මේ වන විට ජනාධිපතිවරණයේ අවසන් නිල ප්‍රතිඵල නිකුත් වී අවසන්. රටේ ව්‍යවස්ථා නීතිය අනුව එම ධුරයට තේරී පත්ව සිටින්නේ අනුර කුමාර දිසානායකයි. රටේ ප්රජාතන්ත්රවාදී සම්ප්රදායේ ශක්තිය ලොවට පෙන්වමින් තවත් වරක් ඉතා සුමට බල හුවමාරුවක් සිදු වෙමින් පවතිනවා.
අනුර කුමාර දිසානායක මෙම ජනාධිපතිවරණ තරඟය ජය ගන්නේ ඉතා අසීරු හා තියුණු සටනකින් පසුවයි. මෙහිදී ඔහුගේ කඳවුර විසින් යොදාගත් උපාය මාර්ග කිසිදු අයුරකින් ලංකාවේ දේශපාලන පක්ෂ විසින් සම්ප්‍රදායිකව මැතිවරණ වලදී යොදා ගත් උපාය මාර්ග වලට සම කළ නොහැකියි. ඔවුන් ඔවුන්ගේ ප්රජාතන්ත්රවාදී නොවූ ඔවුන්ගේ අතීත භාවිතාව තුළ සාර්ථකව භාවිතා කළ ඇතැම් සාර්ථක උපාය මාර්ග ප්රජාතන්ත්රවාදී දේශපාලනයට රැගෙන එමින් සහ නූතන තාක්ෂණයේ උදවු ලබා ගනිමින් ඉතා ප්‍රතිඵලදායක මහජන සන්නිවේදනයක් සිදු කළා.
කෙසේ වුවද, අනුර කුමාරගේ ජයග්‍රහණයට හේතු වූ ප්‍රධාන සාධකයක් වූයේ ප්‍රතිවිරුද්ධ කඳවුර තුළ වූ බල සංයුතියේ ස්වභාවයයි. මීට පෙර ලංකාවේ පැවති සෑම ජනාධිපතිවරණයකදීම දැකිය හැකි වූ පැහැදිලි ද්වි-ධ්රැව විභේදනය මෙවර එලෙසින්ම සිදු වුනේ නැහැ. මාලිමා කඳවුර ඇතුළු තවත් බොහෝ දෙනෙකු විශ්වාස කළේ මෙවරද පෙර මෙන්ම එම ද්වි-ධ්රැව විභේදනය සිදු වනු ඇති බවයි.
අනුර කුමාර විසින්ම සඳහන් කළ පරිදි ඔහුගේ දැඩි විශ්වාසය වූයේ ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය ඉතා අඩු මට්ටමකට නොවැටේනම් එය 50% මට්ටම ඉක්මවීම පිළිබඳ කිසිදු සැකයක් නැති බවයි. මෙය සමාජවාදී පක්ෂ වල සාමාජිකයින් කාලයක් පුහුණු වී සිටින චින්තනයේ ස්වභාවය නිසා ඔවුන් ලෝකය තේරුම් ගන්නා ආකාරය වෙන්න පුළුවන්.
මහ පොළොවේ පවතින තත්ත්වය දැකීම ඇස් කණ තිබෙන ඕනෑම කෙනෙකුට කළ හැකි දෙයක්. අසීරු කාර්යය වන්නේ මහ පොළොවේ පවතින තත්ත්වයෙන් දැකීමෙන් පසුව ඒ මත පදනම්ව එයින් ඔබ්බට දේවල් දැකීමයි. එසේ දැකිය හැකි වූ ඇතැම් අයට මෙවර ජනාධිපතිවරණ තරඟයේ ස්වභාවය නිවැරදිව හඳුනා ගත හැකි වුණා.
අනුර කුමාර මුල් වටයේ ජයග්‍රාහකයෙකු වීම මෙන්ම 50% සීමාව නොඉක්මවීමද බොහෝ දුරට ගණිතමය යථාර්තයන් ලෙස ලියැවී තිබුණු දේවල්. එම තත්ත්වය තුළ ජනාධිපතිවරණ ප්‍රතිඵලය කෙරෙහි බලපෑ හැකි තීරණාත්මක සාධකය වී තිබුණේ රනිල් වික්‍රමසිංහ විසින් ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතයයි. මේ හේතුව නිසා අප මුල සිටම ඒ පිළිබඳව විමසිලිමත්ව සිටියා. මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහි රනිල් වික්‍රමසිංහ විසින් ලබා ගත් ඡන්ද ප්‍රමාණය බලපා ඇති ආකාරය දැන් ඕනෑම කෙනෙකුට දැකගත හැකියි. ප්‍රතිඵලය මහ පොළොවට වැටුණු පසු කාටත් පැහැදිලිව පේනවා.
මෙතෙක් ලංකාවේ ජනාධිපතිවරණ තරඟයක් ජයගත් සෑම අපේක්ෂකයෙකු විසින්ම 50% සීමාව ඉක්මවීමට සමත්ව තිබෙනවා. මෙහි වාසිය වනුයේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්රකාශනයට 50%ක ජනතා අනුමැතියක් හිමිව ඇති සේ සැලකිය හැකි වීමයි. මෙහි නෛතික හා සදාචාරත්මක සිද්ධාන්තය වන්නේ අදාළ ප්‍රතිපත්ති ප්රකාශනය ජනමත විචාරණයකට ඉදිරිපත් කර ඒ සඳහා 50%ක අනුමැතිය ලබා ගත් සේ සැලකිය හැකි වීමයි. අනුර කුමාර දිසානායක ජනාධිපති සේ තේරී පත් වන්නේ මෙම වාසිය නොමැතිවයි.
කෙසේ වුවත්, බොහෝ කරුණු හා අදාළව ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාගේම ප්‍රතිපත්ති වල ඒකමිතියක් තිබීම අපට දැකිය හැකි තත්ත්වයක්. උදාහරණයක් වශයෙන්, ප්‍රතිවාදීන් කවර විවේචන සිදු කළත්, මාලිමා කඳවුරේ වගකිව යුතු අය මැතිවරණ සමයේදී පැහැදිලිව සඳහන් කළේ දැනට ක්‍රියාත්මක ආර්ථික ස්ථායීකරන වැඩපිළිවෙළ සාර්ථකව දිගටම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඔවුන්ද පෙනී සිටින බවයි.
මාලිමා අපේක්ෂකයෙකු ජනාධිපති සේ පත් වීම හා අදාළව බොහෝ අයට තිබුණු එක් කණස්සල්ලක් වූයේ ඔවුන්ගේ කණ්ඩායමට ප්‍රමාණවත් පළපුරුද්දක් නොමැති බවයි. මෙය බොරුවක් නොවුනත් විශාල ප්‍රශ්නයක් නෙමෙයි. එක් අතකින් මාලිමා (ජවිපෙ) මන්ත්‍රීවරුන් කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභා ආදියෙහි කටයුතු කර තිබෙනවා. අනෙක් අතින් ඕනෑම කෙනෙකුට යම් දෙයක් අලුතෙන් කරද්දී යම් හැදෑරීමක් කරන්න වෙනවා. ඒ සඳහා අවශ්‍ය වන්නේ කැපවීමයි.
අනෙක් ප්‍රධාන ප්රශ්නය රටේ ආර්ථිකය නිවැරදි ලෙස කළමනාකරණය නොකිරීම නිසා නැවත වරක් සියල්ලන්ටම විඳවන්නට සිදු වේද යන්නයි. රටේ ආර්ථික ස්ථායීත්වය සදහා අවශ්‍ය වන්නේ හොඳ වැඩ පිළිවෙලක්. එය ක්‍රියාත්මක කරන නායකත්වය වෙනස් වූ පමණින් ආර්ථිකයක් අස්ථායී වන්නේ නැහැ. විශේෂයෙන්ම මාලිමාව හා අදාළව ගත් විට ඔවුන් වරද්දා ගන්නා තෙක් බලා සිටිනා පිරිසක් සිටිනා බැවින් ඔවුන් අඩු වශයෙන් යම් කාලයක් යන තුරු ඇල් වතුරත් නිවා බොන ස්ථාවරයක සිටිනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.
නව ජනපති අනුරට මුහුණ දෙන්නට සිදුවන ප්‍රධානම අභියෝගය ලෙස මා හඳුනා ගන්නේ ආර්ථික කළමණාකරණය නොව දේශපාලන කළමනාකරණයයි. ඔහුව තෝරා පත් කරගෙන සිටින පිරිස විවිධ අපේක්ෂා ඇති ඉතාම විෂමජාතීය පිරිසක්. මාලිමා කඳවුරේ ප්‍රධාන ඉල්ලීම වුයේ "අප කෙරෙහි විශ්වාසය තබන්න" යන්නයි.
දැන් 42%ක පිරිසක් විසින් ඉල්ලා සිටි අයුරින්ම මාලිමා කණ්ඩායම කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. රටේ ජනපතිගේ ඉලක්කය විය යුත්තේ එම 42%ක පිරිසගේ විශ්වාසය නොබිඳිමින්, යම් හේතුවක් නිසා තමන් කෙරෙහි විශ්වාසය නොතැබූ 58%ක කණ්ඩායමේද විශ්වාසය දිනා ගැනීම සදහා කටයුතු කිරීමයි. අනුර ඇතුළු කණ්ඩායම සතු දේශපාලන පළපුරුද්ද මේ සඳහා උදවුවක් විය හැකි නමුත් මෙය අභියෝගාත්මක කටයුත්තක්. ඊට සාපේක්ෂව බැලූ විට ආර්ථිකය කළමනාකරණය කර ගැනීම වඩා පහසු තාක්ෂනික වැඩක්.
නව ජනපතිට අපේ සුබ පැතුම්!
සුබ පැතුම් නෙවෙයි ඉකොනෝ ඇත්තටම රනිල් ඇතුලේ ගහල තියෙන ගැට ලෙහන්න අනුර ගිය ඉස්කෝල මදි වෙයි..
ReplyDeleteඉංදියාව ඇමරිකා එක්සත් ජනපදය එක්ක තියෙන ඩීල්, භාරත ඉන්දු ඇමරිකන් ඉන්දීය සාගර භූ දේශපාලන ඩීල්බැලැන්ස් කරල ගේම ගහන්න ලේසි නැහැ,
අයි එම් එෆ් එක එක්ක ගහල තියෙන ගැට එක්ක සුලුතර රජයකට අර පණත් කීපයක්ම වෙනස් කරන්න අමාරුයි නේද?
අන්තිමට පුද්ගලිකරණය කරන එක ඔය වෘත්තිය සමිතිකාරයන් අතින්ම කරවන්න වෙන්නේ, විශේෂයෙන්ම ලොකුම ප්රශ්නය තමයි දැනට පවතින දාහත්වන අයිඑම්එෆ් මූල්‍ය අරමුදලේ ගිවිසුම මීට පෙර ඒවා වගේ නෙවෙයි ඉතාම බරපතල ගැටයකට අහුවෙලා ඉන්නේ රටම, අපි කොච්චර අකමැතිම වුණත් මේ සැරේ ගහල තියෙන අයිඑම්එෆ් ගැටෙන් ගැලවෙන්න හරිම අමාරුයි, කොටින්ම කිව්වොත් මේ සැරේ IMF ගිවිසුම කඩන්නම බැහැ.
අනුරත් ඒක කියනවා එයා IMF ගිවිසුම සංශෝධනය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගෙන මූල්‍ය අරමුදල එක්ක සාකච්ඡා කරලා වඩාත් මානුෂීය ලෙස එහි ඇති දැඩි සහ රටට හානිකර කොන්දේසි හැකි උපරිම ලෙස ලිහිල් කිරීමට උත්සාහ දරන බවත් එසේ කරමින් වඩාත් ජනතාවාදී ලෙස එය ඉදිරියට ක්‍රියාත්මක කරනව කියල.
ඒකේ තියෙන විදුලිබල මණ්ඩලය පුද්ගලිකරණය කිරීම, ඉන්දීය අමුල් ආයතනය සමග මිල්කෝ පුද්ගලිකරණය, ශ්‍රී ලංකන් එයාලයින්ස් පුද්ගලිකරණය වගේ දේවල් ගොඩක්ම කරන්න තියෙනව.
ඒ වගේම රනිල් ඩීල් දාල තියෙන
ඉන්දියාව එක්ක ගිවිසගත්ත ගිවිසුම් තියෙනව චීනයේ හ්වාවි (Huawei) එකට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජයේ 51% ක කොටස් විකිණීමේ ඩීල් එක කරන්න ඕන, ඒවා හ්වාවී එකට
දෙන්න ගහපු ගිවිසුම් පවා දැනට අත්සන් කරල තියෙනව ඒව ක්‍රියාත්මක කරන්න වෙයි. ඒවයින් අනුරගේ ජනප්‍රියත්වයට කෙළවෙයි ඒත් එක පැත්තකින් ඒක කරන්න අනුරට ලේසියි වර්ජනය කරන කට්ටිය ඉන්නෙත් එයා ලගමනෙ.
ආන් ඒකයි අනුර අසාර්ථක උනොත් අසාර්ථක වෙන්නේ. නැතුව අනුරගේ සහා මාලිමා දේශපාලකයන්ගේ නොහැකියාවක් නිසා එහෙම නෙමෙයි.
Deleteඅනුරට කලින් කෙහෙල් කැණ වැට පැනලා වගේ.
ලංකාව අවුරුදු 100ක් ආපස්සට ගියා.
ReplyDeleteනාකි සොම්බියාට කෙලවුනු එක ගැන අප්‍රමාණ සන්තොෂයක් තියෙන්නෙ.
ReplyDeleteරනිලට යූඑන්පී චන්ද ආපහු ඇද්දගන්න බැරිවීම ගැන මොකද හිතෙන්නෙ
ReplyDeleteකපටි රනිල් මුත්තා උගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කළා, ඌට ඕන වුණේ මේ සැරේ සජබයට කෙළවලා දාන්න, ඒක කර ගත්තනේ. ඊළඟට මුත්තගේ අරමුණ ජාතික ජන බලවේගය මාලිමාවත් විනාශ කරලා බලය අල්ලන්න, ඒකට නම් රටේ බහුතර ජනතාව ඉඩ දෙන්නේ නෑ මොකද ජාතික ජන බලවේගය මාලිමාව කියන්නේ පොහොට්ටුව වගේ හොරුන් අපතයන් තක්කඩියන් එකතුකර ගෙන හදපු පවුලේ පක්ෂයක් නෙවෙයි සමාජයේ පතුල බිඳගෙන බිමේ මුල් ඇදපු ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් නිසා මේ සැරේ තමයි සොම්බි මුත්තාගේ හොට පැටලෙන්නේ, අපි බලාගෙන ඉඳිමු මුත්තා දොඹෙන් යනහැටි 😅🤣😂
Deleteඅනුරට හිමි වුණේ ජය නොව මාවතය
ReplyDeleteඒ මග දිගේ ගොස් ඔහු ජයගත යුතුය
ගමන අසීරුය, බාධක අපමණය
ඒ අභියෝග අනුරල ජයගනු ඇතිය
ඇලඩින්ගේ පහන නැත පිරිමදින්නට
හොරු හතලිහට වැඩියෙන් ඇත මඩින්නට
පොදු ජන පැතුම් තියෙනව ඉටු කරන්නට
ඒ කාරියට ඉඩ දෙමු මාලිමාවට
'අනුරට හිමි වුණේ ජය නොව මාවතය' .. මෙන්න මේ කෑල්ලට නිදි උඹේ කටේ සත පනහක් දාන්න ඕනෙ. ජයෙන් වැසී නොගොස් මාවත පෙනේවායි පතමු!!
Deleteදකුනේ චන්ද වලින් බලයටපත්, සුලුතරයේ ජනාධිපතිට අපගේ සුභ පැතුම්
ReplyDeleteලංකාවේ දේශපාලනය තුල ගාමක බලවේගය වෙන්නේ ප්‍රබල මධ්‍යම පාන්තික ජනතාවයි. රනිල් වික්‍රමසිංහගේ දූෂිත තක්කඩි පාදඩ පාලනය විසින් හඳුන්වා දුන් දරාගත නොහැකි වූ අධික පේයී ටැක්ස්/ ආදායම් බදු ආදි අධික බදු බර, අධ්‍යාපන සෞඛ්‍ය සහ ආහාර මත පැනවූ අධික වැට් බදු බර, අධික තීරුබදු නිසා ආනයනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුලු ආනයනය කරන භාණ්ඩ ගණනාවක මිල අධික ලෙස ඉහල යාම ආදි බොහෝ ප්‍රබල ප්‍රශ්න වලින් දැඩි ලෙස බැට කෑ මධ්‍යම පාන්තික බහුතර ජනතාව රනිල් වික්‍රමසිංහගේ දූෂිත ජඩ දේශපාලනයට නැවතීමේ තිත තැබීමට මාලිමාව දිනවීමට තීරණය කළා.
ReplyDeleteකෙසේ නමුත් ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ඊට වඩා ප්‍රබල දේශපාලන දැක්මක් සහිතව වැඩ කරන්න වෙනවා, මෙවර මාලිමාවට ඡන්දය දී AKDව දිනවන්න ඡන්දය දුන්නේ බහුතරය ගියසැරේ ජනපතිවරණයේදී ගෝඨාභය දිනවන්න වැඩකරපු දැන උගත් මධ්‍යම පාන්තික පිරිසේ බහුතරයක් විසින්...අප වැනි ජීවත්වීමේ අරගලය නිසා මාලිමාවට හැරුනු හිටපු එජාප පාක්ෂිකයින්ටත් වඩා හිටපු පොහොට්ටු ඡන්දදායකයන්ට මෙහි වැඩි ගෞරවය හිමිවිය යුතුයි, නමුත් එහි ඉතිරි කොටස RW, නාමල් සහ දිලිත් අතර බෙදී ගිහින්.. එයිනුත් නාමල් සහ දිලිත් ඉදිරි කාලය තුල ඔවුන්ගෙන් ගිලිහීගිය ඡන්ද පදනම නැවතත් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම දැකගන්නට ලැබෙයි. අප එය දැන්සිටම වැලැක්වීමට හැකි උපරිම උත්සාහය දැරීම අත්‍යවශ්‍ය බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා, මොකද මෙවර ඉතාම සීමිතව ඉතාම කෙටිකලෙක අඩු වියදමින් කළ කැම්පේන්වලින් ඔවුන් ඊට අවශ්‍ය මූලික පදනම දාගෙන තියෙන බවත් අප මනාව තේරුම්ගත යුතුයි
ගියවර 2019දී සජිත්ට දාපු ඡන්ද ප්‍රමාණයෙන් බහුතරයක් ඔහුට ආපහු ලැබිලා.. මේ ඡන්ද අතර දෙමල මුස්ලිම් ඡන්ද හැරුණු විට අනිකුත් ඡන්ද වලින් සැලකිය යුතු පිරිසක් එම පක්ෂයේ යාවජීව සාමාජික නොවන අය. මේ අය මොන අදහසින් සජිත් වගේ අතිශය විසුළු සහගත අසාර්ථක කෙනෙක්ට ඡන්දෙ දෙනවා ද කියලා හිතාගන්නත් අමාරුයි.
මාලිමාවට සැලකිය යුතු බරක් සහිතව ඉදිරි මහමැතිවරණය ජයග්‍රහණය කිරීමට අමුතු පොතක් එළිදැක්වීම කළයුතුයි ජනතාව ගොනාට අන්දන්න සමත් වන ඉතාම ආකර්ෂණීය එකක් විය යුතුයි එය.
අනුර කුමාර දිසානායකට මේ රට ගොඩ නැගීමට අවංක හැඟීමක් තිබෙන බව ජනතාවට පෙනෙන පරිදි ඉතාම හැඟීම්බරව කටයුතු කළ යුතු කතා කළයුතු නිසාම ඔහු පළමුව කල යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ලබා දෙන අසීමිත වරප්‍රසාද ඉතාම ඉක්මනින්ම අහෝසි කිරීමයි. මන්දයත් එසේ කිරීමට ඔහු සමත් වුණොත් පමණක් ඊළඟට එළබෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගය (NPP) බහුතර මන්ත්‍රී ආසන සංක්‍යවක් ලබාගැනීමට හැකිවෙනවා.
ලංකාවේ දේශපාලනය තුල කාලයත් සමග සමහරක් මන්ත්‍රී වරුන්ට ලැබෙන වරප්‍රසාද සමග ඔවුනට මන්ත්‍රීකම රැක ගැනීමේ දැඩි ආශාවක් පහල වෙනවා.
හොඳම උදහරණය 2004දී ජනතා විමුක්ති පෙරමුණ ආසන 39ක් දිනා ගත්තා. එහෙත් එම 39 දෙනාගෙන් අද කීදෙනාද ඔවුන් සමග සිටින්නේ? බොහෝ දෙනා මුදලට විකුණුනා. මෙවර එසේ නොවීමට නම් මන්ත්‍රීවරුන් යනු වරප්‍රසාද නැති ඉතාම අඩු පහසුකම් සහිත සාමාන්‍ය ගරු සේවයක් බවට පත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක්.
එමනිසා අනුර කුමාර දිසානායක සහෝදරයා කලයුතු පළමු කාර්ය විය යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන වරප්‍රසාද සම්පූර්ණයෙන්ම පාහේ අහෝසි කිරීමයි. බාර් පර්මිට් වැලි පර්මිට් වගේ ඒවා ඕපන් ටෙන්ඩර වලින් සාමාන්‍ය ජනතාවට ලබාගැනීමට ඉඩ ලබාදිය යුතුයි වැඩිම ඉල්ලුමට. මන්ත්‍රීවරුන්ට ටොයෝටා ප්‍රියස් වගේ හයිබ්‍රිඩ් කාර් ධූරය දරන කාලයට පමණක් ලබාදිය යුතුයි. ධූරය නැති වුණාම කාර් එක බාර දෙන්න ඕනේ. මන්ත්‍රීවරුන්ට වගේම නිලධාරීන්ට තියෙන රථගාය සහ ස්කොඩ් රථපෙලපාලි මේනියාව නැත්තටම නැති කරන්න ඕන. මේ වගේ දේවල් ගොඩක් තියෙනවා සේරටම කලින් කරන්න ඕන ඒවා.
රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය මෙතනින් නිම වේවි, ඔහුට ආයේ දේශපාලන අනාගතයක් නෑ, ඔහුට හිමි විය යුතු ඉතිහාසයේ කුණුබක්කිය නීසා රනිල් දැන් ටොයිලට් එකට දාලා ෆ්ලෂ් කරලා දාන්නයි තියෙන්නේ, අවුරුදු 75ක රනිල් දේශපාලනයෙන් ඉවත් වෙද්දී මෙවර රනිල්ට සහාය දුන් පොහොට්ටුවෙන් රනිල්ට ආපු උන් ආපහු නාමල්ට දිලිත්ට නැත්නං සජිත්ට සෙට් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඔය සෙට් එකම පාර්ලිමේන්තුවෙන් එලවා දමා හැකි උපරිමයෙන් මාලිමාවේ ජාතික ජන බලවේගයේ විශාල පිරිසක් ඊළඟ මැතිවරණය තුළින් පාර්ලිමේන්තුවට පත්කර ජාජබ නියෝජනය තූනෙන් දෙකක් දක්වා වැඩිකරගන්න උපරිම ලෙස ක්‍රියාත්මක විය යුතුයි.
#මාලිමාවට හතරෙන් තුනක්
#NPP අලුත් පාර්ලිමේන්තුවක්
# NPP 🧭 X
58% විරුද්ධයි කියන එක ජනාධිපතිවරණයේදී ප්‍රශ්ණයක් නොවුනට පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල ප්‍රශ්ණයක් බව මතක තියා ගන්න. ඔය තත්ත්වයේ වෙනසක් නොවුනොත් අනුරට ලැබෙන්නෙ තමන්ට බහුතරය නැති පාර්ලිමේන්තුවක්.. මේ තරම් මහා සුනාමියක් වගේ පෙන්නපු රැල්ලෙන් හම්බුනේ 42%යි කියන්නෙ රැලි කියන තරම් විශාල නෑ කියලා තමා. ඒක හින්දා අනුරට හතරෙන් තුන කෙසේ වෙතත් අඩුම 113 වත් හදා ගන්න මාර ගේමක් ගහන්න වෙනවා. එහෙම නැතුව ජනාධිපතිකම් අහෝසි කිරිලි වගේ කතා සුරංගනා කතා විතරයි.. මට තේරෙන විධිහටනම් විධායක ජනාධිපතිකම අහෝසි කිරීම මේ රටට විනාශයක් වෙනවා..
Deleteමගේ කියවීම අනුව රනිල්ගෙ දේශපාලනය මෙතනින් ඉවර නෑ සහ ඔව්හු නැවත් පාර්ලිමේන්තුවට එනවා..
දැන් ඉකොනෝ මහත්තයා මොකක්ද කරන්න ඉන්නේ.
ReplyDeleteජනතා විමුක්ති පෙරමුණේ පෙචාරක අන්සේට සෙට් වෙනවද
ලප කොටාට ඊයේ ඉදන් බඩ යනවලු හෝ ගාලා කරන්න තියෙන වැඩ මතක් වෙලා.
ReplyDeletePSD එකේ උන්ට වාහනේ හෝදලා එපා වෙලා.
සුළුතර බොකාපති කියලා උන් නමකුත් දාලා ලපයාට
ඉකොනෝ
ReplyDeleteඔයා ඊයේ වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා මාධ්‍ය වලට ඉතාම කෙටියෙන් ප්‍රකාශකරපු දේවල් දැක්ක නේද? නලින්ද ජයතිස්ස සහෝදරයා ඉතාම පැහැදිලිව කිව්වේ දැනට රනිල් වික්‍රමසිංහ විසින් IMF සමග ගිවිසුමකට අත්සන් කර ඇති නීසා අපට අකමැත්තෙන් වුවත් ඒ මාවතේ යාමට සීදුවුවත් ජාතික ජන බලවේගය මාලිමාව ඉතාම ඉක්මනින්ම එහි පවතින ජනතාවට දැඩි ලෙස පීඩාවට පත් කර ඇති කොන්දේසි නැවත වෙනස් කිරීමට සාකච්ඡා කර කටයුතු කරන බව, එනම් පේයී ටැක්ස් ආදී අධික බදු සීමා ඉහල දැමීමටත් අධ්‍යාපන සෞඛ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක වැට් බද්ද ඉවත් කිරීම සහ වැට් බදු සහන ලබාදීම වැට් බද්ද ප්‍රතිශතය අවම කිරීම, රජයේ සහ පෞද්ගලික අංශය යන දෙකටම රජයේ මැදිහත්වීම මත වැටුප් වැඩිකිරීම වගේම විශේෂයෙන්ම ගුරුවරුන්ට ඉහළම වැටුප් තලයක් ලබාදීම වගේ දේවල් ගැන, නමුත් මහමැතිවරණය ජයග්‍රහණය කරන තෙක් මේ වෙනස්කම් කිරීම ටිකක් අමාරුයි නේද? නමුත් නලින්ද ජයතිස්ස සහෝදරයා කී ලෙස දැනටම මාලිමාවට ලැබි ඇති ඉහල ජනවරම නීසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම ජනවරමට ගරු කරන බවත් අවශ්‍ය වෙනස් කම් කිරීමට ඒ අය එකග කර දැනට පනවා ඇති දැඩි කොන්දේසි ලිහිල් කරගන්න පුළුවන් බවයි. එබැවින් පාර්ලිමේන්තු මැතිවරණයට පෙර එම වෙනස්කම් ඉක්මනින්ම සිදුකර ජනතාවට ඉක්මනින්ම සහන ලබාදීම කළ හැකි වෙයි නේද? එහෙම වුණොත් අපිට මහමැතිවරණය සැලකිය යුතු ඉහළම මට්ටමකින් ජයග්‍රහණය කිරීමට විශාල වාසියක් වේවි ඒක.
"අනුර කුමාර මුල් වටයේ ජයග්‍රාහකයෙකු වීම මෙන්ම 50% සීමාව නොඉක්මවීමද බොහෝ දුරට ගණිතමය යථාර්තයන් ලෙස ලියැවී තිබුණු දේවල්"
ReplyDeleteබොරු බයිලා. ඔව්ව හරි නං ජෝතිෂ්‍යත් හරි.
@ නිල් පිත
Deleteමෙව්ව නිකම්ම නිකම් මනස්ගාත, ගණිතමය 😅🤣😂 බම්බුව තමයි, අපේ ගෙවල් ගාව කඩේ වැඩ කරන කොල්ලෙක් ඉන්නවා ඌ ඕලෙවෙල් වත් ලියලා නෑ යන්තම් ඉස්කෝලෙන් කට්ටි පැනපු නූගතෙක් හරියට ලියන්න පත්තරයක් කියවන්න වත් බෑ, ඒත් ඒ යකා ඔය සේරටම කලින් ලස්සනට කිව්වා මේ සැරේ ජනාධිපතිවරණයක් තිව්වොත් කාටවත්ම 50% ගන්නත් බෑ, මාලිමාවට බහුතරය එයි උතුරු නැගෙනහිර පළාත්වල සහ රට මැද නුවරඑළිය පැත්තේ සජිත් ප්‍රේමදාස දිනයි දකුණේ සිංහල බෞද්ධ කට්ටිය වැඩි පැතිවල මාලිමාවට ජය නියතයි කියලා මොන ගණිතයක් වත් නෑ, ඔයවගේ ලංකාවේ දේශපාලනය කරන මහ ලොකුවට අධ්‍යාපන සුදුසුකම් නැති උන්ට දේශපාලනය ගැන හොඳ ඉවක් තියෙනවා, මේ ගණිතමය බයිලා ගහන උන් හරියට අර මංජුල පීරිස් චන්ද්‍රසිරි බණ්ඩාර කෙප්ප සුමනේ වගේම බොරු බයිලා තමයි
වැඩිය ඕන නෑ මේ ඉකොනොමැට්ටා කියන හාදයා කියන ආර්ථික විද්‍යා බයිලා කොච්චර වැරදිද? හැරෙන හැරෙන පැත්තට බයිලා කියන්නේ හරි විනෝදයි මේවා මිනිස්සුන්ට ඒකයි අපි කියවන්නේ
අප ඉතිහාසයෙන් පාඩම් උගත යුතුව ඇත.ඉතිහාසයේ සිදුවූ ඛේදවාචක නැවත නොවීමට ඉඩ සැලසිය යුතුව ඇත.
අනුර කුමාර දිසාසනායක සහෝදරයාම පවසන පරිදි අනුර සහෝදරයා සියල්ල දත්තෙකු නොවේ. එසේනම් ඔහු නොදන්නා කරුණු ගැන අදහස් ප්‍රකාශ කිරීමට පෙර ඒ සම්බන්ධ ප්‍රාමාණික දැනුමත්තැන්ගේ අදහස් විමසිය යුතුය. නොඑසේනම් ඒවා පාරාවලල්ලක් සේ ඔහුටද බලපෑම් එල්ල වන මට්ටමකට පැමිණිය හැකිය.
ජනාධිපතිවරයා රාජ්‍ය නායකයාය. ඔහුගේ ධූරයේ ඇති වැදගත්කම සහ එම ධූරය දරනු ලබන පුද්ගලයා ආරක්ශා කරගැනීමේ වැදගත්කම මම ඔබට අමුතුවෙන් පැහැදිලි කල යුතුයයි නොසිතමි.ඔහු “His excellency” උවද “අතිගරු” උවද “සහෝදරයා” උවද එම ධුරය දරන්නා රටක ඉහලම ප්‍රභූවරයාය.
වර්ථමාන ශ්‍රීලංකාව, දශක තුනකට අධික ත්‍රස්ථවාදී යුද්ධයක් පැවති, තවමත් ආයුධ තැනින් තැනින් මතුවන,අන්තවාදී සංවිධාන වරින් වර මතුවන,ප්‍රහාර දියත් කරනු ලබන (පාස්කු ප්‍රහාර) තම බලය වෙනුවෙන් රුධිරය වැගිරීමට දෙවරක් නොසිතන ත්‍රස්ත කණ්ඩායම ආගමික අන්තවාදය සහ ඒවාට උඩගෙඩි දෙන දේශපාලකයන් සිටින, විශාල මුදලකට ඕනෑම අපරාධයක් කරන පාතාල සාමාජිකයන් ක්‍රියාකාරීව සිටින රටක් විනා දෙවනි ලෝක යුද්ධයේදීත් අවම හානියක් වූ සහ එම යුද්ධයෙන් පසු එකදු වෙඩි හඬක් නෑසූ ජාත්‍යන්තර බල දේශපාලනයේ ගිරයන්ට හසු නොවූ සුවිශේෂී සීමිත කුලකයක් වූ ස්කැන්ඩිනේවියානු රටක් නොවේ.
ඒනිසා මේ දක්වන ලද විවිධ අනතුරු වලින් මෙන්ම සිය අපරාධ වංචා දූශණ හෙලිවීමෙන් ආරක්ශා වීමට සහ බලය රැකගැනීමට උත්සාහ දරණ විවිධ සතුරු බලවේග වල මෙන්ම තම ගිලිහී ගිය බලයන් නැවත ලබාගැනීමට උත්සාහ දරණු ලබන සතුරන්ගේ ප්රමුඛ ඉලක්කයක් බවට ජනාධිපති ධූරය හොබවන තැනත්තා පත්වීම වැලැක්විය නොහැක (විශේෂයෙන් වංචා දූශණ සහ අපරාධ වලට සම්බන්ධ ඌවන්ට නිසි දඬුවම් ලබාදෙන බවට පොරොන්දු වී ඇති සහ එය එසේම ඉටු කරාවි යයි මා පවා විශ්වාස කරන අනුර කුමාර සහෝදරයාට මෙම තර්ජන මෙලෙසම ඇතුවාට සැක නැති බව අපගේ විශ්වාසයයි).
ඒ නිසාම මැතිවරණ වේදිකාව මත සහ විවිධ ස්ථාන වල ඔහු විසින් කල ප්‍රකාශ විරුද්ධවාදින් විකෘති කිරීම සහ ඔහු දැනට තම ආරක්ශාව සම්බන්ධව දක්වන ආකල්ප ප්‍රභූ ආරක්ශාව සම්බන්ධ දැනුම හැකියාව ඇත්තවුන්ගේ උපදෙස් මත වෙනස්කල යුතු බව අපගේ දැඩි විශ්වාසයයි
Deleteපසුගිය දිනවල මැතිවරණ ප්රරචාරණ රැලි වලදී මෙන්ම ඊට පෙරත් ප්‍රභූ ආරක්ශාව සම්බන්ධව අනුර කුමාර දිසානායක සහෝදරයා කර ඇති සමහර ප්‍රකාශ තුලින් වැරදි අර්ථ ඉස්මතු කරවූ බව (ඔහු සැබැවින්ම අදහස් කල මට්ටමට වඩා එහා ගිය වෙනත් අර්ථයක් විපක්ෂ කණ්ඩායම් ජනගතකල බව) අපගේ වැටහීමයි.
මින් වඩාත් ජනප්‍රිය කතාව ප්‍රභූ ආරක්ශාව සඳහා හෙලිකොප්ටර් දෙකක් යොදාගැනීම හාස්‍යට ලක්කරමින් පාර්ලිමේන්තුව තුල කල කතාවයි.
ප්‍රභූ ආරක්ශාව සදහා හෙලිකොප්ටර් යානා දෙකක්වත් අවම වශයෙන් යෙදවීම අපේ දැනුම අනුව බොහෝ රටවල ප්‍රභූ ආරක්ශක protocol වල පවතින මූලධර්මයකි.
“හෙලිකොප්ටර් දෙකක් යන්නෙ එකක් කැඩුනොත් අනිකට පනින්නද “ වැනි අදහසක් ඔහු විසින් ප්‍රකාශ කිරීම දුටු විපක්ෂ කණ්ඩායම් ඔහු අදහස් කළ දෙය ගැන නිසි අවබෝධයක් නොමැතිව දුර දිග නොබලා නොසොයා දැන් වයිරල් කරනු පෙනේ.
ඔහු අදහස් කරන්නට ඇත්තේ පසුගිය රාජ්‍ය නායකයන්(සියල්ලන්ම) මැති ඇමතිවරුන් සහ ඔවුන්ගේ නෑදෑ පිරිවර පමණක් නොව නිවසේ සුරතල් සතුන් පවා හෙලිකොප්ටර් මගින් සවාරි යැවීම නිසා සිදු කල විනාශය බව සැබෑවක් නිසා එම නාස්තිය නැවතිය යුතු බවයි.
පසුගිය චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව යුධ සමයේ තුවාල ලැබූ සෙබලුන් රෝහල් ගත කිරීමට හෙලිකොප්ටර් දෙකක් වත් මිලදී ගැනීමට නොලැබුණු අනුමැතිය රාජපක්ෂ සිවුවන ඊලාම යුධ සමයේ සහ යුද්ධයෙන් පසු හෙලිකොප්ටර් 7-8 මිලට ගැනීමට ලබා ගෙන බේබිලාගේ බල්ලන් ප්‍රවාහනයට යොදාගත් බව අපි අසා අත්තෙමු.බලයේ සිටි සෑම රාජ්‍ය නායකයෙක්ම ගුවන් ගමන් සඳහා මහජන ධනය කෝටි ප්‍රකෝටි ගණන් වියදම්කර ඇති බවද එය විනාශයක් බවද සැබෑය.
එහෙත්, හෙලිකොප්ටර් යානා දෙකක් යොදාගැනීම ගැන අනුර කල තොරතුරු දැක්වීම විරුද්ධවාදීන් විසින් විකෘති කර ඇත.
හෙලිකොප්ටර් යානා ගමන් කරන්නේ මහාමාර්ග ඉලක්ක කොටගෙන නොවේ.එලෙස ගමන් ගන්නා හදිසි අවස්ථාවක යම් කිසි කාර්මික දෝශයක් හටගතහොත් හැකි ඉක්මනින් ගොඩබෑම කල යුතු බව ඔබට මට තේරුම් ගැනීමට රොකට් විද්‍යා දැනුම අවශ්‍ය නැත.එවන් හදිසි ගොඩබෑම් සඳහා තෝරාගත් ස්ථානයක් වාහනයකට ලඟාවිය හැකි හෝ නොහැකි තැනක පිහිටිය හැක.එවන් අවස්ථාවකදී, ලංකාව පුරා සීමිත ස්ථාන ප්‍රමාණයක ගාල්කර ඇති හෙලිකොප්ටරයක් සූදානම් කර ගෙන්වා ගෙන ප්‍රභූ වරයා ඉවත් කරගැනීම තෙක් කල් ගැනීම හෝ වාහනයක් ගෙන්වා ගන්නා තෙක් කල් මැරීම ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධ ඉතාමත් අනතුරු දායක බව මාගේ වැටහීමයි.
මීට උදාහරණ ලෙස හිටපු යුද්ධ හමුදාපතිවරයෙක් සහ පොලිස්පතිවරයෙක්(රාජගුරු මහතා) ගමන්ගත් හෙලිකොප්ටරය එවකට කොටි පාලන ප්‍රදේශයට ගොඩබැස්වීමට සිදු වූ අවස්ථාව, හිටපු ආරක්ෂක ඇමති රත්වත්තේ මහතා සතුරු භුමියේ දී අනතුරකට භාජනය වීම සහ හිටපු ජනාධිපති වරයෙක් වන විජේතුංග මහතා ගේ ධුර කාලයේ නුවරඑළියේ දී හෙලිකොප්ටර් යනයක් අනතුරකට භාජනය වූ අවස්තාව වැනි අවස්තා දැක්විය හැකියි
(D.B විජේතුංග මහතා මුහුණදුන් අනතුර සම්බන්ධව එතුමාගෙ ආරක්ෂාක කණ්ඩායමේ සේවය කල කමාන්ඩෝ නිලධාරියකුගේ සටහන👇
https://www.facebook.com/share/p/r64JsKD6E8c9VGad/?mibextid=oFDknk )
හෙලිකොප්ටර් යාන දෙකක් ගමන් කිරීමෙන් ප්රභූවරයා ඉලක්කකරමින් කඩාකප්පල්කාරී හෝ ත්‍රස්ථවාදී පිරිසකට අනතුරක් කිරීමට හැකි සම්භාවිතාව අවම කිරීම සිදු කරයි. ඒමෙන්ම ජනාධිපතිවරයාට අදාල ගමනට අත්‍යාවශ්‍යයෙන් රැගෙන යායුතු ඔහුගේ සමීප අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය ගෙනයාමට ඔහු ගමන් ගන්නා හෙළිකොප්ටරය ප්‍රමාණවත් නොවිය හැකි අතර ඒ සඳහා බොහෝවිට අමතර හෙලිකොප්ටරය යොදාගනී.
මෙනිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අවශ්‍ය ආරක්ශාව සපයාගැනීමට ප්‍රමාණවත් වන පරිදි අවස්ථානුකූලව ඒවා භාවිතා කිරීමට වත්මන් ජනපති වරයා හිත හදාගත යුතු බව මාගේ වැටහීමයි.
(පසුගිය සියලුම රාජ්‍ය නායකයන් සහ බොහෝ මැති ඇමතීන් මෙන් අන්තනෝමතිකව සම්පත් විනාශ කරමින් යොදාගතයුතුබව මින් අදහස් නොකෙරේ).
ජනාධිපති ආරක්ෂක රථ පෙළපාලියද මෙසේමය.ප්‍රභූ වරයකුගේ රථයකට ඉහතින් මා සඳහන් කර ඇති තර්ජන පහසුවෙන්ම එල්ලවිය හැකි ස්ථානය මහාමාර්ගයයි. එමෙන්ම මාර්ගයේ ගමන්කරන ඕනෑම අවස්ථාවක දෝශ වලට ලක්වීම සහ අනතුරට ලක්වීම වැනි අවධානම් සහගත අවස්ථා වලට මුහුණදීමට සහ ප්රභූවරයාගේ කටයුතු බාධාවකින් තොරව සිදුකරගැනීමටත් හදිසි අනතුරකදී ජීවිත ආරක්ශාව සඳහාත් අවශ්‍ය අමතර රථ (අවමය 1වත්),ප්‍රභූ රථ ආවරණ කරන ආරක්ශක අංශ රථ සහ යතුරු පැදි(ආවරණ සැපයීමට ප්‍රමාණවත් පරිදි) ,ගිණිනිවීම් රථ සහ ප්රභූවරයාට අවශ්‍ය විය හැකි රුධිරය සහ අනෙකුත් වෛද්‍ය ආධාර සහිත ගිලන් රථය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ජනාධිපතිවරයාගෙ අදාල ගමනට අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය සදහා රථ අවමය පවත්වා ගැනීම, කටයුතු බාධාවකින් තොරව සහ ආරක්ශිතව කරගෙන යාමටත් ජනාධිපතිවරයාට අතිශයින්ම හිඟ වන කාලය(එතුමාට ජනතාවට පොරොන්දු ඌ පරිදි අදාල ඉලක්ක වලට ලඟාවීම සඳහා ඉතිරිව ඇති කුඩා කාලයක් තුල ඔහු ඇතුලු කණ්ඩායමට කිරීමට සිදුවන වැඩ ප්‍රමාණය ගැන සැලකූවිට) නිසිලෙස කළමණාකරණයටත් අවශ්‍ය වන බව මාගේ විශ්වාසයයි .ඒනිසා ජනපතිවරයා තමන්ගේ ආරක්ශාව ගැන මෙයට වඩා අවධානයක් යොමුකිරීම අත්‍යාවශ්‍ය බව අපගේ විශ්වාසයයි.
Deleteමෙය කිසිසේත්ම පසුගිය රාජ්‍ය නායකයන්(2009ට පසු රාජපක්ෂ සහ වික්‍රමසිංහ දූෂිත ආණ්ඩු) මහජනතාවට දැඩි පීඩා ගෙන දෙමින් සාමාන්‍ය ජනතාවගේ කටයුතු වලට භාධා පමුණුවමින් රාජ්‍ය සම්පත් විනාශ කරමින් සිදුකල ප්‍රභූ සංචාර අනුමත කිරීම හෝ සාධාරණීකරණය කිරීමක් නොවේ.
එමෙන්ම සියලුම මැති ඇමති වරුන්ට සහ ඉහල රාජ්‍ය නිලධාරීන්ටද මෙලෙසම ප්‍රභූ ආරක්ශක රථ පෙලපාලී හිමිවියයුතුබවද මින් අදහස් නොවේ.එය විධිමත් තක්සේරුවකින් පසුව අවශ්‍යතාව මත පමණක් කල යුත්තකි
අප රටේ අනාගතය රදාපවතින්නේ ජනාධිපතිවරයා වටාය. තවමත් අප රට ඉදිරියට ගෙන යාමේ ප්‍රධාන නායකත්වය සපයන්නා ජනාධිපතිවරයාය. ඔහු ආරක්ශා කරගැනීම පුරවැසි සියල්ලන්ගේම යුතුකමකි.
ජනාධිපතිවරයා කලින් ප්‍රකාශ කරන ලද සහ දැන් දරන මතය කුමක් උවත් අප කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ඔහුගේ ආරක්ශාවේ වගකීම ඒ සඳහා දැනුම හැකියාව සහ කුසලතාව සහිත විශේෂ කණ්ඩායම් වෙත පැවරිය යුතු අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් නිසිපරිදි සැපයීම සිදුකිරීම අත්‍යාවශ්‍යව ඇත.
අපගේ දැනුම හා අවබෝධය අනුව ඒ සඳහාම පුහුණුව ලැබූ කමාන්ඩෝ ප්‍රභූ ආරක්ශක කණ්ඩායම් යෙදවීමෙන් සාපේක්ශව අඩුවෙන් මානව සම්පත් හා අනෙකුත් සම්පත් යොදාගනිමින් අඩු පිරිවැයකින් වැඩි ආරක්ශාවක් සපයාගත හැකිය.
පසුගිය පාලන සමයන්හි ප්‍රභූ ආරක්ශාව සදහා සම්පත් අවභාවිතා කිරීම සාධාරණීකරණය කරමින් වත්මන් ජනාධිපතිවරයාටද එළෙසම කරන ලෙස පවසමින් හීන් නූලෙන් තමාගේ රෙදි අපුල්ලාගැනීමට උත්සාහ කරන පෝස්ටු කීපයක් සමාජ මාධ්‍ය තුල සංසරණය වනු මේ දිනවල දැකිය හැකිය.
අපගේ දැනුම අවබෝධය හා විශ්වාසයන් මත සටහන් කරන ලද මේ අදහස්, කිසිසේත්ම සම්පත් අවභාවිතා කිරීම දිරිමත් කිරීමේ අදහසින් නොවන අතර රටකට ජාතියකට නායකත්වය සපයන රාජ්‍ය නායකත්වය ආරක්ශා කිරීමට අවශ්‍ය ප්‍රමාණයට සම්පත් යෙදවීම අත්‍යවශ්‍යම කරුනක් බව හුවාදැක්වීම පිණිස පමණක් බව කරුණාවෙන් සලකන්න.
(සැ.යු. මෙහි ආරක්ශක කටයුතු පිළිබඳව විශේෂඥ තොරතුරු නවීන් ශ්‍රීමාල්ගේ ලිපියකින් උපුටා ගත් බව පැවසිය යුතුය.)
මේ දීර්ඝ කමෙන්ටුව පල කිරීම ගැන Anoටත් ඉකොනොටත් ස්තුතියි.
Deleteමොකද දන්නවද- මම ලියන post එකකටත් මේ විස්තරේ අරගත්තා.
https://nidigepanchathanthare.blogspot.com/2024/09/blog-post_26.html