වෙබ් ලිපිනය:

Wednesday, April 5, 2023

ලංකාව හා අසල්වැසියෝ

ලෝක බැංකු වෙබ් අඩවියෙහි 1960 වසරේ සිට රට රටවල ඒක පුද්ගල ආදායම් පිළිබඳ දත්ත තිබෙනවා. 1960 වසර සඳහා දත්ත තිබෙන ආසියානු රටවල් 15ක් අතරින් ලංකාව සිටින්නේ 7වන තැනයි. ලංකාවට ඉහළින් සිටින රටවල් අතරින් ලංකාව නිදහස ලබද්දී ලංකාවට පහළින් සිටි රටක් ඇත්නම් ඒ දකුණු කොරියාව පමණයි.

1960

ජපානය- 475.3

සිංගප්පූරුව- 428.1

හොංකොං- 424.1

පිලිපීනය- 263.8

මැලේසියාව- 244.6

දකුණු කොරියාව- 158.3

ශ්‍රී ලංකාව- 142.8

කාම්බෝජය- 115.0

තායිලන්තය- 103.8

චීනය- 89.5

බංග්ලාදේශය- 84.8

ඉන්දියාව- 83.0

පකිස්ථානය- 81.6

ඇෆ්ඝනිස්තානය- 62.4

නේපාලය- 50.0

කෙසේ වුවත්, 1978 වසර වන විට තායිලන්තය මෙන්ම ඉන්දියාව, පකිස්ථානය හා ඇෆ්ඝනිස්තානයද ලංකාව පසු කර ඉදිරියට ගිහින්. දැන් චීනයත් ලංකාව පසු කර ගිහින්.

හැබැයි 2021 වන විට ලංකාව නැවතත් ඉන්දියාව, පකිස්ථානය මෙන්ම ඇෆ්ඝනිස්තානයද පසුකර ඉදිරියට ගිහින්. ඒ විතරක් නෙමෙයි පිලිපීනයද පසු කරලා. 

2021

සිංගප්පූරුව- 72,794.0

හොංකොං- 49,800.5 

ජපානය- 39,312.7

දකුණු කොරියාව- 34,997.8

චීනය- 12,556.3

මැලේසියාව- 11,109.3

තායිලන්තය- 7,066.2

ශ්‍රී ලංකාව- 4,013.7

පිලිපීනය- 3,460.5

බංග්ලාදේශය- 2,457.9

ඉන්දියාව- 2,256.6

කාම්බෝජය- 1,625.2

පකිස්ථානය- 1,505.0

නේපාලය- 1,208.2

ඇෆ්ඝනිස්තානය- 368.8

එකම කාලයක නිදහස ලැබූ ඉන්දියාව, පකිස්ථානය හා ලංකාව යන රටවල් තුනම මුල් කාලයේ අනුගමනය කළේ සමාජවාදයට බර වූ සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක්. ලංකාව වැනි කුඩා රටකට සාපේක්ෂව ඉන්දියාව වැනි විශාල රටකට සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක හානිය අඩුයි. ඒ නිසා, දෙරටම සංවෘත ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරද්දී ලංකාව ඉන්දියාවට සාපේක්ෂව ටිකෙන් ටික පස්සට ගියා (එකම හේතුව නොවුනත්). 1978 වන විට ඒක පුද්ගල ආදායම අනුව ඉන්දියාව මෙන්ම පකිස්ථානයද ලංකාවට වඩා තරමක් ඉදිරියෙන් සිටියා. 

1978

ශ්‍රී ලංකාව - 188.1

ඉන්දියාව - 206.1

පකිස්ථානය - 238.2

ලංකාව ඉන්දියාවට හා පකිස්ථානයට පෙර, 1977දී, ආර්ථිකය සාපේක්ෂව නිදහස් කළා. ඒ එක්කම ලංකාවේ ඒක පුද්ගල ආදායම ඉන්දියාව හා පකිස්ථානය පසු කර වේගයෙන් වර්ධනය වුනා. 1998 වන විට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඉන්දියාවේ හා පකිස්ථානයේ එම අගයයන් මෙන් දෙගුණයක් වෙලා.

1998

ශ්‍රී ලංකාව - 850.8

ඉන්දියාව - 412.5

පකිස්ථානය - 427.5

ලංකාවට වඩා වසර 15කට පමණ පසුව වුවත්, ඉන්දියාවද ආර්ථිකය විවෘත කළා, ඉන්පසුව ඉන්දියාවද ලංකාවේ වේගයෙන්ම වර්ධනය වුනා. එහෙත්, ඉන්දියාවට වඩා වසර පහළොවක් ඉක්මන් වීමේ වාසිය තවමත් ලංකාවට තිබෙනවා.

