වෙබ් ලිපිනය:

Sunday, September 29, 2024

බිත්තර මිල අඩු වෙද්දී බිත්තර ආප්ප මිල අඩු නොවෙන්නේ ඇයි?

 



බිත්තර ආප්ප වැනි කිසියම් නිෂ්පාදනයක් සඳහා යොදා ගන්නා බිත්තර වැනි අමුද්‍රව්‍යයක මිල වැඩි වෙද්දී අදාළ නිෂ්පාදනයේ මිල වැඩි වන නමුත් අමුද්‍රව්‍ය මිල අඩු වෙද්දී එසේ වැඩි වූ මිල නැවත පෙර මට්ටමටම නොපැමිණෙන්නේ ඇයි?

කෙටි පිළිතුර, මීට හේතුව උද්ධමනය බවයි. එහෙමත් නැත්නම් උද්ධමනය කියන්නේ මෙයට බවයි.

එහෙමනම් දැන් උද්ධමනයක් නැති තත්ත්වයක් යටතේදී, බිත්තර මිල අඩු වෙද්දී බිත්තර ආප්ප මිල අඩු නොවෙන්නේ ඇයි?

නැවතත් කෙටි පිළිතුරක් ලබා දුනහොත්, බිත්තර ආප්ප මිල ඉහළ ගියේ උද්ධමනය පැවති විටයි. එම මිල අඩු වීමටනම් ඊට සමාන අවධමනයක් සිදු විය යුතුයි. උද්ධමනය නැවතීම ප්‍රමාණවත් නැහැ. උද්ධමනය කියන්නේ රටේ සමස්ත මිල ආකෘතියම උස් තැනක ස්ථානගත වීමක්. එසේ ස්ථානගත වන මිල ආකෘතිය උද්ධමනය පාලනය කිරීමෙන් පසුව නැවත පහත වැටෙන්නේ නැහැ. 

කලින් සැලසුම් කර උද්ධමනය වලක්වා ගත යුත්තේ ඒ නිසා. අස්සයා පැන ගියාට පසුව ඉස්තාලය වැසීම මගින් කළ හැක්කේ පැන නොගිය අස්සයින්ද පැන යාම වලකා ගැනීම පමණයි. ගිය අස්සයා ගිහින් ඉවරයි. නැවත ආපසු එන්නේ නැහැ. 

පහත ලිපිය 2018 මැයි 11 පළ කළ ලිපියක්. දැන් කියවද්දී තවත් සරල කර ලිවුවානම් හොඳයි කියා හිතුණත් ඒ සඳහා වෙලාවක් වෙන් කරන්න අසීරු නිසා එලෙසම පළ කරනවා.

12 comments:

  1. හේතුව උද්දමනයනම් බිත්තර මිල අඩුවෙන්නෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. මේකේ විස්තර කරලා තියෙන්නේ බිත්තර ආප්ප මිල අඩු නොවෙන්නේ ඇයි කියන එක. බිත්තර මිල අඩු වීමට හේතුව නිෂ්පාදනය වැඩි වීම කියලයි කියන්නේ. දත්ත නැති නිසා හරියටම කියන්න බැහැ. උද්ධමනයක් නැතත් ඉල්ලුම හා සැපයුම මත භාණ්ඩ වල මිල අඩු වැඩි වෙනවා. නමුත් සමස්තයක් ලෙස එම අඩු වැඩි වීම් බැලන්ස් වෙනවා. බිත්තර අඩු වෙද්දී පොල් වැඩි වෙනවා වගේ.

      Delete
    2. රුපියල් 5ක් 10ක් අඩු උනානම් එහෙම හිතන්න තිබුන. මෙතන වෙන මොකක් හරි තියෙනව වගෙයි. ඉල්ලුම අඩු වීමනම් හේතුව බිත්තර ආප්ප වලටත් ඉල්ලුම අඩුවෙලා මිල පහල යන්න ඕන.

      Delete
    3. සිදු වුනේ සැපයුම වැඩිවීමක්නම් වෙන්න පුළුවන්නේ. බිත්තර ආප්ප වල සැපයුම වැඩි වීමක් වෙලා නැහැනේ. බිත්තර තියා ගන්න බැරි නිසා සැපයුම තරමක් වැඩි වූ විට මිල විශාල ලෙස පහත වැටෙනවා. වට්ටක්කා, තක්කාලි වගේම තමයි.

      Delete
    4. ඔව්.එහෙම දෙයක් තමයි හිතන්න වෙන්නෙ. හැබැයි එහෙම වෙන්නනම් දිගටම මේ මිල මට්ටම තියෙන්න ඕන

      Delete
    5. නෑ. මිල අඩු වුනාම ඉල්ලුම ටිකෙන් ටික ඉහළ යනවා. එවිට නැවත මිල ඉහළ යනවා. එකවරම සැපයුම වැඩි වුනාම ඒ හදිස්සියට ඉල්ලුම වැඩි නොවන නිසයි මිල මේ වගේ අඩු වෙන්නේ.

      Delete
    6. සැපයුම ඉහල යෑම තමයි මම හිතන්නෙ ක්‍රමිකව සිද්ද වෙන්න පුලුවන් කාරනය. නිශපාදනය වැඩි කිරීම එකපාරටම වෙලා එකපාරටම නිශ්පාදනය දෙගුනයක් වෙන්න විදියක් නැහැනෙ.
      හැබැයි සැපයුම ඩබල් උනොත් ඉල්ලුම ඉතාම ඉක්මනින් වැඩි වෙනව.

      Delete
    7. සැපයුම ඉහළ යාම කියන්නේ නිෂ්පාදනය වැඩිවීම තමයි. නැත්නම් කොහොමද සැපයුම වැඩි වෙන්නේ? කාබනික පෝර තීරණය නිසා කුකුළු කෑම මිල විශාල ලෙස මිල වැඩි වුනා. බිත්තර නිෂ්පාදන පිරිවැය ඉහළ ගිහින් නිෂ්පාදකයින්ට පාඩු වෙද්දී කිකිළියන් මසට විකිණුවා. ඉන් පසුව, බිත්තර සැපයුම අඩු වී මිල විශාල ලෙස ඉහළ ගියා. එයින් නිෂ්පාදකයින් නැවත උනන්දු වුනා. නමුත් කිකිළියන් බිත්තර දමන මට්ටමට එන්න යම් කාලයක් යනවා. බොහෝ දෙනෙක් එක වර වැඩේ පටන් ගැනීම නිසා සැපයුම එක වරම වැඩි වෙනවා. නමුත් මිල ඉහළ යාම නිසා අඩු වූ ඉල්ලුම වැඩි වෙලා නැහැ. ඒ නිසා ක්ෂණිකව මිල විශාල ලෙස පහත වැටෙනවා. දැන් මිල අඩු නිසා ඉල්ලුම ඉහළ යයි. එවිට මිල අතරමැද තැනකට ඇවිත් ස්ථාවර වෙයි.

      Delete
    8. බිත්තර දාන්න තරමට කිකඉයෙක් ලොකු වෙනව දවස් 70කින් විතර. මහ ලොකු කාලයක් යන්නෙ නෑ.
      මම කියන්නෙ එකම දවසෙ වගෙ ලොකු පිරිසක් ආපහු කුකුල්ලු ඇති කරන්න පටන් ගත්ත කියන එක පොඩ්ඩක් පිලිගන්න අමාරුනෙ. එහෙමනම් ලන්කාව්ම පාලනය කරන ලොකු ෆාම් එකක් අලුත් බැච් එකක් බිත්තර දාන්න පටන් ගන්න ඕන.

      Delete
    9. දත්ත අතේ නැතිව මට ඔය ගැන කිසිවක් ස්ථිරව කියන්න බැහැ. වෙන්න පුළුවන් දේවල් පමණයි. බිත්තර මිල ගොඩක් ඉහළ ගිහින් බිත්තර ආනයනය කරන්න පටන් ගත්තේ මතක විදිහට සිංහල අවුරුද්ද ආසන්න කාලයේදී. බිත්තර දමන කිකිළියක් බිත්තර දමන්න පටන් ගන්න සති 16-24 අතර කාලයක් යනවා. ඒ කියන්නේ මාස 4-6 පමණ. ඔය වගේ ආයෝජනයක් ගැන හිතලා වැඩේ පටන් ගන්නත් මාසයක් දෙකක්වත් යනවා. ඒ නිසා මිල ඉහළ දමපු එකට ප්‍රතිචාරයක් ලෙස බිත්තර සැපයුම ඉහළ යාම දැන් සිදු වෙන එක විය හැකි දෙයක්.

      Delete
  2. බඩේ බිජු තියන් හිටි අය වැඩි රටක
    ඔහොම වෙන්න ඉඩ තිබ්බා පෙර කලෙක
    බහිනවාලු කොමිසුත් නැති කාලයක-
    හෙමින් දිසෙයි අරුණලු කැන් දියුණුවක

    ReplyDelete
  3. ඉකොනොමැට්ටා EconomattaMay 4, 2020 at 9:33 AM

    මොනව කරන්නද, ඇනෝ? ලංකාවේ ජනාධිපතිකම වගේ තනතුරකට කෙනෙක් හොයන වෙලාවකවත් මඩ හෝදාගෙන ගොඩ එන්න චාන්ස් එකක් එයි නේද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: