන විට නියාමක ව්‍යාපෘතියක් ලෙස මෙම බස් රථ වලින් සුළු ප්‍රමාණයක් කොළඹ තෝරා ගත් මාර්ග වල ධාවනය කෙරෙමින් පවතින අතර අගෝස්තු මාසය වන විට කොළඹ නගරාශ්‍රික මාර්ග හයක බස් රථ 122ක් ධාවනය කිරීමට නියමිතව තිබෙනවා.
1. රෙඩ් ලයින්: මාකුඹුර සිට කොළඹ කොටුව දක්වා (ධාවන කාලය මිනිත්තු 66යි)
2. යෙලෝ ලයින්: අතුරුගිරිය සිට පිටකොටුව දක්වා (ධාවන කාලය මිනිත්තු 63යි)
3. පින්ක් ලයින්: මාකුඹුර සිට බත්තරමුල්ල දක්වා (ධාවන කාලය මිනිත්තු 35යි)
4. ඔරේන්ජ් ලයින්: බම්බලපිටිය සිට කඩවත දක්වා (ධාවන කාලය මිනිත්තු 55යි)
5. පර්පල් ලයින්: නිවාසිපුර සිට බත්තරමුල්ල දක්වා (ධාවන කාලය මිනිත්තු 64යි)
6. ග්‍රීන් ලයින්: කොළඹ වටරවුම් පාර (ධාවන කාලය මිනිත්තු 45යි)
මෙම බස් රථ නැවැත්වීම වෙනුවෙන්ම, ඩිජිටල් පුවරු සහිතව, ඉහත මාර්ග වල බස් නැවතුම් පොළවල් 250-300 අතර ප්‍රමාණයක් ඉදි කිරීමට නියමිතයි. විශාල මගීන් පිරිසක් දෛනිකව ගමන් කරන ඉහත මාර්ග හය ආවරණය කිරීමට අමතරව හඳුනාගත් විශේෂ අවශ්‍යතා වෙනුවෙන් තවත් මාර්ග පහක බස් රථ ධාවනය කෙරෙනවා.
සංවර්ධිත රටවල් ගණනාවක ක්‍රියාත්මක වන මෙවැනි මෙට්‍රෝ ප්‍රවාහන සේවා අනුගමනය කරමින් ලංකාවට හඳුන්වා දී තිබෙන මෙම මෙට්‍රෝ සේවාව ලංකාවේ මගීන්ට අලුත් අත්දැකීමක් වනු නොඅනුමානයි. "LMT GO" ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීම මගින් මෙම සේවාවේ ප්‍රයෝජන සියල්ල අත් විඳිය හැකියි.
- තමන්ට යා යුතු ස්ථානය අනුව ඊළඟ බස් රථය පැමිණෙන වෙලාව නිශ්චිතව දැන ගැනීම
- ගමනාන්තයට යාම සඳහා ගත වන කාලය නිශ්චිතව දැන ගැනීම
- විද්‍යුත් ක්‍රමයට මුදල් ගෙවීම
මෙම බස් රථ වායු සමීකරණය කර ඇති හා පහසුවෙන් ගොඩ විය හැකි බස් රථ වන අතර බස් ගාස්තුව සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක් පමණ වෙනවා. ආණ්ඩුවට හිතවත් අය විසින්ම මෙම බස් රථ වලට විශේෂ අවශ්‍යතා ඇති අයට පහසුවෙන් ගොඩ විය හැකි බව ඕනෑවට වඩා අවධාරණය කර තිබීම නිසා මේ හරහා සමස්තයක් ලෙස සිදු වී ඇති අගය එකතු වීම අවතක්සේරු වීමක් සිදු වී තිබෙනවා.
ඇත්ත වශයෙන්ම මෙම බස් රථ සේවාව මගින් ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කර තිබෙන්නේ දැනට කාර්යාල වෑන්, ත්‍රිරෝද රථ ආදිය භාවිතා කරන වැඩි ගුණාත්මක භාවයක් සොයන මගීන්වයි. දැනට පොදු ප්‍රවාහන සේවා භාවිතා නොකරන මගීන්ව පොදු ප්‍රවාහනය වෙත ආකර්ෂණය කර ගැනීම මගින් දිනකට වාහන 15,000 බැගින් කොළඹ ආශ්‍රිත මාර්ග වලින් ඉවත් කර ගැනීම, එමගින් මාර්ග තදබදය අඩු වෙද්දී ධාවන කාලය තව දුරටත් අඩු අකර ගැනීම සහ ධාවන කාලය අඩු වෙද්දී පොදු ප්‍රවාහනය වෙත මගීන් තව තවත් ආකර්ශනය වනු දැකීම ආණ්ඩුවේ ඉලක්කයයි. විශේෂ අවශ්‍යතා ඇති අයට පහසුකම් සැලසීම අමතර කරුණක් පමණයි.
දැනට ක්‍රියාත්මක පළමු අදියර නියාමක ව්‍යාපෘතියක් පමණක් වන අතර එහි අරමුණ මෙම සේවා සැපයුම් ජාලය හා අදාළ යටිතල පහසුකම් (මෘදුකාංග ආදිය) පරීක්ෂාවට ලක් කිරීමයි. අගෝස්තු මාසයේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති දෙවන අදියරේදී අදාළ යටිතල පහසුකම් සැපයීම හා නඩත්තු කිරීම පෞද්ගලික අංශයේ දායකත්වයෙන් සිදු වනු ඇති අතර ඔවුන්ට මේ වෙනුවෙන් ආදායම් බෙදා ගැනීමේ පදනම මත ආයෝජන කරන්නට සිදු වෙනවා. ඇතැම් විට සැපයුම්කරුවන් තෝරාගෙන මෙම කාර්යය අවසන් කිරීම සඳහා වඩා වැඩි කාලයක් ගත විය හැකියි.
ඊළඟ අදියර වලදී මෙම සේවාව මහනුවර හා ගාල්ල නගර වෙතද හඳුන්වා දීමට නියමිතව ඇති අතර බස් රථ ප්‍රමාණය ක්‍රමයෙන් 350 දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ අයුරින් රජය මුල් වී නාගරික මගී ප්‍රවාහනයේ දිශානතිය සැලසුම් කිරීමෙන් පසුව පෞද්ගලික අංශයටද, මුලින්ම බස් රථ සපයන්නන් ලෙසත්, දෙවනුව සේවා සපයන්නන් ලෙසත්, මෙම ආකෘතිය තුළම පොදු ප්‍රවාහන සේවා සැපයීම සඳහා අවස්ථාව ලැබෙනවා.
මෙම දකින විදිහට මෙය ආණ්ඩුව ලොකුවට සිතා පටන් ගත් ලොකු වැඩක්. නමුත් මේ ව්‍යාපෘතිය තවමත් තිබෙන්නේ මුල් අදියරේ නිසා එය සාර්ථක කර ගැනීමේ උත්සාහය තුළ විවිධ අභියෝග මතු වෙන්න පුළුවන්. වඩා වැදගත් වන්නේ අපේක්ෂිත මුල් අරමුණ වන, පවතින විකල්ප හා තරඟ කළ හැකි, වඩා ගුණාත්මක සේවාවක් ලබා දීමෙන් බැහැර නොවන අතරම, මූල්‍යමය ලෙස පාඩු නොලබමින් මෙම සේවාව ක්‍රියාත්මක කිරීමයි.
භාණ්ඩාගාර මංකොල්ලය ගැන තමුන්නැහැ මීක් නෑ. 😂😂😂😂😂😂😂😂😂
ReplyDelete@ Economatta
ReplyDeleteනිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ (NYU) මහාචාර්ය ස්කොට් ගැලවේ (Scott Galloway - Prof G) මෑතකදී දැඩි අනතුරු ඇඟවීමක් කරමින් ප්‍රකාශ කළේ, පවතින භූ-දේශපාලනික කම්පන සහ බලශක්ති අර්බුදය හේතුවෙන් ගෝලීය වෙළඳපොළ තුළ ඩොලර් ට්‍රිලියන 10ක පමණ දැවැන්ත කඩාවැටීමක් සිදුවිය හැකි බවයි.
ලංකාවේ රජය පවසන පරිදි IMF සමඟ ඇති කරගත් Debt Sustainability Analysis (DSA) හෙවත් ණය තිරසාරභාවය පිළිබඳ විශ්ලේෂණය කිසිසේත්ම වෙනස් කළ නොහැකි ගිවිසුමක් නෙවෙයි. ආර්ථික විද්‍යාවේදී DSA එකක් කියන්නේ ස්ථිතික (Static) දෙයක් නෙවෙයි, එය ගතික (Dynamic) ලේඛනයක්.
ස්කොට් ගැලවේ මහාචාර්යවරයා පවසන පරිදි ලෝක දේශපාලන කම්පන සහ තෙල් මිල ඉහළ යෑම නිසා ආර්ථිකයේ මූලික උපකල්පන (Assumptions) වෙනස් වෙනවා නම්, පැරණි DSA එකක් මත රටක් පවත්වාගෙන යෑම හරියට කැඩුණු මාලිමාවකින් නැවක් පදවනවා වගේ වැඩක්.
පහුගිය දශක කිහිපය තුල ආර්ජන්ටිනාව, යුක්රේනය සහ සැම්බියාව වැනි රටවල් ලෝකයට පෙන්වා දී තිබෙන්නේ තත්ත්වයන් වෙනස් වන විට ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කර අනිවාර්යයෙන්ම අදාල IMF ආදී බරපතල කොන්දේසි හැකි ඉක්මනින්ම ගෝලීය ආර්ථික තත්ත්වය අනුව වහාම යාවත්කාලීන කරගත යුතු බවයි.
මෙතනදී මුලින්ම අපි ලංකාවේ ආර්ථිකය තුල ඩොලර් බිලියන හතක පමණ වන විදේශ සංචිතවල 'ණය' පදනම (The Illusion of Reserves) ගැන සලකා බලමු
Deleteලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය දෙස බලා සතුටු වීමට පෙර, එහි සංයුතිය (Composition) දෙස බැලිය යුතුයි.
ලංකාවේ ඩොලර් බිලියන හතක පමණ සංචිතවලින් අතිවිශාල ප්‍රමාණයක් චීන මුදල් හුවමාරු (Swap) සහ විවිධ ගෝලීය ආයතනවලින් ලබාගත් වාණිජ ණය මිස, අපේ අපනයන ආදායමෙන් උපයාගත් ශුද්ධ ධනය (Net International Reserves) නෙවෙයි.
පහුගිය මාස එක හමාරක පමණ කාලය තුල ඉරාන ගල්ෆ් යුද්ධය සමයේ ලංකාවේ රජය විසින් අපනයනකරුවන්ට තමන්ගේම ඩොලර්වලින් ඉන්ධන ගෙන්වා ගැනීමට අවසර දීමෙන්ම පැහැදිලිවම තහවුරු වන්නේ, ජාතික සංචිත හරහා බලශක්ති අවශ්‍යතාව සපුරාලීමට තරම් ද්‍රවශීලතාවක් (Liquidity) මහ බැංකුව සතුව නොමැති බවයි.
ඒ වගේම ලංකා මහ බැංකුවේ 'සැඟවුණු' ණය (Hidden Liability)
මෙතන තියෙන ලොකුම අර්බුදය තමයි, රජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම්වල මහ බැංකුව ලබාගෙන ඇති බිලියන ගණනක විදේශ ණය (PBOC Swap ආදිය) ඇතුළත් නොවීමයි.
මහ බැංකුව නව පනත හරහා ස්වාධීන වුවත්, ඔවුන්ගේ ගිණුම්වල ඇති ණය පියවන්නේ කෙසේද යන්න පිළිබඳව ලිඛිත සැලැස්මක් මෙතෙක් රටට හෙළි කර නැහැ. මෙය පාරදෘශ්‍යභාවය පිළිබඳ බරපතල ගැටලුවක්.
මෙහිදී මහාචාර්ය ස්කොට් විශේෂයෙන්ම අවධාරණය කළේ ඩොලර් මත පදනම් වූ ණය සහ ආනයනික බලශක්තිය මත දැඩි ලෙස යැපෙන ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඊජිප්තුව සහ බංග්ලාදේශය යන නැගී එන ආර්ථිකයන් (Emerging markets) අතිශය භයානක තත්ත්වයක පවතින බවයි. පසුගියදා නිමාවු මැදපෙරදිග යුද්ධය සහ වර්තමානයේ පවතින දීර්ඝකාලීන එදිරිවාදිකම් හේතුවෙන් තෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමග මෙම රටවලට සිය ණය වාරික ගෙවා ගත නොහැකි වනු ඇති බවත්, ඒ හරහා යුරෝපීය බැංකු පවා කඩා වැටෙන දැවැන්ත බංකොලොත් වීමේ රැල්ලක් නිර්මාණය විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
මෙම අනතුරු ඇඟවීමත් සමග, ශ්‍රී ලංකාව නැවත වරක් විදේශ ණය ගෙවීමට නොහැකි වී බංකොලොත් වීමේ (Default) දැඩි අවදානමකට මුහුණ දී ඇති අතර, රජය වහාම ක්‍රියාත්මක විය යුතු තීරණාත්මක මොහොතකට අප පැමිණ ඇත.
Deleteලංකාවේ මහබැංකුව විස්වාස කරන DSA වෙනස් කළ නොහැකි බවට ඇති මිථ්‍යාව සහ ජාත්‍යන්තර අත්දැකීම් ගැන බලමූ.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවලින් පසුව, ලංකාවේ ජනාධිපතිවරයා පහුගිය වසරේ දිත්වා කුණාටුවෙන් පසුව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග එකඟ වී ඇති ණය තිරසාරභාවය පිළිබඳ විශ්ලේෂණය (Debt Sustainability Analysis - DSA) කිසිසේත්ම නැවත සාකච්ඡා කළ නොහැකි බවයි. එය පාර්ලිමේන්තුවෙ සභානායක එකගතාවක් මෙන් නොව ජ්‍යාත්‍යන්තර ගිවිසුමක් ලෙස ඔහු දැඩිලෙස කියා සිටියා.
නමුත් ජාත්‍යන්තර මූල්‍ය ඉතිහාසය සහ අත්දැකීම් අනුව මෙය සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර සම්පූර්ණයෙන්ම බොරු අසත්‍යය ප්‍රකාශයක්. DSA යනු හුදෙක් ආර්ථික පුරෝකථනයක් පමණි. ලෝක තෙල් මිල, ගෝලීය උද්ධමනය සහ යුදමය තත්ත්වයන් වැනි මූලික උපකල්පන වෙනස් වන විට, පැරණි DSA එකක් මත රටක් ඉදිරියට ගෙන යා නොහැකි අතර එය අනිවාර්යයෙන්ම ප්‍රතිව්‍යුහගත කළ යුතුය. දිත්වා වැනි ස්වභාවික විපත් හමුවේ අයිඑම්එෆ් එකගතා සංශෝධනය කළා මෙන්ම ලෝකයේ අතීත උදාහරණ පකිස්ථානය සහ හයිටි වැනි රටවල් ගණනාවක ඇත.
උදාහරණයක් ලෙස, ආර්ජන්ටිනාව දැවැන්ත නියඟය සහ ගෝලීය කම්පන හේතුවෙන් මෑතකදී සිය IMF වැඩසටහනේ ඉලක්ක සහ DSA කිහිපවරක්ම නැවත සාකච්ඡා කර වෙනස් කරගත්තේය. යුද්ධය හේතුවෙන් යුක්රේනය සිය ණය කොන්දේසි සම්පූර්ණයෙන්ම වෙනස් කරගත් අතර, සැම්බියාවද වෙනස් වන ආර්ථික තත්ත්වයන් මත තම ණය ගිවිසුම් වල පරාමිතීන් යාවත්කාලීන කර ගත් රටකි. ශ්‍රී ලංකාවේද මීට පෙර ක්‍රියාත්මක වූ IMF වැඩසටහන් 16 තුළදීම ආර්ථික තත්ත්වයන් වෙනස් වීමේදී ඒවායේ කොන්දේසි යාවත්කාලීන කිරීමට හෝ අත්හැර දැමීමට අපට සිදුවිය.
දැන් වර්තමානයේදී පවා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) සඳහා ආර්ථිකයේ වර්ධනය මත ගෙවීම් වෙනස් වන (Macro-Linked Bonds) ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත්තේ අනාගත ආර්ථිකය වෙනස් විය හැකි බව ඔවුන්ද පිළිගන්නා නිසාය. එබැවින් //DSA වෙනස් කළ නොහැකි බවට වු බොරුව ප්‍රායෝගික නොවන ප්‍රකාශයක් වන අතර, යුද තත්ත්වය මත නව සාකච්ඡා ඇරඹීම අපට අනිවාර්යයෙන්ම කළ හැක්කකි.
සංචිත පිළිබඳ මායාව සහ සැබෑ සංයුතිය
බැලූ බැල්මට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණවත් මට්ටමක පවතින බව පෙනුණද, එහි සැබෑ සංයුතිය (Reserve Composition) විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ ඉන් බහුතරයක් අප උපයාගත් ධනය නොව, ණය මත පදනම් වූ (Credit-based) අරමුදල් බවයි. ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වන ජාතික විදේශ සංචිත වලට චීන මහ බැංකුවෙන් (PBOC) ලබාගත් ඩොලර් බිලියන 1.4ක පමණ මුදල් හුවමාරු පහසුකම (Currency swap), IMF, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ලබාගත් ණය මුදල් විශාල වශයෙන් ඇතුළත්
මෙම සැබෑ සංචිත මත මේ වන විටත් විශාල පීඩනයක් එල්ල වී ඇති බව මෑතකදී රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් හරහා මනාව පැහැදිලියි. එනම්, අපනයනකරුවන්ට සහ සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන්ට ඔවුන් උපයන විදේශ විනිමය භාවිතා කර සෘජුවම තමන්ට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට රජය විසින් අවසර ලබා දීමයි. මෙය ජාතික සංචිත හරහා රටේ සමස්ත බලශක්ති අවශ්‍යතාවය සපුරාලීමට තරම් ප්‍රමාණවත් ඩොලර් ද්‍රවශීලතාවයක් රට සතුව නොමැති බව පෙන්නුම් කරන පැහැදිලි දර්ශකයක් නේද?
ඒ වගේම ලංකාවේ මහ බැංකුවේ සැඟවුණු ණය සහ පාරදෘශ්‍යභාවය පිළිබඳ බරපතල ගැටලුව ගැනත් හිතන්න ඕනේ
Deleteමෙහිදී මතුවන බරපතලම ගැටලුව වන්නේ ආයතනික ණය ආපසු ගෙවීමේ සැලැස්මයි. මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් සියල්ලම පාහේ අදාළ වන්නේ රජයේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සහ ද්විපාර්ශ්වික ණය සඳහා පමණි.
නමුත්, ශ්‍රී ලංකා මහ බැංකුව සිය ගිණුම් යටතේ පවතින දැවැන්ත විදේශ ණය සඳහා කිසිදු පැහැදිලි ආපසු ගෙවීමේ සැලැස්මක් මෙතෙක් හෙළිදරව් කර නොමැත. මෑතකදී ඇතැම් පුවත්පත් වාර්තා කර තිබුණේ මහ බැංකුව විසින් චීන මුදල් හුවමාරු ඇතුළු තම ණය පියවීමේ සැලැස්මක් ඉදිරියේදී නිකුත් කරනු ඇති බවයි. එහෙත් දේශීය ඉංග්‍රීසි පුවත්පත් වාර්තා මගින් පෙන්වා දී ඇති පරිදි, මහ බැංකුව යටතේ පවතින මෙම බිලියන ගණනක මුදල් හුවමාරු සහ බහුපාර්ශ්වික ණය (අයිඑම්එෆ්, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකු ණය) සඳහා මේ මොහොත වන විටත් කිසිදු නිශ්චිත, ලිඛිත ප්‍රතිව්‍යුහගත කිරීමේ හෝ පියවීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කර නොමැත.
නව මහ බැංකු පනත හරහා ශ්‍රී ලංකා මහ බැංකුව පූර්ණ ස්වාධීන සහ ඉහළ පාරදෘශ්‍යභාවයකින් යුතු ආයතනයක් බවට පත් වූ බව ප්‍රකාශ කළද, මෙම ආයතනික ණය ගෙවන්නේ කෙසේද යන්න පිළිබඳව නිහඬව සිටීම එම පාරදෘශ්‍යභාවයට සම්පූර්ණයෙන්ම පටහැනි ක්‍රියාවක් නේද?
@ ඉකොනෝ
ReplyDeleteමීට වඩා ලොකු වැඩක් කරලා තියෙනවා නේද මේ ආණ්ඩුව? ඒ ගැන විස්තර සහිතව ලියන්න පුළුවන්ද? දැං අපි දන්නවාප්‍රමිතියෙන් බාළ ගල් අගුරු ටෙන්ඩරය වෙනුවෙන් විෂය භාර ඇමති ලෙස කුමාර ජයකොඩි සහ රාජ්‍ය පරිපාළනයේ වසර 20ක අත්දැකීම් තිබ්බ බළශක්ති අමාත්‍යංශයේ ලේකම් වරයා ඉල්ලා අස් වුනා මාස කීපයක් තිස්සේ ජනතාව එල්ල කරපු දැඩි බලපෑම මත.
හැබැයි මුදල් අමාත්‍යංශයේ වගකීම් විරහිත අතිශය සැක සහිත පුදුමාකාර විදේශ ණය ගෙවීමක් වෙනුවෙන් රටට වුන ඩොලර් මිලියන ගණනක දැවැන්ත පාඩුව ගැන පරීක්ෂණ කරන තුරුවත් මේ මුදල් අමාත්‍යංශයේ විෂය භාර අමාත්‍යය ලෙස චූදිත අනුර දිසානායකවත්
මුදල් අමාත්‍යංශයේ පරිපාලනය ගැන වසර 2 ක් 3 ක් වත් අත් දැකීම් නැති භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සුරියආරච්චි වත් ඉල්ලා අස්වෙන්නේ නෑ
මේ සිදුවීම අනුර දිසානායක සහ හර්ෂණ සුරියආරච්චි වගවීමට යටත් වන්නේ මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස හර්ෂණ සුරියආරච්චි මුදල් ගෙවීමේදී මේ ගෙවන්නේ අවම ඕස්ට්‍රේලියානු රජය වෙනුවෙන් නම් කරන ලද බැංකුවට යන්න වෙරිෆයි (තහවුරු කිරීම) නිවරදිව කර ගැනීමට අසමත් වීම නිසායි.
මක්නිසාද රටකින් රටකට ගෙවන මුදලක් බැංකු දෙකකට එහා ගිය වාණිජ ගදෙණුවක් වන නිසායි.
ගෙවීමට අදාල රට වගේම ගෙවීම ලබන රාජ්‍යයත මුල්‍ය සංසරණ අවස්ථාවේ එය නිළ වශයෙන් වෙනත් තෙවන පාර්ශවයකට නොලැබෙන්නට දැඩිලෙස වගබලා ගන්නා නිසායි.
මෙතැන බලපෑවේ මුදල් අමාත්‍යංශයේ ලේකම්ගේ (හර්ෂණ සුරියආරච්චිගේ) නොසැලකිලිමත්කම හෝ වංචාසහගතබව නේද?
ඔහු භාන්ඩාගාර ලේකම් ලෙස පත් වු පසු ඔහුට කලින් භාන්ඩාගාර ලේකම් ලෙස පත් වී සිටිය මහින්ද සිරිවර්ධනගේ කාලයේ මුදල් අමාත්‍යංශයේ විදේශ ණය ගෙවීම් අංශයට පත්කර තිබුන හසළ අතිදැකීම් සහිත නිළධාරීන් ඉවත් කර ඒ වෙනුවට අඩු අත්දැකීම් සහිත දේශපාලන හෙංචයි නිළධාරීන්ස්ථාන ගත කර සිටින බව චෝදනා එල්ල වී ඇත.
ඇත්තටම මෙය හැකර් වරැන් ඕස්ට්‍රේලියාවට ගෙවන ලද ණය මුුදල හැක් කිරීමක් නොව
ඕස්ට්‍රේලියානු රජය නම්කරන ලද බැංකුව යැයි සිතා ලංකාව විදේශ ණය ගෙවීමකදී අනුගමනය කරන පියවරයන් 13 ක්ම අනුගමනය කරමින් හැකර් වරයෙකුට ලක් රජය කරපු ගෙවීමක්ය 😀😀
මෙයට මහ බැංකු අධිපති වගවීමට යටත් නොවන්නේ ඇයි
IMF ව්‍යාපෘතියට පසු පසු මහ බැංකුව සතු විද්ශ ණය ගෙවීම විෂය මුදල් අමාත්‍යංශය හෙවත් භාන්ඩාගාරයට යටත් කරනු ලැබු නිසායි.
එබැවින් අනුර දිසානායක මුදල් ඇමති ලෙස වග කියන්න ඕන ඇයි?
අත්දැකීම් වෂය අමාත්‍යංශ පළපුරුද්දට සුදුසුම කෙනා වෙනුවට දේශපාළන පත්වීමක් ලෙස අත්දැකීම් සහ පළපුරැද්ද අඩු පක්ෂයේ හෙංචයියකු භාන්ඩාගාර ලේකම් ලෙස පත් කිරීම නිසායි
කොටින්ම මුදල් අමාත්‍යංශයේ හෝ මහ බැංකුවේ කිසිම අත්දැකීමක් නැති ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික සමාගමක කණිෂ්ට මුල්‍ය කළමනාකරුවෙකු ලෙස සේවය කර ඇති අයෙක් ලංකාවේ රාජ්‍ය අංශයේ නිසි අත්දැකීම් නැතිව මුදල් අමාත්‍යංශයේ ලෙිකම් ලෙස පත් කිරීමට අනුර දිසානායක අනිවාර්යයෙන්ම වගවිය යුතුයි. ඔබත් මීට එකඟ වනවා ඇති.
ජාත්‍යන්තරව පවා හැකර් වරයෙකු අත්පත් කර ලත් මුදල් ආපස ලබා ගැනීමට ලේසියෙන් නොහැකියි.
Deleteඑබැවින් මෙම මුදල් අමාත්‍යංශයේ මුදල් අස්ථාන ගත කිරීමට අධිකරණයේ අද නැතත් අනාගත රජයක් යටතේ බොහෝවිට නඩු පවරනු ඇත. දිනක හිටපු ජනාධිපති ලෙස නොව මුදල් අමාත්‍ය ලෙස චූදිත අනුරට අධිකරණයට එන්නට වනූ ඇත.
ද්විත්ව පුරවැසිබව තිබෙනවා කියන චූදිත ඔසී පුරවැසි හර්ෂණ සුරියආරච්චි ඕස්ට්‍රේලියාවට පැන ගියහොත් ඔහු මෙම නඩුවට ගන්නට වන්නේ ඕස්ට්‍රේලියානු නීතිපති සහ ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තු රාජ්‍ය ත්‍රාන්තිකව නේද?
මුදල් අමාත්‍යංශයේ නිළධාරීන් පැරෂුට් ක්‍රමයට බැස්සවු තමන්ගේ ඉහළම නිළධාරියාගේ ඉඩ දීම
මතම මෙය සිදුවුනා මිස හුදෙක් ඊ මේල් එකකින් මෙවැනි ප්‍රොසීඩියර් එකක් හැක් කරන්කට නොහැකියි.
මෙවැනී ගෙවීමක් පියවර 13 පුරා සිදුවීමට සිස්ටම් මොඩලයක් ස්ථාපනය කර තිබෙන්නේ මෙවැනි අක්‍රමිකතා තාක්ෂණිකව
සහ ප්‍රායෝගිකයම සිදුවෙන වැරදීමි වැරැද්දවීමි නතර කරන්නටයි.
එබැවින් දැන්වත් චූදිත අනුර දිසානායකත් චූදිත හර්ෂණ සුරියආරච්චත් මීට පෙර චූදිත බලශක්ති ඇමති සහ අමාත්‍යංශයේ ලේකම් ඩබල් දාලා අස්වුන විදිහට ඉල්ලා අස්විය යුතුයි.
පරීක්ෂණ නිමවා වැරැද්දක් කර නැත්නම් පසුව තනතුරු භාර ගත හැකියි.
දැනට මෙම සිදුවීමට අනුර සහ අමාත්‍යංශයේ ලේකම්ට අනිවාර්යයෙන්ම වගවීමට සිදුවන මට්ටමට වැරැද්දක් රටට පෙනෙමින් තිබෙන බැවින් මෙය ගැන ඔබත් එකඟ වනවා ඇති නේද ඉකොනො?
ඉකොනොමැට්ටා ලංකාවේ අලුත් බස් සාමාගම ගැන දාපු පොස්ට් එකට එකට කිසිම අදාලත්වයක් නැති comment දැක්කම පුදුම විහිළු සහගත හැගීමක් තියන්නේ... දේශපාලන බංකොලොත් සෙට් එකෙක් comment දානවා අදාල මාතෘකාව යට ගහන්න... තාමත් 3% මෝඩ බඉයෝ ඉන්න නිසා මේක පුදුම වෙන්න දේකුත් නැ...
Deleteදැනට තියන විස්තර අනුව මේක ඩොලර් 2.5M ගනුදෙනුව දැනගත් වාහාම ආණ්ඩුව CID ට පැමිනිල්ලලක් දානවා 2026 ජනවාරි වල ඒ පරීක්ෂණ පතිපාල තාම යනවා නමුත් මේ මාසේ කට්ටියගේ වැඩ තහනමක් වෙනවා මෙහෙම උනාම තමා මේක රටම දැනගන්නේ... හරි වැරදි කියන්න තාම පරීක්ෂණ ඉවර නැතත්... ආණ්ඩුව හරි ක්‍රියාමාර්ග අරගෙන තියනවා කලින් තිබුන ආණ්ඩු එක්ක බැලුවම..... මහින්දගේ , ගොටගේ රනිල්ගේ හොරුත් ආණ්ඩුවේ තියාගෙන උන්ව යහමගට ගන්න ගමන් ආණ්ඩු කරන්න පුළුවන් කියල හිතපු අනුර කුමාරගේ මෝඩ තීරණයේ අඩුපාඩු දැන් අපිට පේනවා...
ගල් අගුරු ගැන හොයන්න පුර්ණ බලය සහිත කොමිසමක් අනුර කුමාරගේ ආණ්ඩුවෙන් JR ගෙන් පස්සේ (නිවැරදි කිරීමක් තියනවනම් දත්ත සමග දාන්න බොරු නැතුව )
කලින් දාපු කොමිසම් ඔක්කොම බොරු රගපෑම් කොමිසමට කිසිම බලයක් නැ නිතිය ක්‍රියාත්මක කරන්නන. නමුත් අනුර කුමාරගේ පුර්ණ බලය සහිත කොමිසමක් දාපු එක විශේෂ අගය කිරීමක්... විෂය භාර ඇමති ලෙස කුමාර ජයකොඩි වැරදිනම් අපිට බලාගන්න පුළුවන්...කොමිසමට වැඩේ කරන්න දීල ඉල්ලා අස් වීම අගයකරන්න ඕනේ අපි පරණ ආණ්ඩු වල ඒවා දැකලා නැ... නමුත් වැරදිනම් හිරේ යන්නත් ඕනේ(අර රන්වල වගේ හුරතල් කරන්නේ නැතුව)
ඒ වගේම බලපන් ඔය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන දෙකහමාරක් හැකර්ලා අතට ගිය සිද්ධිය ගැන දැන් සමාජ මාධ්‍ය පුරාම හෙළිදරව් වෙමින් පවතින්නේ මොන වගේ කුප්‍රකට ජාලයක්ද? මේ සල්ලි නිකම්ම හැකර් කෙනෙක් ගත්ත එකක් නෙවෙයි බං. මේක පිටුපස ඉන්නේ ලන්ඩනයේ ඉඳන් ක්‍රියාත්මක වෙන, සයිබර් අපරාධවලටයි මුදල් විශුද්ධිකරණයටයි ප්‍රසිද්ධ ඩෝබිකීර්ති ද මොකක්ද නමක් කියන අර කුප්‍රකට තට්ට කොට පල් හොරා කියලා හැමතැනම සාක්ෂි සහිතව සටහන් වැටෙනවා. මූ නිකම්ම හොරෙක් නෙවෙයි, පැලවත්ත පැත්තේ තියෙන අර කුප්‍රකට හොර ගුහාවකට සම්බන්ධ, 'මඩයි මයිනා කියන එකාගේ සමලිංගික සහකරු කියලයි ආරංචිය.
Deleteබලපන් මුන්ගේ ක්‍රමය. දේශපාලකයන්ගේ දූෂිත මුදල්, මහජනතාවගේ බදු මුදල් හොරකම් කරලා, ඒවා මේ වගේ බොරු සයිබර් හොරු හරහා රට පටවනවා. ඊටපස්සේ ලන්ඩන් වගේ නගරවල ඉඳන් මේවා විශුද්ධිකරණය (Money Laundering) කරලා ආපහු පිරිසිදු සල්ලි විදියට මේ කළු සල්ලි ජාවාරම්කාරයන්ටම ලැබෙන්න සලස්වනවා. මේක අමුම අමු සංවිධානාත්මක අපරාධයක්.
මට තියෙන ප්‍රශ්නය මේකයි මේ භාණ්ඩාගාරයේ ඉන්න උසස් නිලධාරීන්, මුදල් ඇමති, ලේකම්ලා මොනවා කරනවද? මේ වගේ තට්ට කොට හොරුන්ට අපේ රටේ සල්ලි මෙහෙම සුදුවට සෝදන්න ඉඩ දෙන්නේ කොහොමද? ආණ්ඩුව කියනවා පද්ධතියේ දෝෂයක් කියලා, හැබැයි ඇත්තටම තියෙන්නේ මිනිසුන්ගේ දෝෂයක්. මුන් ඔක්කොම එකතු වෙලා මේ රටේ අනාගතය අර පැලවත්තේ හොර ගුහාවලයි, ලන්ඩනයේ අපරාධකරුවන්ගේ අතටයි පාවා දෙනවා.
අපි වගේ රටේ සාමාන්‍ය මිනිස්සු පෑනෙන් කතා කරද්දී, මුන් කීබෝඩ් එකෙන් රටේ සම්පත් මංකොල්ල කනවා. මේ ක්‍රමය වෙනස් කරන්න බැරි නම්, අපි තවමත් ඉන්නේ අර පරණ මඩ ගොහොරුවේම තමයි බං. මේ ඩෝබිකීර්තිලා වගේ සයිබර් හොරුන්ව නීතියට කොටු කරගන්න බැරි ආණ්ඩුවකින් මොන වැඩක්ද?
කලින් මේක සදහන් කරලා තියනවා...
Deleteදැනට තියන විස්තර අනුව මේක ඩොලර් 2.5M ගනුදෙනුව දැනගත් වාහාම ආණ්ඩුව CID ට පැමිනිල්ලලක් දානවා 2026 ජනවාරි වල ඒ පරීක්ෂණ පතිපාල තාම යනවා නමුත් මේ මාසේ කට්ටියගේ වැඩ තහනමක් වෙනවා මෙහෙම උනාම තමා මේක රටම දැනගන්නේ... හරි වැරදි කියන්න තාම පරීක්ෂණ ඉවර නැතත්... ආණ්ඩුව හරි ක්‍රියාමාර්ග අරගෙන තියනවා කලින් තිබුන ආණ්ඩු එක්ක බැලුවම..... මහින්දගේ , ගොටගේ රනිල්ගේ හොරුත් ආණ්ඩුවේ තියාගෙන උන්ව යහමගට ගන්න ගමන් ආණ්ඩු කරන්න පුළුවන් කියල හිතපු අනුර කුමාරගේ මෝඩ තීරණයේ අඩුපාඩු දැන් අපිට පේනවා...
ඉකොනෝ ඔයාට මතකද මීට කලකට කලින් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා ඇමරිකාවට ගිහින් එන අතරතුර එංගලන්තයේ දවසක් හෝ දෙකක් නැවතීමත් එය පුද්ගලික සංචාරයක් යැයි කියා එයට වියදම් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් කරපු පැමිණිල්ලකට අනුව හිටපු ජනාධිපතිතුමාත් ජනාධිපතිලේකම්තුමාත් අධිකරණයට ඉදිරිපත් කරල ලේකම්වරය රිමාන්ඩ් බන්ධනාගාරගත කරල තමා පරීක්ෂණය කෙරුණෙ. පසුව ඇප ලැබුණ. ඒ රජයේ මුදල් සාවද්‍ය පරිහරණය සහ එයට උදව් දීම කියන චෝදනා යටතේ. මුදල ලක්ෂ එකසියහැටහයක්...මේක හරිද වැරදිද කාරණාව අධිකරණය විසඳා දේවි.
ReplyDeleteඒ රුපියල් ලක්ෂ එකසිය හැට හයකට, ඒත් දැං, ඩොලර් මිලියන දෙක හමාරක් ලොස්. ලොස් කියන්නෙ ඔස්ට්‍රේලියාවෙ රාජ්‍ය ආයතනයකට තිබෙන ණයක කොටසක් ගෙවන්න කරපු ගෙවීම අදාල තැනට ගිහින් නෑ. ගෙවීම සඳහා ඉල්ලීම කරපු Email එක අනුව මහ බැංකුවෙන් මේ ගෙවීම කරන්නද කියා අහපු වෙලාවෙ පැහැදිලි නිර්දේශය "Verify කරල ගෙවන්න".
එතකොට මේක හොයල Verify කරල මේ ගෙවීම කරන්න නියෝග දෙන්නෙ මුදල් අමාත්‍යාංශයෙ ලේකම්. මාධ්‍යවල කියන හැටියට විදේශ ණය දෙපාර්තමේන්තුවෙත් මහ භාණ්ඩාගාරයෙත් ඉහල පහල නිලධාරීන් 13-16 අතර පිරිසක් හරහා අනුමත වෙලා තමයි මේ ගෙවීම වෙන්නෙ. එහෙම වෙච්ච ගෙවීමක් නිකම්ම "හැක් කිරීමක්" කියල කියන්න පුලුවන්ද?
එතකොට, මූල්‍ය වගවීම කෝ?
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට
මේක වෙලා තියෙන්නේ 2025 දෙසැම්බර් මාසයේ විතර එතකොට අවම වශයෙන් මේ සිදුවිම වෙලා මාස හතරක් ගිහින් ලංකාවේ මූල්‍ය බලය තියෙන පාර්ලිමේන්තුවට කියල නෑ. COPE එකට කියල නෑ. COPA එකට කියල නෑ. විගණකාධිපති දැනුවත් නෑ. මෙහෙම කරන්න පුලුවන්ද ?
වෙලාවට නීතිඥ මෛත්‍රි ගුණරත්ත මහත්මය මේක මතු කරනතුරු පවා මේ ගැන කැබිනට් ප්‍රකාශක දන්නෙ නෑ කියනව. මේ කවර වර්ගයේ විහිලුද ?
බැරිවෙලාවත් මෛත්‍රී ගුණරත්න මේක එලි කළේ නැත්නම් මේ හොරකම යටගහන බව පැහැදිලිවම පේනවා නේද?
මෙතන පටු දේශපාලන ප්‍රශ්න ඇදගන්න එපා...
මේ සිදුවීම් දෙකේ රාජ්‍ය යාන්ත්‍රණයෙ හැසිරීම අහසට පොලොව වගේ... ඒක පිළිගන්න...ඒක අවලස්සනයි.
නීතිය ක්‍රියාත්මක වීමට අපි හැමෝම එකඟ වෙමු...
මෙතනදිත් අර උඩ සිදුවිම වගෙ නීතිය ක්‍රියාත්මක කරන්න එකඟ වෙමු...එහෙම වෙනනව නම් මුදල් අමාත්‍යාංශයෙ ලේකම්ට අදත් සේවයෙ ඉන්න පුලුවන්ද?
තෝරාබේරාගෙන නීතිය ක්‍රියාත්මක කරල ඔන්න අපි හොරු ඇල්ලුව කියල කීවට රටට ප්‍රයෝජනයක් නෑ...
ඒක පාක්ෂිකයන්ට පොඩි සතුටක් විතරයි...
රට කියන්නෙ පාක්ෂිකයො විතරක් නෙවෙයි...
වටින්නෙ තමන්ට එන චෝදනාවට හරියට මුහුණ දීම. පරීක්ෂණ කිරීම. එහෙම කරොත් ඒක මුලු රටවාසීන්ගෙම ගෞරවයට ලක් වෙනව...
නායකයො Legends ල වෙන්නෙ එහෙමයි...
අවාසනාව බොහෝ දේශපාලකයන්ට ඒක තේරෙනකොට පරක්කු වැඩියි.
ඉකොනෝ, ඇත්තටම මේ මෙට්‍රෝ බස් කතාවේ මුල් අඩිතාලම වැටුණේ 2001 "යළි පුබුදමු ශ්‍රී ලංකා" වැඩපිළිවෙළින් වුණත්, ඒක ප්‍රායෝගිකව පාරට ආවේ නැහැ. හැබැයි 2010 අවට කාලේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ලොකු පිබිදීමක් ආවා, ඒ කාලේ තමයි ExpoRail සහ Rajadhani Express වැනි සුපිරි පන්නයේ පෞද්ගලික සේවාවන් දුම්රිය මැදිරිවලට හඳුන්වා දීලා, සුවපහසු ගමනක් ගැන මිනිස්සුන්ගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් ඇති කළේ. අන්න ඒ "ලක්ෂරි" අත්දැකීමම බස් සේවාවටත් ගේන්න එදා මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය ගැන කතා වුණත්, විවිධ හේතු නිසා ඒක අතරමග නැවතුණා. දැන් මේ 2026 දී ක්‍රියාත්මක වෙන්නේ එදා ExpoRail එකෙන් දුම්රියට දුන්න ඒ සුපිරි ගතිගුණ සහ පරණ යළි පුබුදමු සැලසුම් ඔක්කොම එකතු කරලා හදපු, තාක්ෂණයෙන් ඉහළ "නියම මෙට්‍රෝ" අත්දැකීමක් කිව්වොත් හරි.
ReplyDeleteහැබැයි ඔය මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය ගැන ඔයාලා ලොකුවට සෝෂල් මීඩියා වල කතා වෙනවා. ඒ අස්සේ තමයි මේ භාණ්ඩාගාරයේ සල්ලි ටික පූසෝ කිරි බීවා වගේ එකපාරටම අතුරුදන් වෙලා තියෙන්නේ. මේකේ තියෙන ලොකුම විහිළුව තමයි මෙයා, රටක මහා භාණ්ඩාගාරයේ ආරක්ෂිත පද්ධතියක් මෙච්චර ලේසියෙන් හැක් කරන්න පුළුවන් කියලා අපිට විශ්වාස කරන්න කියන එක. මේක අනිවාර්යයෙන්ම පද්ධතිය ඇතුළේ ඉන්න කෙනෙක්ගේ උදව්වක් නැතුව කරන්න බැරි වැඩක්.
ඒ අස්සේ CID එකයි ආණ්ඩුවයි තාමත් අර පරණ සෙල්ලමමයි දාන්නේ. නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කරලා තඩි බොරුවක් කරලා මිනිස්සුන්ගේ කටවල් වහන්න හදනවා. ඒත් සමාජ ජාල වල කියන කතාවේ හැටියට අර ලන්ඩන් වල ඉඳන් මනි ලොන්ඩරිං කරන ඩෝබිකීර්ති වගේ පල් හොරුයි, පැලවත්තේ ඩයි මයිනා වගේ දේශපාලන පාතාල ගෝඩ් පාදර්ලයි මේ හොරවැඩ කර කර තාමත් නිදහසේ ඉන්නවා නම් මොන විමර්ශනද ඉකොනෝ? මේ හොරුන්ට ජාත්‍යන්තර මට්ටමින් රැකවරණය ලැබෙන්නේ කොහොමද? ඩොලර් මිලියන ගණන් රටෙන් එළියට යද්දී බැංකු පද්ධතියටයි, බුද්ධි අංශවලටයි මේවා පෙනුණේ නැද්ද?
ඇත්තටම කිව්වොත්, මේක මේ මාලිමා දූෂිත දේශපාලන සංස්කෘතියේ තවත් එක දිගුවක් විතරයි. ආණ්ඩුව සිස්ටම් චේන්ජ් ගැන කොච්චර වැල් බයිලා ගැහුවත්, ඇතුළතින් සිද්ධ වෙන්නේ පරණ දූෂිත මඩගොහොරුවේම සල්ලි හුවමාරු වෙන එක. මේ වගේ සයිබර් අපරාධකරුවෝ පාවිච්චි කරලා දේශපාලකයන් භාණ්ඩාගාරයේ සල්ලි උස්සලා ඒ හොරකං කරපු කළු සල්ලි සුදු කරගන්න එක නතර කරනකම් මේ රටට දෙයියන්ගේම පිහිටයි.
මට තියෙන ලොකුම වේදනාව, මේ හොරකම් කරන්නේ අපි වගේ සාමාන්‍ය මිනිස්සු මහන්සියෙන් හම්බ කරලා ගෙවන බදු මුදල් වීමයි. මුන්ගේ මේ එංගලන්තේ තට්ට කොට මහමොලකරුගේ සයිබර් හොරුන්ගේ ජාලය අල්ලන්න බැරි ආණ්ඩුවක් මොන නීතියේ ආධිපත්‍යයක් ගැන කතා කරනවද මන්දා.
අර ප්ලාන් එක මේ කාලේ.... අර කාලේ කියලා ඕන කෙනකුට කියන්න පුළුවන් මොකද 1977 ඉදලා ලංකාවේ තිබුන බජට් කියෙවුවනම් ඒ යෝජනා කරපුවගෙන් 0.01% වත් කෙරිලා නැ... නමුත් ඕන කෙනෙකුට කියන්න පුළුවන් ඕක යෝජනා උනේ මේ කලේ... රනිල්... මහින්ද... පේමදාස... කියල...
DeleteJVP 1994 ඉදල පාර්ලිමේන්තුවේ... ඉන් පිටත කියපුව තමා මහින්ද කියාත්මක කරේ කියල ඕන කෙනෙකුට කියන්න පුළුවන්...
නමුත් බලන්න ඕනේ වැඩපිළිවල හරියට කරේ හවුරුද කොහොමද කියල... කියන්න ඕනේ තරම් කට්ටිය ඉන්නවා... කරපු හැටි අපි දැක්ක 2022 දී රට බංකොලොත් කරලා....
මෙට්රෝ බස් සේවාව කියන්නේ සුවපහසුවයි තාක්ෂණයයි එකතු කරපු ලස්සන සෝබන වැඩක් වුණාට, ඒකේ යථාර්ථය ඇතුළේ තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට දරාගන්න බැරි බරපතල අසාධාරණයක්. AC එකයි, වෙලාවට වැඩ කරන එකයි, අර ExpoRail වගේ සුපිරි පන්නයේ අත්දැකීමක් බස් එකට ගේන එක හොඳ වුණත්, රුපියල් 30ක සාමාන්‍ය බස් ගාස්තුව වෙනුවට ගාස්තුව රුපියල් 500ක් කිරීම හරියට ප්‍රවාහන මාෆියාවක් වගේ වැඩක් මොකද පාරවල් හැමෝටම අයිති වුණාට මේ සේවාව පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ සල්ලි තියෙන සීමිත පන්තියකට විතරයි. තාක්ෂණයේ නාමයෙන් ඩිජිටල් කාඩ් හඳුන්වා දුන්නත්, සාමාන්‍ය මනුස්සයෙක් තමන්ගේ පඩියෙන් භාගයක්ම මේ වගේ අධික මිලක් ගෙවලා බස් එකේ යන්න සිද්ධ වීම ප්‍රවාහන විප්ලවයකට වඩා නවීන පන්නයේ සූරාකෑමක් විදිහටයි අපට නම් පෙනෙන්නේ.
ReplyDeleteමේ වගේ අධික මිලක් තියෙන සේවාවන් නිසා සාමාන්‍ය බස් සේවාව තවත් අඩාල වීම වළක්වන්න බැහැ. මොකද රජය සහ බලධාරීන් මෙච්චර ලොකු මුදලක් සහ අවධානයක් මේ "ලෝකල් එලයිට්" මෙට්‍රෝ සේවාවට දෙනකොට, සාමාන්‍ය මිනිහා යන බස් එකේ තත්ත්වය දියුණු කරන්න තියෙන උනන්දුව ඉබේම අඩු වෙලා යනවා. අන්තිමට වෙන්නේ සාමාන්‍ය බස් සේවාව හිතාමතාම අනාථ කරලා, මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැති තැනට පත් කරලා, අකමැත්තෙන් හරි මේ රුපියල් 500 සූරාකෑමට නතු කරගන්න එකයි. මේක හරියට පොදු ප්‍රවාහනය කියන අයිතිය සල්ලි තියෙන අයට විතරක් සීමා කරලා, දුප්පත් මිනිහාව පාරේ රස්තියාදු කරන අසාධාරණ ක්‍රමවේදයක්
Deleteරජය සහ පෞද්ගලික අංශය එකතු වෙලා සාමාන්‍ය බස් සේවාව දියුණු කරයි කියලා බලාපොරොත්තු තියන එකත් විහිළුවක්. මොකද මේ වගේ අධික මිලක් තියෙන මෙට්‍රෝ ව්‍යාපෘති ගේන්නේම සාමාන්‍ය සේවාවන් අනාථ කරලා, ඒ හරහා ලොකු ලාභයක් ලබන්නයි. පෞද්ගලික බස් හිමියන් තමන්ගේ ලාභය ගැන විතරක් හිතද්දී සහ රජය පෝසත් පන්තියට විතරක් සේවාවන් සීමා කරද්දී, මැදිරිය ඇතුළේ AC තිබුණත් පාරේ ඉන්න සාමාන්‍ය මනුස්සයා තවත් අසරණ වෙනවා. අවසානයේදී සිද්ධ වෙන්නේ ප්‍රවාහනය කියන මූලික අයිතියත් සල්ලිවලට විතරක් සීමා වුණු, සාමාන්‍ය මිනිහාට පාරේ යන්නවත් ඉඩක් නැති අඳුරු අනාගතයක් නිර්මාණය වෙන එකයි. මේ ගැන ලහිරු මුදලිගේ සහෝදරයා හොඳ විග්‍රහයක් ඉදිරිපත් කරලා තියෙනවා.
Deleteඕනෑම රටක පොදු ප්‍රවාහනය කියන්නේ වෙළෙඳ භාණ්ඩයක් නෙවෙයි, ඒක මූලික මහජන අයිතියක්. හැබැයි මේ රුපියල් 500 මෙට්රෝ බස් සේවාව හරහා වෙන්නේ දැන් ලංකාවේ අධ්‍යාපනය සෞඛ්‍ය සේවා වලට වගේම ප්‍රවාහනයත් සල්ලි තියෙන පන්තියට විතරක් සීමා කරන එකයි. 2001 යළි පුබුදමු ඉඳන් ආපු මේ නව ලිබරල්වාදී කුමන්ත්‍රණය ඇතුළේ කරන්නේ පොදු ප්‍රවාහනය හිතාමතාම කඩාවට්ටලා, සාමාන්‍ය ශිෂ්‍යයාට සහ වැඩකරන ජනතාවට බස් එකේ යන්න තියෙන අයිතිය උදුරා ගන්න එක. එදා දූෂිත රාජපක්ෂ රෙජීමය ExpoRail හරහා රේල් පීල්ල පෞද්ගලිකකරණය කරන්න හැදුවා වගේම, අද මෙට්රෝ නාමයෙන් පාරවල් ටික පෝසතුන්ට විතරක් සින්න කරලා දෙන්න හදන මේ ප්‍රවාහන වර්ණභේදවාදයට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය විදිහට අපි අනිවාර්යයෙන්ම පෙළගැසෙනවා. මේක දියුණුවක් නෙවෙයි, තාක්ෂණය පෙන්වලා සාමාන්‍ය මිනිහගේ සාක්කුවට විදින සංකීර්ණ සූරාකෑමක්.
"සාමාන්‍ය මිනිහා යන බස් එකේ තත්ත්වය දියුණු කරන්න තියෙන උනන්දුව ඉබේම අඩු වෙලා යනවා."
Deleteලෝකේ තරගකාරිත්වය කියන්නේ එක තමා හොද සේවාවක් ආවම මිනිස්සු එකට යනවා... එහෙම නැත්නම් මේ මෝඩ කතාවේ හැටියට කට්ටිය කියන්න පුළුවන් ඉස්සර අපි කරත්තෙන් ගියේ මේ බස් නිසා අපේ පරණ කරත්තෙ විනාස වෙනවා කියල...
මේ මෝඩ comment දාන කට්ටිය දන්නේ නැ ලෝකේ දියුණු වෙනවා කියලා...