ඉන්දියාවේ ආර්ථිකය විවෘත කළ කාලයේම පකිස්ථානයේ ආර්ථිකයද විවෘත කළත් වසර දෙක තුනකින් පසුව බෙනාසීර් භූතෝ විසින් නැවතත් එම ප්‍රතිපත්තිය ආපසු හරවනු ලැබුවා. පකිස්ථාන ආර්ථිකයේ ඉන්දියාව හා සැසඳිය හැකි වෙනස්කම් සිදු වුනේ තවත් වසර දහයකට පමණ පසුවයි. 

හැත්තෑ හතේදී ලංකාවේ සිදු වුනු වෙනස්කම් ඉන්දියාව තුළ සිදු වුනේ අනූ එකේදී. පකිස්ථානයේනම් දෙදාහේදී. රටවල් තුනේ ඒක පුද්ගල ආදායම් සැසඳූ විට මේ ප්‍රමාද වීමේ අවාසිය හොඳින්ම දකින්න පුළුවන්.

වඩා වැදගත් හැකි ඉක්මණින් අවදි වී ගමන පටන් ගන්න එකයි. නමුත්, එහෙම කළත්, කලින්ම ගමන පටන් ගත් අයව අල්ලන එක ලේසි නැහැ. 

(සියලුම ගණන් ඇමරිකන් ඩොලර් වලින්)

4 comments:

  1. පොඩි කාලේ ඉඳලම හරියට ළමයි නොහදන නිසා තමයි ලංකාව වගේ රටකට ඔය වෙච්ච කෙළිය වෙලා තියෙන්නේ.

    ලංකාවේ පාසැල් වල කරන්නේ ලමයින්ගේ කොඳු කඩන එක දේශපාලකයන්ට ගුරුවරුන්ට දනගස්සලා වන්දනව වගේ මොට්ට වැඩ.

    නමුත් මේ ගුරුතුමිය හා සිසුන් වෙනස් දෙයක් කරන්න උත්සාහ කරනවා වගේ නේද?

    පෑනක් රීෆිල් කරන එක නෙවෙයි කරන්න ඕන මම නම් හිතන්නෙ.. පෑනක් පාවිච්චි කරන්න පුලුවන් මාසයක් හෝ දෙකක්.. ඒ මාස දෙකට හරියන විදිහට පෑන නිර්මානය වෙන්න ඕන.. ඇත්තටම බැලුවොත් කාබන් පෑනක් අවුරුදු 5ක් වගේ පාවිච්චි කරන්න පුලුවන් විදිහට හදල බටේ මාසෙන් ඉවර වෙනව.. කඩදාසි වගේ දෙයක් යොදාගෙන පෑනක් රුපියල් 5ක විතර මුදලකින් හදන්න පුලුවන් නම් බට මාරුකරන්න දගලන්න ඕන නෑ නේද?

    මේක බලන්න

    Here's the original post!

    https://www.facebook.com/100000720443438/posts/6498967273470556/?mibextid=Nif5oz

    ReplyDelete
  2. ඔහොම තමයි ඉතින් ටසිරිලක පොලිතීසියන්වරු විතරක් නෙවෙයි ගොඩක් උගතූන් කියාගන්න උන්, සමහරක් මහාචාර්යවරු ආණ්ඩුවේ නිලධාරීන් කලවැදි හමුදා නිලධාරීන් ආගමික පූජ්‍ය පක්ෂයේ කට්ටිය විතරක් නෙමෙයි හිටපු විගණකාධිපති පවා ඔය වගේ පදනමක් නැති විවිධාකාර මනස්ගාත මතවාද සමාජගත කරලා තියෙන්නේ ඒවා වෙනස් කරන්න හරි අමාරුයි නමුත් ඉකොනොමැට්ටා මේ වගේ දේවල් ප්‍රශ්න කරන එක ගැන මමත් සතුටුයි facts based මතවාද සංවාදයට බදුන් විය යුතු යි ඉකොනොමැට්ටා මේ බ්ලොග් එකෙන් කියන දේවල් දැඩිලෙසප්‍රශ්න කිරීමටත් භාජනය වී සාකච්ඡාවෙන් සම්මුතියෙන් සමාජ ගතවිය යුතුයි මොකද එක පුද්ගලයෙක්ට වැරදුනා උනත් සමූහයකට වරදින්න තියෙන චාන්ස් එක අඩුයි නේද? මට හිතෙන්නේ එහෙමයි

    පහුගිය කාලේ අනුර කුමාර දිසානායක මාලිමාවේ ලොක්ක කෘෂිකර්ම ඇමති විදියට මාස කීපයක් කෙටි කලක් හිටපු කාලේ ලංකාවේ වී අස්වැන්න අම්බානක වැඩි කලා මිල්කෝ එක අධික ලෙස ලාබ කලා කියලා කෙබරයක් සමාජ ජාල වල දාල හිටපු කෘෂිකර්ම අමාත්‍යාංශයේලේකම් කියලා ගෝතයෙක් ගජ බින්න ටිකක් අතහැරිය විට බුකියේ ගොඩක් අය ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ රෙකෝඩ් වලින් සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්නුවා ඒකේ තියෙන බොරු බයිලා බව ඒ අනුව ලංකාවේ වී අස්වැන්න වැඩිවෙලා තියෙන්නේ යුද්දෙන් පස්සෙ උතුරේ මහවැලි කලාපයේ ඉඩම් ජලසම්පාදන වැඩි වීමත් එක්ක මිල්කෝ එක වැඩියෙන් ලාබ ලබා බලවත් වෙලා තියෙන්නේ සීඩී රත්නායක නාකියා යටතේ නන්දසේනගේ කාලේ ලාබ ලැබුවේ තරගයක් නැති නිසා නමුත් අරක තරගකාරී ලෙස ලාබ ලබපු කාලයක්

    ඒ නිසා මම හිතන්නේ ලංකාවේ politics කරන එවුන්ට ලංකාවේ එවුන්ව අන්දන එක nothing. ඕකුන් අනිවා පොඩි මයිනා කියන පර බල්ලවත් (නාමලුත්) ඔය රටේ ජනාධිපති කරන එක කරනවා දැන් බුකියේ බැන බැන හිටියට, ඔන්න බලපන් බොරුනම්, ඕකුන් ඔක්කොම එකම කල්ලියක් මාලිමාවේ නායක ලප රිලවා රනිල් හාමුට බදු වැඩි කර ගන්න ලයිට් බිල වැඩි කරන්න අවශ්‍ය වාතාවරණයක් හදන්න බොරුවට පහුගිය කාලෙ ප්‍රාදේශීය සභා ඡන්දේ ප්‍රමෝට් කරලා බොරු නාඩගමක් නැටුවා, ආයේ තව ටික දවසකින් තව නැටුමක් නටයි ඒ අස්සේ වසන්ත මුදලිගේ ගොන් වැද්දා හිරේ ඇතුලට ගිහින් ආයේ එලියට එනවා සැරින් සැරේ මෝඩ මීහරක් ටිකක් ෆෝම් කරනවා පාරේ ගිහින් විලාප තියලා නාලා එන උන් සෙට් එකක්... ඒ අස්සේ සජිත් ජලනි බලවේගයේ නායක පුතාණෝ මලහොල්මන රනිලා එක්ක ඩීල් එකක් දාලා ෂේප් එකේ අගමැති වෙලා ලෝ රිස්ක් ගේමක් දෙන්න හදනවා රනිලාගේ පැත්තට වගකීම බාර දීලා, පොහොට්ටු හොර රැලේ උනුත් එක එක ජල්තර දානවා ඊළඟ ඡන්දේ සීට් එක බේරා ගැනීමට බූරුවංස ගම්මන්පිල වාසිදේව කල්ලිය සිරිසේන ගමරාලගේ එල්ලිලා ඉන්න ගමන් තවත් ගේමක් දෙන්න ට්‍රයි එකක් දෙනවා චීන සමූහාණ්ඩුවේ ආධාර උපකාර මත... රටේ පාලනය බාර ගන්න පොනීල් තරම් වත් හැකියාවක් ඇති එකෙක් වත් නෑ, පාටලී හරි පොඩි මයිනර් (නාමෝල් හොරා) හරි තමයි ඊළඟට ගේම ගහන්න තරමක් හරි ගට්ස් තියෙන බව පේන්නේ අනිත් උන්ගේ බොරු කයීයයි පඩ ගඳයි පොයියයි ගජබින්නයි විතරයි මෙලෝ හසරක් ඇති බවක් පෙනෙන්නට නැත රටින් පිට පලයව් පුළුවන් නම් එච්චරයි කියන්න තියෙන්නේ

    ReplyDelete
  3. දැන් මේ දත්ත දකින අයම විවෘත ආර්ථිකය හොඳ නැහැ කියනව නේද? ලංකාවේ විවෘත ආර්ථිකය ඇති කරපු විධිහ වැරදි නැත්ද? චීනය , ජර්මනිය වගේ රටවල් වලත් විවෘත ආර්ථිකය ක්‍රියාත්මක වුනේ ඒ විධිහටමද?

    ReplyDelete
  4. මුණින් නැවූ හිස් කළයක්
    උඩට වතුර වැක්කෙරුවත්
    ඇතුළට එක බිඳුවක්වත්
    යන්නේ නැහැ කවදාවත්

    ගණන් හිලව් දැක-දැකමත්
    ඇත්ත ඇහේ ඇනෙද්දිමත්
    සිරිලක ඇත්තෝ සිරිමත්
    එයින් පලක් නම් නොගනිත්!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: